අලුත් අවුරුද්දක්
යනු අලුත් බලාපොරොත්තුවක්, අලුත් හැඟීමක්, අලුත් විශ්වාසයක්. මේ අලුත් බව අස්සේ හැංඟිච්ච
ගොඩක් පරණ දේවල් තියෙනවා. හිතේ කාලයක් තිස්සේ තිබ්බ වැඩ රාජකාරී, කාලයක් බලාපොරොත්තුවෙන්
තිබ්බ දේවල්, දුක සතුට, පීඩාව, ප්‍රශ්න, සතුටු කඳුළු, ආදී බොහෝමයක් දේ මේ අලුත් බව
අස්සේ හැංඟිලා තියෙනවා. ඒක නිකං හරියට මේ ඉර යට අලුත් දෙයක් නෑ කියන්නා වගේ, (there is nothing new under this sun).
ඒ කොහොම මොනවා වුණත් ජනවාරි 1 වැනිදා කියන්නේ පුංචි හරි අලුත්
හැඟීමක්. ගිය අවුරුද්ද කියන්නේ ජීවිතේ පුදුමාකාර විදියට පාඩම් ඉගෙන ගත්ත අවුරුද්දක්.
මනුස්සයෙක්ට කොච්චර විභවයක්, සරලවම කිව්වොත් පොටෙන්ෂල් (potential) එකක්, ධාරිතාවයක්,
කැපසිටි එකක් (capacity) එකක් තියෙනවද කියලා ඒ මනුස්සයා
දන්නේ නෑ. මේක මේ ලෝකේ හැමෝටම අදාළ යි.
ඒ වගේම අර මං දවසකත් කිව්වා වගේ, ලෝකේ මේ විදියට පවතින්නේ
හැමෝම නිසා නෙමෙයි පිස්සු විකාර, අතළොස්සක් නිසා.
මත මතක විදියට රිකී ජාර්විස්ගේ ආර්මගෙඩන් (Armageddon), වැඩසටහනකදී කොහෙද
කියනවා, පෘථිවියට ග්‍රහලෝකයක් කඩන් වැටෙන්න යනවා නං බිලියන 8ක ඒ ගැන වද වෙන්නේ නෑ,
මිලියන 100ක් වැඩිම වුණොත් ඒ ගැන වදවේවි, ඒකට පිළියම් සොයාවි කියන කතාව. මේක මීට වඩා
රසවත්ව ඔහු කියනවා.
මේ මෑතකදී අර මං ලිව්වේ, මිනිස්සුන්ගේ තෘප්තිය ගැන. එහෙම තෘප්තිමත් නොවී අලුත් දේවල්, අලුත් දැනුම, තර්ක විතර්ක, වාද විවාද කරන මිනිස්සු නිසා ලෝකය ඉස්සරහට යනවා. ඒක දේශපාලනයටත් අයිතියි. හැමෝම ඇවිත් මානව හිමිකම් හරි මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන හරි කතා කරන්නේ නෑ. හරිම අතළොස්සක් විතරයි ඒක කරන්නේ.
ඉතිං මං
ලියන්න ගත්තේ අලුත් අවුරුද්ද ගැන. අලුත ගැන.
ජීවිතය
කියන්නේ එකම විදියට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. බුදු දහමේ කියනවා වගේ අටලෝ දහම, ඔය හැම
මඟුලකම මේකේ තියෙනවා. අපි කියනවා කිරියෙන් පැණියෙන් ඉතිරින්නේ නෑ, එහෙම නොවී තියෙන්නෙත්
නෑ.
ජීවිතයේ
ලොකුම පාඩමක් තමයි, මානසික නිදහස, මානසික තෘප්තිය, මානසික සතුට කියන්නේ. ඒක කාටවත්
ගෙනත් දෙන්න හරි කාටවත් දෙන්න හරි උඩින් වැටෙන දෙයක් හරි නෙමෙයි. ඒක අපිම ළඟා කරගන්න
අවශ්‍ය දෙයක්.
ඒ වගේම
මේ ගෙවුණු අවුරුදු තුනේ අපි ඉගෙන ගත්තු ලොකුම පාඩමක් තමයි අපි හම්බ කරාට අපිට කන්න
බැරි බව.
මේ දෙකම
එකතු කළාම, අපි ජීවිතයේ ඉගෙන ගන්න අවශ්‍ය/වුවමනා පාඩම තමයි, ජීවිතය තනි තනිවමත් සාමූහිකවත්
ගෙවා දැමිය යුත්තක් කියන දේ.
ඒක ඉතිං
බුදු හාමුදුරුවන්ගෙන් ජේසුස් වහන්සේ, එතැන ඉඳන් නෙල්සන් මැන්ඩෙලා ඉඳන් ඔය ලැයිස්තුව
දිහා බලලා තේරුම් ගන්නත් පුළුවන්. හැබැයි ඒ හැම එකක්ම එකිනෙකට වෙනස්. අපි හැමෝම වෙනස්.
එකිනෙකට වෙනස්. ආවේණික යි.
අපි හැමෝම
අපේ ජීවිතවල අරුත හොයාගන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒත් එක්කම සාමූහිකව ජීවත්
වෙනවා කියන්නෙත් ලේසි පහසු වැඩක් නෙමෙයි.
අපි අපේ
මානසික සුවය, මානසික තෘප්තිය ළඟා කරගන්න අතරෙම, ඉස්සරහ ගැන හිතන එක, සාමූහිකව ජීවත්
වෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේ දෙක කොච්චර දුරට බැලැන්ස් කරගන්න පුළුවන් ද කියන
හරිම තීරණාත්මක වැඩක්.
ඔය දෙක
අතරේ මට සිංදු දෙකක් මතක් වුණා.
නිවහල් සිතුවිලි
සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා
හිසත් උදාරයි
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරායා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
ඒත් එක්කම තව කතාවක් තියෙනවනේ, අපි මිනිස්සු හදන්න අවශ්‍ය
වෙන්නේ අපිත් එක්ක යන්න නෙමෙයි, අපි ව පහුකරගෙන යන්න කියලා.
මං හිතන්නේ ඩෝල්ටන් පතපු රට හරි, කපුගේ කියපු මිතුරෝ හරි
බිහිවෙන්න කාලය හරි. ඒක තනි තනිව තැනිත් තැන කාලයෙන් කාලයට වෙලා තියෙනවා. ඒත් ඒක සාමූහිකව
වෙන්න ඔ්නෑයි කියලා තමා මං හිතන්නේ.
ඉතිං සුබ අලුත් අවුරුද්දක්.


