ඊයේ සරසවි සිසුන්ට එල්ල වූ ප‍්‍රහාරයෙන් දේශපාලන වාසිගන්න දත කන පිරිසක් ද වූ බව කිව යුතුය. ඔවුනට මතක් කර දිය යුතු කරුණ වන්නේ, පාලනය ගෙන යන්නේ මහින්ද ද මෛතීරන.. ද යන්නට වඩා සිතා බැලිය යුත්තේ, අප සියල්ලෝම මුහුණ දෙන එක බවය. කවර ආණ්ඩුවක් පත් වුවද, ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු සොයගත යුතුය. වතුර ඉල්ලූ ජනතාවට ආශ්චර්යේ ආණ්ඩුවෙන් ද යහපාලන ආණ්ඩුවෙන් ද ප‍්‍රහාර එල්ල විය. තම අයිතිවාසීකම් ඉල්ලූ සරසවි සිසුනට ආශ්චර්යේ ආණ්ඩුවෙන් මෙන්ම යහපාලන ආණ්ඩුවෙන් ද ප‍්‍රහාර එල්ල විය. වෙනස ඇත්තේ ආශ්චර්යේ ආණ්ඩුව මැරකම් තක්කඩි කම් කරන්නට පටන් ගත්තේ කාලයක් යත්ම වීමය. යහපාලන ආණ්ඩුව පත් වී තවම මාස තුනක්වත් ගතවුයේ නැත. මහින්ද රාජපක්ෂ පරාජයට කරන්නට බොහෝ කැපකීරිම් කරන්නට බොහෝ දෙනකුට සිදූ බව කිව යුතුය. අප බොහෝ දෙනෙක් ඒ පිටුපසින් සිටියා පමණි. කැපකිරීම් කළ බොහෝ දෙනා අද සිටින්නේ කලකිරීමෙනි. මහින්ද රාජපක්ෂ පාලනය පරාජයේ කිරීමේ සටනේ සිටියවුන් යහපාලන ආණ්ඩුවේ වැරැුදි කතාකරන්නේ නම් ඔවුන් වෙනුවෙන් ද අප පෙනිසිටිමු. සිවිල් සමාජයක්, සිවිල් සංවිධාන, පුරවැසියන්, පුරවැසි බලවේග, බුද්ධිමතුන්ගේ ප‍්‍රගතිශීලිත්වය මැන බැලිය හැක්කේ එසේය. මහින්ද ආණ්ඩුවෙන් කළත් මෛතී‍්‍ර ආණ්ඩුවෙන් කළත් වැරැුද්ද වැරැුද්ද ලෙස දැකීමට සියලූ දෙනාටම බැරි බව අප මතක තබා ගත යුතුය. එහෙත් වැරැුදි මග යන්නෝ නිවැරැුදි මගට ගත හැකි බවත්. කවුරු කළත් එය වැරැුද්දක් බවට පෙන්වාදීමට හැකි සුළු පිරිසක් හෝ සිටින බව මතක තබාගත යුතුය. එවැනි සුළු පිරිසකගේ ප‍්‍රතිඵලයක් ලෙස ලක්ෂ 62 58ක් ලෙස මහින්ද පරාජයට පත්වූයේ මෛතී‍්‍ර රාජපක්ෂට ඇති කැමැත්ත නිසා නොව, මහින්ද රාජපක්ෂ පාලනයේ වැරැුදි වැරැුදි ලෙස දුටු නිසාය. එබැවින් එම කි‍්‍රයාවලියම මෛතී‍්‍ර පාලනයටත් අවශ්‍ය කර තිබේ. මහින්ද රාජපක්ෂ පාලනයට මෛතී‍්‍ර පාලනයට වැරැුදි නිවැරැුදි කරගැනීමේ අවස්ථාවක් ඇත. එබැවින් මෛතී‍්‍ර පාලනය වැරැුදි උගෙන ඉදිරියට යන්නේ නම් එය රටේත් රටේ ජනතාවගෙත් පාලන තන්ත‍්‍රයේ සිටින්නන්ගේත් සුබ සිද්ධියට හේතු වනු ඇත. එසේ නොවුණහොත් මහින්ද කලින් මෛතී‍්‍රට ගෙදර යන්නට සිදු වන්නේය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.10.30
No comments:
Post a Comment