මේ රටේ පාලකයන්ගේ දෙබිඩි පිළිවෙත් තේරුම් ගත යුතු බවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව වැරැදි දේ වැරැදි ලෙස දැකීමටත් නිවැරැදි නිවැරැදි ලෙස දැකීමටත් පුරුදු විය යුතු බව අප හැමදාමත් අවධාරණය කළ කරුණකි. තමන් කරන විට හරි වනවිටත් අනෙකා කරන විටදී වැරැදි බව කියන දේශපාලන පිටුදැකිය කළ යුතු බව අපි හැමදාමත් අවධාරණය කළෙමු. මහින්ද රාජපක්ෂ මහතා හරි දෙයක් කළ විට හරිය. වැරැදි නම් වැරැදයි. රනිල් වික්‍රමසිංහට, මෛත්‍රිපාල සිරිසේනට මෙන්ම අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු සියලු දෙනාට එහි වෙනසක් නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත. වරදක් නැත. පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තුවට කරු ජයසූරිය මහතා පිළිබඳ පැමිණිලි කරන බව ඩලස් අලහප්පෙරුම මහතා කීවේය. වරදක් නැත.
එහෙත් තමන් කරන විට හරි වෙන්නත් තමන් නොකරන විට විරුද්ධ පාර්ශවය කරන විට වැරැදි වන්නටත් ඉඩක් නැත. එසේ නොවිය යුතුය. ජනතාව සත්‍ය තේරුම් ගත යුතුය. කවුරුන් කළත් වැරැදි නම් වැරැදිය. හරි නම් හරිය.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Friday, November 23, 2018
Friday, November 16, 2018
එම සාපයෙන් හෝ මිදෙන්නට උත්සාහ කරන්න
2018.11.16
මෛති‍්‍රපාල සිරිසේන
අතිගරු ජනාධිපති
ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජය
ජනාධිපතිතුමනි,
දින ගණනාවක් මුළුල්ලේ පවතින අස්ථාවර, අශ්ශීල, නින්දිත හා කනගාටුදායක තත්ත්වය මධ්‍යයේ මෙසේ ලියන්නට කල්පනා කළෙමි. ලිපිය ලියන්නට සරල බස් වහරක් සහ තාක්ෂණික වචන අඩුවෙන් යොදගන්නටත් මා කල්පනා කළ අතර එය ඔබේත් මගේත් පහසුවට හේතුවනු ඇත. යම්කිසි අවිනිශ්චිත, තේරුම් නොයන කරුණක් ඇති නම්, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, ඔබේ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක සහ ඔබ වටා සිටින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සිත් සේ අර්ථකතන දෙන නීති විශාරදයන්ගෙන් අර්ථකතන ගෙන තේරුම් ගන්නැයි ඉල්ලා සිටිමි.
මීට සති තුනකට පෙර ඔක්තෝබර් 26 වැනිදා සිකුරාදා පස්වරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයේ පිහිටුවීමට ඔබ කටයුතු කළේය. ව්‍යවස්ථානුකූලව, නීත්‍යනුකූලව මෙන්ම සදාචාර සම්පන්න ලෙසද එය වැරැුදි කි‍්‍රයාවක් බව ඔබත්, ඔබ වටා සිටින ඔබට උපදෙස් දෙන සියලූ දෙනාත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායමේ සියල්ලෝමත් දන්නා බව රහසක් නොවේ. එය තමන් තමන්ගේ හෘදය සාක්ෂිය විසින්ම පවසනු ඇත. කෙසේ නමුත් ඔබත් ඉහත කී කිසිවකුත් එය පිළිනොගන්නා බව මම දනිමි. ඔබ හෝ ඉහත කී කිසිවකුවත් එය ප‍්‍රසිද්ධියේ නොපවසන බව ද මම දනිමි. මම පමණක් නොවන තවත් බොහෝ දෙනා එය සක් සුදක් සේ දනිමි.
ඔබ රනිල් වික්රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරන්නේ ඔහුත් සමඟ තිබෙන පෞද්ගලික අමනාපයක් නිසා බව දැන් හොඳින් පැහැදිලිය. ඔබ ඔහුට පෞද්ගලිකව අගමැති වූ පමණින් සිතු සිතූ පරිදි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ නොහැක. ඔබට අවශ්‍ය වෙලාවට අගමැතිවරයා ඉවත් කිරීමටත් අගමැතිවරයකු පත් කිරීමටත් නොහැක. ඒ සඳහා නිසි ක‍්‍රමවේදයක් ඇත. මෙය ලියන මම කිසිදු අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂයට ඡුන්දය ප‍්‍රකාශ කර නොමැති අතර එම පක්ෂයේ පාක්ෂිකයකු හෝ රනිල් වික‍්‍රමසිංහවාදියකු ද නොවේ. ඒ නිසා අග‍්‍රාමාත්‍යවරයකු පත් කරන ආකාරය මෙන්ම ඉවත් කරන ආකාරය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇත. අනෙක් අතට එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වූ පමණින් කැබිනට් මණ්ඩලය විසිරී යන්නේ නැත. පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂය සහ අනෙකුත් පක්ෂ එකතු වීමෙන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය වන අතර වත්මන් පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය. එසේත් නැතිනම් එක්සත් ජාතික පෙරමුණටය. ජාතික ආණ්ඩුව නිර්මාණය වන්නේ ඒ අනුවය. එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ මුස්ලිම් කොංග‍්‍රසය ජාතික ආණ්ඩුවේ පාර්ශවකරුවෝ වන්නාහ. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වූ පමණින් කැබිනට් මණ්ඩලය හෝ ජාතික ආණ්ඩුව විසිරී යන්නේ නැත.
මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ සිට ඔබ ගන්නා ලද කි‍්‍රයාමාර්ග සියල්ලම වැරැුදියි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණිය. අනීතිකය. සදාචාර විරෝධීය.
මට මහින්ද රාජපක්ෂ සමඟ කිසිදු පෞද්ගලික අමනාපයක් නොමැත. තිස් වසරක යුද්ධය අවසන් කිරීමේදී ඔහුගේ දේශපාලන නායකත්වය අගය කළ යුතුය රතන ස්වාමීන් වහන්සේ සහ ජනතා විමුක්ති පෙරමුණ යුද වදිමි යැයි කීවට මහින්ද රාජපක්ෂ මහතා යුද්ද කරන්නේ ලබ්බෙන්ද ඇසූ බව දේශපාලන සමාජයේ පවතින ප‍්‍රසිද්ධ රහසකි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආණ්ඩුව, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා, සරත් ෆොන්සේකා නැමැති හමුදාපතිවරයා, රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ විපක්ෂය, මෙරට ජනතාව සහ මෙරට ති‍්‍රවිධ හමුදාව සිවිල් යුද්ධය, යුදමය වශයෙන් අවසන් කළේය. එහි ගෞරවය එම වකවානුවේදී මෙරට ජීවත් වූ සෑම පුරවැසියකුටම, කුඩා දරුවකුටම සහ මවුවරුන්ගේ ගර්භාෂවල සිටි එකිනොකී සියලූ දෙනාට හිමිවිය යුතුය. එහෙත් එයින් වඩාත් ඉදිරියට පැමිණෙන්නේත් කීර්තියට පත්වන්නේත් දේශපාලන නායක්තවයයි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සන්නාමයක් බවට පත්වෙන්නේ එතැන් සිටය. අදටත් ඔහු ශ්‍රී ලංකාවේ ජනපි‍්‍රයතම දේශපාලනඥයා වන්නේය. අනුසහ් ඇති නායකයා වන්නේය. සිවිල් යුද්ධය යුදමය අවසන් කිරීමේ ගෞරවය මෙන්ම රට තුළ ධනාත්මක, ස්ථාවර සහ තිරසර සාමයක් ඇති කරමින් රට සංවර්ධනය කරා ගෙන යෑමට මහින්ද රාජපක්ෂ මහතාට ස්වරණමය අවස්ථාවක් හිමිව තිබිණි. එහෙත් ඔහුත් ඔහුගේ කි‍්‍රයාමාර්ගත් නිසා ඔහුගේ දෙවැනි ධුර කාලයේ ඔහුට හිතැති බොහෝ දෙනාගෙන්ම ඔහුට විරෝධය එල්ල වන්නට විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් තම දෙවැනි ධුර කාලයේ වසර දෙකක් තිබියදීම ජනාධිපති ධුරයෙන් ඉවත් ව යෑමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවිය.
එහි ප්රතිඵලයක් ලෙස ඔබ, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පත්විය. ඔබට ඡුන්දය දුන් මම ද ඇතුළු සමස්ත ජනතාව එසේ ඡුන්දය ප‍්‍රකාශ කරන්නේ ලද්දේ ඔබට ඇති කැමැත්තක් නිසා මහින්ද රාජපක්ෂ පාලන සමයේදී, විශේෂයෙන්ම දෙවැනි ධුර කාලයේ අවසන් සමයේදී සිදු වූ විනාශයට විරෝධය පළ කිරීමක් ලෙසය. අනෙක් අතට එය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වීමක්, දේශපාලන ප‍්‍රතිපත්ති සම්බන්ධ කාරණාවකි. අදටත් මහින්ද රාජපක්ෂ මහතා යනු මගේ පෞද්ගලික පි‍්‍රයතාව ඇති දේශපාලනඥයෙකි. ඔහුත් සමඟ මට කිසිදු පෞද්ගලික අමනාපයක් හෝ වෛරයක් නොමැත.
හැට දෙලක්ෂයක් ජනතාව ජනවාරි 8 වැනිදා ඔබට ඡුන්දය දුන්නේ ප‍්‍රතිසංස්කරණ කරමින්, යහ සමාජයක්, සාධාරණ සමාජයක්, යහපාලනයක් ගෙන එමින් යහපත් රටක් ඇති කිරීමට අඩිතාලම දැමීමටය. පසුගිය වසර තුනක කාලයේදී ජනතාවගේ කුසට දැනෙන යමක් සිදු නොවූවද රටේ අනාගතයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට හේතුවන අණ පනත් කිහිපයක්ම සම්මත වූ බව සිහිපත් කළ යුතුය. කෙසේ නමුත් ඔබත්, රනිල් වික‍්‍රමසිංහ මහතාත් 2015 වසරේ ජනවාරි 9 වැනිදා සිටම ජනවරමට පිටුපාමින් කටයුතු කළ බව සිහිපත් කළ යුතුය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මහ බැංකුවේ වංචා ¥ෂණ සිදු වූ බව නොරහසකි. බැඳුම්කර වංචා සිදු වූ බව නොරහසකි. එහෙත් 2015 ජනවාරි 8 වැනි දිනෙන් පසුත් එම කි‍්‍රයා අඛණ්ඩව සිදුවිය විය. අද එක්සත් ජාතික පක්ෂය පසුපස එන්නේ එම කරුමයයි.
‘සිරිසේනxවික‍්‍රමසිංහ’ ජාතික ආණ්ඩුව කරන ලද සෑම හොඳ, රටට හිතකර යහපත් කි‍්‍රයාවකම ගෞරව ඔබ දෙපළට හිමිවිය යුතුය. ඒ පිළිබඳව විවාදයක් නොමැත. කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙසත්, රටේ නායකයා ලෙසත් වැරැුදි තීරණ සියල්ලේ වගකීම ද ඔබ ඇතුළු එම ආණ්ඩුවේ සියලූ දෙනාම බාර ගත යුතුය. එයින් බැහැර වීමට ඔබට කිසිසේත්ම නොහැකිය. මේ කරුණු සියල්ල මධ්‍යයේ පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ඔබ ගන්නා ලද තීරණය මේ රට අර්බුදයෙන් අර්බුදයකට ඇද දැමීය. පසුගිය දින දෙකක කාලයේදී පාර්ලිමේන්තුවේ හැසිරීම ලැජ්ජා සහගතය. නින්දිතය. අශීලාචාරය. මේ තීරණය වෙමින් තිබෙන්නේ ඔබේ අනාගතය නොව අපේ අනාගතය බව අවධාරණය කරනු කැමැත්තෙමි.
මහින්ද රාජපක්ෂ මහතා ජනතා ඡුන්දයෙන් හෝ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්තෙන් රටේ අගමැති ධුරයට පත්වන්නේ ද එසේ විය යුතුය. ඒ පිළිබඳව මගේ කිසිදු විරෝධයක් නැත. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලූ දෙනාගේ කැමැත්ත ද එයයි. මහින්ද රාජපක්ෂ මහතා නොව, පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම අයකුට වුවද අග‍්‍රාමාත්‍ය ධුරයට පත්විය හැකි නමුත් ඒ සඳහා අනුගමනය කළ යුතු නිශ්චිත ක‍්‍රමවේදයක් තිබේ. ඒ නිසා අග‍්‍රාමාත්‍යවරයකු ඉවත් කරන්නේ ද පත් කරන්නේ ද යන්න තීරණය කළ යුතු ක‍්‍රමවේදයක් තිබේ. පෞද්ගලික අමනාපකම් මැද අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම හෝ පත්කිරීමට ඔබට හැකියාවක් නැත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔබ ගත් තීරණය ද වැරැුදිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණිය. නීතිවිරෝධීය. සදාචාර විරෝධීය. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූයේ මැතිවරණයක් පැවැත්වීමට විරුද්ධව නොව අනීතික, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා සදාචාර විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධවය. පසුගිය සති තුනක කාලයේදී ඔබ ගන්නා ලද තීරණ නිසා මේ රට අවුලෙන් අවුලට පත්ව ඇත.
නිසි ක‍්‍රමවේදවලට අනුව අග‍්‍රාමාත්‍යවරයකු පත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා මහ මැතිවරණයක් පැවැත්වීමට මමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරනු කිසිවකුත් විරුද්ධ නැත. අනෙක් අතට මේ රටේ සර්ව සුබ, සර්ව සම්පූර්ණ හා පාරිශුද්ධ දේශපාලනඥයන් නැත. එබැවින් මහින්ද රාජපක්ෂ මහතා නිසි ක‍්‍රමවේදවලට අනුව අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන අපට ගැටලූවක් නැත.
දැන් ලියන්නට තිබෙන්නේ හොඳම හරියයි. එය කෙටියෙනුත්, සරලවත් ලියා තබමි. මේ ලිපිය ලියන අද වනවිට මගේ වයස අවුරුදු 25කුත් මාස 7කුත් දින කිහිපයක් ගෙවී ගොසිනි. අපි රාජ්‍ය සේවය, සෞඛ්‍ය, අධ්‍යාපන, පොදු ප‍්‍රවාහනය යනාදි සියල්ලේ සිටම කලකිරීමට පත්ව ඇති ජාතියක් වන්නෙමු. රටේ සියලූ ක්ෂේත‍්‍ර වලපල්ලට ගොසිනි. මේ රටේ ජනතාව විශේෂයෙන්ම තරුණ ප‍්‍රජාව රට පිළිබඳව, රටේ රාජ්‍ය සේවය ඇතුළු සියලූ ක්ෂේත‍්‍ර පිළිබඳව කලකිරීමට පත්ව සිටිමු. එසේ තිබියදී වුවද අපි යහපත් රටක් ගැන බලාපොරොත්තු තබා සිටිමු. රටට ආදරය කරමු. රට ගැන අපට තිබෙන කලකිරීමට පක්ෂ විපක්ෂ භේදයක් නැත. ආගම්, කුල, මල භේදයක් නැත. බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ මේ රටින් පිටවීමය. ආසියානු පවුල් පසුබිම තුළ අම්මා තාත්තා හා ආදරණීයයන් අත්හැර යාම පිළිබඳ ප‍්‍රශ්නය නොවන්නට මේ රටේ තරුණ ප‍්‍රජාවගෙන් වැඩි දෙනා මේ රටින් නික්ම ගොසිනි. අනෙක් අතට සාමාන්‍ය පුරවැසියකුට විදේශ ගත වීම ද සුළු පටු නොවේ. එවැනි තත්ත්වයක් තුළ මැති ඇමැතිවරු කැස්සට හෙම්බිරිස්සාවට ද හිටි හැටියේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් යති.
අද විනාශයෙන් විනාශයට ගමන් කරමින් තිබේ. එකී විනාශය ඉක්මන් කිරීම සඳහා ඔබ පාර පෙන්වා ඇත. මහින්ද රාජපක්ෂ පාලන සමයේ අවසන් භාගයේදී වේගයෙන් ද සිරිසේනxවික‍්‍රමසිංහ සමයේදී නැවතත් වේගයෙන් ද රට වළපල්ලට යමින් තිබේ. අද ඔබ ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රී‍්‍රවරුන් 225 දෙනා සහ ප‍්‍රාදේශීය සභාවේ සිට පළාත් සභාව දක්වාත් රාජ්‍ය නිලධාරීනුත් ලැජ්ජා සහගත ලෙස සෙල්ලම් කරමින් සිටින්නේ අපේ අනාගතය සමඟය. අපට පසු පරම්පරාවල අනාගතය සමඟය. මේ රටේ නූපන් පරම්පරාවල අනාගතය සමඟය. අපි ඔබ ගැන අපි ගැනත් ලැජ්ජා විමු. අපට පෙර පරම්පරාවල නිහඬ බව සහ මුග්ධ බව නිසා අද අපට මෙවැනි රටක් උරුම වී තිබේ. එසේ විනාශයට පත් වූ රටක ද වුවද අපි ආදරය කරන්නේ තුවාල සුවපත් කරගැනීමට හැකියාවක් තිබෙන නිසාය. අපි ජීවත් වන්නේ පුස්තකාලයකට ගිනි තැබූ රටකය. ආගමික ස්ථානවලට බෝම්බ ගැසූ රටකය. මේ සියල්ලට හේතුව පාලකයන් සහ නිහඬ හා මුග්ධ වැඩිහිටි පරම්පරාවල හැසිරීමය. පාලකයන්ගේ කැලෑ පාලනයේ ප‍්‍රතිඵලය. එහි ප‍්‍රතිඵල ලෙස ආවේගශීලි තරුණයන්ගේ කැලෑ හැසිරීමය.
මෙවැනි තත්ත්වයක් මැද මේ අර්බුදය කඩිනමින් විසඳන්නැයි මම ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තරුණයන්ගේ කැලෑ හැසිරීමකට ඉඩ නොතබන්න. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුවත්, නීතිගරුක් ලෙසත් සදාචාර සම්පන්න ලෙසත් මෙම අර්බුදය විසඳා ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පවත්වන්නැයි ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
අප නැතත්, නූපන් පරම්පරා අපටත් ඔබටත් අප සියලූ දෙනාගේ හත්මුතු පරම්පරාවලටත් සාප කරනු ඇත. මට නම් නූපන් පරම්පරාවලට සාපයට ගොදුරු වීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. අපේ සාපයට ගොදුරු වී ඇති ඔබත් ඇත-ුළු සියලූ දෙනා අවම තරමේ එම සාපයෙන් හෝ මිදෙන්නට උත්සාහ කරන්න.
ස්තූතියි.
අන්තර්ජාල ලිපියක් බැවින් අස්සන් අනවශයයි.
මෙය දෙවරක් කියවා නැත. ව්‍යාකාරණ දෝෂ ඇතුළු දෝෂ තිබිය හැකිය.
හර්ෂණ තුෂාර සිල්වා
මාධ්‍යවේදී/ශිෂ්‍ය
ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ
ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගෞරව කරන තරුණ පුරවැසි
2018.11.16
පිටපත්
රනිල් වික‍්‍රමසිංහ
මහින්ද රාජපක්ෂ
ඡායාරූපය - රොයිටර්
Friday, November 9, 2018
වත්මන් දේශපාලන අර්බුදය පෞද්ගලික හෝ පක්ෂ පාට හෝ කවුරුන්ද අගමැති යන වග හෝ පිළිබඳව ගැටලුවක් නොවන බව නැවත නැවතත් සිහිපත් කළ යුතුව ඇත. මහින්ද රාජපක්ෂ මහත අගමැති ධුරය හෙබවුවද රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරය හෙබවුවද වෙනයම් අයෙක් අගමැති ධුරය හෙබවුවද එසේ ධුරය දැරිය යුත්තේ නිශ්චිත ක්‍රමවේදවලට අනුව. සරලවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රතිපාදනවලට අනුවය. ඒ නිසා මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව කිසි ලෙසකින්වත් සාධාරණීය නොකළ යුතුය. ජනාධිපතිවරයාගේ මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව සාමාන්‍යකරණය කිරීමෙන් සහ සාධාරණීයකරණය කිරීමෙන් අනාතගයේදී මීට වඩා අනුට විපකා විඳින්නට සිදුවනු ඇත. ඒවා අදට වඩා බෙහෙවින් දරුණු වනු ඇත. එ නිසා මේ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාව විරෝධයට පළ කළ යුතුය.
එක් වතාවකදී නොව පිට, මසකටත් අඩු කාලයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බරපතළ අයුරින්, මෙතෙක් නොවූ අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා කටයුතු කරමින් අනාගතයට වැරැදි පූර්වාදර්ශ ලබා දී තිබෙන අතර කිසිදු අයුරකින් මෙම වැරැදි නිවැරැදි නොවන බව සියලු පාර්ශව සිහි තබා ගත යුතුය. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ අවස්ථාවේදී ඔහුගේ පාක්ෂිකයන්, ආධාරකරුවන් බොහෝ දෙනා සතුටට පත්වූහ. රනිල් වික්රමසිංහ මහතා නැවත අගමැති කළේ නම් ඔහුගේ පාක්ෂිකයන් එසේ සතුටට පත්වනු ඇත. එහෙත් එම පාර්ශව දෙක මෙන්ම අප ඇතුළු අන් සියලු දෙනාම තේරුම් ගත යුතු කරුණ වනුයේ මේ රටේ වැරැදි වනවිටදී වැරැදි යැයි පසුබට නොවිය යුතුය යන්නයි. බලය වෙනුවෙන් සහ තමන් නිවැරැදි යැයි සනාථ කිරීමෙන් මහින්ද රාපජක්ෂ පාර්ශව සහ එම පාක්ෂිකයන් වරද වරදක් නැති බව කියන්නට වූහ. එහෙත් අවසානයේදී ඔවුන්ගේ සතුට තාවකාලික සතුටක් බවට පත්විය. එම නිසා මේ රටේ ජනතාව පක්ෂ පාට ආදී ඕනෑම භේදයකින් තොරව නිවැරැදි දේ නිවැරැදි ලෙස දකින්නටත් වැරැදි දේ වැරැදි දේ ලෙසත් දකින්නට හුරු පුරුදු විය යුතුය.
Monday, November 5, 2018
ජනාධිපතිතුමනි, ලැජ්ජයි
ජනාධිපතිවරයා අද (5) පැවැති රැලියේදී කරන ලද කතාවත් පසුගිය දිනෙක කරන ලද විශේෂ ප්‍රකාශයත් කිසිසේත්ම ජනාධිපතිවරයකුට සුදුසු නොවේ. ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය පසුගිය දින 10කට සීමා නොකළ යුතු නමුත් පසුගිය දින දහයක ඔහු හැසිරුණු ආකාරය සහ කරන ලද ප්‍රකාශ ඔහුගේ නොහැකියාව, කැබිනට් මණ්ඩලය තුළ තීරණ ගැනීමට ඇති නොහැකියාව, අශිෂ්ඨ හා අශීලාචාර බව පෙන්නුම් කරන්නක් බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය. ජනාධිපතිවරයා, රනිල් වික්රමසිංහ මහතා සහ එම කැබිනට් මණ්ඩලය ගන්නා ලද නිවැරැදි තීරණ සියල්ලේම සහ වැරැදි අහිතකර තීරණ සියල්ලේ වගකීම ද ඔවුන් සියලු දෙනා බාරගත යුතුය. රනිල් වික්රමසිංහ මහතා හෝ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම වැරැදි තීරණ ගන්නා විට ඒවා නවතන්නට හැකියාවක් නොතිබූ බව ජනාධිපතිවරයා දිගින් දිගටම පෙන්නුම් කරමින් සිටී. ජනාධිපතිවරයා අද කරන කතාව ලැජ්ජා සහගතය. අශීලාචාරය. අශිෂ්ඨය. ඕනෑම ශීලාචාර සමාජයක අනෙකාගේ ලිංගික රුචිකත්වය, ජාතිය, ආගම, පෞද්ගලික රුචි අරුචිකම් එලෙස හෑල්ලුවට ලක් කිරීම කිසිදු ශිෂ්ඨ සම්පන්න මිනිසකුට සුදුසු නොවේ. ජනාධිපතිවරයා දිගින් දිගටම තමන්ගේ නොහැකියාවට අමතරව අශිෂ්ඨ හා අශීලාචාරකම පෙන්වමින් සිටින්නේය. ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ යන ධුරයෙන් නෙරපා දමන ලද අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම 2015 ජනවාරි 8 වැනිදා සිට ඔවුන්ට ජනතාව දුන් ජන වරම හෑල්ලුවට ලක් කළේය. ඔවුන් දෙදෙනාම තමන්ට ජනතාව ඡන්දය කුමටදැයි අමතක කළේය. රනිල් වික්රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය දැන් එහි ප්‍රති විපාක විඳිමින් සිටින අතර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ද නුදුරේදීම එහි ප්‍රති විපාක විඳීමට සිදුවනු ඇත. මීට වසර තුනකට පෙර එනම් 2015 වසරේ ජනවාරි 8 වැනිදා ජනතාව මෛත්‍රිපාල සිරිසේන මහතාට හැට දෙලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ ඔහුට ඇති කැමැත්තට නොව මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය ද ජන වරමට පිටුපා කටයුතු කරන්නට වීමට හේතු කරගෙනය.
මේ රට ඉදිරියට ගෙන යෑමේ අගනා අවස්ථාව මහින්ද රාජපක්ෂ මහතා එම අවස්ථාවේදී නැති කරගත්තේය. යුද්ධය අවසන් කළාක් මෙන්ම සාමය සහ සංහිඳියාව ගෙන එමින් රට සංවර්ධනය කරා ගෙන යෑමේ අති දුර්ලභ අවස්ථාවක් සහ ජන ප්‍රසාදයක් මහින්ද රාජපක්ෂ මහතාට හිමි ව තිබිණි. ඔහුත් ඔහු වටා සිටි පැවැත්මක් නොමැති බලලෝභී දේශපාලකයන් නිසාත් හරි දේ හරි යැයි කීමටත් වැරැදි දේ වැරැදි යැයි කීමටත් නොහැකි පාක්ෂිකයන් හා අනුගාමිකයන් නිසාත් රටට එම අවස්ථාව අහිමි වී ගියේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අවසන් සමයේදී රට වේගයෙන් වළ පල්ලට ගමන් කරමින් තිබූ අතර යමක් හරියට කර ගැනීමට නොහැකි වූ සිරිසේන වික්‍රමසිංහ කාලයේදී රට සෙමෙන් වළපල්ලට ගියේය. එසේ යමින් වුවද බඩට නොදැනුන නමුත් යම් යම් සාධනීය, අනාගත අභිවෘද්ධියට හේතු වන වෙනස්කම් කිහිපයක් කිරීමටත් ආර්ථිකය යම් ස්ථාවර තැනකට ගෙන ඒමටත් එම ආණ්ඩුව සමත් විය. එහෙත් ඔවුහු කිරි කළයට ගොම වක් කර ගත්හ. ජනවරමට පිටුපෑ මෛත්‍රි ජනාධිපතිවරයාත් රනිල් අග්‍රාමාත්‍යවරයාත් එම ආණ්ඩුවත් ඊට වගකිව යුතුය.
අනෙක් අතට එවැනි තත්ත්වයක් මත ඉතිහාසයේ කවරදාකවත් නොවූ අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරමින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරමින් මෛත්‍රි ජනාධිපතිවරයා රටේ ජනතාවටත්, රටටත්, ජාත්‍යන්තරය ඉදිරියේ රටත් මහා අගාධයට ඇඳ දමා ඇත. ගැටලුව ඇත්තේ මහින්ද රාජපක්ෂ අගමැති කිරීම නොව ඒ සඳහා භාවිත කළ නීති විරෝධි, ව්‍යවස්ථා විරෝධි ක්‍රමවේදයයි. මෙය නරක පූර්වාදර්ශයකි. රටක නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනාදිය සෑම විටම පූර්වාදර්ශ මත කටයුතු කරන පද්ධතිය. එවැනි තත්ත්වයක මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා පිළිවෙත සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළ යුතුය. ජනතාවට හෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බහුතරයකට මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළ යුතු නම් ඒ සඳහා තිබෙන නෛතික නිශ්චිත ක්‍රමවේද භාවිත කළ හැකිය. ඒ ගැන අපට කිසිදු විවාදයක් හෝ ගැටලුවක් නැත. පාර්ලිමේන්තුවේ බැරි නම් රටේ මහජන මුදල් විනාශ නොකර සියලු පක්ෂ පොදු තීරණයක් ගෙන රටේ අගමැතිවරයා තෝරා පත් කරගැනීමට ජනතාවට ඉඩ දිය යුතුය. එහෙත් ජනාධිපතිවරයාගේ මෙම අශිෂ්ඨ, අශීලාචාර, ප්‍රජාතන්ත්‍ර විරෝධි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි, නීති විරෝධි ක්‍රියා පිළිවෙත පරාජයට පත් කළ යුතුය. ජනාධිපතිතුමනි ලැජ්ජයි.
ඡායාරූපය ළහිරු හර්ෂණ
https://www.facebook.com/photo.php?fbid=1950903035029359&set=a.122297774556570&type=3&theater
Wednesday, October 31, 2018
ජාත්‍යන්තර පිළිගැනීම නැතිව පුළුවන් ද ?
වත්මන් ගෝලීය දේශාපලන, ආර්ථික, සමාජ හා ආරක්ෂක පසුබිම තුළ කිසිදු රටකට තනි පැවැත්මක් නැත. ලෝක බලවතුන් වන ඇමෙරිකාවට හෝ චීනයට හෝ වේවා එහි වෙනසක් නැත. ලෝක බලවතුන් වන එම රටවලට ද තනිව ගමනක් යා නොහැක. එවැනි තත්ත්වයක් තුළ ගෝලීය බල කේන්ද්‍රයේ සුවිශේෂී භූගෝලීය ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව දෙස ගෝලීය බලවතුන් විශේෂයෙන්ම ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව උකුසු ඇස් යොමා සිටිති.
ශ්‍රී ලංකාවේ පිහිටීම සහ ශ්‍රී ලංකාව තුළ තමන්ට හිතවත් පාලකයකු සිටීම මේ රටවල් තුනටම අතිශයින් වැදගත් වේ. රටක් ලෙස අප එම රටවල් තුන සමඟ සමීප සබඳතා පවත්වා ගැනීම වැදගත් වේ. එමෙන්ම රටවල් තුන සම්බන්ධයෙන් සමබර එක් රටකට අති විශේෂයක් නොකරන විදෙස් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව ද එන්න එන්නම වැඩි වෙමින් තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල් වික්රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ පසුගිය සිකුරාදා, එනම් ඔක්තෝබර් මස 26 වැනිදාය. ආසන්න වශයෙන් ඔක්තෝබර් (31) වනවිට දවස් හයක් ගෙවී තිබුණත් කිසිදු රටක් අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර නැත. එය සැලකිය යුතු තත්ත්වයකි.
ඕනෑම රටකට ජාත්‍යන්තර හඳුනාගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ජාත්‍යන්තර පිළිගැනීම අත්‍යවශ්‍ය කරුණකි. රටක දේශාපලන නායකයන් විශේෂයෙන්ම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනා ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්විය යුතුය. එල්.ටී.ටී.ඊ. සංවිධානය ජාත්‍යන්තරයේ ඉදිරියේ පරාජයට පත්වීමටත් ශ්‍රී ලංකාවට එය ජාත්‍යන්තරය ඉදිරියේ වාසියක් වීමටත් හේතුවක් මෙම ‘ජාත්‍යන්තර පිළිගැනීම’ යන සාධකයයි. ජාත්‍යන්තර එල්.ටී.ටී.ඊ සංවිධානය පිළි නොගත් අතර එකම රටක් තුළ විසඳුම් සෙවිය යුතු බව පෙන්වා දුන්නේය. එල්.ටී.ටී.ඊ යේ අවශ්‍යතා සහ ඔවුන්ගේ වෙනම රටක්, නැතිනම් ‘ඊලාම්’ සිහිනය පිළිගත්තා නම්, ජාත්‍යන්තරය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වේ. එසේ වූවා නම් ලොව තැන් තැන්වල එලෙස කණ්ඩායම් සටන් වදිනු ඇත.
මේ අනුව ජාත්‍යන්තරය තවමත් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන නැත. චීනය පමණක් එක් තැනක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා යනුවෙන් එක් තැනක සඳහන් කළත් නිශ්චිතව මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික වෙළෙඳපොළවල් වන ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජර්මනිය, රුසියාව, ඉරානය යනාදී රටවල් කිසිවක් මහින්ද රාජපක්ෂ මහතාට මෙතෙක් සුබ පැතුම් කර නැත.
ඔවුන් සියලු දෙනා අවධාරණය කර කියන්නේ පාර්ලිමේන්තුව කැඳවා, බහුතර කැමැත්ත ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට ද මහින්ද රාජපක්ෂ මහතාට ද යන්න තීරණය කරන්නට ඉඩ දෙන ලෙසය. ජාත්‍යන්තරයේ ඉල්ලීම වී ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසය. මෙවැනි තත්ත්වයක් මත ජාත්‍යන්තරය ඉදිරියේ හොඳ නමක් දිනාගත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාත්‍යන්තර ඉල්ලීමට කන් නොදීම හෝ එය නොසලකා හැරීම හෝ ඊට සාධනීය පිළිතුරක් ලබා නොදීම හෝ රටට කිසිසේත් හොඳ නැත. බලය, ආරක්ෂාව, ආර්ථිකය යන ප්‍රධාන කරුණු ත්‍රිත්වයේදීම ශ්‍රී ලංකාව යනු කුඩා රටක් වීම ඊට ප්‍රධානතම හේතුවයි.
එම නිසා අප ඉදිරියේ, විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඉදිරියේ ඇති වඩාත් හොඳම විකල්පය වනුයේ පාර්ලිමේන්තුව කැඳවීමය. එසේ නොමැතිනම් සියලු පක්ෂ එකඟත්වය ඇතිව, ඡන්ද විමසීමක් පවත්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. රටේ අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ වුවද මහින්ද රාජපක්ෂ වුවද මේ රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් නොවිය යුතුය. විශේෂයෙන්ම ලබන වසරේදී සංචාරය කරන්නට හොඳම රට ලෙසින් නම් ලද ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛායව ප්‍රමාණවත් නොවන තත්ත්වයකදී ජාත්‍යන්තරය කළු පැල්ලමක් ඇති කරගැනීම දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද රටට හිතකර නොවේ.
ඡායාරූපය - රොයිටර්
Monday, October 15, 2018
අපේ එකාත් ඔය කොහේ හරි රටක නවතිනු ඇත.
හැමදාමත් අප කරනුයේ දෙපැත්ත බෙදී තමන් හරි යැයි ද නැතිනම් තමන් කළොත් හරි අනෙකා කළොත් වැරැදිය යන්න කීමට උත්සාහ කිරීමය. අප කවාදවත් පාට කණ්ණාඩි ගලවා, පක්ෂපාතීත්වයෙන් තොරව නිවැරැදි දේ කිරීමට හෝ නිවැරැදි දේ අගය කිරීමට හෝ උත්සාහ ගන්නේ නැත.
ලංකාවේ තෙල් නිධි ඇති බව සොයාගන්නේ 1960 දශකයේදීය. මා උගත් පාසලේ ශිෂ්‍යයකු, බොක්කෙන්ම කීවොත් මල්ලි කෙනකු රොකට්ටුවක් නිපදවා ඇත. එය ඔහුගේ වෑයෙම් ප්‍රතිඵලයකි. එය පාසල් සිසුවකු නිපදවූ පළමු රොකට්ටුව යැයි තැන තැන කියැවිණි. ඉන් අනතුරුව ඔහු පළමු රොකට්ටුව නිපදවූයේ නැතැයි කියන්නට ඇතැම් අය උත්සුක විය. ඔවුන්ගේ උත්සහාය සාර්ථක විය. වසර 1959 දී එවකට නාලන්දාවේ සිසුවකු වූ පද්මජීව ඇතුළු කණ්ඩායමක් රොකට්ටුවක් නිෂ්පාදනය කරන්නේ නීල් ආම්ස්ට්‍රෝන්ග් සඳ මත පා තබන්නට වසර දහයක් තිබියදීය. අද පද්මජීව ගනේපොල මහාචාර්යවරයෙකි. ඔහු ඇමෙරිකාවේ ජීවත් වෙයි.
වසර 1959 දී රොකට්ටුවක් නිපදවන රටක අද රොකට් තාක්ෂණය තිබිය යුත්තේ කොතැන ද ? හැටේ දශකයේ දී තෙල් නිධි සොයාගන්නා රටක් අද තිබිය යුත්තේ කොතැන ද ? මේ ආකාරයෙන් ලැයිස්තුවක් ලිවිය හැක. අප අප ගැන කනගාටුවට පත්වනු හැරෙන්නට වෙන කුමක් කරන්න ද ?
අපේ රටෙන් බිහි වූ බුද්ධිමතුන්ගෙන් වැඩි දෙනා දැන් ඉන්නේ වෙනත් රටවලය (ලියන මොහොතේ සංඛ්‍යා දත්ත මා සතුව නැත). ඔවුන් ඒ රටවලදී කරන පර්යේෂණ ගැන අලුත් සොයාගැනීම් ගැන එක පැත්තකින් සතුටු වෙමින් තවත් පැත්තකින් හූල්ලමින් සිටිමු. මෙරට ඉතිරි වී සිටින බුද්ධිමතුන්ට තැනක නැත. ඔවුන් කරන අලුත් සොයාගැනීම් ඔවුන්ගේ යෝජනාවලට තැනක් නැත. එසේ නොවන අවස්ථා ඇති නමුත් බොහෝ අවස්ථාවල තත්ත්වය එසේය. ඔවුන්ගේ අදහස් යෝජනා තඹ සතයකට මායිම් කරන්නේ නැත. අපේ එකාත් ඔය කොහේ හරි රටක නවතිනු ඇත.
ඡායාරූප - ෆේස්බුක්
Tuesday, September 4, 2018
සයිබර් පොලිටික්ස්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ එකතුව සංවිධානය කරන ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරය අද (5) පැවැත්වීමට නියමිතය.
වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමේ අරමුණින් පොදුජන පෙරමුණ මෙම විරෝධතා පාගමන සංවිධානය කර ඇත. විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ තරුණ දේශපාලනඥයන් මෙම විරෝධතා පාගමන සංවිධානයේදී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කර ඇති බව පැවසෙන අතර ඔවුන් මෙවැනි විශාල පරිමාණයේ විරෝධතා පාගමනක් සංවිධානය කරන පළමු අවස්ථාව බව ද පැවසේ. පා ගමන සඳහා ජනතාව එක්රැස් කිරීම, දැනුවත් කිරීම සහ ගෙන්වා ගැනීම වෙනුවෙන් මොවුන් සමාජ මාධ්‍ය භාවිත කර ඇත.
මේ ආකාරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව ගෙන්වා ගැනීමේ, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සතියේදී කොළඹ ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එය සංවිධානය කර තිබිණි.
අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත කරගෙන ඔවුන් එම සමාජ ව්‍යාපාරය දියත් කර තිබිණි.
එක් පැත්තකින් බලන විට මේ ව්‍යාපාර දෙකම ආණ්ඩුවට පීඩනයක්, ආණ්ඩුවට බලපෑමක් එල්ල කිරීම සඳහා දියත් කෙරුණු සහ දියත් කෙරෙන ව්‍යාපාර දෙකකි.
කෙසේ නමුත් සතියක කාලයක තුළ වෙනස්ම පාර්ශව දෙකක් මෙම ව්‍යාපාර දෙක සංවිධානය කර තිබේ.
ජාත්‍යන්තරය ගත් විට අන්තර්ජාල දේශපාලනය, එසේත් නැතිනම් සයිබර් පොලිටික්ස් කෙරෙහි ඇති ප්‍රවණතාව ඉහළ යමින් තිබේ. දේශපාලන, ආර්ථික සහ සමාජයීය ක්‍රියාකාරකම් සඳහා සමාජ මාධ්‍යය සහ අන්තර්ජාල උපකරණ හා අන්තර්ජාල වේදිකා (ප්ලැට්ෆෝම්ස්) භාවිත කිරීම එන්න එන්නම වැඩි වෙමින් තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්විට දේශපාලනිකව සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය දිගින් දිගටම වැඩි වෙමින් තිබේ. මීට වසර තුනකට පෙර 2015 වසරේ ජනවාරි මස පැවැති ජනාධිපතිවරණය එහි එක් උච්චතම අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.
පසුගිය වසර තුනක කාලයේදී සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය ඉතා දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලට මෙන්ම සමාජ ප්‍රගමනය සඳහා බෙහෙවින් උපකාරී විය. දෙපැත්ත කැපෙන කඩුවක් ලෙස හැඳින්විය හැකි සමාජ මාධ්‍ය ජාලවල ක්‍රියාකාරීත්වය විශේෂයෙන්ම දේශපාලනික ක්‍රියාකාරීත්වය සමීපව අධ්‍යයනය කිරීම ඉතා වැදගත්ය.
ඉහතින් සඳහන් කළ ව්‍යාපාර දෙක, විරෝධතා ව්‍යාපාර දෙකේ සමාජ ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගැනීමේ අපූර්ව කරුණක් අනාවරණය කරගැනීමට හැකිව තිබේ.
සමාජයට බලපෑම් කිරීමේදී සමාජ මාධ්‍යය අද වනවිට ඉතා ප්‍රබල උපකරණයක් බවට පත්ව තිබේ.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ‘තවමත් පිළිතුරු නැත’ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‘ජන බලය කොළඹට’ සමාජ මාධ්‍යය හැසිරීම විශේෂයෙන්ම ට්විටර් සමාජ මාධ්‍යයේ හැසිරීම සිතියම් ගත කිරීමට සංජන හත්තොට්ටුව කටයුතු කර තිබිණි.
එකම රටක දින දහයකට අඩු කාල පරාසයක් තුළ සිදුවන සමාජ ක්‍රියාකාරකම් දෙකක්, විරෝධතා ව්‍යාපාර දෙකක් කිසිදු සහ සම්බන්ධයක් නොමැතිව සිදුවන ආකාරය එම සිතියම් දෙස බැලීමේදී හොඳින් පෙනී යයි.
මෙම සිතියම් ගත කිරීම් නිරීක්ෂණය කිරීමේදී එම විරෝධතා දෙක ග්‍රහලෝක දෙකක සිදුවන විරෝධතා දෙකක් ලෙස පෙන්වා දිය හැකි බව පැවසීමේ වරදක් නැත. අනෙක් අතට ආණ්ඩු බලය නොමැතිව වුවද රටේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායමක් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම සතු සන්නිවේදන හැකියාව ඉතා ප්‍රබලය.
එහි අනෙක් පැත්ත වසර තුනක් ගත වී ඇතත්, ආණ්ඩු බලය තිබුණත් වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ සන්නිවේදන යාන්ත්‍රණය දුර්වල මට්ටමක පවතින බවය.
ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ගත්විය එහි එහි ප්‍රබලම දේශපාලකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. අනුගාමිකයන් හෙවත් ෆ්ලෝවර්ස් සංඛ්‍යාව අනුව හිටපු ජනාධිපතිවරයා මුල්තැන පසුවෙද්දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුවන්නේ දෙවැනි තැනය. තෙවැනි තැන ජනබලය විරෝධතා පා ගමනේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂය.
මේ කරුණු සියල්ලත් සංජන හත්තොට්ටුවගේ සිතියම් සැලකිල්ලට ගැනීමේදී සමාජ මාධ්‍ය තුළ යම් ධ්‍රැවීකරණයක් සිදුව ඇති බව පෙනී යයි.
විශේෂයෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ හිටපු ජනාධිපතිවරයා සහ විපක්ෂ කණ්ඩායම්වල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය එකට ගෑවී නොගෑවී ක්‍රියාත්මක වන බවට නිගමනයකට එළැඹිය හැකිය.
අනෙක් අතට දේශපාලනික සිවිල් සංවිධානවල සමාජ මාධ්‍යය ක්‍රියාකාරීත්වය ද එසේය. මෙහි පළ කර තිබෙන සිතියම්වලින් එය හොඳින් පෙනී යයි.

පසුගිය මාසය පමණක් සැලකිල්ලට ගැනීමේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂගේ ට්විටර් ගිණුම යම් ආකර්ෂණයක් දිනාගෙන ඇති බව පෙනී යයි.
මේ කරුණු සියල්ලත් සංජන හත්තොට්ටුවගේ සිතියම් සැලකිල්ලට ගැනීමේදී සමාජ මාධ්‍ය තුළ යම් ධ්‍රැවීකරණයක් සිදුව ඇති බව පෙනී යයි.
විශේෂයෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ හිටපු ජනාධිපතිවරයා සහ විපක්ෂ කණ්ඩායම්වල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය එකට ගෑවී නොගෑවී ක්‍රියාත්මක වන බවට නිගමනයකට එළැඹිය හැකිය.
අනෙක් අතට දේශපාලනික සිවිල් සංවිධානවල සමාජ මාධ්‍යය ක්‍රියාකාරීත්වය ද එසේය. මෙහි පළ කර තිබෙන සිතියම්වලින් එය හොඳින් පෙනී යයි.
Sunday, August 26, 2018
මට දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් වුණේ නෑ
පොත් කියවීම කොහොම හුරු වූවාදැයි කියන්නට මට ඒ හැටි මතකයක් නැත. එහෙත් අම්මාගේ බලපෑම ඊට විශාල වශයෙන් හේතුවිය. සෑම ජනවාරි පළමු වැනිදාවකම, සෑම බක් මහකම අලුත් අවුරුදු උදාවේදී වැඩ අල්ලන නැකතට මා පොතක් කියවන්නට පුරුදු වූයේ අම්මාගේ බලපෑම හා වුවමනාව නිසාය. කුඩා කාලයේ දී අම්මාගේත් තාත්තාගේත් කියවීම හා බලපෑම නිසා චාරිත්‍රයක් වූ එය කාලයත් සමඟ මා දැඩි කැමැත්තකින් හා වුවමනාවකින් කරන්නට යෙදුණක් විය. අවුරුදු 25ක් ගත වී ඇති තැන මා තවමත් එම චාරිත්‍රය ඉටු කරන්නේය. එය චාරිත්‍රයකට වඩා ජීවිතය හා බැඳුණු පුරුද්දක් වී තිබේ. එය මගෙන් මගේ සහෝදරියට ද උරුම වීම එක්තරා ආකාරයක තෘප්තියක් ගෙන දෙන්නකි.
අද වනවිට මගේ පොත් කියවීමේ පුරුද්දත් පොත් මිලදී ගැනීමේ උන්මන්තකභාවයත් අම්මාට කරදරයක් වී තිබේ. තැන තැන විසිරුණු පොත් ඉවක් බවක් නොමැතිව පොත් මිලදී ගැනීමත් ඇයට මහත් හිසරදයක් ව තිබේ. මිලදී ගත් බොහෝ පොත් මා තවමත් කියවා නැත. මිලදී ගන්නා ලද පොත් කියවා අවසන් නොකර දිගින් දිගටම පොත් මිලදී ගැනීම විටෙක මට ම එක්තරා ආකාරයක පීඩාවක් ගෙන දෙන්නකි. එහෙත් එම පීඩාවට පොත් මිලදී ගැනීමෙන් හා ඒවා නිතර නිතර දැකීමෙන් ගෙන දෙන තෘප්තිය මග හැර යන්නට හෝ මැඩ පැවැත්වීමට හෝ හැකියාවක් නැත.
මෑතකදී තැන තැන විසිරුණු පොත් කිහිපයක් එක් තැනකට ගොනු කරන්නට අවස්ථාව ලැබිණි. ඒ නිසාම කලකට කලින් කියවන ලද පොත් කිහිපයක පිටු පෙරළන්නට නැවත වරක් අවස්ථාව ලැබිණි. නොකියවූ පොත් රැසක් ද ඒ අතර විය. එයින් ද චූලානන්ද සමරනායකගේ මහතාගේ පරිවර්තනවලට මම මහත් ඇළුම් කරමි. සිත්ගත් පරිවර්තකයන් අතර ඔහුට මුල් තැනක් හිමි වේ. කාටත් චූල අයියා, චූලේ අයියා හෙවත් චූලානන්ද සමරනායක මහතා මට අවසන් වරට මුණ ගැසුණේ ප්‍රියන්ත කොඩිප්පිලිගේ ‘කොඩි’ කවිපොත එළිදැක්වූ දිනයේදීය. ඊට අමතරව ඔහු මෑතකදී විශ්ව විද්‍යාලයක කරන ලද දේශනයක් සහ ඔහු ගැන අසන්න ලැබුණු ආරක්ෂණීය තොරතුරු කිහිපයක් නිසාම මා සතු ඔහුගේ වඩාත් සිත්ගත් පරිවර්තනයක් නැවත කියවන්නට ගතිමි.
පාවුලෝ කොයියෝ යනු මෑත කාලයේදී මෙරට පාඨක ජනතාවගේ ආකර්ෂණය දිනාගත් විදෙස් ලේඛකයෙකි. බ්‍රසීල ලේඛකයකු වන කොයියෝ 1988 දී පෘතුගිසි බසින් ප්‍රකාශයට පත් කරන “ ඔයැ ්කජයැපසිඑ ද ඇල්කෙමිස්ට්” කෘතිය චූලානන්ද සමරනායක මහතා සිංහලට නගන්නේ 2003 වසරේදීය. මේ කෘතිය මුල් වරට ඉංග්‍රීසි බසින් මුද්‍රණය වන්නේ 1993 වසරේදීය. ජාත්‍යන්තරයේ විශාල අලෙවියකට හිමිකම් කියන ද ඇල්කෙමිස්ට් කෘතිය භාෂා 70කට වැඩි සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇතැයි පැවසේ.
මේ පොත කියවන අයකුට අපූරු තැන් බොහෝමයක් මුණ ගැසෙනු ඇත. ඒවා තම තමන්ට කැමැති කැමැති ආකාරයට අර්ථ ගන්වා ගත හැකිය. ඕනෑම කෘතියක් කලා නිර්මාණයක් පාඨකයන්ගේ රසිකයන්ගේ ග්‍රහණයට ලක්වන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් හා අත්දැකීම්වලට අනුවය.
සැලකිය යුතු ආගමික පසුබිමක් හා නැඹුරුවක් මෙන්ම ආගම සැලකිය යුතු ආකාරයකින් ආගම බද්ධ වූ ජීවිත ගෙවන්නන් සිටිනි අප වැනි රටක ජනතාව දෙවියන් බුදුන් පස්සේ යෑම අලුත් දෙයක් නොවේ. අපි බොහෝමයක් දෙනා බොහෝ දේ සොයමින් යන්නෙමු. සතුට, සැපත, සත්‍යය ආදී බොහෝ දේ සොයා යන්නෙමු. බුද්ධාගම ප්‍රධාන ආගම වන මේ රටේ බොහෝ දෙනා නිවන සොයා යන්නෝ වෙති. එහෙත් අපි සොයන දේ අපට හමු වූයේ ද යන්න අප අපගෙන් විමසිය යුතු ප්‍රශ්නයකි. දේශපාලන, සමාජ ආර්ථික, භෞතික හා ආධ්‍යාත්මික බොහෝ දේ සොයා යන අපට බොහෝ දේ මග හැරී ඇති බව නම් සහ සුදක් සේ පැහැදිලිය. සොයන දේ වෙනුවට වෙනත් බොහෝ දෑ හමු වී ඇති බවත් සියල්ල අවුල් ජාලයක් බවට පත්ව ඇති බවත් නොකිවමනාය.
සන්තියාගෝ නම් සැරිසන්නා නමින් සිංහලට පරිවර්තනය වන ද ඇල්කෙමිස්ට්හි පරිවර්තති කෘතියේ 11 වැනි පිටුව අවසානයේ එඬේර කොලුවා මෙසේ කල්පන් කරන්නේය. ඔහුගේ කල්පනාව තුළ බොහෝ දේ කියවෙන්නේය. අපි පාසල් යන්නෙමු. කෝවිල් යන්නෙමු. රැකියාව ද යන්නෙමු. අධ්‍යාපනය ලබන්නෙමු. පාසල් යන්නෙමු. පල්ලි දේවලවල ගාටන්නෙමු. තවත් බොහෝ දේ සොයා යන්නෙමු. රස්තියාදු වන්නෙමු. එහෙත් අපි සොයන දේ හමු වී ඇත් ද ?
“ “සෙමනේරියේදී මට දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් වුණේ නෑ”. ඉර උදාව දෙස බලා ඉන්න ගමන් ඔහු කල්පනා කළේය.”

Thursday, August 23, 2018
ද ඩිස්කෂන්
මෑතකදී සහභාගී වන්නට ලැබුණු සංවාද දෙකකදීම මූලිකව අවධානය යොමු වූ කරුණක් කෙරෙහි ලියන්නට සිත් විය. එම කරුණු නම් මෙරට තුළ තිබෙන විද්වත් සංවාද හෝ සාකච්ඡා හෝ අදහස් හුවමාරු කරගැනීමට හෝ ප්‍රකාශ කිරීම එක් ස්ථානයකට එක්වීමේ අඩුපාඩුවයි. කථිකාචාර්යවරයකු හා ආචාර්යවරයකු ඒ සංවාද දෙකේදී ඒ බව එම සභාවල අවධානයට යොමු කළ අතර එම සංවාද සභා දෙකේ සිටි අයද ඒ බව අනුමත කළහ. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල තුළින් එවැනි සංවාද, කථිකා ඇති නොවීම සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතුව. එය විශ්ව විද්‍යාල සිසුන්ගේ හෝ විශ්ව විද්‍යාල ප්‍රජාවගේ වගකීමක් බව එයින් හැඟ වෙන්නේ නැත.
අඩු වැඩි වශයෙන් අද වනවිට නොයෙක් ස්ථානවල නොයෙක් මාතෘකා සම්බන්ධයෙන් කථිකා, සංවාද සංවිධානය කළ ද එහි අඩුවක් තිබෙන බව අප පිළිගත යුතුය. එය බොහෝ අවස්ථාවලදී කතාබහට ලක්වූවකි. පොත් පත් ගැන සිනමාව ගැන ආදී නොයෙක් මාතෘකා සම්බන්ධයෙන් විචාරත්මක, විවේචනාත්මක, පර්යේෂණාත්මක වශයෙන් හෝ සාහිත්‍යමය වශයෙන් ඒ ඒ මාතෘකා සම්බන්ධයෙන් ප්‍රවේශ විය හැකි විවිධ ආකාරවලින් සංවාද, කථිකා පැවැත්වීමේ අවශ්‍යතාව මතුවිය.
එවැනි සංවාද පැවැත්වීමේදී ඇතැම් අධ්‍යාපන ආයතන, විශ්ව විද්‍යාල කරන සාධනීය මැදිහත් වීමට ද ස්තූතිවන්ත විය යුතුය. එනමුත් ඊටත් වඩා මැදිහත් වීමක් අවශ්‍යව තිබේ. එය දර්ශනය, දේශපාලනය, ජාත්‍යන්තර සබඳතා, සංස්කෘතිය, පොත පත, චිත්‍රපට ආදී නොයෙක් විෂයධාර හා ඔස්සේ විහිද යා යුතුය. සිනමාව හෝ පොත පතට හෝ දේශපාලන මතවාදවලට හෝ පමණක් සීමා නොවිය යුතුය.
ඡායාරූපය ‘ගෙටී ඉමේජස්’ - ‘ද ස්කූල් ඔෆ් ඇතැන්ස්’, ඇතැන්ස් පාසල 1511, ( 1483 - 1520 කාල වකවානුවේ ජීවත් වූ ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී රෆායල් සැන්සියෝ (රෆායලේ සන්සියෝ) අදින ලද සිත්තමකි.
ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් සංවාදයක යෙදී සිටින අයුරු (මැද)
https://www.gettyimages.com/detail/news-photo/the-school-of-athens-1511-fresco-raphael-italian-painter-news-photo/113494615#/the-school-of-athens-1511-fresco-raphael-italian-painter-and-plato-picture-id113494615
Wednesday, August 22, 2018
සමාජයේ බොහෝ සිදුවීම්වලදී, සමාජය හැසිරෙන ආකාරය විශේෂයෙන්ම සමාජයේම කොටසක් වන සමාජ මාධ්‍ය හෙවත් එයත් ඇතුළත් සයිබර් අවකාශයේ හැසිරීම ඉතා සිත් ගන්නා සුළුය. එයින් ද විශේෂයෙන්ම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යය පරිශීලකයන්ගේ හැසිරීම ගැන අප නැවත නැවතත් සිතා බැලිය යුතු කාලය එළැඹ තිබේ.
පසුගිය සතියක දෙකක කාලයේදී සමාජ මාධ්‍ය ජාලවලදී වැඩි අවධානයක් දිනාගත්තේ තරුණයන් දෙදෙනකි. අයෙක් වි.ජ.මු ලොකු බණ්ඩාරගේ පුත් උදිත ලොකු බණ්ඩාරය. අනෙක් තරුණයා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් ළහිරු වීරසේකරය. මොවුන් දෙදෙනා ගැන ලියන මා ද මොවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල අදහස් පළ කළ, ඒවාට අදාළ ඡායාරූප පළ කළ, සරලව ෆේස්බුක් පෝස්ට් දැමූ, ඒවා ෂෙයාර් කළ අති මහත් බහුතරය තරුණයන්.
මේ සියල්ලම සරලව ගත්විට අපේ රටේ තරුණ ප්‍රජාවගේ ඛේදනීය ඉරණම ඉතා හොඳින් පෙන්නුම් කෙරේ.
උදිත බණ්ඩාර බැණුම් අසන්නේ රටේ හිටපු ජනාධිපතිවරයාගෙනි. ඒ බැනීම සහ ඒ සිදුවීම් දාමය පසෙකින් තබමු. එහෙත් ඔහු බැණුම් ඇසීම අපි බොහෝමයක් දෙනා එය විහිළුවකට ගත්තෙමු. නිදහසේ සිතා බැලුවහොත් කවුරුවන් හෝ යටතේ සේවය කරන අප සියලු දෙනා එවැනි බැණුම් අසා ඇත. අනන්තවත් අසා ඇත. එසේ නැතිනම් එක්වරක් හෝ අසා ඇත. එවැනි තත්ත්වයක අපි හැසිරුණු ආකාරය ගැන නැවත සිතා බැලිය යුතුය.
කෙටියෙන්ම කිවහොත් අන්තරය සම්බන්ධයෙන් අපට බොහෝ විවේචන ඇත. අන්තරයේ ක්‍රියාකාරකම් ගැන අපට කතා කරන්නට බොහෝ දේ තිබේ. ශිෂ්‍ය අරගලය ගැන කතා කරන්නට බොහෝ දේ තිබේ. එහෙත් අප පිළිගත යුතු සත්‍යය නම් අද වනවිට රටේ නිදහස් අධ්‍යාපනය හෝ එසේත් නැතිනම් ජනතා බදු මුදලින් නඩත්තු වන අධ්‍යාපනය ක්ෂේත්‍රය මේ පමණින් හෝ රැකී පැවැතීවමට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩය සැලකිය යුතු දායකත්වයක් දී ඇති බවය. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත.
එවැනි වාතාවරණයක් තුළ ළහිරු වීරසේකර උපහාසයට නැගීම ලැජ්ජා සහගත අපුල හා අශීලාචාර ක්‍රියාවකි. මා කලීන් සඳහන් කලාක් මෙන් අන්තරය ගැන දැඩි විවේචනක් අප සතුය. එහෙත් කුමන තත්ත්වයකදී වුවත් ඊයේත් අදත් ෆේස්බුක්හි දක්නට ලැබුණු දේවලින් දැනෙන්නේ කලකිරීමක් හා දුකක් මිස අන් යමක් නොවේ. අප විසින් හෑල්ලුවට ලක් කරමින් සිටින්නේ අපවම බවට අපට අමතකව ගොස් තිබේ. මුග්ධ පාලකයන්ට මේ රට වෙනස් කිරීමේ මේ රට මීට වඩා යහපත් තැනක් කිරීමේ අවශ්‍යතාවක් නැත. එසේ තිබේ නම් එසේ ඇත්තේ ජනතා හිතවාදී පාලකයන් කිහිපදෙනකුට පමණි. එවැන්නෝ අතේ ඇඟිලි ගණනටත් අඩුය.
අනෙක් අතට ටවුන්හෝල් හි මීට දින ගණනකට පෙර ස්ථාපිත කර තිබූ අට්ටාලයටත් එහි සිටි සිසුන්ටත් එල්ල කළ ජල ප්‍රහාරය නින්දිතය.
අප අතරේ නොගැලපීම්, මතවාද හා වෙනස්කම් තිබෙන්නට පුළුවන. එහෙත් එම වෙනස්කම් මුග්ධ පාලකයන්ගේ අවි බවට පත්වීමට ඉඩ නොතැබිය යුතුය. අප එක්විය යුතුය. එසේ නොවන තාක්කල් වෙනසක් නැත. අප බෙදන තරමට කැමැති අශීලාචාර පාලකයෝ ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන්ම පියවර ගනිති. ඔවුහු සැම විටම අපේ බෙදීම ඔවුන්ගේ වාසිය සඳහා යොදා ගනිති.

ඡායාරූපය මෙත්මලි දිසානායක ෆේස්බුක් ගිණුමෙන්
Friday, August 17, 2018
කලාව, සාහිත්‍යය හා ඉතිහාසය කන්නදැයි ඇසූ පාලකයන් සිටින රටක සාහිත්‍යය නිර්මාණයක් වාරණයට ලක්වීම පුදුමයට කරුණක් නොවේ.
පොතක් ලියූ සැණින් පොත ලියූ එකාට අම්මා අප්පා මුතක් කර බැනීම, නාට්‍යයක් කළ සැණින් නාට්‍යකරුවන්ට පහර දීම, හූ කීම ආදී ත්‍රාඩ වැඩවලින් පිරුණු සමාජයක් නිර්මාණය වී ඇත්තේ ඉතිහාසය, සාහිත්‍ය හා කලාව වළපල්ලට යෑමේ ප්‍රතිඵලයක් ලෙසය.
ජනතාව සමඟ සිටිමින් ජනතාව ක්‍රියාශීලි කරනවා වෙනුවට කලාකරුවන්ගෙන් බොහෝ දෙනා පාලකයන්ගේ නළකරුවන් වී සිටිති.
හුදෙක් ජනතාව වෙනුවෙන් ජනතාවගේ දැනුම හා බුද්ධිය වෙනුවෙන් රසාස්වාදය වෙනුවෙන් නිර්මාණ කරන කලාකරුවෝ වාරණයට ලක්වෙති.
පොතක් ලියූ විට පොතේ කරුණු ගැන සංවාදයේ යෙදෙනවා වෙනුවට පොත නොකියවා පොතේ ලියූ එකාගේ අම්මා අප්පා සිහි කරන සංස්කෘතියක් බිහි ව තිබේ. නාට්‍යයක් කළ විට තමන් පමණක් නාට්‍යය බලා එය තමන්ගේ පන්තියට නොගැලපේ නම් එය වාරණයට ලක් කරන සමාජ සංස්කෘතියක් නිර්මාණය වී තිබේ.
නිර්මාණ යනු නිර්මාණය. ඒවා වාරණයට ලක් කළ නොහැක. තහනම යනු වාරණය යනු මිනිසුන් තව තවත් එම කලා නිර්මාණයට සමීප කිරීමක් බව මුග්ධ පාලකයෝ නොදනිති.
ඡායාරූපය ‘මං කෙළින් මිනිහෙක්’ ෆේස්බුක් පිටුවෙන්

Thursday, July 19, 2018
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපිය සම්බන්ධයෙන් කතාබහ තවමත් අවසන් වී නැත. ඒ සම්බන්ධයෙන් විවාදයක් අද (19) ද පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. නිව්යෝක් ටයිම්ස් ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට පෙර ලෝකය කොටස් දෙකකට බෙදෙන බව අප තේරුම් ගත යුතුය. එහිදි ලෝකය බටහිර ලෙසත් පෙරදිගත් ලෙසත් වෙන් කෙරේ. කලක් බලයේ පසුවූයේ චීනය ඉන්දියාව ප්‍රමුඛ පෙරදිග කලාපයයි. ඉන් අනතුරුව ඇමෙරිකාව මූලික කරගත් බටහිර ලොව බලවතුන් බවට පත්විය. එම බලය නැවතත් ආසියාවට එනම් පෙරදිගට පැමිණෙමින් තිබේ. ලෝකයේ බලය එසේ බෙදෙන විට මාධ්‍යය, චින්තනය, වෛද්‍ය, අධ්‍යාපන යන අන් ක්ෂේත්‍ර ද බටහිර සහ පෙරදිග යනුවෙන් බෙදීමකට ලක්වේ.
ලොව සම්මානිතම සහ විශ්වාසනීයම පුවත්පතක් ලෙස සැලකෙන නිව්යෝක් ටයිම්ස් පුවත්පත බටහිරට අයත් පුවත්පතකි. කෙසේ නමුත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත ආසියාවේ වංචා දූෂණ පමණක් නොව බටහිර වංචා දූෂණ ප්‍රශ්න කළ, හෙළිදරවු කළ අවම පක්ෂපාතීත්වයක් පවත්වාගෙන යන සහ ගිය පුවත්පතක් ලෙස පෙන්වාදිය හැකිය. කෙසේ නමුත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වුවත් බටහිර බල කේන්ද්‍රයේ අවියක් මෙන්ම බටහිර විවිධ න්‍යායපත්‍රවලට ගොදුරු විය හැකි හෝ එවැනි සම්භාවිතාවක් තිබෙන බව අප පිළිගත යුතුය. නිව්යෝක් ටයිම්ස් හි පළවූ පුවතේ සත්‍ය අසත්‍ය බව විමසීමක් මින් බලාපොරොත්තු වන්නේ නැත.
ඉන් අනතුරුව චීන සබඳතා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වටී. වත්මන් චීනය එසේත් නැතිනම් මහජන චීන සමූහාණ්ඩුව සමඟ අප රාජ්‍ය තාන්ත්‍රක සබඳතා ආරම්භ කළේ 1950 දශකයේදීය. තායිවානය නොසලකා හරිමින් මහජන චීන සමූහාණ්ඩුව සමඟ සබඳතා ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුය. ඉන් අනතුරුව පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු ද චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ඇත. චීනය සමඟ අපේ සබඳතා වසර දහස් ගණනක් පැරැණි බව ද අමතක නොකළ යුතුය.
අනෙක් අතට ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව. මේ රටවල් දෙකම අප සමඟ නිදහස ලැබූ අවධියේ සිටම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වයි. ඇමෙරිකා එක්සත් ජනපදය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළයි. ශ්‍රී ලංකාව 2016 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය කරන ලද අපනයනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 2.88කි. එහි දෙවැනි තැන එක්සත් රාජධානිය වන අතර තුන්වැනි පසුවන්නේ ඉන්දියාවයි. අප ඉන්දියාවට කරන ලද අපනයනවල වටිනාකම ඩොලර් මිලියන 800කි.
මෙරට ප්‍රමුඛතම ආනයන වෙළෙඳපොළ වන්නේ ඉන්දියාව වන අතර දෙවැනි තැන චීනය පසුවෙයි. ඉන්දියාවෙන් කරන ලද ආනයනවල වටිනාකම ඩොලර් බිලියන 4.36ක් වනවිට චීනයෙන් කරන ලද ආනයනවල වටිනාකම ඩොලර් බිලියන 4කි.
චීන ණය උගුල. චීන ණය උගුල චීනයේ අර්ථයෙන් ගත්විට, එය බටහිර විසින් නිර්මාණය කරන ලද්දක් යැයි බටහිර පවසයි. මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේදී බටහිර මාධ්‍යවල විශාල වශයෙන් ලිපි පළවිය. චීනය අනෙක් රටවල දුර්වල ස්ථාන හඳුනා ගනිමින් එම රටවලට ණය දෙමින් එම රටවල් ණය උගුලක හසු කරගන්නා බව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ එම රටවල මාධ්‍ය චෝදනා කරයි. එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන චීනය තමන් අසල්වැසි රටවල් ද එකතු කරමින් සහයෝගීතා සංවර්ධනයක් කරා ගමන් කරන බව චීනය ප්‍රකාශ කරයි.
අද වන ලෝකයේ ‘සල්ලිකාරයා’ බවට පත්ව ඇත්තේ චීනයයි. මේ වසරේ මාර්තු මාසය වනවිට ඇමෙරිකාව චීනයට ගෙවිය යුතු ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් ටි්‍රලියන 1.69කි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන තෙවැනි අපනයන වෙළෙඳපොළ චීනයයි. එරටට කරන අපනයනවල විටනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 122කි. ඇමෙරිකාවේ ප්‍රධාන ආනයන වෙළෙඳපොළ චීනය අතර එම වෙළෙඳාමේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 436කි.
චීනය දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් දියත් කරමින් සිටී. චීනය තම ආර්ථික බලය ව්‍යාප්ත කරමින් සිටී. අනෙක් අතට ඉන්දියාව ද නැගී එමින් සිටී.
කෙසේ නමුත් චීනය ණය දෙන ආකාරය, ඔවුන්ගේ පොළී අනුපාත සම්බන්ධයෙන් විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටලු ඇත. එසේ වුවත් එම ගනුදෙනු විනිවිදභාවයෙන් කරගැනීමට ලංකාව වැනි රටවල රාජ්‍ය නායකයන් ක්‍රියා කළ යුතුයි.
සංවර්ධනය කරා යන ඉදිරි ගමනේදී අපට ඇමෙරිකාව, චීනය මෙන්ම ඉන්දියාව ද අවශ්‍ය වේ. අපට පෙනෙන්නට ඉන්දියාව, චීනය හා ඇමෙරිකා එකිනෙකා වාග් ප්‍රහාර එල්ල කරගත්ත ද ඔවුන් අතරේ සිදුවන වෙළෙඳාම අප සහ එම රටවල් අතර වන වෙළෙඳාම මෙන් සිය ගුණයකි. දහස් ගුණයකි. එම නිසා තෝරු මෝරුන්ගේ බල අරගලයේ කොටස්කරුවන් නොවී එම රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සහ බුද්ධිමත් වීමෙන් තොරව අපට ඉදිරි ගමනක් නැත.
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ විදේශ ප්‍රතිපත්තියේදී හැරෙන්නට නිදහසින් පසු මුල් කාලයේදී හැරෙන්නට පත් වූ සෑම ආණ්ඩුවක්ම ඇමෙරිකාවට, චීනයට හෝ ඉන්දියාවට වරින් වර වැඩි හිතවත්කමක් පෑවේය. ඒ නිසා බලවතුන් තිදෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අපේ රටේ අනාගතයට හොඳය. එහෙත් මේ රට විනාශ කර දමමින් සිටින පක්ෂ දේශපාලනය ඊට ඉඩ තබනු ඇත් ද යන්න සැක සහිතය.
මූලාශ ඇට්ලස් මීඩියා, ද බැලන්ස්
ඡායාරූපය රොයිටර්
Saturday, March 31, 2018
කළුපැල්ලම
ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඬේවිඞ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් සම්බන්ධයෙන් කතාබහ තවමත් නිම වී නැත. ඒ ගැන තිබූ අවධානය ද තවමත් අඩු වී නැත. ඔවුන් තම වරද පිළිගත්තා පමණක් නොව කඳුළු සලමින් පසුතැවෙන අයුරුද දක්නට ලැබිණි. ඒ අතරවාරයේම ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඩැරන් ලීමන් තමන් පුහුණුකාර තනතුරෙන් ඉවත් වන බව ද ප්‍රකාශ කර තිබේ.
මෙම සිදුවීම පන්දුව පළුදු කිරීමේ පළමුවන සිදුවීම නොවන බව කිව යුතුය. එසේ චෝදනා එල්ල වූ සහ දඬුවම් ලැබූ ක්‍රීඩකයන් අතර සුපිරි ක්‍රීඩකයන් ද වේ. මයිකල් ඇතටන්, වකාර් යුනිස්, සචින් තෙන්ඩුල්කාර්, රාහුල් ඩ්‍රාවිඞ්, ෂහීඞ් අෆ්රිඩි සහ දකුණු අප්‍රිකා කණ්ඩායමේ වත්මන් නායක ෆෆ් ඩුප්ලෙසිස් යන ක්‍රීඩකයෝද ඒ අතර වෙති. පන්දුව පළුදු කිරීමට දඬුවම් ලැබූ අනාවරණය සිදුවීම් ඇත්තේ 20කටත් අඩු සංඛ්‍යාවකි.
ස්ටීවන් ස්මිත් යනු ක්‍රීඩකයකු වශයෙන් පිතිකරුවකු වශයෙන් මෑත කාලයේදී සුවිශේෂී දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙකි. පසුගිය වසරේදී, වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් ඔහු වර්තමානයේ අංක එකේ ටෙස්ට් පිතිකරුය. ඬේවිඞ් වෝනර් ද ඊට නොදෙවැනිය. ඔවුන්ගේ වැරැදි තේරීම, ඔවුන්ට දඬුවම් ලබා දී තිබේ. ඔවුන් කර ඇත්තේ වරදක් බවට විවාදයක් නැත. වඩාත් වැදගත් වන්නේ ඔවුන් එම වැරැද පිළිගැනීමත් දඬුවම්වලට නියම වීමත්ය. කොතරම් දඬුවම් ලැබුවත් ඔවුන්ගේ ස්වයං පශ්චාත්තාපය සහ කනගාටුව අන් සියල්ලටම වඩා දරුණුය. මිනිමීරුමක් කර නීතියෙන් දඬුවම් නොලැබුවද තමන් කළ වරද තමන්ගේ සිතට දෙන වදය, විඩාව අන් සියල්ලටම වඩා දරුණුය. තමන් විසින්ම තමන් කළ වැරැදි පිළිබඳ පසුතැවීමට වදවීම නීතියෙන් දෙන දඬුවම්වලට වඩා ප්‍රබලය.
කෙසේ වෙතත් අවසානයේදී ස්ටීවන් ස්මිත්, වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් දඬුවම්වලට යටත්ව සිටිති. ඔවුන් වරදක් කළ බවත් ඒවාට දඬුවම් නියම විය යුතු බවත් ගැන විවාදයක් නැත. එමෙන්ම ඔවුන්ට දඬුවම් නියම වී තිබේ. අනෙක් අතට ඔවුන් තිදෙනාම නැවත ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුය යන්න මගේ විශ්වාසයයි.
අපි කිසිවකුත් පාරිශුද්ධ නොවෙමු. අපි සියලු දෙනාම නිවැරැදිකරුවෝ නොවෙමු. අප සියලු දෙනා අතින් වැරැදි සිදුවෙයි. දැන හෝ නොදැන හෝ කුමන තත්ත්වයක් යටතේ සිදුවන වැරැදිවලට අපි වැරැදිකරුවෝ වෙමු. ඒවාට නීතියෙන් දඬුවම් ලැබිය යුතුය. ඒ ගැන අමුතුවෙන් කියන්නට නැත. එහෙත් අනෙක් අතට අපි සමාව අයදිමු. ඒ නිසා ස්ටීවන් ස්මිත්, වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් සමාව ලැබිය යුතුය යන්න විශ්වාසයයි. ඔවුන් නැවතත් ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුය.
ඕස්ටේ්‍රලියාවට තම ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට මෙතරම් දඬුවම් දෙන්නේ ඇයි ? ඊට ප්‍රධානතම හේතුව ඕස්ටේ්‍රලියාව යනු ක්‍රීඩා රැසකින් ඉදිරියට පැමිණි රටක් වීමය. අනෙක් අතට ඕස්ටේ්‍රලියාවට ක්‍රිකට් ලෝකයෙන් එල්ල වන දැඩි පීඩනයයි. ඕස්ටේ්‍රලියාව ක්‍රිකට් ක්‍රීඩා කරන අන් රටවල් සියල්ලේම පොදු සතුරාය. මේ සම්බන්ධයෙන් අපූරු අදහස් වී.වී.එන් ලක්ෂ්මන් එන්.ඩී.ටී.වී රූපවාහිනිය සමඟ එක්වෙමින් පවසයි. ඉන්දියාව අනෙක් පොදු සතුරාය. ඕස්ටේ්‍රලියානු ප්‍රේක්ෂකයන්, ඕස්ටේ්‍රලියානු මාධ්‍යය සහ පරිපාලනය අනෙක් රටවල් ඕස්ටේ්‍රලියාවේ සංචාරය කරන විට සංචාරක කණ්ඩායම්වලට කරන සත්කාරය ගැන අපට උදාහරණ අවශ්‍ය හෝ අමුතුවෙන් ලියන්නට හෝ අවශ්‍ය නැත. මුරලිගේ නම කියූ සැණින් එය මතකයට නැගේ. තම ක්‍රීඩකයන් පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල වීමත් වරද පිළිගැනීමත් සමඟ ඕස්ටේ්‍රලියාවට මෙතරම් පීඩනයක් එල්ල වන්නේ ඒ නිසාය.
අනෙක් අතට ක්‍රිකට් ක්‍රීඩකයන් යනු තරුණ ක්‍රීඩකයන්ගේ කුඩා දරුවන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් කරන පුද්ගල චරිතය. අප ජීවිතය හැඩ ගස්වා ගැනීමේදී පූර්වාදර්ශ දෙසද අවධානය යොමු කරයි. විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේදී පූර්වාදර්ශ යනු ඉතා වැදගත් සිදුවීම්ය. ඒ නිසා මෙවැනි වැරැදි ඇති නොවීමට නම් පූර්වාදර්ශ සහ එම අවස්ථාවලදී ගත් තීරණ ඉතා වැදගත් වේ. ඕස්ටේ්‍රලියාව මෙතරම් දැඩි තීරණ ගන්නේ ද මෙවැනි වරදක් නැවත සිදුනොවීමට වග බලා ගැනීමටය.
අවසානයේදී මෙම සිදුවීම ඕස්ටේ්‍රලියාවට පමණක් නොව ක්‍රිකට් ලෝකයටම කළු පැල්ලමක් එක් කළේය. ක්‍රිකට් ඉතිහාසයේ අඳුරුතම කාලවකවානුවක් ලෙසින් වාර්තා වනු ඇත. මේවා සිදු නොවිය යුතුව තිබූ දේවල්ය. එහෙත් අවසානයේදී එය එසේ විය. ඉන්දියාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වී.වී.එස් ලක්ෂ්මන් මෙසේ කියයි. “ඕනෑම ක්‍රීඩකයෙන් තරග වදින්නේ ජයග්‍රහාණය අපේක්ෂාවෙන්. එහෙම නොවන ක්‍රීඩකයෙක් මට හම්බවෙලා නැහැ. ඕනෑම කෙනෙක් තරගවදින්නේ ජයගන්න. අපි හැමෝම තරගකාරී. අපි බලන්නේ ජයගන්නේ. එහෙත් තිබෙන ප්‍රශ්නය එහි පිරිවැය. එහි මිල. එහි මහන්සිය. තරගයක් ජයගන්න අපි කරන දේවල්වල සීමාව. අවාසනාවකට ඕස්ටේ්‍රලියානු කණ්ඩායම පසුගිය වසරක දෙකක කාලයේදී, ඒ සීමාව ඉක්මවා ගියා” යනුවෙනි.
ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවකි. අන් බොහෝ ක්‍රීඩාවලට වඩා විනය සහ හික්මීම, ඉවසීම අවශ්‍ය ක්‍රීඩය. කාය ශක්තිය පමණක් නොව නුවණ ද අවශ්‍ය වන ක්‍රීඩාවකි. එයින් අන් ක්‍රීඩා පහත දැමීමක් නොකළ බව ද කිව යුතුය. අවසානයේදී නැවත වරක් වෝනර් සහ ස්මිත් ක්‍රීඩා කරනු දැකීම මගේ බලාපොරොත්තුව සහ විශ්වාසය බවයි. එමෙන්ම ජයග්‍රහාණය උදෙසා අප කරන සැලසුම්වල සීමාව කොතැනද යන්න හොඳින් අවබෝධ කරගෙන එම සැලසුම් ක්‍රියාත්මක කළ යුතු වීමය. ක්‍රිකට් ඉදිරියට යා යුතුය. යාවත්කාලීන විය යුතුය. නීතිරීත යාවත්කාලීන විය යුතුය. ෆෆ් මෙම සිදුවීම සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවකදී හිඩැස් ගැන කියන්නේ ඒ නිසාය. ක්‍රිකට් පැවැතිය යුතුය. ඉදිරියට යා යුතුය. ස්මිත්, වෝනර් දඩබ්බර ආඩම්බර කල්ලිය පාඩමක් ඉගෙන ගැන ඇත. ඔවුන්ගේ තම තමන්ගේ වැරැදි හදා ගත යුතුය. එපමණක් නොව ඔවුන්ට සමාව සහ අනුකම්පාව හිමිවිය යුතුය. අපට ඕනේ හොඳ ක්‍රිකට්ය. තරගකාරී ක්‍රිකට්ය. අවසාන පන්දුව තෙක් දිවෙන තරගය. එසේ බැරි නම් සුපිරි පන්දුවාරයෙන් අවසන් වන ක්‍රිකට්ය.
ඡායාරූපය http://www.dailymail.co.uk/sport/cricket/article-5560069/Australia-captain-Steve-Smiths-tears-heart-wrenching-fake.html
ලක්ෂ්මන්, රෝහිත් සහ ජොන්ට් සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් https://www.youtube.com/watch?v=z4mm-nPj3Bk&feature=share
ෆෆ් https://www.youtube.com/watch?v=b1T4W7wPylA&t=5s
වෝන් https://www.youtube.com/watch?v=sOMEM4rL9Yk

Friday, March 23, 2018
භාෂාවේ ගැටලුව
මෑතකදී ඇති වූ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සහ මෙරට සිංහල බෞද්ධ මහ සමාජයේ ක්‍රියාකාරීත්වය පාදක කරගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කලන සේනාරත්න ‘ද හින්දු’ වෙබ් අඩවියට අපූරු ලිපියක් ලියා තිබිණි.
එය ලිපිය කාලීන සමාජ හැසිරීම සම්බන්ධයෙන් ලියන ලද අපූරු විශ්ලේෂණාත්මක ලියවිල්ලකි. එය කිය වූ විගස දැනුණු ප්‍රධාන කරුණු අපේ සමාජයට, සමාජයේ පහළ ස්ථරවලට, පහළ මට්ටමට මේ අදහස් ගලා නොයාමේ ගැටලුවයි.
විශේෂයෙන්ම අපේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, විශේෂයෙන්ම සිංහල මාධ්‍යවල පළ වන්නේ හෝ ප්‍රකාශයට පත්වන්නේ ජනප්‍රිය තලයේ සහ තමන්ට පළ කරන්නට වුවමනා කරුණුය. බොහෝ අවස්ථාවලදී එම අදහස් පලවීම් සීමිත පරාසයකට සීමා වී තිබේ. සිංහල භාෂාවෙන් පළවන පුවත්පතකට සම්බන්ධවී සිටින මට ද එම චෝදනාවෙන් ගැලවීමට නොහැක.
කනගාටුවට කරුණ නම් බොහෝ හොඳ ලිපි සමාජ විශ්ලේෂණාත්මක කරුණු පළවන්නේ ඉංග්‍රිසි බසින් වීමය. විද්වතුන්, විශේෂඥයන් , විශ්ලේෂකයන්, වෘත්තිකයන් ඉංග්‍රිසි බස හැසිරවීමේ දක්ෂයන් වුවත් සිංහල බසින් ලියන්නට ඇත්තේ අල්ප හැකියාවකි. එය ඔවුන්ගේ දුර්වලතාවක් කියන්නට හැකියාවක් ඇත්තේද නැත. චෝදනා කිරීමට ද හැකියාවක් නැත. අනෙක් අතට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ඉඩ වෙන් වන්නේ අතළොස්සකට පමණි. ඒවායේ හැමදාම වගේ දක්නට ඇත්තේ පුරුදු මුහුණු කිහිපයකි.
අප ඔක්කොටම කලින් විසඳා ගත යුතු ප්‍රශ්නයක් භාෂා ප්‍රශ්නය යැයි මම දැඩි සේ විශ්වාස කරමි. සිංහල සහ දෙමළ සහ මෙරටට ආවේණික වූ ඒවායේ උප භාෂා ආරක්ෂා කරගන්නා අතරවාරයේදී අපේ රටේ ජනතාවගේ ඉංග්‍රිසි භාෂා හැකියාව වැඩි දියුණු කළ යුතු යැයි මම විශ්වාස කරමි. අපෙන් පසු පරම්පරාවකදී හෝ එසේ සිදුවනු ඇතැයි බලාපොරොත්තු තබමි.
දූපතක් වීම නිසාදෝ අපේ රටේ බොහෝ දෙනෙක් ළිං මැඬි, කොදෙව් දූපත් මානසිකත්වයෙන් පෙළෙති. ඒවාට උදාහරණ ලෙස පොත් පිටින් ලිවිය හැක. ඊට කදිම උදාහරණය ඊයේ පෙරේදා ගණේමුල්ලෙන් වාර්තා වූ ඒඞ්ස් සිදුවීමයි. මෙම ගැටලුව නිසා ඉගෙනීමේ දක්ෂ කුඩා සිසුවියක් මහත් අපහසුතාවකට පත්ව සිටින්නීය.
ද්විභාෂාවෙන් ලියන කිහිපදෙනකුගේ නම් මෙහි සඳහන් කිරීමද වගකීමක් හා යුතුකමක් යැයි විශ්වාස කරමි. මහාචාර්ය රොහාන් සමරජීව, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, නාලක ගුණවර්ධන, තිසරණී ගුණසේකර, එම්.එස්.එම් අයුබ් ඒ නම් අතරන් කිහිපයකි. මොවුහු සමාජයේ පිළිගැනීමට ලක්වූ බුද්ධිමත්හු වෙති. ලේඛකයෝය. ඔවුන්ගේ අදහස් වටී.
අපේ රට, දැනුම, සමාජ ක්‍රමය, බුද්ධි මට්ටම් හා අවබෝධය යනාදිය සිංහල භාෂාව වටා කේන්ද්‍ර ගත වීම මහත් අභාග්‍යයකි. ඒ ගැන අපූරු සටහනක් තිබේ. නාලක ගුණවර්ධන මහතාගේ කෘතියකට පෙරවදනක් ලියන මහාචාර්ය උදාන් ප්‍රනාන්දු මෙසේ සඳහන් කරයි.
“ද්වීභාෂා කුසලතාව, 1956 පෙරළියට පිං සිදුවන්නට අපට අහිමි වුණු දෙයකි. එහි ප්රතිඵලයක් ලෙස සිංහල හා ඉංග්‍රිසි බසින් “ විශේෂයෙන් පුවත්පත්වල “ ලියවෙන්නේ සහමුලින් ම එකිනෙකට වෙනස් දේය. සිංහල පමණක් කියවන්නෙකුට කියවන්නට ලැබෙන්නේ සීමිත වපසරියක අදහස්ය.”
ඒ නිසා සමාජයේ ඇති අනවබෝධය, මිථ්‍යාව හා ළිං මැඬි බවට දූපත් මානිසකත්වයට අනෙකා කෙරෙහි ප්‍රචණ්ඩත්වය දියත් කිරීමට ප්‍රධාන හේතුවක් ලෙසින් භාෂා ගැටලුව හඳුන්වා දෙන්නට පුළුවන. රටේ අනෙක් ප්‍රශ්න ගැන අවබෝධය යොමු කරනවා සේම උනන්දුවක් දක්වන සියල්ලෝම මේ භාෂා අවුල් ලිහා ගැනීමට මැදිහත් වන්නේ නම් වටී. එය ඉක්මනින් එහෙත් ඉතා හොඳ සැලැස්මක් සහිතව සිදුවිය යුත්තකි. භාෂා අවුල ලිහා ගැනීමේ හොඳම විසඳුම පොදු භාෂාවක් ලෙස ඉංග්‍රිසි භාෂාව භාවිත කිරීමය. අනෙක් දැනට තිබෙන සිංහල හා දෙමළ භාෂා ඉගැන්වීම්වලට වඩා විධිමත් අයුරින් ඉගැන්වීමය. විෂය ඉගැන්වීමේ පොදු භාෂාව ඉංග්‍රිසි කරන අතරවාරයේදී විභාග කේන්ද්‍රීය ස්වභාවයෙන් මිදී රටේ සෑම දරුවකුටම සිංහල හා දෙමළ භාෂාව ඉගැන්වීමය. රටේ බොහෝමයක් ප්‍රශ්නවල සංකීර්ණ ස්වභාවය අඩු කරගැනීමට හෝ එය හේතුවනු ඇත.
ඡායාරූපය ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් රියාස් හමිදුල්ලා මහතාගේ ෆේස්බුක් ගිණුමෙනි.. https://www.facebook.com/riaz.hamidullah
සබැඳි ලිපිය - නාලක ගුණවර්ධන
https://nalakagunawardene.com/2014/10/08/සිවුමංසල-කොලූගැටයා-188-ලිංම/

Monday, March 5, 2018
අපි අදත් කාසීම්ලාට, ධර්මෙලාට , රාජසුන්දරම්ලාට එන්න යැයි අඬ ගසමු
ප්‍රචණ්ඩත්වය කිසි ලෙසකින් ප්‍රශ්න නොවිසඳන බව අප තවමත් අවබෝධ නොකර ගැනීම මේ රටේ යමින් තිබෙන ඛේදනීය තත්ත්වය ඕනෑවටත් වඩා හොඳින් අපට පසක් කර තිබේ. ඉතිහාසය පැත්තකින් තබමු. 1956 සිට අද දක්වාම අප කොතරම් ප්‍රචණ්ඩකාරීව හැසිරුණේද යන්නට අමුතුවෙන් හෝ අලුතෙන් ලිවිය යුතු නැත. කනගාටුව මොනතරම් ලේ වැගිරීම් සිදුවුවත් අපි කිසිදු අවස්ථාවකදී ඒ කිසිවකින් පාඩම් ඉගෙන නොගැනීමය.ආසන්න වශයෙන් අම්පාරත් ඉන් පසුවත් දිගනත් අපට ඒ බව හොඳින්ම කියා පාන්නේය. එපමණක් නොව දිවි නසා ගැනීම සඳහා හමුදා සාමාජිකයකු රැගෙන ආ බෝම්බයද අපට ඒ පාඩම් කියා දෙන්නේය. හමුදා සාමාජිකයා තමන් බෝම්බය රැගෙන ආවේ සිය දිවි නසා ගන්නට යැයි පාපොච්චාරණය කරද්දි ඇතැම් දේශපාලකයන් තම පටු දේශපාලන වාසි ඉටු කරගැනීම සඳහා එය ත්‍රස්තවාදය යැයි ද බෝම්බය යැයි ද නිරන්තරයෙන් පාරම්බාන්නට විය.
අම්පාරේ සිදුවීමේදී මෙන්ම දිගන සිදුවීමේදීත් වර්ගවාදය, ජාතිවාදය, ප්‍රචණ්ඩත්වය වපුරන ලොකු කුඩා සැමට ජාති, ආගම් ආදී කිසිදු භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතුය. පහළම සමාජ තත්ත්වයේ සිට ඉහළම සමාජ තත්ත්වය දක්වා දිවෙන සෑම තරාතිරමකම සිටින සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
ප්‍රශ්න විසඳාගැනීම සාකච්ඡා කිරීමට අකැමැති බහුතර ජනතාවක් සිටින රටක අපට සාමය ගොඩනැගීම සාමය ස්ථාපිත කිරීම සඳහා බොහෝ දේ කළ යුතුය. සිංහල දෙමළ මුස්ලිම් යනුවෙන් බෙදා වෙන් කොට මෙය ලියන්නට සිදුවීම තවත් කනගාටුවකි.
අම්පාරේදී සිංහලයන් ද දිගනදී මුස්ලිම් වැසියන් ද අමන හා මුග්ධ ලෙසින් හැසිරුණේය. අවසානයේ දෙපැත්තේම මුග්ධයෝ ගිනි තැබූහ.
අපේ රට මෙතරම් සුන්දර විවිධ ජන කොටස්, විවිධ ආගමික කොටස්, විවිධ සංස්කෘතීන් විවිධ ජන සම්ප්‍රදායන්ගෙන් පෝෂිත නිසාය. ජන කොටස් පමණක් නොව සොබා සම්පත අතින් ද විවිධත්වයට උරුමකම් කියන අපේ රටේ මෙතරම් ලස්සන විවිධත්වය නිසාය. මේ විවිධත්වය තේරුම් ගැනීමට නොහැකි අපේ අවාසනාව මිස අන් යමක් නොවේ.
රටවට කර මුහුද, කඳුකරය, රජරට, උතුර, දකුණ, දිය ඇළි මේ ආදී සියල්ලේ එකතුවට අප කියන නම ලංකාවය. සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනකොටස්, බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් යන මේ සියලු ජනකොටස්වලින් සමන්විත අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු. මේ විවිධත්වය අපේ ශක්තියක් මිස අපේ දුර්වලතාවක් නොවන බව අප පසක් කරගන්නේ කවදාද එදින අපේ රටේ ජයග්‍රහණයේ පළමු පියවර වනු ඇත.
පනස් හයේ සිට කලකෝලහල, තිස් අවුරුද්දක යුද්ධය ඉන් පසු ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අපේ රටේ විනාශයටත් ආපස්සටත් ගෙන ගියා මිස අඩියක් හෝ ඉදිරියට ගෙන නොගියේය. දෙපැත්තට තුන් පැත්තට හැකි සෑම පැත්තකටම බෙදී එකිනෙකාට පහර දෙමින් ලේ වගුරුවමින් අප සොයන්නේ මොනවාදැයි මොහොතක් හෝ කල්පනා කරන්නට හැකි නම්, එහෙත් එවැන්නක් සිදු වන බවක් අපට පෙනෙන්නට නැත.
දේශපාලකයන් තම තමන්ගේ පටු වුවමනා එපාකම් වෙනුවෙන් ඕනෑම මුග්ධ මිලේච්ඡ ක්‍රියාවක් සිදු කරන බව අපට පසුගිය දශක කිහිපයේදීම දක්නට ලැබුණකි. සෑම පක්ෂයකම සෑම තරාතිරකම සෑම ජාතියක් ආගමක් නියෝජනය සෑම ආකාරයකම දේශපාලකයන්, අතලොස්සක් හැරෙන්නට අන් සියලු දෙනා ගිනි අවුලනවා මිස ගිනි නිවන්නට කිසිම අවස්ථාවකදී කටයුතු නොකළේය.
පාට පක්ෂ, ආගම්වලට, ජාතීවලට බෙදී ඇණ කොටා ගන්නවාට වඩා අපට කරන්නට බොහෝ දේ තිබේ. ශ්‍රී ලාංකිකයෝ ලෙස අපට කරන්නට බොහෝ දේ. රටක් ලෙස අප ලොව කෙසේ වෙතත් කලාපයේ අන් රටවලට සිටින්නේ ගව් ගණනක් පිටුපසිනි. අපට කරන්නට බොහෝ දේ තිබේ. පොලු මුගුරු ගෙන අනෙකාගේ ඔළු පෙළෙන්නට ඔබට කරන්නට තිබෙන දහසක් දේ ගැන සිතන්න. ඒ වෙනුවෙන් විනාඩියක් වැය කරන්න.
සේකරයන් හැත්තෑව දශකය මැදදි ධර්මෙලාට, කාසීම්ලාට, රාජසුන්දරම්ලාට ලෝකය යහපත් තැනක් කරන්නට එන්න කීවේය. කවි ලීවේය. පොත් ලීවේය. ලෝකය කෙසේ වෙතත් අපේ රට යහපත් තැනක් කරන්නට ධර්මෙලාට වුවමනා නොවීය. කාසීම්වලට වුවමනා නොවීය. රාජසුන්දරම්ලාට වුවමනා නොවීය. ඒ නිසා තවමත් අපි පව් ගෙවන්නෙමු. අපි අදත් කාසීම්ලාට, ධර්මෙලාට , රාජසුන්දරම්ලාට එන්න යැයි අඬ ගසමු. ඔවුන් කවදා අපේ ආරාධනාව පිළිගනිවිද ? එන්න . අපි දෑත් දිගුකර බලා හිඳින්නෙමු.
ඡායාරූපය අමිල ගමගේ
හර්ෂණ තුෂාර සිල්වා
2018.03.05
Monday, February 26, 2018
හොඳයි. එහෙත් ඉතා හොඳ නැත.

කැබිනට් මණ්ඩල සංශෝධනය විගඩමක් බව අමුතුවෙන් කිව යුතු නැත. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් විය යුතු යැයි ජනතාව ඉල්ලා සිටියේ නැත. පළාත් පාලන මැතිවරණය පවත්වන ලද්දේ අගමැතිවරයා වෙනස් කිරීමට හෝ කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමට නොවේ.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධුරයට පත්වූයේ 2015 වසරේ ජනවාරි 8 පැවැති ජනාධිපතිවරණයෙනි. එම වසරේ අගෝස්තුවේ පැවැති මහ මැතිවරණයෙන් අගමැතිවරයා සහ වත්මන් ජාතික ආණ්ඩුව පත් කරගන්නා ලදි. එම නිසා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට නියමිත කාලය වැඩ කටයුතු කිරීමට අවශ්‍ය ජනවරම තිබේ. එම කාලයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ ආණ්ඩුවේ වගකීමකි.
ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක පරාජයට පත්වූයේ පසුගිය තෙවසරක කාලයේදී ජනතා පොරොන්දු ඉටු නොකිරීම නිසාය. ආණ්ඩුවේ සන්නිවේදන දුර්වලතා නිසාය. වත්මන් ආණ්ඩුව යටතේ අණ පනත්, කොමිෂන් සභා යනාදී රටට දීර්ඝකාලීනව හිතකර වෙනස්කම් සිදු වුවත් ජනතාවට දැනෙන සහ ජනප්‍රිය යැයි හඳුන්වන කිසිවක් සිදුවූයේ නැත. ආණ්ඩුවක් තමන්ගේ දෙවැනි ධුර කාලයේදී කළ යුතු ඇතැම් දේ මේ ආණ්ඩුව තම පළමු ධුර කාලයේදීම කරන්නට ගොස් ඉල්ලාගෙන කෑ බව ද කිව යුතුය. උදාහරණයක් ලෙස ටැබ් ලබාදීම පෙන්වා දිය හැකිය. ටැබ් ලබාදීම හොඳ වැඩකි. එහෙත් එය කරන්නට තිබුණේ දෙවැනි කාලයේදීය. ටැබ් ලබාදීමෙන් පමණක් නොව එම ව්‍යාපෘතියෙන් ද හානි වූයේ ආණ්ඩුවටමය.
මහ මැතිවරණයකට තවත් වසර දෙකක් තිබේ. එම කාලයේදී ආණ්ඩුව වැරැදි නිවැරැදි කරගෙන ඉදිරියට යා යුතුය. මේ ආණ්ඩුව යටතේ කරගත හැකි උපරිම වැඩ කොටස කරගැනීමට ජනතාව හා සිවිල් සමාජය උත්සුක විය යුතුය. ඩීල් දැමීම්, මිතුරන් ආරක්ෂා කිරීම්, විගඩම් ආදිය අඛණ්ඩව පවතිනු ඇත. නව මැතිවරණ ක්‍රමය, තොරතුරු පනත, ස්වාධීන කොමිෂන් සභා යනාදියත් ජී.එස්.පී ප්ලස් සහනය නැවත ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම යනාදී යහපත් දේ ඉටු කරගත්තා සේම ඉදිරි වසර දෙකක කාලයේදී වත්මන් ආණ්ඩුව යටතේ පුළුවන් උපරිම වැඩ කොටසක් කරාගැනීම රටට හොඳය. පත්වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක්, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක්, මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවක්ද නැතහොත් වෙනයම් ආණ්ඩුවක් ද යන්නට වඩා පත්වන ආණ්ඩු යටතේ රටට වැඩ කොටසක් ඉටු කරවා ගැනීමට ජනතාව උත්සුක විය යුතුය.
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව මිස සිංගප්පූරුවක් විය යුතුය. ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කළ යුතුය. අපි ඉදිරියට යා යුතුය. සංවර්ධනය විය යුතුය. අධ්‍යාපනයට, සෞඛ්‍යට සහ අනෙකුත් ක්ෂේත්‍රවලට ජාතික ප්‍රතිපත්ති තිබෙන රටක් විය යුතුය. දේශපාලකයන් හෝ ආණ්ඩු මාරු වූ විට වෙනස් නොවන සංවර්ධන ප්‍රතිපත්තියක්, ජාතික ආර්ථික, විදේශ, අධ්‍යාපන, සෞඛ්‍ය ප්‍රතිපත්ති තිබිය යුතුය. අප අපට ගැලපෙන ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කර ගත යුතුය. අපට අපට ගැලපෙන සංවර්ධන මොඩලයක් තිබිය යුතුය. ඒවා එක රැයින් නිර්මාණය වන්නේ නැත. රටක් සංවර්ධනය වන්නේ අධ්‍යාපනික, දැනුවත්භාවය තිබෙන, සංවර්ධිත ජනතාවක් සිටින විටය. හිටියාට වඩා අපේ රටේ ජනතාව හොඳය. මහින්ද රාජපක්ෂ වැරැදි මාර්ගයක යන විට මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැව්වේය. ආණ්ඩුව වැරැදි පාරේ යනවිට ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. විකල්පයක් නොවූ හෙයින් එහි ප්‍රතිලාභය හිමිවූයේ බැසිල් රාජපක්ෂගේ සහ මහාචාර්ය ජී.එල් පීරිස්ගේ පොහොට්ටුවටය. විකල්පයක් තිබූණා නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට තිබිණි. ඡන්ද පත්‍රිකාවේ ඉහත කිසිවක් නොවේ යැයි තිබුණා නම් ප්‍රතිඵලය කෙසේ වන්නට තිබුණි ද ? හොඳයි. එහෙත් ඉතා හොඳ නැත.
ඡායාරූපය රොයිටර්
Tuesday, February 6, 2018
වැරැදි තැනින් අල්ලා ගැනීම
මේ ලිපිය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගමේ චණ්ඩි පාට් යන ලිපිය හා සම්බන්ධිතය
https://evabalava.blogspot.com/2018/02/blog-post_6.html
රටේ ජාතික ගැටලු උත්සන්න වීමට ප්‍රධානතම හේතුව රටේ ජාතික ගැටලු හෝ ඒ ඒ පාර්ශව අතර පොදු එකඟතාවක් නොවීම සහ තමන්ගේ පිටස්තරව නොසිතීමය. හමුදා නිලධාරියාගේ ක්‍රියාව අගයන පිරිස්, උතුර ගැන දැඩි ආවේගයකින්, දෙමළ ජනතාව ගැන දැඩි ආවේගයකින්, දෙමළ ඩයස්පෝරාව ගැන දැඩි ආවේගයකින් කටයුතු කරන පිරිස් අනෙක් අතට රජයේ හමුදාව, ආණ්ඩුව කතා කරන පාර්ශව දෙකම ඔවුන් එල්ඹ ගෙන සිටින මතවාදී අදහස්වලින් අඩියක් පසුපසට හෝ ඉදිරියට හෝ එන්නට වුවමනාවක් නැත. ඒ නිසා විශේෂයෙන්ම රටේ වාර්ගික අර්බුදය එකතැන පල්වෙමින් තිබේ. යුද්ධය අවසන් වී වසර නවයක් ගත වී තිබුණද අපට අඩියක් හෝ ඉදිරියට යෑමට නොහැකි වී ඇත්තේ ඒ නිසාය. ප්‍රශ්න විසඳීමට යෑමේදී සියලු පාර්ශව සතුටු කිරීමේ හැකියාවක් නැතිමුත් සියලු පාර්ශවවලට අවම වශයෙන් හෝ පිළිගත හැකි විසඳුම් තිබේ.

හමුදා නිලධාරියාගේ ගෙල සිඳින අබිනයත්, විදේශ ප්‍රතිපත්තියක් ගැන ලිවීමෙන් අනතුරුව ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි පාර්ශව දෙකක විවේචනයට ලක්ව තිබේ. එක් පාර්ශවයක් හමුදා නිලධාරියාගේ ක්‍රියාව අගයන පිරිසය. අනෙක් පිරිස උතුරේ ජනතාවගේ මානව හිමිකම් සහ රජයේ හමුදාවලට දඬුවම් දිය යුතුය කියන මතයේ සිටින පිරිසය.
උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳී නැත. ජාත්‍යන්තරයට පිළිතුරු දිය යුත්තේ කෙසේ දැයි කියමින් මා ‘මදර් ශ්‍රී ලංකා’ , ආණ්ඩුව උතුරේ කරන සංවර්ධන ව්‍යාපෘති, ආණ්ඩුව ක්‍රියාත්මක සංහිඳියා ව්‍යාපෘති ගැන කීවේය. එයින් මා කිසිලෙසකින් වත් උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳී ඇතැයි කීවේ නැත. මා සඳහන් කළේ ජාත්‍යන්තරයට පිළිතුරු දීම ගැනය. ජාත්‍යන්තරයට පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි ගැනය.
අනෙක් අතට මා හමුදාව වැරැදි යැයි කොතැනකවත් කියා නැත. මුල ද අමතක වී නැත. අනුවණ ලෙස තැනට නොහොබිනා ලෙස කටයුතු කිරීම දේශප්‍රේමය ද නොවේ. යුද්ධය අවසන් වීම ගැන ඇත්තේ සතුටක් වුවත් එය අවසන් වෙද්දි වූ ඇතැම් සිදුවීම් ගැන ඇත්තේ කනගාටුවකි. යුද්ධයෙන් පසු සිදුවීම් ගැන ඇත්තේ ද දැඩි කනගාටුවකි. මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේදී හමුදා නිලධාරියාව මා කිසිසේත් අනුමත කරන්නේ නැත. එහෙත් ඊට පෙර ඔහු එහි සිටින පිරිසකට කරුණු පැහැදිලි කිරීම අනුමත කරමි. විය යුත්තේ එයයි. එසේ කරුණු පැහැදිලි එක් සිදුවීමකින් ඔබ්බට යා යුතුය. අනෙක් කරුණු හමුදාව වැරැදි නැත. හමුදාවේ ඇතැම් පුද්ගලයන් කළ වැරැදිය. ඔවුන්ට දඬුවම් ලැබිය යුතුමය. යුද්ධයට මුවා වී යුද්ධය සමයේදී යුද භූමියේදීත්, යුද්ධයෙන් පසුත් කළ අපරාධවලට දඬුවම් දිය යුතුය. එය හමුදාවට දඬුවම් දීමක් නොවේ.
උතුරේ ජනතාවගේ විතරක් නොව දකුණේ ජනතාවගේත් ප්‍රශ්න විසඳී නැත. උතුර විතරක් නොව දකුණත් සංවර්ධනය වී නොමැත. සංවර්ධනය අපට බොහෝ දුරය. කොටින්ම මේ රටේ ජනතාවගේ ප්‍රශ්නය විසඳී නැත. උතුරේ මෙන්ම දකුණේ ජනතාව ද ඉඩම් ප්‍රශ්නවලට මුහුණ දී සිටිති. මේ ආකාරයෙන් දෙපැත්තේම බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිති. නිරන්තර පීඩනයට ලක්වෙති. ලක්වෙමින් සිටිති.
රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගමේ චණ්ඩි පාට්
ලන්ඩන් සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ බොහෝ අදහස් දැක්වීම් පළවෙමින් තිබේ. විටෙක මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු හමුදා නිලධාරියා අගයමින් ද තවත් විටෙක ඔහුගේ ක්‍රියාව විවේචනය කරමින් ද අදහස් පළ වී තිබිණි.
රාජ්‍ය තාන්ත්‍රිකව ගත් කළ හමුදා නිලධාරියාගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි නොහබිනා, අශීලාචාර සහ මිලේච්ඡ ක්‍රියාවකි. එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස් සංවිධානයේ සාමාජිකයකු පිහියක් හෝ වෙනයම් හෝ ආයුදයක් ගෙන නිරායුධ මිනිසකුගේ බෙල්ලට තබාගෙන සිටිනවා හා සමාන ක්‍රියාවකි. අනෙක් අතට හමුදා නිලධාරියකු මෙවන්නකින් අඟවන්නේ සතුරාට නියත වශයෙන් මරණය හිමි බවය. යුද පිටියකදී සතුරා අභිමුව කළ යුත්තක් විදේශයක මහ කොමසාරිස් කාර්යාලයක නිලධාරියකු වශයෙන් සිටියදී විරෝධතාවක නියැලෙන නිරායුධ මිනිසුන් පිරිසක් ඉදිරියේ කරන්නට යෑම අමානුෂීය හා මිලේච්ඡ ක්‍රියාවක් හැරෙන්නට අන් යමක් නොවේ.

හමුදා නිලධාරියා කරනුයේ ඉංග්‍රිසි බසින් throat slitting/slash යනුවෙන් හඳුන්වන ගෙල සිඳින අභිනයකි. එසේත් නැතිනම් හිසත් කඳත් වෙන් කරන බව කියන අභිනයකි. මේ අභිනය රග්බි ක්‍රීඩාවේදී වඩාත් හුරුපුරුදු අභිනයකි. නවසීලන්ත කණ්ඩායම රග්බි තරගයක් ආරම්භ කිරීමට පෙර රඟ දක්වන Haka හකා නර්තනයේදී මේ හමුදා නිලධාරියාටත් වඩා හොඳින් ක්‍රීඩකයෝ රඟවති. හකා යනු යුද නැටුමකි. යුද පිටියේ, ක්‍රීඩා පිටියේ කරන දෑ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේදී,
ලෝක දේශපාලනයේදී නොකළ යුත්තේය.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේදී ඒ ප්‍රමිත පවත්වා ගත යුතුය. රාජ්‍ය තාන්ත්‍රික විය යුතුය. යුද්ධය අවසන් වී වසර නවයක් ගෙවී යන මොහොතේදීත් තවමත් අප ජාත්‍යන්තරයේ පීඩනයට පත්වෙමින් සිටින්නේ රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කළ යුතු තැන්වලදී රාජ්‍ය තාන්ත්‍රික නොවීම නිසාය. රටේ දමන චණ්ඩි පාට් ලෝකය හමුවේ දමන්නට යෑම නිසා නිවැරැදි ලෙස යුද වැදුණු හමුදා නිලධාරීන් පවා චෝදනාවලට ලක්වීමය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම මෛත්‍රී රනිල් ආණ්ඩුව ද රාජ්‍ය තාන්ත්‍රිකව හැසිරිය යුතු තැන්වලදී ගමේ චණ්ඩියාගේ චරිතය නිරූපණය කිරීමට යෑම නිසා, අහක යන කුණු ගොඩක් රටට ගෙනැවිත් තිබේ. හමුදා නිලධාරියාගේ ක්‍රියාවද ඊට නොදෙවැනි වන්නේය. ඔහු හුදෙක්ම කරනුයේ උද්ඝෝෂණය කරන පිරිසට අවැසි දෙයක් මිසක ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු කළ යුතු ක්‍රියාවක් නොවන්නේය.

රටේ බහුතර ජනතාවට, සාමාන්‍ය ජනතාවට සිංහල බසින් වහසි බස් දෙඩවීම හිටපු ජනාධිපතිවරයා මෙන්ම වත්මන් ජනාධිපතිවරයා ද කරමින් සිටින්නේය. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතරම් අර්බුදයකට පත්ව සිටින්නේ හමුදාවේ ක්‍රියාකලාප නිසා නොව පසුගිය ආණ්ඩුවේත් වත්මන් ආණ්ඩුවේ වැරැදි විදේශ ප්‍රතිපත්ති හා ක්‍රියා කලාප නිසාය. අනෙක් අතට වඩාත් පැහැදිලි කරුණක් වනුයේ යුද අපරාධ චෝදනා එල්ල වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවටය. යුද නැව් විනාශ කළ නාවික හමුදාවට හෝ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඉලක්ක වෙත පහර දුන් ගුවන් හමුදාවට නොවේ. එසේ යුද අපරාධ චෝදනා එල්ල වීමට ප්‍රධාන හේතුව යුද්ධයට මුවා වී තමා පටු දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් හමුදා නිලධාරීන්, සෙබළුන් මෙහෙය වූ දේශපාලකයන් නිසාය. ඒ සම්බන්ධයෙන් වෙනමම කතා කළ යුතුය. අනෙක් කරුණ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයේ නිරත වූයේ කවුරුන්ද යන වගය.
එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කළත් එම සංවිධානයේ මතවාදය තවමත් ඇතැම් කොටස් සතුව ව්‍යාප්තව තිබේ. එම සංවිධානයේ ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මකය. වෙනත් ඕනෑම සංවිධානයකට මෙන්ම එල්.ටී.ටී.ඊ යේ ජාත්‍යන්තර ජාලයේ එසේත් නැතිනම් එල්.ටී.ටී.ඊ යේ ජාත්‍යන්තර සංවිධානවලට ඔවුන්ගේ පැවැත්ම සඳහා හේතු අවශ්‍ය. මාතෘකා අවශ්‍ය. සිදුවීම් අවශ්‍යය. හමුදා නිලධාරියා ගෙල සිඳින අභිනයක් කරමින් ඔවුන්ට හේතුවක් සාදා දුන්නේය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ පැවැත්ම ඇත්තේ ඊලාම් භූමියක් යන මතවාදය තුළය. දෙමළ ජනතාව පීඩා විඳින බව කීම තුළය. වෙනම රාජ්‍ය සංකල්පය, මානව හිමිකම් යන මාතෘකා තුළය. ශ්‍රී ලංකා රජයේ හමුදාව දෙමළ ජනතාව ඝාතනය කළ බව කීම සහ එසේ කළ බවට හේතුසාධක, සාක්ෂි තොරතුරු ලෝකය හමුවට ගෙන ඒම තුළය. හමුදා නිලධාරියා ඔවුන්ට එසේ හේතුවක් සාදා දී තිබේ.

මෙවැනි විරෝධතාවලට පිළිතුරු දිය යුත්තේ ගෙල සිඳින බව අභිනයකින් දැක්වීමෙන් නොව රාජ්‍ය තාන්ත්‍රිකවය. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි දෙමළ ජනතාව හරහාය. උතුරේ සහ නැගෙනහිර පළාත්වල ජනතාව හරහාය. උතුරේ හා දකුණේ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති, ඉඩම් නැවත ලබාදීම්, රට තුළ ක්‍රියාත්මක සංහිඳියාව වර්ධනය කිරීමේ වැඩසටහන්, උතුරේ දරුවන් දකුණේ දරුවන් එක්ව කරන ‘මදර් ශ්‍රී ලංකා’ වැනි වැඩසටහන් පිළිබඳ ලෝකයට කීමෙනි. අනෙක් අතට එවැනි දෑ සඳහා ඩයස්පෝරාව එකතු කරගැනීම ද අත්‍යාවශයෙන් ම කළ යුත්තේය. ඩයස්පෝරාව යනු ශ්‍රී ලංකාවේ ජනතාව මහත් භීතියට පත් කරන වචනයක් බවට පත්ව තිබේ. ඩයස්පෝරාව යනු රටක සිටින විදෙස් ජනකොට්ඨාශය. ඒ නිසා ජාත්‍යන්තර පිළිතුරු දීමට සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වාර්ගික ජනකොටස්වලින් සැඳුම්ලත් ශ්‍රී ලංකා ඩයස්පෝරාව එකතු කරගැනීමෙනි. ඕනෑම රටක සැලකිය යුතු ශ්‍රී ලංකා ඩයස්පෝරාවක් සිටියි.
හමුදා නිලධාරියාගේ ක්‍රියාව අගයන පිරිසගේ එක් තර්කයක් වී තිබෙන්නේ අයි.එස් සංවිධානයට සහාය දක්වන පිරිසක් ඇමෙරිකා තානාපති කාර්යාලයක් ඉදිරියේ සිටින අවස්ථාවක ඇමෙරිකා හමුදා භටයෙක් ඔවැන්නක් කළොත් කුමක් වේවිද යන්නය. ඊට සරල පිළිතුර ඇමෙරිකාව මානව හිමිකම් කඩ කරනවා, ඒ නිසා අපිත් මානව හිමිකම් කඩමුද යන්නය. ඇමෙරිකාව යනු ඇමෙරිකාවය. ශ්‍රී ලංකාව යනු ශ්‍රී ලංකාවය. ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක දේශපාලනයේ බලවතාය. යුදමය, දේශපාලනමය මෙන්ම ආර්ථිකමය වශයෙන් ලොව බලවතාය. එහෙත් ශ්‍රී ලංකාව එසේ නොවේ. එසේ බලවතකු නොවූ පමණින් නිවට නියාලුව, බියගුළුව කටයුතු කළ යුතු නොවේ. එහෙත් අවශ්‍ය වන්නේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියකි. සිංහල බසින් රටේ ජනතාවට වහසි බස් මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන වැනි නායකයන් නොව විදේශයකදී සෘජුව අදහස් දැක්විය හැකි, නායකයන්ය. ආණ්ඩු මාරුවන වනවිට විදේශ ප්‍රතිපත්ති නොවේ. අපට සිටි එවැනි එකම නායකයා ලක්ෂ්මන් කදිරගාමයර්. ඉන්පසු ඒ ආසන්නයට හෝ පැමිණියේ නම් ඒ මංගල සමරවීරය.
එම නිසා මෙවැනි සිදුවීම් ඉදිරියේදී සිදු නොවිය යුතුය. වඩාත් වැදගත් දරුණුතම දුර්වලතාව අපට නිශ්චිත විදෙස් ප්‍රතිපත්තියක් නොමැතිකමය. හැම අතින්ම මෙන්ම අපි විදේශ ප්‍රතිපත්තිය අතින් ද දුර්වලය. වඩාත් මුල් තැන දෙනුයේ සංවේදීතාවලට, මැතිවරණවලට, ගමේ චණ්ඩි පාට්වලට සහ ජනප්‍රියතාවදායටය. එහෙත් අපට අවශ්‍ය වනුයේ එවැන්නක් නොවේ. ශක්තිමත්, ස්ථීරසාර, ප්‍රායෝගික රාජ්‍ය ප්‍රතිපත්තිය. රටේ අභිමානයට මුල් තැන දෙන රටේ ජාතික ලැදියාවන් ආරක්ෂා කරන අතරම ජාත්‍යන්තරයට ගරු කරන ජාත්‍යන්තර ප්‍රතිපත්ති, ප්‍රඥප්තිවලට අනුකූල, රාජ්‍ය තාන්ත්‍රිකභාවය ආරක්ෂා කරන විදේශ ප්‍රතිපත්තියකි. එම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුත්තේ ද හදවතින් නොව මනසින් විමසා කටයුතු කරන පක්ෂ දේශපාලනයට ගැතිකම් නොකරන, සෘජු, උගත්, බුද්ධිමත්, රාජ්‍ය තාන්ත්‍රිකයෝය. අපට නැත්තේම එවැන්නෝය.මංගල සමරවීර මහතා සහ ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිටින ඡායාරූප අයිතිය gettyimages
https://www.gettyimages.com/detail/news-photo/sri-lakshman-kadirgamar-former-foreign-minister-for-sri-news-photo/94875253#sri-lakshman-kadirgamar-former-foreign-minister-for-sri-lanka-right-picture-id94875253
අනෙක් ඡායාරූප අන්තර්ජාලයෙනි
හර්ෂණ තුෂාර සිල්වා
07.02.18
Saturday, February 3, 2018
ආදරණීය වික්ටෝරියා ගැන ආදරයෙන්
කියවන පොත් ගැන සටහනක් තැබීමට නිරන්තරයෙන් සිතාගෙන සිටියත් එය කිසිදු අවස්ථාවකදී මෙතෙක් කලක් ඉටු නොවුණු බලාපොරොත්තුවක් විය. කෙසේ නමුත් මේ වසරේදීවත් කියවන පොතක් ගැන එක ඡේදයක් හෝ ලියා තබන බවට කරගත් අදිටන අද කූඨප්‍රාප්ත වී තිබේ. බ්ලොග් අඩවියේ මුලින්ම ලියන්නට සිතුනේ ආචාර්ය ලියනගේ අමරකීර්තිගේ කුරුළු හදවත ගැනය. පසුගිය වසර කිහිපයේදී මට වඩාත් සමීප වූ පොත් කිහිපය අතර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං හා කුරුළු හදවතට හිමිවන්නේ මුල් තැන බව නොකිවමනාය. ඒ තැනට තවත් අලුත් පොතක් එක් කළ හැකිය. ඒ මොහාන් රාජ් මඩවලගේ ආදරණීය වික්ටෝරියා කෘතියයි.
මා සටහන ලිවීම ආරම්භ කරන ලද්දේ පෙබරවාරි 4 උදා වීමට පැයක් තිබෙන මොහොතකය. හෙට උදා වන්නේ ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස යැයි කියති. නිදහස ලැබුණාද, නිදහස දිනාගත්තා ද , සුද්දා රට දාලා ගියා ද ? නිදහස හරියටම ලැබුණේ 1972 වසරේදී කියා තෝරා බේරා ගන්නට බැරි රටක අපි ජීවත් වන්නෙමු. එහෙව් රටක තීරණාත්මක කාල පරිච්ඡේදයක් ගැන මොහාන් අපුරූවට ආදරණීය වික්ටෝරියා හි ලියා තබා තිබේ.
බි්‍රතාන්‍ය පාලනයත්, බි්‍රතාන්‍ය පාලනයෙන් උරුම වූ දෑ නිසි පරිදි ගලපා ගැනීමට නොහැකි වීමත්, බඩජාරී කමට කෑ දෑ දිරවා ගත නොහැකි තත්ත්වයත් පොතේ අපුරූවට ලියා තබා ඇත. අද වනවිට ලංකාවේ තිබෙන සමාජ, සංස්කෘතිමය හා ආර්ථිකමය මෙන්ම ආකල්ප හා සිතුවිලිවලට සුවිශේෂී බලපෑමක් කරන ලද කාලසීමාවක් ලෙෂ බි්‍රතාන්‍ය පාලන කාලයත්, එයිනුත් වික්ටෝරියානු රැජින යටතේ පැවති බි්‍රතාන්‍ය පාලනයත් විශේෂයෙන් පෙන්වා දිය හැකිය.
වික්ටෝරියානු රැජිනගේ පාලන සමයේදී බි්‍රතාන්‍ය තුළ සමාජ, සංස්කෘතික, ආර්ථිකමය , දේශපාලනමය ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ රැසක් සිදු වූ අතර එහි බලපෑම එවකට බි්‍රතාන්‍ය පාලනය යටතේ පැවති ලංකාව වැනි කොලනිවලට ද තදින්ම බලපෑවේය.
වික්ටෝරියානු සුචරිතවාදය, වික්ටෝරියානු සංස්කෘතිය, වික්ටෝරියානු සදාචාරය යනුවෙන් හඳුන්වනුයේ වික්ටෝරියානු රැජිනගේ පාලන සමයේදී සිදු වූ සමාජ සංස්කෘතික ප්‍රතිසංස්කරණය, වෙනස්කම්. එම ප්‍රතිසංස්කරණ එසේත් නැතිනම් වෙනස්කම්වලින් පසු එඞ්වඞ් රජුගේ යුගය ආරම්භ වූ අතර ඉන් පසු වත්මන් දෙවැනි එළිසබෙත් රැජිනගේ කාලය වනතෙක් දක්වා පැමිණ තිබේ. මෙම යුගවලදී බි්‍රතාන්‍ය වික්ටෝරියානු ප්‍රතිසංස්කරණවලට බොහෝ දුර ගොස් තිබේ. බි්‍රතාන්‍ය අද වනවිට බොහෝ දුරක් පැමිණ ඇතත් ශ්‍රී ලංකාව තවමත් පය දෙතැනක තබාගෙන සිටියි. බි්‍රතාන්‍ය තුළ නූතන තත්ත්වලට ගැලපෙන අයුරින් බොහෝ ප්‍රතිසංස්කරණ සිදුව තිබේ. තාක්ෂණය අතින් ඔවුන් බොහෝ දුර ගොස් තිබේ.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඇතැම් නීතිරීති බි්‍රතාන්‍ය පාලන සමයේදී, විශේෂයෙන්ම වික්ටෝරියානු රැජිනගේ පාලන සමයේදී පැනවූ නීතිරීති වීම ඊට හොඳම උදාහරණයයි. එය මෑතකදී වඩාත් හොඳින් දක්නට ලැබිණි. කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම තහනම් කරමින් බි්‍රතාන්‍ය පාලනයේදී පනවන ලද නීති තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කිරීමට ඊට කදිම උදාහරණයකි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් බි්‍රතාන්‍ය ඉදිරියට යද්දි, කාන්තාවන්ගේ අයිතීන් සීමා කරමින් බි්‍රතාන්‍ය පාලන සමයේදී පනවන ලද නීතිරීති වෙනස් කර අදට ගැලපෙන සහ රටට ගැලපෙන නීතිරීති සකස් කිරීමට වත්මන් පාලකයන් පවා අසමත් වීම වික්ටෝරියානු බලපෑම කොතරම් තදින් සිදු ව ඇත්දැයි පෙනී යයි.
පෘතුගිසී, ලන්දේසි සහ බි්‍රතාන්‍ය පාලන සමවලට පෙර ලංකාවත්, එම පාලන සම සහ බි්‍රතාන්‍ය පාලනයෙන් පසු 1948 සිට 1972 දක්වාත් ඉන් පසු අද දක්වා කාලයත් බැලීමේ දී රටක් ලෙෂ අසාර්ථකවීම, කඩාවැටීම මනාව අවබෝධ කරගත හැකිය. වික්ටෝරියානු රැජිනගේ පාලනයේදී ශ්‍රී ලංකාවේ සිදුවන සමාජ, ආර්ථික සිදුවීම් මනාව පෙන්වාදෙන මොහාන් , තම කෘතියේ එක් තැනක මෙසේ සඳහන් කරයි.
“ඔය ධර්මපාල සිංහල මිනිසුන්ගේ නිදහස සීමා කරලා හදන්ඩ හදන සුචරිතවත් සමාජයම තමයි, වික්ටෝරියා මහ බිසවුන්නාන්සෙත් ඒ විදිහටම හදන්ඩ බලාපොරොත්තු වෙන්නේ.....”
පෘතුගිසී, ලන්දේසි සහ විශේෂයෙන්ම බි්‍රතාන්‍ය පාලනයත්, එම පාලන සමයේ වික්ටෝරියානු පාලන සමයේදීත් අපට සිදු වූ ඛේදවාචකය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට අපේ සංස්කෘතිය , අපේ කම අපේ ශක්තීන් මොනවාදැයි හඳුනාගැනීමට නොහැකි වීමය. අපට අපගේ අනන්‍යතාව හඳුනාගැනීමට නොහැකිවීම මෙහි ඛේදවාචකයයි. එහි ප්රතිඵලයක් ලෙස අවසාන වශයෙන් බිහි වූයේ මිශ්‍ර, විකෘති, දෙමුහුන් (හයිබි්‍රඞ්) නිශ්චිත අර්ථ කථනයක් නොදිය හැකි සමාජයකි.
මොහාන් ආදරණීය වික්ටෝරියා අවසන් කරන ආකාරය ගැන මට ඇත්තේ අපිළිවෙළ ගතියකි. එහෙත් එම අපිළිවෙළ, එම අවසානය ශ්‍රී ලංකාවේ වත්මන් මිශ්‍ර, විකෘති, දෙමුහුන් (හයිබි්‍රඞ්) නිශ්චිත අර්ථ කථනයක් නොදිය හැකි සමාජයේ ආරම්භය සනිටුවහන් කරයි. කෘතියේ අවසානයේ සඳහන් වනුයේ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ උපතය. බණ්ඩාරනායක මහතා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් තිබේ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරමින් ඔහු මහත් විනාශයක් රටට අත්කළ බව මාගේ විශ්වාසයයි. තමන්ගේ දරුවන් ඉංග්‍රිසි බසින් ද අකුරු කරද්දි, රටේ අනෙක් දරුවන්ට තිබූ එම අවස්ථාව අහිමි කිරීමේ ප්‍රතිවිපාක අපි අද හොඳින් අත් විඳින්නෙමු.
ආදරණීය වික්ටෝරියා මෙසේ අවසන් වෙයි.
“කෙසේ හෝ මේ දවසේම රාත්‍රියේ තවත් අහඹු සිද්ධියක් සිද්ධ වී තිබුණේය. එනම් කොළඹ මහමුදලි වලව්වේ මහමුදලි සොලමන් බණ්ඩාරනායකගේ බිරිඳ ඬේසි ඔබේසේකර පිරිමි දරුවකු ප්‍රසූත කළාය. සර් ජෝසප් වෙස්ට් රිජ්වේ ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයාගේ අතිශයින්ම කුලුපග සේවකයකු වූ මහමුදලි බණ්ඩාරනායක සිය කුලදුල් පිරිමි දරුවාට සිය නමේ සොලමන් ඩයස් යන කොටසත්, ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයාගේ වෙස්ට් රිජ්වේ යන කොටසත් එකට එක්කොට සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නමින් නම් තැබුවේ ඊට දින කිහිපයකට පසුය”.
ඉන් වසර 12කට, 1901 වසරේ පෙබරවාරි 4 වැනිදා බි්‍රතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ ‘රාජකීය දේහය’ වින්ඞ්සර්හි ‘ෆ්‍රොග්මෝ මුසලියම්’ හෙවත් ෆ්‍රොග්මෝ රාජකීය සුසාන භූමියේදී භූමදානය කරන ලදි.
ඡායාරූපය 1901 වසරේ පෙබරවාරි 04 වැනිදා ‘මැන්චෙස්ටර් ගාඩියන්’ හි පළ වූවකි. අයිතිය ‘ද ගාඩියන්’
https://www.theguardian.com/theguardian/2012/feb/04/archive-1901-death-queen-victoria

Friday, February 2, 2018
පුවත්පත් හා සමාජ මාධ්‍යය
රාවය පුවත්පත සම්බන්ධයෙන් මතු වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මේ සතියේ රාවය පුවත්පතේ පැහැදිලි කිරීම් සහ ලිපිවලට අමතරව පසුගිය සති දෙකක කාලයේදී මුහුණු පොතේ ද විවිධ අදහස් දැක්වීම් දක්නට ලැබිණි. මා ලියන්නට යන්නේ රාවය විවාදයෙන් මතු වී එන වෙනත් කරුණක් ගැනය. රාවය පුවත්පත සම්බන්ධයෙන් සහ ජනරංජන මහතාගේ ඉවත් වීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමේ ලිපියක් පළ කරන වික්ටර් අයිවන් මහතා එම ලිපියේ පළමු ඡේදයෙන් වැඩි හරියක් කතා කරන්නේ සමාජ මාධ්‍යය ගැනය.
වඩාත් වැදගත් කරුණ වන්නේ වික්ටර් අයිවන් මහතාගේ ලිපියේ වැඩිමනක් පාදක වන්නේ සමාජ මාධ්‍ය ජාලවල පළවූ අදහස් ද සමඟය. එහිදි පැන නගින ගැටලු දෙකකි. රාවය පාඨකයෝ සියලු දෙනාම සමාජ මාධ්‍ය ජාල භාවිත කරන්නෝ ද ? සමාජ මාධ්‍යයේ රාවය ගැන පළවු ලිපි, අදහස් දැක්වීම් සියල්ල රාවය පාඨකයෝ දුටුවා ද ? රාවය පුවත්පත සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ එක් සුවිශේෂී සිදුවීමක් වනවා සේම අනෙක් අතට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට හේතු කරගත යුතු සිදුවීමක් යැයි විශ්වාස කරමි.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට එය හේතුවක් කරගැනීම යනුවෙන් මා අදහස් කරනුයේ, සමාජ මාධ්‍යය සහ සාම්ප්‍රදායික මාධ්‍යය අතර ඝට්ටනයයි. ඉහත සඳහන් කළ අයුරින්ම වික්ටර් අයිවන් මහතා තම කරුණු පැහැදිලි කිරීම් මූලික වශයෙන් පදනම් කරගනුයේ සමාජ මාධ්‍යයි.
පුවත්පත් පිටු සමාජ මාධ්‍යයේ ඔස්සේ ප්‍රකාශයට පත් කිරීම සමාජ මාධ්‍යය විශේෂයෙන්ම මුහුණු පොතේ හාස්‍ය උත්පාදක ඡායාරූප යනාදිය පුවත්පත්වල පළ කිරීම යනාදිය තුළින් මීට පෙර දක්නට ලැබුණි. එහෙත් වික්ටර් අයිවන් මහතාගේ පැහැදිලි කිරීම කෙරෙන්නේ ම මුහුණු පොතේ පළ වූ අදහස් දැක්වීම් සම්බන්ධයෙනි. එහි වඩාත් සැලකිය යුතු කරුණු වන්නේ රාවය පුවත්පත සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තිබෙන්නේ මාධ්‍ය , වේදිකා (ප්ලැට්ෆෝම්ස් දෙකක් වීමය). එකක් රාවය පුවත්පතය. ඉඩකඩ සීමිතය. පළ වන්නේ සතිපතාය. අනෙක් වේදිකාව සමාජ මාධ්‍ය, නැතිනම් අන්තර්ජාලය කේන්ද්‍ර කරගත් මාධ්‍යය. සංසඳනාත්මකව ගත් විට සමාජ මාධ්‍යයේ ඉඩකඩ වැඩිය. අවස්ථා වැඩිය. ඕනෑම අවස්ථාවක අදහස් ප්‍රකාශ කළ හැකිය.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය මෙන්ම ලෝකයේ ජනමාධ්‍ය ප්‍රවණතා සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන පිරිස්වලට මෙය ඉතා හොඳ අවස්ථාවක් මෙන්ම ඉතා හොඳ මාතෘකාවක යැයි විශ්වාස කරමි.
සාර්ථකත්වයට පත්වන්නේ එක්ව යන ගමන්ය. පුවත්පත්වලට, මුද්‍රිත මාධ්‍යවලට හා සාම්ප්‍රදායික මාධ්‍යවලට වෙන් ගමන් කිරීමෙන් අත්පත්වන සාර්ථකත්වය නැත. අනෙක් අතට සමාජ මාධයයට එම කරුණ වලංගුය. එම නිසා තොරතුරු සැපයීම, තොරතුරු එක්රැස් කිරීම, තොරතුරු බෙදාහැරීම, මූලාශ්‍ර යන කරුණුවලදී සමාජ මාධ්‍ය සහ සාම්ප්‍රදායික මාධ්‍ය අතර සහ සම්බන්ධය තවදුරටත් වැඩි කරමින් මාධ්‍ය දෙක අතර තිබෙන පරස්පරතා සීමා කිරීම සම්බන්ධයෙන් කතා කිරීම වඩාත් වැදගත් වේ.
ඡායාරූපය රොයිටර් පුවත් සේවයෙනි
Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...