මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Sunday, August 18, 2019
අනුර කුමාරගේ ජනපති සටන
ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන රැලියේදී අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේය. වෘත්තීයවේදීන්, විද්වතුන් යනාදි කණ්ඩායමකින් සැඳුම්ලත් සංවිධානයක් මාර්ගයෙන් ජනතා විමුක්ති පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා නම් කළේය. ජනතා විමුක්ති පෙරමුණට සෘජුව ජනාධිපති අපේක්ෂකයා නම් කළ හැකිව තිබුණත් ඔවුන් එය වක්‍රාකාරව කරනු ලැබුවේ වෘත්තිකයන්, විද්වතුන් සහ සිවිල් සංවිධාන රැසක සහයෝගය ඇතිවය. එය එක අතකින් හොඳය.
ජනතා විමුක්ති පෙරමුණ ගාලුමුවදොරට පැමිණි ජන සංඛ්‍යාවෙන් උද්දමායට පත්විය හැකිය. අවසන් ජනාධිපතිවරණ දෙකේදීම ඔළු ගෙඩි ගණනින් ප්‍රතිඵල තීරණය කළා නම් ලැබෙන්නට තිබූ ප්‍රතිඵල මීට වෙනස් වන්නට ඉඩ තිබිණි. ජන රැලියකට පැමිණෙන සෙනඟ හෝ ඔළු ගෙඩි ගණනින් හෝ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තීරණය කළ නොහැක. එය දැන් යල්පැන ගිය ක්‍රමවේදයකි. ඒ නිසා ගාලුමුවදෙරට පැමිණිය ජන සංඛ්‍යාව ගැන ජනතා විමුක්ති පෙරමුණ එතරම් උද්දාමයට පත් විය යුතු නැත. කෙසේ නමුත් ගාලු මුවදොර පුරවන බවට පුරසාරම් දෙඩූ ප්‍රධාන පක්ෂ දෙක දෙස බැලීමේදී ජනතා විමුක්ති පෙරමුණ අද ලැබුවේ ජයග්‍රහණයකි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කීවද ඒ සම්බන්ධයෙන් තවමත් ගැටලු පවතී. ඔහු තවමත් ඇමෙරිකානු පුරවැසියකු යැයි කියවේ. එනයින් බලන කළ දැනට ප්‍රකාශ කර ඇති එකම ස්ථීර ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක ය. කෙසේ නමුත් මගේ පෞද්ගලික අදහස අනුව නම් ගෝඨාභය සහ අනුර කුමාර නම් කිරීම මුහුද හත් ගව්වක් තිබියදී අමුඩ ගැසීම හා සමානය. තවමත් බොහෝ දේ කීමට කල් වැඩිය.
අනෙක් අතට අනුර කුමාර ඉදිරිපත් කරන ලද්දේ ගෝඨාභයට ලැබෙන ඡන්ද කැඩීමට යැයි ඇතැම් අය කියති. එසේ නම් ගෝඨාභයට පමණක් නොව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් කෙරෙන ඡන්ද කැඩෙන බව අප අමතක නොකළ යුතුය. පසුගිය වර එක්සත් ජාතික ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා වූයේ මෛත්‍රීපාල සිරිසේනය. එයින් පසු බලයට පත්වූ සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු තඹ සතයකට මායම් නොකළේය. මේ තත්ත්වය මත හැට දෙලක්ෂය, සිරිසේන වික්‍රමසිංහ සමඟ සිටි බොහෝ දෙනා ද අද වනවිට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ තෙවැනි බලවේගය සමඟ අත්වැල් බැඳගෙන ඇති බව සැඟ විය යුතු නැත.
නොවැම්බර් 9ත් දෙසැම්බර් 9ත් අතර දිනෙක ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත. ඒ අනුව අවම වශයෙන් තවත් මාස හතරක් තිබේ. ඒ නිසා ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සක්‍රීයව පවත්වාගෙන සෑම ජනාධිපති අපේක්ෂකයකු මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. මේ රටේ ජනතාව බොහෝ කලක සිට විකල්පයක් බලාපොරොත්තු විය. ජනතා විමුක්ති පෙරමුණට එම අවශ්‍යතාවට සරිලන පරිදි සැපයීම කළ හැකිද යන්න තවමත් තීරණය කළ නොහැක. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණට රාජපක්ෂ පාලනය, සිරිසේන වික්‍රමසිංහ පාලනය, දූෂණය, වංචාව, හැමදාම කියන සංවර්ධනය යනාදියට වඩා එහාගිය සටන් පාඨ සොයාගැනීමට සිදුවනු ඇත. වඩාත් ප්‍රායෝගික දෑ කියන්නට සිදුවනු ඇත. බොහෝ දේ සම්බන්ධයෙන් අලුතෙන් සිතන්නට සිදුවනු ඇත.
වාමාංශික ලේබලයට වඩා එහා ගිය සියලු ජන කොටස්, දේශපාලන කණ්ඩායම්, තරුණ ජන කොටස්, සුළු ජාතීන් යනාදී සියල්ල ආමන්ත්‍රණය කළ හැකි සටන් පාඨ සොයාගැනීමට සිදුවනු ඇත. වඩාත් ආකර්ෂණීය, ජනප්‍රිය මෙන්ම ප්‍රායෝගික සහ දිගුකල් දැක්මක් ඇති සැලසුම් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත. ජනාධිපති සටනේ ජනතා ආකර්ෂණය ලබාගනිමින් රැඳී සිටින්නට නම් ප්‍රධාන පක්ෂ හෝ සන්ධාන හෝ දෙකට වඩා වෙනස් අලුත් සිත්ගන්නා ආකර්ෂණීය, ජනප්‍රිය, ප්‍රායෝගික සහ දිගුකල් දැක්මක් ඇති බොහෝ දේ කියන්නට කරන්නට පැහැදිලි කරන්නට සිදුවනු ඇත. වසර 70ක මෙරට පොරොන්දු දේශපාලනයෙන් ඔබ්බට යන්නට ජනතාවට දැනෙන දේ කියන්නට මෙන්ම ජනතාව අතර ජනප්‍රිය නැති එහෙත් දීර්ඝකාලීනව රටට අවශ්‍ය දේ ගැනද කතා කළ යුතුය. මේ සියල්ල සමබර ලෙස පවත්වා ගැනීම ඉතා අවශ්‍ය වේ.
ඡායාරූපය ලංකාදීප http://www.lankadeepa.lk/top_story/ජාතික-ජනබලවේගයේ--ජනපති-අපේක්ෂක-‘අනුර--කුමාර‘/10-555508
Sunday, August 11, 2019
රජු හා රජුන් තනන්නෝ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඔහුගේ අතිජාත උගත් නීතිඥ මිතුරා වන හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ. දේශපාලනයේදී එක් එක් පුද්ගලයාට රඟ දැක්වීමට නියමිත රඟ දැක්වීමට සිදුවන චරිත තිබේ. එක් පුද්ගලයාට ලැබෙන වගකීම් විවිධාකාර වේ. එක් එක් පුද්ගලයාට කරන්නට සිදුවන දේ වෙනස්ය. ලැබෙන කාර්යභාර්්‍යය විවිධාකාරය.
දේශපාලනයේදී රජ වන පුද්ගලයන් මෙන්ම රජුන් තනන්නන්ද වේ. මංගල සමරවීර , බැසිල් රාජපක්ෂ වැන්නෝ රජුන් තනන්නෝය.
සන්ඬේ ඔබ්සවර් පුවත්පතට ලිපියක් ලියන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මෙසේ සඳහන් කරයි.
“තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අපේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ අපේ පක්ෂය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කතානායක කරු ජයසූරිය යන තිදෙනාගෙන් කෙනෙක්. මගේ දැක්මට අනුව එක්සත් ජාතික පක්ෂයේ අනාගතය තීරණය වන්නේ ඔවුන් තිදෙනා මත.

ඔවුන් තිදෙනාගෙන් ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ කවුදැයි එකඟතාවකට පක්ෂය පැමිණිය යුතුයි. අනෙක් දෙදෙනාගෙන් කෙනෙක් අපේ අගමැති අපේක්ෂකයා විය යුතුය. තෙවැන්නා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට උසස් විය යුතුයි. එය අභිමානවත් තනතුරක් විය යුතුයි වගේම ඔහු කරන ලද කැපවීම්වලට නිසි ගෞරවය හිමිවිය යුතුයි.”.
මට පෙනී යන අයුරින් නම් මේ තෙවැන්නා සහ ජ්‍යෙෂ්ඨ උපදේශකයා යැයි කියන්නේ රනිල් වික්‍රමසිංහටය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන්ගේ අතිජාත මිත්‍රයා වන මහින්ද රාජපක්ෂගෙන් උගත යුත්තේ යැයි කියන්නේ එබැවිනි. මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂට විකල්පයක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජනතා කැමැත්ත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන මේ කරුණු කාරණා සියල්ලේදී අකැමැත්තෙන් හෝ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකකම දෙනවා හැරෙන්නට මහින්ද රාජපක්ෂ මහතාට වෙනත් විකල්පයක් නැත.

රනිල් වික්‍රමසිංහ ස්මාර්ට් නායකයෙකි. මොළයක් බව ඇත්තය. එහෙත් ඔහුට මහ පොළොවේ යථාර්ථය තේරෙන්නේ නැත. චෙස් බෝඞ් එකේ පෝන්ලා ගැන ඔහුට වගේ වගක් නැත. උද්ධච්ච නායකයෙකි. මහින්ද වෙනස් වෙන්නේ එබැවිනි. මහින්දට ඉහළ පැළැන්තිය, ගමේ ගොඬේ සෙට් එක, ජාත්‍යන්තරය, සුළුතරය, ආගමික නායකයෝ , මිතුරු කල්ලිය, පවුල යන සියල්ල එකවර බැලැන්ස් කරගත හැකිය. අද පොදුජන පෙරමුණේ කළ කතාවේදී ද මහින්ද එය කළේය. සාමාන්‍ය පොදු මහ ජනතාවට ආතල් එකක් දුන්නේය. තම අතිජාත මිත්‍රයා වන රනිල් වික්‍රමසිංහට හින්ට් ගැසුවේය. දෙමළ ජනතාවට වගේම මුස්ලිම් ජනතාවට ද කතා කළේය. තරුණයන් ද ඇමැතීය. රනිල් වික්‍රමසිංහට එය බැරිය. මොළය වුණාට ප්‍රැක්ටිකල් නැත. තියරි හරි වුණාට තියරි ඇප්ලැයි කරන්නට බැරිය. විකට් එක අනුව බැට් කරන්නට තේරෙන්නේ නැත. මහින්ද දැන් කරන්නේ රජුන් තනන භූමිකාවය. රජෙක් රජුන් තනන වැඬේ කරන්නේ නිකමට නොවන බවද අප මතක තබා ගත යුතුය.
ඩෙකෑන් ක්‍රොනිකල් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙන මහින්ද රාජපක්ෂ මහතා එහිදි ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද බැලැන්ස් කරගන්නේය. එපමණක් නොව අගමැති ලෙස තමන්ට ගෝඨාභය රාජපක්ෂ ද පාලනය කළ හැකි බව හෙතෙම කියන්නේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙසත් තමන් අගමැති ලෙසත් කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයා ලෙස ඔහුට උපදෙස් දෙමින් ජනතාවට අවශ්‍ය දෙය දිය හැකි බව හෙතෙම කීවේය. රුසියාවෙන් අපට උදාහරණයක් තිබේ. පුටින් එක් අවස්ථාවකදී අගමැති දක්වා පල්ලම් බැස්සේය. ඒ රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන සීමාවක් නිසාය. පුටින් අගමැති වෙද්දි පුටින්ගේ සමීපතමයකු වූ දිමිත්‍රි මෙද්වදෙව් ජනාධිපති ධුරය හෙබවූයේ ය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තේරුම් ගත යුතු බොහෝ දේ තිබේ.
ඡායාරූපය ඒ.එෆ්.පී./ගෙටී ඉමේජස් ඉෂාර එස්. කොඩිකාර
Thursday, August 1, 2019
සාමය හා සංහිඳියාව
මේ ආණ්ඩුව පැමිණීමෙන් බරපතළ හානියක වූයේ යහපාලන හා සංහිඳියාව යන ක්‍රියාවලිවලටය. සංක්‍රාන්ති යුක්තිය, හානිපූරණය, සංහිඳියාව මෙන්ම යහපාලන මූලධර්ම සර්ව සම්පූර්ණ ස්ථාපිත කළ හෝ එම ක්‍රියාවලි සියයට සියයක් ක්‍රියාත්මක කිසිදු රටක් ලෝකයේ නොමැත. උදාහරණයකට දකුණු අප්‍රිකාව ගත හැකිය. දකුණු අප්‍රිකාව වඩාත් සාර්ථක සහ ජනප්‍රිය වූයේ සත්‍ය හා සංහිඳියා කොමිසම සම්බන්ධයෙනි. මෙවැනි එක් එක් අංශවලින් සාර්ථක වූ රටවල් ලෝකයෙන් සොයාගත හැකිය. ආර්ජන්ටිනාව, කොලොම්බියාව, මොසැම්බික්, නේපාලය, සියෙරා ලියෝන්, පේරු එක් අංශවලින් සාර්ථක වූ රටවල්ය. මේ රටවල ගැටුම්වලින් පසු සංක්‍රාන්ත යුක්ති ක්‍රියාවලිය දෙස බැලීමේදී අඩුපාඩු රැසක් දැකගත හැකි අතරම උගත හැකි පාඩම් ද බෙහෙවින් තිබේ.
ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් පැමිණෙමින් සමයක ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන්, පශ්චාත් යුද ශ්‍රී ලංකාව, සාමය හා සංහිඳියාව සහ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ, දේශපාලනඥයන් හා සිවිල් සමාජය දක්වන අවධානය සහ ඔවුන්ගේ දැක්ම දෙස අවධානය යොමු කිරීම බෙහෙවින් වැදගත් වේ. ඒ දෙස අවධානයෙන් පසුවීම ජාතික ප්‍රශ්නය දෙස සාමය, සංහිඳියාව සහ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිසට ඉතා වැදගත් වනු ඇත. මහින්ද රාජපක්ෂ පාලන සමයේදීත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වූ අවස්ථාවේදීත් තිරසර සාමය සඳහා අගනා සහ වටිනා අවස්ථා දෙකක් උදා වූ අතර එම පාලකයෝ දෙදෙනාම එම අවස්ථා දෙක අත්හැරියහ. ඇතැම් විට ඉදිරි ජනාධිපතිවරණයකදී ඒ සඳහා ලැබෙනු ඇත්තේ අවසන් අවස්ථාව වනු ඇත.

Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...