Showing posts with label චීනය. Show all posts
Showing posts with label චීනය. Show all posts

Wednesday, June 23, 2021

චීන කතා අංක 01

 


චීන කතා අංක 01

 

අපේ රටේ නිර්මාණය වෙලා තියෙන දේශපාලන සංස්කෘතිය දිනෙන් දින මේ රට අගාධයට ඇද ගෙන යනවා මිසක් වෙනින් දෙයක් නම් වෙන්නේ නෑ. එකක් තමයි රැල්ල විරුද්ධ වීමේ සම්ප්‍රදාය. එම්.සී.සී. ගිවිසුමට ඒක කියවන්නෙ වත් නැතුව දක්වන විරෝධය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හෝ එහි ස්වභාවයට ඒවායේ වාර්තාවලට කියවන්නේ නැතුව දක්වන විරෝධය. සාම්ප්‍රදායික නැතිනම් රැල්ලට යන්නනං වාලේ ඇති වෙන ඇමෙරිකානු, ඉන්දියානු හෝ චීන විරෝධය. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දක්වන විරෝධය.

අනෙක් ප්‍රධානම කාරණය නම් වැරැදි වැරැදියි නොකීම. හරි නං හරියි නොකීම. තමන් සහාය දක්වන ඡන්දේ දෙන තමන් කැමැති දේශපාලනය මොන දේ කළත් හරි වෙන සහ විරුද්ධ පාර්ශවය මොන දේ කළත් වැරැදි කියන දේශපාලනය.

හොඳම උදාහරණය තමයි සුවසැරිය. මේ ආණ්ඩුව කාලයේත් ගිය ආණ්ඩුව කාලයේත් මේවාට හොඳට උදාහරණ තියෙනවා.

චීන විරෝධයත් ඒ වගේ දෙයක් තමයි.

අනෙක් කාරණය තමයි මේ රටේ දේශපාලනඥයෝ රටේ ප්‍රශ්න හයිජැක් කිරීම. රටේ සැබෑවටම තියෙන ප්‍රශ්නවලට විවිධ අර්ථකථන දීම. පොහොර ප්‍රශ්නය හොඳම උදාහරණයක්.

පහුගිය ආණ්ඩුව කාලේ අපි මේ වගේ මෝඩ වැඩක් කරලා තේ අපනයනය වට්ට ගත්තා. තේ කර්මාන්තය අනෙක් පැත්ත බලපෑවා.

රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් බරපතළ ගැටලු තියෙනවා. මේක අද ඊයේ පටන් ගත්තු ප්‍රශ්නයක් නෙමෙයි.

මේක පටන් ගන්නේ 1950 1960 දශකය දක්වා යනවා.

ඒ නිසා ප්‍රශ්නවලට විසඳුම් හොයන්න යම් කිසි ක්‍රමවේදයකට.

අනෙක් හොඳම උදාහරණය මේ පහුගිය කාලයේ ලොක්ඩවුන්.

එදාවේල හොයාගන්න මිනිස්සුන්ගේ ආර්ථිකය කියලා අවශ්‍යම මොහොතේ රටේ වැහුවේ නෑ. පස්සේ වැඩේ වැරැදුණු නිසා රටේ වැහුවා. අන්තිමට එදාවේලා හොයාගන්න මිනිස්සුන්ට තමයි කීයක්වත් හොයාගන්න බැරි වුණේ.

මේ වගේ දේශපාලනඥයන්ගේ මෝඩ තීන්දු තීරණ නිසා අපේ මිනිස්සු පුදුම විදියට අමාරුවේ වැටෙනවා.

ඉතිං මේක එක ආණ්ඩුව ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. නිදහසෙන් පස්සේ හැම ආණ්ඩුවකින්ම වෙච්ච දෙයක්.

චීන විරෝධය ගත්තොත්.

චීනය සම්බන්ධයෙන් කතා කරද්දි අපි අවබෝධ කරගන්න අවශ්‍ය දෙයක් තමයි, ලෝක මාධ්‍යයේ හැසිරීම.

මේ මෑතකදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා වියෝන් නාලිකාවට දුන්න සම්මුඛ සාකච්ඡාව.

මගේ පෞද්ගලික අදහස නම් විපක්ෂ නායකවරයා ඒ පිළිතුරු ලබාදුන්නු විදිය රාජ්‍ය තාන්ත්‍රිකයි කියන එක.

