මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Friday, November 1, 2013
මම උදේ වැඩට එනකොට දුටු දෙයින් ඇත්තටම මම සතුටු වූයෙමි.මම බස් රථයෙ එද්දි ඉදිරියෙන් මනුස්සයෙකුගේ අවමගුලක්..ඒ අවමගුල් පෙරහැර පහු කරන කොට බස් රථයේ හිටපු මඟීන් හැමෝම නැඟිටලා අර අවසන් ගමන් යන මනුස්සයාට ආචාර කළා....ඒ මනුස්සයා ඉස්ලාම් ආගමිකයෙක්..මුස්ලිස් ජාතිකයෙක්..මම බෞද්ධාගමිකයෙක්..සිංහල ජාතිකයෙක්්..ආගමත් ජාතියත් ඔහුගේත් මගේත් පෞද්ගලිකත්වයයි...මා ගමන් කළ බස් රථයේ සැමටත් එය පොදුය..ඔහුටත් මටත් පොදු දේවල් බොහෝයය...ඔහුත් මාත් බස් රථයේ ගමන් කළ සැවොම › ලාංකිකයෝයය..ඔහුට මෙන්ම මටත් බස් රථයේ ගමන් කළ සැමටත් මරණය පොදුය...අපේ රට මීට වසර ගණනාවකට පෙර නම් සිංහල බෞද්ධ රටකි..එහෙත් දැන් අපේ රට බහු ආගම් බහු සංස්කෘතියන් බහු ජාතීන්ගෙන් යුක්තය..ඒවා එකිනෙකාට පෞද්ගලිකය..දේශපාලකයන්ගේ වුවමනා එපාකම් වලට අපේ පෞද්ගලිකත්වයන් උදෙසා ගහමරා ගත යුතුද..?අපට ශී්‍ර ලාංකිකයන් වශයෙන් එකට ජීවත් විය නොහැක්කේ ඇයි..මේ මාගේ පෞද්ගලික මතයයි..ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් කිව හැකිය..ඒත් මා ඔබේ මතය පිළිගන්නේ හෝ බැහැර කරන්නේ නැත..එසේ කිරීම මා සතු අයිතියකි...මාගේ මතය පිළිගැනීම නොගැනීම ඔබේ අයිතියයි...
Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...