Friday, October 2, 2015

ජනවාරි 8 වැනිදා අපේක්ෂා වෙනස යූ ටර්න් ගසන බවක් පෙනෙන්ට තිබේ. මේවා කාගේ වුවමනා එපාකම්වලට සිදුවන වාද නැද්ද යන්න නම් අප දන්නේ නැත. මෙරට ජනතාවට තවමත් අවශ්‍ය කර ඇත්තේ සංදර්ශනකාරී දේවල් බව නම් කිව යුතුය. වෙනස් කළ යුතුව ඇත්තේ එයය. රටේ නායකයා ඡුන්දයෙන් පත් කරගන්නා පුද්ගලයෙකි. 2010 වසරේ බි‍්‍රතාන්‍යයේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි ව තිබුණේ, එරට ජනතාවගෙන් රටේ අගමැතිවරයා ඬේවිඞ් කැමරන් යැයි දන්නේ සියයට 15ක් බවය. බි‍්‍රතාන්‍යයේ දේශපාලනය ක‍්‍රමයත් අපේ ක‍්‍රමයත් වෙනස්ය යන්න වෙනම කතාවකි. රටක ජනපතිවරයකු නිව්යෝක් නුවර සෑම වසරකම පැවැත්වෙන් එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය ඇමැතීම මහ අමුතු දෙයක් නොවන බව රටවටා පෝස්ටර් ගැසූ පිරිස් ද, ගුවන් තොටේ චිත‍්‍රපටයක් පෙන් වූ පිරිස් ද දැනගත යුතුය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා රජාට ඇන්ඳීමෙන් අපි කෙලවා ගත්තෙමු. මෙරට ජනතාව වෙනස් කළේද එයයි. නැවත වරක් එවැනි සංදර්ශනකාරී, ප‍්‍රදර්ශනාත්මක, නාස්තිකාර වියදම්වලින් සමන්විත දෑ දැකීමේ අවශ්‍යතාව මෙරට ජනතාවට නැත.
ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අපට සහාය ලැබුණේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර හිතවාදී පිළිවෙතක් අප අනුගමනය කළ හෙයිනි. එහි අමුත්තක් නැත. මහින්ද රාජපක්ෂ චීන ගැත්තෙකු නොවී ඇමෙරිකාවත් ඉන්දියාවත් සමඟත් හොඳ හිත පවත්වා ගත්තා නම් අවුරුදු දෙකක් කලින් ගෙදර යන්නට වන්නේ ද නැත. ජාත්‍යන්තරයේ පීඩන එන්නේ ද නැත. බටහිර කි‍්‍රයාත්මක වන්නේ එක්තරා න්‍යාය පත‍්‍රයකට බව  ඕනෑම අයකුට තේරෙන කරුණකි. මුහුදින් වට වූ ¥පතක ජීවත්වන අපේ ප‍්‍රධාන ආදායම් මාර්ගයකි අපනයනය. දකුණු ආසියානු කලාපයේත්, ලෝක නාවුක හා ගුවන් ගමන් මාර්ගවලත් කේන්ද්‍රස්තානයක පිහිටීම අපේ රටට වාසනාවකි. එහෙයින් අප කළ යුතුව සියලූ රටවල් සමඟ යහපත් මිත‍්‍ර සබඳතාවක් ගොඩනගා ගැනීමයි. පසුගිය වසරේ වැඩි වශයෙන් අපේ අපනයන මිලදී ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
ලයිට් කණුවේ මහින්ද යැයි අසා ගැනීමට හිටපු ජනපතිවරයාට සිදු වූයේ ඊයෙත් අදත් මෛතී‍්‍රපාල ජනපතිවරයාගේ රුව දැක්වෙන පෝස්ටර් කටවුට් එකල ද වූ නිසාය. නැවත නැවත කියන්නට ඇත්තේ මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා රජාට ඇඳීමෙන් වැළැකී සිටිය යුතු බවය. ඔහු හෝ මෙය තේරුම් ගන්නේ වටී. ගුවන් තොටේදී දෙකට තුනට නැමී බොහෝ පිරිස් ජනපතිවරයාට වඳිනු අයුරු දුටුවිට, බොහෝ දෙනා කී කතාවකි, බුදුන්වන් නොවඳින උන් වඳින හැටි යනුවෙනි. මෙවැනි දේවල් නැවත අවශ්‍ය වන්නේ නැත. අපි කවුරුවත් ශුද්ධ වන්තයෝ නෙවෙමු. රට ද අප ද ඉදිරියට යා යුතුය. ජනපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය අමතමින් මගේ ආදරණීය ජනතාව ප‍්‍රබුද්ධයන් යැයි කී තැනට අප ගමන් කළ යුතුය. රට ලෝකයේ ඉදිරි පෙළට ආ යුතුය. එතැනට යන්නට යහපත් මානව පරම්පරාවක් ගොඩනැගිය යුතුය. ප‍්‍රදර්ශනකාරී දේවල් නොව ප‍්‍රායෝගික මිනිසුන්ය. අපි එකින් එකා වෙනස් විය යුත්තේ එහෙයිනි. අප වෙනස් වනවිට දේශපාලකයන්ට එම වෙනසට හුරු වන්නට සිදුවනු ඇත. එසේ නොවුණහොත් දේශපාලකයන් දෙන්නේ අප ඉල්ලන දේය. එවිට අනේ හපොයි, මේ සල්ලි අපරාදේ යැයි කීමෙන් පලක් නැත.

හර්ෂණ තුෂාර සිල්වා
2015.10.02

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive