Thursday, January 29, 2015

යහපාලනය යනු බඩුවල මිල අඩුකිරීම පමණක් නොවේ.....

දැන් අයවැය දීලා හැමෝටම හරි සතුටුයි. ඇත්තටම අපිටත් සතුටුයි..අපේ ගෙදර වගේම ගොඩක් තැන්වල ප‍්‍රශ්න මම දැකලා තියෙනවා..රුපියල් දාහක් ගෙනිච්චාම ගේන්න පුලූවන් දේවල්. දරුවෝ ඉන්න ගෙදරක අධ්‍යාපනයට කෑමට බීමට බෙහෙත් වලට කොච්චර වියදම් වෙනවාද..අම්මලා කොහොමද ආර්ථික වියදම්, තියෙන ඔක්කොම එකතු කරලා ගැට ගහගන්නේ කියන දේ..මනුස්සයෙකුට සාමාන්‍ය ලෙඩක් දුකක් ඇරුණාම වෙනත් ලෙඩක් හැදුණොත්, ඒ පවුලම අන්ත අසරණ වෙනවා..බෙහෙත් වලට යන වියදමත් එක්ක..මොකද අපේ නිදහස් සෞඛ්‍යයේ ප‍්‍රතිලාභවල හැටි එහෙමයි. පුංචි සැත්කමක් කරන්න ගියත්, හැමදේම පිටින් ගේන්න ඕන...මේ රටේ එකෙක්වත් බඩගින්නේ මැරෙන්නේ නැහැල්ලූ. දවසක් නොකෑවා කියලා මැරෙන්නේ නැහැ. අන්ත දුප්පත් කෙනෙකුට වුනත් ඊළඟ දවස බඩ පුරවාගන්න ලැබෙනවා මොනවාහරි. අඩු ගානේ පේරා ගෙඩියක් හරි කාල ඉන්න පුළුවන්... කොස් ගෙඩියක් තම්බාගෙන කාලා ඉන්න පිරිස් ඕනෑ තරම් ඉන්නවා..නොකා නොබී කවුරුත් මේ දීපයේ මැරෙන්නේ නැහැ කියලා අපි පුරසාරම් දෙඩුවට, එහෙම නොකා නොබී ඉන්න කොයිතරම් දුක්ක විඳිනවද...තමන්ගේ දරුවන්ගේ බඩ පුරවන්න අම්මලා තාත්තාලා කොයි තරම් බඩ ගින්නේ ඉන්නවාද...කොළඹ කොයිතරම් එහෙම පවුල් ඉන්නවද..අපිට හැමෝගෙම බඩවල් පුරවන්න බැහැ. බුදුන් වහන්සේ වැඩියත්, කවුරු ආවත් හැමෝගෙම බඩවල් පුරවන්න බැහැ..ඒක ලෝක ස්වභාවය..නමුත් එහෙම කුස ගින්නේ ඉන්න ප‍්‍රමාණය අඩු කරන්න අපිට පුළුවන්...ඒක නිසා මතක් කළ යුතු දෙයක් වෙයි. ඒ බඩු මිල අඩුකිරීම යනු යහ පාලනය නොවන බවත් එය එහි කොටසක් පමණක් බවත්ය. එහෙයින් පොරොන්දු වූ ප‍්‍රතිසංස්කරණ ඉෂ්ඨ කළ යුතුයි. දින සියයෙන් කරගැනීමට අපට අවශ්‍යතාවයක් නැහැ. අපට අවශ්‍ය වනුයේ නිවැරැුදිව, බුද්ධිමතුන්ගේ , සිවිල් සමාජයේ, උතුරු දකුණු පළාත් දෙකේ ජනතාවගේ අදහස් විමසා ඉදිරිපත් කරන කල්පවත්නා, සමාජයට වගකියන විනිවිදභාවයෙන් යුතු ප‍්‍රතිසංස්කරණය. කුසගින්නේ සිටින ප‍්‍රමාණය අඩු කළ හැක්කේ ද එවැනි ප‍්‍රතිසංස්කරණවලිනි.

Wednesday, January 28, 2015

දේශපාලන දැන්වීමක සිටි බවා පවසා ඩිල්ෂාන් කණ්ඩායමෙන් ඉවත් කිරීමේ වෑයමක් ඇතැයි සමාජ ජාලවල දුටුවෙමි. එසේ කරන්නේ නම් එය ඉතා වැරැුදි වන අතර, එසේ කරන්නේ නම්, ඊට කලින් ඉවත් කළ යුතු වෙයි. ලැයිස්තුව මෙසේය. ප‍්‍රසිද්ධියේ හිටපු ජනපතිවරයාට සහාය පළකළ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය, තේරිම් කමිටු සභික හෂාන් තිලකරත්න හා කි‍්‍රකට් පාලනාධිකාරියේ නිලධාරීන්, ඉන් අනතුරුව මේ දිනවල පැවැත්වෙන තරගාවලියේදි කිසිදු දස්කමක් නොදක්වන තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්ය. ලෝක පූජිත පන්දු යවන්නා වන සිනාසෙන ඝාතකයා වූත් මුත්තයියා මුරලිදරන් ද සඳහන් කර තිබුණේ ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළ් වූයේ කෙසේ ද යන්න සිතාගත නොහැකි බවයි. (දන්නෝ දනිති සදාචාරාත්මක ලෙස ප‍්‍රසිද්ධියේ එය නොකිව යුතුයි සිතමි.* එබැවින් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයා මෙන්ම වර්තමානයේ දස්කම් දක්වන කී‍්‍රඩකයන් අතරින් ඉදිරියෙන් සිටින කී‍්‍රඩකයකු ඉවත් කරන්නේ නම්, එය සැබැවින්ම දේශද්‍රෝහි කි‍්‍රයාවකි. ඩිල්ෂාන් පන්දුවට පහරදී ලකුණු රැුස් නොකළ ද, පන්දු රකිනවිට ලකුණු විස්සක් තිහයි ආරක්ෂා කර දෙයි. එබැවින් පසුගිය වර ඩිල්ෂාන් දැඩි සේ විවේචනය කළ මා මෙවර ඩිල්ෂාන් වෙනුවෙන් පෙනිසිටිමි. ඒ මගේ හෘද්‍යසාක්ෂියයි.


http://htsilva.blogspot.com/2014/12/blog-post_22.html

Monday, January 26, 2015

මා මේ කියන්නට යන්නේ එක්තරා ආකාරයක කුප්ප කතාවකි. අලූගුත්තේරු කතාවකි. කෙලින්ම කීවොත් සියල්ල අමතක දමමු යන්නයි. හේතුව අපේ රටේ වැරැුදිකරුවන්ට දඬුවම් දීම යන්න සම්බන්ධයෙන් විශ්වාසයක් තැබීම ඉතා අසීරු නිසාය. එමෙනම් මෙරට දේශපාලනයේ, අප අත්විඳි දෙයක් නම් දඬුවම් දීම යනු පුද්ගලික කෝන්තර පිරිමහා ගැනීමකි. නැතිනම්, තමන්ගේ වාසියට එක් එක් දේ කරන බව පෙන්වීමය. එහෙයින් සිදු වූ සියල්ල, එසේ වූ බව මතකයේ තබාගෙන, එවැන් දේ නොවන්නට කි‍්‍රයාත්මක විය යුතුය. එහෙයින් මා යෝජනා කරන්නේ අප සියල්ලෝම එක් වී නිසි ප‍්‍රතිපත්ති සෑදිමට පෙරමුණ ගන්නා ලෙසයි. දින සියයෙන් ඞීසල්, පෙට‍්‍රල් අඩු කළ නමුත්, ඒවා  ඕනෑ අවස්ථාවක කරගත හැකිය. ඉකුත් සෙනසුරාදා සිරස රූපවාහිනි නාලිකාවේ, සටන වැඩසහටනට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් කීවේද, මේ දින සියය ඇතුළත ප‍්‍රතිපත්ති සකස් කර ගත යුතු බවය. මෙවැනි අවස්ථාවක් නැවත පැමිණේවී යන්න සිතීම අපහසුය.  එබැවින් නිසි ප‍්‍රතිපත්ති සකසා ඒවා කි‍්‍රයාත්මක කිරීමට පාලකයන් මෙන්ම ජනතාව වන අප ද පෙරමුණ ගත යුතුය.  ඇත්ත කීවොත්, දී ඇති දින සියයේ ලැයිස්තුවේ, බොහෝ දින සියයෙන් කිරීම ප‍්‍රායෝගික නැත. එසේ කියා අත්නොහළ යුතුයි. එබැවින්, නැවත කිසි දිනෙක වෙනස් නොවන, අනාගත පරම්පරාවලට වැඩක් වෙන ප‍්‍රතිපත්ති සකස්කිරීම අප සැමගේ වගකීමකි. රට පරිහානියට පත්නොවන, රටට හිත ප‍්‍රතිපත්ති සැකසීමට මූලිකත්වය ගත යුතුය.

අපේ ඉස්කෝලේ......

අද අධ්‍යාපනය අමාත්‍යවරයා ඇතුළු පරිපාලනය ඉතා නිවැරැුදි කාලීන තීන්දුවක් ගෙන ඇත. දේශපාලනඥයන්ගේ නම්වලින් පාසල් නම් කිරීම නවතා දමා ඇත. එයට තවත් එක් කළ යුතු දේවල් ඇත. එනම් ආගම් අනුව පාසල් වෙන්කිරීම නවතා දැමිය යුතුය. ලෝකයේ එවැන් පාසල් අල්පය. ආගම් අනුව හෝ ජාති අනුව හෝ බෙදාවෙන් කෙරෙනු පාසල් නැත. එවැන් විශ්වවිද්‍යාල නැත. එබැවින් එය ද නතර කළ යුතුය. ආගම්වාදයට ජාතිවාදයට එයත් එක් හේතුවකි. කුඩා කළ සිට අප ශ්‍රී ලාංකිකයන් ය යන්න පුරුදු පුහුණු වන තැන් ආරම්භ කළ යුතුය. ආගම සම්බන්ධයෙන් හැදෑරීම කළ යුතු මුත්, සෑම ආගමක් ම පිළිබඳවම පාසලේ දී අධයාපනය ලබා දිය යුතුය. තමාගේ ආගම, එනම් පෞද්ගලිකවම අදහන ආගම වෙත වැඩිදුර හැදෑරීමට අවස්ථාව දහම් පාසලෙන් ලබාදිය යුතය. එය සෑම ආගමකට අනිවාර්ය කළ යුතු අතර එම ඉගැන්වීම් ක‍්‍රම රජයේ අධීක්ෂණය යටතේ නිවැරැුදිව කළ යුතුය. මේ මාගේ යෝජනා පමණි.

Thursday, January 22, 2015

ඊයේ පෙරේදා දවසක ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිතුමා කියපු කතාවක කොටසක් උපුටා දක්වමින් මෙය ලියමි.
ලෝ ප‍්‍රසිද්ධ වොක්ස් වැගන් සමාගම ලංකාවේ ව්‍යාපාර කිරීමත්, මෙරට පූර්ණ වාහන නිෂ්පාදනය කිරීමටත් කැමැත්තෙන් හිටපු සමාගමක්. ඒ සමාගම 2008 වසරේ සිට ඒ සඳහා අවස්ථා ලබාගැනීමට කටයුතු කරලා තියෙනවා. නමුත් එම සමාගමට අවස්ථාව ලැබිලා නැහැ. 


සටහන - වොක්ස්වැගන් සමාගම 2012 වසරේදී ඒකක 5.771.789 නිෂ්පාදනයක් කර ඇති අතර යූරෝ බිලියන 103,942 ආදායමක් ද එම වසරේදීම යූරෝ බිලියන 21. 7 ක ලාභයක් ලැබීමට සමත්විය. ඒ 2012 වසරේදීය. ලෝ ප‍්‍රකට ෆෝචූන් සමාගමට අනුව ලොව හොඳම ව්‍යාපාර 500 අතරින් 8 වැනි ස්ථානය පත් වූ වොක්ස්වැගන් සමාගම වැඩිම ආදායමක් වාර්තා කලේ ආසියා පැසිෆික් කලාපයේය. එය සියයට 14.7ක වර්ධනයකි. ලෝ ප‍්‍රකට ෆෝබ්ස් සඟරාව ඉකුත් වසරේ මැයි මාසයේදී නිකුත් කළ වාර්තාවකට අනුව ලොව හොඳම ව්‍යාපාර නාම අතර 56 වැනි ස්ථානය ගෝලීය විශාලතම සමාගම් අතර 19 වැනි ස්ථානය, විකුණුම් අතරින් 7 වැනි ස්ථානය, ලාභ අතින් 35 වැනි ස්ථානය, වත්කම් අතින් 69 වැනි ස්ථානය සහ කොටස් අගය අතින් 54 වැනි ස්ථානයට හිමිකම් කීය. එවැනි සමාගමකට මෙරට ව්‍යාපාර කිරීමට ඉඩ නොදුන්නේ ඇයි දැයි යන්න හිටපු පාලකයන්ගෙන් ප‍්‍රශ්න කළ යුතුය. වත්මන් ආණ්ඩුව ඔවුන්ට ඉඩ ලබාදීම නිසාම මේ ආණ්ඩුව යැයි කියනවා යනවා යන්න මෙයින් වරදවා වටහාගැනීමෙන් වළකින්න.
ලෝ ප‍්‍රකට ගූගල් සමාගම මෙරට ව්‍යාපාර කිරීමට පැමිණ නැවත ගියේ ඇයි ද යන්න, දන්නෝ දනිති යන්න කිව යුතුය. වොක්ස් වැගන් සමාගම මෙරට සිය ව්‍යාපාර ආරම්භ කළේ නම් රැුකියා ලැබෙන්නේ මෙරට තරුණ තරුණියන්ටය. ආදායම් ලබන්නේ වොක්ස් වැගන් සමාගම පමණක් නොව අපේ රටය. ඒ අනුව හිටපු ආණ්ඩුව නැති කර ඇත්තේ අපේ රටට අපේ රටේ තරුණ තරුණියන්ට ලැබෙන ආදායම්ය, සල්ලිය සම්පත්ය.

Monday, January 12, 2015

පට්ට සිංහලයෝ

මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ඡුන්දය දුන්නෝ දෙමළුන්ය. කොටිය. තම්බිය. කියන්නට ඇත්තේ මේවා බයිලාය. ගොබ්බ තර්කය. කොදෙව් දූපත් මානසිකත්වය නොහොත් ගල් යුගයේ තර්කය. මහින්දට ඡුන්දය දුන්නෝ නියම සිංහලයෝය. ශ්‍රී ලාංකියෝය. ඒ ගොඩ මුස්ලිම් ජනතාව නැත, දෙමළ ජනතාව නැත, කිතුනුවෝ නැත, කි‍්‍රස්තියානි ජනතාව නැත, බර්ගර් ජාතිකයෝ නැත, මැලේ ජාතිකයෝ නැත. ගොබ්බ තර්කය. මෙරට ඡුන්දය දෙන්නේ කවුද ඔවුන් ශ්‍රී ලාංකිකයෝය. එසේත් නැත්නම් පුරවැසි ලබාගත්තෝය. මහින්ද ඡුන්දය දුන්නෝ සිංහලයෝ නම්, ඇත්ත වශයෙන්ම කියතොත් ඔවුන්ටද මේ රටේ අයිතියක් නැත මක්නිසාදයත් සිංහලයෝ යනු මෙරට මුල් පදිංචි කරුවෝ නොවන හෙයිනි. සිංහලයෝ පැවැත එන්නේ විජය රජුගෙනි. විජය රජු එන්නේ ඉන්දියාවෙනි. පැරැුදුණු පසු මෙරට ඡුන්ද දායකයෝ විවිධ කොටස්වලට බෙදා ඡුන්දය පැරැුදුණේ මේ මේ කොටස් මට ඡුන්දය නොදුන් නිසා යැයි කියන්නේ නම් අපටත් ඒ ආකාරයෙන්ම තර්ක කළ හැකිය. මා සිංහලයෙකි. ශ්‍රී ලාංකිකයෙකි. එසේ වුවද ඔය ගොබ්බ තර්ක එක්කාසු නොවෙමි. දින්නද පැරැුදුණද එය එසේය. ගණන් හිලව් තර්කවලින් ඔය දේවල් පෙන්වීමට වඩා මෙය සරල යැයි හැෙඟ්. විජය රජුන් පැමිණෙන්ණේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ ගිණිකොණ දෙසිනි. ඉන්දු ආර්යයෝය. සිංහල යනු ඉන්දු ආර්ය භාෂාවකි. ඡුන්දය දුන් පිරිස බෙදන අය එසේ බලන්නේ අපි මෙසේ බලන්නෙමු. ඒ අනුව අපට මේ රටේ කිසිදු අයිතියක් නැත. මේ රටේ අයිතිය ඇත්තේ ආදී වාසීන් වන වැද්දන්ට. නාග ග්‍රෝතිකයන්ට, යක්ෂ ග්‍රෝතිකයන්ටය.
එයද සංකීර්ණ නම් ෆේස්බුක් හි මහින්ද රාජපක්ෂ පැරැුදුණේ දෙමළ මුස්ලිම් ඡුන්ද නිසාවෙන් යැයි නොදමන්න. මන්ද ෆේස්බුක් යනු සිංහල පුද්ගලයකු හැදුවකු නොව පට්ට ඇමෙරිකානුවකු හැදුවකි. ෆේස්බුක් යනු විජාතික කුමන්ත‍්‍රණයකි. එහෙයින් පට්ට සිංහලයනි ෆේස්බුක් හි  ඕවා නොදමන්න. ෆේස්බුක් එද්දි දෙමළ ද සිංහල මුස්ලිම් ද කියා අසන්නේ නැත. පට්ට සිංහලයනි, මහින්ද රාජපක්ෂ මහතාට ඡුන්දය දුන්, ඡුන්ද දායකයනි, වෙබ් අඩවි හෝ ගූගල් භාවිත නොකරන්න. ඒවා සිංහල අපේ දේවල් නොවේය.
තවත් සරලව කියන්නම්. ඔබ තොසේ කන්න එපා. ඒවා දෙමළ කෑමය. වටලප්පන් කන්න එපා. ඒවා මුස්ලිම්ය. කොස් දෙල් පොළොස් පමණක් කන්න. සිංහල හාලේ බත් විතරක් කන්න. කියන්න නම් තව  ඕනෑ තරම්ය. ඔබ ඔය සියල්ල ඉටු කර මා වෙත පැමිණෙන්නේ නම්, මහින්ද රාජපක්ෂ මහතා පැරැුදුණේ දෙමළ හා මුස්ලිම් ඡුන්ද නිසා යැයි මා පිළිගන්නම්.....

Thursday, January 8, 2015

ගත වූ දින තුනක කාලය අතිශය තීරණාත්මක දින කිහිපයකි. ශ්‍රී ලංකා වාසි අපට පමණක් නොව, ලොව වටා සිටින සියලූ දෙනාටම අතිශය අසීරු දින කිහිපයක් විය. කොළඹ මරදානේදී ඬේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදියකුය පහරදීමකින් ඇරඹුණු මෙම සිදුවීම් දාමය අවසන් වූයේ අද සවස 4 කණිසමටය. එමෙන්ම අද දිනය ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඉතිහාස ගත දිනයකි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කරන්නේ අද වැනි දිනයකය. බණ්ඩාරනායකයන්ගේ ඡුන්ම දිනය යෙදී ඇත්තේද අද වැනි දිනකය. මීට වසර පහකට පෙර මෙවැනිම සිදුවීම් දාමයක ඇරඹෙන්නේ ජනවාරි 6 වැනිදාවක සිරස ආයතනයට එල්ල කරන ප‍්‍රහාරයත් සමගය. එහෙයින් බලා හිදිමු.ඊයේ දිනයේ ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි චාර්ලි හෙබ්ඩෝ කාටුන් සඟරාවේ මාධ්‍යවේදීන් ඝාතනය මුළු මහත් ලෝකයටම එල්ල වූ මරු පහරකි. පෑනකට පෑනකින් පිළිතුරු දීමට නොහැකි වූ ඔවූහු අවසානයේ උණ්ඩු මඟින් පෑන නිහඬ කිරීමට ගත් ලැජ්ජාගත උත්සහය නිහඬ මිනිසුන් රැුසක් අවදිකිරීමට හේතුවිය. ඉන් අනතුරුව ආරම්භ වූයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය තීරාණාත්මක ජනපතිවරණයකි. බොහෝ දෙනා මෙම ජනපතිවරණය හැඳින්වූයේ ශිෂ්ඨත්වයත් අෂිශ්ඨත්වයත් අතර සටනක් ලෙසය. අවසානයේ නොසිතු විරූ ලෙස ඡුන්ද විමසීම් සාමකාමී ලෙස අවසන් විය. එහෙත් තීරාණාතාත්මක කාලය එළැඹෙණු ඇත්තේ මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමත් සමඟය. විදෙස් පුවත් සේවා මෙන්ම සමාජ ජාල වෙබ් අඩවිද වාර්තා කර තිබුණේ අරලියගහ මන්දිරය හා ස්ථාන කිහිපයක කිසිදු හේතුවක් නොමැතිව හමුදාව යොදවා ඇති බවය. තවත් සමහර වාර්තාවලින් දැක්වුණේ ඔවුන් නිවැරැුදිව හමුදා සාමාජිකයන් ද යන්න හඳුනාගැනීමටද නොහැකි බවය. නමුත් කිසිදු තොරතුරක් ස්ථීර නොමැති බවද සඳහන් කරමු. අප බලා හිඳිමු. ඉල්ලීමට ඇත්තේ ප‍්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමී ලෙස කටයුතු කරන ලෙසය.

Tuesday, January 6, 2015

මැතිවරණයට ඉදිරිපත් වන කිසිවකුට ඉවත් වීමට හැකියාවක් නැත. එසේ ඉවත් වූවා යැයි ගෙන යන ප‍්‍රචාර බොරුය. එවැනි බොරු ප‍්‍රචාරවලට නොරැුවටෙන්න. කිසිදු ජනපතිවරණ අපේක්ෂකයකු ඉල්ලා අස් නොවන බව මතක් කරමු. එහෙයින් නොබියව ඔබේ ඡුන්දය භාවිත කරන්න. ඔබ ඡුන්දය භාවිත කිරීමේදී අදාළ අපේක්ෂකයාගේ නම සලකුණ එකිනෙකට ගැලපේද යන්න අවධාරණයෙන්, අනිවාර්යයෙන් නීරික්ෂණය කරන්න. ඔබ ඡුන්දය දීමේදී අදාළ අපේක්ෂකයා හා එම සලකුණ මතකයේ තබාගන්න. හැකිතාක් උදෑසනින් ඡුන්දය භාවිත කරන්න. නීත්‍යානුකූලව සිදු විය යුතු සියල්ල සියලූ බාධක මැද අවසන් වූ වී ඇති හෙයින්, මින් මතු ලැබෙන ප‍්‍රචාර පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. එක් මාධ්‍යයකට සීමා නොවී සෑම මාධ්‍යයකම විකාශය වන පුවත් වෙත අවධානය යොමු කර සත්‍ය වටහාගන්න. අදත් හෙටත් අනිද්දා දිනයේත් බොරු ප‍්‍රචාර කටකතා ආදී නොයෙක දේද වරදාන, දීමනා ආදිය බොහෝ සෙයින් ඒවා ලබාගෙන බුද්ධිමත්ව ඔබේ ඡුන්දය භාවිත කරන්න. ඡුන්ද පත‍්‍රිකාවේ අපේක්ෂකයන් 19 දෙනකුගේ නම් සඳහන් වේ. එක හා සමාන නම් ද වේ. එහෙයින් හොඳින් බලා ඡුන්දය භාවිත කරන්න.

Monday, January 5, 2015

දෙමළ සන්ධානයේ නායකයන්ටත් වඩා තවමත් කොටි සංවිධානය පූජනීයත්වයෙන් සලකන සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රසයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා දෙමළ ජනතාව මෙවර ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු යැයි කියයි. උතුරේ කලෙක සිට පවතින දැඩි ආණ්ඩු විරෝධය හමුවේ මෙවැනි මැතිවරණ වර්ජනයක් කෙරුණහොත් එයින් වාසිය ලැබෙන්නේ එජනිසටය. එසේ නම් ඉන් අදහස් කරන්නේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර යම් රහසිගත එකඟතාවක් ඇති බවදැයි කෙනෙකු ඇසිය හැකිය.


සතිඅග විග‍්‍රහය
ලංකාදීප 2015.12.03

සාමාකමීව කටයුතු කරන්න..ඉදිරි දින කිහිපයේදී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කිරීමේ අවදානමක් ඇත. එහෙයින් කුමන පක්ෂයේ වුවද නැතිවෙන්නේ ජීවිතය. හැලෙන්නේ ලේය. මිනිසුන්ගේ රුධිරය. එහෙයින් බුද්ධියෙන් ඉවසීමෙන් කටයුතු කරන්න. ඔබ කෝප කිරීමට ජාතිය ආගම් ආදී නොයෙක් යොදාගනු ඇත. එහෙයින් බුද්ධියෙන් කටයුතු කරන්න. ඉවසීමෙන් කටයුතු කරන්න.
දෙමළ සන්ධානයේ තීරණය යොදාගෙන ආණ්ඩුවේ නායකයන් කරන්නේ සිංහල ජනතාව තුළ දෙමළ භීතිකාවක් ඇති කිරීමය. එය සූක්ෂම ලෙස දෙමළ විරෝධයක් ඇවිළීමකි. වෙනත් වචනවලින් කියන්නේ නම් ජාතිවාදය ඇවිළීමකි.


සතිඅග විග‍්‍රහය
ලංකාදීප 2015.12.03

Sunday, January 4, 2015

එක තැන පල්වීම.......

රාජිත සේනාරත්න හා පාඨලි චම්පික රණවක මැතිවරුන් මීට පෙර කරන ප‍්‍රකාශ යොදාගනිමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කණ්ඩායම් රූපවාහිනි දැන්වීම් ප‍්‍රකාශයට පත්කරන අයුරු දකින්නට ලැබිමි. මෙසේ සිදුවීමට හේතුව පක්ෂ මාරු කිරීමේ දේශපාලන නොමැති කමය. ප‍්‍රථමයෙන්ම කළ යුත්තේ පක්ෂ මාරු කිරීම නැවැත්වීමය. අද මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ සිටින බොහෝ දෙනා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මැති ඇමැතිවරුය. ඔවුන්ද මේ ආකාරයෙන් කරන ලද ප‍්‍රකාශ ඇත. එහෙයින් මෙය ජරා ජීර්ණ වූ දේශපාලන ක‍්‍රමයක් බවට පත්ව ඇත. වෙනස් කළ යුත්තේ එයයි. මහින්ද රාජපක්ෂ මහතා ආවත් මෛතී‍්‍රපාල සිරිසේන මහතා ආවත් එය වෙනස් කළ යුතුය. මෙවර මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය දැක්විය යුතු යැයි සඳහන් කරන්නේ, මහින්ද රාජපක්ෂ මහතාගෙන් බලාපොරොත්තු වූ වෙනස සිදු නොවුණු නිසාය. එමෙන්ම  ඕනෑම දෙයක් දන්නා කරුණකි.  ඕනෑම දෙයක් එක තැන බොහෝ කාලයක් තිබියදී එය පල්වෙයි. වැටුපක් නොලබන හෝ කොච්චර කළත් දියුණුවක් නැති විට, අපි එකතැන පල්වෙන්න එපා යයි කියමු. එහෙයින් රාජපක්ෂ මහතාද දැන් තෙවැනි වරටත් ජනපති අපේකෂකයකු ලෙස පැමිණ ඇත. ඔහු වසර 10ක් ධුරයේ කටයුතු කළේය. කලින් නොකළ දේවල් කළේය. යුද්ධයට නායකත්වය දුන්නේය. ඒවා සැබෑවය. එහෙත් තෙවරක් අවශ්‍ය නැත. තුන්වැනි වරක් සිටීම යනු පල්වීමය. එකතැන එකම කෙනා යටතේ පල්වීමය. එහෙයින් වෙනසක් අවශ්‍යය. මෛතී‍්‍රපාල සිරිසේන මහතා සර්ව සුබවාදී යැයි නොකියමි. එසේ වුවද වෙනසක් අවශ්‍ය වේ. ඔහු ලවා වෙනසක් කරගැනීමට ජනතාව ඉදිරියට පැමිණිය යුතුය. දැන්වත් දේශපාලනඥයන් පස්සේ ජනතාව නොයන, ජනතාව පස්සේ හැමදාම දේශපාලනඥයන් පැමිණෙන ක‍්‍රමයක් සෑදිය යුතුය. බිහිකළ යුතුය. ජනතාව තමන් සතුව ඇති බලය තේරුම් ගත යුතුය. මහින්ද රාජපක්ෂ මහතා කොටි පැරැුදවීමට වඩා සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතා ලබා කොටි පැරැුදවීමය. ජනතාවගෙන් මාධ්‍යයෙන් සෑම අතින්ම එය සිදුවිණ. ඒ ආකාරයෙන්ම අනෙක් දේවල් ඉටු කරගැනීමට අපේ ජනතාවට නොහැකි විය. එහෙයින් මහින්ද රාජපක්ෂ මහතා හිටියා හොඳටම ඇතිය. එම නිසා මෛතී‍්‍රපාල මහතා පත්කර වෙනසක් කරමු. ඔහු ලවා අලූත් ශ්‍රී ලංකාවක් තනමු.

Friday, January 2, 2015

නැවත නැවත පැවසීමට ඇති කරුණක් වෙයි. මෙවර ඔබේ ඡුන්දය භාවිත කරන්න. එය ඔබේ අයිතියක් මෙන්ම උපන් නූපන් සැමටස අදාළ වන්නකි ඔබ භාවිත කරන ඡුන්දය වර්තමානයේ සිටින මෙන්ම නූපන් පරම්පරාවටත් බලපානු ඇති. එහෙයින් ඔබේ ඡුන්දය භාවිත කරන්න.එමෙන්ම මෙවර මැතිවරණයේදී ජිල්මාට් කිරීමේ හැකියාව ඉතා අවම බවත් එසේ කිරීමට එරෙහිව මැතිවරණ කොමසාරිස් කාර්යාලය මෙන්ම විශ්වවිද්‍යාලවල කණ්ඩායම් ද සූදානමින් සිටින වාර්තා වේ . එහෙයින් මෙවර මැතිවරණයේදී අනිවාර්යයෙන්ම ඔබේ ඡුන්දය භාවිත කරන්න.

Thursday, January 1, 2015

මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිදහස් අධ්‍යාපනය විකුණනවා යැයි මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ආණ්ඩුවේ මැති ඇමැතිවරු කියන පට්ටපල් බොරුව ගැන සොයා බලන්න..මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇත්තේ විශ්වවිද්‍යාල වරම් නොලබන, ඊළගට සිටින හොදම කණ්ඩායමට විශ්වවිද්‍යාලයට ඇතුලුවීමට ඉඩ කඩ දෙනවා යන්නය. ඒ මුදල් අයකිරීමක් මතය. විශ්වවිද්‍යාලය වරම් නොලබන බොහෝ පිරිස් සාමාන්‍යයෙන් කරන්නේ ද මුදල් ගෙවා උසස් අධ්‍යාපන ආයතනයකින් හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබීමය. එම අවස්ථාව ලබා දෙන්නේ ශිෂ්‍ය ණය ක‍්‍රමයක් යටතේය. එම කොටස ඕනෑම කෙනෙකුට මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ගෙන බැලිය හැකිය. එය 41 වැනි පිටුවේ. මහින්ද රාජපක්ෂ ජනපතිතුමනි. ඔබතුමා සමඟ අපට පෞද්ගලික තරහක් නැත. බොරුවෙන් තොර, නිවැරැුදි දේශපාලනයේ යෙදෙන්නැයි අපි ඉල්ලමු. තාර්කික, තර්ක විතර්ක, ප‍්‍රතිපත්ති මත කෙරෙන දේශපාලන සටනක් නැරඹීමට අපි ද කැමැත්තෙමු.

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive