දේශපාලනඥයකු ඝාතනයට ලක්වූ හෝ මරණයට පත්වූ අවස්ථාවක් දුකක්
නොදැනෙන තරමට අපට දේශපාලනඥයන් අප්‍රිය වී තිබේ.
කුඩා කාලයේ සිට තිබූ පත්තර කියවීමේ වුවමනාවත්, තාත්තාගේ වෘත්තියත්,
පවුලේ පිරිස් අතර තිබූ දේශපාලන කතාබහත්, හැදී වැඩුණු ගුරුවරුන් දේශපාලනය ගැන කතා කිරීමත්
නිසා කුඩා කාලයේ සිටම දේශපාලන ඇඟේ ගෑවී තිබිණි.
එවැනි පසුබිමක දේශපාලනඥයකුගේ මරණයක් හද කම්පා කළ අවස්ථා තිබුණේ
දෙකක් පමණි.
එකක් ලක්ෂ්මන් කදිරගාමර්ගේ ඝාතනය යි. දෙවැන්න ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ
ගේ ඝාතන යි.
මේ දෙකම සිදුවෙද්දි මා ඉතා කුඩා ය. දේශපාලන අවබෝධය දැන් තරම්
වත් තිබුණේ නැත.
ලක්ෂ්මන් කදිරගාමර්ගේ ඝාතනය ගැන දැනගත්තේ රූපවාහිනියෙනි.
ඒ කාලේ ගෙදර තිබුණේ බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එක්ක ද කොහේද ය. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ
ගේ ඝාතනය කන වැකුණේ දහම් පාසල් ඇරී ගෙදර එමින් සිටියදී ය. ඒ පාරේ පසු කරමින් සිටි ගෙදරක
තිබූ රේඩියෝවකිනි.
පස්සේ දවසක පත්තරයකට යවන්නට ප්‍රින්ට් කරපු ෆොටෝවක් තාත්තා
ගෙදර ගෙනැවිත් තිබිණි.
ඊට පස්සේ කම්පනයක් ඇති කළ මරණය මංගල සමරවීර ය.
මංගල ගැන බොහෝ විවේචන තිබේ. ගැටලු , ප්‍රශ්න තිබේ.
එහෙත් ඔහුට කැමැති ය. හැමෝගේම කිල්ලෝටවල හුණු තිබුණ ට අපි
හැමෝටම කැමැති වෙන්නේ නැත.
ඒත් මංගලට කැමැති ය. දේශපාලනඥයකු මියගිය විට දුකක් ඇති වුණේ
අවුරුදු දහයකටත් වඩා වැඩි කාලයකට පස්සේ ය.
සුබ ගමන් මැංගි.
ඡායාරූපය - https://www.gaystarnews.com/article/sri-lankas-foreign-minister-threatened-arrest-after-voting-gay-rights-un100615/

