රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙසේ දැයි බැලිය හැකි මිණුම් දඬු මේ කාලයේදී හොඳින් දැකිය හැක. සමෘද්ධිය දෙන්නේ නැතැයි කියා මිනිසුන් දේශපාලන රැුස්වීම් ගෙන්වා ගැනීම කෙතරම් සාධාරණද. සමෘද්ධිය යනු මෙරට අහිංසක ජනතාවට ලැබෙන්නෙකි. ඒ ලැබෙන්නේ වත් පොහොසත් මිනිසුන්ට නොව අඩු ආදායම් ලාභී පුද්ගලයන්ටය. එය ලබානොදෙන්නේ යැයි තර්ජනය කිරීමට කිසිසේතම කිසිම පාලකයකුට කිසිම බලධාරියකුට අයිතියක් නැත. සමෘද්ධිය යනු රටේ ජනතාවගේ සල්ලිය. දේශපාලකයන්ගේ අම්මගේ අප්පගේ බූදලය නොව, රටේ ජනතාවගේ සල්ලිය. කවුරු කළත් වැරැුදිය.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Tuesday, December 30, 2014
මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ඉංගී‍්‍රසි බැරිවීම ගැන බොහො අපවාද එල්ල වී ඇත. ඉංගී‍්‍රසි බස බැරිවීම යනු අධ්‍යාපන සුදුසුකම් නොවන බව මතක් කරදිය යුතුය. මෙරට ඉංගී‍්‍රසි භාවිත කළ නොහැකි උපාධිධාරීන් ඕනෑ තරම් සිටි. භාෂාවක් නොහැකි ලැජ්ජාවට කරුණක් නොවේ. ජපානය, ජර්මනිය, ප‍්‍රංශය, චීනය, රුසියාව, ජපානය, කොරියාව, ආදී බොහෝ රටවල් ඉංගී‍්‍රසි භාෂාව භාවිත කරන්නේ ව්‍යාපාරික කටයුතු හා අධ්‍යාපනික කටයුතුවලදී පමණි. බොහෝ වෙලාවට අත්‍යාවශයම අවස්ථාවකදී පමණි. භාෂාවක් නොහැකි වූ පමණින් මිනිසකුට අපහාස කරන්නන්ගෙන් ඇසීමට මා සතුව එක් ප‍්‍රශ්නයක් ඇත. වර්තමානයේ ලොව බලවත්ම ආර්ථිකයකට හිමිකම් කියන, ඇමෙරිකාවට අභියෝගයක්ව සිටින චීන ජනපතිතුමා පසුගිය මසක ලංකාවට පැමිණියේය. එතුමා මෙරටට පැමිණ කතාකළේ ඉංගී‍්‍රසි භාෂාවෙන් දැයි සොයා බලන්නේ නම් වටී. එහෙව් එකේ, අනික් පුද්ලයන් ඉංගී‍්‍රසි බස කතා නොකිරීම හෝ නොහැකි වීම ගැන කුමන කතාද?
Monday, December 29, 2014
මෙවැනි පාලකයෝ සිටින සිටින රටක ජීවත්වීමට තරම් අපි අභාග්‍යවන්තයෝ විමු.
මෙවැනි පාලකයෝ සිටින සිටින රටක ජීවත්වීමට තරම් අපි අභාග්‍යවන්තයෝ විමු.
වරදවා වටහාගන්න එපා. රට සහ පාලකයෝ. මෙවැනි සුන්දර රටක් ගැන විදේශිකයෝ කියන
දේ බොහෝ දෙනා නොදනිති. ඔවුන්ට මෙවැනි රටක්, මෙවැනි සම්පත් ඇති රටක්, මෙවැනි
සුන්දර දසුන් ඇති රටක් නොමැති වීම ඔවූහු දුක්වති. එහෙත් මේ රටේ පාලකයෝ
හැසිරෙන ආකාරය දකින විට, අමුවෙන් කියනවා නම්, විලිලැජ්ජය. ඇඳුම් ඇඳගෙන
සිටීම හිරිකිතය. මේවා බලා සිටීම, ඇසට අපි‍්‍රයය. රටේ මිලියන් පමණක් ඇඳි වත
පමණක් ඉතිරිව සිටියදී ඡුන්ද තියති. රටේ මිලියනකට හරියට කන්නට
යමක් නැත. රටේ තුනෙන් දෙකක් ජලයෙන් යටවෙලාය. එහෙව් වෙලාවක ඡුන්දයක් කල්
දමන්නට බැරි රටක අපි ජීවත් වෙමු. රටේ ජනතාවට වග නොකියන උන් මැරුණත් කමක්
නැතැයි කියන රටක අපි ජීවත් වෙමු. වෙනස් කළ යුත්තේ එම ක‍්‍රමයයි. අපි රටට
ජනතාවට වගකියන ක‍්‍රමයක් ඇති කළ යුතුය. අද ඉන්දියාවේ සුපිරි නළුවෙක් සහ
මෙහෙන් ගිහින් සුපිරි නිළියක් වූ ශ්‍රී ලාංකික තරුණියක්, ජනපතිවරණ
අපේක්ෂකයකුගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට සහය දීමට පැමිණියහ. ඔවුන්ට
ගෙවන්නේ කාගේ සල්ලිද. පිටසක්වලින් ගෙන ආවත් අපිට අමාරුවක් නැත. එසේ ගෙන්වන
වා නම්, ඒ ඔවුන් පුද්ගලිකව හරි හම්බ කරගත් ඒවා විය යුතුය. අනෙක් අතට, රටේ
තුනෙන් දෙකක් වතුරෙන් යටවෙලා ඇති වෙලාවකය. මේ ක‍්‍රමය වෙනස් විය යුතුය.
මහින්ද රාජපක්ෂ ජනපති වුවත්, මෛතී‍්‍රපාල ජනපති වුවත්, කවුරු ජනපති වුවත්,
ජනතාවට වග කියන ජනතාව සතුව පාලනය පවතින ක‍්‍රමයක් ඇති කළ යුතුය.
Wednesday, December 24, 2014
ඔන්න කට්ටියක් ආයි ඇවිස්සිලා, මෙච්චර දවසක් කට වහලා තිබ්බා...සිරිකොතේ බුදු මැදුරට බෝතල්වලින් ගල්වලින් ගහපු එක ගැන වචනයක් කිව්වේ නැහැ..ඒත් පොතක නැහැ කියලා කෑ ගහනවා..බුදු දහම ආරක්ෂා කරන්නේ පොත්වල, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල දැම්මොත් විතරද ? සිරිකොතේ තිබ්බේ බුදු පිළිමය බුදු පිළිමයක් නෙමෙයිද? ඒක බුදු හාමුදුරුවන්ගේ..තමන්ගේ අම්මව, තමන්ගේ ආගම ජාතිය ආරක්ෂා කරන්න කොළවල ලියලා ප‍්‍රතිඥ දෙන්න ඕනේද? ඒවා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල දාන්න ඕනේද?
ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ සිව්වැනි ශාඛාව
ජනපතිවරණ උණුසුමත් සමඟ 2014 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ශ්‍රී ලංකාවේ අපට නම් අලූත් අවුරුද්ද ලබන්නේ බක් මහේය. බොහෝ රටවලට ඒ ඒ රටට සංස්කෘතියට ආවේණික වූ පරිදි අවුරුද්ද සමරයි. ඒ සෑම ජනවාරි පළමුවැනිදා නොව ඔවුන්ගේ සංස්කෘතියට අනුවය. කෙසේ වෙතත් ඉලක්කමක් දෙකක් එහා මෙහා වීමෙන් අලූත් වසරක් උදාවන අතර, මේ දෙසැම්බර් 31 වැනිදාට 4 හැලී 5 එනු ඇත. ඒ අනුව 2014 වසර අවසන් වී 2015 වසර එනු ඇත.
¥ෂණය, මර්දනය, බැණ අඬ ගැසීම්, කි‍්‍රකට්, ආදී නොයෙක සිදුවීම් රැුසක් මැද්දේ මේ වසර අවසන් වුවද මේ වසරේ අවසානයේ ඇති වූ උණුසුමේ රස්නය දැනෙන්නේ ලබන වසරේය. දෙසැම්බර් 8 වැනිදා ජනපතිවරණයට නාම යෝජනා කැඳවූ අතර එම කැඳවූ නම්වලින් අයෙකු තෝරාගැනීමට, එළැඹෙන වසරේ 8 වැනිදා ඡුන්දයක් පැවැත්වේ. එහි ප‍්‍රතිඵල ලැබෙන්නේ 9 වැනිදාය. බොහෝ සිදුවනු ඇත. බොහෝ දේ සිදුවෙමින් පවතියි.
අද පවතින්නේ ජංජාල ගත ජීවන ක‍්‍රමයකි. දේශපාලනය, ආර්ථිකය, සාහිත්‍ය, කී‍්‍රඩාව, ආදී එකි මෙකි සියල්ල එකිනෙකට සම්බන්ධ වී ඇත. මේ සියල්ලේ අමතක කළ නොහැකි එක් ආණ්ඩුවක් වෙයි. එය නිල නොලත් ආණ්ඩුවකි. එය නම් සිව්වැනි ආණ්ඩුව වූ ජනමාධ්‍යයි.
2014 වසර සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සී.පී.ජේ Committee to Protect Journalists ඉකුත් දා කටයුතු කළේය.
