Friday, May 8, 2015

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජනපතිවරණයෙන් පැරැුදුණ විගස කිව්වා මම පැරැුදුණේ දෙමළුන්ගේ තම්බින්ගේ ඡුන්දෙන් කියලා. ඒත් දැන් බොදු බල සේනාව නිසා මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව ඇතුළු සුළු ජාතීන් ඈත් වුණා කියලා මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ කණ්ඩායම පුනා පුනා කියනවා. ඊයේ මුස්ලිම් නියෝජිත පිරිසක් ජනපතිට සහාය පළ කළ බව පුවත් වාර්තා සඳහන් කළා. හිටපු ජනපතිවරයාට අනුව ඔහු පැරැුදුණේ දෙමළ හා මුස්ලිම් ජනතාව නිසා. ඇයි දැන් තමා පරාජය කරපු අය සමඟ ඉන්නේ. මිනිසුන් කුලප්පු කිරීමේ මෙරට දේශපාලනඥයන්ගේ කෙරුවාව රටේ ජනතාව තේරුම් ගත යුතුය. අපේ මී හරක් කුලල් කා ගන්නේ අපේ සල්ලි ගසාකන්නට පිරිසක් තෝරා පත් කරන්නටය. එහෙයින් මේ දූපත් මානසිකත්වයෙන් මිදී මිනිස්සු සහයෝගයෙන් වැඩ කළ යුතුය. කන්න ඕනෑ වූ කබරගොයත් තලාගොයා කරගන්නා මෙරට දේශපාලනඥයෙන්ගේ අමනකම් නැවැත්වීමට මෙරට ජනතාව පෙරට ආ යුතුය. එසේ නොවනතාක් මේ රට දියුණු වන්නේ නැති අතර අපි විසින්ම පත්කරගන්නා හොරු රැුළකට අපේ මුදල් ගසා ගන්නට ඉඩ දී අපි බලා සිටිමු. එය නැතිකරන්නට විල්පත්තුවේ තිරිසන්නු අපට අවස්ථාවක් උදා කර දී ඇත. අහිංසක ගස් කොළං සත්තු දුන් අවස්ථාවෙන් මෙරට දේශපාලනඥයෙන්ගේ අමනකම් නැවැත්වීමට කුහකකමින් තොරව පෙරට එමු.
2015.05.08

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive