මුදල් අතින්, අධ්‍යාපනය අතින් විවිධ අංශවලින් පිරිස් සාර්ථකත්වයට වගේම අසාර්ථකවන්නට ඇති. අවුරුද්දක් කියන්නේ මහ ලොකු කාලයක්. මේ හැමදේම තිබුණත් මිනිස්සුන්ගේ ජීවිතවලට සතුට ඕනේ. සත-ුට විවිධ ක‍්‍රමවලින් උපයාගන්න, හොයාගන්න පුලූවන්. පොත් පත් කියවලා, සිංදු කියලා, ලියලා, තමන් කැමැති දෙයක් කරලා, සල්ලිවලින් උනත් සතුට හොයාගන්න පුලූවන්.
තෘප්තිමත්භාවය ගෙන්න ගන් පුලූවන්. ඒත් ආදරය ලැබීමෙන් ලැබෙන සතුට ඒ කිසිම දේකින් හොයාගන්න බැහැ. ඒ ඒ ආදරයන් විවිධාකාරයි. අම්මගෙන් ලැබෙන ආදරය වෙනස්, තාත්තගෙන් ලැබෙන ආදරය වෙනස්. අක්කගෙන් නංගිගෙන්, යාලූවන්ගෙන්, අයියගෙන්, මල්ලිගෙන්, පෙම්වතාගෙන්, පෙම්වතියගෙන් ලැබෙන ආදරය වෙනස්. එහෙම තමයි, ජීවිතේ හැටි. පිරිසකට මේ හැම ආදරයක් අඩු නැතුව ලැබෙනව. තවත් පිරිසකට කිහිපයක් ලැබෙනවා, තවත් පිරිසකට, මේ අතරින් එක ආදරයක් හොඳටම ලැබෙනවා. තවත් පිරිසක් මේ කිසිම ආදරයක් නැතු දුක සේ ජීවත් වෙනවා.
ජීවිතවල හැටි එහෙමයි. මේ ලෝකේ කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නැහැ. අපේ ජීවිතවල උනත් කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නැහැ. හැම දෙයක්ම තිබ්බත් හැම මනුස්සයාගේම හිත්වල, ජීවත්වල හිඩැසක්, අසම්පූර්ණ කමක් තියෙනවා. ඒ අපි අසීමාන්තිකව ගොඩක් දේවල් පස්සේ යනවා. ජීවිතාවබෝධය ලබපු පිරිසක්, තමන් වටා සීමාවක් හදාගෙන සතුට හොයාගෙන යනවා. මිනිස්සුන්ගේ ජීවිත ගෙවෙන්නේ විවිධ හැල හැප්පීම්, දුක, සතුට ආදරය, කරුණාව වගේම විශේෂයෙන්ම බැඳීම් මැද්දේ.
අද අවුරුද්දක් ගෙවන දවසේ, අපි හැමෝටම හෙට ඇරැුඹෙන අලූත් අවුරුද්දේ ආදරය, කරුණාව, මනුස්සකම, දයාව වපුරන්න පුලූවන්නන්, තව මනුස්සයගේ බඩ පුරවන්න පුලූවන්නන්, මනුස්සයෙක්ගේ මූණට හිනාවක් ගේන්න පුලූවන්නන්, ඒ ක අපි ජීවිත කාලයටම ලබන ලොකු දෙයක් කියලා මම විශ්වාස කරනවා. තව මනුස්සයෙක්ට ඉස්සරහට යන්න අත දෙන්න පුලූවන්නම්, ඒක අපි ලබන ලොකු සතුටක්. සතුටු වෙන්න අපි ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. තව මනුස්සයෙක් දිහා ආදරයෙන් බලන්න, පුරුදු වෙන්න පුලූවන්නන්, මේ ලෝකය අදට වඩා ගොඩක් හොඳ වේවි. එහෙම කරන්න අපිට කෝටි ගණන් සල්ලි ඕන වෙන්නේ නැහැ. පුංචි හිනාවක්, පුංචි සතුටක් තව මනුස්සයෙක්ට දෙන්න එක වචනයක් වුණත්, එක හිනාවක් වුණත් මදි නොවෙන්න පුලූවන්. ඔබ සැමට, ආදරය, සාමය, සතුට, සාර්ථකත්වය, සෞභාග්‍ය පිරි, සුබම සුබ අලූත් අවුරුද්දක්. ඒ වගේම දෙමළ මනුස්සයෙක් එක්ක පොංගල් බත් කන්න, අවුරුද්දට මුස්ලිම් දෙමළ මිනිස්සු එක්ක කිරිබත් ටිකක් බෙදාගන්න, රාමසාන්වලට මුස්ලිම් යාලූවෙක් එක්ක වටලප්පන් කන්න, නත්තලට කේක් කෑල්ලක් බෙදාගන්න පුලූවන් වෙන ආදරබර අවුරුද්දක් වේවා.
මාව අද පෝලිමේ තිබ්බ, ඔක්කොම ගියාට පස්සේ මගේ වැඬේ කරලා දුන්න, බැංකුවට ආපු අලූත් නංගිටත් සුබම සුබ අලූත් අවුරුද්දක්...
තෙරුවන් සරණයි...
හර්ෂණ තුෂාර සිල්වා
2015.12.31
හර්ෂණ තුෂාර සිල්වා
2015.12.31
No comments:
Post a Comment