ඒ අනුව 2014 වසරේදී පමණක් ජනමාධ්‍යවේදීන් 60 දෙනක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ ඔවුන් සිය රැුකියාවේ නිරතවන අවස්ථාවක හෝ ඒ සම්බන්ධ කර්තව්‍යයක නිරත වන අවස්ථාවකදීය. සී.පී.ජේ
Committee to Protect Journalists ආයතනය ආරම්භ කර දැනට දශක දෙකක් වන අතර, ඔවුන් මෙවර ඉදිරිපත් කළ වාර්තාවට අනුව, ගෙවීගිය අවසන් වසර තුනක කාලය ජනමාධ්‍යවේදීන් ගෙවූ මාරාන්තික වසර තුනක් ලෙස දක්වා ඇත.
වාර්තා වූ සිදුවීම් අතරින් දෙකකට සිරියාව සම්බන්ධ අතර, එම සිදුවීම් දෙක මේ වසරේ සිදු වූ බිය දනවන ඝාතන දෙකක් ලෙස හඳුන්වයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් මාධ්‍යවේදීන් දෙදෙනකු වූ ජේම්ස් ෆොලි සහ ජේම්ස් ස්කොට්ලොෆ් මේ ආකාරයෙන් ඝාතනය වූ අතර, ඔවුන් ඝාතනය කරනු ලැබුවේ අතිශය දරුණු, බිහිසුණු කි‍්‍රයාපටිපාටියක් සහිත අයි.එස් ත‍්‍රස්තවාදීහූ විසිනි. ඔවුන් දෙදෙනා ඝාතනයට ලක්වූ සිරියා අර්බුදයට වාර්තා කිරීමට ගොස් සිටියදීය.
2014 වසර ජනමාධ්‍යවේදීන්ට ඛේදජනක වසරක් වූ අතර, මේ ආකාරයෙන් වාර්තා වූ හා නොවූ ඝාතන රැුසක් ගෙනහැර දැක්විය හැක.
නිව්යෝක් නුවර පදනම් කි‍්‍රයාත්මක වන මෙම සංවිධානය නිකුත් කළ වාර්තාවට අනුව, මේ වසරේ සිදුවූ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම්වලින් වැඩි ප‍්‍රමාණයක් සිදුව ඇත්තේ ජාත්‍යන්තර පුවත් වාර්තාකරණයේදී බවත්, එය සංඛ්‍යාත්මකව සිදු වූ ඝාතනවලින් හතරෙන් එකක් යැයිද එම වාර්තාවේ සඳහන් වේ.
1992 ආරම්භ කළ ජනමාධ්‍යවේදීන් ආරක්ෂාව සඳහා කිරීම සඳහා වූ මෙම ජාත්‍යන්තර කමිටුව වාර්ෂිකව වාර්තාවක් නිකුත් කරන අතර එම වාර්තාව අනුව 2013 වසරේදී ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම් 70ක් වාර්තා වී ඇත.
මේ වසරේ වාර්තා වූ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම්වලින් 17ක් වාර්තා වී ඇත්තේ සිරියාවේදීය. ඒ සිරියාවේ පවත්නා සිවිල් යුද්ධය වාර්තාකිරීමට මාධ්‍යවේදීන්ය. සිරියාවේ සිවිල් යුද්ධය ආරම්භ වූයේ 2011 වසරේදීය. එතැන් පටන් මේ දක්වා මාධ්‍යවේදීන් 79 දෙනකු ඝාතනය වී ඇති බව එම කමිටුව සඳහන් කරයි.
මේ ආකාරයෙන් නොයෙකුත් අවස්ථාවලදී, ස්ථානවලදී තමන්ගේ රැුකියාව, එසේත් නොමැතිනම් සිව්වැනි ආණ්ඩුවට කළ යුතු යුතුකම් කිරීමට ගිය මාධ්‍යවේදීන්ට සිය ජීවිත අහිමිවිය.
https://www.cpj.org/
http://news.yahoo.com/report-least-60-journalists-killed-2014-053200028.html
හර්ෂණ තුෂාර සිල්වා
2014.12.24
හර්ෂණ තුෂාර සිල්වා
2014.12.24
Tuesday, December 23, 2014
එන්න අපි හැදෙමු රට හදමු.
මීට සතියකට පෙර මගේ විශ්වවිද්‍යාල මිත‍්‍රයකු කොටුව බස් නැවතුම්පොළ
අසලදී මුණ ගැසුණි. තරමක් රැුඩිකල් අදහස් ඇති ඔහු පාසලේ කලා කටයුතුවලදී
ඉදිරියෙන්ම සිටි අයෙකු වන අතරම වරක් සමස්ථ ලංකා චිත‍්‍ර තරගයකින් මුල්
ස්ථාන එකක් දිනාගත් බවද මතකයි. ඔහු ගැන දන්නා නිසාම, මා ඔහුගෙන් වත්මනෙහි
සුලබ ප‍්‍රශ්නයක් වන කාටද ඡුන්දය දෙන්නේ යනුවෙන් විමසමි. ඔහු දුන් පිළිතුර
වූයේ කාටවත් දෙන්නේ නැත යන්නයි. මෙම සිදුවීම මුල් කරගෙන බොහෝ ලියන්නට අදහස්
කරගෙන සිටියද, ඒ සඳහා කැමැත්තක් නොවීය. එහෙත් අද ලියන්නට සිතුවෙමි. පවත්නා
ආර්ථික ක‍්‍රමය දේශපාලන ක‍්‍රමය, ආදී සියලූ ක‍්‍රම පිළිවෙත් ආදි වර්තමානයේ
ඇති බොහෝ වැරැුදිවලට අපි අපේ වැඩිහිටි පරම්පරාවට දොස් තබන්නෙමු. එහෙයින්
මා තුළ ක‍්‍රමය වෙනස් කිරීමේ දැඩි අදහස් දැනුම් තේරුම් නැති කාලයේ සිටම
තිබිණි. ඇත්තම කිව්වොත් දැනුදු එවන් දැනුමක් ඇතැයි කීම අමූලික බොරුවකි.
දේශපාලනය ගැන කතාකරද්දී තාත්තා කියන උඹ දන්න දේශපාලනය යන්නෙන්ම මට එය ඔප්පු
වෙයි. එහෙත් බොහෝ දේවල් දකින විට පොත පත කියන විට දුටු දෙයක් නම්, අප
සිටින පහත් මානසිකත්වය හොඳින් තේරුම් යන නිසා, කෙසේ හෝ ක‍්‍රමය වෙනස්
කිරීමේ දැඩි උත්සහයක් මා තුළ පවතියි. එය මට තනියෙන් කළ නොහැක. බොහෝ දෙනා ඊට
රැුස්කර ගත යුතුය. වත්මනේ අපේ රටේ පවතින ගැටලූ බොහෝමයකට හේතුව යාවත්කාලීන
නොවූ සහ ¥පත් මානසිකත්වය සහිත ක‍්‍රමය යැයි සිතමි. මා තුළ ඇති දැඩි
සිතුවිල්ලක් නම්, අප වැඩිහිටි පරම්පරාවට සාප ආකාරයෙන් කෙදිනක හෝ අපේ දරුවන්
හෝ ඒ අවධියේ තරුණ පරම්පරාව අප මෙන් අනාගතයේදී අපට සාප නොකරත්ව යන්නයි. අවම
වශයෙන්, එම සාපය නොවදින ගොඬේ සිටීමට උත්සාහ කිරීමයි. මැන්ඩෙලා, ගාන්ධි,
ඇතුළු බොහෝ දෙනා ක‍්‍රමය වෙනස් කළ වීරයෝ වෙති. මට ඔවුන් ගිය තැනට යෑමට
නොහැකි වනු ඇත. එහෙත් අවම වශයෙන් ඔවුන් පෙන්වූ මාර්ගයේ යෑම මා සතුව ඇති
දැඩි අරමුණකි. බුදුන් වහන්සේ දර්ශනයේ යෑමට මම මහත් ලැදි කමක් දක්වමි.
ආවේගයෙන් කෝපයෙන් හෝ නොඉවසිලිකමෙන්, පොලූ මුගුරුවලින්, කඩු කිණිසිවලින්
අතපයේ ශක්තියෙන් ගැටලූවලට පිළියම් සෙවිය නොහැක. මේ එවැන්නකට සුදුසු කාලයක් ද
නොවේ. එමෙන්ම අත්‍යාවශයෙන්ම සඳහන් කළ යුත්තකි. කෝපයෙන් සිදුවන්නේ තිබෙන
තුවාල තව තවත් අලූත් වීම යන්නයි. එහෙයින් ඉවසීමෙන්, බුද්ධියෙන් සියල්ලෝම
එක්කාසු කරගෙන මෙම ක‍්‍රමය වෙනස් කළ යුතුයි. මෑතකදී මා දැනම සොයා යන
පුද්ගලයා සමඟ යෙදුණු සංවාදයකදී, ඔහු සඳහන් කළ කරුණක් විය. එනම්, මෙම
මැතිවරණයේදී මෙරට ජනගහනයෙන් 3/4 සිය ඡුන්දය භාවිත කරන බවත්, ඡුන්දය භාවිත
නොකරන 1/4 එයින් බලපෑම්ක් වන බවත්ය. එම හතරෙන් එක මෙරට අනාගත පරම්පරාවය.
