මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Monday, December 28, 2015
අපි කාලයෙන් කාලයට විවිධ මාතෘකා අල්ලාගනිමු. ජුලම්පිටියේ අමරේ, සාරුවා සුනිල්, සල්මාන් ඛාන්ගේ සිට එන්රිකේ ද එරිකේ ද දක්වා විවිධ පුද්ගලයන් විවිධ සිදුවීම් අල්ලා ගනිමු. එහෙත් එතැනින් රට ගොඩනැගීමට හෝ රටේ සුබ සිද්ධියට හෝ යමක් එක් කරගන්නේ නැත. තරුණියක් ඇඳ සිටින තනපටයක් විසින කරන වීඩියෝවක් ඡුායාරූපයක් අප දුටුවේ නැත. එය විසි කරන්නේ තරුණයෙක් ද යන්න පවා අප නොදනි. එම සංගීත ප‍්‍රසංගය නැරැුඹීමට යන්නේ එක්තරා උප සංස්කෘතියකට අයත් පිරිසකි. තනපටය විසි කිරීම හෝ නොකිරීම ඒ උප සංස්කෘතියේ තුළ ඇතිවක් මිස රටේ සභ්‍යත්වය කෙලෙසන්නක් නොවන බව මතක් කළ යුතුය.
රටේ දහස් ගණනින් කුඩා දියණියන්, පිරිමි දරුවන් විනාශ වනවිට, දූෂණයට අපචාරයට, ලිංගික අඩත්තේට්ටම් කම්වලට ලක්වන විට, පාසල් නොයා බැල මෙහෙවර කම් කරන විට, බොහෝ දෙනාට ඒ බව අමතකව ඇති බව මතක් කළ යුතුය. රුපියල් 35,000ක් වැය කිරීම හෝ නොකිරීම ඒ අයිති පුද්ගලයා සතු ප‍්‍රශ්නයකි. මා උපයන මුදල් මා වැය කරන්නේ මගේ අවශ්‍යතාවයන්, රුචි අරුචිකම් මතය. එය දරුවන්ට පොත් පත් අරන් දීමට විය හැකිය, නැති බැරි අයෙකුට යමක් දීමට විය හැකිය. එසේත් නැතිනම්, කන්නට බොන්නට විය හැකිය. නයට් ක්ලබ් යන්නට විය හැකිය. මෛථුනයේ යෙදීමට විය හැකිය. මා උපයන මුදල් වැය කරන්නේ මගේ රුචි අරුචිකම් මතය. සංගීත දර්ශනයට පැමිණි පිරිස පැමිණියේ මගේ ඔබේ හෝ අපේ අම්මගේ අප්පච්චිගේ හෝ රටේ ආණ්ඩුවේ මුදලින් නොව ඔවුන්ගේ පෞද්ගලික මුදලිනි. එබැවින් ඒ සම්බන්ධයෙන් කතා කිරීමේ අයිතියක් අප සතුව නැත. අදාළ තරුණිය එන්රිකේට හාද්දක් දෙන්නේ, ඇගේ දොතොලිනි. ඒ සම්බන්ධයෙන් ද අපට ගැටලූවක් නැත. ප‍්‍රශ්න ද පැන නොනැගිය යුතුය. හාද්දක් දීම අශීලාචාර නම්, මීනි මැරීම, මහා දවාලේ මංකොල්ල කෑම, ඩිෆෙන්ඩර්, සුදු වෑන්වලින් පැහැරගැනීම, ාඅදී වත්මන් යහපාලනයත්, පසුගිය රාජපක්ෂ පාලනයත් කළ කි‍්‍රයාකාරකම් ශිෂ්ට සම්පන්න ද නැද්ද යන්න කිව යුතුය, ප‍්‍රථමයෙන්. තනපටය කවුරුන් විසි කළ ද, එය මහා දෙයක් කර ගත යුත්තක් නොවිය යුතුය. එවැනි දේ, ඇමෙරිකාව, යුරෝපයේ සංස්කෘතියට නොව, මෙරට රාතී‍්‍ර සංස්කෘතියේ ද සුලබ කරුණක් බව යම්තාක් හෝ අවබෝධයක් ඇත්තෝ දන්නා බව කිව යුතුය. තනපටය උඩින් ආවා මිසක්, තරුණියක් දූෂණය වූයේ නැත.
අපි තවමත් ලිංගික අධ්‍යාපනය අතින් සිටින්නේ පහතම අඩියේය. ලිංගිකත්වය සම්බන්ධයෙන් අපට ඇත්තේ හුදු කොදෙව් දූපත් මානසිකත්වයෙන් යුත් ආකල්පය. සෙක්ස් සොයා ගූ ගල්වලින් නොකඩවා අපි ප‍්‍රථම ස්ථානයට පැමිණි සිව්වැනි වසර මෙය විය යුතුය, මාගේ මතකය නිවැරැුදි නම්. ලිංගික වීඩියෝ සොයන්නේ නම් ඒ සඳහා ද ක‍්‍රමවේදයක් තිබෙන බව අපේ බොහෝ දෙනා නොදන්නා කරුණකි. මව්පියන් මෙම කරුණු දූ දරුවන්ගෙන සඟවති. දරුවකු වැදීම අමු කුණුහරුපයක් කුඩා කළ සිටම දරුවන්ට උගන්වති. අම්මා ද තාත්තා ද දරුවන් ලොකු මහත් වනවිට එකිනෙකාගෙන් ඈත් වෙති. අප සපයන ආදර්ශය කුමක් ද. තරුණියක් තරුණයෙක් හාද්දක් දුන් විට එය අරුම කුණුහරුපයක් කියන අපේ සමාජය ඕවා මෙහේ බැහැ, ඇමෙරිකාවේ පුලූවන් යැයි කියති. එහෙව් පිරිස් බුකිය සිසරා සැරි සරති. ඇමෙරිකාවේ අයි ෆෝන්ය. සියල්ල එහේ ඒවාය. එහේ ඒවා පාවිච්චි කළ පමණින්, අපි ඒ සංස්කෘතිය මෙරට ගෙන ඒමේ හෝ ඊට අනුගත වීමේ හෝ නිතියක් නැත. එහෙත් අපි ආකල්පමය වශයෙන් වෙනස් විය යුතුය. රටක් වශයෙන් අපි මීට වඩා ඉදිරියට යා යුතුය. සංස්කෘතියක් සභ්‍යත්වයක් තිබෙන බව හැබෑය. එහෙත් ඒවා ක‍්‍රමයෙන් වත්මන් සමාජය හා ගලපා ගත යුතුය. වර්තමානයට අනුගත විය යුතුය. යල්පැන ගිය ඒවායෙන් මිදී, අගනාකම් ආරක්ෂා කරගනිමින්, ඉදිරියට යා යුතුය. පරිණාමය විය යුතුය. වෙනස් විය යුතුය.
දේශපාලකයන් කාලයෙන් කාලයට අපට බයිට් සපයති. අපි හොඳමු. අනෙක් උන් මරා දමමින් බයිට් කන්නෙමු. ඒ අතරේ රටේ ප‍්‍රශ්න නිරන්තරයෙන් උග‍්‍ර අතට හැරෙන අතරේ අපිට නොදැනී අපේ පොකට්ටුව විදීමට ආණ්ඩුව කටයුතු කර ඇත. ඊළඟට එම දේශපාලකයෝ රටේ සම්පත් මංකොල්ල කමින්, ජාතික ධනය සූරා කමින්, රට තව තවත් ආගාධයට ඇද දමන්නෙමු. අපි බයිට් වෙමු. අනෙකාට ද කෙළවමු. ජාතිවාදය, අන්තවාදය වපුරමු. අන් මත නොඉවසන උන් කපා කටා මරා දමමු. අපට අවශ්‍ය ඇත්තේ එහෙව් සමාජයක් ද ?...
පරණ අවුරුද්ද අන්තිමට, සිංහ ලේ, බ‍්‍රා අලූත් අවුරුද්ද මුල්ම බයිට් එක...........................................................
හර්ෂණ තුෂාර සිල්වා
2015.12.28
Sunday, December 27, 2015
2015.12.27
ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජය
අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා,
අශීලචාර සිදුවීම් යැයි ඔබ හඳුන්වන්නේ මොනවාද...කාන්තාවක උඩු කය නිරුවත්ව,
මුතු මැණික් ද නානාප‍්‍රකාර විලාසිත ද සහිතව දෙවුන්දර තුඩුවේ සිට
පේදුරුතුඩුව දක්වා ගිය බවක් අපි අසා ඇත්තෙමු. උඩු කය නිරුවත්ව ගැහැණු
දරුවන් පාසල් ගිය කාලයක් ගැන අපි අසා ඇත්තෙමු. ජනපතිතුමනි, තනපට වසා ගැනීම
මෙරට ආරම්භ වන්නේ කවාදැයි නොදනිමි. ජනපතිතුමනි, පියයුරු යනු අසභ්‍යක් නොව,
දරුවන්ට කිරි දෙන අවයවය. මාතෘත්වයේ සංකේතයකි. ඔහුගේම ගීයක් විස්තර ධම්මික
බණ්ඩාරයන් වරෙක කීවේ, සංසර්ගයේ යෙදෙන විටෙක මේ තනපුඩු දැඩි වන බවය, ඔහු
විසින් රචිත හිම වී හිමාලයේ ගීතයේ එය මෙසේ වෙයි,
’’හදවත් නීල ජලාසේ, පිහිනන ඔය ස්වර්ණ හංසයෝ අකීකරු ද මෙතරම් රාධා’‘ ස්වර්ණ හංසයෝ, රාධාවගේ පයෝධර, ගල් ගැහිලා. හස්ත ස්පර්ශයට අකීකරුය, පයෝධරය, ‘‘ඉඩ දී දෙන්නට දඬුවම්, දෑස පියාගන්නම්’’. ජනපතිතුමා සිංදුව ඇහුවා නම් හොඳය, මක්නිසාද, ඔබතුමාද සාහිත්‍යයට ඇල්මක් දක්වන්නෙක් බව, ගත වූ කාලය පුරාවටම ගීත ගායනා කරමින් රටට ලොවට පෙන් වූ බැවින්, එය ඇසීම හොඳ යැයි සිතමි. කලාව, සාහිත්‍ය එකින් එකට වෙනස්ය. හාද්දක් දීම නිසා, තනපුඩුවක්, තන පටයක් විසි කිරීම අසංස්කෘතික නම්, අශිෂ්ඨ නම්, අවීනිත නම්, ඔබට සත්‍ය වශයෙන් එවැනි ආකාරයේ දේ මඟ හැරී ඇති බව මතක් කළ යුතු වෙමි.
තාත්තා අතින්, මාමාලා අතින්, අයියලා අතින්, අම්මා අතින් දූෂණයට ලක්වන දූ වරුන්, පුතුන් මේ මහා සිංහලේ කියන රටේ බොහෝය. ඇමෙරිකාවේ සංස්කෘතිය ගැන කියන්නට යන්නට පෙර අප ඒවා හදා ගත යුතුය. ඔබට අමතකව ඇති කරුණ, අපේ අම්මලා සෞදියේ, වහල් කමට යන බවය. ඔබට අමතකව ඇති කරුණ ඒ අම්මලා විවිද වද හිංසා වන බවය. ඔබට අමතකව ඇති කරුණකි, දෛනිකව අපේ රටේ ක-ුඩු විකුණන බව. මත්ද්‍රව්‍ය, මත්පැන්, සිගරට් නිසා දහස් ගණනින් දුක් විඳින දූ දරුවන්, දරු පවුල් ගැන ඔබට අමතකව ඇති හෙයකි. බස් රථවල, පාර තොටේ හිංසාවට පත්වන කාන්තාවන් ගැන ඔබට අමතකය, හරි හමං රස්සාවක් නැති තැන දරුවන්ට කන්න දෙන්න ඇඟ විකුණන අම්මලා ඔබට අමතකය, පුංචි මල් කැකුළු පොඩි කර පාටි දැමූවන් ඔබට අමතකය. තනපට විසි කිරීම, හාද්දක් දීම අශිෂ්ට නම්, ආදරය කිරීම සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීම තහනම් කරන්නේ නම්, අමරදේවයන්ගේ සංගීත ප‍්‍රසංග ද තහනම් කළ යුතුය. මා අමරදේවයන් විරුද්ධවාදියකු සිතන්නේ නම්, ඔබ නිවැරැුදි කරනු කැමැත්තෙමි. කුඩා කල සිටම යම් හේතුවකට හෝ අහේතුවකට මගේ පි‍්‍රයතම ගායකයා අමරදේවයන් බව සිහිපත් කළ යුතුය. ඔබට මතක් කළ යුතු බොහෝ වන්නේය. ඒ තරම් දිගුවක් ලියන්නට කම්මැලිය.
ඔය කියන විදියේ සංගීත ප‍්‍රසංග නැවැත්තවීමට පෙර, ඔබේ ආණ්ඩුවට ගෙන එන්නට, යහපාලනය ගෙන එන්නට පාරට පැමිණි, ඔබේ හිතමිත‍්‍ර , දියණියක වන්, පාර්ලිමේන්තු මන්ති‍්‍රනි, හිරුණිකා රාජපක්ෂ මහත්මිය කලේ යහපාලනයට ගැලපෙන, ශිලාචාර, ශිෂ්ට සම්පන්න කි‍්‍රයාවක් ද, එසේ නොවේ නම්, ඒ සඳහා ගන්නා නීතිමය කි‍්‍රයාමාර්ගය කවරෙක් ද.
මීට
ශ්‍රී ලංකා පුරවැසි,
යහපාලනයක් ප‍්‍රාර්ථනා කරන
හර්ෂණ තුෂාර සිල්වා
පරිගණක ගත ලිපියක් බැවින් අත්සන් අනවශ්‍යයි....
පහත ඡුායාරූපයේ මුල් අයිතිය පිළිබද අවබෝධයක් නැත. පසුගිය දින කිහිපයේ සමාජජාල ප‍්‍රසිද්ධියට පත්ව තිබූවකි.. එමෙන්ම මෙය ඇමෙරිකාවේ, මහා බි‍්‍රතාන්‍යයේ නොව මෙරට ඡුායාරූපයකි...

ආගම් ඇදහීමට, ජාතිය වෙනුවෙන් පෙනි සීටිමට තමන් කැමැති මතයක් හෝ දැරීමට
ඕනෑම අයිතියක් ඇත. ඒ අයිතියම අන් අය ද සතු වන බව අප අවබෝධ කරගත යුත්තේය. අප
අවබෝධ කර නොගන්නේ ම එයය. අප ආගම ඇදහීම කළ යුත්තේ ජාතිය වෙනුවෙන් පෙනී
සිටිය යුත්තේ අන් අයට වදයක් කරදරයක් නොවන ලෙසය. යමෙක් ආගම ජාතිය වෙනුවෙන්
පෙනී සිටින්නේ නම් එය ආරක්ෂා කරන්නේ ඒ සඳහා හොඳම විදිය ඒ ආගම ජාතිය අනුව
කටයුතු කිරීමය. අන් අයට විරුද්ධ වීම තුළින් අන් ආගම් ජාතීන්ටවලට ගරු
නොකිරීම තුළින් සිදු වන්නේ ඔවුන් ඔබ කෙරෙහිත් ඔබ ඔවුන් කෙරෙහිත් වෛර
බැඳීමය. එමෙන්ම ඕනෑම අයෙකුට කිසිදු ආගමක් ජාතියක් ඇදහීමෙන් පෙනීසිටිමෙන්
තොරව ජීවත්වීමේ අයිතිය ද අප විසින් තේරුම් ගත යුතුය. ඊට අප ගරු කළ යුතුය.
රටක් වශයෙන් අප තරම් ස්වභාවික සම්පත් ඇති රටක් වෙන කොහිවත් නැතැයි සෑම විටම මහත් ආඩම්බරයෙන් පවසන්නෙමු. ඒ තිබූ පමණින් අප ගත් යමක් අනාගත පරම්පරාවට අප උරුම කළ යමක් නැත. අපි අපට ඇති පුංචි රටේ සම්පත් තොගය අප බාගයට බාගයක් විනාශ කර ඇත්තෙමු. අපට ඉතිහාසයක් ඇතැ. සම්ප‍්‍රදායන් ඇත. එහෙත් අප ඒ මත යැපීමෙන් තොරව ඉදිරියට යා යුතු වෙමු. එහෙත් අප විසින් කරන්නේම ඉතිහාසය ගැන පාරම්බාමින් වර්තමානයත් අනාගතයක් දෙකම විනාශ කර ගැනීමය. රටක් ලෙස අද අප සිටින තැන, සුනාමියෙන් 11 වසරක් ගිය තැන ඉන් පීඩාවට පත්වූවන් ඉන් ආගාධයටත් පත්වීමත් තුළින් මනාව පෙන්නුම් කරයි.
අප ජපානය හෝ වෙනත් රටක් විය යුතු නැත. එහෙත් අප විනාශයන් ගැන දුක් වීමත් ඉතිහාසය ගැන පාරම් බෑමත් ඇරෙන්නට අන් යමක් කරන්නේම නැත. ජපන් ජාතිකයෝ අදටත් පරමාණු බෝම්බවලින් සිදු වූ හානිය නිසා පීඩා විඳිති. එහෙත් අද ජපානය සිටින තැන, අප සිතා බැලිය යුත්තේය. අප විසින් දේශපාලකයන් දෙන කැරට් ගිලමින් අනෙකාට දියුණුව කෙරෙහි කුහකයන් සේ බලමින්, අන් සුළු ජාතීන් පා ගා දමමින් ජීවත් වීමට උත්සාහ කරන්නෙමු. අන් ජාතීන්ගේ වැරැුදි සොයන්නට කලින් එම ආගම්වල සිටින්නන් ඒ ඒ ජාතීන්වල සිටින්නන් කර මිලේච්ඡු කි‍්‍රයා පිළිබඳ අර්ථ කතන දීමට අප අපේ දේ හදා ගත යුතුය. ඔවුන් අවි අමෝරා ගත් පමණින් අප ද එසේ කරන්නට යෑමෙන් සිදු වන්නේ සාමකාමී ආගමක් ලෙස ලෝකයා දැන සිටි බෞද්ධාගම කිසිදා යුද්ධ නොකළ බෞද්ධාමිකයෝ, අන් ආගම් අන් මත නොවිමන බව ලොවට පෙන්වීමය. ( බුද්ධ දර්ශනය වෙනම කතාවකි).
2015.12.27
Friday, December 18, 2015
අපි සෑමවිටම අනාගන්නා ජාතියක් බවට පත්වමින් සිටින බව නැවත නැවතත් ඔප්පු කරමින් සිටිමු. බොදු බලය ඉදිරියට දමමින්, ත‍්‍රස්තවාදය, යුද පුටුව ආදි විවිධ හදවතට තට්ටු කරන මාතෘකා ඉදිරියට දමමින් රාජපක්ෂ ආණ්ඩුව අහිංසකයන්ගේ පොකොට්ටුවට ද තට්ටු කර රටම මට්ටු කළේය. මේ ආණ්ඩුවත් ඇවන්ට් ගාර්ඞ්, ආදිය ඉදිරියට දමමින් බොහෝ විගඩම් නටන්නේය. සිංහලේ මොන අරමුණකින් කවුරුන් කරන්නේ ද යන්න තවමත් පැහැදිලි නැත. කෙසේ වෙතත් ලේ හොල්ලන වැඩක් වන්නට ඇති ඉඩ කඩ වැඩි බව දැනටමත් පෙන්වා අවසන්ය. ඕනෑම රටක ඉතිහාස කතා, ජනකතා ජන ප‍්‍රවාද ඇත. ඒවා හෑල්ලූවට ලක් නොකළ යුතුය. හැබැයි චීනේ, ජපානේ ඉන්දියාවේ හෝ වෙනත් රටක නිෂ්පාදනය කරන වාහනවල පිටිපස්සේ සිංහලේ යැයි ගහගනිමින් ඒවා හෑල්ලු නොකළ යුතුය. සිංහයා ආහාරයට ගන්නේ ගැහැණු සතුන් ගොදුරු අල්ලා ගැනීමෙන් පසුවය. අප කරන්නේ ද අම්මලා රට පැටවීමය. අවුරුදු 2500කට වැඩි ඉතිහාසයක් ඇති බව ඇත්තය. එහෙත් ඒ ගැන නිතර පාරම්බාමින් එකතැන් පල්වීම කිසිසේත් අනුමත නොකළ යුත්තකි. සෑම විටම මේ රටේ සැබෑ ප‍්‍රශ්න යට ගැසීමට පවතින ආණ්ඩු මහත් සූර කමක් දක්වයි. එබැවින් ගොනුන් මෙන් කුළල් කා ගනිමින් කටයුතු කිරීම නතර කළ යුතුය. දෙමළ දේශපාලකයන් දමිළ ජනතාව අන්දන අතරේ මුස්ලිම් හා සිංහල දේශපාලකයන් කරන්නේ ද මිනිසුන් කෙටවීමය.
අපිට තවමත් හරි අධ්‍යාන ප‍්‍රතිපත්තියක් නැත. ආර්ථික ප‍්‍රතිපත්තියක් නැත. ආණ්ඩුවත් ආණ්ඩුවට එරෙහිව බව පවසමින් උද්ඝෝෂණ කරන බොහෝ පිරිසුත් එකම පැත්තේය. එහෙත් අපි කුළල් කා ගනිමු. සැබෑ සිංහලයා මුස්ලිම්, දෙමළ ද විය හැකිය. සිංහල බව පෙන්විය යුත්තේ, වාහනයේ පිටි පස්සේ ගසා ගනිමින් නොව, වැඩවලිනි. මනුසත් කමිනි. අනෙකාට ආදරය කරමිනි. රටේ සැබෑ ප‍්‍රශ්නවලට අවධානය යොමු කරමිනි. අපි එන්නම එන්නම වෛරී ජාතියක් බවට පත්වෙමින් සිටිමු. මුස්ලිම් ජාතිකයකු වාහනක් පිටිපස්සේ අරාබි අකුරු ටිකක්, කඩුවක් ගසා ගැනීම නිවැරැුදි කිරීමට පෙර අපි අන්තවාදයෙන් මිදිය යුතුය. වෙනම රටක් ඉල්ලන දෙමළ මිනිසුන් අන්තවාදයට යනු මුස්ලමුන් සිටින බව හැබෑය. එහෙත් අපි ඒ තත්ත්වයට නොවැටිය විය යුතුය. ආදරය දන්නා හඳුනන දෙමළ වැසියන් මුස්ලිම් වැසියන් සමඟ අපි ආදරය බෙදා හදා ගත යුතුය. අන්තවාදය වෙනම රටකට වැට බැඳ එකම රටක් යටතේ ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත්විය හැක්කේ එවන් දවසකය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.12.18
Thursday, December 3, 2015
වෛද්‍ය වෘත්තීය ලොව උතුම් වෘත්තීන් අතරින් එකක්ය යන්න පැවැසීමට මා
කිසිසේකින් වත් පැකිළෙන්නේ නැත. අද එක් වෛද්‍යවරයෙක් පවසා සිටියේ ලක්ෂ
දහයක් ලබාදීම පහත් කි‍්‍රයාවක් බවය. එසේ නම් මොන කිංගෙඩියක් ද යන්න ඇසිය
යුතුය. වෛද්‍යවරුන් ඉගෙනුම ලබන්නේ මේ රටේ අහිංසක වැසියන්ගේ බදු මුදල්වලිනි.
ඒ රජයේ පාසල්වලින් හා රාජ්‍ය විශ්වවිද්‍යාලවලිනි. ඒ සඳහා ඔවුන් අතින් යම්
කිසි මුදලක් වැය වුවද වැඩි වශයෙන් ඔවුන් ලැබූ අධ්‍යාපනයේ වියදම බර පැන
දරන්නේ මේ රටේ අහිංසක ජනතාවය.
වෛද්‍යවරයකු දිනකට පෞද්ගලික රෝහල්වල තමා විසින්ම පවත්වාගෙන වෛද්‍ය සේවා සපයන ආයතනවලින් උපයන මුදල කෙතරම් ද යන්න අප කිසිවකු දන්නේ් නැත. ඒවා කිසිම විටක බදුවලට හසු වන්නේ ද නැත. එහෙව් පිරිස පෞද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධය. රජයේ රෝහල්වල සේවය කර බෙහෙත් තුන්ඩුව ෆාමසියකින් ගන්නැයි කියන්නේ එහෙව් වෛද්‍යවරුය. කිසිදු හේතුවක් නැතිව පරීක්ෂණ සිදු කරන්න කියන්නේ එහෙව් වෛද්‍යවරුය. රජයක් විසින් රාජ්‍ය සේවකයන්ට යම් කිසි ප‍්‍රතිලාභයක් ලබා දිය යුතුය. එය කැපවීමෙන් සේවය කරන පිරිස යම් කිසි ආකාරයකින් ඇගයීමට පත් කළ යුතුය. එහෙත් වසර තුනකට වරක් වාහන බලපත‍්‍ර ලබාදීම කිසි සෙයකින් ම නිවැරැුදි යැයි කිව නොහැක. එය වෛද්‍යවරුන්ට පමණක් නොව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාගේ සිට සියලූ රාජ්‍ය සේවකයන්ට අදාළය. ඔවුන්ගේ අහිංසක මිනිසුන්ගේ මුදලින් අධ්‍යාපනය ලබා, එම මුදල්වලින්ම වාහන ගැනීමට බලපත‍්‍ර ඉල්ලීම කෙතරම් සාධරණ ද යන්න සිතා බැලිය යුතුය.
වාහනවලට බදු ඉහළ බව වෙනමම කාරණයකි. අයිතීන් සුරක්ෂිත කරන්නැයි ඉල්ලන රාජ්‍ය සේවකයන් අහිංසක ජනතාවට නිසි ආකාරයෙන් සේවය සපයන්නේ ද යන්න ප‍්‍රථමයෙන් අවධාරණය කළ යුතුය. ජනතාවට නිසි සේවයක් සපයන්නේ නම් කිසිම අවස්ථාවක සාමාන්‍ය ජනතාව රාජ්‍ය සේවයට දෙස් දෙවොල් තබන්නේ නැත. රජයේ ආයතනයකින් සේවය ලබාගන්නට මිනිසුන් විඳින අප‍්‍රමාණය. රජයේ රෝහල්වලට ගිය අහිංසක මිනිසුන් කුණු බැණුම් අසන්නේ වෘත්තීය ගෞරවය පවා හෑල්ලූවට ලක් කරමිනි. කෙතරම් බාධක තිබුණ ද නිසි ආකාරයෙන් සේවය සපයන වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට මෙම කරුණ අදාළ නැත. වෛද්‍යවරුන් පැමිණෙන තෙක් අලූයම් කාලයේ සිට දුක් විඳින රෝගීන් ප‍්‍රමාණය අති මහත්ය.
තමන් උගත් දෙයින් රජයේ හෝ පෞද්ගලික සේවය සැපයීමේ කිසිදු වරදක් නැත. එහෙත් තමන් ගත් දෙයට යමක් දීම සම්බන්ධයෙන් ශීලාචාර බවක් තිබිය යුතුය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.12.03
2015.12.03
Wednesday, December 2, 2015
අයවැය වැඩි ඡුන්ද 107කින් සම්මත වී ඇත. රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැයේ මෙතෙකැයි කියන්නට තරම් අඩුපාඩු ඇත. යම් ප‍්‍රමාණයක් සංශෝධනයට ලක් වූ අතර තවත් බොහෝමයක් එසේ නොවී ඉතිරි විණි.
අයවැයේ තිබෙන බොහෝ කරුණුවලට, අයවැයේ යෝජනාවලට එකඟ නොවූ පිරිස් ඒවාට දැඩි සේ විරෝධය දකවන්නට විය. අධ්‍යාපනයට වෙන් කරන ලද මුදල ප්‍රෝඩාවක් බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ සමයේදී සංඛ්‍යාත්මක විජ්ජා සි¥ වූ බව පවසමින් මෙවර කරන ලද ඒවා යටි මඩි ගැසීම, මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පිරිස නැවත බලයට ගෙන ඒමට අවස්ථාවක් ලබාදීමකි. අයවැය, ආණ්ඩුව, අගමැතිවරයා හා ජනපතිවරයා කිසිදු වගවිභාගයකින් තොරව විවේචනය කිරීමට දැන් අවස්ථාවක් ලැබී ඇති මුත්, එය කවදා කෙලෙස වාරණයට ලක් වේදැයි අපට කිව නොහැක. ලැබී ඇති නිදහස සියයට සියයකින් ලැබී නැති අතරම, පෙර එවැනි නිදහසද් නොති බූ බව පවසා, ප‍්‍රශ්න මඟහැර සිටීම වර්තමාන ආණ්ඩුවට ද ගෙදර යෑමට පාර කපා ගැනීමකි.
ජනවාරි 8 වැනිදා පටන් රට තුළ යහපත් වෙනස්කම් රැුසක් සිදු වූ අතර, තවමත් මෙම පාලනය මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ පාලනයට වඩා හොඳය. එය රාජපක්ෂ පාලනයට වඩා හොඳ බව පමණක් අප වටහාගත යුතුය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.11.22
Wednesday, November 25, 2015
මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදල ගැටලුකාරීය. මුදල් අමාත්‍යාංශය සෞඛ්‍යයටත් අධ්‍යාපනයටත් බිලියන 210ක් වෙන් කළ බව කියයි. අධ්‍යාපනය අමාත්‍යවරයාට අනුව එය මිලියන 90,000කි. බිලියනවලින් 90 වකි. ඊයේ සායිටම් හි සිසුන් පිරිසක් කළ උද්ඝෝෂණයත් ඒ ඔවුන් එය කළ ආකාරයත් ආදිය සම්බන්ධයෙන් විවිධ අදහස් හා මතවාද පළවෙමින් පවතියි. ගැටලූව තිබිය යුත්තේ සායිටම් හි සිසුන් උද්ඝෝෂණ කරන ආකාරය පිළිබඳව නොවන බව අප මතක තබා ගත යුතුය. අප ප‍්‍රශ්න කළ යුත්තේ රජයේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය පිළිබඳවය. පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුය. එහෙත් ඒවා නියාමනය කිරීමේ වගකිම තිබිය යුත්තේ රජය සතුය. පුද්ගලික හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන්නේ රටේ දරුවන්ය. එබැවින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම්, සුරක්ෂිත කිරීම රටේ පාලකයන්ගේ වගකීමකි. රටේ වැඩිහිටියන්ගේ වගකීමකි. අධ්‍යාපනය අර්බුදය සම්බන්ධයෙන් සියලූ සිසුන් එක්විය යුතුය. මුදල් ගසාකෑමකින් තොරව, රටේ සියලූ දරුවන්ට ගුණත්වයෙන් ඉහළ අධ්‍යාපනයක් ඉල්ලා අප සියලූ දෙනා අරගල කළ යුතුය. රට තුළ පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කළ යුතු අතර ඒවාට ඇතුළත් කරගන්නා අවම සුදුසුකම, මිල ගණන් සියල්ල සම්බන්ධයෙන් රාජ්‍ය ප‍්‍රතිපත්තියක් තිබිය යුතුය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.11.25
Sunday, November 22, 2015
බැඳීම්
අම්මාගේ කළලයට අප එන්නේම බොහෝ ඥාතී මිත‍්‍රකම් ඇති කරගනිමින්ය. අප ජීවිතය ගැට ගසාගන්නේ මේ බැඳීම් මතය. ගුරුවරුන්, නෑයන්, පෙම්වතුන්, පෙම්වතියන්, මිතුරු මිතුරියන්, අසල්වැසියන්, හිත මිතුරන් ඇතුළු බොහෝ දෙනකුගේ බැඳීම් අපේ ජීවන ගමන ගෙවී යැයි. අපේ ලෞකික ජීවිතය ගැට ගැසී ඇත්තේම මේ බැඳීම් මතය. බැඳීම් ඇති වීමත් නැති වීමත් නිරන්තරයෙන් දුක් ගෙන දෙන්නේ, එය භෞතික ද අභෞතික ද යන්න මත නොවය, අදාළ ප‍්‍රාණියා හෝ අප‍්‍රාණවාචිය සමඟ ඇති සබඳතාවයේ ශක්තිවන්ත කම මතය. යම් පිරිස් තමා සමඟ ජීවත්වන්නන්ට වඩා තමා සතුව ඇති ප‍්‍රාණයක් නැති වස්තූන්වලට අපමණව ආදරය කරති.
බැඳීම් අත්හැරීම, සිහි නුවණින් අත්හැරීම නිවනට මඟ ඉක්මන් කරගැනීම යැයි බුද්ධ දේශනාවේ සඳහන් වන්නකි. බැඳීම් නිවනට ඇති මඟ පමා කරන්නකි. විද්‍යාවත් අවිද්‍යාවත් අතරත්, මුදලත් මනුසත්කමත් අතර පෙරළෙමින් පවතින සමාජයක, බුදුන්, ජේසුස් , ගාන්ධි, මැන්ඩෙලා වැනි අතිශය දුර්ලභ ගණයේ මිනිසුන් නැති ලොවක, ආදරය, මනුසත්කම පවත්වා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇත. එකිනෙකා ආගම්, කුල මල ආදී නොයෙක දෑ වෙනුවෙන් සටන් කරත.ි
අප අපේ සමීපතයන් අතින් නිරන්තරයෙන් රැුවටීමට ලක්වෙති. නොසැලකිල්ලට ලක්වෙති. ඔවුහූ සිතා මතාම නොසලකා හරිති. සියල්ල අනිත්‍ය බව වටහා ගැනීමට මහා පරිමාණ බුද්ධියක් අවශ්‍ය නොවන්නේය. තමාගේ සතුට ඇත්තේ තමා සතුවය. තම තමන්ගේ ශක්ති ප‍්‍රමාණය ගැන දන්නේ, තම තමන්ය. අප විසින් බොහෝ දෙනා ද, බොහෝ දෙනා විසින් අප වද රවටන අතර, වෙනස ඇත්තේ ඒ ඒ රැුවටීම් කළ අවස්ථාව, රැුවටීම කරන ලද සිතුවිල්ල, රවටන ලද ප‍්‍රමාණය අනුවය. යහපත් සිතුවිල්ලකින් අන් අයකු රැුවටීම පත් වන අවස්ථා ද ඇත. අන් අයෙක් බේරා ගැනීම සඳහා බොරුවක් කීමට සිදුවන අවස්ථා ඕනෑ තරම්ය.
දැඩි සේ ආදරය කරන අය අතින් රැුවටීමට ලක්වීම, නොසලකා හැරීමකට ලක්වීම බොහෝ සේ සිත් වේදනා ගෙන දෙන්නකි. එය මරණය ගෙ දෙන තරම් වේදනාකාරී වන අවස්ථා ද එමටය. එහෙත්, ඒ රැුවටීම නොසලකා හැරීම ශක්තියක් කරගෙන ජීවත්වීමය අවශ්‍ය වන්නේ. මරණයට පත්වීම බොහෝ පහසුය. එහෙත් වඩාත් වැදගත් වන්නේත්, අත්‍යවශය වන්නේත් දුෂ්කර වන්නේත් ජීවත්වීමය. එක් අයෙක් නිසා අප මරණය ළඟා කරගන්නේ නම්, අපට ආදරය කරන තවත් බොහෝ පිරිසක් දුක් වන බව ද අප මතක තබා ගත යුතුය. යම් පුද්ගලයකු අතින් රැුවටීම හෝ නොසලකා හැරීමට පත්වීම නිසා ජීවිතයේ සියල්ල අත් හරින්නේ නම්, ඒ තරම් අනුවණකාරී අන් යමක් තවත් නැත.
ජීවත්වීමට අරගල කරන බොහෝ දෙනා අප දැක නැතුවාට සැක නැත. මහරගම පිළිකා රෝහල ඊට කදිම තැනෙකි. යම් විටෙක එක් බැඳීමක්, මරණය මතක් කර දෙන විට, අපේ ජීවත්වීම අපේක්ෂා කරන තවත් බොහෝ බැඳීම පවතින බව අප අමතක නොකළ යුතුය. පිළිකා රෝහලේ ජීවන අරගලය කරන්නෝ බොහෝය. වෛද්‍යවරු ඔවුනට මරණය සඳහා දින නියම කරති. රෝගීහූ ඊට වඩා එක් දිනක් ජීවත්වීමට බොහෝ සේ අරගල කරති.
අප විසින් අපව මරණයට පත් කරගැනීමට කිසිදු අයිතියක් නැත. සරලව කියන්නේ නම්, සියදිවි නසා ගැනීමට අපට අයිතියක් නැත. අපට මරණය ගෙන එන්නේ ස්වභාවධර්මයයි. අප සොබාදම් මෑණියන්ගේ ¥ දරුවන්ය. අපේ මරණය සිදු විය යුත්තේ සොබාදහම නියම කරන දිනයකදීය. දෛවයක් ඇත්නම්, ඒ නියම කරන දිනයකදීය. ගෙන ආ ආයු කාලයක් ඇත්නම්, ඒ ආයූ කාලය අවසානයේදීය.
අප තේරුම් ගත යුතු තවත් එක් දෙයකි. කෙතරම් බැඳීම් තිබුණද අප සියලූ දෙනාගේ සතුට රැුඳී ඇත්තේ අප අතර බව අප අවබෝධ කරගත යුතු කරුණකි. අන් අය ඔස්සේ සතුටක් ලැබෙන්නේ එය තාවකාලිකය. අප විසින් සොයන සතුට සොයා ගත යුත්තේ අන් අය ඔස්සේ නොව අප විසින්ය. අප සොයන සතුට ඇත්තේ අප තුළමය. එය හාර අවුස්සා සොයගැනීමට වෙහෙස මහන්සි විය යුත්තේ අපය. අප තුළ ඇති අපේ සතුට සොයන මං පෙත් විවර කර ගත යුත්තේත්, එම මාර්ග සොයා ගත යුත්තේත් අපය.

Thursday, November 12, 2015
මම ජනපති වුණේ සෝභිත හාමුදුරුවෝ නිසා
‘මම ජනපති වූයේත් , රනිල්
වික‍්‍රමසිංහ මහතා අගමැතිවූයේත්, ප‍්‍රධාන පක්ෂ දෙක මෙලෙස එක්කාසූ
වූයේත්................’ සෝභිත හාමුදුරුවෝ නිසා යැයි ජනපතිවරයා සෝභිත
හිමියන්ගේ ආදාහන උත්සවය ඇමැතූ ජනපතිවරයා පැවැසීය. විධායක ජනපතිධුරය අහෝසි
කරන බව ද ජනාධිපතිවරයා එහිදි සපථ කරමින් පැවැසීය.
ජනපතිවරයාගේ
අනතුරුව, ස්තූති කතාව ද පැවැත්වීමෙන් අනතුරුව, මහාචාර්ය සරත් විජේසූරියත්,
කතානායකවරයාත් කතා පැවැත්වීම එක්තරා ආකාරයක අවුල් බවක් පෙන්නුම් කිරීමකි.
මහාචාර්ය සරත් විජේසූරිය සිය කතාව අවසන්
කරන ලද්දේ සිවිල් සංවිධාන වෙනුවෙන් විනාඩි පහක් ලබාදීමට කටයුතු කළ
කතානායකවරයාට ස්තූතිය පළ කරමිනි. සංවිධාන කමිටුවල න්‍යාය පත‍්‍රවලින් සෝභිත
හිමියන්ගේ සාධාරණ සමාජයක් ව්‍යාපාරයට කතාවක් ලබාදීමට අමතක වූවා නම් එය
බරපතල ගැටලූවකි. නැවත නැවතත් සිතා බැලිය යුත්තකි.
සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත වූයේ මෙය යැයි හඳුන්වමින් විවිධ වීඩියෝ පට, ලිපි ලේඛන
මුද්‍රිත, විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්විය. විවිධ
පිරිස් සෝභිත හිමියන් අවසන්වරට පැවැසුවේ මෙය යැයි පැවැසීය. මහින්ද පාර්ශවය
කියා සිටියේ, සෝභිත හිමියන් ‘අපට වැරැුදුණා මහත්තයෝ’ යයි කී බවය. එහෙත් මේ
කිසිවක් සෝභිත හිමි ජීවමාන වදනින් ඇරෙන්නට සාක්ෂාත් කරගත නොහැකිය. ඒ
උන්වහන්සේ අප හැර ගොස් ඇති බැවිනි. මෙවැන් උත්සවයක් නොපැවැත් වූවානම්, රටට
මෙතරම් මෙහෙයක් කළ සෝභිත හාමුදුරුවෝ වෙනුවෙන් කිසිවක් නොකළයි බැන වැදීමට අද
අවසන් කැමැත්ත ගැන කතා කරන පාර්ශව නොපැකිළී කටයුතු කරන්නට ඉඩ තිබිණි.
දැන් උන්වහන්සේ අප අතර නැත. උන්වහන්සේ මුල්ම කැමැත්තත් අවසන් කැමැත්තත් වූයේ, සාධාරණ සමාජයකි. අද පටන් සියලූ දෙනා ඒකරාශී වූයේ සාධාරණ සමාජයක් උදෙසාය. ඊට පක්ෂ, පාට, ආගම්, කුලමල, භේද කිසිවක් නොතිබිය යුතුය.
උන්වහන්සේගේ අවසාන ගමන පවා අපට අරුත් දන්වන්නේ සාධාරණ සමාජයක්, ශීලාචාර සමෘද්ධිමත් රටක් වෙනුවෙන් ඒකරාශී වන්නටය. ආගම් භේදයකින් තොරව සමාජ කි‍්‍රයාකාරිකයකුගේ, බුද්ධ පුත‍්‍රයකුගේ, ස්වභාවදම් සත්ත්වයකුගේ අවසන් ගමනට මෙවැනි ගෞරව දැක්වීම පිළිබඳ ඉතිහාසයක් මා දන්නේ නැත.
රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගෙන් සෝභිත හිමියන් අවසන් වරට ඉල්ලූවා යැයි කියන්නේ ද ජනපතිවරයා හා එක්ව සාධාරණ රටක්, ශීලාචාර රටක්, ගොඩනගන ඉල්ලීම යැයි අගමැතිවරයා ද, කතානායකවරයා ද, මහාචාර්ය සරත් විජේසූරිය ද සිය කතාවලදී පැවැසූහ.
සියල්ල නිහඬව සිටියදී, නිදහස් නිවහල් රටක් වෙනුවෙන් සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් වදින්නේ සෝභිත හිමියන්ය. ජනපතිවරයාත්, අගමැතිවරයාත් උන්වහන්සේගේ දේහය ඉදිරියේ සිට සපථ කරන්නේ සෝභිත හිමියන් පැවැසූ මූලධර්ම අරමුණු ආරක්ෂා කරන බවය, විධායක ජනපතිධුරය අහෝසි කරන බවය. මළ මිනියක් ඉදිරියේ දුන් පොරොන්දු හෝ ඉටු කරන්නට මේ දේශපාලකයන් කටයුතු කළ යුතුය. එය ජීවත්ව සිටි විට දුන් පොරොන්දුවකට වඩා බලවත් යැයි සිතමි.
සාධාරණ සමාජයක් වෙනුවෙන්....
හර්ෂණ තුෂාර සිල්වා
2015.11.12

Wednesday, November 11, 2015
සෝභිත හිමියන්ගේ අපවත්වීමත්, ඇවන්ගාඞ් සිදුවීමත් නිසාමීට සති දෙකකට පෙර
එච්.එන්.ඞී.ඒ සිදුවීම සම්බන්ධ කි‍්‍රයාවලිය බොහෝ පිරිස්වලට අමතකව ගිය බවක්
පෙනෙන්ට ඇත. අද පැවැති මාධ්‍ය හමුවකදී අන්තර් විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලයේය
කැඳවුම්කරු ප‍්‍රකාශ කර සිටියේ තවමත් ගැටලූ විසඳී නැති බවය.
තිලක්
මාරපන හිටපු අමාත්‍යවරයාගේ ඉවත් වීම පවා එක්තරා ආකාරයක රංගනයක් යැයි කිව
යුතුය. ඔහු ඉවත් වෙමින් අදාළ ආයතනයේ නිරවද්‍යතාව සපථ කර සිටින්නේ, කිසිම
අයුරකින් එම ආයතන හා ඒ සම්බන්ධ කි‍්‍රයාවලිවලදී නිතිවිරෝධී කිසිවක් සිදුව නැති බව පවසමිනි.
ඉකුත් මහින්ද රාජපක්ෂ සමයේදී සිදුවූයේ මෙවැනි දෑමය. සැබෑ ප‍්‍රශ්න යට
යැවීමත්, ඒ වෙනුවට එක් යමක් අල්ලාගැනීමත්ය. රාජපක්ෂ ආණ්ඩුවට ‘යුද්ධය අවසන්
කිරීම’ තුරුප්පු වද තිබීය.
රටක දියුණුවට වඩාත් වැදගත් සාධකය වන්නේ අධ්‍යාපනය යැයි දැඩි සේ විශ්වාස කරමි. අධ්‍යාපනය විවිධාකාරයෙන් කොටස් කළ හැකිය. වෘත්තීය වශයෙන්, විෂය වශයෙන් ආදිය නෙයෙක ක්ෂේත‍්‍ර ඔස්සේ වර්ග කළ හැකිය.
එම නිසා රටක රාජ්‍ය හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතන බිහි වීම සුදුසුය. එසේ අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමේදී රජය සතුව සුවිශේෂී වගකීමක් වෙයි. පෞද්ගලික අධ්‍යාපන ආරම්භ කරන විටකදී ඒවායේ ගුණාත්මකභාවය, අය කරන මිල ගණන්, ආදී බොහෝ සාධක කෙරෙහි අවධානය යොමු කරන අතරම, පෞද්ගලික අධ්‍යාපන ආයතනයත් රාජ්‍ය අධ්‍යාපන ආයතන අතරත් තරගකාරීත්වයක් නිර්මාණය කළ යුතුය.
සෑම වසරකදීම දෙලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිති. 2003 වසරේදී 213,201ක් දෙනෙක් උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර 2010 වසරේදී එම සංඛ්‍යාව 233,354ක් විය. 2014 මහ බැංකු වාර්තාව අනුව පසුගිය වසරේදී පමණක් උසස් පෙළ විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 247,396කි. එපමණක් නොව පසුගිය වසරේ උසස් පෙළ විභාගයට අයදුම් පත‍්‍ර කළ යොමු කළ සංඛ්‍යාව 290,517ක් වීම තවත් සුවිශේෂී කරුණක් වන්නේය. 2003 වසරේදී විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලබන පිරිස 93,292ක් වනවිට 2010 වසරේදී එම සංඛ්‍යාව 142,415 ක් වන්නේය.
2010 වසරේදී විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට වරම් ලබන්නේ 21,547කි. පසුගිය වසරේදී සිසුහූ 143,740ක් සරසවි වරම් ලබති (මහ බැංකුව වාර්තාවට අනුව*. එහෙත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගනු ලැබුවේ 25,200කි. එහෙත් ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව 2014 වසරේදී විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ පිරිස 149,489කි. මහ බැංකු (2014* වාර්තාවට අනුව 143,740ක් සුදුසුකම් ලබනවිට විශ්වවිද්‍යාවලට ඇතුළත් වන්නේ 25,200කි. ප‍්‍රතිශතයක් ලෙස ගත්කළ විට සියයට 58.27ක් සුදුසුකම් ලබද්දි විශ්වවිද්‍යාවලට ඇතුළත් වන්නේ සියයට 17.50කි.
ඉතිරි 118,540ට උසස් අධ්‍යාපනය අකැපද ? එපමණක් නොව විශ්වවිද්‍යාලවරම් නොලබන පිරිසට උසස් අධ්‍යාපනය අකැපද? උසස් පෙළ අසමත් වන, නොයෙක් හේතු නිසා උසස් පෙළට වාඩි නොවූ 50,000කට ආසන්න පිරිස ‘මැට්ටෝ’ ද ?
හර්ෂණ තුෂාර සිල්වා
2015.11.11

Sunday, November 8, 2015
වීරයා මැරිලා
මට මතකයි පුංචි කාලේ, මම අතේ එල්ලිලා කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේ තිබුණු සෝම හාමදුරුවන්ගේ බණක් අහන්න ගියා. බණ අහන්න වුණේ පන්සලේ ගේට්ටුව ගාව ඉඳන් , ඒ තරමට සෙනඟ. මට බණ අහනවා තියා ඒ ගැන දැනුමක් වක් තිබ්බේ නැහැ. මං වැඩියෙන්ම ආදරය කරපු හාමුදුරු නම සෝම හාමුදුරුවෝ. සෝම හාමුදුරුවෝ අපවත් වුණා කියපු වේලේ ඇඩුණා. එතැන් පටන් අද වෙනතෙක් හාමුදුරු නමක් අපවත් වූ බව අසා මා කඳුළු හෙළා නැහැ. ඒත් සෝභිත හිමියන්ගේ අභාවය, මගේ දෑසට පමණක් නොව බොහෝ දෙනාගේ දෑසට කඳුළු බිඳු ගෙනා බව නොරහසකි. උන්වහන්සේ සමඟ සමීපයෙන් ආශ‍්‍රය නොකළ ද, එක්වරක් උන්වහන්සේ සමඟ දුරකථනයෙන් කතා කළ බව මතකයට ගෙන එද්දිත් සියුම් ආඩම්බරයක් දැනෙයි. එහෙත් අවාසානවකට උන් වහන්සේ සමඟ කිරීමට යොදා ගත් සම්මුඛ සාකච්ඡුාව කරගත නොහැකි වූයේ, උන්වහන්සේ දුර බැහැරක වැඩ සිටි හෙයිනි. සෝම හාමුදුරුවෝ අපවත් වනවිට හය හතර නොදත් මා අද යම් අවබෝධයක් ඇත්තෙක්මි. අගමැතිවරයා අද කියා සිටියේ, සෝභිත හිමියන්ගේ අරමුණු ඉටු කිරීමට බැඳී සිටින බවකි. පැවැති සෑම ආණ්ඩුවක් පෙරළීමට නොබියව මූලිකත්වය ගත්තෙක් වූවා නම්, ඒ අල්පය අතර සෝභිත හිමියන්ගේ නමද විය. සෘජු ලෙස අදහස් කීමට නොපැකිළි උන්වහන්සේ සෑම විටම පෙනී සිටියේ, උන්වහන්සේ සිහින දුටු සාධාරණ සමාජය උදෙසාමය. එය ඉටු කිරීම අප සැමගේ වගකීමකි. උන්වහන්සේගේ අභාවයෙන් අධමයන් සතුටු වන අයුරුත් උන්ගේ පාදඩ කම පෙන්නුම් කිරීමක් ලෙස පෙන්වාදිය යුත-ුය.
උන්වහන්සේ මෙන්, නිර්භීත පුද්ගලයකු සොයා ගත යුතුව ඇත. අපට සමීප ජනවාරි 8 පෙරළියට නායකත්වය දුන්නේ සෝභිත හිමියන්ය. එම නිසා සාධරණයක් සමාජයක් සඳහා නායකයන් අවශ්‍යය. වීරයන් වුවමනා කර තිබේ. එබැවන්, සෝභිත හිමියන්ගේ තැන ගන්නට කිසිවකුත් නැත. සියලූ දෙනා එක්ව සටන් කළ යුතුව. අප විසින් සෝභිත හිමියන්ට කරන ලොකුම ගෞරවය එය වනු ඇත. උන්වහන්සේ වදනින්ම, ගිහියන් දහසකට කළ හැකි දේ, එක් හිමි නමකට කළ හැකිය. ඔබ වහන්සේ නිවැරැුදිය. අපි ඔබ වහන්සේට ආදරය කළෙමු. සෑම අවුලකදීම ඔබ වහන්සේ කියන්නේ කුමක් දැයි බලා සිටියෙමු. ජනතාව ඔබ සිටි බව අපටත් විශ්වාසය. ඔබවහන්සේ කළ සියල්ල, ජනපතිවරයකුටත් කළ නොහැකි බව දනිමු. එබැවින් දහස බැගින් ඒක්කාසු විය. ඊට පක්ෂ පාට ආගම් කුල මල භේද නොපැවැතිය යුතුය.
හුස්ම වැටීම නැවැතුණු පසු මළ සිරුරට වන්දනා මාන කරනාවට වඩා, ජීවමානව සිටියදී යම් අරමුණක්, යම් දෙයක් පැතුවා නම්, පුත නුඹ මෙසේ විය යුතු යැයි සිතුවා නම්, ජීවත්ව සිටින උන්ගේ පරම වගකීම වන්නේ එම අරමුණු ඉෂ්ට කර දීම යැයි විශ්වාස කරමි. සාධාරණ සමාජයක් ගොඩනැගීමේ නියම සටන ආරම්භ වන්නේ දැන්ය. වීරයෙක් නොමැතිව, සටන දුෂ්කරය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.11.08

ඒ මා දුටු එකම බෞද්ධ භික්ෂූන් වහන්සේය !
සෝභිත හාමුදුරුවන් යනු; මගේ ජිවිත කාලය තුළ, මා දුටු එකම බෞද්ධ භික්ෂූන්
වහන්සේය. උන් වහන්සේ ගැන මා මුලිම්ම දැන ගන්නේ 88/89 රාජ්‍ය භීෂණ කාලය තුළ
අපේ ගෙදරට රැස්වූ මානව හිමිකම් ක්‍රියාකාරී අංකල්ලා ගේ කටිනි. දකුණු පළාතේ
උන් ප්‍රාදේශීය මානව හිමිකම් ක්‍රියාකාරීන් ගමේ තත්වය ගැන නිරන්තරව වාර්තා
කළේ උන් වහන්සේටය. එකල අපි දිවයින පත්තරේ උන් වහන්සේගේ ඉන්ටර්වීව්
කියවීමු. උන්වහන්සේ ප්‍රේමදාස රජයෙන් රටේ මිනිස්සු රකින්නට ඉදිරියට ආ මුල්
පෙළ නායකත්වයක් වූ සේක. මට කලින් මෙලොව එලිය දුටු කාමලිකා තෙන්නකෝන් ට
සෝභිත හාමුදුරුවන් ගැන මතකය පටන් ගන්නේ 83 කළු ජූලියෙනි.දේශමාමක රෝගීන්
බොරැල්ලේ දමිළ කඩ ගිනි තියද්දී-දමිළ වාසගම් සහිත මිනිසුන් එලොව යවන්න
තතනද්දී තනි සිංහයෙකු ලෙස එතැන සටන් කර ඇත්තේ උන්වහන්සේ ලු.සුලුජාතිකයන්
මරාගෙන කන්න ඉල්ලන චීවරධාරීන් ඉන්නා රටක, ඒ මා දුටු එකම බෞද්ධ භික්ෂූන්
වහන්සේය.ප්‍රේමදාස රජය පෙරළා රටට යහපාලනය උදා කරන්නට චන්ද්‍රිකා
රැගෙන එන සටන පටන් ගත්තෙත් උන් වහන්සේ තමයි ය. ඒ ප්‍රේමදාස ට විරුද්ධව කටේ
කෙළ බිඳක් හලන්නට බැරි මිනිස්සු හිටි රටකය. එවක රාවය පත්තරේ ගිය
උන්වහන්සේගේ ලිපි හඬගා කියවූ මගේ තාත්තා, ඉන් සමහරක් පිටුවෙන් වෙන්කර ගෙදර
බිත්තියේ අලවා තියෙනු මට තාමත් මතකය. මහින්ද රාජපක්ෂ අගමැති කමට ගෙනෙන්නට
චන්ද්‍රිකා ට බල කළ සුළුතරය අතර සෝභිත හාමුදුරුවන් ද විය. පුදුමය එය එසේ
නොවුනානම් ය.
උන්වහන්සේ රටේ සියලු ජන-පෙරළි වල මූලිකත්වය වූහ. සෝභිත
හිමියන් නැඟි සිටින්නේ කොතනද, එතැන බල-පෙරළියක් නියත වග සිහිසම්පන්න රටේ
ජනතාව දැන උන්හ."යහපාලනය" මිස ඔය එක පෙරලියකින්වත් උන්වහන්සේ අපේක්ෂා කළ
පෞද්ගලික වරදානයක් නැත. එය එසේ වුවා නම් ; උන්වහන්සේ ඊළඟ සටනට නායකත්වය
දෙන්නේ ද නැත.
තමන් ගේ අරගලය තුළින් හැදුණු ආණ්ඩුවක දොස් දැක,
සියල්ලන්ටම කළින් කිපුණේ උන් වහන්සේය. ඒ රොටියත් කරවුණු බව දැක චිත්ත
සංතාපයට පත්වූයේ උන්වහන්සේය. අපේ ලෝකය යහපත් කිරීමේ "අව්‍යාජ වෑයම" තිබුණේ
උන්වහන්සේගේ සිතෙහි පමණක් බව මම විශ්වාස කරමි. දර දිය ඇද, පිටි අනා, රොටි
පුච්චා, අතට දෙනකන් බකන්නිලා ඉන්න "ප්‍රජාතන්ත්‍රවාදී නිකමුන්" බහුල රටක්
සමාජීයව සංවර්ධනය කරන්නට උන් වහන්සේ සෑහෙන්න වෙහෙස විය. එය උන්වහන්සේට
තනියම කළ හැක්කක් නොවන බව දැන දැනත් අපට රොටි පුච්චන්ට ඉදිරියට වැඩියේ
උන්වහන්සේ පමණි.
සෝභිත හාමුදුරුවෝ යනු බයියන්ගේ #බයියාන්ඩුව
පෙරළන්න මුලිකත්වය ගත් නායකත්වය පමණක් නොවේ. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හිරේ
දමද්දීත්, අගවිනිසුරුවරිය තනතුරෙන් එළවද්දීත්, නායකකාරකාදීන් ගේ හොර ගේම්
දැක ව්‍යවස්ථාදායකය අහක බලද්දිත් මිනිස්සු අවදිකරවමින් #වහල්බවින් මිදෙන්නට අරගල කළ නායකත්වය ද වේ. බයියාන්ඩුව පෙරළී #ගේමාණ්ඩුව
ක් ඇතිවීම උන්වහන්සේගේ දෝෂයක් නොවේ. ඒක සදාකාලිකව වහල්කමට පුරුදු කළ
දේශපාලනික වහලුන් ඉන්නා රටක රටවැසියන්ගේ වැරැද්ද ය. උන්වහන්සේ අපවත්වුයේ
සිත්තැවුලෙනි. ඒ තැවුල, නුඹලාගේ පයේ විලංගුව ලිහන්නට උන්වහන්සේට කාලයක් හෝ
හැකියාවක් ඉතිරි නොවීම ගැනය. ඔය #බයියාන්ඩු සහ #ගේමාණ්ඩු
ඇතිවන්නේ වහලුන්ගේ සමාජයක ය. ඊට උන්වහන්සේ වගකිවයුතු නැත.රටේ සැලකියයුතු
පිරිසක් මනෝ-දේශපාලනික වහල්භාවයෙන් මුදවා ගැනීමට සෝභිත හිමියන් කටයුතු
කළෝය. අද, උන්වහන්සේගේ අපවත්වීමෙන් යමෙකුට සතුටක් දැනෙන්නේ නම් ; ඒ , පයෙහි
ලූ විලංගුව "පාසලඹක්" ලෙසින් දකින වහලෙකි.
සෝභිත හිමියන් ජනතාව
අතර හිඳ ජනතාවගේ යහ පැවැත්ම වෙනුවෙන් හදවතින් වැඩ කළ උත්තමයෙකි. උන්වහන්සේ ට
කාම සුඛල්ලික අසපු නොවීය. වස්වසින්නට යුරෝපෙට දුවන්න ඕනා නොවීය. තමන්
විසින් මාර්ගපල අවබෝධ කර ගැනීමට පෙර රටේ මිනිස්සු හරි මාර්ගයේ යවන්නට උන්
වහන්සේට කවදත් ඕනා විය. කොටිම්ම, උන් වහන්සේ උත්කර්ෂ දේශපාලන නායකත්වය
පස්සෙන් ගිය කෙනෙකු නොවූහ, දේශපාලකයන් ජනතාව පස්සෙන් එවන්නට වැඩ කළ
නායකයෙකු වූහ. තමන් මුලිකව ඇතිකළ සමාජ-දේශපාලන පෙරළියකින් මිනිසුන්ට සැබෑ
සෙත නොසැලසිම ගැන අවංකව "සිත්තැවුලට" පත් එකම නායකයා උන්වහන්සේය. ඒ 'සිත්
තැවුල', "රටක් ලෙස ලත් පරාජය" පිළිබඳවය. ශ්‍රී ලංකාව යනු ; තමන්ගේ ආණ්ඩුව
මුහුදුබත් වෙන්න ලං වෙන බව දැනුණු වහා ඊළඟ ආණ්ඩුවට පනින්නට ගේම් ගහන
දේශපාලන මීයන්,කැරපොත්තන් ඉන්නා රටකි. ඩී එස් සේනානායක ලාගේ කාලයේ පටන් මා
අසා ඇති කිසිදු සමාජ දේශපාලන චරිතයක් "රටක පරාජය" නිසා සිත්තැවුලෙන්
අවසන්ගමන් ගොස් නැත. ඉතිං, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට මේ
අහිමි වුයේ රටට වඩාත්ම ආදරය කළ අතිගෞරවනිය පුරවැසියා ය.
Nadeesha Chandrasena
https://www.facebook.com/nadeesha.chandrasena
Friday, November 6, 2015
අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු කාලය, මන්තී‍්‍රවරුන් ඉහළම මිල ගණන්වලට විකිණෙන කාලය යැයි අපි අනාවැකි පළ කළෙමු. දැන් පාර්ලිමේන්තුවේ හඬ නගන්නේ එම මුදල්ය. තිලක් මාරපන අමාත්‍යවරයාත්, විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාත් හත් පොළේ ගා ගන්නා ආකාරය දැන් හොඳකාරවම පෙනෙන්නට ඇත්තේ එම තත්ත්වයයි. මහින්ද රාජපක්ෂ පාලනය සමයේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු පමණක් නොව විපක්ෂයේ පිරිස් ද මුදලට යට වූ බව නොරහසකි. ආණ්ඩුවේ ප‍්‍රධානම අමාත්‍යධුර දරන්නන් එකක් පවසද්දි ආණ්ඩුවේ සම කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසා සිටින්නේ තිලක් මාරපන අමාත්‍යවරයාත්, විජයදාස අමාත්‍යවරයාත් කළ ප‍්‍රකාශ ආණ්ඩුවේ මතය නොවන බවය. එසේ නම්, එම ඇමැතිවරුන් කරන කියන දෑ ගැනද අපට විශ්වාසයක් තිබිය නොහැක. තිලක් මාරපන අමාත්‍යවරයා යම් කිසි සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ විට එය ආණ්ඩුවේ මතය නොවේ යැයි ආණ්ඩුවම පවසනු ඇත. ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් යනු ආණ්ඩුවේ නියෝජනයයි. ඔහු කරන කියන දෑ ආණ්ඩුවට ද අදාළය.
එපමණක් නොව මෙම ආණ්ඩුව ගෙන ඒමට ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා යම් කිසි කාර්යභාරයක් කළ බව අමතක නොකළ යුතුය. ඔහුගේ තනතුරට අවමන් කරමින්, අද විජයදාස අමාත්‍යවරයා කළ ප‍්‍රකාශය පිළිකුල් සහගතය. ආණ්ඩුවේ සැබෑ ස්වරූපය මේ ආකාරයෙන් පෙන්නුම් කිරීම වඩා හොඳය. ඒ ආණ්ඩුවට ඔවුන්ගේ වැරැුදි නිවැරැුදි කරගෙන ඉදිරියට යෑමේ අවස්ථාවක් උදා වීමත්, ජනතාවට ආණ්ඩුවේ ස්වභාවය තේරුම් ගැනීමට අවස්ථාවක් උදාවීමත් යන හේතු කාරණා නිසාය. තවමත් මේ ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවට වඩා හොඳයි. මීට පෙර කිසි දිනෙක ඉහළ පෙළේ නිලධාරීන් ප‍්‍රශ්න කිරීම් සඳහා ගෙන් වූ බවක් අප අසා නැත. කැබිනට් අමාත්‍යවරුන්, ජනපතිවරුන්ට එසේ කළ බවක් අසා නැත. මෙය දේශපාලන පළිගැනීමක්, අපහාසයෙන් උපහාසයෙන් ඔබ්බට යා යුතුය. වික්ටර් අයිවන් කීවාක් මෙන් මෙය චක‍්‍රයක් වශයෙන් සිදුවනු ඇත. වෙනත් ආණ්ඩුවක් පත් වූ පසු නැවතත් දැන් බලයේ සිටින්නට එසේ සිදුවනු ඇත. එසේ හෝ මේ ක‍්‍රමය නිවැරැුදි වනු ඇත.
රාජිත සේනාරත්නත්, චම්පික රණවකත්, ඇතුළු තවත් එක්සත් ජාතික පක්ෂයේ නොවන පිරිසක් ආණ්ඩුව තුළ සිටීම රටට සුබවාදීය. ඒ පරස්පර මතවාදත්, හොරුන්ට අවස්ථාවක් නොදීමත් යන කරුණු හේතුවෙනි. පාර්ලිමේන්තුවේ සිටින කිසිවකුත් සුදනන් නොවන බව අපි දනිමු. ජනතා විමුක්ති පෙරමුණට ද එය අදාළය. එහෙයින් අපට අවශ්‍ය කරන්නේ අවම වැරැුදයි. අපරාධ අඩු තැනැත්තනත්. නම අඩුවෙන් කැත කරගත්තවුන්ය.
අනෙක් කරුණ. පසුගිය රාජපක්ෂ පාලන කාලය පුරාවමටම ත‍්‍රස්තවාදයත්, අන්තවාදයත් ඉදිරියට දමමින්, ආණ්ඩුව විවිධ ප‍්‍රශ්න නිර්මාණය කරමින්, සැබෑ ප‍්‍රශ්න යටගැසීමට කටයුතු කළේය. වර්තමානයේ සිදුවෙමින් ඇත්තේත් එවැනි කි‍්‍රයාවලියකි. සැබෑ ප‍්‍රශ්න යටයමින් පවතියි. ආණ්ඩුවක් වශයෙන් තවමත් මේ ආණ්ඩුවට රටේ ජනතවාගේ ප‍්‍රසාදයක් නැත. අවම වශයෙන් ආණ්ඩුවට ඡුන්දය දුන් පිරිස් ද සිටින්නේ කලකිරිමෙන්ය. එබැවින් ආණ්ඩුව වැරැුදි නිවැරැුදි කර ගත යුතුය. මහින්ද රාජපක්ෂ සමයේ සිදු වූ යහපත් දෑ ඉදිරියට ගෙන යෑමත්, අලූත් දෑ කිරීමත් කළ යුතුය. අධ්‍යාපනය, සෞඛ්‍ය, ආදී ප‍්‍රධාන ක්ෂේත‍්‍ර රැුසක ප‍්‍රතිසංස්කරණ කළ යුතුය. නව ව්‍යවස්ථාවක් සැකැසීම සම්බන්ධයෙන් පැවැති කතිකාවත ඉදිරියට ගෙන යා යුතුය.
එබැවින් මේ ආණ්ඩුවට තවමත් කල් ඇත. නිවැරැුදි කරනොගතහොත් ආණ්ඩුවට රාජපක්ෂ ආණ්ඩුවට පෙර ගෙදර යෑමට ඇති අවදානම වැඩිය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.11.06

Wednesday, November 4, 2015
කොළඹ ගෝලීයව තරගකාරී නගරයක් කිරීම තේමාව කරගනිමින් අදත් ඊයේත් සමුළුවක්
පැවැති එහිදි හුවමාරු වූ අදහස් වැදගත් බව කිව යුතුය. එහිදි රාජ්‍ය අංශය
නියෝජනය කරමින්, ආයතන රැුසක් සහභාගී වී සිටියද, එය ප‍්‍රමාණවත් නොවන බව
හැඟීමයි. එපමණක් නොව, මහාමාර්ග, ප‍්‍රවාහනය, ආදී එකට තිබිය යුතු විෂය විවිධ
අමාත්‍යාංශවලට කැඞී ගොස් තිබීමේ බරපතළ විපාකයකට අප මුහුණ දී සිටීමත්, එලෙස
සමාන්තරව ගමන් කළ යුතු අමාත්‍යාංශ වෙන වෙනම කටයුතු කිරීමෙන් සිදුවන
නාස්තිය, යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතී සුදු අලීන් බවට පත්වීමේ
දරුණු අර්බුදයකටත් අප පත්ව සිටියි. එනම්, මාර්ග සංවර්ධන අධිකාරිය,
ප‍්‍රාදේශීය සභාවක් හෝ අදාළ පළාත් පාලන ආයතනයක් විසින් මාර්ගයක්
ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ජල සම්පාදන මණ්ඩලයෙන් පැමිණ පිළිසකර කළ
මාර්ගය කඩා බට දැමීම ඊට සරල උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකි කරුණකි.
මෘදුකාංග නිර්මාණකරුවන් වෙත ලියමි.
මෙම සමුළුවේ අවසාන සැසියේදී අදහස් දැක් වූ සිස්කෝ උපදේශන සේවා ආයතනයේ රවීන්ද්‍ර පාල් සිං ගේ අදහසක් මෘදුකාංග නිර්මාණකරුවන් ගේ අවධානය ට යොමු කරමි.
ඔහු කී පරිද්දෙන් මෘදුකාංගයක් මෙරට පිරිස් නිර්මාණය කර ඇත්දැයි සම්බන්ධයෙන් අවබෝධයක් මට නැත. බැංගලෝරයේ කුණු දැමීම සම්බන්ධයෙන් ගෙන එන ලද කරුණක දී, කුණු දමන ස්ථාන පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානයට යොමු කළ ද ඉන් පලක් නොවූ එම මෘදුකාංගය නිර්මාණය කර තිබුණි. මාදූකාංගය අනුව, පාරේ යම් තැනක අපද්‍රව්‍ය බැහැර කර ඇත්නම්, එහි ඡුායාරූපයක් ගෙන එය අදාළ ස්ථානවලට යැවීමේ පහසුකම් නිර්මාණය කරන ලද මෘදූකාංගය ඔස්සේ ලබාදෙයි. එපමණක් නොව එම ඡුායාරූපයම, සමාජ වෙබ් අඩවි හෝ වෙනත් ආකාරයකින් ප‍්‍රසිද්ධියට පත් කිරීමක් ද සිදුවෙයි. එමඟීන් බලධාරීන් ට එය පැහැර හැර සිටීමේ හැකියාවක් නොවීය. මාසයකට පමණ පසු මෘදුකාංගය නිසා අදාළ ස්ථානවල අපද්‍රව්‍ය බැහැර කිරීම් නවතා ගැනීමට අදාළ පාර්ශවවලට හැකියාව ලැබී ඇත. එපමණක් නොව මෙම මෘදුකාංගය පසුව නගර රැුසක ප‍්‍රචලිත වී ඇති අතර මිලියන දෙකකට ආසන්න පිරිසක් මෘදුකාංගය භාගත කර ඇති බවත් ඔහු පැවැසීය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.11.04

Monday, November 2, 2015
ශිෂ්‍ය මර්දනයේ ප‍්‍රභේද
ශිෂ්‍ය මර්දනයේ ප‍්‍රභේද
1. ඉල්ලීම් ඉල්ලන සරසවි සිසුන්ට පහරදීම
2. අධ්‍යාපන කප්පාදුව
3. පාසල් වර්ගීකරණය (සුපිරි පාසල්, කොළඹ පාසල්,ජාතික පාසල්, පරිගණක විද්‍යාගාර සහිත පාසල් ) සම අධ්‍යාපන අයිතිවාසිකම් සීමා කිරීම
4. විෂය නිර්දේශ යාවත්කාලීන නොකිරීම
5. වෘත්තීය අධ්‍යාපනය සීමා කිරීම
6.පහේ ශිෂ්‍යත්වයෙන් , අවුරුදු දෙකක විෂය නිර්දේශ, (සා/පෙ, උ‍්‍රපෙ ) එක ප‍්‍රශ්න පත‍්‍රයකට කොටු කිරීම
7. තමන්ට කැමැති විෂය ක්ෂේත‍්‍රවලින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය සීමා වීම
මෙවැනි බොහෝ ගැටලූ මතකයේ තිබුණද, ලියනවිට මතකයට පැමිණියේ ඉහත හත පමණි. මර්දනය යනු පහරදීමම නොවන බව මගේ හැඟීමයි. අපේ රටේ අධ්‍යාපනයේ ඇති සීමා බොහෝය. සාක්ෂරතාව ඉහළ අගයක් ගැනීමෙන් අධ්‍යාපනයේ ඉහළ මට්ටමක යැයි හැඟවෙන්නේ නැත. නිසි අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සැකැසීමේ දැඩි අවශ්‍යතාවකට රටක් ලෙස අපි මුහුණ දී සිටිමු. පහේ ශිෂ්‍යත්ව විභාගයම අවුලක් වන්නේ ඔවුන් සිටින පාසලෙන් පහසුකම් වැඩි පාසලක් යන්න කුඩා කාලයේම දරුවාගේ මනසට ඇතුළුවීම. අපිදි ශිෂ්‍යත්ව සමත් වීමු. ඉන් වෙනත් පාසලකට ගිය බව ද සත්‍යයකි. මේ කියන්නේ එය නැති කරන්නට නොව, මා ශිෂ්‍යත්ව දක්වා ඉගෙන ගත් පාසලත් ඉන් පසු ඉගෙන ගත් පාසලෙනුත් ලබාදෙන අධ්‍යාපනයේ ගුණත්වය එක හා සමාන විය යුතුයි යන්නයි. සම්පත් වලින් දරුවන්ට අඩුවක් නොවිය යුතුයි. පාසල් වෙන් කරන්නේ නම් ඒ කළ යුත්තේ, විෂය අනුව, තොරතුරු තාක්ෂණ පාසල්, විද්‍යා ගණිත පාසල්, වෘත්තීය පුහුණු පාසල් ආදිය ලෙසය. එවිට අපට ඒ විෂයෙන් ප‍්‍රවීණයෝ බිහි කළ හැකිය. මේසන් වැඩට දක්ෂ සිසුවකුට, ඒ පිළිබඳ අධ්‍යාපනයත්, වෘත්තීය පුහුණවත් දිය හැකි නම්, ඔහු එම ක්ෂේත‍්‍රයේ විශේෂඥයකු වනු ඇත. රටක සියලූ දෑ රඳා පවතිනුයේ අධ්‍යාපනය මතය යන්නයි මගේ හැඟීමයි. එය විභාග සමත්වීමම පමණක් නොව, දැනුම බුද්ධියේ තරමයි. නම අගට ඇති ඉංගී‍්‍රසි අක-ුරුවලින් අධ්‍යාපනයේ තරම මිණිය නොහැක. එහෙත් සියලූ දෙනා ප‍්‍රාථමික අධ්‍යාපනයක් ලැබිය යුතුයි. කතා කළ යුතු දේ බොහෝය. සාකච්ඡුාවක් කෙරෙන්නේ නම් මේ සුදුසුම කාලයයි. කතා කරමු අපි. මෙය ලියන මා ද තවම ශිෂ්‍යයෙකි. එහෙත් අපි ඉදිරියට යා යුත්තේ අප විසින් දියුණුව අත්පත් කරගනිමින් පමණක් නොව, අදාළ ක්ෂේත‍්‍රයේද දියුණුව උන්නතිය ඇති කරමින් ය යන්න හැඟීමයි.
හර්ෂණ තුෂාර සිල්වා
2015.11.02
Friday, October 30, 2015
මහින්ද වඩා කලින් මෛතී‍්‍රට යන්න ඕනි නම් ඔහොම නටපුදෙන්
ඊයේ සරසවි සිසුන්ට එල්ල වූ ප‍්‍රහාරයෙන් දේශපාලන වාසිගන්න දත කන පිරිසක් ද වූ බව කිව යුතුය. ඔවුනට මතක් කර දිය යුතු කරුණ වන්නේ, පාලනය ගෙන යන්නේ මහින්ද ද මෛතීරන.. ද යන්නට වඩා සිතා බැලිය යුත්තේ, අප සියල්ලෝම මුහුණ දෙන එක බවය. කවර ආණ්ඩුවක් පත් වුවද, ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු සොයගත යුතුය. වතුර ඉල්ලූ ජනතාවට ආශ්චර්යේ ආණ්ඩුවෙන් ද යහපාලන ආණ්ඩුවෙන් ද ප‍්‍රහාර එල්ල විය. තම අයිතිවාසීකම් ඉල්ලූ සරසවි සිසුනට ආශ්චර්යේ ආණ්ඩුවෙන් මෙන්ම යහපාලන ආණ්ඩුවෙන් ද ප‍්‍රහාර එල්ල විය. වෙනස ඇත්තේ ආශ්චර්යේ ආණ්ඩුව මැරකම් තක්කඩි කම් කරන්නට පටන් ගත්තේ කාලයක් යත්ම වීමය. යහපාලන ආණ්ඩුව පත් වී තවම මාස තුනක්වත් ගතවුයේ නැත. මහින්ද රාජපක්ෂ පරාජයට කරන්නට බොහෝ කැපකීරිම් කරන්නට බොහෝ දෙනකුට සිදූ බව කිව යුතුය. අප බොහෝ දෙනෙක් ඒ පිටුපසින් සිටියා පමණි. කැපකිරීම් කළ බොහෝ දෙනා අද සිටින්නේ කලකිරීමෙනි. මහින්ද රාජපක්ෂ පාලනය පරාජයේ කිරීමේ සටනේ සිටියවුන් යහපාලන ආණ්ඩුවේ වැරැුදි කතාකරන්නේ නම් ඔවුන් වෙනුවෙන් ද අප පෙනිසිටිමු. සිවිල් සමාජයක්, සිවිල් සංවිධාන, පුරවැසියන්, පුරවැසි බලවේග, බුද්ධිමතුන්ගේ ප‍්‍රගතිශීලිත්වය මැන බැලිය හැක්කේ එසේය. මහින්ද ආණ්ඩුවෙන් කළත් මෛතී‍්‍ර ආණ්ඩුවෙන් කළත් වැරැුද්ද වැරැුද්ද ලෙස දැකීමට සියලූ දෙනාටම බැරි බව අප මතක තබා ගත යුතුය. එහෙත් වැරැුදි මග යන්නෝ නිවැරැුදි මගට ගත හැකි බවත්. කවුරු කළත් එය වැරැුද්දක් බවට පෙන්වාදීමට හැකි සුළු පිරිසක් හෝ සිටින බව මතක තබාගත යුතුය. එවැනි සුළු පිරිසකගේ ප‍්‍රතිඵලයක් ලෙස ලක්ෂ 62 58ක් ලෙස මහින්ද පරාජයට පත්වූයේ මෛතී‍්‍ර රාජපක්ෂට ඇති කැමැත්ත නිසා නොව, මහින්ද රාජපක්ෂ පාලනයේ වැරැුදි වැරැුදි ලෙස දුටු නිසාය. එබැවින් එම කි‍්‍රයාවලියම මෛතී‍්‍ර පාලනයටත් අවශ්‍ය කර තිබේ. මහින්ද රාජපක්ෂ පාලනයට මෛතී‍්‍ර පාලනයට වැරැුදි නිවැරැුදි කරගැනීමේ අවස්ථාවක් ඇත. එබැවින් මෛතී‍්‍ර පාලනය වැරැුදි උගෙන ඉදිරියට යන්නේ නම් එය රටේත් රටේ ජනතාවගෙත් පාලන තන්ත‍්‍රයේ සිටින්නන්ගේත් සුබ සිද්ධියට හේතු වනු ඇත. එසේ නොවුණහොත් මහින්ද කලින් මෛතී‍්‍රට ගෙදර යන්නට සිදු වන්නේය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.10.30
Thursday, October 29, 2015
අමුතු ඇටේ අධ්‍යාපනය,
රටක් දියුණු වන්නේ, ඒ රටේ අධ්‍යාපනය දියුණු වූ කලෙකය. එහෙත් කාලයක් තිස්සේ මේ රටේ අධ්‍යාපනය වලපල්ලට යමින් පවතියි. අධ්‍යාපනය සපයන්නේ පෞද්ගලික අංශය ද රාජ්‍ය අංශය ද යන්න එතරම් වැදගත් කරුණක් වන්නේ නැත .අවශ්‍ය වන්නේ රටේ සියලූ දූදරුවන්ට නිසි අධ්‍යාපනයක්, ගුණත්වයෙන් ඉහළ අධ්‍යාපනයක් ලැබෙනවාද යන්නයි. අධ්‍යාපන කප්පාදුව, මේ රටේ නිතිපතා සිදුවන්නකි. ආසන්න වශයෙන් මෙරට ලක්ෂ 2ත් 4ත් අතර ප‍්‍රමාණයක් සෑම වසරකම උසස් පෙළ විභාගයට පෙනි සිටියි. ඉන් සරසවි වරම් ලබන්නේ 25,000කට ආසන්න ප‍්‍රමාණයකි. එය ඉතා අඩු සංඛ්‍යාවකි.
රටේ වෘත්තීය අධ්‍යාපනය ඇත්තේ ඉතාමත් පහළ මට්ටමකය. ලබාගන්නා උපාධිවලට රැුකිය නිර්මාණය වී නැත. උසස් පෙළ විෂයන්වලට සරිලන උපාධි පාඨමාලා විශ්වවිද්‍යාවල නැත. මීට වසර හතරකට පමණ පෙර, උසස් පෙළ කලා අංශයෙන් දිවයිනේ මුල් ස්ථාන තුනෙන් එකක් ලැබූ සිසුවියකට, ඇගේ උසස්පෙළ විෂයන්ට සරිලන උපාධි පාඨමාලාවක් තිබුණේ නැත. මේ වසර අවසන් වන්නට ළං වී තිබුණ ද, මේ වසර ට අදාළ පෙළ පොත් සිසුවියන්ට නොලැබී ඇති බව මීට සතියකට වාර්තා විය. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සිදුවන්නේ නැත. විෂයමාලා නව්‍යකරණයක් සිදුවන්නේ නැත. දේශපාලකයන්ට නූගත් ඡුන්ද දායකයන් තරම් වටින අන් යමක් නැත. අධ්‍යාපන කප්පාදුව සිදු කරන්නේ එහෙයිනි. නව දැනුම සීමා කරන්නේ එහෙයිනි.
අධ්‍යාපනය නොලබන පිරිස වැඩිවන, විට වංචාව දූෂණයට ඕනෑ තරම් ඉඩ කඩ දේශපාලකයන්ට හිමි වේ. තමන්ට රිසි සේ පාලන කටයුතුවල නිතර වීමේ හැකියාවක් ඔවුන්ට හිමි වේ. අලූත් අලූත් දෑ නොතනන ජාතිය ලොව නොනගින්නේ එහෙයිනි. අපේ රටේ ජනතාවට අලූත් නම් දුන්නාට, අලූත් දේවල් නොදෙන්නට පාලකයෝ දැඩි වෙහෙසක් ගනිති. සංවාද, සාකච්ඡුා සීමා කිරීමට හැකි සෑම ප‍්‍රයන්තක්ම ගන්නේය.
මෝඩයන් බිහි කිරීමට, සංදර්ශනවලට, බොහෝ සෙයින් වියදම් කරන්නේ තම පැවැත්ම තහවුරු කරගැනීමට. ළිං මැඬියන් සිටින තරමට ඔවුන්ගේ කාර්යය පහසු වනු ඇත. එවැනි අවස්ථාවක, උගතුන්ම අධ්‍යාපනය කප්පාදු කිරීමේ දැවැන්තත පාපකාරී කි‍්‍රයාවලට සහාය දීම තවත් කණගාටුවට කරුණක් බව පැවැසිය යුතුමය.
අධ්‍යාපනය දිනාගමු. නිකං අධ්‍යාපනයක් නොව, දුප්පත් ද දරුවාට ද ලැබිය හැකි, ගුණත්වයෙන් ඉහළ අධ්‍යාපනයක්....
හර්ෂණ තුෂාර සිල්වා
2015.10.29
2015.10.29
නිදහස් අධ්‍යාපනය මේ අයුරින් හෝ තවමත් මෙරට දරුවන්ට ලැබෙන්නේ අතීත විසූවන්ගේ නීර්භීතත්වයත්, ඔවුන් කළ කැපවීම් නිසා බවත් අවිවාදයකින් තොරව පිළිගත යුතු සත්‍යයකි. එහි ගරුත්වය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයටත්, සිසු විරුවන්ටත් හිමි විය යුතුය. වර්තමානයේ මා මිත‍්‍ර සරසවි මිතුරුන් හෝ වෙනත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන්නන් කරන උද්ඝෝෂණ, ඉල්ලීම් සම්බන්ධයෙන් මටත් වෙනත් පාර්ශවවලටත් ප‍්‍රතිවිරුද්ධ මත, අදහස් ඇත. එහෙත් එය වෙනමම කතාවකි. එය එසේය. කිව යුත්ත මෙසේය. ඕනෑම අයෙකුට තම ඉල්ලීම් වෙනුවෙන් සටන් කළ හැක. ඒවා සාකච්ඡුා මාර්ගයෙන් සාමකාමීව විසඳාගත යුතුය. ඕනෑම අයෙකුට උද්ඝෝෂණ කළ හැකිය. එහෙත් රාජ්‍ය දේපළවලට, රටේ ජනතාවට, ඔවුන්ගේ කි‍්‍රයාකාරකම්වලට, දෛනික කි‍්‍රයාකාරකම්වලට ඉන් හානියක් නොවිය යුතුය.
එහෙත් අද දින සිසුන්ට කළ පහරදීම. මොන 'මඟුල' ඉල්ලා උද්ඝෝෂණ කළත්, පහරදීමේ අයිතිකයක් පොලිසියකට හෝ කිසිවකුට නැත. මනුස්සයකුට පරහදීමේ අයිතියක් කිසිදු නීතියකින් පොලිසියට ලබා දී නැත. විශේෂයෙන්ම සිසුවියකට පහරදීම මනුසත් කමට නිගාදෙන කි‍්‍රයාවක් බව එක්වරක්, දෙවරක් නොව පුන පුනා කිව යුතුය. මේ පොලිසිය යහපාලනයට පෙරත් පැවැතිණි. පොලිසියට නිගා දෙන්නේ ඉහළිනි. ආණ්ඩුවය. අදාළ ඇමැතිවරුය, අගමැතිවරයාය, ජනපතිවරයාය. මෙරට පොලිසියේ කි‍්‍රයාකාරකම් දිනෙන් දින පිළිකුල් සහගත තත්ත්වයට පත්වෙමින් පවතියි.
මේ ආකාරයේම පහරදීමක් රාජපක්ෂ ආණ්ඩු සමයේ, මීට වසරකට පෙර දී සිදුවිය. තැන, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අසලය. ගැටලූව ඇත්තේ අපේ රටේ මිනිසුන්ගේ ආකල්පවලය. අප රටක් වශයෙන් අපේ අයිතිවාසිකම් දිනාගන්නට අරගල කරනවා අඩුය. එමෙන්ම අප හඬ නගන්නට ඉදිරිපත් වන්නේ, අපටම එවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදු වූ විටෙකය.
අනෙක් කරුණ නම්, පාවාදීම්. අප වැනි පුංචි, සංවේදී මිනිසුන් සිටින රටක, නිරන්තරයෙන් සංස්කෘතිය දොඩවන අපි, නිතැතින්ම පාවාදෙයි. එය මනුස්ස ස්වභාවයයි. අරගලය ශක්තිමත් නම්, කණ්ඩායම් හැඟීම ඇත්නම්, එකට ගුටිඅති. ඒ අතින් විශ්වවිද්‍යාල සිසුන් ඉදිරියෙනි.
කෙසේ වෙතත්, ආශ්වර්ය සමයේ තිබූ පොලිසිය තවමත් එසේය. උදා කරගත් යහපලනය, දිගින් දිගටම යූ ටර්න් ගසයි. පොලූ වලින්, බයිනෙත්තු වලින්, උණ්ඩවලින්, කඳුළු ගෑස් වලින්, සරලව කියතොත් ආවේගයෙන් ගැටලූ විසඳා ගත නොහැකිය.
ජනවාරි 8 වැනිදායින් පසු, අප නව ගමන් මාර්ගයකට අවතීර්ණ වීමු. අප එය ඉදිරියට ගෙන යා යුතුය. ඊට නායකත්වය දෙන්නේ, මහින්ද මෛතී‍්‍ර ද රනිල් ද යන්න ගැටලූවක් නොවේ. රටක් වශයෙන් අප ඉදිරියට යා යුතුය. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ඉදිරියට යා යුතුය. එක් එක් පුද්ගලයා ඉදිරියට යා යුතුය.
සියල්ලටම අධ්‍යාපනය අවශ්‍යය. නිසි අධ්‍යාපන සැලැස්මක් අවශ්‍ය කර තිබේ.

Thursday, October 22, 2015
විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා වෙත,
ඔබ ක්‍රෝධය දනවන ප‍්‍රකාශ අර්ථ ගන්වන්නේ කෙසේ ද?
ජාතිවාදය, වෛරය, ආගම්වාදය වපුරනවා යැයි අපට කිව හැකි බොහෝ දෑ සමාජජාල වෙබ් අඩවිවල පමණක් නොව ඉන් බාහිරවත් ඇති බව අප පිළිගත යුතුය. එහෙත් අප එලෙස පවසන වනවිට, එලෙස කරන්නන් ට දඬුවම් කිරීමට අප කි‍්‍රයාත්මක වූ විටෙක, ඔවුන්ගේ භාෂණයේ අයිතිය උල්ලංඝණය කරන බවට තර්ක කළ හැකිය. නීති මඟින් මේවා සර්ව සම්පූර්ණයෙන් සමනය කර ගත නොහැකි බව අදහසයි. ක්‍රෝධය, වෛරය, ජාතිවාදය, ආගම්වාදය, ආදිසි සමාජයේ යහපැවැත්මට අනිසි ලෙස බලපෑම් කරන දෑ නවතා දැමිය හැක්කේ නිසි අධ්‍යාපනයක් ඔස්සේ යැයි විශ්වාස කරමි. ආගම් ලෙසත්, ජාති ලෙසත් වෙන්වමින් කුඩා කල සිටම පාසල් යන අපි එම සංස්කෘතිය වෙනස් කළ යුතුය. බෞද්ධ පාසල්, මුස්ලිම් පාසල්, කි‍්‍රස්තියානි පාසල් යනුවෙන් දරුවෝ බෙදී වෙන් වෙති. පුද්ගලයකුගේ අදහස් ප‍්‍රකාශ කිරීම අයිතිය අහුරා දැමීමට නීති ගෙන ඒමෙන් සිදුවන්නේ ඔවුන් ප‍්‍රචණ්ඩත්වයට යොමු වීමයි. යමකු හරි වැරැුදි ඔහුගේ අදහස් ප‍්‍රකාශ කිරීමට අයිතිය තිබිය යුතුය. විය යුත්තේ එය නැවැතීමට හෝ වෛරය පතුරුවන හෝ අනිසි යමක් ප‍්‍රකාශ කළ විට එය නිවැරැුදි කීරිමට පියවර ගැනීමයි. යමකු කියන දෙයක් තාර්ක කර වටහාගැනීමට හැකි දරු පරපුරක්, තරුණ පරපුරක් ගොඩනැගීමය.
වෛරය, සමාජජාල අවභාවිතය, ක්‍රෝධය, ආදී දෑ පවසමින් ඒවා වැළැක්වීමට නීති ගෙන ඒමෙන් තම විරුද්ධ පාර්ශව මර්දනය කිරීමේ හැකියාව ද පාලන තන්ත‍්‍රයට හිමි වෙයි. එබැවින් නීති ගෙන එන්නේ නම්, ඒ සඳහා නිවැරැුදි අර්ථ කතන තිබිය යුතුය. අපේ නීති පද්ධතියේ බරපතළ හිඩැසක්ව ඇත්තේ මෙයයි. බොහෝ අර්ථකථනය කිරීමේ හැකියාවක් අපට නැත. ඉංගී‍්‍රසි බසින් නීති සැකැසීමත්, ඒවා පසුව සිංහලට පරිවර්තනය කිරීමේදී, එය නිසි පරිදි සිදු නොවීමත් ඊට එක් හේතුවක් ලෙස පෙන්වා දිය යුතුය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.10.25
Tuesday, October 20, 2015
රටක වයස්ගත ජනගහනය වැඩිවීම ඒ රටට සමාජ හා ආර්ථිකමය බරක් ගෙන දෙන්නකි. යුරෝපයේ රටවල් බොහෝමයකුත් ආසියානු කලාපයේ රටවල් රැුසකුත් මේ තත්ත්වයට දැන් මුහුණ දෙමින් සිටියි. සංක‍්‍රමණික අර්බුදයේදී ජර්මනිය සංක‍්‍රමණිකයන් වැඩි ප‍්‍රමාණයකට අවස්ථාව දෙන්නේ ද ඔවුන්ගේ ශ‍්‍රම බලකාය අඩුවීමත්, රැුකියා අවස්ථා බොහෝමයක පුරප්පාඩු වැඩිවීමත් කරන කොටගෙනය. මෙම අර්බුදයට රටක් වශයෙන් අප ද දැන් මුහුණ දෙමින් සිටියි. රටක වැඩිහිටි ජන ගහනය ලෙස සාමාන්‍යයෙන් ලෙස සලකා බලන්නේ අවුරුදු 60ට වැඩි ජන කොටසය. වර්තමානයේ මෙරට ජනගහනයෙන් සියයට 12.4ක් වැඩිහිටි ජනගහන කොටසට වෙන්වෙයි. වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනට වන රටවල් අතරින් ද අපේ රට ඉදිරියෙන් සිටියි.
වැඩිහිටි ජනගහනය වැඩිවීමත් සෞඛ්‍ය සේවා සැපයීම්, රක්ෂණාවරණ, විශ‍්‍රාම වැටුප් යෝජන ක‍්‍රම ආදී බොහෝමයක් කෙරෙහි රජයටත් පෞද්ගලික අංශයටත් අවධානය යොමු කිරීමට සිදුවෙයි. 2014 වසරේ ජනගහන වාර්තා අනුව මෙරට වයස අවුරුදු 65ට වැඩි ජනගහනය සියයට 9කි. 2030 වනවිට එය දෙගුණයක් වනු ඇතැයි ද වසර 2041 වනවිට මෙරට වයස අවුරුදු 60ට වැඩි ජනගහනය සියයට 24.1ක් වනු ඇතැයි ද ජන හා නිවාස සංගණන වාර්තාව පෙන්වාදෙයි. මෙවැනි තත්ත්වයක් තුළ අපේ රට තුළ ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් අදාළ පාර්ශව අවධානය යොමු කර තිබේද නැද්ද යන්න සොයා බැලීම වැදගත් වෙයි.
ඉදිරි දශක කීපයේදී මෙරට වැඩිහිටි ජනගහනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇත. ඒත් සමඟම ඇතිවන සෞඛ්‍ය සේවා පහසුකම් සැපැයීම්, විශ‍්‍රාම යෝජනා ක‍්‍රම, ආදී සියලූ දේ පිළිබඳ වත්මන් ආණ්ඩුව හෝ සතුව යම් දැක්මක් තිබේදැයි යන්න සොය බැලීම වැදගත් වෙයි. රටක් වශයෙන් අප තවමත් සිටින්නේ පසුගාමී තත්ත්වයකය. ලොව අන් බොහොමයක් රටවල් ඉදිරි අර්බුද සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඉදිරියට යන අවස්ථාවක, මිලියන 2-0ක ජනතාවක් සිටින මුහුදින් වට වූ සුළු භූමි ප‍්‍රමාණයක සිටින අප තවමත් අවධානය යොමු කරන්නේ ප‍්‍රාථමික ප‍්‍රශ්න කෙරෙහිය.
පසුගිය දිනෙක නිකුත් කෙරුණු ගෝලීය තරගකාරී නගර දර්ශකයේ දී කොළඹට හිමිවූයේ 102 වැනි ස්ථානයයි. 2025 වනවිට කොළඹ එහි 108 වැනි ස්ථානයට යනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. ඒ අනුව අපට පසුපසින් සිටින ඉන්දියාවේ චෙන්නයි, ආදී බොහෝ නගර කොළඹ පසුකර ගෝලීය තරගකාරී නගර දර්ශකයේ ඉදිරියට යනු ඇතැයි කියැවේ. එය වත්මන් ආණ්ඩුවේ නගර සංවර්ධන ව්‍යාපෘති අභියෝගයකට ලක් කරන්නකි. වත්මන් ආණ්ඩුවත්, නගර සංවර්ධන සම්බන්ධ කටයුතුවල නිරත ව සිටින පාර්ශවයත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම්, දැනට කියැවී තිබෙන මෙම අනාවැකි බොරු බවට පත් කිරීමට හැකි වන්නේ නම් එය රටක් වශයෙන් අප ලබන ජයග‍්‍රාහණයකි.
හර්ෂණ තුෂාර සිල්වා
2015.10.20
Tuesday, October 13, 2015
ලංකාවේ අගනුවර
මේකට
නිමිත්ත අර සිරසම පාර කියපු උන්ගේ ළඟම නෑයෙක් උන්ගේම නිවේදිකා
නංගියෙක් පොතකින් බලලා අහපු ප්‍රශ්නයක් වරද්දා ගැනීම වුණත්, මගේ
අරමුණ ඒ ගැන කතා කරන්න නොවේ. මේක ජාතික පැටලිල්ලක්, සපුරා
ඇකඩමිකයි.
---------
ලංකාවේ අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. හැබැයි මෙහෙම නගරයක් තියෙනවද?
සාමාන්‍යයෙන් අගනුවර කියන්නේ ප්‍රධානම නගරය. එහෙත් සමහර රටවල එය එසේ
නොවේ. උදාහරනෙකට බ්‍රසිලියා, ඔටාවා, කැන්බරා, වොෂින්ටන්, අබූජා මේවා
අගනුවර වුනාට රටේ ප්‍රධාන නගරය නොවේ. හැබැයි මේවා භුමියේ වෙන්ව
පිහිටි නගර. කැන්බරා බ්‍රසිලියා එහෙම තනිකරම අගනුවර කරන්නම කෘතිමව
හදාපුවා හැබැයි පවතින නගර.
ජපුර අයිති කෝට්ටේ මහනගර සභාවක් තියෙනවා තමයි. දැන් මෙතන එනවා පොඩි පැටලිල්ලක්, නගරයක් කියන්නේ මොකද්ද කියලා. ඇත්තෙන්ම නගරයක් කියන්නේ නගරසභා සීමාවක් කියන අර්ථය ඒ හැටි නිවැරදි නැහැ. ඒ මීට සියවස් ගානකට පෙර නගරයේ සීමා. එහෙම බැලුවොත් සිඩ්නි කියන්නේ ලක්ෂයක් විතර ඉන්න මිලියන ගානක් පිට පළාත් වාසින් එදිනෙදා ඇවිත් යන නගරයක්, නගර වාසින් ෂොපින් යන්නේ නගරෙන් පිට වෙන්න පුළුවන්. නගර සභා එතරම් කුඩා වෙනවා. ලන්ඩන් නගර සභාව නම් දාස් ගානයිලු ජනගහනය. රෝමන් කාරයෝ දාපු සීමා.
මෙන්න මේ අතීත කාලින නගර සභා සීමා වැලිඩ් නැති නිසා නගරයක් කියා සලකන්නේ කිසියම් පලාතක බහුතර මිනිස්සු පිරිසක් එදිනෙද කටයුතු වලට යන එන මුළු පරාසයට හෙවත් මෙට්‍රොපොලිටන් එකට. කොළඹ ගත්තොත් විකියේ කියන්නේ මිලියන පහකට මදක් අඩු ජනගහනයක්, ඔය පානදුර පිළියන්දල හෝමාගම කඩුවෙල කිරිබත්ගොඩ වත්තල වගේ. මේක අස්සේ නගර සභා ඕනෑතරම් තියෙනවා. ඒ අනුව හැදෙන්නේ උපනගර හෙවත් සබර්බ්ස්.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කියන්නේ කොළඹ සබර්බ් එකක්. ඕකයි ගැටලුව. වෙනත් නගරයක සබර්බ් එකකට අගනුවර කියන එකම රට බොහෝ දුරට ලංකාව.
දැන් ලංකාවේ අගනුවර බහුතරයක් සිටිසන්ස් ලා උදේට ඇහැරිලා ඇඳ පැලඳ ගෙන රස්සාවට යන්නේ එය වටේ තියෙන වෙනත් නගරෙකට. අවුටින් යන්නේ කඩෙන් කෑම ගන්නේ ළමයි ඉස්කෝලේ දාන්නේ වෙන නගරෙක. කොටින්ම වරිපනම් නොගෙවන්න උන් දන්නවාද උන් අගනුවර වාසින් කියලා.
ලංකාවේ අගනුවර මෙට්‍රොපොලිටන් එක මොකද්ද? එහෙම එකක් කියන්න පුලුවන්ද? වෙන මෙට්‍රෝ එකක් අස්සේ තියෙන එකකට මෙට්‍රෝ එකක් හැදෙන්නේ කොහොමද?
හුදෙක් පාර්ලිමේන්තුවයි ආණ්ඩුවේ ඔෆිස් ටිකයි අගනුවරම තදාසන්න වෙන තැනකට ගෙනිච්ච පමණින් එම සබර්බ් එක අගනුවර වෙන්නේ නැහැ. මේකත් ලංකාවේ දේශපාලන උවමනා මත කරාපු එක පැටලීමක්.
ඉතින් මිනිසුන්ට අගනුවර පැටලෙන්නේ මහ පොළොවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කියලා නගරයක් නැතිනිසා.
ප.ලි. මේක කලේ අර සිරිමතාණන් ඒකට තමන්ගේ නම දාගන්න කියා කටකතාවක් තියෙනවා. පුරාන කෝට්ටේ නගරයට කිව්ව නම ශ්‍රී ජයවර්ධන පුරය නේ. ඒක අහම්බෙන් එයාගෙත් නම නේ.
සුජීව කොකාවල

Tuesday, October 6, 2015
මා මාපියෝ මා වදා
කා බොන්ට දී සවීමත් කළහ
දණ ගා එසවෙන්න උත්සුක වූ දාක
ඇත රුකුල් දුන්නු හැටි මට අමතක නොවුනාට
වාරු ඇතිව නැගී සිට
හඬ තෙපලන්නට
සවිදුන්නේ නුඹය ගුරු මව්නි පියාණෙනි
ඇකයෙහි හොවා කිරි නොදුන්නාට
නුඹ මට අම්මා කෙනෙකු විය
වේවැල් කස පහර දුන්නාට
නුඹ මට තාත්තා කෙනෙකු විය
අනාගත දිනක මිඟිඳු මෙන් කෙශාවර නගන්නට
තුරු අඹරේ පෝතිමත්ව දිදුලන්නට දිරිදුන්නාට
පිං අයිති වේවි නුඹලාට
ගුරු මව්නි පියාණෙනි…!!!
ඔක්තෝම්බරයේ 6 වෙනිදාට පමණක් නොව
නුඹලා අපිට හැමදාම පායන ගුරුතරු

Friday, October 2, 2015
ජනවාරි 8 වැනිදා අපේක්ෂා වෙනස යූ ටර්න් ගසන බවක් පෙනෙන්ට තිබේ. මේවා කාගේ වුවමනා එපාකම්වලට සිදුවන වාද නැද්ද යන්න නම් අප දන්නේ නැත. මෙරට ජනතාවට තවමත් අවශ්‍ය කර ඇත්තේ සංදර්ශනකාරී දේවල් බව නම් කිව යුතුය. වෙනස් කළ යුතුව ඇත්තේ එයය. රටේ නායකයා ඡුන්දයෙන් පත් කරගන්නා පුද්ගලයෙකි. 2010 වසරේ බි‍්‍රතාන්‍යයේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි ව තිබුණේ, එරට ජනතාවගෙන් රටේ අගමැතිවරයා ඬේවිඞ් කැමරන් යැයි දන්නේ සියයට 15ක් බවය. බි‍්‍රතාන්‍යයේ දේශපාලනය ක‍්‍රමයත් අපේ ක‍්‍රමයත් වෙනස්ය යන්න වෙනම කතාවකි. රටක ජනපතිවරයකු නිව්යෝක් නුවර සෑම වසරකම පැවැත්වෙන් එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය ඇමැතීම මහ අමුතු දෙයක් නොවන බව රටවටා පෝස්ටර් ගැසූ පිරිස් ද, ගුවන් තොටේ චිත‍්‍රපටයක් පෙන් වූ පිරිස් ද දැනගත යුතුය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා රජාට ඇන්ඳීමෙන් අපි කෙලවා ගත්තෙමු. මෙරට ජනතාව වෙනස් කළේද එයයි. නැවත වරක් එවැනි සංදර්ශනකාරී, ප‍්‍රදර්ශනාත්මක, නාස්තිකාර වියදම්වලින් සමන්විත දෑ දැකීමේ අවශ්‍යතාව මෙරට ජනතාවට නැත.
ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අපට සහාය ලැබුණේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර හිතවාදී පිළිවෙතක් අප අනුගමනය කළ හෙයිනි. එහි අමුත්තක් නැත. මහින්ද රාජපක්ෂ චීන ගැත්තෙකු නොවී ඇමෙරිකාවත් ඉන්දියාවත් සමඟත් හොඳ හිත පවත්වා ගත්තා නම් අවුරුදු දෙකක් කලින් ගෙදර යන්නට වන්නේ ද නැත. ජාත්‍යන්තරයේ පීඩන එන්නේ ද නැත. බටහිර කි‍්‍රයාත්මක වන්නේ එක්තරා න්‍යාය පත‍්‍රයකට බව ඕනෑම අයකුට තේරෙන කරුණකි. මුහුදින් වට වූ ¥පතක ජීවත්වන අපේ ප‍්‍රධාන ආදායම් මාර්ගයකි අපනයනය. දකුණු ආසියානු කලාපයේත්, ලෝක නාවුක හා ගුවන් ගමන් මාර්ගවලත් කේන්ද්‍රස්තානයක පිහිටීම අපේ රටට වාසනාවකි. එහෙයින් අප කළ යුතුව සියලූ රටවල් සමඟ යහපත් මිත‍්‍ර සබඳතාවක් ගොඩනගා ගැනීමයි. පසුගිය වසරේ වැඩි වශයෙන් අපේ අපනයන මිලදී ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
ලයිට් කණුවේ මහින්ද යැයි අසා ගැනීමට හිටපු ජනපතිවරයාට සිදු වූයේ ඊයෙත් අදත් මෛතී‍්‍රපාල ජනපතිවරයාගේ රුව දැක්වෙන පෝස්ටර් කටවුට් එකල ද වූ නිසාය. නැවත නැවත කියන්නට ඇත්තේ මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා රජාට ඇඳීමෙන් වැළැකී සිටිය යුතු බවය. ඔහු හෝ මෙය තේරුම් ගන්නේ වටී. ගුවන් තොටේදී දෙකට තුනට නැමී බොහෝ පිරිස් ජනපතිවරයාට වඳිනු අයුරු දුටුවිට, බොහෝ දෙනා කී කතාවකි, බුදුන්වන් නොවඳින උන් වඳින හැටි යනුවෙනි. මෙවැනි දේවල් නැවත අවශ්‍ය වන්නේ නැත. අපි කවුරුවත් ශුද්ධ වන්තයෝ නෙවෙමු. රට ද අප ද ඉදිරියට යා යුතුය. ජනපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය අමතමින් මගේ ආදරණීය ජනතාව ප‍්‍රබුද්ධයන් යැයි කී තැනට අප ගමන් කළ යුතුය. රට ලෝකයේ ඉදිරි පෙළට ආ යුතුය. එතැනට යන්නට යහපත් මානව පරම්පරාවක් ගොඩනැගිය යුතුය. ප‍්‍රදර්ශනකාරී දේවල් නොව ප‍්‍රායෝගික මිනිසුන්ය. අපි එකින් එකා වෙනස් විය යුත්තේ එහෙයිනි. අප වෙනස් වනවිට දේශපාලකයන්ට එම වෙනසට හුරු වන්නට සිදුවනු ඇත. එසේ නොවුණහොත් දේශපාලකයන් දෙන්නේ අප ඉල්ලන දේය. එවිට අනේ හපොයි, මේ සල්ලි අපරාදේ යැයි කීමෙන් පලක් නැත.
හර්ෂණ තුෂාර සිල්වා
2015.10.02

Thursday, October 1, 2015
නපුසංකම පෙන්වන පිරිමින්ද එම නපුසංක කම පෞරෂ්‍ය යැයි සිතන රටක අපි ජීවත් වෙමින් සිටිමු. අද තවත් වීඩියෝවක් ප‍්‍රසිද්ධියට පත්විය. ගැහැණියකට පහර දීම මහ ලොකු පිරිමි කමක් යැයි සිතන නපුසංකයන් දෙදෙනකුගේ වීර කි‍්‍රයාවක් සිතන නපුසංකයන් දෙදෙනකු සිය වීරකම් පෙන්වන අයුරු එහි දැක්වෙයි.
අමතර සටහන් 1.. මෑතකදී කිහිපදෙනකුම කියූ කතාවකි. ලංකාදීප, හිරු, මව්බිම, ආදී පුවත්පත් මාධ්‍යවල සිටින යම් පිරිස්, ආචාරධර්ම ගැන කතා කරන්නට එනවා යනුවෙනි. අද මාධ්‍යය දෙන්නේ ජනතාව ඉල්ලූ දේය. ඊට ඒවාට එකඟ නොවන පිරිස් එම ආයතනවල සේවය කරන බව කිව යුතුය. අප පුවත්පතේද අනෙකුත් මාධ්‍යවල ද පසුගිය කාලයේ යම් යම් සිදුවීම් වාර්තා කළ ආකාරය ගැන මටත් තවත් පිරිස් ද එකඟවන්නේ නැත. මා ලංකාදීප නියෝජනය කළ ද පුද්ගලයකු වශයෙන් මා අනුමත කරන සහ නොකරන බොහෝ පුවත්පතේ පළවෙයි. අනෙක් මාධ්‍ය ආයතන වලද එය එසේය. මා සැකකරුවකුගේ, දරුවන්ගේ, ගණිකාවගේ අනන්‍යතාව හෙළිදරව් කරනාවට විරුද්ධය. එහෙත් මාධ්‍යයෙන් එය වෙයි. එය එසේය කියා මා ලංකාදීපයෙන් ඉවත් විය යුතු නැත. මුදල් අමාත්‍යාංශයේ සේවය කරන්නකු එහි යම් යම් දෑ අනුමත නොකරයි. එහෙත් ඔහු මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් විය යුතු නැත. ඔහු හරි වැරැුද්ද තේරුම් ගන්නේ නම්, වටින්නේ එයය. පුද්ගලයාගේ ප‍්‍රතිපත්තිය.
අමතර සටහන් 2. මෑත කාලයේ හෙළිදරව් වූ බොහෝ සිදුවීම්වලට අවශ්‍ය සාක්ෂි, පදනම හා සත්‍ය අසත්‍යතාව මෙන්ම තොරතුරු හෙළිදරව් කරනු ලැබුවේද ෆේස්බුක් ඇතුළු සමාජ ජාලය. එහෙයින් සමාජජාලවලට පලූ යන්නට බනින බොහෝ දෙනාට ෆේස්බුක් නැතිනම් අද සිදුවීම අනාවරණය වන්නේ ද නැත. ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයක සිටින්නකු වන මා තාක්ෂණය ගැන වැඩි යමක් දන්නේ නැත. එහෙත් මා එය භාවිත කරන්නට උත්සාහ කරනවා පමණක් නොව ඊට අවස්ථාව දෙන්නට ද පැකිලෙන්නේ නැත. ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය පමණක් නොව සමාජ ජාල තොරතුරු වාර්තා කරණයට අවශ්‍යය. සමාජ ජාලයේ යන ඒවා වඩාත් විස්තරාත්මකව විනිවිදභාවයෙන් හා වගවීමෙන් වාර්තා කිරීම ප‍්‍රධාන ධාරාවේ කාර්යයක් යැයි සිතමි. සමාජ මාධ්‍ය්‍යත් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයත් සමාන්තරව ගමන් කළ යුතුය. ගුවන් විදුලිය ආ විට පුවත් කලාව නැති වූයේ නැත. රූපවාහිනිය ආ විට පුවත් පත් නැති වූයේ නැත. අද සියල්ල සමාන්තරවත් එකිනෙකට අදාළ දෑ භාවිත කරමිනුත් ඉදිරියට යයි. එහෙයන් සමාජ මාධ්‍යයේ වටිනාකම බොහෝ දෙනා තේරුම් ගන්නේ නම් මැනවි. පිහියෙන් පාන් කපන්නටත් මනුස්සයකුගේ ලේ සෙලවීමටත් හැකිය. පිහියෙන් පලක් ඇති දෙයක් කරනවාද නැද්ද යන්න තෝරා ගත යුත්තේ අපිය. කුඩා දරුවන්ට නිසි මඟ යැවිය යුත්තේ එබැවිනි.
සැකකරුවන්ට තලන පෙලන, නිවැරැුදිකරුවන් වැරැුදිකරුවන් කරන, වැරැුදිකරුවන් නිවැරැුදිකරුවන් කරන අධිකරණ පද්ධතියක මරණ දඬුවම කි‍්‍රයාත්මක කළ යුතු යැයි බොහෝ දෙනා පවසති. මරණ දඬුවමට මා විරුද්ධය. ඞී.එන්.ඒ තාක්ෂණය භාවිත කළ ද එය වැරැුදි යා හැක යැයි නීති ක්ෂේත‍්‍රයෝ බොහෝ දෙනා කියති. එවැනි පරිසරයක මරණ දඬුවම දෙන්නේ කෙසේ දැයි මරණ දඬුවම කි‍්‍රයාත්මක කළ යුතු යැයි පවසන පිරිසෙන් විමසා සිටිය යුතුය. මනුස්සයකු එල්ල මැරීමෙන් කිසිදා කිසිවක් සිදුවන්නේ නැත. වරදක් කළ අයෙකුට දිය යුතු හොඳම දඬුවම ඔහුටම වැරැුදි තේරුම් ගෙන විඳවීමට සැලැස්වීමය. තවත් කරුණක් නම්, ඔවුන් ආර්ථික කටයුතුවලට දායක කරගැනීමය. යමකු මෙය වහල් සේවය වශයෙන් හඳුන්වනු ඇත. වරදකරුවකුගෙන් රටට ආර්ථිකයට දායක කරගැනීම, එය ඔහුට දෙන දඬුවම යැයි පෙන්වාදීමට කැමැත්තෙමි.
අසබ්‍ය වීඩියෝ පට නැරැුඹීමෙන් හෝ ගංජා ගැසීමෙන් මානසික රෝගියකු වන්නේ නැත. එහෙත් බොහෝ දෙනා ජීවත් වන්නේ පීඩයෙනි. පොතක්, නාට්‍යයක්, කී‍්‍රඩාවක යෙදෙන්නට නිදහසක් නැති සමාජයක එවැන්නක් සිදුවීමේ හැකියාව වැඩිය. ආර්ථික,සමාජයීය පාරිසරක ආදී බොහෝ දේ නිසා බොහෝ පිරිස් විවිධාකාරයේ කි‍්‍රයාවලට යොමුවෙති. අවසානයේ ඔවුන්ගේ පීඩනය මුදා හැරෙන්නේ අහිංසකයකු මතය. කුලියට මීනි මරන්නන් හැරෙන්නට අන් සියලූ දෙනා හදිසි කෝපය, මානසික, ආර්ථික, සාමාජික ගැටලූ නිසා අපරාධවලට යොමුවෙති. එවැනි දේ කළ පිරිස් පසු කාලීනව හෝ තමා කරන ලද්දේ අපරාධයක් යැයි නොසතිති. අප බෙහෙත් කළ යුත්තේ මේ පීඩනයටයි. සමාජයක් වශයෙන් රටක් වශයෙන් අප කළ යුත්තේ එයයි.
අපරාධවලට නිරත වන්නන්, අපචාර කරන්නන්, ස්තී‍්‍ර ¥ෂකයන්, සොරකම්වල යෙදෙන්නන්, කුඩා කාලයේ කෙතරම් පීඩනයට, වදහිංසාවලට ලක්වූවාද, අපචාරවලට ලක්වූ වාද යන්න කිසිවකුත් විමසා සිටින්නේ නැත. මානසික විකෘතිභාවයක් සහිත වූවන්ගේ, නැතිනම් විවිධාකාරයේ මානසික රෝග තත්ත්වලට පත්වූවන් අතින් සිදුවන අපරාධයකදී, අපරාධකරුගේ මානසික මට්ටම අප විමසා සිටින්නේ නැත.
එහෙයින් මරණ දඬුවම, දත් ඇස් නිය අත් පා උගුල්ලා දැමීමෙන් ප‍්‍රශ්න විසඳිය නොහැක. මානසික රෝගවලින් පෙළෙන්නන් ඉදිරියට උත්පත්තිය ලබනු ඇත. එයට ඒ අම්මලාට තාත්තාලට උපත ලැබූවන්ට දොස් නැගීමෙන් පලක් නැත. කළ යුතු වන්නේ ඔවුන්ට නිසි ලෙස ප‍්‍රතිකාර කිරීමය. අනෙක් පාර්ශවවලට නිසි අධ්‍යාපනයක් ලබාදීම, කුඩා කාලයේ සිට දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම යනාදිය කළ යුතුව ඇත. යමක් ගැන තාර්කිකව සිතිය හැකි මනුස්ස හැඟීම් ඇති සමාජයක් ගොඩනැගිය යුතුය. මෙය ලියන මට එය තනිව කළ නොහැක. අප සියලු දෙනා සාමූහිකත්වයෙන් සමඟියෙන් මේ සියලූ දේ කළ යුතුය. නීති සැකැසිය යුතුය. වාද විවාද තර්ක විතර්ක කළ යුතුය. එහෙත් අවසානයේ සාර්ථික අවසන් තීරණයකට එළැඹිය යුතුයි.
හර්ෂණ තුෂාර සිල්වා
2015.10.01
Tuesday, September 15, 2015
මෙරට මෙන්ම යුරෝපයේද ව්‍යාජ ඡුායාරූප ප‍්‍රසිද්ධියක් පත්වීමක් ඊයේ සිදුවිය. ජර්මනියට පැමිණි සංක‍්‍රමණිකයන් අතර, අයි.එස් ත‍්‍රස්තවාදීන්ගේ පිරිස් ද ඔවුන් කොඩි වනන අයුරු දැක්වෙන ඡුායාරූපයක් ඊයේ ෆේස්බුක් හීත් අන්තර්ජාලයේත් ප‍්‍රසිද්ධියට පත්ව තිබිණි. කෙසේ නමුත්, එය පැරැුණි ඡුායාරූපයක් බව ඉන්පසුව අනාවරණය විය.
එම ඡුායාරූපය හෝ සිදුවීම කිසිදු පිළිගත හැකි විදෙස් මාධ්‍යයක පළ නොවුණි. සියල්ල මුදලට විකිණිනෙන සමාජයක් බවට මෙය පත්ව ඇති බව කණගාටුවෙන් වුවද කිව යුතුය. අවම වශයෙන් තමාගේ සීමාවේ සිට කටයුතු කරන්නට හෝ බොහෝ දෙනා මැලිකමක් දක්වති. යමකු තමන්ගේ සීමාවේ සිට කටයුතු කරන්නේ, පුද්ගලයා පුද්ගලයා වශයෙන් අප විසින් සිදු කරන වැරැුදි අවම කරගත හැකියි.
මා එල්ලූම්ගහ අනුමත කරන්නේ නැත. එල්ලූම්ගහ තාවකාලිකව හෝ ස්ථීර වශයෙන් ගෙන ඒම අපරාධ අඩුවීමට හේතුවක් වන්නේ නැත. මිනිසුන්ගේ සිතුවිලි වෙනස් කිරීම, නීති පද්ධතිය නියමාකාරයෙන් සිදු කිරීම, දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් වෙනමම අධිකරණයක් පිහිටුවීම කළ යුතුව ඇත.
අද ලොවට සමුදුන් දැරියගේ සිදුවීමට සම්බන්ධ වූ පුද්ගලයා හෝ කිහිප දෙනා , එම වරද කරන්නට සිදුව ඇත්තේ යම් කිසි පිළිගත නොහැකි මානසික මට්ටමක පත්ව සිටින අවස්ථාවක විය යුතුය. සිහි බුද්ධියෙන් සිටින්නකු අතින් එවැනි දෙයක් සිදු විය නොහැක. බොහෝ විට බොහෝ අපරාධ සිදුවන්නේ ක්ෂණික කෝපය, ක්ෂණික සිතුවිලි වෙනස් වීම්, ක්ෂණිකව ගන්නා තීරණ, සමාජ ආර්ථික හා මානසික පීඩාව දරාගත නොහැකි මට්ටමකට පැමිණි අවස්ථාවකය.
උදාහරණයකට යම් කිසි හෙයකින්, අදාළ සිද්ධියේදී, අම්මාත් තාත්තාත් වරදකරුවෝ වුවහොත්, ඉතිරි දරුවන් දෙදෙනාගේ අනාගතයට වගකියන්නේ කවුරුන්ද යන්න පිළිබඳ කවුරුන් හෝ වගකියන්නේද.
එක් පාර්ශවයක් දෙස පමණක් බලා තීරණ ගැනීම නොකළ යුත්තකි. සිරකරුවන් සම්බන්ධයෙන් මෙවැන්නක් යෝජනා කරමි. සිරකරුවන් ආර්ථිකයට සම්බන්ධ කරමින්, වැටුපක් ගෙවීම, වැටුප නිසි ආකාරයෙන් කළමනාකරණය, දරුවන් සිටින්නේ නම්, එම වැටුප් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට යෙදවීම ආදිය කළ හැකිය. අප සියල්ලෝම වැරැුදි කරති. කිසිදු රටක කිසිදු අවස්ථාවක කිසිවක් සියයට සම්පූර්ණයෙන් කි‍්‍රයාත්මක වන්නේ නැත. නීතිය සියයට සියයක් කි‍්‍රයාත්මක වූවා යම් විටෙක අපද අද සිරගෙදරක සිටිනවා වන්නට පුළුවනි. නීතිය ගැන සටහන් තබන අප, කහ ඉර භාවිත නොකරමින් පාර මාරු වූ අවස්ථා අනන්තය, අප‍්‍රමාණය. එලෙස සුළු හෝ බරපතළ වැරැුදි අපි ඕනෑ තරම් කර ඇත.
වැරැුදිකරුවන් ආර්ථිකයට යොදාගන්නේ නම්, ඒ කෙසේද, වැරැුදිකරුවන් ඔවුන් කළ වරද අනුව වර්ග කරමින්, සමාජය හා මුසු විය හැකි තත්ත්වයකට ගෙන ඒම, එසේ ආර්ථික කටයුතුවලට දායක කරගැනීමට පෙර යම් අධ්‍යාපනයක්, පුනරුත්ථාපනයක් සිදුකිරීම ආදිය සම්බන්ධයෙන් වැඩපිළිවෙළ සකස් කළ යුතුය.
බොහෝ දෙනා බරපතළ නොවන වැරැුදිවලට යොමු නොවන්නේ අනවබෝධය හේතු කොටගෙනයි. අප සමාජයක් ලෙස ආදරය කිරීම කාමර ඇතුළේද, මිනිමැරීම එළි පිට කිරීම බොහෝ අපරාධවලට හේතුවක් ලෙස පෙන්වාදිය හැකිය. අම්මා තාත්තා තම දරුවන්ට අවබෝධය ලබාදිම සිදු කරන්නේ ඉතාමත් අඩුවෙනි. ගුරුවරුන් මෙම කරුණු කියා නොදෙන තරම්ය. අති ධාවනකාරී ජීවන රටාවකට හුරු පුරුදු වී සිටින අප අවම වශයෙන් අපේ සංස්කෘතික පවා අමාතක කර ඇති හෙයකි දක්නට ලැබෙන්නේ.
සමාජයක් ලෙස ගොඩනැගීමට නම් අප අධ්‍යාත්මිකව පොහොසත් විය යුතුය. මෙය ලියන බොහෝ වැරැුදිවලට පෞද්ගලිකවම පශ්චාත් තාප වන්නෙකි. අප විසින් කළ කුඩා වරදකට පවා අප තුළ වේදනාවක් ඇතිවන්නේ නම්, මනුස්ස ඝාතනයක් කළ අයෙකුට, කිසිත් නොදන්නා කිරි සප්පයකුට කරන අවැඩක් කළ පුද්ගලයකු ඔහු ගැනම කෙතරම් කලකිරීමකට දුකකට පත්වනවා ඇත්ද.
අප මනුස්ස හැඟීමෙන් ප‍්‍රශ්න විසඳා ගැනීමට උත්සුක වන්නේ නම්, බොහෝ ගැටළු සාමකාමීව විසඳා ගත හැකිය. මෙලෙස සටහන තබන මා ද කෝපාවිෂ්ඨ වී කෑ ගසනවා දුටුවහොත් කලබල නොවන්න. අප ඉවසීම ප‍්‍රගුණ කළ යුතුව ඇත්තේ එහෙයිනි. සටහන තබන මාද කියවන වෙනස් වන සිතුවිලි ඇති පෘථග්ජනයෝ වෙමු.
අප ප‍්‍රශ්න විසඳීම මැදින් නොව මුල සිට ආරම්භ කළ යුතුය. අප විසඳුම් සොයන බොහෝ ප‍්‍රශ්න නැවත නැවත ඇතිවන්නේ, ඉදිරිය ගැන නොසිතා ඒ අවස්ථාවට සරිලන අයුරින් කෙටිකාලීන විසඳුම් සෙවීමත්, අදාළ ගැටලූ ඇතිවීමට හේතු නොසයා මැදින් ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමට කටයුතු කිරීමත්ය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.09.15

Monday, September 14, 2015
අපි පොඩි හින්ද ද?
අයිලාන් කුර්දිගේ සිද්දියත් මෙරට කුඩා දියණියගේ සිදුවීමත් කුඩා දරුවන්ය. ඔවුන් දෙදෙනා මිය ගිය ආකාරයත්, සිදුවීම් ජාලයත් වෙනස් වුවත්, කෲර ලෝකයේදී ඔවුනට මරණය හිමි වූයේ, ස්වභාවධර්මයට අනුකූලව නොව, පාපතරයෙන්ගේ කි‍්‍රයාකාරකම් නිසාය. ඔවුන් කිසිත් නොදන්නා කි‍්‍රයා හේතුවෙනි. වැඩිහිටියන්ගේ වැරැුදි හේතුවෙනි. අයිලාන් කුර්දිව මදකට පසුවට තබන්නෙමි. විද්‍යාගේ නම, මා භාවිත කරන්නේ එය සමාජ ගත වූවක් බැවිනි. විද්‍යාගේ ඡුායාරූපත් නමත් ප‍්‍රසිද්ධියට පත්වීමත් සමඟ ඊට විරුද්ධව බොහෝ දෙනා හඬ නැගූ අතර, මා ද අතර විය. පෞද්ගලිකව, මාධ්‍ය කුඩා දරුවන්ගේ සිදුවීම් සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය මගේ වැඩි කැමැත්තක් නැත. ඔවුන්ගේ ඡුායාරූප භාවිත කරමින්, නම් ගම් හෙළිදරව් කරමින්, හැසිරෙන ආකාරය අනුමත නොකරමි. ඊට කදිම උදාහරණය ඉන්දියාවේ වෛද්‍ය සිසුවියගේ සිදුවීමයි. බස් රථයක් තුළ අතවරයට ලක් වූ ඇගේ කිසිදු තොරතුරක් මාධ්‍යයෙන් ලොවට අනාවරණය වූයේ නැත. අප තවමත් ඒ තත්ත්වය පැමිණ නැති බව කණගාටුවෙන් වුවද කිව යුතුය. අප පුවත්පත ද අනෙක් පුවත්පත් හා මාධ්‍ය ආයතනය ද ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පුද්ගලිකව අනුමත නොකරමි. මට කටයුතු කරන්නට වන්නේ යම් කිසි සීමාවකය.
මේ තත්ත්වය ඉංගී‍්‍රසි මාධ්‍යවල යාම් තාක් දුරකට වෙනස්ය. මරණයට පත් වූ කුඩා දියණියගේ සිරුරේ කොටසක් නොපෙන්විය යුතු යැයි යන මතයේ පසුවෙමි. පසුගිය දිනෙක ස්වර්ණවාහිනිය පාසල් නොයන කුඩා දැරියක් සම්බන්ධයෙන් අනාවරණය කළේය. ඔවුන් සිදු කළ අනාවරණය අගය කළ යුතු වුවද, එම කුඩා දැරියගේ ඇස් වසා, වීඩියෝ පට පෙන්වීම මම පෞද්ගලිකව අනුමත නොකරමි. මියගිය, අතරවයට ලක් වූ වෙනයම් හෝ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් කුඩා දරුවකුගේ අනන්‍යතාව හෙළි දරව් කිරිම කිසිසේත් අනුමත කළ නොහැකි තත්ත්වයකි. දරුවා ජීවත්ව සිටින්නේ නම්, බොහෝ විට ඔවුන් සමාජයේ උසුළු විසුළුවලට ලක්විය හැකිය, සමාජයේදී පීඩාවට ලක්විය හැකිය. ඔවුන් මරණයට පත් ව ඇත්නම් එලෙස පීඩාවට ලක්වන්නේ ඔවුන්ගේ දෙමාපියන්ය, නෑ හිත මිතුරන්ය.
කලකට එක් සිදුවීමක් පමණින් මුල් කරගනිමින් අප මෙය මතු කරන අතර තවත් සිදුවීමක් වන තුරු අපට එය මතකයට එන්නේ නැත. මට ද ඒ සම්බන්ධයෙන් ඇත්තේ වරදකාරී හැඟීමකි. පොදුවේ කුඩා දරුවන්ගේ සිදුවීම් වාර්තාකරණය සම්බන්ධයෙන් යම් කිසි නීති ක‍්‍රමවේදයක් ඉදිරියේදී හෝ ගෙන එන්නේ නම්, වඩාත් යෝග්‍ය තත්ත්වයක් වනු ඇත.
මරණ දඬුවම ගැන ද එම කුඩා දැරියගේ සිදුවීමත් සමඟ කතාබහක් ඇති වී ඇත. මරණ දඬුවම ලබාදීමෙන් සමාජයක් තුළ සිදුවන වැරැුදි අඩු වෙතැයි සිතිය නොහැක. එසේ නම්, සමාජයේ සිදුවන වැරැුදි සඳහා ඕනෑ තරම් දඬුවම් නීති රීති තිබුණද, ඒවා ඕනෑ තරම් සිදුවෙයි. සිදුවිය යුත්තේ මිනිසුන්ගේ සිතුවිල වෙනසක්ය. තමන්ට අවැඩක් වූ විට පැමිණිලි කිරීම ද ඊට අවශ්‍ය වේ. මරණ දඬුවම අනුමත කළ නොහැකි තවත් දෙයක් නම්, අපට තවත් අයකුගේ ජීවිතය අවසන් කිරීමට කිසිදු ලෙසකින් වත් අයිතියක් නැත. යමකුගේ ජීවිතය අවසන් විය යුත්තේ ස්වභාවදහමට අනුව එය සිදුවිය යුතු අවස්ථාවේදීය. වුවමනාවෙන් තවකකුගේ ජීවිතය අහිමි කරන්නට අපට කිසිසේත්ම නොහැක. කිව යුතු තවත් කරුණක් වෙයි. යමකු වරදක් කළ විට, ඔහුට මරණයෙන් ඊට දඬුවම් කරනවාට වඩා ලබාදිය යුතු හොඳම දඬුවම වන්නේ, ජීවත්වීමට ඉඩහැරීමයි. ඔහු වරද ගැන තේරුම් ගන්නේත්, තවත් අයෙකුට උපදෙසක් දෙන්නේත් එවැනි අවස්ථාවකදීය. ආර්ථික වශයෙන් සිරකරුවන් වැඩිවනවා යනු රටකට බරකි. සිරකරුවෝ මනුෂ්‍යයෝය. එබැවින්, ඔවුන් ලොව යම්කිස දෙයකට සමත්කම් දක්වන්නෝ විය යුතුමය. ඔවුන්ගෙන් ආර්ථිකයට යමක් එකකරගැනීමට අපට හැකියාවක් තිබිය යුතුය.
යමකු අපරාධයකට ලක්වන්නට, බොහෝ විට හේතු කාරණා වන්නේ මානසික පීඩාව, සමාජ පීඩාව, ආර්ථික පීඩාව හා කෝපයයි. මේවා නිරාකරණය කිරීම සමාජයක, රටක, ආණ්ඩුවක වගකිව යුත්තන්ගේ බාර¥ර කර්තව්‍යයකි. කුඩා දරුවන්ගේ සිදුවීම් වාර්තාකරණයත්, එවැනි දෑ නැවත සිදුවීම් වළක්වා ගැනීමට හැකිවන අයුරින් සමාජ ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමත්, සිරකරුවන්ට රටේ මහජනතාවගේ මුදලින් සිරබත් ගිල්වනවාට වඩා, ඔවුන් ආර්ථිකයට දායක කරගැනීමට හැකිවන අයුරින් ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමේ අවශ්‍යතාව, ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති මේ කාලයේදී පැවැසීම කාලෝචිත බැවින් මෙලෙස ලියා තබමි.
හර්ෂණ තුෂාර සිල්වා
2015.09.14
Friday, September 11, 2015
හොඳම දේ දරුවන්ටය
ලොව හොඳම දේ දරුවන්ටය. එහෙම කිව්වේ අවිහිංසාවාදයේ පියා වූ මහත්මා ගාන්ධිය. අයිලාන් කුර්දි ගැන කතා කරන මෙරට සමහරුන්ට මේ පුංචි රටේ දුක් විඳින දරුවන් අමතකය. රාධිකා එවැන්නියකි. ඇය ගැන, කියන්නේ ලයිව් ඇට් එයිට්ය. (දරුවන්ගේ ඇස් පමණක් හෝ පෙන්වීමට නම් මා විරුද්ධය*. එකිනෙකාගේ පර වැඩි කරන දරුවන් අනන්ත අප‍්‍රමාණය. මේ රටේ බඩගින්නේ කවුරුවත් මැරෙන්නේ නැතැයි කීවට, මහ මඟ අව් කූටකේ ඇවිදින දරුවකු, ක-ුසගින්නේ මියගියොතින් අපි ඒ ගැන දන්නේ ද. කී‍්‍රම් බනිස් ගෙඩියක් කන්නට නැති, ත--ුන් වේලට තියා, එක් වේලකට හෝ බත් කන්නට බැරි දරුවන් ඕනෑ තරම්ය. පාසල් නොයන දරුවෝ ඕනෑ තරම්ය. පහේ ශිෂ්‍යත්වයෙන් පසු පාසල් නොයන දරුවෝ ඕනෑ තරම්ය. සාමාන්‍ය පෙළින්, උසස් පෙළින් පසු ද ඔවුන් දරුවෝය. එසේ තම අනාගතය අඳුරු කරගන්නා, දරුවෝ පසුකලෙක වැඩිහිටියෝ වෙති. ඔවුහු රටට බරකි. නූගත-ුන්ය. මැරයන්ය. කුඞ්ඩන්ය. සමාජය ඔවුන් හංවඩු ගසන්නේ එසේය.
බුදුන් සිටි සමයේ සියලූ දෙනා නිවන් ලැබුවේ නැත. ජේසූස් වහන්සේගේ සමයේද, අනෙක් ශ්‍රේෂ්ඨයෝ බිහි වූ කාලවලද එය එසේය. එහෙයින් අපට කිසිවක් සියයට සියයක් ලැබෙන්නේ නැත. එසේ වන්නේ ද නැත. ඒත් මේ පුංචි රටේ දුක් විඳින් දරුවන්ගේ ගණන, සමස්ත දරුවන්ගෙන් සියයට පහකට අඩු අගයකට ගෙන ඒමට හැකි නම්, අපි රටක් විදියට, ආසියාවේ ආශ්චර්යට කිට්ටුය. අවුරුදු 2500ක ඉතිහාසයක්, කන්නට දැයි අසන්න හිතෙන්නේ මේ වගේ වෙලාවටය. එවැනි ඉතිහාසයක් ලොව කිසිදු රටකට නැති බව හැබෑය. මෙවැනි රටක් ලොව කොතැනකවත් නැත. අපි හැමදාමත් ඒවා කියමින් ප‍්‍රදර්ශනකාරී ජීවන රටාවක නිරත වනවා හැරෙන්නට කළ යමක් නැත. 48 සිට බැලූ කළ, 48 දී අනෙක් රටවල් සිටි තැනත්, අද අප සිටින තැන ගැනත් ලැජ්ජය. දියුණු ඉතිහාසයක් තිබූ පමණින් වත්මන් ජාතිය රට දියුණු එකක් වන්නේ නැත. රටක් දියුණු වන්නට ඒ රට මනුස්ස ජාතිය දියුණු විය යුතුය.
ලෝකයේ ලොකුම ආර්ථිකය හිිමි ඇමෙරිකාවේත් එසේ දියුණු මිනිසුන් නැත. දියුණු මිනිසුන් යනු සාමකාමී හා සතුටෙන්ම සිටින මිනිසුන්ය. ආර්ථිකයේ දියුණු බව ජාතියක් දියුණු යැයි කියන්නේ නැත. රටේ මනුස්ස ජාතිය සතුටින් නම්, රටක් වශයෙන් අපි ලබන දියුණුව එයයි. රටක වඩාත් වැදගත් කොටස ඒ රටේ මිනිසුන්ය. ඒ මිනිසුන්ගෙන්ද වඩාත්ම වැදගත් කොටස වන්නේ ඒ රටේ දරුවන්ය. දරුවන් යනු රටේ අනාගතයයි. අධ්‍යාපනය දරුවන්ගේ අයිතියකි. නිවහනක්, හොඳ ආහාර වේලක්, සෞඛ්‍යය දරුවන්ගේ අයිතිවාසිකම්ය. මේවා දරුවනට නිසි ආකාරයෙන් ලැබෙනවා යනු රටට හොඳය. හොඳ අනාගත පරම්පරාවක් ලැබෙනවා යන්නය. ඒවා ලැබුණු පමණින් දරුවන් යහ මඟ යන්නේ නැත. හොඳ කලාවක්, හොඳ රස වින්දනයක්, මඟ පෙන්වීම් ඇතුළු දෑ තිබිය යුතුය. මානව සම්පතේ වටිනාකම, රාජසාන කතාවේදී, ජනපතිවරයා සිහිපත් කළ අතර, එම මානව සම්පත දියුණු කිරීමේදී, රටේ දරුවන් ගැන සිතා, ඔවුන්ගේ අධ්‍යාපනය, මානසික හා කායික ශක්තිය, දරුවන් පරිපූර්ණ මිනිසුන් දක්වා ගෙන යන්නේ කෙසේ දැයි සිතා ප‍්‍රතිසංස්කරණ සැකසෙන්නේ නම් එය බොහෝ දෙනකුගේ සතුටට හේතු වනු ඇත.
හර්ෂණ තුෂාර සිල්වා
2015.09.11

Friday, September 4, 2015
These are not 'quotas,' they are human lives.
ලොව පුරා සිදුවන, සිවිල් යුද්ධ, රටවල ජීවත්වීමට ඇති අපහසුතාව නිසා, හොඳ ජීවිතයක් ගත කිරීමට නොයෙක බාධ නොතකමින් මිනිසුන් මුහුදු තරණය කරන්නේ යුරෝපයට හෝ ඕස්ටේ‍්‍රලියාව හෝ නවසීලන්තයට හෝ වෙනත් හොඳ යැයි කියන රටකට යෑමේ අපේක්ෂාවෙනි. සිරියානු යුද්ධය මීට පැහැදිලිම උදාහරණයකි. සිරිායනු යුද්ධය, අපි‍්‍රකාවේ ඇති ගැටුම්, ආහාර හිඟය, නයිජිරීයාව, ලිබියාව, ඉරාකය, ආදී රටවල ඇති ත‍්‍රස්තවාදය ගැටුම් මේවාට උදාහරණය. යුරෝපයට එන සංක‍්‍රමණිකයන්ගේ සංඛ්‍යාව එන්නම එන්නම වෙඩි වෙමින් පවතියි. මෙරටින් පවා තවමත් ඕස්ටේ‍්‍රලියාවට, ඉතාලියට යෑමට නැවැතී නැත. මුහුදේ පාවී එක් දරුවකුගේ, මළ සිරුරක් ලෝක මාධ්‍යයේත් සමාජ ජාලවලත් ප‍්‍රසිද්ධියට පත්වූයේ බොහෝ දෙනකුගේ නෙතට කඳුලක් එක් කරමිනි. කෙසේ නමුත් ලෝක මාධ්‍යට වසන් වූ සත්‍ය නම්, එසේ සරණගත දරුවන්, සංක‍්‍රමණිකයන් බාර ගැනීමට යුරෝපා කලාපයේ නායකයෝ පංගු බෙදා ගැනීමට කටයුතු කිරීමය. තවත් අමතක වූ කරුණකි, එය ඇමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ ලෝක බලවතුන් ආරම්භ කළ යුද වැදීම් නිසා මිය යන අසරණ වන දරුවන්ය. සිරියාවේ පමණක් දරුවන් ලක්ෂ ගණනින් අසරණ වී ඇත. ඉරාකයේ, ඇෆ්ගනිස්තානයේ, ඉන්දියාවේ වීදි දරුවන්, මැද පෙරදිග, අපි‍්‍රකාවේ අසරණව සිටින දරුවන්ය. අපේ රටේ වීදි දරුවන් ඕනෑ තරම්ය. කොළඹ පවා පාසල් නොයන දරුවන් ඕනෑ තරම්ය. ලෝකයේ කොහේ සිටියත්, දරුවකට, නිවහනක්, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් ලැබීමට අයිතියක් ඇත්තේය. යුරෝපා කලාපයට පැමිණෙන සංක‍්‍රමණිකයන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ, එය බෙදාගැනීමට යුරෝපා කලාපයේ නායකයෝ කටයුතු කරන්නට වූහ. තම තමන්ගේ රටවලට ඇතුළත් කරගන්නා සංක‍්‍රමණිකයන් කෝඨා ක‍්‍රමයක් බවට හැරවීමට ඔවුහු කටයුතු කළහ. ඒත් සමඟ සමාජ ජාල ඊට දැඩි විවේචනයක් එල්ල වන්නට වූ අතර, එහි වඩාත්ම දැඩි වාක්‍යය වූයේ, ඔවුන් කෝටාවක් නොව, මනුෂ්‍ය ජීවිත යන්නය. යමකු රටක් හැර යන්නේ, ජීවත් වන්නටම බැරි වූ විටෙක. ඊට ප‍්‍රධාන හේතුවක් වන්නේ යුද්ධය, සිවිල් ගැටුම්ය. ඉන් පසු රැුකියා, ජීවන් තත්ත්වය, අධ්‍යාපනය, සෞඛ්‍ය ගැටලූ ආදියය . තවමත් අප රට හැර යන ඕනෑ තරම්ය. අපි ලෝකයාගේ ප‍්‍රශ්න කතා කිරීමට අපේ ප‍්‍රශ්න විසඳා ගත යුතුව ඇත. තිස් වසරක සිවිල් යුද්ධය නිසා, රට හැර ගියෝ බොහෝය. තවමත් රැුකියා නොමැති කම, ආදී විවිධ හේතු නිසා රට හැර යන්නෝ බොහෝය. මේවාට අප විසඳුම් දිය යුතුය. අපේ රට යන හැර පිරිස, අඩු කළ යුතුය.
හර්ෂණ ත-ුෂාර සිල්වා
2015.09.04
හර්ෂණ ත-ුෂාර සිල්වා
2015.09.04
කාන්තාවක් අසැබි වචනයෙන් තම ස්වාමියාට හෝ වෙනත් අයකුට බැන වදින වීඩියෝවක් බුකියේ ප‍්‍රසිද්ධියට පත්වෙමින් ඇත. මෙහි ආගිය තැන් පසුබිම් කතාවක් මා දන්නේ නැත. නමුත් එය විහිළුවට ගත යුත්තක් යැයි නොසිතමි. මා සිතන ආකාරයට, එම කාන්තාව විදේශ රැුකියාවකට හෝ වෙනත් යමකට විදේශ ගත වූ තැනැත්තියක වන්නට පුළුවනි. එතැනි වෙස්ටන් යූනියන් මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයකි. අකුරු අරාබිය. කතාකරන පුද්ගලයන්ගෙන් කසිප්පු බීලදැයි අසයි. ඇය මැදිවියේ කාන්තාවකි. මුදල් ගැන කියයි. ළමයකුට දෙන්නැයි කියයි. ඇය මැද පෙරදිග රටක රැුකියාවකට ගියා වෙන්න පුළුවනි. මුදල් එවන්නට පැමිණියා, නැවත මව්රටට එන්නට පැමිණියා වන්නට හැකිය.
මගේ කතාව,
බොහෝ අම්මලා පවුල ගොඩදාගන්නට බොහෝ සේ වෙහෙස වෙති. ගෙවල්වල වළං හෝදන්නට යති, මහ පාරේ කුමක් හෝ විකුණති. ඉඳි ආප්ප, ආප්ප, වණ්ඩු ආප්ප, කඩ කෑම හදති. මැහැම් ගෙති වැඩ කරති. මේ රටේ යමක් කරන්නට බැරිම තැන ගැහැණු දරුවන් සිටියදී පවා විදෙස් ගත වෙති. බොහෝ විට මැද පෙරදිගටය. එහි ගොස් ගුටි කති. නොමැරි එන්නේ පෙර පිනක් ඇත්නම්ය. ආවද ඇගේ හැම තැනම, ගුටි ලකුණුය. එසේත් නැත්නම් එයත් මහත් පිනකි. රටට වැඩි ආදායමක් එවන්නේ මේ අම්මලාය. මේ අම්මලා ගෙදරට එවන මුදල් ඉතිරි වන්නේ ද නැත. එහෙම ඉතිරි කරන දරුවෝ, තාත්තලා, පවුල් නැතුව නොව, ඒවා ද තිබේ. මේ ඒවා ගැන නොවේ. අම්මලා එවන මුදල් තාත්තලා, පුතලා නැති භංගස්තාන කරති. කසිප්පු බොති, අරක්කු බොති. ඉහත කී කාන්තාව කුණුහරුපයෙන් කෑ ගසද්දි මට හිනා යන්නේ නැත. දරුවාට දෙන්න යැයිි කියති. යම් විටෙක මව් රටට එන්නට මුදල් අඩුපාඩුවක් වී ඇතුවා වෙන්නට පුළුවනි. එක තැනකට සල්ලි හොයන්නට නම්, ඔවුන් සමඟ නිදන්නට වේ යැයි කියයි. රට නොගොස් මෙරටේදී පවා, තමා දරුවන්ට කන්න බොන්න දෙන්නට, කසාද මනුස්සයාගේ බඩ පුරවන්නට, වෙනත් මිනිසුන්ගේ සතුට වෙනුවෙන්, තම සිරුර පුද කරන අම්මලා ඕනෑ තරම්ය. එහෙව් නිදගන්නා මහත්වරුම, පසුව අම්මලාටම බඩුව බඩුව යැයි කියති. මේ අපේ රටේ හැටිය. කාලයක් හලාල් තහනම් කරන්නට කෑ ගැසූහ. අම්මලා රට යෑම ඔවුනට අමතකය. අම්මලා මෙරටට එවන මුදල් අමතකය. එසේ කඩ පනිමින් වීරයන් වූවන්ගේ වාහනවලට ඞීසල් පෙට‍්‍රල් ලැබුණේ, අම්මලා ඉන්නා රටවල් වලින් බව ඔවුනට අමතක විය. එය අතුරු කතාවකි. විදෙස් කාන්තාවන්ගේ ප‍්‍රමාණය එන්නටම වැඩිය. පසුගිය කාලයේත් ඉදිරියේදීත්, පාර්ලිමේන්තුවේදී , සමාජයේදීද නිතර කතාවන මාතෘකාවක ප‍්‍රතිසංස්කරණ. ඒ ප‍්‍රතිසංස්කරණවලට රට යන අම්මලා ගණන අඩු කරන ප‍්‍රතිසංස්කරණ ගෙන ආ යුතුය. ඒ අම්මලාගේ දක්ෂතාවය මෙරටදී ප‍්‍රයෝජනයට ගන්නට ප‍්‍රතිසංස්කරණ ගෙන ආ යුතුය. රටේ ජනගහනයෙන් සියයට 52ක් කාන්තාවෝය. කවදා හෝ අම්මලාය. දරුවන් නොලැබුණුත්, අම්මලා සේ දරුවනට ආදරය කාන්තාවෝ ඕනෑ තරම්ය. කාන්තාවක් යනු, ස්වභාවරධර්මයට අනුව නම්, අම්මාය, ජීවය බිහි කරන්නෝය. එහෙව් එකේ, මෙය ලියන මේද, වීඩියෝ පටය දැමූ පුද්ගලයාද, කියවන ඔබද, පාර්ලිමේන්තුවේ 225 ද, බිලියන 7 දශම ගණනක් වූ ලෝක වාසීහූද, කියන්න බැරි තරම් වූ අපා දෙපා බහු පා ජීවියෝ ද බිහිවන්නේ මව් කුසකිනි, මව් කුසකින් එන බිත්තරයකිනි.

Tuesday, September 1, 2015
කොකාකෝලා සමාගම සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇතිවන්නේ, කැළණි ගඟ තෙල් එකතුවීමක් සම්බන්ධයෙන් කටකතාවක් පැතිර යාමත් සමඟය. කෙසේ නමුත් දැන් කොකෝකාල මිලදී නොගන්නැයිද, කොකාකෝලා සමාගම වසාදමන්නැයි සමාජජාලයේ දැඩි සටනක් ද දැන් ව්‍යාප්ත වෙමින් පවතියි. මීට කාලයකට පෙර පාසල්වල පැණිබීම අලෙවිය තහනම් කරමින් චක‍්‍රලේඛයක් අධ්‍යාපනය අමාත්‍යාංශය විසින් නිකුත් කළ අතර දැන් එය හරිහැටි කි‍්‍රයාත්මක වන්නේ ද යන්න පිළිබඳව මට ඒ හැටි අවබෝධයක් නැත. කැළණි ගඟය අපවිත‍්‍ර දෑ එකතු වීම තෙල් එකතුවීම පසෙකින් තබමු. එවැනි දෑ කොකාකෝලා සමගමෙන් පමණක් නොව, බොහෝ වෙනත් බහුජාතික සමාගම්වලට අයත් සමාගම්වලින්, ආයතනවලින්, හෝටල්වලින් කැළැණි ගඟට පමණක් නොව වෙනත් ජල මූලාශ‍්‍රවලට, මුහුදට ආදි වශයෙන් එකතුවෙයි. ඒ නිසා එම සිදුවීම බැහැර කර මෙය ලියමි. කොකාකෝලා ඇතුළුව බොහෝ පානවර්ගය මෙරට වෙළෙඳපොළේ ඇති බව මෙය ලියන මාත් කියවන ඔබත්, ඇතුළු සියලූ දෙනා දන්නා කරුණකි. මෙවැනි දෑ වලින් සිදුවන හානිය දැන දැනම අපි මේවා පානය කරමු. කෙසේ නමුත්, කුඩා දරුවන් මෙවායේන් ඈත් කරන්නට, ගුරුවරුන් නිහඬව කරන කාර්යභාරය අගය කිරිමේ මෙහිදි මා සඳහන් කරනුයේ, ඉතාමත් සතුටුනි. වෙළෙඳපොළේ ඇති මෙවැනි පානවර්ගවල ඇති අනිටු ප‍්‍රතිවිපාක ගැන මට කුඩා කාලයේ කියාදුන් ග-ුරුවරුන් කිහිපදෙනකුම වන මෙහිලා කිව යුතුය. අද වනවිට අප අතර කුඩා වැඩිමහල් සියල්ලෝම බොහෝ ලෙඩ රෝගවලින් පීඩා විඳින අතර ඊට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ අප ගන්නා ආහාර හා පානවර්ගය. කොකාකෝලා වැනි සමාගම් තවදුරටත් අනාගතයේදීත් ඉදිවනු ඇත. කොකාකෝලා සමාගමෙන් රටට ලැබෙන බදු ආදායම නිසාම, රජය ඒ ගැන වැඩි තැකීමක් නොකරනු ඇත. ඡුන්දයට, අවුරුද්දට හෝ වෙසක් පෝයට බාර් වසන්නැයි කී විට, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ම බාර් ඉක්මනින්ම විවෘත කරන්නැයි මැසිවිලි නගන බව කීවේ මා දන්නා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. රටට බොහොමයක් බදු ආදායම් ලැබනේනේ මෙවැනි බහුජාතික සමාගම් ඇතුළු රටේ ජනතාවට වින කරන ආකාරවලිනි. එහෙයින් රටක් වශයෙන් අපට ඇති ප‍්‍රධානම සම්පත වන මානව සම්පත රැුකගැනීමට මානව සම්පත වන අපටම ඉදිරියට පැමිණ කටයුතු කරන්නට සිදුව ඇත. අද පාර්ලිමේන්තුවේදී රාජාසන කතාව කරමින් මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා කියා සිටියේ, රටේ ප‍්‍රධානම සම්පත වන මානව සම්පත වැඩිදියුණු කිරීමට කටයුතු කළ යුතු බවය. කොකාකෝලා වැනි පානවර්ග පමණක නොව, කෘතීම ආහාර වර්ග, ක්ෂණික ආහාර වර්ග ගැන ප‍්‍රමිති, නියාමන ක‍්‍රම ගෙන ආ යුතුය. ඉදිරියේදී කෙරෙන ප‍්‍රතිසංස්කරණවලට ආහාර පාන පිළිබඳව ප‍්‍රතිසංස්කරණ ගෙන ආ යුතුය. අපේ රට දැනටමත් ජනගහන අර්බුදයකට මුහුණ පා සිටින්නේ තව වසර කිහිපයක් යනවිට, අපේ රටේ බහුතරයක් වැඩිහිටියන් වීම හේතුවෙනි. ලෙඩ ජාතියක් බිහි වීම වළක්වාලීමට අප බොහෝ දේ කළ යුතුව ඇත. ඉදිරියේදී වැඩිහිටියන් වනුයේ අපය. අප යනු, මෙරට දැනට සිටින තරුණ පරම්පරාවය. මේ පරම්පරාවේ ආමාශවල වැඩිපුරම ඇත්තේ කොකාකෝලා වැනි බීම වර්ගවලත්, අප කෑ ආහාරවල ඇති රසායන වර්ග හා සිරුරට අහිතකර දෑය. අපේ අම්මලා තාත්තලා පෙර පිනකට හෝ මෙවායින් යම් තාක් දුරකට ඈත් ව සිටිති. අප, නැතහොත් වත්මන් තරුණ පරම්පරාව ලෙඩවීමේ සම්භාවිතාව වැඩිය. මේ ලෙඩ ජාතියට බෙහෙත් කරන්නට පමණක් ජාතික ධනයෙන් වැඩි කොටසක් වැය වනු ඇත. කොකාකෝලා සමාගම තහනම කිරීම නොව, ජාතියක් වශයෙන් සිතිය බොහෝ දේ අප සතුව ඇත. කොකාකෝල පමණක් නොව තහනම් කරන්නේ නම් තවත් බොහෝ සමාගම් ඇත. එසේ නම් ඒ සියල්ල තහනම් කළ යුතුය. මේවා ප‍්‍රායෝගික ද යන්න සැක සහිතය. එබැවින් අප කළ යුත්තේ කොකාකෝලා වැනි පානවර්ග වලිනුත්, ඒ හා සමාන ආහාරවර්ග වලිනුතු් ඉවත්වීමය. කෙරෙන ප‍්‍රතිසංස්කරණවලට මේවා ඇතුළත් විය යුතුය. රට ගොඩනගන්නට නම්, ශක්ති සම්පන්න, සෞඛ්‍ය සම්පන්න ජාතියක් අවශ්‍යය කර තිබේ. ඒ සඳහා රටේ ජනතාවට ගුණාත්මක ආහාරවර්ග පාන වර්ග ලබෙන ප‍්‍රතිසංස්කරණ, නියාමනය කිරීම්, පරීක්ෂා කිරීම් සොයාබැලීම් අවශ්‍ය කර තිබේ.
හර්ෂණ ත-ුෂාර සිල්වා
2015.09.01
හර්ෂණ ත-ුෂාර සිල්වා
2015.09.01
Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
December
(6)
- අපි කාලයෙන් කාලයට විවිධ මාතෘකා අල්ලාගනිමු. ජුලම්...
- 2015.12.27 ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජ...
- ආගම් ඇදහීමට, ජාතිය වෙනුවෙන් පෙනි සීටිමට තමන් කැමැ...
- අපි සෑමවිටම අනාගන්නා ජාතියක් බවට පත්වමින් සිටින බ...
- වෛද්‍ය වෘත්තීය ලොව උතුම් වෘත්තීන් අතරින් එකක්ය යන...
- අයවැය වැඩි ඡුන්ද 107කින් සම්මත වී ඇත. රවී කරුණානා...
-
►
November
(9)
- මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදල ගැටලුකාරීය....
- බැඳීම්
- මම ජනපති වුණේ සෝභිත හාමුදුරුවෝ නිසා
- සෝභිත හිමියන්ගේ අපවත්වීමත්, ඇවන්ගාඞ් සිදුවීමත් නි...
- වීරයා මැරිලා
- ඒ මා දුටු එකම බෞද්ධ භික්ෂූන් වහන්සේය !
- අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු කා...
- කොළඹ ගෝලීයව තරගකාරී නගරයක් කිරීම තේමාව කරගනිමින් අ...
- ශිෂ්‍ය මර්දනයේ ප‍්‍රභේද
-
►
October
(9)
- මහින්ද වඩා කලින් මෛතී‍්‍රට යන්න ඕනි නම් ඔහොම නටපුදෙන්
- අමුතු ඇටේ අධ්‍යාපනය,
- නිදහස් අධ්‍යාපනය මේ අයුරින් හෝ තවමත් මෙරට දරුවන්ට...
- විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා වෙත, ඔබ ක්‍රෝධය ද...
- රටක වයස්ගත ජනගහනය වැඩිවීම ඒ රටට සමාජ හා ආර්ථිකමය ...
- ලංකාවේ අගනුවර
- මා මාපියෝ මා වදාකා බොන්ට දී සවීමත් කළහදණ ගා එසවෙන්...
- ජනවාරි 8 වැනිදා අපේක්ෂා වෙනස යූ ටර්න් ගසන බවක් පෙ...
- නපුසංකම පෙන්වන පිරිමින්ද එම නපුසංක කම පෞරෂ්‍ය යැය...
-
▼
December
(6)