ඊයේ සිරස රූපවාහිනියේ විකාශය වූ සටන වැඩසටහන සහභාගි වූ බිමල් මහතාට විශේෂ ස්තූතියක් පිරිනමන්න. ඊයේ වැඩසටහන් මට බලන්න ලැබුණේ අද. බිමල් රත්නායක මහතා හොඳ අවස්ථාවක් ලබාදුන්න වත්මන් රජයටත් බලධාරීන්ටත් ළමා දුෂණය පිටු දැකීමටත් ස්ත‍්‍රී දුෂණය වැළැක්වීමටත් කි‍්‍රයාමාර්ග ගැනීමට.
එහිදි පළ කෙරුණු අදහස් කිහිපයක්
1. ඉන්දියාවේ බස් රථයකදී වෛද්‍ය ශිෂ්‍යාවක දුෂණය සිදු කිරීමේ සිදුවීමෙන් පසු, ස්තී‍්‍ර දුෂණය සම්බන්ධයෙන් නීති තදින් කි‍්‍රයාත්මක කිරීමටත්, දුෂකයන්ට දැඩි දඬුවම් දීමටත් නව නීති ගෙන ඒමටත් කි‍්‍රයා කළා. ඊට පස්සේ ස්තී‍්‍ර දුෂණයට ලක්වූවන් අධිකරණයට යෑම ප‍්‍රවාණතාව සියයට 26ක් දක්වා වැඩිවුණා.
2. ස්ත‍්‍රී දුෂකයන්ට එරෙහි පනත විද්‍යාගේ නමින් ගෙනඒම
3. අධිකරණයේ ඇති නඩුවලින් තුනෙන් එකක් දරුවෝ සම්බන්ධව, දරුවන් සඳහා වෙනමම අධිකරණයක්....
4. ලිංගික අධ්‍යාපනය විධිමත් කිරීම, දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීම, විශේෂ අධිකරණ හා අවබෝධය වැඩිකිරීම
5. ගැහැණු දරුවෙක්ගේ වැදගත් ම දේ කන්‍යාභාවය නොවන, මානසික මට්ටම්, සමාජියේ ඇති මිථ්‍යා මත තුරන් කිරීම, සංස්කෘතික වෙනස්කම් ආදිය
6. පාසල්වල සමීක්ෂණ සිදුකිරීම,
7. දුෂකයන්ගෙන් දඬුවම් ලැබෙන්නේ සියයට 3ක් පමණි. සියයට 97ක් නිදහස් වෙනවා. ඒ සාක්ෂි නොමැතිවීම, සාක්ෂි නොමැතිවීමට හේතුව, දරුවන් බියවීම ආදි කරුණු....
බිමල් රත්නායක මහතාට, මගේ විශේෂ ගෞරවයත් ප‍්‍රණාමයත් පුද කරනවා. ලංකාවේ සිදුවන ළමා අපයෝජනය හිංසාව, කතිකාවක් ඇති කිරීමට මම හිතනවා මේ වැඩසටහන මහත් ප‍්‍රයෝජනයක් වේව කියලා. මේකට මම හිතනවා අම්මලා තාත්තලා ඉදිරියට එන්න ඕනේ කියලා. මොකද අද කොහේහරි ගැහැණු දරුවෙක්ට, පිරිමි දරුවෙක්ට දෙයක් උනොත්, අපි කිසිම දෙයක් නොකර ඉන්නවා. ඒත් ඒ දේ හෙට ඔවුන්ට වෙන්න පුලූවන්.. ඒක නිසා අපි හැමෝම එකතුවෙලා, මේ සම්බන්ධයෙන් කතිකාවක් ඇතිකරලා, විසඳුම් සොයන්න ඕනේ. ජනතා පෙළගැස්මක් ඇතිකළ යුතුයි.
https://www.youtube.com/watch?v=2YiNNu4X8C0&list=PL_rSOHLTN-XkLGWaxr9iINXnnoQPUoxsd&index=4
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Friday, May 29, 2015
Thursday, May 28, 2015
විද්‍යා
විද්‍යා. නම භාවිතය හෝ ඡුායාරූප භාවිතය මම දැඩි
පිළිකුලෙන් යුතුව හෙළා දකිමි. දැන්නම් විද්‍යාගේ නම සමාජ ගතවීම නිසාම භාවිත
කරනවා. ඉන්දියාවේ මහත් ආන්දෝලනයට ලක්වුණ බස් රථයකදී දුෂණය වුණු සිසුවියගේ
නම හෝ අනන්‍යතාව හෙළි කළේ කරනු ලැබුවේ නැහැ. යාපනයේ විද්‍යාගේ ඡුායාරූප
පසුගිය කාලය පුරාම, පත්තරවල මුල්පිටුවල, රූපවාහිනියේ හිඩැස් පිරෙව්වේ. ඒක
මම වැඩ කරන ආයතනයේත් වුණා. පෞද්ගලිකවම මම එයට විරුද්ධයි. දුෂණය වුණ
දරුවන්ගේ අම්මලාට තාත්තලාට, මැරුණ මනුස්සයෙක්ගේ ඡුායාරූපයක් පළ කරද්දි, ඒ
දරුවන්ට, අම්මලා තාත්තාලට දැනෙන දුක,
ඥාතීන්ට දැනෙන දුක කොහොම වේවිද. ඒ දරුවන්ගේ නම පාවිච්චි කිරීම. දුෂණය වුණු
දැරියක් නැවත පාසල් යෑම ගැන, ඒ දරුවගේ අම්මලා තාත්තාලට දැනෙන දේ ගැන අපිට
හැඟීමක් නැහැ. මේ සම්බන්ධයෙන් නීතියක් ගෙන ආ යුතුයි. මේ අපේ රටේ අනාගතය.
දුෂණවලට, හිංසාවන්ට ලක්වන දරුවන් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ නම්, ඡුායාරූප
මාධ්‍යයේ භාවිත කිරීම සම්බන්ධයෙන් නීති රීති ගෙන ආ යුතුයි. විද්‍යාගේ
සිදුවීම් ඊට පාදක කරගත යුතුයි. යාපනයේ මිනිස්සු දුන්නු ආදර්ශය කොටකෙතන
මිනිස්සු අද ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවුවා. කොටකෙතන අද නිදොස් කොට
නිදහස් කෙරුණු පුද්ගලයන් අහිංසක බවත්, වැරැුදිකරුවන් තෝරු මෝරු අස්සේ හැංඟි
හැංඟි ඉන්නවා කියලත් කියැවෙනවා.. ඇයි පොලිසියට බැරි අල්ලන්න ඒක එහෙමනම්,
යහපාලනයනේ. අපි මිනිසුන් වශයෙන් දුෂණයට හිංසනයට විරුද්ධව ඉදිරියට ආ යුතුයි.
ඔවුන්ට දැඩි දඬුවම් දීමට නීති ගෙන ඒමට වගේම, එවැනි හිංසාවන්ට ලක්වන පුංචි
මල් කැකුළුවලට හොඳ අනාගතයක් හදන්නත් නීති ගෙන ඒමට අපි රටේ නීතිය කරවන්නන්ට
බල කළ යුතුයි. අපි සමාජයක් වශයෙන් එසේ නොකරන තාක් කාල්, මේ රටේ තිරිසනුන්ගේ
ගොදුරු බවට පත්වෙන පිරිස අතරේ, හෙට ඒ මිලේච්ඡු ඉරණමට මුහුණ දෙන තැනැත්තිය,
ඔබේ මගේ අම්මා, සහෝදරිය, යෙහෙළිය, මිතුරිය හෝ පෙම්වතිය විය හැක.
මම බඩගින්න ලිව්වේ, ලියලා ගොඩක් වෙලා ගියේ නැහැ. මේ අපේ අසල්වැසි රට,
අපි ඉන්න ලෝකකේ. මෙහෙම මිනිස්සු අපේ රටෙත් ඉන්නවා. චීස් කෑල්ලක් කන්න ආස
යෝගට් එකක් කන්න ආස පුංචි පැටවු කොච්චර ඉන්නවද? අපේ රටේ?
"Higher economic growth has not been fully translated into higher food consumption, let alone better diets overall."
India is home to 194.6 million undernourished people, the highest in
the world, according to the annual report by the Food and Agriculture
Organization of the United Nations released on Thursday.
අද හවස වැඩට එද්දි හැමදාම වගේ මම බස් එකේ ජනේලයෙන් එළිය බලාගෙන ආවා. වෙච්චි දේවල් ටික පිළිවෙළින්, වෙඩින් එකක්, වෙඩින් එකක්, වෙඩින් එකක්, වෙඩින් එකක්, මළි මිනියක් උස්සන් යනවා, පොඩි හාමුදුරු නමක් ස්මාර්ට් ෆෝන් එකක් දිහා බලාගෙන ඉන්නවා, පෑලියගොඩ පහුවෙද්දි තියෙන මුඩුක්කු ගෙවල්වල බබෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙක් අමාරුවෙන් ඉඳගෙන ඉන්නවා, තව බබෙක් හම්බවෙන්න වෙන්න ඉන්න අම්මා කෙනෙක් බස් එකෙන් බහින්න, නිල් කොට කළිසමක් ඇඳගෙන පොත් බෑග් එකක් උස්සගෙන ගෙදර යන පොඩි පිරිමි ළමයෙක්. පළවෙනියට දැකපු වෙඩින් එකේදී මනාල යුවළ පිටත්වෙනවා. දෙවැනි වෙඩින් එක ගැන අවබෝධයක් නැහැ. තුන්වැනි එකත් ඉවරයා. හතරවැනි එකේ බීලා වැඩිඋන අය වාහනවලට හේතුවෙලා ඉන්නවා. ලොරියකට බීම කේස් ටික පටවනවා. අන්තිමට මළගෙදරක්, මිනිය ගෙනියනවා. ඔය අතරේ මට පිටිපස්සේ හිටපු මහත්තයෙක් කියනවා, යාළුවට ඔක්කොමලා දඟලන්නේ ඕකට නේද කියලා. ඔව් අපි ඔක්කොම දඟලන්නේ ඕකට. ඊට පස්සේ හාමුදුරු නමක් ස්මාර්ට් ෆෝන් එක්ක පාවිච්චි කරනවා. ඒක කැපද අකැපද කියන දේ ගැන මම කියන්න යන්නේ නැහැ. මේ මම කියපු ටික අපි හැමදාම අපි අත් දකිනවා. අම්මා බඩෙන් ලෝකයට එන අපි අන්තිමට යන්නේ පෙට්ටියෙන්. එහෙම යන්නත් ඒ පෙට්ටිය උස්සන් යන්න අපි බැඳීම් ඇති කරගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් පොලිසියෙන් අරන් ගිහින් කොහේ හරි දායි. ඉපදීමත් මරණයත් අතර අපිට තියෙන්න ඕන දේවල් මොනවාද. කෝටි ප‍්‍රකෝටි ගණන් සල්ලි තිබ්බත්, අවසානයේදී ඒකෙන් සත පහක් අපි අරන් යන්නේ නැහැ. අපේ මරණයකට එන මිනිස්සුන්ගෙන් මනින්න බැහැ, ඒ මනුස්සයත් අපිත් අතර තියෙන මනුස්ස සබඳතාව. ඒත් සාපේක්ෂව එහෙම එන පිරිසෙන් අපිට හිතන්න පුළුවන් ඒ මනුස්සයත් අවට සමාජයත් අතර තිබුණ බැඳීම. ජීවිතයත් මරණයත් අතර අපි ගොඩනැගෙන්නේ පවතින්නේ ආදරයත්, මනුස්ස බැඳීම් කියන දේ අතර. මනුස්ස කම අතර. අනේකාට කරන ගරු කිරීම මත. අනෙකාගේ හැඟීම් දැනීම් තේරුම ගැනීම මත. මේ ටික අපිට පුළු පුළුවන් විදියට කරන්න පුළුවන් නම්, මේ ලොකේ පොඞ්ඩක් හරි වෙනස් වේවි. සාපේක්ෂව. දවසට රුපියල් 250ක් පඩි ගන්න මනුස්සයාට, 2500ක් පඩිගන්න, 25000ක් පඩිගන්න, 250,000ක් පඩිගන්න හෝ ඊටත් වඩා පඩිගන්න මනුස්සයෝ හැමෝටම තියෙන්නේ එකම ප‍්‍රශ්න ටික. අපි ඒවා විසඳන්න ක‍්‍රමවේදය හා ඒ සඳහා කෙරෙන මහන්සියේ ප‍්‍රමාණයේ වටිනාකම වැඩියි. සමහර විට 250,000ක් පඩි ගන්න මනුස්සයා තමන්ගේ දරුවා ඉස්කොලේට දාගන්කොට දවසේ පඩිය 250ක් වුණ මනුස්සයට තමන්ගේ දරුවාව පාසලට දාගන්න බැරි වෙන්න පුළුවන්. මේක තමා ලෝකේ යථාර්ථය. අපි අම්මා බත් ටික නොකා විසිකරන වෙලාවල් තියෙනවා. ඒත් ඒ ටික තියා, නිකන් බත් ටිකක් වත් කන්න බැරි අඩුගානේ තුන් වේලෙන් එක වේලකටවත් බත් නැති, දවස් තුන හතරකින් කටට රහට නොකාපු මිනිස්සු ඉන්න පුළුවන්. මේක හරිම සාපේක්ෂ සරල සංසිද්ධියක්. මේක වෙනස් කරන්න බැහැ.. නොකා ඉන්න මිනිස්සු ප‍්‍රමාණය අඩු කරන්න අපිට පුළුවන්, අසතුටෙන් ඉන්න මිනිස්සු දවසක් හරි සතුටු කරන්න අපිට පුළුවන්. මෙහෙම ලියන දෙයක් කියවලා, කවුරු හරි, තව කෙනෙක්ගේ බඩ පුරවනවා නම්, මම වගේම මෙහෙම ලියන, නොලියන ගොඩක් අය සතුටුවේවි.
Tuesday, May 26, 2015
විද්‍යා මේ ඔබ ගැන මතකයයි
____________________
2010 වසරේ පුංකුඩුතිවු මහ විදුහලේ මගේ පන්තියට අලුතින් ළමයකු පැමිණ සිටින බව පාසලට ආ විගසම පන්තියේ සෙසු ළමයි මට දැනුම් දුන්හ.
____________________
2010 වසරේ පුංකුඩුතිවු මහ විදුහලේ මගේ පන්තියට අලුතින් ළමයකු පැමිණ සිටින බව පාසලට ආ විගසම පන්තියේ සෙසු ළමයි මට දැනුම් දුන්හ.
පන්තියේ අන්තිම පේලියේ වාඩිවී හුන් සිසුවිය අසුනින් නැගී සිටියේ බියට පත්
වූ විලාසයකිනි. නම කුමක්දැයි ඇසූවිට ‘විද්‍යා’ යැයි හෙමින් උත්තර දුන්නාය.
ඉංග්‍රිසි නම් විද්‍යා යැයි සිසු සිසුවියන් කියන තරමට ඇය ඉංග්‍රිසි විෂයට සමත්කම් දැක්වූවාය. ඉංග්‍රිසි වලට පමණක් නොව සියලු විෂයන් කෙරෙහි දක්ෂතා දැක්වූ ඇය ගණිතය විතරක් තරමක් අපහසු යැයි පැවසුවාය. ගණිතය හොඳින් ඉගෙන ගත යුතු බව සියලුම ගුරුවරුන් පවසද්දී ඇය හැමවිටම කිව්වේ ‘ඒක ටිකක් අමාරුයි කියාය’.
වරක් මා අනාගත බලාපොරොත්තු පිළිබඳව ඉංග්‍රිසියෙන් ලියන ලෙස සිසුන්ට පැවසූ විට ඇය ලියා තිබුණේ අනාගතයේදී මාධ්‍යවේදිනියක් වීමට බලාපොරොත්තු වන බවය.
ඇය උසස් පෙළට තෝරාගෙන තිබුණේත් ඉංග්‍රිසි ඇතුළු දක්ෂතා දැක්වූ විෂයන්මය.
ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඉංග්‍රිසි විෂය සඳහා වූ CD තැටි එළි දැක්වීමක් පැවැත්වුණු අවස්ථාවේ අප පාසල නියෝජනය කරමින් ජනාධිපතිතුමන් ඉදිරියේ පෙනී සිටීමට ඇය තෝරාගනු ලැබිණි. ‘ඒ රැස්වීමේදි මට ඉංග්‍රිසියෙන් කථාවක් කරන්න වෙයිද සර් ?‘ කියා ඇය මගෙන් අවිහිංසක ලෙස ඇසූ පැනය තවමත් මගේ සවන් තුල දෝංකාර දෙයි.
මාරුවීමක් ලබා මා හට විද්‍යාලයෙන් යාමට සිදුවූ අවස්ථාවේ එය අවලංගු කරගැනීමට නොහැකිදැයි දියණියක් පියෙකුගෙන් කරන්න ඉල්ලීමක් සේ ඇය ඉල්ලා සිටි අයුරු තවමත් මගේ හදවතෙහි මැවෙයි.
මීට මසකට පෙර වේලනෙයි මහ විදුහලේ පැවති සම්මන්ත්‍රණයකට පැමිණි අවස්ථාවේ ඇය මා සොයාගෙන පැමිණ කථාබහ කොට සිය කෘතවේදීත්වය පෙන්නුම් කළාය.
මරණය යනු වයස් භේදයකින් තොරව කාහටත් පොදුවූ දෙයකි.
එහෙත් මැයට හිමිවූ මරණය අති බිහිසුණු වූවකි.
මේ අවිහිංසක බාලිකාවට හිමිවීමට කිසිසේත් නුසුදුසු වූවකි.
බෙහෙත් ගැනීමට මුදල් නැතිකමින් කොච්චරවත් ‘හිසරදෙයි. ඇස් දෙක රිදෙනවා‘ කියමින් හඬන ඈ අවසන් මොහොතේ කොපමණ වූ දුඃඛස්කන්ධයක් වළඳන්නට ඇද්ද?
අහෝ දෙවියනේ…!
අවමඟුල් පෙරහරේ ගමන් කරද්දී අපව තෙමාගෙන වැටුණු වැස්ස කඳුළු සඟවාගන්නට අපට සහය විය.
ගිහිල්ලා එන්න මගෙ දුවේ…!!!
##
දුෂ්‍යන්තන් තුරෙයිරාජා
https://www.facebook.com/rathnamalala?fref=ts
ඉංග්‍රිසි නම් විද්‍යා යැයි සිසු සිසුවියන් කියන තරමට ඇය ඉංග්‍රිසි විෂයට සමත්කම් දැක්වූවාය. ඉංග්‍රිසි වලට පමණක් නොව සියලු විෂයන් කෙරෙහි දක්ෂතා දැක්වූ ඇය ගණිතය විතරක් තරමක් අපහසු යැයි පැවසුවාය. ගණිතය හොඳින් ඉගෙන ගත යුතු බව සියලුම ගුරුවරුන් පවසද්දී ඇය හැමවිටම කිව්වේ ‘ඒක ටිකක් අමාරුයි කියාය’.
වරක් මා අනාගත බලාපොරොත්තු පිළිබඳව ඉංග්‍රිසියෙන් ලියන ලෙස සිසුන්ට පැවසූ විට ඇය ලියා තිබුණේ අනාගතයේදී මාධ්‍යවේදිනියක් වීමට බලාපොරොත්තු වන බවය.
ඇය උසස් පෙළට තෝරාගෙන තිබුණේත් ඉංග්‍රිසි ඇතුළු දක්ෂතා දැක්වූ විෂයන්මය.
ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඉංග්‍රිසි විෂය සඳහා වූ CD තැටි එළි දැක්වීමක් පැවැත්වුණු අවස්ථාවේ අප පාසල නියෝජනය කරමින් ජනාධිපතිතුමන් ඉදිරියේ පෙනී සිටීමට ඇය තෝරාගනු ලැබිණි. ‘ඒ රැස්වීමේදි මට ඉංග්‍රිසියෙන් කථාවක් කරන්න වෙයිද සර් ?‘ කියා ඇය මගෙන් අවිහිංසක ලෙස ඇසූ පැනය තවමත් මගේ සවන් තුල දෝංකාර දෙයි.
මාරුවීමක් ලබා මා හට විද්‍යාලයෙන් යාමට සිදුවූ අවස්ථාවේ එය අවලංගු කරගැනීමට නොහැකිදැයි දියණියක් පියෙකුගෙන් කරන්න ඉල්ලීමක් සේ ඇය ඉල්ලා සිටි අයුරු තවමත් මගේ හදවතෙහි මැවෙයි.
මීට මසකට පෙර වේලනෙයි මහ විදුහලේ පැවති සම්මන්ත්‍රණයකට පැමිණි අවස්ථාවේ ඇය මා සොයාගෙන පැමිණ කථාබහ කොට සිය කෘතවේදීත්වය පෙන්නුම් කළාය.
මරණය යනු වයස් භේදයකින් තොරව කාහටත් පොදුවූ දෙයකි.
එහෙත් මැයට හිමිවූ මරණය අති බිහිසුණු වූවකි.
මේ අවිහිංසක බාලිකාවට හිමිවීමට කිසිසේත් නුසුදුසු වූවකි.
බෙහෙත් ගැනීමට මුදල් නැතිකමින් කොච්චරවත් ‘හිසරදෙයි. ඇස් දෙක රිදෙනවා‘ කියමින් හඬන ඈ අවසන් මොහොතේ කොපමණ වූ දුඃඛස්කන්ධයක් වළඳන්නට ඇද්ද?
අහෝ දෙවියනේ…!
අවමඟුල් පෙරහරේ ගමන් කරද්දී අපව තෙමාගෙන වැටුණු වැස්ස කඳුළු සඟවාගන්නට අපට සහය විය.
ගිහිල්ලා එන්න මගෙ දුවේ…!!!
##
දුෂ්‍යන්තන් තුරෙයිරාජා
https://www.facebook.com/rathnamalala?fref=ts
මේ රටේ තවත් යුද්ධයක් ඇතිවූවා නම්, එහි මූලික වගකීම ගතව යුතු පුද්ගලයකු වෙයි නම්, ඒ බොදු බල සේනාවේ මහලේකම් ඥානසාර හිමියන්ය. නෝර්වේ මුදල් ආධාර මත කි‍්‍රයාත්මක වූ බව ඒ සමයේදී වාර්තා විය. හිටපු ජනපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ නොමද ආශීර්වාදය බොදුබල සේනාවට හිමිවිය. බුද්ධ දර්ශනයේ හරය පවා විනාශ කරමින් අනෙකුත් ආගම් අදහන පුද්ගලයන්ට හිරිහැර කරමින් කටයුතු බොදු බල සේනාව, මෑත කාලයේදී එය කිරි පොවා පෝෂණය කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ගැරැුහුමට ලක්විය. අහිංසක ජීවිත විනාශ කරමින් බොදු බල සේනාවට තවත් ආයුෂ නැතිවීම සතුටට කරුණකි. සිවිල් යුද්ධයක් ඇතිවූයේ නම්, එහි ප‍්‍රධාන වගකීම ගත යුත්තේ ඥානසාර හිමියන් හා එය පෝෂණය කළ උදවියයි. අතුරු කතාවකි. ‘‘බොදුබල සේනාව, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ධුරයෙන් නෙරපීමටත්, රජය පෙරළීමටත් බටහිර කොන්ත‍්‍රාත්තුවක් ඉටු කළ බවට මහින්ද රාජපක්ෂ රජයෙන් මෙන්ම විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය. එසේ විය හැක. එවැනි සංවිධාන ලොව ඕනෑ තරම් බිහි වී ඇත. අල් කයිඩාව, අයි.එස්.අයි.එස් ත‍්‍රස්ත සංවිධානය සිරියාවේ රාජ්‍ය විරෝධී සංවිධාන, යුක්රේනයේ රුසියානු හිතවාදී කණ්ඩායම් ඒවාට උදාහරණය. බොදු බල සේනාවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාත් එකට පෑහෙන්නේ දෙකේම ගෙන යන්නේ ත‍්‍රාඩ හා මිලේච්ඡු කි‍්‍රයාපටිපාටියක් වීමය. අවසානයේ බොදු බල සේනාව ප‍්‍රතික්ෂේප වන තැනට පත්ව ඇත. පෞද්ගලිකවම මම ඒ පිළිබඳව සතුටු වෙමි. බුදුන් වහන්සේගේ දර්ශනය අන්තවාදය දක්වා ගෙන ගිය සංවිධානයක් ලෙස බොදු බල සේනාව පෙන්වාදිය හැක. මෙවැනි අන්තවාදී සංවිධානවලට පැවැත්මක් නැති බව බොදු බල සේනාව දෙස බැලීමේදී මනාව පැහැදිලි වෙයි.
හර්ෂණ තුෂාර සිල්වා
2015.05.26
හර්ෂණ තුෂාර සිල්වා
2015.05.26
Monday, May 18, 2015
අපි උතුරේ ජනතාවටත් උතුරේ ජනතාවටත් වෛර කරමු. එහෙයින් අපි කලින් කලට මරාගන්නවාට අමතරව, ජාතීන් ආගම් වශයෙන් බෙදී සටන්කරමු. අනෙකා කැත්ත මන්නය ගන්නා විට අපි ද ඊට නොදෙනිව තුවක්කු උණ්ඩවලින් සැරසෙමු. බාවනවා තොපි ඔක්කොම. අපි ආදරයෙන් පිරි, තුන් තිස් පැයේම පන්සල් යන, ඉස්ලාම් භක්තිකයෝ නොවරදාම සිකුරාදාට පල්ලි යන, කිතුනුවෝ හැම ඉරිදාම පල්ලි යන, හතර පෝයට සිල්ල ගන්න, ලවුඞ්ස්පීකර් දාලා බණ කියන, පිරිත් කියන, යාඥා කරන, පාපෝච්චරණය කරන, දෙවියෝ යදින, පොල් ගහන, පළතුරුවලින් කිරිවලින් නාවන, සත්තුන්ට අභය දානය කියා මරා දාන, රටක ජීවත් වෙමු.
ස දමාගෙන මැරීම හෙවත් සැමරීම
මා කියන්නට යන්නේ ත‍්‍රස්තවාදීන්
සැමරීම ගැන නොවන සලකන්න. දෙමළ ජාතිකයන් යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සැමරීම
වැරැුදි නම්, 71 කැරැුල්ලෙන් මියගිය පිරිස් සැමැරීම, 88 කැරැුල්ලෙන්
මියගිය පිරිස සැමැරීම ද වැරැුදිය. දේශද්‍රෝහීය. අද මහින්ද රාජපක්ෂ හිටපු
ජනපතිවරයා සහභාගී වූ උත්සවයද ඒ ආකාරයේම දේශද්‍රෝහි කි‍්‍රයාවකි. දෙමළ
ජාතිකයන් සිය මියගිය ඥාතීන් සැමැරීම දේශද්‍රෝහී කි‍්‍රයාවක් හෝ කොටින්ට,
ත‍්‍රස්තවාදයට අනුබල දීමක් වන්නේ නැත. ත‍්‍රස්තවාදයට හිස එසවීමට දීම ගැන
වෙනමම සොයා බැලිය යුතුය. එහෙත් කැරැුලි
වලින්, ගරිල්ලා යුද්ධය විසින්, කොටි ත‍්‍රස්තවාදීන් විසින් මරාදැමූවන්,
සෙබළුන් ආදී මියගිය සියලූ දෙනා සිහිකළ යුතුය. බෙදුම්වාදීන්ට එක් වූ බොහෝ
දෙනා ඊට එක්වූයේ ඇයි ද යන්න සොයා බැලිය යුතුය. එසේ එක් වී මියගිය අයගේ
ඥාතීන් අද ජීවත්වනවාට සැක නැත. කිසි දිනෙක ජයග‍්‍රහණයක් නොලැබෙන යුද්ධයකින්
යුද ජයග‍්‍රහණය යැයි සැමරීම හරහා සිදුවන්නේ ඔවුන්ගේ සිත් තුළ තව තවත් වෛරය
ඇති කිරීමයි. බෙදුම්වාදීන් යැයි හැඳින්විය හැකි පිරිස් එසේ කිරීමෙන්
සිදුවන්නේ හමුදා සාමාජිකයන්ගේ පවුල්වලට දුකක් දීමය. හෙට දිනයේදී කළ යුතු
හොඳම දෙය නම්, සහෝදරත්වය ආදරය වැපිරීමයි. යළි කිසිදිනෙක වර්ගවාදය,
ජාතිවාදය, බෙදුම්වාදය ඇතිනොවන අයුරින් අපි ආදරය වපුරමු. යුද්ධයක් නිම වීමේ
පී‍්‍රතිය සැමැරීම තරම් තවත් මිලේච්ඡු කි‍්‍රයාවක් නැත. දැන හෝ නොදැන
ත‍්‍රස්තවාදයට අනුබල දෙන්නේත් මනුෂ්‍යයන්ය. යම් විටෙක උතුරේ ජනතාවගෙන්
බහුතරය පීඩාව නිසාම ප‍්‍රභාකරන්ගේ අඩිපාරේ ගිය විය හැක. කැමැත්තෙන් එක්
වූවාද විය හැක. එසේ වන්නට හේතු සාධක අප සොය බැලිය යුත්තේ එහෙයිනි. උතුරේත්
දකුණේත් තරුණ අරගල ඇතිවූයේ සමාජ පීඩනය, ආත්ම ගරුත්වය, ආදී නොයෙක ගැටලූ
නිසාවෙනි. ප‍්‍රභාකරන් අරගලය පටන්ගන්නේ ද තරුණ වියේදීය.ඒ තරුණ අසහනය නොව අප
අද අත්විඳින ඔහුට නොති බූ නිසාය. ආදරය ගරුත්වය අභිමානය අවශ්‍ය වන්නේ
එහෙයිනි. වෛරීත්වයෙන් මිදිය යුත්තේ එහෙයිනි. 6 වැනි විරු සැමරුමවත්, යුද
ජයග‍්‍රහණය වත් නොව අප සැමරිය යුත්තේ ආදරයේ වපුරන දිනය යනුවෙනි. ජාතියේ
සහෝදරත්වයේ දිනය. සිරකරුවා මනුෂ්‍යයකු වන්නේ යම් සේද ත‍්‍රස්තවාදියාද
මනුෂ්‍යයෙකි.
හර්ෂණ තුෂාර සිල්වා
2015.05.18
2015.05.18
Thursday, May 14, 2015
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
‘‘ කරුණාකරලා යුද්ධය නවත්වන්න, මට ගොඩක් දුකයි, ප‍්‍රධාන පාර, අපේ නගරයේ ලස්සනම තැන. මම ඉස්කොලේ යන්න පොත් පත් ගත්තු තැන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ගෙවල් සම්පූර්ණයෙන්ම විනාශවෙලා. ගොඩනැගිලි මිනිස්සු නැතුව හිස්වෙලා.’’ මෙහෙම කියන්නේ යේමනයේ ඒඞ්න් නුවර නෙස්මා. නෙස්මගේ වයස අවුරුදු 13යි. නෙස්මගේ කතාව වාර්තා කරලා තිබ්බේ යුනිසෙෆ් සංවිධානය. ලෝකේ කිසිම රටක් ගන්න ඕනේ නැහැ. පහුගිය අවුරුදු 30 කාලේදී අපේ රටේ අපේ වයස කොච්චර යාළුවෝ මැරෙන්න ඇතිද ? ඉස්කොලේ යන්න විදියක් නැතුව ඉන්න ඇද්ද. අම්මා තාත්තා හමුදාවේ වැඩකරපු දරුවෝ කොච්චර වේදනාවකින් ඉන්න ඇද්ද. අපි ඉස්කෝලවලට යද්දි යාපනයේ අපේ වයස උන් අපිට කොච්චර වෛර කරන්න ඇද්ද. යුද්ධය සාමාන්‍ය ජනතාවගේ උවමනාවට ඇතිවන්නක් නොව, එය පාලකයන් උදෙසා තමන්ගේ පැවැත්ම උදෙසා කරගෙන යන්නකි. ගෙවුණ වසර විස්සේදී අපිට නැතිවූ දේ බොහෝය. ඉන් අපිට වැඩිපුරම අහිමි වුණේ අපේ යාළුවෝ, අපේ සම වයසේ උන්..අපිට නංගිලා මල්ලිලා වෙච්ච උන්, අක්කලා අයියලා වෙච්ච උන්..ගොඩක් තරුණයෝ හැමදේම දමලා ගහලා ගිහින් තුවක්කු බදාගත්තේ තමන්ගේ උන්ට හෙටක් තියෙයි කියලා හිතලා. අපිම අපිම මරාගත්තා මිසක් අපිට ලැබුණ දෙයක් නැහැ. අද ඒක හොඳටම දැනෙනවා. අපි අපිම මරාගත්තා. රටේ එහා කොනේ උනුයි මෙහේ කොනේ උනුයි මරාගත්තා. අද එහෙම මරාගත්තු , අණදුන්නු නායකයෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඇත්තටම ඒක හොඳයි. ඒත් තමන්ගේ දරුවෝ නැතිවුණ, අම්මා තාත්තා නැතිවුණ අයට මොනවද ලැබිලා තියෙන්නේ. අපි නැවත නැවත යුද සැමරුම කියලා කරන්නේ මොකක්ද ? දෙපැත්තේම අයගේ ඇස්වලට කඳුළු ගෙන්නන එක විතරයි. අවුරුදු තිහක් තිස්සේ බැට කාලත්, අපි අදත් කරන්නේ එකිනෙකාගේ බඩගෝසතරවාදී උවමනාවන්ට පිල් බෙදී කුලල් කා ගැනීමයි. අපිට පුංචි පරම්පරාව වෙනුවෙන් වත්, අපි බෙදෙන්නේ නැතුව, මිනිස්සු විදියට එකට හිටියොත් මේ පුංචි රටේ ලොකු වෙනසක් කරන්න පුළුවන්...........................Friday, May 8, 2015
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජනපතිවරණයෙන් පැරැුදුණ විගස කිව්වා මම
පැරැුදුණේ දෙමළුන්ගේ තම්බින්ගේ ඡුන්දෙන් කියලා. ඒත් දැන් බොදු බල සේනාව
නිසා මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව ඇතුළු සුළු ජාතීන් ඈත් වුණා කියලා මහින්ද
රාජපක්ෂ ප‍්‍රමුඛ කණ්ඩායම පුනා පුනා කියනවා. ඊයේ මුස්ලිම් නියෝජිත පිරිසක්
ජනපතිට සහාය පළ කළ බව පුවත් වාර්තා සඳහන් කළා. හිටපු ජනපතිවරයාට අනුව ඔහු
පැරැුදුණේ දෙමළ හා මුස්ලිම් ජනතාව නිසා. ඇයි දැන් තමා පරාජය කරපු අය සමඟ
ඉන්නේ. මිනිසුන් කුලප්පු කිරීමේ මෙරට දේශපාලනඥයන්ගේ කෙරුවාව රටේ ජනතාව
තේරුම් ගත යුතුය. අපේ මී හරක් කුලල් කා ගන්නේ අපේ සල්ලි ගසාකන්නට පිරිසක්
තෝරා පත් කරන්නටය. එහෙයින් මේ දූපත් මානසිකත්වයෙන් මිදී මිනිස්සු
සහයෝගයෙන් වැඩ කළ යුතුය. කන්න ඕනෑ වූ කබරගොයත් තලාගොයා කරගන්නා මෙරට
දේශපාලනඥයෙන්ගේ අමනකම් නැවැත්වීමට මෙරට ජනතාව පෙරට ආ යුතුය. එසේ නොවනතාක්
මේ රට දියුණු වන්නේ නැති අතර අපි විසින්ම පත්කරගන්නා හොරු රැුළකට අපේ මුදල්
ගසා ගන්නට ඉඩ දී අපි බලා සිටිමු. එය නැතිකරන්නට විල්පත්තුවේ තිරිසන්නු අපට
අවස්ථාවක් උදා කර දී ඇත. අහිංසක ගස් කොළං සත්තු දුන් අවස්ථාවෙන් මෙරට
දේශපාලනඥයෙන්ගේ අමනකම් නැවැත්වීමට කුහකකමින් තොරව පෙරට එමු.
2015.05.08
2015.05.08
Monday, May 4, 2015
බැඳීම් කියන්නේ මහ පුදුමාකාර දේවල්. අපි ජීවිතේ එකිනෙකාට ආදරය කරන විදිය
වෙනස්. දෙන්නෙක්ට එකපාර එකම විදියට ආදරේ කරන්නේ නැහැ. එහෙම කරන්නත් බැහැ.
අම්මා තාත්තා ගත්තත් පවුලේ සහෝදර සහෝදරියෝ ගත්තත් එකයි. අපි අම්මටයි
තාත්තටයි එකම විදියට ආදරය කරන්නේ නැහැ. එක්කෝ අම්මට ගොඩක් ආදරෙයි. නැත්නම්
තාත්තාට ගොඩක් ආදරෙයි. එහෙමත් නැත්නම් පවුලේ වැඩිමල්ම කෙනාට ගොඩක් ආදරෙයි.
එහෙම පවුල් අනන්ත අප‍්‍රමාණ තියෙනවා. සමහරු කතාවට කියන්නේ අපේ ලොකු අක්කා
තමා ඔක්කොම කළේ. අම්මා වගේ. ඒ ඒ ආදරය වෙනස්. එකිනෙකට වෙනස්. අම්මා
කියන සාධකය බොහෝ වෙලාවට වෙනස්. ආදරයේ සංකේතය. ඒ ආදරේ කවදාවත් වෙනස් නොවන
එකක්. තාත්තත් එහෙමයි. එතැනින් පස්සේ අපි විරුද්ධ ලිංගයේ කෙනකුට ආදරේ
කරනවා. ජීවි විද්‍යාත්මක ඒක එහෙමයි. අම්මා පුතාලට වැඩිපුර ආදරේ වෙන්නෙත්,
දුවලා තාත්තාලට වැඩිපුර ආදරේ වෙන්නෙත් ඒ ජීවි විද්‍යාත්මක සාධකය නිසා. අපි
වැඩිවියට පත්වුණාට පස්සේ ඒ විදියට විරුද්ධ ලිංගයේ ජීවිකයකුට ආදරය කරනවා.
සමහර ඒ පළමුවෙනි එකම මරණින් ඉවර වෙන්නත් පුලූවන්. කෙල්ලෙක්ට තාත්තාට වගේ
කොල්ලෙක්ට ආදරේ කරන්නත් බැහැ, කොල්ලෙක්ට අම්මට අක්කට නංගිට වගේ ආදරේ
කරන්නත් බැහැ. ඒ විදියට ආදරේ කරනවා නම් ඒක අවුලක්. සමහර විට අපිට වැඩිපුරය
ආදරය කරන අය අපි දැකලත් නැති වෙන්න පුලූවන්. අපි දැන දැනම අපිට ඈතින්
ඉන්නත් පුලූවන්. ඒකේ අනිත් පැත්තට අපි වැඩිපුරම ආදරේ කරන අය අඩුම තරමේ අපි
දැකලවත් නැහැ. හිතේ පැළපදියම් වෙච්ච එහෙම ආදරේ කෙනා අපි මැරෙන තුරු හම්බ
නොවෙන්නත් පුලූවන්. එහෙම නැතුව අපි වැඩිපුරම ආදරයක කරන අය අපිට ඈතින් අපිට
ළං කරගන්න බැරි දුරින් ඉන්නත් පුලූවන්. ජීවිතේ කියන්නේ බැඳීම්වලින් පිරුණු
පුදුමාකාර සංකීර්ණ කි‍්‍රයාවලියක්. ඒ කි‍්‍රයාවලියේදී අපි ආදරය කරන හැමෝම
අපේ ජීවිතවල නැතිවෙන්න පුලූවන්. හොඳම දේ ඉන්න මිනිස්සු එක්ක ආදරෙන් ඉන්න
එක. අපි වැඩිපුරම ආදරේ කරන අය මේ ලෝකෙන් යනවා ඇත්තටම හොඳයි. මොකද නැහැ
කියලා දන්නවා. ඒත් ඒ හැමෝම අපිත් එක්කම ජීවත්වෙනවා. පාරේදි තොටේදි මුණ
ගැහෙනවා. හොඳම දේ හිනවෙලා සංග‍්‍රහ කරන එක. ළඟ ඉන්න මිනිස්සුන්ට ආදරේ කරන
එක. යන මිනිස්සු ආයේ එනවානම්, කොච්චර හොඳද ?
හර්ෂණ තුෂාර සිල්වා
2015.05.04
2015.05.04
Friday, May 1, 2015
තවත් දවසක් ගත වූ තැන මේ මුලූ ලෝකයටම ආදරය ගැන කියාදුන්නු ආදරය කරපු
මනුෂ්‍යා වන බුදුන් වහන්සේ උපත බුද්ධත්වය පිරිනිවන් පෑම සමරනවා. බුුදුන්
වහන්සේ සෑම විටම දේශනා කළේ තමා උපමා කරගෙන කටයුතු කරන ලෙසය. අත්තානං උපමං
කත්වා, නහෙන්‍ය න ඝාතයේ යනුවෙනි. තමා උපමා කරගෙන අනුන් නෑසිය යුතුය
යනුවෙනි. අපට දැනෙන දුකම අනුන්ට දැනෙන බව උන්වහන්සේ සෑමවිටම දේශනා කළහ. අද
සමාජයේ බොහෝ තමාට මේ දෙය වුවහොත් දැනෙන්නේ කෙසේදැයි කිසිම අවස්ථාවක
සිටින්නේ නැත. පාලකයන්ගේ සිට පුංචි තැන දක්වාම සත්‍ය එයයි. ඊට කදිම උදාහරණය
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමන්ය. ඔහු තැනූ නීති කළ කී දෑ අවසානයේ ඔහුටම
පාරා වළල්ලක් විය. කෙසේ නමුත් මට කීමට අවශ්‍ය ව ඇත්තේ එය නොවෙයි. අප ගෞරවය
බලාපොරොත්තු වන්නේ කෙසේද අනෙකා ද ඒ ආකාරයෙන්ම ගෞරවය අපේක්ෂා කරයි. ඔබ ආදරය
දයාව කරුණාව අපේක්ෂා කරන්නේ කෙසේ ද? මුළු විශ්වයම ඒ හා සමානව ආදරය කරුණාව
අපේක්ෂාව කරන බව බුදුන් වහන්සේ දේශනා කළේ එහෙයිනි. අපට හිංසාව දුක දැනෙන්නේ
කෙසේ ද අනෙකාටත් එය එසේම දැනෙන බව අප තේරුම් ගත යුතුය. අපි මාර්ගඵල ලැබුවෝ
හෝ කිසියම් බලයක් ලැබූ අසාමාන්‍යය මිනිසුන් නොවෙමු. අපට බුදුන් වහන්සේ හෝ
ජේසුස් වහන්සේ හෝ එවැනි ශ්‍රේෂ්ඨයන් සේ මුළු ලෝකයට එක හා සමානව ආදරය කළ
නොහැක. නමුත් අපට අප උපමා කරගත් විට එය යම්තාක් දුරකට හෝ කළ හැකිය.
අසල්වැසියට පේ‍්‍රම කරන්නැයි ජේසුස් වහන්සේ වදාළහ. එහෙයින් අසල්වැසියාට
පේ‍්‍රමර කරන්න. ඔබ උපමා කරගෙන අනෙකාට හිංසා නොකර සිටින්න. ඔබට යමකු වෛර
කරන විටෙක පෙරළා ආදරය කරන්න. ඔහුට රිදවිය හැකි හොඳම ක‍්‍රමය වන්නේ ද එයයි.
ඔහුත් ඔබට පෙරළා ආදරය කරනු ඇත.
Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
May
(12)
- ඊයේ සිරස රූපවාහිනියේ විකාශය වූ සටන වැඩසටහන සහභාගි ...
- විද්‍යා
- මම බඩගින්න ලිව්වේ, ලියලා ගොඩක් වෙලා ගියේ නැහැ. ම...
- අද හවස වැඩට එද්දි හැමදාම වගේ මම බස් එකේ ජනේලයෙන්...
- විද්‍යා මේ ඔබ ගැන මතකයයි ____________________ 201...
- මේ රටේ තවත් යුද්ධයක් ඇතිවූවා නම්, එහි මූලික වගකීම...
- අපි උතුරේ ජනතාවටත් උතුරේ ජනතාවටත් වෛර කරමු. එහෙයි...
- ස දමාගෙන මැරීම හෙවත් සැමරීම
- වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
- මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජනපතිවරණයෙන් පැරැු...
- බැඳීම් කියන්නේ මහ පුදුමාකාර දේවල්. අපි ජීවිතේ එකි...
- තවත් දවසක් ගත වූ තැන මේ මුලූ ලෝකයටම ආදරය ගැන කියා...
-
▼
May
(12)