මෙරට කොඳු නාරටියයි. ඔවුන් නොකළ වැරැුදිවලට දඬුවම් විඳිය යුතුය. නූපන්
පරම්පරාවක් අප කරන වැරැුදිවලින් පීඩා විඳිය යුතුxවෙයි. අපට මහින්ද රාජපක්ෂ
මහතා හෝ මෛතී‍්‍රපාල සිරිසේන මහතා හෝ මේ වෙනස් කරන්නේ නම් යහපති. අපට
පුද්ගලයන්ගෙන් වැඩක් නැත. අවශ්‍ය වන්නේ වැඩය. කවුරුන් කළත් එය රටටය. අපට
අවශ්‍ය වන්නේ එයයි. පුද්ගලයන් නොව සමඟිසම්පන්න දියුණු එක්සත් විනයවත්
ගෞරවාන්විත රටකි. එවැන් රටක් බිහිකිරීමට තරුණ පරම්පරාව එකමුතු විය යුතු මම
සිතමි. එයට ගී‍්‍රන් බ්ලඞ් හෝ නිල් බලකාය නොව, සියලූ තරුණයන් එක්රැුස් වන
තැනක් අවශ්‍ය වෙයි. පක්ෂ පාට පිල් භේද ආගම් ජාති භේද කිසිදු වෙනසකින් තොර
තරුණ කණ්ඩායමකි. එම තරුණ කණ්ඩායමට මෙරට සිටින මිලියන 6කට ආසන්න තරුණ
පරම්පරාව එක්විය යුතු යැයි සිතමි. රටේ වැරැුදි සොයන කතාකරන තරුණ පරම්පරාවක්
අවශ්‍ය යැයි සිතමි. කවුරු කළත් වැරැුද්ද වැරැුද්ද ලෙස දකින පරම්පරාවක්
අවශ්‍ය වෙයි. හොඳ දෙයටත් එය එසේමය. යුක්රේනයෝ වික්ටර් යැන්කොවිච් සොරකම්
කරන ලද මුදල් හෙළිදරව් කර ගත්තේ එරට තරුණයන් විසිනි. ඉන්දියාවේ එවැනි
සංවිධාන වෙයි. අපට අවශ්‍ය වන්නේ සංවිධාන නොව රට හදන ආදර්ශමත් එක්
සංවිධානයකි. මෙරට සිටින සියලූ තරුණ තරුණයෝ එය නියෝජනය කළ යුතුය. අපි මේ රට
හදමු. මා මෙන්ම අනාගත පරම්පරාවෙන් සාප ලැබීමට ඔබත් අකමැති යැයි සිතමි. මා
සතු එක් දුර්වලතාවයක් නම්, සිතේ ඇති බොහෝ දේ ලියන වෙලාවට අමතක වීමයි. මතක්
වන දේ ඉදිරියේදි මෙහි සටහන් කරමි. මගේ යෝජනාව යහපත් ප‍්‍රතිචාර ලැබෙතැයි
සිතමි.
මම උගත් බුද්ධිමත් පුද්ගලයන්ගේ නිහඬතාවයට වෛර කරමි. අවසන්
අවස්ථාවේ ඉවසා සිටීම නිවට කමක් යැයි සිතමි. පාලකයෝ පත්කරන්නෝ අපි වෙමු. එසේ
නම් බලය ඇත්තේ අප සතුවය. ඕනෑම වේලාවක රට හරි ගැනීමට තරුණයෝ ඉදිරියට ආ
යුතු යැයි සිතමි. ක‍්‍රමක් ක‍්‍රමයෙන් මෙරට වැඩිහිටි ජනගහනය වැඩි වෙමින්
පවතී. එසේ නම් නුදුරු අනාගතයේදී මෙරට යැපෙන්නන්ගේ ජනගහනය වැඩි වෙනු ඇත. අප
ඊට පිළියම් සෙවිය යුතුය. එන්න අපි වෙනස් වෙමු. හරි මග යමු. රට හදමු.
වැඩිහිටි පරම්පරාව හා එකතුවී රට හදමු. ආවේගයෙන් කෝපයෙන් නොව බුද්ධියෙන්
ඉවසීමෙන් වැඩ කරමු. සටන් කරමු. සුන්දර විනයවත් ගෞරාවාන්විත අභිමානවත් ශ්‍රී
ලංකාවක් උදෙසා. එසේ වූ විට අනාගත පරම්පරාව අපි ගත් මග යනු ඇත. ඔවුන් අපි
ගැන ආඩම්බරයෙන් කතා කරනු ඇත. ලෝකයා අප දෙස බලා ආඩම්භරයෙන් කතා කරයි. අපෙන්
පාඩම් උගනියි. පන්තිය ළමයි දෙන්නෙක් කෑ ගසද්දි පුංචි සද්දයකි. ළමයි 40
කතාකරද්දි එය තවත් වැඩිය. එම ශ්‍රේණියේ පන්ති දෙකක් කතාකරද්දි තවත් සද්දයි.
මුළු ශ්‍රේණියම කෑ ගසද්දි තවත් සද්දය. එම ගොඩනැගිල්ලේ ඇති සියලූ පන්තිවල
ළමයි සියල්ලෝම කෑ ගසද්දි තවත් සද්දය. මුළු පාසලම කෑ ගසද්දි මහා ඝෝෂාවකි. ඒ
ආකාරයෙන් තරුණ තරුණියනි, එක්වෙමු. මෙරට ජනගහනයෙන් බහුතරය වී තරණයන් කෑ
ගසද්දි සටන් කරද්දි වැඩිහිටියන්ට ඊට කන්දීමට සිදුවනු ඇත. බුද්ධිය
අවශ්‍යවන්නේ, තුවක්කුවලට, උණ්ඩවලට, පා පහරවලට, කඩුකිණිසිවලට වඩා යමක්
බුද්ධියට කළ හැකි නිසාය. එන්න අපි හැදෙමු රට හදමු.
හර්ෂණ තුෂාර සිල්වා
2014.12.23
2014.12.23
Monday, December 22, 2014
ඉල්ලාගෙන කෑම අංක ......
අප යහපත් උගත් බුද්ධිමත්, නියාමාකාර
ප‍්‍රජාතන්තවාදි දේශපාලන සටනක් බැලීමට ආසාවෙන් සිටින්නෙමු. එය මඩ, අපවාද,
බොරු, ප්‍රෝඩා, විකාර, රැුවටීම්වලින් තොර ප‍්‍රතිපත්තිමය දේශපාලන සටනක් විය
යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. එවැන්නක් දකින්නට අපි ආසා කරන්නෙමු.
මහින්ද රාජපක්ෂ මැතිතුමණි, මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමනි, එවැනි දේශපාලන
සටනක නිරත වෙන්න. ඇමෙරිකාවේ එසේය. ප‍්‍රතිපත්තිගරුක, නීතිගරුක, නියම
දේශපාලන සටනක නිරත වෙන්න. අපි මෙවැනි ගොන්පාට්වලට කොයි පැත්තෙන්ද හිනා වෙන්න ඕන.
1. ලිපි ශීර්ෂයක් නොමැත.
2. අකුරු පැහැදිලිය, අත්සන් අපැහැදිලිය
3. මුද්‍රා නොමැත. රනිල් වික‍්‍රමසිංහ මහතා, අවුරුද්ද වෙසක් මංගල්‍යයට එවන සුබ පැතුම් පතේ කවරයේ පවා නිල මුද්‍රාව ඇත.
හොඳින් බැලූවොත් තව වැරැුදි සෙවිය හැක. බොරුවක් කළත් හරියට කළ යුතුය.
2. අකුරු පැහැදිලිය, අත්සන් අපැහැදිලිය
3. මුද්‍රා නොමැත. රනිල් වික‍්‍රමසිංහ මහතා, අවුරුද්ද වෙසක් මංගල්‍යයට එවන සුබ පැතුම් පතේ කවරයේ පවා නිල මුද්‍රාව ඇත.
හොඳින් බැලූවොත් තව වැරැුදි සෙවිය හැක. බොරුවක් කළත් හරියට කළ යුතුය.
ලැජ්ජයි ඩිල්ෂාන්.........
දේශපාලනයෙන් තොර කී‍්‍රඩා ලෝලියෙක්
ලෙස ලියමි. අප පක්ෂ පාට භේදයකින් තොරව ඔබට සුබ පැතුවෙමු. ඔබ ඩිල් ස්කූප්
පහර එල්ල කරන තෙක් අප බලා සිටින්නෙමු. ඔබේ පන්දු යැවීමට අපි ආදරය කළෙමු.
කණ්ඩායමේ සිටි වයස්ගතම කී‍්‍රඩකයා ඔබය. මැතිව්ස් ට අනුව නාකි වැඞ්ඩාය.
වැඞ්ඩාගේ පන්දු රැුකීම අනර්ඝය. අපටනම් ඔබ ලොව සිටින හොඳම පන්දු රකින්නාය.
ඔබ අතට පන්දුව එනතෙක් ඔබට වඩා අපි බලා සිටින්නෙමු. ඒ රැුක ගත නොහැකි උඩ
පන්දු ඔබ රැුක ගන්නා බැවිනි. අන් අයට වඩා විදුලි වේගයෙන්, පන්දුව වෙත පැමිණ
පිතිකරුවන් දුවද්දි දැවී යෑම්වලට හසු කරගන්නා බැවිනි. ඔබ දේශපාලකයෙකුගේ
මැතිවරණ ප‍්‍රචාරක දැන්වීමකට පෙනීසිටිතැයි අප කෙදිනකවත් සිතුවේ නැත. එසේ
කිරීමට ඔබට කිසිදු අවශ්‍යතාවයක් ඇතැයි ද නොසිතමු. ඔබ මහින්ද රාජපක්ෂ මහතාට
ඡුන්දය ලබාදුන්නත් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ඡුන්දය දුන්නත් අපට කම් නැත. ඒ
ඔබේ අයිතියයි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍ර‍්‍රඩා කරන කාලයක එවැනි
දැන්වීමක පෙනි සිටීම අපි තරයේ හෙළා දකින්නෙමු. එසේ කළේ ඇයි ද යන්න දන්නේ ඔබ
පමණි. මා මෙතෙක් දැක්කේ ඔබේ දැන්වීම පමණි. තවත් කි‍්‍රකට් කී‍්‍රඩකයකු ගැන
මෙසේ ලියන්නට නොවේවායි පතමි. මහත් පසුතැවීමකින් මෙය ලියමි. අප ඔබට
අත්පුඩිගැසුවේ, මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්වීම්වල හෝ වෙනත් දේශපාලන
කි‍්‍රයාවක නිරතවනවාට නොව, අපි සැවොම ආදරය කරන කි‍්‍රකට් කණ්ඩායමේ සිටි
කි‍්‍රකට් කී‍්‍රඩකයකු වීම නිසාය. ඔබේ කණ්ඩායමේ නායකයා ලෙස පත් වූ විට,
විලාසිතවලින් ඈත් වී සරල කී‍්‍රඩකයකු වීමට ඔබගත් තීරණයට අපි මහත් ගරු
කරන්නෙමු. එවැනි ඔබගෙන් අපි මෙවැන්නක් බලාපොරොත්තු නොවූයෙමු. කණ්ඩායමේ
නායකත්වය ලබාගෙන, තුවාල ලැබූ ඇඟිල්ලක් පැලැස්තර ඔතාගෙන ලෝඞ්ස් පිටියේ ඔබ
රැුස්කළ ලකුණු 193 අපට තවමත් මතකය. එවැනි කැපකිරීමක් කළ කී‍්‍රඩකයකුගේ අපි
මෙවැන්නක් බලාපොරොත්තු වූවා යැයි සිතනවා නම්, ඒ ඔබ වැරැුදිලාය. නැවතත්
නැවතත් කියන්නට ඇත්තේ ඔබ කාට ඡුන්දය දුන්නද අපට කම් නැත. කී‍්‍රඩාවෙන්
විශ‍්‍රාම ගොස් දේශපාලනයට පිවිසියද අපට කම් නැත. එවැනි අවධියක දේශපාලන
දැන්වීමකට පෙනිසිටියද අපට කම් නැත. එහෙත් ඔබ ලෝක කුසලානයක් පෙනෙන මානයේ මේ
කළ දෙය නම් වාවන්නේ නැත. මා ඔබේ දැන්වීම දුටුවේ ඊයේ (2014.12.21*
රාතී‍්‍රයේය. එතැන් පටන් මේ සටහන ලියන තෙක්, මහත් ආවේගයෙන් සහ නොඉවසිල්ලෙන්
සිටියෙමි. මා දන්නා දෙයකි. ඉහත හැඟීම් දෙකෙන්ම කිසිවකුටත් පලක් නැත.
ලියන්නට බොහෝ සිතා සිටියද දැන් මතක නැත. අවසානයේ ඇත්තේ මහත් පශ්චාත්
තාපයකි. අපි ඔබට අසිමිතව ආදරය කළෙමු. පක්ෂ පාටවලට භෙදී සියල්ලොම් දේශපාලනයෝ
නිරතවෙති. නමුත් ඒ සියල්ලෝම එක්වෙන තැනකි. ඒ ඔබ සිටින මෙරට කි‍්‍රකට්
කණ්ඩායමය. ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමය. අපි සැවොම ඔබ සමඟ සිටියෙමු.
අවසානයේදී ඔබත් දේශපාලන ගොදුරක් වී ඇත. අප දන්නේ නැත. එහෙත් කියන්නට ඇත්තේ
අපි පක්ෂ පාට භේදයකින් තොර ආදරය කළ, ශ්‍රී ලංකාවේ අභිමානය, සමඟිය, මෙරට
සියලූ හොඳ යහපත් සියල්ල ලොවට පෙන්වීමට තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම පාවාදුන්
බවය.
හර්ෂණ තුෂාර සිල්වා
2014.12.22
2014.12.22
Wednesday, December 17, 2014
දරුවන්ට පොත්පත්වලට ඔච්චර බය ඇයි
ත‍්‍රස්තවාදයට හිත්පිත් නැත්තේ
සේම දේශපාලනයේදී ද එය එසේය. දේශපාලකයෝ පොත්පත්වලට ශිෂ්‍යන්ට පෑනට පැන්සලට
බියය. ඔවුහූ අධ්‍යාපනය ආරක්ෂා කිරීමට සටන් වඳිනවා වෙනුවට එය වනසා දමති.
ත‍්‍රස්තවාදීහූ පාසල්වලට බියය. පොත්පත්වලට පෑන් පැන්සල්වලට බියය. ඒ
ආකාරයෙන් ගත් විට නූගත් දේශපාලකයන් හා ත‍්‍රස්තයන් අතර වෙනසක් නැත. ඔවුහූ
උගතුන් බිහිවනවාට අකමැතිය. බුද්ධිමතුන් බිහිවනවාට බියය. අධ්‍යාපන අයිතිය
නැති කර දමති. පොත් පත් විනාශ කර දමති. පත්තර කන්තෝරුවලට ගිනි තියති. ඉගෙන
ගැනීමට ඇති සම්පත් විනාශ කර දමති. දරුවන්ගේ අධ්‍යාපනය අයිතිය විනාශ කර
දමති. මුස්ලිම් වැසියෝ ත‍්‍රස්තවාදීන් නොවෙති. දෙමළ වැසියෝ ත‍්‍රස්තවාදීන්
නොවෙති. බෞද්ධයෝ ත‍්‍රස්තවාදීන් නොවෙති. කි‍්‍රස්තියානි කතෝලික කිසිවෙක්
ත‍්‍රස්තවාදීහූ නොවෙති. තුවක්කු අතට ගත්තෝද එපමණින් ත‍්‍රස්තවාදීහූ නොවෙති.
එහෙනම් ත‍්‍රස්තවාදීහූ කවරහුද? ඔවුහූ අධ්‍යාපනය විනාශ කර දමන්නෝය.
අධ්‍යාපනය විනාශ කර දමන්නෝ කවරහුද ඔවුහූ ත‍්‍රස්තවාදීහුය. පාසල් විනාශ කර
දමන්නෝය. දරුවන්ගේ අධ්‍යාපන අයිතිය විනාශ කර දමන්නෝය. අධ්‍යාපනය ලැබීමට ඇති
සම්පත් විනාශ කර දමන්නෝය.
Image Courtesy AFP news agency (Agence France-Presse)
සැමට අධ්‍යාපනය
දේශපාලකයෝ ත‍්‍රස්තවාදයට උඩ ගෙඩ දෙති. අධ්‍යාපනය
වනසන්නට මැරයන් ත‍්‍රස්තවාදීන් යොදවති. ඒ ඔවුහූ අධ්‍යාපනයට බිය නිසාය.
බුද්ධිමතුන් බිහිවනවාට බිය නිසාය. පොත්පත්වලට බිය නිසාය. ලොව බොහෝ රටවල,
එසේ අවශ්‍ය නැත, මෙරට දරුවන්ගේ අධ්‍යාපනය අයිතිය සුරක්ෂිත වී නැත. දරුවන්ට
අවශ්‍ය අධ්‍යාපනික පහසුකම් ලැබෙන්නේ නැත. පාසල් නොයන දරුවන් සංඛ්‍යාව අති
විශාලය. පාසල් වැසෙන ප‍්‍රමාණය වැඩිය. අධ්‍යාපනය කප්පාදු කරයි. බුදුරදුන්ට
බොහෝ දෙනා විරුද්ධ වූහ. කි‍්‍රස්තුස් වහන්සේට බොහෝ දෙනා විරුද්ධ වූහ,
මහම්මද්තුමාට බොහෝ දෙනා විරුද්ධ වූහ. මහත්මා ගාන්ධිට බොහෝ දෙනා විරුද්ධ
වූහ. මැන්ඩෙලාට බොහෝ දෙනා විරුද්ධ වූහ. මෙරට බිහි වූ අති පූජනීය
භික්ෂූන්වහන්සේලාට, ශ්‍රේෂ්ඨ පූජක උතුමන්වහන්සේලාට පිටරැුටියෝ විරුද්ධ වූහ,
තී‍්‍රමාට විතාරණට බොහෝ දෙනා විරුද්ධ වූහ, කයිලේෂ් සත්‍යාර්තීට බොහෝ දෙනා
විරුද්ධ වූහ. ඒ ඔවූහූ අධ්‍යාපනයට බිය නිසාය. අවසානයේ ඔවූහූ මලාලාට වෙඩි
තැබූහ. එතැනින් නොනැවැතුණ ඔවූහූ පාසල් දරුවෝ ඝාතනය කළහ. ඔවූහූ අප සොයා එති.
අධ්‍යාපන ඝාතකයෝ අප සොයා එති. ඔවූහූ අධ්‍යාපනයට බියය. එක්වෙන්න, සැමට
අධ්‍යාපනය ලබාගන්නට එක්වෙමු. එය ඔබාමාගේ දියණිවරුන්ගේ සිට අල් බැග්ඩෑඩි
දියණිවරුන්ට ද ලැබිය යුතුය. නාමල් රාජපක්ෂගේ සිට උතුරේ සිටින සෑම දරුවෙකුටම
ලැබිය යුතුය. එය මහා භාරතයේ කේරළයේ, තමිල්නාඩුවේ සිට ජම්මු කාශ්මීරයේ
සිටින දරුවන්ට ද ලැබිය යුතුය. පාකිස්තා ඇෆ්ගනිස්තාන ස්වාත් මිටියාවතේ
දරුවන්ට ද ලැබිය යුතුය. අපි‍්‍රකානු දරුවන්ට ද ලැබිය යුතුය. දරුවන්
සිටින්නේ කොහිද ඔවුන්ට අධ්‍යාපනය ලැබිය යුතුය.
Image Courtesy https://www.facebook.com/AFPnewsenglish
Friday, December 12, 2014
ලංගම
අද කොළඹ දෙසට ලංගම බස් රැුසක් එනු දැකීම නුපුරුදු දසුනක් විය. සාමාන්‍යයෙන් එසේ ලංගම බස් පැමිණෙන්නේ නැත. මම සාමාන්‍යයෙන් කාර්යාලයට පැමිණෙද්දී ලංගම බස් රථවල පැමිණෙන්නේ නැත. මක්නිසාදයත්, ලංගම බස්රථ ගෑස්පහ හරහා යන බැවිනි. එසේ වූ විට මට 138 හෝ 101 බස් රථයකට ගොඩවීමට බොහෝ දුරක් පයින් ඇවිද යෑමට සිදුවේ. එහෙයින් මම කාර්යාලයට පැමිණෙද්දී ලංගම බස්රථවලට ගොඩවන්නේ නැත. එහෙත් කාර්යාලයට පැමිණීමට පෙර පෑලියගොඩට යෑමේ අවශ්‍යතාවයක් තිබූ හෙයින්, මම නිකමට පැමිණි ලංගම බස්රථයකට ගොඩවූයෙමි. එම බස්රථය මට්ටක්කුලිය ඩිපෝවට අයත් එන්. ඒ 2939 අංකය දරන බස් රථයයි. එය මාර්ග අංක 57 යනුවෙන් සඳහන් කර තිබිණි. සාමාන්‍යයෙන් දුර සේවා බස්රථවල මාර්ග අංකය ආදිය ස්ථීර ලෙස සඳහන් කර තිබුණද මෙම බස් රථයේ එය සඳහන් කර තිබුණේ තාවකාලික එකකි. දේශපාලන පිටිය කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කාලය ගත කරන හෙයින්, එක්වරම මට සිහියට නැගුණේ මෙය දේශපාලන රැුළියකට ජනතාව ගෙනගිය බස් රථයක් වන්නට ඇති බවයි. සියලූ සිදුවීම් ගලපා බැලූවිට එම බස් රථය දේශපාලන රැුස්වීමකට ජනතාව ගෙනගිය බස්රථයක් බව උපකල්පනය කළ හැක. එසේ නොවන්නට ද පුලූවන. කෙසේ වුවත් අනුරාධපුරයේ පැවැති ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මංගල රැුස්වීමට ලංගම බස් රථ යොදාගත් බව දැන් දැන් ආරංචි වේ. එය ද කමක් නැත. සංවේදි කරුණ බොහෝ ප‍්‍රදේශවල, පෞද්ගලික බස්රථ නොමැති ප‍්‍රදේශවල, ඇතුළුව, සාමාන්‍ය පෙළ සිසුනට විභාග මධ්‍යස්ථාන වෙත යාමට බස් රථ නොතිබූ බව වාර්තා වේ. මෙය සිදු නොවිය යුත්තකි. ශිෂ්‍යයකු වශයෙන් මෙය දැඩි ලෙස හෙළා දකිමි. අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. මෙරට දේශපාලකයන් රටේ අනාගතය වන දරුවන්ට කළ දේවල් ගැන පම්පෝරි ගසති. එවැනි පම්පෝරිවල තරම මෙවැනි සිදුවීම්වලින් මොනවට පැහැදිලි වෙයි. මෙවැනි කි‍්‍රයා ඉදිරියේදී සිදු නොවිය යුතුයි. කවුරු ජනපති වුවත් මෙවැනි දේවල් සිදුනොවිය යුතුයි. අපට අවශ්‍ය වනුයේ ප‍්‍රතිපත්තිමය වෙනසකි. බලාපොරොත්තු වූ පරිදි මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉටු නොවුණි. බලමු ඉදිරියේදී කුමක් වේවිද කියා. මා පෑලියගොඩට පැමිණි බස්රථය, දේශපාලන රැුස්වීමකට ජනතාව ගෙන ගියා නම්, එම බස්රථය සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින දරුවකුට පාසලකට යෑමට තිබූ එකම බස්රථය, එම දරුවා ගමන් ගන්නා මාර්ගයේ ධාවනය වන බස් රථය නොවේ යැයි කීමට හැක්කේ කාටද? බස්නාහිර පළාතේ ද එවැනි මාර්ග ඕනෑ තරම් සොයා ගත හැකිය.
එම බස් රථය දේශපාලන රැුස්වීමකට ජනතාව ගෙන ගිය බවට උපකල්පනය කිරීමට හේතු.
1. බස් රථය මට්ටක්කුලිය ඩිපෝවට අයත් වීම.
2. දුර සේවා බස් රථයක් ලෙස ධාවනය වුවද, එවැනි බස් රථයක පෙන්විය නගරාන්තරවල නම් නොපෙන්වා තිබීම.
3. කොන්දොස්තර මහතා, පෑලියගොඩට අය කරන මුදල නොදැන සිටීම.
4. බස් රථයේ රියදුරු මහතා අසළ ඇඳුම් දැමු පොලිතින් බෑග් දෙකක් තිබීම,
එම බස් රථය දේශපාලන රැුස්වීමකට ජනතාව ගෙන ගිය බවට උපකල්පනය කිරීමට හේතු.
1. බස් රථය මට්ටක්කුලිය ඩිපෝවට අයත් වීම.
2. දුර සේවා බස් රථයක් ලෙස ධාවනය වුවද, එවැනි බස් රථයක පෙන්විය නගරාන්තරවල නම් නොපෙන්වා තිබීම.
3. කොන්දොස්තර මහතා, පෑලියගොඩට අය කරන මුදල නොදැන සිටීම.
4. බස් රථයේ රියදුරු මහතා අසළ ඇඳුම් දැමු පොලිතින් බෑග් දෙකක් තිබීම,
Wednesday, December 10, 2014
බෞද්ධද ? හින්දුද ?
මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෝදිගේ ඇඳුම ඇන්ඳා යැයි චෝදනාවක් එල්ලවෙමින් පවතී. එහි වැරැුද්දක් ඇති බව පෙනේ. ඇඳුමේ ඇඳීම නොව, එය කිරීම සම්බන්ධයෙනි. එම ඇඳුමේ කිසිදු වරදක් නැත. අද අපිට ඇති බොහෝ ඉන්දියාවෙන් ලැබුණු දෑය. එහෙත් වැදගත් කාරණාව එය නොවේ. ඡුන්දේ සටනේ මෛති‍්‍රපාල සිරිසේන මහතා නුවර යද්දී මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ යෑමය. එය නිල සංචාරයක් නොවේ. එහෙත් මෝදි එසේ ලංකාවට එන්නේ නැත. නිකම් බලා යන්නට කිය චීන ජනපතිවරයා හෝ මෙරට පැමිණෙන්නේ ද නැත. බෞද්ධ මහින්ද රාජපක්ෂ මහතා තිරුපති කෝවිල වන්දනාමාන කරන්න ගොස්ය. ලංකාවේ ඇති තරම් දේවල ඇත. එහෙත් ගැටලූව ඔහු හින්දු කෝවිලකට යෑමය. බෞද්ධ රජු කෝවිලට ගියාට කම් නැත. සමගිය එයයි. එහෙත් ජනපතිවරණයක් අස්සේ එහි යෑමය. ආගමික කටයුතුවලින් ඕනෑම කටයුත්තක ආරම්භ කිරීම මෙරට සෑම ආගමික මනුස්සයකුගේම ස්වභාවයයි. එය මුලින්ම තමන් අදහන ආගමය. ආගම්වාදයක් මෙහි නැත. කියන්නට බැරි තරම් අනුහස් ඇති දන්ත ධාතූන්වහන්සේ හෝ ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට තියා නිල සංචාරයකටත් මෝදි මෙහි පැමිණියේ නැත. චීන ජනපතිවරයා ඇවිත් දවසින් දෙකෙන් ගියේය. ජපාන අගමැතිවරයාද එසේය. අපේ රටේ මුල් පුරවැසියා එසේ කිරීම ඡුන්දය දුන් රටට කරන අගෞරවයකි. රටට කරන අගෞරවයකි. පළමුවත් දෙවැනුවත් තෙවැනුවත් තමාගේ රට යැයි කියන මහින්ද රාජපක්ෂ මහතාට තමාගේ ආගම වන බෞද්ධාගම දෙවැනි වූයේ ඇයි ?
Monday, December 8, 2014
සා.පෙ
හෙට ආරම්භ වන අධ්‍යයාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින නංගිලා මල්ලිලාට ඊට හොඳින් මුහුණ දීමට හැකි වේවාය ප‍්‍රාර්ථනා කරමි.
කෙසේ වුවද කාලයක සිට මෙරට ප‍්‍රධාන පෙළේ විභාග පැවැත්වෙන සමයන් හිදී මැතිවරණ පැවැත්වීම සුලබ කරුණක් වී ඇත. එහි හරි වැරැුද්ද තීරණය කිරීම ඔබ සතුව ඇති කර්තව්‍යයකි.
හෙටින් සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වෙයි. අද නාමයෝජනා බාරදුනි. සියලූ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින රටක අනාගත පරම්පරාව වන දරුවන්ගේ අධ්‍යයාපන අයිතිය උල්ලංඝණය කිරීමෙන් වළකින ලෙසයි. ශිෂ්‍යයකු වශයෙන් අප වෙත ලෝකයා අනුමත කර ඇති අධ්‍යාපන අයිතිය උල්ලංඝණය කිරීමෙන් වළකින ලෙසත්, හෙටින් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට බාධාවන අයුරින් කිසිදු මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක නොදෙයෙන ලෙසත්, අපිට හිමි අපට ලැබිය යුතු අධ්‍යාපනය නොලැබෙන තැනට වැඩ නොකරන මෙන් ආදරයෙන් පක්ෂ පාට භේදයෙන් තොරව, දේශපාලනයේ නියැලෙන මාමාලාගෙන් ඉල්ලා සිටිමු.
කෙසේ වුවද කාලයක සිට මෙරට ප‍්‍රධාන පෙළේ විභාග පැවැත්වෙන සමයන් හිදී මැතිවරණ පැවැත්වීම සුලබ කරුණක් වී ඇත. එහි හරි වැරැුද්ද තීරණය කිරීම ඔබ සතුව ඇති කර්තව්‍යයකි.
හෙටින් සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වෙයි. අද නාමයෝජනා බාරදුනි. සියලූ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින රටක අනාගත පරම්පරාව වන දරුවන්ගේ අධ්‍යයාපන අයිතිය උල්ලංඝණය කිරීමෙන් වළකින ලෙසයි. ශිෂ්‍යයකු වශයෙන් අප වෙත ලෝකයා අනුමත කර ඇති අධ්‍යාපන අයිතිය උල්ලංඝණය කිරීමෙන් වළකින ලෙසත්, හෙටින් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට බාධාවන අයුරින් කිසිදු මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක නොදෙයෙන ලෙසත්, අපිට හිමි අපට ලැබිය යුතු අධ්‍යාපනය නොලැබෙන තැනට වැඩ නොකරන මෙන් ආදරයෙන් පක්ෂ පාට භේදයෙන් තොරව, දේශපාලනයේ නියැලෙන මාමාලාගෙන් ඉල්ලා සිටිමු.
කඬේ යෑම
අද ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙන්ම, ඉතිහාසයේද ඉතිහාස ගතවන දිනයකි. නීතිවිරෝධි යැයි කියන, තෙවරක් බැරි ඒකවරකුත් මෙම මැතිවරණයේ නාම යෝජනා ලබාදුන් දිනයයි. මැතිවරණ කොමසාරිස්වරයා කියවූ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම ඉන් මද වේලාවකට පසු කඩ වන අයුරු තමා සිටින තැනින් ඉවතට පැමිණියා නම්, දෑසින්ම දැක ගැනීම හොඳින් දෑස් පෙනෙන අයෙකුට නොහැකි වන්නට කිසිදු හේතුවක් නැත. මෙරට දේශපාලනයේ කඬේ යෑම, පිල් මාරුව, පක්ෂ මාරු කිරීම ආදියට පැහැදිලි නිර්වචනයක් ලබාදීම අතිශ්‍ය දුෂ්කර කි‍්‍රයාවකි. සාමාන්‍යයෙන් බලන කළ වැරැුදි කරද්දි ඊට අනුබල දීම කඬේ යාමක් ලෙස දැක්විය හැකි. වැරැුදි කරන්නට අනුබල දීමක් ලෙස දැක්විය හැක. කලාකරුවන් යනු පවතින ක‍්‍රමය සමඟ ගමන් කරන්නන් නොව, එහි වැරැුදි වැරැුදි ලෙසත්, නිවැරැුදි දෙය නිවැරැුදි ලෙසත් දකින් පවතින ක‍්‍රමයට ප‍්‍රතිවිරුද්ධ එහෙත්, යෝග්‍ය හා වඩා පිරිසුදු ක‍්‍රමය සමඟ යන්නන් බව වරෙක ලෙනින් සඳහන් කළේය. එහෙත් මෙරට දේශපාලනයේදී නිවැරැුදි අවස්ථාවේ නිවරැුදි තීරණ ගන්නේ කවුදැයි තීරණය කිරීම සාමාන්‍ය ජනතාවට අතිශය දුෂ්කර කාර්යයකි. අධ්‍යාපන අයිතීන් නැති සැමට අධ්‍යාපනය නැති, තොරතුරු දැනගැනීමේ නිදහස අඩු රටවලින් අතරින් රටක් වන අපේ රටේ නිවැරැුදි තොරතුරු ජනතාවට ගලා යන්නේ අඩුවෙනි. එහෙයින් මෙරට සෑම පුරවැසියකුම අවශ්‍ය තොරතුරු දැනගෙනතැයි සිතීම එසේ සිතන්නා මුලාවට පත්කරන්නකි. අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම, සැමට අධ්‍යාපනය ලබාදීම, තොරතුරු දැනගනීමේ අයිතිය පක්ෂ පාට භේදයකින් තොරව සැමට තිබිය යුතුය. එය මහින්ද රාජපක්ෂ මහතා ජනපති ලෙස තේරි පත්වුණද, මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනපති ලෙස තේරීපත්වුවද සිදුවිය යුත්තකි.
ශ්‍රේෂ්ඨ ඇල්බට් අයින්ස්ටයින් වරෙක මෙසේ පැවසීය.
”ලෝකය අතිශ්‍ය භයානක තැනක. ඒ මක්නිසාදයත්, නරක මිනිසුන් කරන වැඩ නිසා නොව, ඒ දෙස බලා කිසිවක් නොකර සිටින හොඳ මිනිසුන් නිසාය.”
කඬේ යෑමට හොඳම නිදසුනකි..උපුටාගැනීමකි..ජායාරූප උපුටාගැනීම පහත ලින්ක් එකට පිවිසෙන්න...
https://www.facebook.com/NewYorkerCartoons/photos/a.237223479636271.67874.155328717825748/896777640347515/?type=1
ශ්‍රේෂ්ඨ ඇල්බට් අයින්ස්ටයින් වරෙක මෙසේ පැවසීය.
”ලෝකය අතිශ්‍ය භයානක තැනක. ඒ මක්නිසාදයත්, නරක මිනිසුන් කරන වැඩ නිසා නොව, ඒ දෙස බලා කිසිවක් නොකර සිටින හොඳ මිනිසුන් නිසාය.”
කඬේ යෑමට හොඳම නිදසුනකි..උපුටාගැනීමකි..ජායාරූප උපුටාගැනීම පහත ලින්ක් එකට පිවිසෙන්න...
https://www.facebook.com/NewYorkerCartoons/photos/a.237223479636271.67874.155328717825748/896777640347515/?type=1
Thursday, December 4, 2014
පාප්තුමෝ
ආගම් භේදයකින් තොරව වත්මන් ලෝකයේ සිටින ඉහළම සහ ප‍්‍රධානතම ශාස්තෘවරයා වනුයේ අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේය. එය ආගම් භේදයකින් හා කුහකත්වයකින් තොරව ප‍්‍රකාශ කළ යුතුයි. වත්මන් පාප්වහන්සේගේ කි‍්‍රයා කලාපය මුළු මහත් ලෝකයේම කතාබහට ලක්වී ඇත්තේ, එතුමෝ ලෝක සාමය උදෙසා නගන හඬ නිසා පමණක් නොව කතෝලික කි‍්‍රස්තියානි බෞද්ධාගමික හා ඉස්ලාම් ඇතුළු සෑම ආගමකම මනුෂ්‍යයන්ට දක්වන හා කරුණාව හේතුකරගෙනය. අති උතුම් පාප්තුමෝ ශ්‍රී ලංකාව සංචාරයක නිරත වීමට නියමිත අතර එය කතෝලික ජනතාවගේ මෙන්ම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සැවොම නොඉවසිල්ලෙන් බලා සිටින්නාක් මෙන්ම, එය ශ්‍රී ලාංකික පුරවැසියන් අප ලබන මහත් ගරුත්වයකි. එහෙත් මේ වනවිට උන්වහන්සේගේ මෙරට ආගමනය දේශපාලනීකරණය වී ඇති බවට මෙරටින් පමණක් නොව විදෙස් රටවලින්ද චෝදනා එල්ල වෙමින් පවතින අතර ජනපතිවරණයෙන් දින පහකට පසුව යෙදී ඇති උන්වහන්සේගේ මෙරට සංචාරය කල්දමන ලෙස බොහෝ පාර්ශව ඉල්ලා ඇත. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වතිකානය නිල ප‍්‍රකාශයක් සිදුකර නැත. යම්හෙයකින් උන්වහන්සේ නියමිත පරිදි හෝ පසුව හෝ මෙරට සංචාරය කළේ නැතිනම් එය අපේ පවකි. එහෙයින් එම පවට මෙරට දේශපාලකයෝ සියලූ දෙනා වගකිව යුතුය. ඔවුහු පක්ෂ භේදයකින් තොරව ඊට වගකිව යුතුය. අවසානයේ කිය යුතුව ඇත්තේ, පිරිසුදු ශුද්ධ සිංහලෙන් කියන්නේ නම්, පාප්තුමෝ මෙරටට නියමිත දින හෝ පසුව හෝ ශ්‍රී ලංකාවේ සංචාරය නොකළහොත් මෙරට සියලූ දේශපාලකයන්ට පක්ෂ භේදයකින් තොරව හෙණ ගැසිය යුතුය.
Tuesday, December 2, 2014
හිියුස් හා ලංකාවේ ෆියුස් යෑම
හෙට ශ්‍රී ලංකා එංගලන්ත තෙවැනි එක්දින කි‍්‍රකට් තරගය පැවැත්වීමට සියලූ කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. ඒ අතරම ලෝක කි‍්‍රකට් වංශ කතාවේ අංක 64..ෆිල් හියුස් ගේ අවමංගල්‍යයද පැවැත්වීමට සියලූ කටයුතු යොදා ඇත. හෙට කි‍්‍රකට් වංශකතාවේ ලියැවුණු ශෝකජනක දිනවලින් එකක් වනු ඇත. අමතක නොවන දිනයක් වනු ඇත. පිතිකරුවන් යොදා ගන්නා හිස් ආවරණ නිර්මාණයේදී මෙන්ම ඒ සම්බන්ධයෙන් කතා කරද්දි හෙට දිනය (2014-12-03) මෙන්ම ෆිල් හියුස් ද අමතක නොවනු ඇත. ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතා කරනු ඇත. කෙසේ වෙතත් පුවත් සේවා වාර්තාවලට අනුව හෙට කිසිදු කි‍්‍රකට් තරගයක් නොපැවැත්වෙන බව වාර්තා වේ. ෆිල් හියුස්ගේ වියෝව නිසා පැවැත්වෙමින් තිබූ නවසීලන්ත පාකිස්තාන ටෙස්ට් තරගයේ එක් දිනයක් අතහැර දැමීම දෙරටේ කි‍්‍රකට් කී‍්‍රඩකයෝ මෙන්ම පාලකයෝ ද ඒකමතිකව කටයුතු කළහ. කෙසේ වෙතත් හෙට පැවැත්වෙන එකම කි‍්‍රකට් තරගය ශ්‍රී ලංකා එංගලන්ත කි‍්‍රකට් තරගය වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. අතිරේක දිනයක් ද ඇති බැවින් ෆිල් හියුස් වෙනුවෙන් හෙට තරගයක් කල් දැමීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් බලධාරීන්ට ඕනෑ තරම් ඉඩකඩ හැකියාව ඇත. එහෙත් එසේ සිදු කරන්නට වත් මෙරට කිසිවකුට වුවමනාවක් නැද්ද. එසේ කළා යැයි එංගලන්තයෙන් හෝ අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයෙන් විරෝධයක් එල්ල වන්නේ ද නැත. බොහෝ දුරට හෙට ලොවම කි‍්‍රකට් නොගසා ලංකාවේ පමණක් කි‍්‍රකට් ගසනු ඇත.
Monday, December 1, 2014
විධායකය
අපේ රටේ කලින් කලට විවිධ නායකයෝ සහ පියවරු බිහි වූහ. බත්දුන් පියා, නිදහසේ පියා, අධ්‍යාපනයේ පියා, බොදු පුනරුදයේ පියා, ලෝක කුසලානය දිනූ නායකයා, යුද්ධය දිනූ නායකයා, යුද්ධයට නායකත්වය දුන් නායකයා, සේනාධිපති ආදී නොයෙක් පියවරු සහ නායකයෝ වූහ. එහෙයින් දැන් තවත් නායකයෙක් අවශ්‍ය වී තිබේ. එයට මෛතී‍්‍රපාල සිරිසේන මහතාට වැඩි අවස්ථාවක් උදා වී ඇති බව වර්තමානයේදී සිදුවෙමින් පවතින සිදුවීම් සමඟ සසඳා බැලීමේදී උපකල්පනයකට එළැඹිය හැක. ඒ අනුව විධායක නැවත්වූ නායකයා වීමට ඔහුට අවස්ථාවක් උදා වී ඇත. බලමු අතට ගත් දේ ඔහු කටට දා ගනිවිද කියා.
Monday, November 10, 2014
සිහිනය
ශ්‍රී ලංකාව නැවත වතාවක් ඉන්දියාවේදී අසාර්ථක විය. මෙම තරගාවලිය 3x2 ක් ලෙස අවසන් කරන්නේ නම් හොඳය. එහෙත් අතීතය ඊට හාත්පසින්ම වෙනස්ය. අපි මෙතෙක් ඉන්දියාවේ දී තරගාවලියක් ජයග‍්‍රහණය කිරීමට අපොහොසත් වීමු. කෙසේවෙතත් ඉන්දියාව ඉන්දියාවේදී පරාජය කිරීම යනු දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩකි. ලෝක කුසලාන තරගාවලිවල සුපිරිතම කණ්ඩායම වන ඕස්ටේ‍්‍රලියානු පිලද ඉන්දියාවේ පැවැති පන්දුවාර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව හමුවේ පරාජයට පත්විය. ඉන්දියාව ඉන්දියාවේදී පරාජය කළ හැකි නම් කණ්ඩායමක් වේ නම් ඒ පාකිස්තාන කණ්ඩායමයි. මක්නිසාදයත් ඔවුන් කී‍්‍රඩාව පමණක් මුල් කරගෙන ඉන්දියාවට නොපැමිණෙන නිසාය. දේශපාලනය ආදී එකී නොකී සාධක රැුසක් මුල් කරගෙන ඉන්දියාව හා පාකිස්තාන අතර තරග පැවැත්වෙයි. අන් කණ්ඩායමක් ඉන්දියාවේදී ඉන්දියාව සමඟ මුහුණ දෙයිද එම කණ්ඩායමටද කි‍්‍රකට් පිටියේදී ඉන්දීය කී‍්‍රඩකයනගෙන් එල්ල වන පීඩනයට අමතරව බාහිරින් පේ‍්‍රක්ෂකයන්ගෙන්ද පීඩනයක් එල්ල වෙයි. ඊට අමතරව බාහිර සාධක බොහෝය. අත්දැකීම් ඇත. 1996 ලෝක කුසලාන තරගාවලියේදී අපේ කණ්ඩායමට එල්ල වූ ගල් මුල් ප‍්‍රහාර.
කෙසේ නමුදු මෙම තරගාවලියට අප එක්වන්නේ කරමින් සිටි පුහුණුවීම් අතරමග නවතා දමාය. කරන දෙයක් නවතා තව දෙයකට යොමුවීම අල්ලපු අත්තත් පය ගහපු අත්තත් යන දෙකම නැතිවන කි‍්‍රයාවකි. පෙර සූදානමක් නැති කිසිවක් සාර්ථාක නොවන කි‍්‍රකට් කී‍්‍රඩාවට පමණක් නොව බොහෝ දේවලට පොදුය.
මෙම තරගාවලියට පෙර අප කණ්ඩායම හොඳ මානසික්තවයක ජයග‍්‍රාහී තරග රටාවක සිටි බව නොරහසකි. හොඳ සූදානමකින් ඉන්දියාවේ තරග සංචාරයක යෙදුණේ නම් ඉතිහාස වාර්තාව වෙනස් වන්නට බොහෝ දුරට ඉඩකඩ තිබිණි.
අපේ කී‍්‍රඩකයන් අයි.පී.එල් එන්න කීවා නම් යනවා යනු වෙනම කතාවකි. අපි සාමාන්‍යයෙන් යෙදෙන වෘත්තියට අමතරව දවසක නොසිතන මුදලක් ගෙවන දෙයකට අපි යොමුවන්නේ නිරායාසයෙනි. ඒ අපේ මුදල් අවශ්‍යතවාය නිසාය. එය අප කරන්නේ අපේ ස්ථීර වෘත්තිය අත්හැර දමා නොව එය කරන අතරතුරය. අයි.පි.එල් හා ජාතික කණ්ඩායමට කී‍්‍රඩා කිරීම යන්න ද ඒ හා සමානය.
කෙසේ නමුදු මෙම තරගාවලියට අප එක්වන්නේ කරමින් සිටි පුහුණුවීම් අතරමග නවතා දමාය. කරන දෙයක් නවතා තව දෙයකට යොමුවීම අල්ලපු අත්තත් පය ගහපු අත්තත් යන දෙකම නැතිවන කි‍්‍රයාවකි. පෙර සූදානමක් නැති කිසිවක් සාර්ථාක නොවන කි‍්‍රකට් කී‍්‍රඩාවට පමණක් නොව බොහෝ දේවලට පොදුය.
මෙම තරගාවලියට පෙර අප කණ්ඩායම හොඳ මානසික්තවයක ජයග‍්‍රාහී තරග රටාවක සිටි බව නොරහසකි. හොඳ සූදානමකින් ඉන්දියාවේ තරග සංචාරයක යෙදුණේ නම් ඉතිහාස වාර්තාව වෙනස් වන්නට බොහෝ දුරට ඉඩකඩ තිබිණි.
අපේ කී‍්‍රඩකයන් අයි.පී.එල් එන්න කීවා නම් යනවා යනු වෙනම කතාවකි. අපි සාමාන්‍යයෙන් යෙදෙන වෘත්තියට අමතරව දවසක නොසිතන මුදලක් ගෙවන දෙයකට අපි යොමුවන්නේ නිරායාසයෙනි. ඒ අපේ මුදල් අවශ්‍යතවාය නිසාය. එය අප කරන්නේ අපේ ස්ථීර වෘත්තිය අත්හැර දමා නොව එය කරන අතරතුරය. අයි.පි.එල් හා ජාතික කණ්ඩායමට කී‍්‍රඩා කිරීම යන්න ද ඒ හා සමානය.
Thursday, November 6, 2014
තුන්වෙනි පාර
අපේ ජනපති මහින්ද මහත්තයාට තුන්පාරක් බැහැ කියලා ගොඩක් අය කැගහනවනේ.මම මේ බයේ ඉන්නේ අපේ ජනපති තුමාව අනුකරණය කරන කරලා තුන් වෙනිපාර මාත් ඉල්ලනවා කියයි කියලා. මොකද ගොඩක් ජනපතිවරු අපේ ජනපති තුමාව අනුකරණය කරනවානේ. හැබැයි මේ මධ්‍යවාර ජන්දේ නම් ඔබාමගේ පක්ෂේ පරාදයි. අපේ ජනපතිතුමාගේ කට්ටිය යුද්දේ දින්නා කියනවා වගේ ඔබාමගේ කට්ටිය අපි බින් ලාඩන් මැරුවා කිව්වානම් ජන්දේ දිනන්න තිබ්බා..නැද්ද මං කියන්නේ.........
Tuesday, November 4, 2014
ආගම හා දර්ශනය
අන්නතාවදයආගම් ජනතාවට අබිං වැනිය (ආගම ජනතාවගේ අබිං ය *. අ කාල් මාක්ස් එසේ පැවසීය. බිං යන්න මත්වන්නට ගන්නකි. ඇත්තෙන්ම කිවහොත් වර්තමානයේ බොහෝ දෙනා ආගම් ලෙස හඳුනාගෙන ආගම් නොව මිත්‍යාවයි. එය බුදුදහම, ඉස්ලාම්දහම, කි‍්‍රස්තියානි දහම, හින්දුආගම ආදී එකි මෙකී නොකී සෑම ආගමකටය පොදුය. මට වැටහෙන දෙය නම් ආගම අන්තවාදයට මග පාදයි. ආගම් අදහන්නේ මනසින් බලා නොව දෙමාපියන්ගෙන් දායාද වීම, කෙනෙකුගෙන් මාර්ගයේ යෑම, ආදී කරුණු මතය. එනම්, මනසින් බලා හෝ වටහාගෙන නොව යන්නන් වාලේය. කොටින්ම කිවහොත් අන්ධ භක්තියයි. එහෙත් දර්ශනය ඊට හාත්පසින්ම වෙනස්ය. දර්ශනය යන්න කෙනෙකු හදාරයි. සත්‍ය වටහාගනී. මනසින් විචාළයි. තමා විසින්ම අවබෝධ කරගනී. මා වටහාගත් දෙය නම් එයයි. එය බෞද්ධ දර්ශනයට , ඉස්ලාම්, කිතු ආදී සියල්ලටම පොදු යැයි සිතමි. මෑතකදී කියවූ පොතක සඳහන් වූයේ, වර්තමානයේ බොහෝ දෙනා ඉස්ලාම් යනුවෙන් අදහන්නේ, වැරැුදි ඉගැන්වීම් බවය. එය ඉස්ලාම් දහමට පමණක් නොව සෑම ආගමකටම පොදු තත්ත්වයකි. ආගම්වලට පමණක් නොව සමාජයේ අප කරන කියන දේ ද ටද උරුම වී ඇත්තේ ඒ තත්ත්වයයි.
මහ රජ දුටුගැමුණු
මට මේ ආශ්චර්යවත් මිනිසා මේ සසරේ කො තැනක දී හෝ මුණ ගැසී ඇතිවාට සැකයක් නැත.
එය භ‍්‍රාන්තියක් හෝ චිත්තාවේගයක් වඩාත් තද පැහැති වර්ණා වලියකින් ඇඳ දැක්වීමක් හෝ නො වේ.
සසර වූකලි කිසි ම තේරුමක් නැති ගමනකි. එහෙත්, කිසි ම තේරුමක් නැති නිසාම එය විශාල තේරුමක් අත් කොටගෙන සිටියි. සමහර විට එය තේරුම්ගැනීමේ අප ගේ සංසාර වයස තව ම මුහුකුරා නැතිවා වන්නට පිළිවන.
අප එසේ වූවාට වටහාගත්තෝ සිටියහ. ඔවූහූ අපට මඟ පෙන්වමින් අප පසුකොට ගියහ. ඒ උතුමන් අපට පෙන්වා දුන් මාර්ගයම අප ගේ ගුරුවරයා වෙයි. තක්සලාව වෙයි.
එහෙත්, තක්සලාවන් අහසේ නිර්මාණය වන්නේ නැත. එය ඒ සඳහා භූමියක් පාදක කොටගනී (භූමිය යනු ද අප සියල්ලන් ගේම කර්මවල නිර්මාණයකි*.
ප‍්‍රඥාවන්ත මිනිසා යනු ඒ භූමියේ රස පස උලාකන්නෙක් නොවේ. ඔහුට එය වැදගත් වන්නේ සෙසු මිනිසා වෙනුවෙන් ද ප‍්‍රඥාලෝකය පතුරවාලීමට ඔහුගේ භෞතික ශරීරය පෝෂණය කරන ස්ථානය වශයෙනි. ඒ සඳහා ඔහු ගේ මානසික ශරීරය පෝෂණය කරන සංස්කෘතික ස්ථානය ද වශයෙනි.
ඔහුට එය අහිමි කිරීම ඔහු අත තිබෙන, ධර්ම ග‍්‍රන්ථය උදුරා ගැනීමකි. භාවනා කරන මිනිසාට පහර දී පලවාහැරීමක් වැන්නකි.
කවර මුහුණුවරකින් පැමිණියද ආක‍්‍රමණිකයා කළේ ඒ ටික ය.
ඒ ආක‍්‍රමණිකයාට එරෙහිව නැඟීසිටි වීරයෝ අපට ඉතිහාසය මුළුල්ලේ මුණ ගැසෙති. එහෙත් ඉතිහාසයේ අරුණෝදය දීම මුණ ගැසෙන ඉතා ම සූක්ෂ්ම ආක‍්‍රමණිකයාට පරාජය නොවන සැටි යුදමය වශයෙන් පමණක් නොව දාර්ශනික වශයෙන් ද අවබෝධ කොටගෙන සිටි වීරයා ඔහුය.
එය භ‍්‍රාන්තියක් හෝ චිත්තාවේගයක් වඩාත් තද පැහැති වර්ණා වලියකින් ඇඳ දැක්වීමක් හෝ නො වේ.
සසර වූකලි කිසි ම තේරුමක් නැති ගමනකි. එහෙත්, කිසි ම තේරුමක් නැති නිසාම එය විශාල තේරුමක් අත් කොටගෙන සිටියි. සමහර විට එය තේරුම්ගැනීමේ අප ගේ සංසාර වයස තව ම මුහුකුරා නැතිවා වන්නට පිළිවන.
අප එසේ වූවාට වටහාගත්තෝ සිටියහ. ඔවූහූ අපට මඟ පෙන්වමින් අප පසුකොට ගියහ. ඒ උතුමන් අපට පෙන්වා දුන් මාර්ගයම අප ගේ ගුරුවරයා වෙයි. තක්සලාව වෙයි.
එහෙත්, තක්සලාවන් අහසේ නිර්මාණය වන්නේ නැත. එය ඒ සඳහා භූමියක් පාදක කොටගනී (භූමිය යනු ද අප සියල්ලන් ගේම කර්මවල නිර්මාණයකි*.
ප‍්‍රඥාවන්ත මිනිසා යනු ඒ භූමියේ රස පස උලාකන්නෙක් නොවේ. ඔහුට එය වැදගත් වන්නේ සෙසු මිනිසා වෙනුවෙන් ද ප‍්‍රඥාලෝකය පතුරවාලීමට ඔහුගේ භෞතික ශරීරය පෝෂණය කරන ස්ථානය වශයෙනි. ඒ සඳහා ඔහු ගේ මානසික ශරීරය පෝෂණය කරන සංස්කෘතික ස්ථානය ද වශයෙනි.
ඔහුට එය අහිමි කිරීම ඔහු අත තිබෙන, ධර්ම ග‍්‍රන්ථය උදුරා ගැනීමකි. භාවනා කරන මිනිසාට පහර දී පලවාහැරීමක් වැන්නකි.
කවර මුහුණුවරකින් පැමිණියද ආක‍්‍රමණිකයා කළේ ඒ ටික ය.
ඒ ආක‍්‍රමණිකයාට එරෙහිව නැඟීසිටි වීරයෝ අපට ඉතිහාසය මුළුල්ලේ මුණ ගැසෙති. එහෙත් ඉතිහාසයේ අරුණෝදය දීම මුණ ගැසෙන ඉතා ම සූක්ෂ්ම ආක‍්‍රමණිකයාට පරාජය නොවන සැටි යුදමය වශයෙන් පමණක් නොව දාර්ශනික වශයෙන් ද අවබෝධ කොටගