වකුගඩු රෝගය මේ වනවිට ජාතික අර්බුදයක් බවට පත්ව ඇති අතර, ඒ මුවාවෙන් උතුරු මැද පළාත ද ඇතුළුව බොහෝ ප‍්‍රදේශ විවිධාකාරයේ ජාවාරම් සිදු වන බවට වාර්තා අතර ඒවා සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත අවධානයක් යොමු වී නිශ්චිත කරුණු කාරණා වාර්තා වී නැත.
වකුගඩු රෝගය ලෝකය පුරා පැතිර ඇති රෝගී තත්ත්වයක් වන අතුර වකුගඩු අකී‍්‍රය වීමක් සිදු වෙයි. 1960 දශකයේ ආර්ථිකයේ සිදුවන වන වෙනසත්, කෘෂිකාර්මික කටයුතුවලට පොහොර භාවිත කිරීමත් සමඟ, එහි ප‍්‍රතිඵලයක් ලෙස වකුගඩු රෝගය පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ 1990 දශකයේදීය. එතැන් සිට මේ දක්වා විවිධ කණ්ඩායම් විවිධ පර්යේෂණ සිදු කළ ද මේ වනතෙක් කිසිදු නිශ්චිත හේතුවක් සොයා ගැනීමට නොහැකි වී ඇති ආණ්ඩු මාරුවෙන් පසු වද ඒ සඳහා නිසි අවධානයක් යොමු වී ඇති බවක් පෙනෙන්ට නැත.
බොහෝ විට සීත කාමර රැුස් වී සාකච්ඡුා පැවැත්වුව ද ඉන් එහාට සිදු වූ යමක් ගැන තොරතුරක් නැත. අදටත් මෙරට ඇත්තේ රුධිර කාන්දුකරණ යන්ත‍්‍ර 350ත් 400ත් අතර ප‍්‍රමාණයකි. එසේ වුවද වාර්තාවලට අනුව මෙරටට රෝගීන් ගේ සංඛ්‍යාවයට සාපේක්ෂව මෙරටට අවශ්‍ය රුධිර කාන්දුකරණ යන්ත‍්‍ර සංඛ්‍යාව දහසකට වැඩිය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්තාවකට අනුව 2030 පමණ වනවිට සංවර්ධනය වෙමින් පවතින රටවල වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 70කින් පමණ වැඩි වනු ඇත. වකුගඩු රෝගයට වැඩි වශයෙන් ගොදුරුව ඇත්තේ මෙරට ගොවි ජනතාවය. රටට බත සපයන, ආහාර සපයන මනුස්ස ප‍්‍රජාව රැුක ගැනීමට අප සතුව තවම නිශ්චිත වැඩ පිළිවෙළක් නැත.
වකුගඩු රෝගය නිසා නුදුරු අනාගතයේදී ම ප‍්‍රශ්න රැුසකට මුහුණ දීමට අපට සිදුවනු ඇත. එය රෝගයට පමණක් නොව, සමාජ ආර්ථික දේශපාලන අර්බුද රැුසකටම මඟ පාදනු ඇත. දැනටමත් ඒවායේ ලක්ෂණ පහළ වෙමින් පවතින අතර, ඉදිරි දශක දෙක තුළ දී හෝ මේ තත්ත්වය පාලනය කරගැනීමට නම්, දැන් හෝ නිශ්චිත වැඩිපිළිවෙළක් ආරම්භ කළ යුතුව ඇත. එය වට මේස සාකච්ඡුාවලින් ඔබ්බට ගිය ප‍්‍රායෝගික කාර්යයක් විය යුතුය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.01.16
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Friday, January 15, 2016
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
No comments:
Post a Comment