රටක ජනගහනය යනු එම රටේ ප්‍රධානතම සම්පතයි. එම ජනගහනයෙන් ද වැඩ කළ හැකි ජනතාව වැඩි වීම යනු තවත් සුවිශේෂී වාසියකි. වැඩ කළ හැකි ජනගහනයෙන් වැඩි දෙනා තරුණ තරුණියන් වීමත් ඊටත් වඩා සුවිශේෂීය.
එකල ඉන්දීය සමාජය ගැන මාර්ටින් වික්‍රමසිංහයන් 1942.02.03 වැනිදා ‘මයුරපාද’ නමින් සිළුමිණ පුවත්පතට ලිපියක් සපයා ඇත. ‘කුලවාදය නිසා ඉන්දියාවේ ශාස්ත්‍ර පිරිහුණු සැටි’ යනුවෙන් එම ලිපිය ශීර්ෂ යොදා තිබේ.
එහි එක් තැනක මෙසේ සඳහන් වේ.
“භෞතික විද්‍යාවන් දියුණු කරනු සඳහා වැර වෑයම් ගත් කළ පැරැණි ජාතීන් අතර ග්‍රීකයෝ ප්‍රමුඛස්ථානය ගත්හ; ඒ පැරැණි ග්‍රීකයන්ගේ සභ්‍යත්වය හිමි වූයේ බටහිර ජනයාට ය. එහෙයින් ග්‍රීකයන් විසින් පාදා දෙන මඟ ගත් ඔවුහු, භෞතික විද්‍යාවන් දියුණු කිරීමෙන් පෙරදිග ලෝකය මඬින තරම් බලසම්පන්නයෝ වූහ” යනුවෙනි.
එම ලිපියේම ඊට පහළින් වික්‍රමසිංහයන් මෙසේ ලියා ඇත.
“ඉන්දියාවේ මහජනකායට සම කරන විට ඉංගිරිසීන්ගේ ගණන අතේ ඇඟිලිවලින් ගිණිය යුතු තරම් අල්ප යයි කිව යුතු ය. එවැනි අතළොස්සකට, ඉන්දියාව වැනි මහා රටක ජනකාය මැඩගෙන පාලනය කළ හැකි වූයේ, ඔවුන්ගේ භෞතික විද්‍යඥානය නිසාය. යුරෝපයන්ගේ දාසයන් වී සිටින ඉන්දියාවේ ජනයා අතර, ධර්මයත් අධ්‍යාත්මික විද්‍යාවනුත් ගැන පුරසාරම් දොඩන්නෝ බහුල වෙති. ඒ දෙඩීම වූ කලී ‘අරූප ස්ත්‍රියගේ පතිවත’ වැනීම වැන්නැයි යන ප්‍රස්තාව පිරුළ සිහිකර වන්නකි. ඉංගිරිසීන්ගේ දාසයන් වී සිටීම ශ්‍රේෂ්ඨ අතීතයක් ඇති භාරතීයන්ගේ ලවත් ලැජ්ජාවට කරුණකි”.
මේ ලිපිය අදටත් ගැලපෙන අතර වඩාත් සුදුසු වන්නේ ඉන්දියාවට නොව අපටය. කොතරම් අර්බුද මධ්‍යයේ වුවද ඉන්දියාව ආර්ථික වර්ධනයක් අත්පත් කරගනිමින් ඉදිරියට යමින් සිටි. පසුගිය වසරේ දී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය සියයට 7.3 ත් 7.4ත් අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කළ අතර මේ වසරේදී ඉන්දියාවේ ආර්ථිකය සියයට 7.4කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය. වසර 2030 වනවිට ඉන්දියාවේ ආර්ථිකය ඇමෙරිකාව අභිබවමින් චීනයට පමණක් දෙවැනි වෙමින් ලොව දෙවැනි විශාලතම ආර්ථිකය වනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.
ලිපිය කියැවීමේදී වර්තමානයේ දී අප දෙස බැලීමේදී අපි ආගම් ගැන පුරසාරම් දොඩවුම. ඉතිහාසය ගැන පුරසාරම් දොඩවන්නෙමු. බොහෝ දේ ගැන පුරසාරම් දොඩවන අතරේම ඉතිහාසය, ආගම, ජාතිය, බෙදීම, මිත්‍යාව යනාදී බොහෝමයක් වහලුන් බවට පත්ව සිටිමු. ඉතිහාසයේ, ආගම්, ජාතීන් යනාදී තම තමන්ගේ පෞද්ගලික හා පොදු අනන්‍යතා පිළිබඳ වැරැදි වැටහීම් සහ නොදැනුවත්කම් නිසාම ඒවායේ වහලුන් බවට පත්ව සිටිමු.
ඉන්දියාවේ කුල ප්‍රශ්නය නිසා එරට ශාස්ත්‍ර කොතරම් පිරිහුණේ ද බෙදීම, නොදැනුවත්කම, අලසකම, කුහකකම, මිත්‍යාව, විද්‍යාව බැහැර කිරීම, අනවබෝධය, නොතේරුම් ගැනීම, බොරු ඇදහිලි , මෝඩ හා අනුවණකම් යනාදිය නිසා ම මේ රට පිරිහෙමින් පවතී.
ඡායාරූප රොයිටර්
https://pictures.reuters.com/C.aspx?VP3=CMS3&VF=RTRRTT_1_VForm