ඒක මේ ආණ්ඩුව විරෝධී අයගේ සතුට හේතු නොවෙන්න පුළුවන්. ආණ්ඩුවට හිතවත් අය කියන්න පුළුවන් ඉංග්‍රීසි පාඩමක් කළා කියලා. එහෙම නමුත් රටක් නියෝජනය කරන පුද්ගලයෙක් විදියට රටේ විපක්ෂ නායකවරයා විදියට ඒ උත්තරය රාජ්‍ය තාන්ත්‍රිකයි.

මොකද සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් ආවොත් ඒ ආණ්ඩුවටත් චීනය එක්ක වැඩ කරන්න වෙනවා.


ඡායාරූපය මෙතැනින් https://tinyurl.com/58cvex7e

Thursday, July 19, 2018

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපිය සම්බන්ධයෙන් කතාබහ තවමත් අවසන් වී නැත. ඒ සම්බන්ධයෙන් විවාදයක් අද (19) ද පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.  

නිව්යෝක් ටයිම්ස් ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට පෙර ලෝකය කොටස් දෙකකට බෙදෙන බව අප තේරුම් ගත යුතුය. එහිදි ලෝකය බටහිර ලෙසත් පෙරදිගත් ලෙසත් වෙන් කෙරේ. කලක් බලයේ පසුවූයේ චීනය ඉන්දියාව ප්‍රමුඛ පෙරදිග කලාපයයි. ඉන් අනතුරුව ඇමෙරිකාව මූලික කරගත් බටහිර ලොව බලවතුන් බවට පත්විය. එම බලය නැවතත් ආසියාවට එනම් පෙරදිගට පැමිණෙමින් තිබේ. ලෝකයේ බලය එසේ බෙදෙන විට මාධ්‍යය, චින්තනය, වෛද්‍ය, අධ්‍යාපන යන අන් ක්ෂේත්‍ර ද බටහිර සහ පෙරදිග යනුවෙන් බෙදීමකට ලක්වේ.

ලොව සම්මානිතම සහ විශ්වාසනීයම පුවත්පතක් ලෙස සැලකෙන නිව්යෝක් ටයිම්ස් පුවත්පත බටහිරට අයත් පුවත්පතකි. කෙසේ නමුත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත ආසියාවේ වංචා දූෂණ පමණක් නොව බටහිර වංචා දූෂණ ප්‍රශ්න කළ, හෙළිදරවු කළ අවම පක්ෂපාතීත්වයක් පවත්වාගෙන යන සහ ගිය පුවත්පතක් ලෙස පෙන්වාදිය හැකිය. කෙසේ නමුත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වුවත් බටහිර බල කේන්ද්‍රයේ අවියක් මෙන්ම බටහිර විවිධ න්‍යායපත්‍රවලට ගොදුරු විය හැකි හෝ එවැනි සම්භාවිතාවක් තිබෙන බව අප පිළිගත යුතුය. නිව්යෝක් ටයිම්ස් හි පළවූ පුවතේ සත්‍ය අසත්‍ය බව විමසීමක් මින් බලාපොරොත්තු වන්නේ නැත.
ඉන් අනතුරුව චීන සබඳතා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වටී. වත්මන් චීනය එසේත් නැතිනම් මහජන චීන සමූහාණ්ඩුව සමඟ අප රාජ්‍ය තාන්ත්‍රක සබඳතා ආරම්භ කළේ 1950 දශකයේදීය. තායිවානය නොසලකා හරිමින් මහජන චීන සමූහාණ්ඩුව සමඟ සබඳතා ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුය. ඉන් අනතුරුව පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු ද චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ඇත. චීනය සමඟ අපේ සබඳතා වසර දහස් ගණනක් පැරැණි බව ද අමතක නොකළ යුතුය.

අනෙක් අතට ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව. මේ රටවල් දෙකම අප සමඟ නිදහස ලැබූ අවධියේ සිටම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වයි. ඇමෙරිකා එක්සත් ජනපදය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළයි. ශ්‍රී ලංකාව 2016 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය කරන ලද අපනයනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 2.88කි. එහි දෙවැනි තැන එක්සත් රාජධානිය වන අතර තුන්වැනි පසුවන්නේ ඉන්දියාවයි. අප ඉන්දියාවට කරන ලද අපනයනවල වටිනාකම ඩොලර් මිලියන 800කි.

මෙරට ප්‍රමුඛතම ආනයන වෙළෙඳපොළ වන්නේ ඉන්දියාව වන අතර දෙවැනි තැන චීනය පසුවෙයි. ඉන්දියාවෙන් කරන ලද ආනයනවල වටිනාකම ඩොලර් බිලියන 4.36ක් වනවිට චීනයෙන් කරන ලද ආනයනවල වටිනාකම ඩොලර් බිලියන 4කි.
චීන ණය උගුල. චීන ණය උගුල චීනයේ අර්ථයෙන් ගත්විට, එය බටහිර විසින් නිර්මාණය කරන ලද්දක් යැයි බටහිර පවසයි. මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේදී බටහිර මාධ්‍යවල විශාල වශයෙන් ලිපි පළවිය. චීනය අනෙක් රටවල දුර්වල ස්ථාන හඳුනා ගනිමින් එම රටවලට ණය දෙමින් එම රටවල් ණය උගුලක හසු කරගන්නා බව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ එම රටවල මාධ්‍ය චෝදනා කරයි. එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන චීනය තමන් අසල්වැසි රටවල් ද එකතු කරමින් සහයෝගීතා සංවර්ධනයක් කරා ගමන් කරන බව චීනය ප්‍රකාශ කරයි.

අද වන ලෝකයේ ‘සල්ලිකාරයා’ බවට පත්ව ඇත්තේ චීනයයි. මේ වසරේ මාර්තු මාසය වනවිට ඇමෙරිකාව චීනයට ගෙවිය යුතු ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් ටි්‍රලියන 1.69කි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන තෙවැනි අපනයන වෙළෙඳපොළ චීනයයි. එරටට කරන අපනයනවල විටනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 122කි. ඇමෙරිකාවේ ප්‍රධාන ආනයන වෙළෙඳපොළ චීනය අතර එම වෙළෙඳාමේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 436කි.

චීනය දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් දියත් කරමින් සිටී. චීනය තම ආර්ථික බලය ව්‍යාප්ත කරමින් සිටී. අනෙක් අතට ඉන්දියාව ද නැගී එමින් සිටී.

කෙසේ නමුත් චීනය ණය දෙන ආකාරය, ඔවුන්ගේ පොළී අනුපාත සම්බන්ධයෙන් විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටලු ඇත. එසේ වුවත් එම ගනුදෙනු විනිවිදභාවයෙන් කරගැනීමට ලංකාව වැනි රටවල රාජ්‍ය නායකයන් ක්‍රියා කළ යුතුයි.

සංවර්ධනය කරා යන ඉදිරි ගමනේදී අපට ඇමෙරිකාව, චීනය මෙන්ම ඉන්දියාව ද අවශ්‍ය වේ. අපට පෙනෙන්නට ඉන්දියාව, චීනය හා ඇමෙරිකා එකිනෙකා වාග් ප්‍රහාර එල්ල කරගත්ත ද ඔවුන් අතරේ සිදුවන වෙළෙඳාම අප සහ එම රටවල් අතර වන වෙළෙඳාම මෙන් සිය ගුණයකි. දහස් ගුණයකි. එම නිසා තෝරු මෝරුන්ගේ බල අරගලයේ කොටස්කරුවන් නොවී එම රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සහ බුද්ධිමත් වීමෙන් තොරව අපට ඉදිරි ගමනක් නැත.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ විදේශ ප්‍රතිපත්තියේදී හැරෙන්නට නිදහසින් පසු මුල් කාලයේදී හැරෙන්නට පත් වූ සෑම ආණ්ඩුවක්ම ඇමෙරිකාවට, චීනයට හෝ ඉන්දියාවට වරින් වර වැඩි හිතවත්කමක් පෑවේය. ඒ නිසා බලවතුන් තිදෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අපේ රටේ අනාගතයට හොඳය. එහෙත් මේ රට විනාශ කර දමමින් සිටින පක්ෂ දේශපාලනය ඊට ඉඩ තබනු ඇත් ද යන්න සැක සහිතය.

මූලාශ ඇට්ලස් මීඩියා, ද බැලන්ස්


ඡායාරූපය රොයිටර්



‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive