Friday, January 15, 2016

වකුගඩු රෝගය මේ වනවිට ජාතික අර්බුදයක් බවට පත්ව ඇති අතර, ඒ මුවාවෙන් උතුරු මැද පළාත ද ඇතුළුව බොහෝ ප‍්‍රදේශ විවිධාකාරයේ ජාවාරම් සිදු වන බවට වාර්තා අතර ඒවා සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත අවධානයක් යොමු වී නිශ්චිත කරුණු කාරණා වාර්තා වී නැත.

වකුගඩු රෝගය ලෝකය පුරා පැතිර ඇති රෝගී තත්ත්වයක් වන අතුර වකුගඩු අකී‍්‍රය වීමක් සිදු වෙයි. 1960 දශකයේ ආර්ථිකයේ සිදුවන වන වෙනසත්, කෘෂිකාර්මික කටයුතුවලට පොහොර භාවිත කිරීමත් සමඟ, එහි ප‍්‍රතිඵලයක් ලෙස වකුගඩු රෝගය පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ 1990 දශකයේදීය. එතැන් සිට මේ දක්වා විවිධ කණ්ඩායම් විවිධ පර්යේෂණ සිදු කළ ද මේ වනතෙක් කිසිදු නිශ්චිත හේතුවක් සොයා ගැනීමට නොහැකි වී ඇති ආණ්ඩු මාරුවෙන් පසු වද ඒ සඳහා නිසි අවධානයක් යොමු වී ඇති බවක් පෙනෙන්ට නැත.


බොහෝ විට සීත කාමර රැුස් වී සාකච්ඡුා පැවැත්වුව ද ඉන් එහාට සිදු වූ යමක් ගැන තොරතුරක් නැත. අදටත් මෙරට ඇත්තේ රුධිර කාන්දුකරණ යන්ත‍්‍ර 350ත් 400ත් අතර ප‍්‍රමාණයකි. එසේ වුවද වාර්තාවලට අනුව මෙරටට රෝගීන් ගේ සංඛ්‍යාවයට සාපේක්ෂව මෙරටට අවශ්‍ය රුධිර කාන්දුකරණ යන්ත‍්‍ර සංඛ්‍යාව දහසකට වැඩිය. 


සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්තාවකට අනුව 2030 පමණ වනවිට සංවර්ධනය වෙමින් පවතින රටවල වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 70කින් පමණ වැඩි වනු ඇත. වකුගඩු රෝගයට වැඩි වශයෙන් ගොදුරුව ඇත්තේ මෙරට ගොවි ජනතාවය. රටට බත සපයන, ආහාර සපයන මනුස්ස ප‍්‍රජාව රැුක ගැනීමට අප සතුව තවම නිශ්චිත වැඩ පිළිවෙළක් නැත. 


වකුගඩු රෝගය නිසා නුදුරු අනාගතයේදී ම ප‍්‍රශ්න රැුසකට මුහුණ දීමට අපට සිදුවනු ඇත. එය රෝගයට පමණක් නොව, සමාජ ආර්ථික දේශපාලන අර්බුද රැුසකටම මඟ පාදනු ඇත. දැනටමත් ඒවායේ ලක්ෂණ පහළ වෙමින් පවතින අතර, ඉදිරි දශක දෙක තුළ දී හෝ මේ තත්ත්වය පාලනය කරගැනීමට නම්, දැන් හෝ නිශ්චිත වැඩිපිළිවෙළක් ආරම්භ කළ යුතුව ඇත. එය වට මේස සාකච්ඡුාවලින් ඔබ්බට ගිය ප‍්‍රායෝගික කාර්යයක් විය යුතුය.

හර්ෂණ තුෂාර සිල්වා
2015.01.16

Sunday, January 3, 2016

හෙට පහ වෙනුවට හය ඉලක්කම වැටෙනවා. 2015 න් 2016ට. මේ අවුරුද්ද ඉබේම ගෙවිල යන්න ඇති. පිරිසකගේ අවුරුද්ද සාර්ථක වුණා වගේම අසාර්ථක වෙන්න ඇත. ඒක තමා ජීවිතයේ හැටි. ළඟ හිටපු මිනිස්සු දාලා යන්න. සදහටම යන්න ඇති. තවත් සමහරු, දාලා වෙන අය ගාවට යන්න ඇති. ජීවිතය කියන්නේ යෑම් ඊම් ම විතරක් නෙමෙයි.
මුදල් අතින්, අධ්‍යාපනය අතින් විවිධ අංශවලින් පිරිස් සාර්ථකත්වයට වගේම අසාර්ථකවන්නට ඇති. අවුරුද්දක් කියන්නේ මහ ලොකු කාලයක්. මේ හැමදේම තිබුණත් මිනිස්සුන්ගේ ජීවිතවලට සතුට ඕනේ. සත-ුට විවිධ ක‍්‍රමවලින් උපයාගන්න, හොයාගන්න පුලූවන්. පොත් පත් කියවලා, සිංදු කියලා, ලියලා, තමන් කැමැති දෙයක් කරලා, සල්ලිවලින් උනත් සතුට හොයාගන්න පුලූවන්. 


තෘප්තිමත්භාවය ගෙන්න ගන් පුලූවන්. ඒත් ආදරය ලැබීමෙන් ලැබෙන සතුට ඒ කිසිම දේකින් හොයාගන්න බැහැ. ඒ ඒ ආදරයන් විවිධාකාරයි. අම්මගෙන් ලැබෙන ආදරය වෙනස්, තාත්තගෙන් ලැබෙන ආදරය වෙනස්. අක්කගෙන් නංගිගෙන්, යාලූවන්ගෙන්, අයියගෙන්, මල්ලිගෙන්, පෙම්වතාගෙන්, පෙම්වතියගෙන් ලැබෙන ආදරය වෙනස්. එහෙම තමයි, ජීවිතේ හැටි. පිරිසකට මේ හැම ආදරයක් අඩු නැතුව ලැබෙනව. තවත් පිරිසකට කිහිපයක් ලැබෙනවා, තවත් පිරිසකට, මේ අතරින් එක ආදරයක් හොඳටම ලැබෙනවා. තවත් පිරිසක් මේ කිසිම ආදරයක් නැතු දුක සේ ජීවත් වෙනවා. 

ජීවිතවල හැටි එහෙමයි. මේ ලෝකේ කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නැහැ. අපේ ජීවිතවල උනත් කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නැහැ. හැම දෙයක්ම තිබ්බත් හැම මනුස්සයාගේම හිත්වල, ජීවත්වල හිඩැසක්, අසම්පූර්ණ කමක් තියෙනවා. ඒ අපි අසීමාන්තිකව ගොඩක් දේවල් පස්සේ යනවා. ජීවිතාවබෝධය ලබපු පිරිසක්, තමන් වටා සීමාවක් හදාගෙන සතුට හොයාගෙන යනවා. මිනිස්සුන්ගේ ජීවිත ගෙවෙන්නේ විවිධ හැල හැප්පීම්, දුක, සතුට ආදරය, කරුණාව වගේම විශේෂයෙන්ම බැඳීම් මැද්දේ. 


අද අවුරුද්දක් ගෙවන දවසේ, අපි හැමෝටම හෙට ඇරැුඹෙන අලූත් අවුරුද්දේ ආදරය, කරුණාව, මනුස්සකම, දයාව වපුරන්න පුලූවන්නන්, තව මනුස්සයගේ බඩ පුරවන්න පුලූවන්නන්, මනුස්සයෙක්ගේ මූණට හිනාවක් ගේන්න පුලූවන්නන්, ඒ ක අපි ජීවිත කාලයටම ලබන ලොකු දෙයක් කියලා මම විශ්වාස කරනවා. තව මනුස්සයෙක්ට ඉස්සරහට යන්න අත දෙන්න පුලූවන්නම්, ඒක අපි ලබන ලොකු සතුටක්. සතුටු වෙන්න අපි ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. තව මනුස්සයෙක් දිහා ආදරයෙන් බලන්න, පුරුදු වෙන්න පුලූවන්නන්, මේ ලෝකය අදට වඩා ගොඩක් හොඳ වේවි. එහෙම කරන්න අපිට කෝටි ගණන් සල්ලි ඕන වෙන්නේ නැහැ. පුංචි හිනාවක්, පුංචි සතුටක් තව මනුස්සයෙක්ට දෙන්න එක වචනයක් වුණත්, එක හිනාවක් වුණත් මදි නොවෙන්න පුලූවන්. ඔබ සැමට, ආදරය, සාමය, සතුට, සාර්ථකත්වය, සෞභාග්‍ය පිරි, සුබම සුබ අලූත් අවුරුද්දක්. ඒ වගේම දෙමළ මනුස්සයෙක් එක්ක පොංගල් බත් කන්න, අවුරුද්දට මුස්ලිම් දෙමළ මිනිස්සු එක්ක කිරිබත් ටිකක් බෙදාගන්න, රාමසාන්වලට මුස්ලිම් යාලූවෙක් එක්ක වටලප්පන් කන්න, නත්තලට කේක් කෑල්ලක් බෙදාගන්න පුලූවන් වෙන ආදරබර අවුරුද්දක් වේවා.


මාව අද පෝලිමේ තිබ්බ, ඔක්කොම ගියාට පස්සේ මගේ වැඬේ කරලා දුන්න, බැංකුවට ආපු අලූත් නංගිටත් සුබම සුබ අලූත් අවුරුද්දක්...


තෙරුවන් සරණයි...


හර්ෂණ තුෂාර සිල්වා
2015.12.31

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive