මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Tuesday, October 22, 2013
අපි ඇති හැකියෙන් සටන් වදිමු......තරුණ අපි සටන් වදිමු..සිංහල... මුස්ලිම්...දෙමළ..ආදිය ජාතීන්ය..එසේම කි්‍රස්තියානි,බුද්ධාගම..ඉස්ලාම්..හින්දු යනු ආගම්ය..ඒවා අපේ පෞද්ගලික ඇදහීම් විශ්වාස උපන් හැටියට ලැබුණු දෑය..අතීතයේ සිංහලයෝ පමණක් මෙහි වාසය කළෝය..එහෙත් දැන් එය එසේ නොවේ..එහෙයින් අපි දැන් කටයුතු කළ යුත්තේ ශී්‍ර ලාංකිකයන් හැටියටය..අපේ ජාතීන් අපි අදහන ආගම් අමතක කරන්නට මා නොකියමි.ඒ අපේ අනන්‍යතාවයයි.ජාතීන් වල නම් වලින් ජාතීන්ගේ නම් වලින් දේශපාලන පක්ෂ සංවිධාන පවතින තාක් කල් අපි ඒකීය ජාතියක් නොවෙමු..අප ඒකීය ස්වාධීන නිදහස් සමානාත්මතාවය ආදී සියලු ප්‍රජාතන්ත්‍රවාදී ගතිලක්ෂණ වලින් යුතු රටක් බිහිකිරිම සඳහා සටන් වැදිය යුත්තේ දෙමළ ජාතික සන්ධානය වශයෙන් වත් මුස්ලිම් කොංග්‍රසය වත් බොදු බල සේනාව වශයෙන් නොව එක් ජාතියක් වශයෙනි.අපි තරුණ පරම්පරාව වශයෙන් සටන්වදිමු..ශී්‍ර ලාංකික තරුණ පරම්පරාව වශයෙන් සටන් වදමු.ඇති හැකි පමණින් සටන් වදිමු..අසාධාරණය වෙනුවෙන් පෙනිසිටිමු
Tuesday, October 1, 2013
අද ලෝක ළමා දිනයයි.දරුවන්ට හොඳම දේ ලැබී තිබේ.ශිෂ්‍යත්ව ප්‍රතිඵල නම් වූ අපූරු ත්‍යාගය ඔවුන්ට ලැබී ඇත.අප දන්නා තරමින් නම් ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගයයි.ප්‍රතිඵල වලින් කුලප්පු වන අම්මලා දරුවන්ට වියදම් වූ මුදල් වල තරමට දරුවන්ට බැට දෙනු ඇත.ඒ අම්මලාගේ හැටිය.අම්මලා දුක් විඳිනුයේ දරුවන් යහපත් තැනකට යවන්නටය.වරද ඇත්තේ අම්මලාගේ කලබලයේ නොව අම්මලා කලබල වන ආකාරයෙන් උස් මහත් වී ඇති අධ්‍යාපන ක්‍රමයයි.2009 වසරේ සා/පෙ ප්‍රතිඵල ලැබුනේ ඡන්ද දිනයකය.2011 වසරේ උ/පෙ ප්‍රතිඵල ලැබුනේ නත්තල් දිනයේ්ය.අද ශිෂ්‍යත්ව ප්‍රතිඵල ළමා දිනයේදිය.අනාගතයේ දි දිගටම එසේ වන බව තතු පවසයි.ශිෂ්‍යත්ව අසමත් වන්නන් සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වෙති. සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වෙන්නන් උසස් පෙළ අසමත් වෙති.පාසල් ජීවිතයම අසාර්ථක වන්නන් ඉදිරි ජීවිතය සාර්ථක කරගනී.ඊට උදාහරණ එමටය.මාර්ටින් වික්‍රමසිංහ,ස්ටීව් ජෝබ්ස්,ඇල්බට් අයින්ස්ටයින්..........ඌ ශිෂ්‍යත්වේ ෆේල් , ඕ ලෙවල් ෆේල් , ඒලෙවල් ෆේල් යන මානසිකත්වයෙන් අපි මිදෙමු.කවමදාවත් පාසල් නොගිය අයෙකු උපාධියක් ඇත්තෙකුට වඩා ශ්‍රේෂ්ඨයෙකු වන්නට පුළුවන.

හොඳම දේ දරුවන්ටය
හොඳම
දේ දරුවන්ටය.වරෙක මහත්මා ගාන්ධි එසේ පැවසුවේය.එහෙත් වර්තමායේ දරුවන්ට
ලැඛෙන්නේ හොඳම දේ දැයි සැක සහිතය.අපද කලෙක දරුවන්ය.අප දෙමාපියන්ට අප
හැමදාමත් දරුවන්ය.අප වැඩිහිටියන් වන කළෙක අපටද දරුවන් සිටිනු ඇත.එවිට අපේ
දරුවන්ට කරදරයක් වනවාට අප කැමැත්තක් දක්වනවාද?සිතා බලන්න.අප ආත්මාර්තකාමී
වන තරමටම අප කරාද හානිය ලං වනු ඇත.ඒ අපේ දරුවෙක් නොවේය..අපේ ගමේ නොවේය යැයි
සිතන තාක් දරුවන් විනාශ කරන්නන් නතර නොවනු ඇත...දූෂණය
වූ අසුන්දර වූ අයහපත් වූ අසාධාරණයට ලක්වූ දරුවෙන් තුළින් යහපත්
වැඩිහිටියෙක් බිහි නොවනු ඇත....අප දරුවන් ආරක්ෂා කරන තරමටම ඔවුන්
වැඩිහිටියන් වූ කලෙක අපවද ආරක්ෂා කරනු ඇත..අපි සැවොම එක්වෙමු..ළමයින්ට
එරෙහි ප්‍රචණ්ඩත්වයට වැට බඳිමු....ළමයින් මල් වැනිය....අපි ඔවුන්ගේ නටු වී
ඔවුන් ආරක්ෂා කරමු...එවිට ඔවුන් හැමදාමත් ලෝකය සුවඳවත් කරාවි.
Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...