මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ඡුන්දය දුන්නෝ දෙමළුන්ය. කොටිය. තම්බිය. කියන්නට ඇත්තේ මේවා බයිලාය. ගොබ්බ තර්කය. කොදෙව් දූපත් මානසිකත්වය නොහොත් ගල් යුගයේ තර්කය. මහින්දට ඡුන්දය දුන්නෝ නියම සිංහලයෝය. ශ්‍රී ලාංකියෝය. ඒ ගොඩ මුස්ලිම් ජනතාව නැත, දෙමළ ජනතාව නැත, කිතුනුවෝ නැත, කි‍්‍රස්තියානි ජනතාව නැත, බර්ගර් ජාතිකයෝ නැත, මැලේ ජාතිකයෝ නැත. ගොබ්බ තර්කය. මෙරට ඡුන්දය දෙන්නේ කවුද ඔවුන් ශ්‍රී ලාංකිකයෝය. එසේත් නැත්නම් පුරවැසි ලබාගත්තෝය. මහින්ද ඡුන්දය දුන්නෝ සිංහලයෝ නම්, ඇත්ත වශයෙන්ම කියතොත් ඔවුන්ටද මේ රටේ අයිතියක් නැත මක්නිසාදයත් සිංහලයෝ යනු මෙරට මුල් පදිංචි කරුවෝ නොවන හෙයිනි. සිංහලයෝ පැවැත එන්නේ විජය රජුගෙනි. විජය රජු එන්නේ ඉන්දියාවෙනි. පැරැුදුණු පසු මෙරට ඡුන්ද දායකයෝ විවිධ කොටස්වලට බෙදා ඡුන්දය පැරැුදුණේ මේ මේ කොටස් මට ඡුන්දය නොදුන් නිසා යැයි කියන්නේ නම් අපටත් ඒ ආකාරයෙන්ම තර්ක කළ හැකිය. මා සිංහලයෙකි. ශ්‍රී ලාංකිකයෙකි. එසේ වුවද ඔය ගොබ්බ තර්ක එක්කාසු නොවෙමි. දින්නද පැරැුදුණද එය එසේය. ගණන් හිලව් තර්කවලින් ඔය දේවල් පෙන්වීමට වඩා මෙය සරල යැයි හැෙඟ්. විජය රජුන් පැමිණෙන්ණේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ ගිණිකොණ දෙසිනි. ඉන්දු ආර්යයෝය. සිංහල යනු ඉන්දු ආර්ය භාෂාවකි. ඡුන්දය දුන් පිරිස බෙදන අය එසේ බලන්නේ අපි මෙසේ බලන්නෙමු. ඒ අනුව අපට මේ රටේ කිසිදු අයිතියක් නැත. මේ රටේ අයිතිය ඇත්තේ ආදී වාසීන් වන වැද්දන්ට. නාග ග්‍රෝතිකයන්ට, යක්ෂ ග්‍රෝතිකයන්ටය.
එයද සංකීර්ණ නම් ෆේස්බුක් හි මහින්ද රාජපක්ෂ පැරැුදුණේ දෙමළ මුස්ලිම් ඡුන්ද නිසාවෙන් යැයි නොදමන්න. මන්ද ෆේස්බුක් යනු සිංහල පුද්ගලයකු හැදුවකු නොව පට්ට ඇමෙරිකානුවකු හැදුවකි. ෆේස්බුක් යනු විජාතික කුමන්ත‍්‍රණයකි. එහෙයින් පට්ට සිංහලයනි ෆේස්බුක් හි ඕවා නොදමන්න. ෆේස්බුක් එද්දි දෙමළ ද සිංහල මුස්ලිම් ද කියා අසන්නේ නැත. පට්ට සිංහලයනි, මහින්ද රාජපක්ෂ මහතාට ඡුන්දය දුන්, ඡුන්ද දායකයනි, වෙබ් අඩවි හෝ ගූගල් භාවිත නොකරන්න. ඒවා සිංහල අපේ දේවල් නොවේය.
තවත් සරලව කියන්නම්. ඔබ තොසේ කන්න එපා. ඒවා දෙමළ කෑමය. වටලප්පන් කන්න එපා. ඒවා මුස්ලිම්ය. කොස් දෙල් පොළොස් පමණක් කන්න. සිංහල හාලේ බත් විතරක් කන්න. කියන්න නම් තව ඕනෑ තරම්ය. ඔබ ඔය සියල්ල ඉටු කර මා වෙත පැමිණෙන්නේ නම්, මහින්ද රාජපක්ෂ මහතා පැරැුදුණේ දෙමළ හා මුස්ලිම් ඡුන්ද නිසා යැයි මා පිළිගන්නම්.....

No comments:
Post a Comment