4.1
රට මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේදී ත් පසුගිය වසර ගණනාවකදී අප මුහුණ දුන් අර්බුද දෙස බැලීමේදීත් ප්‍රධාන කරුණු දෙකක් ඉස්මතු කළ හැකි ය.
එකක් ප්‍රශ්න දෙස බැලීමේදී ඒවා දැඩි ලෙස දේශපාලනීකරණය කිරීම
ය. අනෙක ප්‍රශ්න විහිළු බවට පත් කිරීම ය.
මනුෂ්‍යයෝ යනු දේශපාලන සත්වයෝ ය දේශපාලනයෙන් තොර ලෝක පැවැත්මක්
නැතැයි යනුවෙන් බුද්ධිමතුන් පවසා ඇත. ඔය අදහස දෙන ප්‍රකාශ ඔවුහු විසින් නිකුත් කරනු
ලැබ තිබෙති.
දේශපාලනීකරණය යන්නෙන් වඩාත් ම අදහස් කරන්නේ අපේ රටේ තිබෙන
පක්ෂ දේශපාලන අර්බුදයත්, අනෙකා වෙත බෝලය පාස් කිරීමත්, ව්‍යවස්ථාදායක ක්‍රියාවලියෙන්
ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියෙන් බැහැරට ගොස් සෑම කටයුත්තකට දේශපාලන ඇඟිලි ගැසීම්
කිරීම ය.
අනෙක් අතට පසුගිය කාලයේ ත් ඉතිහාසයේ ත් අප දුටු දෙයක් නම්
බිල්ලන් මැවීම ය. අනෙක වාමවාදී දක්ෂිණවාදී ලෙස හෝ වෙනත් ආකාරවලින් ලේබල් ගැසීම ය.
වත්මන් ආර්ථික අර්බුදය තුළත් අපට එය දක්නට ලැබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගමන් කිරීම සම්බන්ධයෙන් අපට
එය දක්නට ලැබිණි.
වත්මන් ආර්ථික අර්බුදය සැලකිල්ලට ගැනීමේදීත් ලිබරල් ආර්ථික
ප්‍රතිසංස්කරණ, ධනවාදය, වාමාංශික, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, යනාදී විවිධ දේශපාලන මතවාදවලින්
විසඳුම් සෙවීම ගැනත් විවේචනත් ඉදිරිපත් විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී.
ලක්ෂ්මන් මහතා ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ විවේචනය කළේ ය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝ ලිබරල් කල්ලිය
යනුවෙන් පිරිසක් ඉලක්ක කරගෙන පහර ගැසුවේ ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මහතා, එම ධුරයට පත් වූ අවස්ථාවේ දී ඔහු ලිබරල්වාදියකු යැයි ඇතැම් පිරිස් චෝදනා නැඟූහ.
දේශපාලන මත දැරීම ඔ්නෑම අයකුගේ අයිතියකි.
අනෙක් අතට මේ කිසිදු ක්‍රමවේදයක් සියයට සියයක් නිවැරැදි වන්නේ
නැති බවත් සියයට සියයක් වැරැදි වන්නේ නැති බවත් ලෝකය දෙස බැලීමේදී අපට බලාගත හැකි ය.
මේ කිසිදු ආර්ථික ක්‍රමවේදයක් සියයට සියයක් සාර්ථක නැති බවත්
ඒ කිසිවක් සියයට අසාර්ථක නැති බවත් වටහා ගත හැකි ය.
මේ නිසා ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී කළ යුත්තේ අප රටට
ගැලපෙන, ප්‍රායෝගික ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම ය.
මතවාදයකට අනුව ගමන් කරනවාට වඩා ප්‍රායෝගික වීම වැදගත් යැයි
මම විශ්වාස කරමි.
ඒ ඒ අවස්ථාවට ප්‍රායෝගිකව සිතා බලා ගන්නා කෙටිකාලීන, මධ්‍යකාලීන,
දිගුකාලීන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ, විසඳුම් සහ ප්‍රතිසංස්කරණ යමකුට ලිබරල් යැයි
ද තවත් අයකුට වාමාවාදී යැයි තර්ක කළ හැකි ය.
එහෙත් අදාළ අවස්ථාවේ ගත යුතුව තිබෙන සහ දීර්ඝකාලීනව අවදානම
අඩු වඩාත් උචිත පිළියම එය නම්, අදාළ පියවරේ වරදක් නැත.
මේ නිසා මේ අවස්ථාවේ දී දේශපාලනික මත පසෙක තබා ප්‍රායෝගික
විසඳුම් ගත යුතු ය. එහිදි කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන තත්ත්ව සලකා බැලිය යුතු
ය.
සරලවම ස්වොට් (SWOT – Strengths, weaknesses, opportunities and threats / ශක්තීන්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන) විශ්ලේෂණයක් කළ හැකි ය.
අනෙක් අතට කාලයක් මුළුල්ලේ අප කරන බරපතළ වරදක් තිබේ.
දේශපාලන තන්ත්‍රය තුළ තිබෙන මෙම බරපතළ මතවාදී ගැටලුවත්,
ඇතැම් විශේෂඥයන් විවිධ පක්ෂවලට පක්ෂපාතී යැයි සිතා ලේබල් ගැසීමත් නිසා දේශපාලනඥයන්
විශේෂඥ මත ඉවත දැමීම ය.
ඇතැම් විට විශේෂඥ මත අනුව ප්‍රායෝගිකව කටයුතු කිරීම මදිකමක්
යැයි හීනමානයෙන් ද ඇතැම් දේශපාලනඥයෝ පෙළෙති.
අනෙක විශේෂඥ මත විමසීමෙන් තමන්ට පෞද්ගලිකව ලැබෙන ප්‍රතිලාභ
නොලැබී යෑම ය.
අනෙක් අතට විශේෂඥ කමිටු කියා පත් කරන්නේ කිසිදු විශේෂඥ දැනුමක්
නොමැති තමන්ට හිතැති පිරිස් ය.
අර්බුදයට විසඳුම් සෙවීමට පෙර අප විසඳාගත යුතු මූලික ප්‍රශ්න
ගණනාවක් ම තිබේ.
මෙම මූලික ප්‍රශ්න විසඳාගන්නේ නම් ආර්ථික අර්බුදයට විසඳුම්
සෙවීම ඉතා පහසු ය.
එහෙත් ප්‍රතිඵල ලැබීමට නම් කාලයක් බලා සිටිය යුතු ය. ඉවසීමෙන්
කටයුතු කළ යුතු ය. නිරන්තරයෙන් යහපත් දෑ කළ යුතු ය.
කාටූනය අවන්ත ආටිගල
https://www.facebook.com/PoliticalCartoonsLKA/photos/a.472114272913538/2621147138010230

