Friday, April 24, 2020

වැඩියෙන්ම හොඳ රාජාලියද ? මකරද ?



සවුත් චයිනා මෝනිං පෝස්ට් හි පළ වූ රූපසටහනකි -  
The warm welcome Xi gave to Trump during his time in Beijing was indicative of both leaders’ desire for cooperation and friendship after years of cooling relations. Illustration: Craig Stephens


ඇමෙරිකාව සහ චීනය එකම කාසියේ දෙපැත්ත බව මේ වනවිටත් බොහෝ දෙනකුට අවබෝධ වී නැතිනම් කනගාටුවට කරුණකි.

සෞඛ්‍ය විශේෂඥයෙන් කියන්නේ බොරු යැයි කියන ඇමෙරිකානු ජනාධිපතිවරයා ද කොරෝනා ගැන අනතුරු ඇඟවූ වෛද්‍යවරුන් මෙන්ම මාධ්‍යවේදීන් ද නිහඬ කළ චීනය ද වෙනසක් නැත. ධවල මන්දිරයට පැමිණෙන මාධ්‍යවේදීන් ප්‍රසිද්ධියේ ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රශ්න කළ හැකිය. එහෙත් ජනාධිපතිවරයාගේ නින්දා අපහසාවලට ලක්වීමට සිදුවීමෙන් නම් ගැලවීමට නොහැක. චීනයේ එසේ ජනාධිපතිවරයා ප්‍රශ්න කළ හැකිද යන්න ගැන නම් අපට කියන්නට බැරිය.

කොරෝනා සංඛ්‍යාදත්තවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් මනෝ ගනේෂන් හිටපු අමාත්‍යවරයා කියපු කතාවේ ද අර්ධ සත්‍යයක් ඇත. ඔහු එය දේශපාලනික අරමුණින් කීවාක් නම්, එය අමන කමකි. එහෙත් සත්‍ය නම් ශ්‍රී ලංකාවේ පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, චීනය මෙන්ම ලෝව සෑම රටකින්ම වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ මෙන්ම කොරෝනා මරණ සම්බන්ධයෙන් ද කියන සංඛ්‍යා දත්තවල පරස්පරතා ඇත. ඇතැම් ඒවා වාර්තා වී නැත. ඇතැම් ඒවා ගණනය වී නැත.

පසුගිය දින ගණනාවේදීම ඇමෙරිකා ජනාධිපතිවරයා තමන් කියූ කතා ඉන් දින, සති හා මාස ගණනාවකට පසුව තමන් එසේ කීවේ නැතැයි කීවේය. මාධ්‍යවේදීන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රශ්න කරද්දි ජනාධිපතිවරයා ඔවුන් හෑල්ලුවට ලක් කළේය. මාධ්‍යයට තිබෙන තර්ජන ඇමෙරිකාවේ හෝ චීනයේ කියා වෙනසක් නැත. වෙනසකට ඇත්තේ ඇමෙරිකාවේ බො​හෝ නොපෙනී පෙනෙන්නට තිබීය. චීනයේ කිසිදෙයක් පෙනෙන්නට නැත. සියල්ල ඇත්තේ සැඟවීය. ඇමෙරිකාව විනිවිදභාවය පෙන්වන නමුත් එය එසේ නොමැති බව ඔවුන්ගේ සිදුවීම්වලින් මෙන්ම ඔවුන් අපට පෙන්වන චිත්‍රපටවලින්ද හොඳින්ම පැහැදිලි වී ඇත.






මූලාශ්‍ර - ‘ද වොෂින්ටන් පෝස්ට්’, ‘ද ගාඩියන්’, ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්’. 

වෙනස් ගමනක් ගිය ස්වීඩනය


ඡායාරූපය - ගෙටී ඉමේජස්
An older couple eat dinner while keeping distance from the rest of their family in Ostersund, Sweden. Photograph: David Lidstrom/Getty Images


කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ලෝකය තුළ අප නොදුටු බොහෝ දැන් දැන් අපේ දෑස් ඉදිරියටම පැමිණ තිබේ. තේරුම් නොගත් කටුක සත්‍යයත් යථාර්ථයක් තේරුම් යමින් තිබේ. කොරෝනා වයිරසය හේතුවෙන් ලෝකය මේ වනවිටත් බොහෝ අර්බුද නිර්මාණය වී තිබෙන ගෝලීය මෙන්ම ඒ ඒ රටවල ජාතික දේශපාලන ආර්බුද ද ඉන් මුල්තැනක් ගෙන ඇත. තැනින් තැන ජාතිවාදය, ආගම්වාදය වර්ගභේද යනාදිය ගැනද අසන්නට ලැබේ. ආර්ථික අර්බුද, කුසගින්න දුප්පත්කම යනාදි වශයෙන් ප්‍රශ්න රැසක් ඇත. ඇතැම් ඒවා අපේ එදාවේල ටුවර්ස් ජීවන රටාවෙන් වැසී තිබිණි.
​
ලොවපුරා සෞඛ්‍ය පද්ධතිවල දුර්වලතා අසමත්කම් යනාදිය මේ ප්‍රශ්න අතරින් මුල්තැනක් ගනී. විශේෂඥයෙන්ම ලොවපුරා ​උද්ධච්ඡ දේශපාලකයන් විශේෂඥ අදහස් නොපිළිගැනීමට ඒවාට සවන් නොදීම අපි කාලයක් තිස්සේ අත්විඳින්නෙමු. එය අපේ රටට පමණක් නොව මුළු ලෝකයටම පොදු තත්ත්වයකි. අප වුවත් එය අද ඊයේ සිට නොව වසර 70ක සිට අත්විඳින ප්‍රශ්නයකි.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මේ උග්‍ර අර්බුදය දැන් දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිට පහළට සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් නොපිළිපදිමින් කටයුතු කරන අයුරු ලෝකයේ බොහෝ තැන්වලින් අපට දැකගන්නට තිබේ. ලෝක බලවතාගෙන්ම අපට එයින් කදිම උදාහරණ පෙන්වා දී ඇත. හිරුඑළිය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විශේෂඥ අදහස්වලට වැරැදි අර්ථකතන දෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශයට මේ වනවිට සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ලොව බොහෝ රටවල ආර්ථික පද්ධති සෞඛ්‍ය පද්ධති සුබසාධනය යනාදිය සැලකිල්ලට ගැනීමේ දී නෝර්ඩික් රටවලට ප්‍රමුඛ හා මුල්තැනක් හිමිව තිබිණි. එහෙත් ඒවා සම්බන්ධයෙන් ද මේ වනවිට ප්‍රශ්න පැන නැඟී ඇත.
දේශපාලකයන් සෞඛ්‍ය බලධාරීන් හා සෞඛ්‍ය විශේෂඟයන් අතර පවතින මතභේද මේ වනවිට උග්‍ර අර්බුදයක් දක්වා දිග්ගැස්සෙමින් තිබේ.

‘‘ස්වීඩන සෞඛ්‍ය බලධාරීන්ට හා එරට පාලකයන්ට මේ වනවට දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබේ. ස්වීඩනයේ ඉහළ පෙළේ විද්‍යාඥයෝ 22 ක් පසුගිය සතියේදී එරට පුවත්පතකට ලිපියක් ලියූහ. සෞඛ්‍ය අංශ හා බලධාරීන් අසමත් වී ඇතැයි ඔවුහු චෝදනා කළහ. කොරෝනා වසංගතයේ පාලනය සඳහා දැඩි පියවර ගන්නැයි ද ඔවුහු දේශපාලකයන්ට අවධාරණය කළහ. ස්වීඩනයේ වැඩිහිටි නිවාසවල කොරෝනා මරණ අනුපාතය අසල්වැසි නෝර්ඩික් රටවලට වැඩි වී ඇත. ස්වීඩනය පසුගිය කාලයේදී ලොක්ඩවුන් සීමා හෝ සමාජ දුරස්ථභාවය යනාදී කොරෝනා වයිරසයේ පාලනය ගෙන ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග නොගත්තේය. ලොක්ඩවුන් හෝ ඒ ආසන්නයට එන සීමාවක් හෝ පැනවූයේ නැත. ස්වීඩයන් එරට වැඩිහිටියන් බිල්ලට තැබුවේ යැයි ද මේ වනවිට චෝදනා එල්ල වී ඇත. මේ වනවිට ස්වීඩනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 16,755ක් දක්වා ඉහළ ගොස් ඇත. එරටින් වාර්තා වන මරණ ගණන 2,021කි’’  .








