මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Thursday, April 30, 2015
එන්න ආදරේ කරමු....
මත්කුඩු ජාවාරමේ යෙදීමේ වරදට ඉන්දුනීසියාව විදේශිකයන් ඇතුළු අට දෙනකුට මරණ දඬුවම කි‍්‍රයාත්මක කළේය. ඒ අතරම නේපාලයේ සුන්බුන් අතර පැය 80 ක් තරුණයකු, පැය 50ක් කාන්තාවක හා පැය 22ක් මාස හතරක වයස පුංචි බිලිඳියක් ආදී පැය ගණන් ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටි පිරිස් බේරගන්න මුදවාගැනීමේ කණ්ඩායම් සමත්වුණා. අද දවස් පහක් සිරවෙලා හිටපු අවුරුදු 15ක දරුවකු බේරගන්නත් මේ කණ්ඩායමත් සමත් වුණා. කාට උනත් මරණය කියන්නේ අමිහිර අත්දැකීමක්. මරණ දඬුවම කියන දේට මම විරුද්ධයි. ඒ අපි කාටවත් කිසිම කෙනෙක් මරන්න අයිතියක් නැහැ. මනුස්සයෙක් මරන කෙනකුට දෙන්න පුලූවන් හොඳම දඬුවම තමා, ඒ පුද්ගලයාට ජීවත් වෙන්න දෙන එක. සමාජයේ වැඩ කරන්න දෙන එක. ඔහු පුනරුත්ථාපනය කරන එක. ඔහුට වරදක් තේරුම් කරදීම. අපේ අතින් උනත් ඒ වැරැුද්ද නොහිතන වෙලාවක වෙන්න පුලූවන්. ඒ අපි ජීවත්වෙන්නේ අපි තරම් සුදනෝ තවත් නැහැ කියලා හිතාගෙන. කහවත්තේ පුතා අම්මව මරද්දි ෆේස්බුක් එකේ පෝස්ට් දානවා කාලකන්නි පුතා කියලා. අම්ම කෙනෙක් මරනවා කියන දේ අපිට හිතන්නවත් බැහැ. නමුත්, එහෙම උනේ ඇයි කියන දේ අපි හොයන්නේ නැහැ. අපිට ඇහෙන දකින සීමාවේ ඉඳන් අපි ඌට බනිනනවා. තෝ මහ කාලකන්නියෙක් අම්මව මැරුවය කියලා. අංගුලිමාල අම්මව මරන්න යද්දි බුදු හාමුදුරුවෝ වඩිනවා. අද අඩු තරමේ ගමක වත් ස්වාමීන් වහන්ස නමක්, පිඬු සිඟා වඩින්නේ නැහැ. අතීතයේ කතාවක් තිබ්බා, හාමුදුරුවෝ එහෙම වඩින එකෙන් ගමේ හැම ගෙදරකම ඉන්න මිනිස්සු, ඒ මිනිස්සුන්ට තියෙන ප‍්‍රශ්න හාමුදුරුවෝ දැන ගන්නවා. ඒ දැනගෙන ගමේ අනිත් පවුල් එක්ක එකතුවෙලා, අදාළ පවුලට උපකාර කරනවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ වෙන්නේ ගමේ ගෙදරක දරුවෙක්. හාමුදුරුවෝ ගෙදරට වඩිනවා අම්මා තාත්තා බලන්න. අද අපේ රටේ පිරිත් බණ අහන්නේ නැහැ. ?ට පිරිත් දාලා නිදාගන්නවා. ඉරිදා උදේට සද්දෙට බණ දානවා. ඒ අපිට අහන්න නෙමෙයි, අනිත් ගෙදරට ඇහෙන්න. පන්සලට ගියාම මහ සද්දෙන්, පන්සිල් ගන්නවා. අඩු ගානේ ඒ සිහියෙන්. පන්සලේ හැමෝම වැඩිම සද්දෙන් කියන්න කවුද බලන්න, පන්සිල් ගන්නවා. අපි රටක් විදියට සමාජයක් විදියට යන ආපස්සට මිත්‍යාවට යන ප‍්‍රමාණය වැඩියි. එකතැනක මිනිස් ජීවිත බේරගන්නකොට තවත් තැනක මිලෙච්ඡු විදියට මරලා දානවා. ඒක ලෝක ස්වභාවය. බුදු හාමුදුරුවෝ, ජේසුස් වහන්සේ, නබිනායක තුමා මේ හැමෝම ඉද්දි යුද්ධ, කා කොටා ගැනීම් තිබුණා. නමුත් උන්වහන්සේලා ඒක අවම කළා. ප‍්‍රාතිහාර්යය. අපිට එහෙම දේවල් කරන්න බැහැ. නමුත්, යම් තාක් දුරකට සමාජයේ වෙනසක් කරන්න පුලූවන්. හොඳ හිතක්, තවත් හොඳ හිතකට. එහෙම දාමයක්. මේ ලියන මම කියවන ඔබ, අප අවට සිටින්නෝ, බොහෝ අය විවිධාකාර දේ කරනවා කියනවා. කිසිම කෙනෙක් අංග සම්පූර්ණ නැහැ. මෙහෙම කියන මගේ අතින් නොහිතන විදියේ වැරැුද්දක් වෙන්න පුලූවන්. අපි හැමෝම ඒ දේවල් තේරුම් අරන් ජීවත් වෙනවා නම්, එකිනෙකාගේ අඩුපාඩු අඬු ලූහුඬකම් සීමා, දැනගෙන අපේ අතිනුත් මේ දේ වෙන්න පුලූවන් කියලා හිතලා අනෙකාගේ හිංසාව ගැන ඒ හිංසාව අපිට උනොත් කියන දේ තේරුම් ගත්තෝත්, අපිට පොඞ්ඩක් හරි ඇන කොටාගන්න ලෝකය, සුන්දර ලෝකයක් කරගන්න එක මනුස්සයෙක් හරි පිහි පාරක් කාලා මැරෙන එක, වෙඩි උණ්ඩයකට අහු වෙලා මැරෙන එක නවත්ත ගන්න පුලූවන් වේවි. ආදරය තියෙන
තැන ජීවය තියෙනවා කියලා ගාන්ධි කිව්ව දේ හරියටම හරි. අපිට හැමෝටම එකම විදියට ආදරය කරන්න බැහැ. ඒත් උපේක්ෂාවෙන් ජීවත් වෙන්න පුලූවන් නම්, අපිත් එක්ක මිනිස්සුන්ට අනිත් මිනිස්සු දිහා වෛරයකින් තොරව ආදරෙන් බලන්න, ආදරයක් නැතත් මනුස්සකමෙන් බලන්න පුලූවන් නම්, එදාට මේ ලෝකය ගොඩක් ලස්සන වේවි. එහෙව් දවස හීනයක් නොවන, සැබෑ දවසක් බවට පත්කරගන්න අපි වෙහෙසෙන්න ඕන. සත්තයි එහෙම දවසක් ඒවි. නේපාලයට භූ කම්පා තව කීයත් ආවත් වසන්තය එනවා. දෙසැම්බරයේ සුනාමිය ආවට ඊළඟ බක්මහේ වසන්තය ආවා. ස්වභාවධර්මයට වසන්තය ගේන්න පුලූවන් නම්, ආදරයට අපේ ජීවිතවලට ආදරය ගේන්නත් පුලූවන්...Monday, April 27, 2015
මැදගොඩ අභයතිස්ස හාමුදුරුවනේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනපතිවරයාගේ බලතල, අහෝසි කිරීමක් සිදුවන අතර පූර්ණ වශයෙන් ඉවත් කිරීමක් සිදුවීමක් වන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා 2005 මැතිවරණයේදී පොරොන්දුවක් දුන්නා, විධායක ජනපතිධුරය අහෝසි කරන බවට, එදා අදටත් වඩා තීරාණාත්මක කාලයක්, එතකොට ඒ පොරොන්දුව හරහා මහා දේශද්‍රෝහි කි‍්‍රයාවක් සිදු කර ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා නොවේද ? ඔබවහන්සේ ඔය කියන සිංහලයාගේ අවසානය ලියන්නට සැරැුසී ඇත්තේ ඔහු නොවේද ?
Friday, April 24, 2015
ආගම රැුකීමේ හොඳම ක‍්‍රමය
ජාතිවාදය අවුස්සමින් ආගම්වාදය පතුරමින් මැරකමින් ඥානසාර හිමියන් බුද්ධ
දර්ශනයේ හරය වූ අවිහිංසාදය සතපහකට මායම් නොකර කටයුතු කළේය. ඇත්ත වශයෙන්
ඥානසාර හිමියන් හැසිරුණේ මැරයකු ලෙස . ඇත්තටම මැරයෙකි. ඥානසාර හිමියන් කීමද
වටින්නේ නැත. අපි මේ ගැන කියනවිට අපේ හාමුදරුවෝ කියාගත් පිරිස් අපට තර්ජන
ගර්ජන කළහ. ඔවුන් අද තේරුම් ගත යුත්තේ පාලකයන්, සිය බලය තහවුරු කරගැනීම
උදෙසා බිල්ලට දෙන්නේ ජාතියත් ආගමත් බවය. ආගමක් ජාතියක් රැුකෙන්නේ අනෙකාට
හිංස පීඩා කිරීමෙන් නොව, ඒ ආගමේත් ජාතියේත් හරයන් ආරක්ෂා කිරීමෙනි.
ඊට අදාළ ලෙස ජීවත් වෙමිනි. පාලකයන් මෙවැන්නන් කිරි පොවා හැඩි දැඩි කර
අවසානයේ ඉවත් කර දමන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා, කටයුතු කර ඇති
ආකාරයෙනි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා දැන් කියන්නේ බොදු බල සේනාව
ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බවය. එසේ නම්, ඊයේ අල්ලස් කොමිසම ඉදිරිපිට
විරෝධතාවට පැමිණි අය අතර ඥානසාර හිමියන් ද විය. එසේ නම් ගෝඨාභය රාජපක්ෂත්
මහින්ද රාජපක්ෂත් ඒ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවල හවුල්කරුවන්ය. මහින්ද රාජපක්ෂ
හිටපු ජනපතිතුමනි, තවත් ජනතාව රැුවටීමෙන් වළකින්න, බොදු බල සේනාව
ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්ය, ඔබ දේශහිතෛෂි ජන නායකයාය, ඔබ මුලාවට පත්කරන්නේ
තවමත් ඔබ වෙනුවෙන් නැහෙන ලක්ෂ 58ක් කියාගන්නා ජනතාවය. ඕන දෙයක් කරන්නන්
කියනා ජනතාවය. ඔබ වෙනුවෙන් සිටින අහිංසක ජනතාවය. ඔබ අසීමිතිව බදු ගසන විට ඒ
බදු ගෙවූ ලක්ෂ 58ත් ඔබට ඡුන්දය නොදුන් 62ත් ය. කොටින්ම කීවෝත් මේ රටේ
අහිංසක ජනතාවය. කෑදරකම් වෙනුවෙන් බොරු නොකියන්න. ඔබට බලය ඔය තරම් අවශ්‍ය
නම්, මැතිවරණයකට පැමිණ තරග කරන්න, එහේත් මේ රටේ තවත් යුද්ධයක් ඇති නොකර, මේ
රටේ අහිංසක මිනිස්සු රවටා එකිනෙකා කුළල් කා ගන්නා තත්ත්වයකට පත් නොකරන්න.
බොදුබල සේනාවත් ඉරාකයේ සිරියාවේ ඇතුළු රටවල් රටක සිටින් අයි.එස්
ත‍්‍රස්තයෝත් අතර වෙනසක්
නැත. පාලකයන්ගේ සුවච කීකරු කලී ඝාතකයන්ය. ජනතාව
දැන්වත් මේ බව තේරුම් ගත යුතුය. පුද්ගලයන් මත යැපීමෙන් වැළැකිය යුතුය. මේ
රටේ මිනිස්සු දැන්වත් බුද්ධිමත්ව සිතා මතා කළ යුතුයි. ආගම රැුකීමේ හොඳම
ක‍්‍රමය තමන් නිවැරැුදිව ආගමානුකූලව ජීවත් වීම විනා අනෙකා පීඩාවට කිරීම
නොවන බව සිහි තබා ගත යුතුය. අපට පාරේ බහින්නට එපා කී අයට අප මෛතී‍්‍ර
කරන්නේ එහෙයිනි. සෝභිත හිමියන් කී අයුරින් මැරෙන්නට වෙන්නේ රට වෙනුවෙන්
නම්, ඒ වෙනුවෙන් දිවි දෙන්නට මේ රටේ තරුණ පරම්පරාවක් සිටින අමන දේශපාලනඥයන්
තේරුම් ගත යුතුය.
ඥාන හිමියන් ගැන මීට වසරකට පෙර කියනවිට ලැබුණු උණුසුම් ප‍්‍රතිචාරයක්..ශිෂ්ටසම්පන්න වචන කපාහරින ලදි
Tuesday, April 21, 2015
මහින්ද රාජපක්ෂ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑම පුද්ගලයෙක් අල්ලස් කොමිසමට ගෙන යන්න පුලූවන් රටක් ඕන. මෛතී‍්‍රපාල සිරිසේන විතරක් නෙමෙයි, රනිල් වික‍්‍රමසිංහ විතරක් නෙමෙයි, මේ රටේ ඕනෑම කෙනෙක් පොලිසියට, ඕනෑම තැනකට කැඳවන්න මේ රටේ නීතියක් තියෙන්න ඕන. මහින්ද රාජපක්ෂ යනු දැන් සිවිල් පුරවැසියෙකි. සිවිල් පුරවැසියකු වුවද, ජනපති වුවද මේ රටේ නීතියට යටත්ය. එය මහින්ද රාජපක්ෂට පමණක් නොව, රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාටත්්, මහින්ද රාජපක්ෂටත්, චන්දි‍්‍රකා කුමාරතුංග යන හිටපු ජනපතිවරුන් දෙදොනාටත්, මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාටත් අදාළය. ? පහන් කළ මන්තී‍්‍රවරු, මේ රටේ මිනිස්සු බඩගින්නේ ඉන්නවා කියලා උද්ඝෝෂණ කරනවාද? මේ රටේ දරුවොන්ට ඉගෙන ගන්න නැහැ කියලා උද්ඝෝෂණ කරනවා, කැම්පස්වල පහසුකම් නැහැ කියලා උද්ඝෝෂණ කරනවද ? විශ්වවිද්‍යාල ඉස්සරහා අට්ටාල ගහගෙන අධ්‍යාපන අයිතිවාසිකම් ඉල්ලනවා කියලා උද්ඝෝෂණ කරනවද ? එක වසරට ළමයා දාගන්න පාසලක් නැතුව මාස ගාණක් දුක් විඳින අම්මලා තාත්තාල ගැන උද්ඝෝෂණ කරනවද ? ජීවිතේ බේරාගන්න දුක් විඳින මිනිස්සු වෙනුවෙන් උද්ඝෝෂණ කරනවද ? තව ලිස්ට් එකක් තියෙනවා...මෙවන් පුද්ගලයෝ වෙනුවෙන් අපේ මී හරක් බෙදිලා කුලල් කා ගන්න එක තරම් මෝඩ කමක් තවත් තිබේද ?
2015.04.21
2015.04.21
ලංකාවේ පාර්ලිමේන්තුවේ වහලා දාන්න ඕන. මේ පාර්ලිමේන්තුවෙන් අපේ රටට වෙන
සෙතක් නැහැ. වෙන්නෙම රටට අපකීර්තියක් ගෙන දෙන එක විතරයි. පාරිලිමේන්ත-ුව
නඩත්තු කරන්නේ ගෙවන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්. පාර්ලිමේන්තුවේ
සේවකයන්ට වැටුප් ගෙවන්නේ, නඩත්තු, 225 කන්න බොන්න දෙන්නේ, ඔය ගහන හැම
කොළයකටම, හැම එකටම වියදම් කරන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි, අපේ අම්මලා
තාත්තලා ගෙවන බදු මුදල්, පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ට වැටුප් විදියට
ගෙවන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. ඒ උනාට ඔය
පාර්ලිමේන්තුවෙන් වත්, පාර්ලිමේන්තුවේ ඉන්න 225න් වත් මේ රටට කිසිදු සෙතක්
වෙන්නේ නැහැ, ඒක නිසා ඕක වහලා දාන්න ඕන.
2015.04.21
2015.04.21
Friday, April 17, 2015
සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීම ඔහුගේ පෞද්ගලික මතයක්
බව කී අතර කිසිවකු ඒ සම්බන්ධයෙන් උඩ පැන නැටිය යුතු යැයි නොසිතමි. කෙසේ
නමුත් මෙරට දේශපාලනයේ පක්ෂ මාරු කිරීම සුලබ දසුනක් වන අවස්ථාවක සෝමවංශ
අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වන විට සුලබව දක්නට ඇති මඩ ගසා
ගැනීම් අපහාස කිරීම්වලින් තොරව සදාචාරාත්මකව සිදු වූවක් බව කිව යුතුය. එම
දේශපාලනයට අපි ගරු කරමු. 2015.04.17
බඩගින්න
පන්සල ගාව බෞද්ධ හිඟන්නෝ, කතෝලික පල්ලි ගාව කතෝලික හිඟන්නෝ, මුස්ලිම් පල්ලිය ගාව මුස්ලිම් හිඟන්නෝ, කෝවිල ගාව එහෙමයි. අපි හැමෝටම බඩගින්න දැනෙනවා. මිනිස්සු හරි කුහකයි. අපි හැමෝටම තියෙන්නේ එකම ප‍්‍රශ්න ටිකක්. යාපනේ ඉන්න මනුස්සයාට තියෙන ප‍්‍රශ්න ටිකම තමා හම්බන්තොට ඉන්න මනුස්සයාට තියෙන්නේ. අපි හැමෝටම එදා වේලා හොයාගන්නේ කොහොමද ?ට කන්නේ මොනවාද, දවල්ට කන්නේ මොනවාද, දරුවව ඉස්කොලේ දාගන්න එක ගෙයක් හදන එක හැමෝටම තියෙන්නේ ඔය ප‍්‍රශ්න ටික. ළමයි වෙච්ච අපිට තියෙන්නේ උපාධියක් ගන්න, වාහනයක් ගන්න, කන්න බොන්න, අම්මට තාත්තාට සලකන්න, ගෙයක් හදන්න, උපාධියක් අරන් තව ඉගෙන ගන්නවා නන් එහෙම, බිස්නස් කරන්න, කී‍්‍රඩාවක් කරනවා නන් ඒකෙන් ඉදිරියට යන්න, කසාදයක් බඳිනවා නම් එහෙම. ළමයි හදන්න. ඔය වගේ ටිකක්. සාපෙක්ෂව සිතුම් පැතුම් එක්ක වෙනස් වෙච්ච ප‍්‍රශ්න ටිකක්, ඉලක්ක ටිකක්. ඒ උනාට එක එකාගේ වාසි නිසා ඇති කරන ප‍්‍රශ්නවලට අපි උත්තර හොයන්න යනවා. ඇත්තටම අපි අපේ ප‍්‍රශ්න ටික හොයන්නේ නැහැ. ඒවාට උත්තර හොයන්නේ නැහැ. අනිත් එකාගේ බඩගින්න ගැන හිතන්නේ නැහැ. අනිත් ගෙදර ළමයා ඉස්කොලේ යනවාද යන්නේ නැත්නන් ඇයි යන්නේ නැත්තේ අපි හොයන්නේ නැහැ. හැබැයි එහා ගෙදර එකි කොල්ලෙක් එක්ක බස් හෝල්ට් එකේ හිටියොත් අපි ඇන්ටිලාට මාර හැපි. එහා ගෙදර කොල්ලා හන්දියේ හිටියොත් අපි කියවනවා. ඌ ඇයි හන්දියේ රස්තියාදු ගහන්නේ කියලා අපි බලන්නේ නැහැ. අනුන් ගැන හිතන විදිය, හොයන විදිය, හොයන්න ඕනේ මොනවාද කියන දේ තේරුම් ගන්න ඕනේ. පන්සල ගාව ඉන්න එකාටත් මුස්ලිම් පල්ලිය ගාව ඉන්න එකාටත්, කෝවිල ගාව ඉන්න එකාටත්, ඉස්කෝලයක් ගාව කෑම ටිකක් හොයන ළමයටත් බඩගින්න දැනෙනවා. ඒ හැමෝටම බඩගින්න දැනෙනවා. අපි ඒ බඩගින්න නිවන්න වැඩකරමු එකතුවෙලා. නැතුව මත් වෙන්න අබිං කනවා වගේ අදාළ නැති ප‍්‍රශ්නවලට උත්තර හොයන එක තේරුමක් නැහැ. බඩගනින් නැති උනාම අපි හොඳින් ජීවත්වේවි. ඒක නැති කරන්න බැහැ. නමුත් අපිට පුලූවන් වේවි ඒක අවම කරන්න.
2015.04.17
2015.04.17
Friday, April 10, 2015
ඇයි ඉගෙන ගන්නේ
ඉස්සර ගොඩක් අය මගෙන් ඇහුවා ඇයි ඉගෙන ගන්නේ කියලා....මට හරියට උත්තරයක් තිබ්බේ නැහැ. මම එක එක උත්තරයක් දුන්න. හොඳට ජීවත්වෙන්න. අම්මට තාත්තාට සලකන්න. හොඳ පුරවැසියෙක් ඉන්න වෙන්න. ඔය වගේ ගොඩක් උත්තර තිබ්බා. ඒත් අද මට හරියට උත්තරයක් හම්බවුණා. අද මම ආර්පිකෝ එකට පොඞ්ඩක් ගියා. එතැන එළියේ අම්මා කෙනෙක් දරුවෝ දෙන්නා එක්ක කපුරු බෝල විකුණනවා. චූටි දූත් විකුණනවා. අම්මා අනෙක් පොඩි දරුවට කිරි දෙනවා. මට අර පුංචි දරුවගෙන් අහන්නත් හිතුනා ඉස්කෝලේ යනවාද කියල. ඒක අහන්න බැරි උන එක ගැන මට දැන් තියෙන්නේ දුකක්. මම ඉගෙනගන්නේ ඇයි. අපි ඉගෙනගන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලිවලින්. අම්මා තාත්තා කන්න දුන්නු ඒවායෙන්. අවුරුදු ගානක් තිස්සේ වියදම් කරපු සල්ලි වලින්. මම ඉගෙනගන්නේ, මේ රටේ ඉගෙන ගන්න බැරි උන මිනිස්සුන්ට දෙයක් කරන්න. ඒ කොයි විදියද කියන්න මම දන්නේ නැහැ. මේවා තාම මගේ හීන. නූගත් මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න, රස්සාවක් හොයලා දෙන්න. ඒ මිනිස්සුන්ගේ ජීවිත දශමයකින් හරි උඩින් තියන්න. ඒ ඔක්කොටම වඩා මේ රටේ පුංචි දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරන්න, පුංචි දරුවෝ හැමෝම ඉස්කොලේ යවන්න. හැම දේටම මුල වෙච්ච අධ්‍යාපනය හැමෝටම ලබාදෙන්න. කපුරු බෝල විකුණන දරුවෝ, පාරේ හිඟා කන දරුවෝ, තේ වතුවල තේ කඩන දරුවෝ, බෝට්ටුවේ මාලූ අල්ලන්න යන දරුවෝ, බෝට්ටුවල වැඩකරන දරුවෝ , තමන්ගේ තාත්තා මේසන් බාස් වෙච්ච තාත්තගේ අත් උදව්වට යන දරුවෝ, කඩවල තේ හදන දරුවෝ, හෝටල්වල වේටර් වැඬේ කරන දරුවෝ, ආදී නොයෙක වැඩ කරන පාසල් නොයන දරුවෝ ඉස්කොලේ යවන්න, වෙන වෙන දේවල්වලට දක්ෂ සා/පෙ, උ/පෙ ෆේල් වෙන දරුවන්ගේ දක්ෂතා ඔප් නංවන්න, මට මේ හැම හීනයක්ම හැබෑ කරගන්න පුලූවන් වෙයිද දන්නේ නැහැ, නොමැරී හිටියොත් මම අඩුගානේ එක මගේ ලෙයින් ජාතක නොවන එක දරුවෙක්ට හරි හොඳට උගන්නනවා. (අපේ අම්මා මේක දැක්කානන් කියයි රට හදන්න කලින් උඹ හැදිලා ඉඳින් කියලා, තාත්තා උත්තරේ කරන දෙයක් හරියට කරන්න, සල්ලි නෙමෙයි ජීවිතේ, මනුස්සකම )
2015.04.10
2015.04.10
Wednesday, April 8, 2015
borathel: බොරතෙල් බඳුනට නැවත බසිමි....
borathel: බොරතෙල් බඳුනට නැවත බසිමි....: කැම්පස් උණෙන් පෙලී ලියන්නට ගත් බ්ලොගයට අකුරක් දාන්නේ කලෙකට පසුය. පත්තර රස්සාව ඉස්තරම්ම විනෝදයක් දුන් උණ බහින්න ගනිද්දී බ්ලොග් රසය ඇත්තටම ව...
Monday, April 6, 2015
ඇමෙරිකන් බෞද්ධ
ඔබාමාගේ නංගී බෞද්ධ අය කියලා අපේ අය කෑ ගහනවා,,අයින්ස්ටයින් බුද්ධ දර්ශනය ගැන කිව්වා කියලා පෝස්ට් දානවා...බිල් ගේට්ස් වගේ ලෝ ප‍්‍රකට චරිත බුද්ධ දර්ශනය ගැන කිව්වා කියලා පෝස්ට් දානවා....එතකොට ඒ අය ඇමෙරිකන් බෞද්ධ ද...යුදෙව් බෞද්ධදද..මුස්ලිම් ආන්තවාදයක් තිබෙනවා..ඒ දේ ඕනෑම කෙනෙකුට පේනවා...ඒක ලංකාවට විතරක් නෙමෙයි, ඇමෙරිකාවට, රුසියාවට, මහා බි‍්‍රතාන්‍යයට, ප‍්‍රංශයට, ඕස්ටේ‍්‍රලියාවට වගේම අසල්වැසි ඉන්දියාවටත් දැනෙනවා. මුස්ලිම් අන්තවාදය නිසා..අහිංසක මුස්ලිම් මිනිස්සු මැරෙනවා...අනික් අයගේ අන්තවාදය, නවත්වන කලින් අපි අපේ අන්තවාදය මඟහරින්න ඕනේ...අපි අන්තවාදී විදියට ඉඳලා අනිත් අයගේ අන්තවාදය ගැන කතාකිරීම හරිද...
අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති – වේරං තේසං න සම්මති
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා හිතන්ට ගිහින්, යම් කෙනෙක් ක්රෝ͍ධයෙන් බැඳිල ගියොත්, ඒ උදවියගේ වෛරය නම් සංසිඳෙන්නේ නෑ.
අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ තං න උපනය්හන්ති – වේරං තේසූපසම්මති
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා නොසිතා, යම් කෙනෙක් ක්රෝකධයක් ඇතිකරගන්නෙ නැත්නම්, ඒ උදවියගේ වෛරය සංසිඳිලා යනවා.
ජේතවනාරාමයේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි
ධම්මපදය යමක වගග

Thursday, April 2, 2015
BCCI
ඉන්දියාව අවසන් පූර්ව තරගයේදී ඕස්ටේ‍්‍රලියාව හමුවේ පරාජය වනවා දකින්නට ආස කලේ අන් කිසිවක් නිසා නොව ඔවුන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පවා සියතට ගනිමින් ගෙනයන පහත් පෙළේ කි‍්‍රයාදාමය හේතුවෙනි. ඔවුන් තරගාවලියෙන් ඉවත්වීම යනු ඔවුන් සතුව වූ බලය පූර්ණ වශයෙන් නොව යම් කිසි ප‍්‍රමාණයකින් හෝ අඩුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය හෙයිනි. ඔවුන් ලෝක කුසලානය දිනුවා නම් ඔවුන් සිටින්නේ ඉහටත් උඩිනි. පසුගිය සිවුවසරේදී එය දකින්නට තරම් අපි වාසනාවන්ත විමු. අවසන් මහා තරගයේදී අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ ප‍්‍රධානිය වූ බංගලාදේශ ජාතික මුෂ්තාෆා කමල්ට කුසලානය ඕස්ටේ‍්‍රලියා නායකයාට ලබාදීම වෙනුවට සිදුවූයේ ඉන්දීය ජාතික එන්. ශ්‍රී නිවාසන් එය ලබාදීමයි. ඒ වනවිටත් අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ ප‍්‍රධානිය වූයේ මුෂ්තාෆා කමල්ය. දැන් එම තනතුරට ශ්‍රීනිවාසන් පත්ව ඇත. ඔහු 2013 වසරේ ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ඔට්ටු ඇල්ලීම් හා තරග පාවාදීමේ චෝදනාවලට ලක්වූ අතර පසුව එම චෝදනාවලින් නිදහස් කෙරුණද ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල නිලවරණයට ඉදිරිපත් වීමද තහනම් කෙරුණේ ඔහු ඉන්දියා සිමෙන්ට් හා චෙන්නායි සුපර් කිංග්ස් යන ඒවායේ හිමිකාරීත්වය දැරීම නිසාය. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පනවා ඇත. එවැන්නකු අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ සභාපතිධුරයට පත්වන්නේ කෙසේද ? ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල නිලවරණයට පවා ඉදිරිපත්වීමට නොහැකි අයකු අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ සභාපතිධුරයට පත්වන්නේය. මේ ඉන්දීයාවේ ක‍්‍රමවේදයයි.
2015.04.02
2015.04.02
බහුජන හිතාය, බහුජන සුඛාය
බෞද්ධ ධර්මයෙහි දෙවි කෙනකුට (එනම්, විශ්වය නිර්මාණය කළ කෙනකුට) හෝ පූජනීය ග‍්‍රන්ථයකට තැනක් දී නැත. ගුණධර්ම පදනම් වී ඇත්තේ යහපත්වීම හෝ අයහපත්වීම මතය. දෙවියන් කෙරෙහි විශ්වාසය ඇති අය
ගු-ණධර්මය වූ කලී දෙවියන්ගේ කැමැත්ත යයි සිතති. එනම්, දෙවියන් වහන්සේ විසින් අනුදැන වදාළේ කුමක්ද, එය යහපත්ය, තහනම් කළේ කුමක්ද එය අයහපත්ය යනුවෙනි. බුදු දහම මෙහිදී වෙනස් වෙයි. හොඳ නරක මිනිය හැකිවන්නේය එය බොහෝ දෙනාගේ යහපත පිණිස හා හිතසුව පිණිස වේදැයි (බහුජන හිතාය, බහුජන සුඛාය) සොයා බැලීමෙනි.
සමාජාර්ථික සමාලෝචනය
ආර්ථික හා දේශපාලන ක්ෂේත‍්‍රයන්හිදීද බුදුන් වහන්සේගේ දැක්ම වෙනස්ය. බුදුන් විසින් භික්ෂු භික්ෂුණීන් සඳහා උසස් සේවා ධර්ම මාලාවක් දක්වා ඇත. (මෝඝම් හා රත්ත පිණ්ඩං භුඤ්ජති) පොදු පරිහරණයෙන් තොර ජීවත්වීම බුදුන් විසින් වළක්වා ඇත. භික්ෂු, භික්ෂුණී පිරිස සඳහා ආර්ථික කොමියුනිස්ට්වාදයක් බුදුන් වහන්සේ හඳුන්වා දුන්හ. සිවුරු, පාත‍්‍ර ආදී පෞද්ගලික පරිහරණය සඳහා වූ වස්තූන් අටට අමතර අනික් සියලූම දේවල් සංඝයේ (සමූහයේ) දේපළ වන්නේය. ආවාස, උයන්, ගෙවතු වගා හා වෙනත් උපකරණ, ඇඳන් ඇතිරිලි ආදී සියල්ල සමූහ උපකරණ වේ.
සමූහාණ්ඩුවල (ගණයන්හි) දේශපාලන ක‍්‍රමය බුදුහු අනු දැන වදාළහ. ඒ යුගයේ වහල්භාවය යහමින් පැවතිණි. එසේ වුවද ලිච්ඡුවි (වෛශාලි) සමූහාණ්ඩුවේ, ලිච්ඡුවි වංශයට අයත් වූවන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැවතිණි. එකල ඔවුහු පොහොසත් මෙන්ම ඉතාම බලවත්ද වූහ. වහලූන් චංචල දේපළක් ලෙස සැලකිණ. සංඛ්‍යාවෙන් විශාලය. ලිච්ඡුවි නොවන වෙළඳ කුලයේ බමුණු ගෘහපතියන් නිදහස් පුද්ගලයන් වුවද නියෝජිත මණ්ඩලයේ දී (සංසදයේදී ) ඡුන්දය දීමේ අයිතිවාසිකම නොතිබිණ. ඔවුන් ලිච්ඡුවීන්ගේ පිහිට පැතිය යුතුය. ඒ කුමක් වුවද, මේ සමූහාණ්ඩුව රාජාණ්ඩුවලට වඩා යහපත්ය. බුදුන් සිතූ පරිදි ඒක රාජ තන්ත‍්‍රය දේව වරමකින් ලැබුණු දෙයක් නොව පෞද්ගලික දේපළ නිසා අසමානත්වය හෙවත් මිනිසුන් අතර පන්ති බෙදීම ඇතිවිය. මිනිස්සු එකිනෙකාගේ දේපළ පැහැර ගැනීමට සෘජුව හෝ වක‍්‍රව එකිනෙකා සමග අරගල කළහ. එහ හේත-ුව නිසා, ඔවුහු ඔවුන් අතරින්ම කෙනකු තීරකයා ලෙස තෝරා ගත්හ. ඒ තැනැත්තා සිය පෞද්ගලික පරමාර්ථ උදෙසා බලය කැටිකර ගනිමින් රජකු බවට පත්විය.
බුදුදහම පිළිබඳ මාක්ස්වාදී ප‍්‍රවේශයක්
පරිවර්තනය එස්.ජී. පුංචිහේවා
Buddhism: The Marxist Approach Hardcover
by Rahul Sankrityayan (Author), Debiprosad Chattopadhyaya (Author), Y. Balaramamoorty (Author), Ram Bilas Sharma (Author), Mulk Raj Anand (Author)

Wednesday, April 1, 2015
අපේ‍්‍රල් පළමු වැනිදා...
අපේ‍්‍රල් පළමු වැනිදා....
මෝඩයන්ගේ දවස කියන දේ මම පිළිගන්නේ නැහැ, මේ ලෝකේ ඉන්නේ හොඳ මිනිස්සු හා නරක මිනිස්සු කියලා කොටස් දෙකක් පමණයි. මෙහෙම කියන්නේ මම නෙමෙයි, ලෝකේ හිටපු ශ්‍රේෂ්ඨ මිනිස්සු. එක්කෝ අපි හැමෝම මෝඩයි. නැත්නන්, නරකයි කියන මනුෂ්‍ය කොට්ඨාශය මෝඩයි. නරක අයට හොඳ වෙන්න පුලූවන්, ඒ කියන්නේ මෝඩ මිනිස්සුන්ට මෝඩ කමෙන් මිදෙන්න පුලූවන්..අපේ රටේ මේ දක්ව බිහිවුණු, ලංකාවේ පළමු වැනියෝ, විභාග සමත්වුණු (මාත් ඇතුලූව* ගත්තෝ, අපේ රටේ අද කොයිවගේ තැනකද තියන්න පුලූවන් කියලා හිතාගන්න හැමෝටම පුලූවන්. මොකද ලෝකේ අමාරුව විභාග තියෙන්නේ අපේ රටේ කියලා බොහෝ දෙනා පිළිගන්න නිසා. විභාග සමත්වුණු හැමෝම ඕනේත් නැහැ. හැමපාරකම මුල් ස්ථාන ගත්තු 10 දෙනා ගානේ, උසස් පෙළින් විතරක් ගත්තෝ, කලා, වාණිජ, විද්‍යා අංශ තුනෙන් ගත්තොත් අවුරුද්දකට සරලව, 30ක්, පහුගිය අවුරුදු 30 දී ගාන ගන්න. ඒ අපේ රටේ හොඳම මොළ, ඒත් අපි රටක් විදියට ඒ ඒ අයගෙන් වැඩ අරන් තියෙනවාද, අපේ අධ්‍යාපන ක‍්‍රමයේ අඩුපාඩු තියෙන බව හැබෑව, හැබැයි, මේ මුල් ස්ථාන දහය එන්නෙත් ඒ අමාරුකම මැද්දේ, ඉතින් තනියෙන් තනියෙන් යමක් කළත් අපි කරලා තියෙන්නේ මොනවාද, මමත් වගකියන්න ඕනේ, අපි උසස්පෙළ සමත්වෙලා රැුකියා නැහැ කියලා කෑගහනවා, උසස් පෙළ වෙනකන්, නැත්නන් උපාධියක් ගත්තු අපි, රස්සලා ඉල්ලලා කෑ ගහන්න ඕනේද, අපි ඉගෙන ගත්තු දෙයින්, ඉහළට ඉගෙන ගත්තු නැති පිරිසට රැුකියාවක් දෙන්න බැරි නන්, එහෙම දෙයක් පටන් ගන්න බැරි නන් අපේ වැඬේ මොකක්ද, ඒත් මේ රටේ වැඩියෙන්ම වැඩ කරලා තියෙන්නේ උසස් පෙළ වත් නොකරපු මිනිස්සු කියන දේයි මගේ හැගීම, උපාධිය, උසස් පෙළ, අපි පොදු තැන් විදියට ගමු, මේ කියන දේ, මටත් අදාළයි. මට කවදාහරි හරි දවසක් අඩු ගානේ මිනිස්සු පස් දෙනෙක්ට හරි ම බොස් කෙනෙක් විදියට පඩි ගෙවනවා, ඒක මගේ හීනයක්, ඊයේ සරසවි වරම් ලබපු අය, උද්ඝෝෂණ කරනවා, පොලිසියට ගහනවා. පොලිසියට එහෙම ගහන්න අයිතියක් නැහැ කියන දේ වගේම සිසුන්ට එහෙම හැසිරෙන්න බැහැ කියලා මම විශ්වසා කරනවා, සරසවි වරම් ලබන්නේ උසස් පෙළ ලියන පිරිසෙන් සියයට 2ක් පමණ, ඒ අය ඉගෙනගන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිලින්, සල්ලි ගෙවලා ඉගෙන ගන්න තැන්වල අඩුපාඩුවක් තියෙන බව අපි පිළිගන්න ඕනේ, ඒ උනත්, එහෙම උන පලියට, සල්ලිගෙවලා ඉගෙන ගන්න උන්ට අපහාස කරන්නත්, මිනිස්සුන්ගේ සල්ලිවලින් සරසවිවරම් ලබලා, ලෙක්චර් කට් කරන්නත් අයිතියක් නැහැ. හැබැයි ලෙක්චර් ගියාට, කන්න බොන්න අදින්න බස් එකට සල්ලි ලැබෙන්නෙත් නැහැ. අපි අවුල් ලිහන්න ඕනේ, අවුල් ඇතුළෙමයි..මම දකිනවා අපි අරගල කරන්න ඕනේ විදියේ වෙනසක් අවශ්‍යයි කියලා..ඉස්සර තිබුණ අරගල නිසයි, අපිත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තේ නමුත්, දැන් අරගලවලට අලූත් ස්වරූපයක් එක් වෙන්න ඕනේ කියලා මම හිතනවා. රටේ ඉන්න උගත්තම පිරිසෙන් කොටසක්, පාර් පොලිසියෙන් ගුටි කද්දි සමහර වෙලාවට රටට ආදායම් ගේන්නේ, උසස් පෙළ වත් නොකරපු ස්වයං රැුකියා කරන මිනිස්සු, මැද පෙරදිග යන තරුණියෝ, මාලූ අල්ලන තාත්තලා, ඔය වගේ ගොඩක් අය. අරගල කරන විදියේ වෙනසක් අවශයයි..මේකට මට බැනලා ගොඩක් දේවල් එන්න පුලූවනි, අධ්‍යාපනයත්, සමාජයත්, මාධ්‍යයත්, ආදී තැන් නියෝජනය කරන මට ඇහුණ දේවල්, දැකපු දේවල්, ඔක්කොගෙම සංකලනයක් මම ලිව්වේ..අපේ සමාජයයි, විශ්වවිද්‍යාලවල සිසුනුයි දුරස්ථයි. නමුත් අනිත් රටවල මීට වඩා වෙනස්, විශ්වවිද්‍යාල සිසුන් හා සමාජය අරගල කරන්නේ එකට, එහෙම නැති රටවල් ඇති, පොදුවේ අරගලයක් ඕනේ, මීට වඩා වෙනස් විදියකට. අපි කතාකරමු..හොඳ සාර්ථක අරගලයක් වෙනුවෙන්. ඒකේ ප‍්‍රතිඵල සමහරවිට අපිට නෙමෙයි වෙන්න පුලූවන්, ඒකම තමා හොඳ,

Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
April
(14)
- මැයි 1
- එන්න ආදරේ කරමු....
- මැදගොඩ අභයතිස්ස හාමුදුරුවනේ, 19 වැනි ව්‍යවස්ථා සං...
- ආගම රැුකීමේ හොඳම ක‍්‍රමය
- මහින්ද රාජපක්ෂ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවේ ඉන්න...
- ලංකාවේ පාර්ලිමේන්තුවේ වහලා දාන්න ඕන. මේ පාර්ලිමේ...
- සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වී...
- බඩගින්න
- ඇයි ඉගෙන ගන්නේ
- borathel: බොරතෙල් බඳුනට නැවත බසිමි....
- ඇමෙරිකන් බෞද්ධ
- BCCI
- බහුජන හිතාය, බහුජන සුඛාය
- අපේ‍්‍රල් පළමු වැනිදා...
-
▼
April
(14)