 ඡායාරූපය - An older couple eat dinner while keeping distance from the rest of their family in Ostersund, Sweden. Photograph: David Lidstrom/Getty Images




Monday, April 20, 2020

ඡන්දේ තියන්න රටක් ඕනෑ ; රටට සුවපත් ජනතාවක් ඕනෑ


ඡායාරූපය - ප්‍රංශ පුවත් සේවය


මැතිවරණයක් පැවැත්වීම මේ මොහොත් අත්‍යවශ්‍ය කරුණක් නොවේ. ප්‍රමුඛතා ලැයිස්තුවේ පහළින්ම තිබෙන්නකි. මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලිකාංගයකි. කෙසේ නමුත් දේශපාලනඥයන් මෙන්ම රටේ ඇතැම් අය දැන් දැන් මැතිවරණ ගැන කතා කරන්නට පටන් ගෙන ඇත. පාර්ලිමේන්තුවක් නොමැතිව හමුදා පාලනයක් අවශ්‍ය යැයි කියූ අය පවා දැන් දැන් මැතිවරණ ගැන කතා කරති. මැතිවරණ පැවැත්වීමට හැකි නම් පාර්ලිමේන්තුව ද කැඳවීමට හැකිය.
ආණ්ඩුව මැතිවරණ ගැන බිය විය යුතු නැත. ආණ්ඩුව, ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට ලැබුණු ජනප්‍රසාදයට තවමත් කිසිදු බලවත් තර්ජනයක් එල්ල වී නොමැත. එමෙන්ම ශක්තිමත් කොන්ද ඇති විපක්ෂයක් ද නැත.
මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. එහෙත් ලෙඩ වූ ජනතාවක් එක්ක මොන මැතිවරණයක්වත් ප්‍රජාන්ත්‍රවාදයක්වත් නැත. එබැවින් මුලින්ම කළ යුත්තේ කොරෝනා අවදානම ඉවත් කරගැනීමය. කොරෝනා වයිරසය පරාජයට පත් කිරීමය. කොරෝනා ගැනත් ජනතාවගේ කුස ගැනත් සිතිය යුතු ඇතැම් නායකයෝ අද මැතිවරණ කොමිසම, මැතිවරණ දින යනාදිය ගැන මතවාදී අරගලයකි නිරත වී සිටිති.
ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ අත්‍යවශ්‍ය ආර්ථික කටයුතු ආරම්භ කිරීමය. එමෙන්ම ජනතාවගේ ආහාර හා ඖෂධ අවශ්‍යතා සැපිරීමය. එසේ නැතිව ඉවක් බවක් නොමැතිව ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් වෙන්නේ මාසයක් කළ සියල්ල වතුරේ යෑමය. ප්‍රමාද වී හෝ ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් කොරෝනා වයිරසය පාලනය කරගැනීමට රටට හැකියාව ලැබිණි. ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචන ඇත. ඒවා පසුවට කතා කළ හැක.
මේ මොහොතේ කළ යුතුව ඇත්තේ කොරෝනා පාලනය කරගැනීමය. ඉන් එහා ප්‍රමුඛතාවක් නැත. ඒ නිසා මුලින්ම කළ යුත්තේ වයිරසය පාලනය කරගැනීමය. කොරෝනා වසංගතයට දේශපාලනයක්, ආගම්, ජාති, කුල යනාදී කිසිදු භේදයක් නැත. ඡන්දය පවත්වන්නට ද රටක් තිබිය යුතුය. සුවපත් ජනතාවක් සිටිය යුතුය.

The holding of periodic elections are indeed the cornerstone to upholding democracy. Any exception to this rule can only be in the most serious of circumstances. Unfortunately, however, Sri Lanka, like the rest of the world, today faces just such exceptional circumstances: a global pandemic posing grave threats not only to public health, safety and security, but to the national and global economy as well. Both local and global medical experts have clearly indicated that the key to containing the spread of this pandemic is to eliminate all public gatherings/movement, except for essential services, and those necessary to prevent economic collapse. Every effort must be made to contain the spread of the disease, in order to prevent further burdening an already severely overburdened public healthcare service, in order to ensure that Sri Lanka is equipped to continue to effectively deal with the health consequences of this pandemic.
කොවිඩ් 19 වසංගත තත්වය සහමුලින්ම පාලනන කරන තෙක් මහ මැතිවරණය පැවැත්වීම නුසුදුසු වගකීම් විරහිත භයංකර ක්‍රියාවක් බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානය පවතින තත්වය හමුවේ මැතිවරණය නොපවත්වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටීයි.
වත්මන් තත්වය මැද මැතිවරණයක් පැවැත්වීම මහජන ආරක්ෂාවට විශාල තර්ජනයක් වනු ඇති බවත් දේශීය හා ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් වසංගත තත්වයෙන් ආරක්ෂා කරගත් බව සනාථ කරන තෙක් මැතිවරණයක් කරා යා යුතු නැති බවත් පෙන්වා දෙයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් එම සන්ධානයේ පක්ෂ ත්‍රිත්වයේම නායකයින්ගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ කොමිසම වෙත ලිපියක් යවමින් මේ බව අවධාරණය කර තිබිණි.
කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ මහ මැතිවරණය පැවැත්වීමේ උත්සහාය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පැහැදිලි කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත(18) යවන ලද එම ලිපියේ මෙසේද සදහන් කර ඇත.
වත්මන් තත්වය හමුවේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම ගැන ඉතා වැදගත් අවධානය යොමු කළ යුතුව ඇති කාරණාවන් කිහිපයක් අවධාරණය කරමි.රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නම් නිසි කළට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍යයි.
අද ලෝකයේ බොහෝ රටවල් වගේම ශ්‍රීලංකාවත් මේ තත්වයට මුහුණ දී සිටිනවා.ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය මහජන සෞඛ්‍යට පමණක් නොව ලෝකයේම ආර්ථිකයට විශාල බලපෑමක් සිදුකොට තිබෙනවා.
මහජනතාව අධික වශයෙන් ගැවසෙන එකරොක් වන කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම වැඩි බවත් එලෙස එක්රොක් වීම් වලින් වැළකෙන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම අවධාරණය කර සිටිනවා.මෙම වයිරසය පැතිර යාම පාලනය කරගැනීම සදහා ගෙන ඇති සෞඛ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පවතිනවා.මේනිසා පවතින මේ තත්වයේ ප්‍රථමයෙන්ම මහජන සුබසිද්ධිය සහ ආරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

http://www.lankadeepa.lk/latest_news/මැතිවරණය-නොපවත්වන්නැයි-දෙමළ-ජාතික-සන්ධානය-ඉල්ලයි/1-570521


ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පමණක් නොව ලෝ පුරා මැතිවරණ 30ක ප්‍රමාණයක් කල්ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අවධාරණය කරයි.

මැතිවරණය කල්දමා ඇති පසුබිමක නාම යෝජනා පත්‍රවල නම් සදහන් බොහෝ අපේක්ෂකයි මෙම සංවේදී කාල සමයද දේශපාලන වාසියට හරවා ගනිමින් ප්‍රචාරක කාර්යන්හි නිරතවන බව දිගින් දිගටම නිරීක්ෂණය වන බවද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමේදී මැතිවරණ කොමිෂන් සභාව සතුව පවත්නා සීමාකම් කෙරෙහි ද අප ප්‍රමාණවත් අවබෝධයකින් පසුවන බවද එම සංවිධාන සදහන් කර සිටීයි.

ශ්‍රීලංකාවේ ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හතක් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව අවධාරණය කර ඇති අතර ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පවතින තත්වය හමුවේ කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණය කෙරෙහිද එම සංවිධාන ප්‍රසාදය පලකර සිටීයි.

පැෆරල් සංවිධානය,මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය, ට්‍රාන්ස්පෙරන්සි ජාත්‍යන්තර ආයතනය,සාධාරණ මැතිවරණයක් සදහා වූ ව්‍යාපාරය(කැෆේ)ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය,නිදහස් හා සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය,ලක්බිමේ මව්වරු සහ දියණියෝ යන සංවිධාන ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් වශයෙන් මෙම නිවේදනය නිකුත් කෙරිනි.

එම නිවේදනයේ මෙසේද සදහන් වේ.

එළඹෙන අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහා මැතිවරණය, මැතිවරණ කොමිෂන් සභාව මගින් තම බලතල ප්‍රකාරව කල්දමා ඇති පසුබිමක, ඒ පිළිබඳව ගොඩනැගෙමින් පවත්නා තියුණු සමාජ කථිකාව කෙරෙහි මෙරටේ සියලු ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තම බලවත් අවධානය හා සැලකිල්ල යොමුකරමින් සිටී.ඒ හා සමඟ විපත්තිදායක වාතාවරණයක නිරායාසයෙන් ගතහැකි ආසන්නතම හා සුදුසුම පියවර වූ, මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ලද ක්‍ෂණික පියවර ද අපගේ නිසි ඇගයීමට ලක්වන අතර කොවිඩ් -19 ව්‍යාප්තිය වැලැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවමින් සිදුවිය හැකිව තිබූ බලවත් හානියක් වැලැක්වීමෙහිලා ගත් කාලීන පියවර උදෙසා ගරු  ජනාධිපතිවරයා ද  අපගේ ප්‍රශංසාවට ලක්වන බව සඳහන් කිරීමට කැමැත්තෙමු.





General Elections amidst COVID Pandemic? You must be joking!



Image Courtesy - AFP 

#Coronavirus #COVID19 #US - A health care worker makes the shape of a heart with her hands behind a window at Jacobi Medical Center in the Bronx, New York.
Camera with flash

 

Sunday, March 15, 2020

සාමූහික වගකීම



ඡායාරූපය - ප්‍රංශ පුවත් සේවයෙනි

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වයිරසය මෙරට පමණක් නොවේ ලොව පුරා බොහෝ මිනිසුන්ගේ ආත්මාර්ථය මෙන්ම මනුස්සකම පිළිබඳ ලිට්මස් පරීක්ෂාවට බවට පත්විය.

අනෙක් අතට මිනිසුන්ගේ මනස වෙනස් කිරීමට තමන්ගේ පැත්තට මිනිස්සු හරවා ගැනීම සඳහා බොරු අසත්‍ය, පට්ටපල් බොරු, ෆේක් නිවුස්, මිත්‍ය මත ව්‍යාප්ත කිරීම, ජන මනස විකෘති කිරීම, තොරතුරු වසං කිරීම, චීනය වගේ තොරතුරු සැඟවීම යනාදිය කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ඒවා පාලකයන්ට හරස් විය. විශේෂයෙන්ම ෆේක් නිවුස් පාලකයන්ට පාලනය කරගත නොහැකි භූමරංගයක් බවට පත්විය.

අනෙක් අතට කොතරම් තොරතුරු තිබුණත් නිවැරැදි තොරතුරු හඳුනාගැනීමට ජනතාවට තිබෙන නොහැකියාව, මාධ්‍යවේදීන්ට වුව ද සත්‍ය තොරතුරු ලබාගත නොහැකිවීම, අනවබෝධය, විෂය කරුණු සම්බන්ධයෙන් ඇති අනවබෝධය, කිසිවක් සම්බන්ධයෙන් වගකීම් සහගත නොහැකි වීම, නොසැලකිල්ල යනාදී බොහෝ දේ අපට දැකගන්නට ලැබිණි.
ලොවම එකම ව්‍යවසනයක් බවට පත්ව තිබෙන මොහොතක කොරෝනා යනු ලොවටම පාඩම් කියාදුන් වයිරසයකි.

කෝවිඩ්-19

අප අතර තිබෙන ආත්මාර්ථය කොතරම් ද ස්වභාවධර්මයා දැන් අපට සිනාසෙනු ඇත.
මුදල් හදල් යහමින් ඇති අය ක්‍රෙඩ්ට් කාඩ් ඇති අය කඩසාප්පුවලට ගොස් මාසයකට එකහාමාරකට බඩු රැස් කරද්දි එසේ නොහැකි අය කුමක් කරන්න ද ?

නිවෙස්වලට වී ඉන්නැයි කියද්දි පෝලීම්වල ගොස් තෙල් ගසන්නේ ඇයි ?

රැස් වෙන්න එපා යැයි කියද්දි සුපර් මාර්කට් ගිහින් රොත්ත පිටින් බඩු රැස් කරන්නේ ඇයි ?

තමන්ට අවශ්‍ය ප්‍රමාණය ඕනෑවටත් වඩා ඉක්මවා යමින් සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගෙන තමන් සෞඛ්‍ය සම්පන්න සිටීමෙන් කොරෝනාවලින් බේරීමට හැකි ද ?

ඇතැම් රටවල ෆාමසියට යා යුත්තේ පෝලීම සිටය. ෆාමසියට ඇතුළු විය යුත්තේ එකා බැගින්ය. පෝලිමේ සිටිය යුත්තේ ද අනෙකාට වඩා මීටරයක් මීටර එකහාමාරක් ඈතිනි. ෆාමසියෙන් බඩු මිලදී ගත යුත්තේ ද වෙළාන්ඳාට වඩා තරමක් ඈතින් ඉඳිමිනි.

ඒ නිසා තමන් කෑ පමණින් ලෝකය යහපත් වන්නේ නැත. තමන් සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගෙන ලෝකය සුවදායී සෞඛ්‍ය සම්පන්න තැනක් වන්නේ නැත.

අවශ්‍ය වන්නේ වගකීම් සහගත බුද්ධිමත් හැසිරීම්ය. සාමූහික විසඳුම් ය. සාමූහික විනය, හික්මීම, වගකීම් සහගත සහ බුද්ධිමත් හැසිරීම, අනෙකා ගැන සිතීම, අනෙකාට ගෞරව කිරීම යනාදියය.

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive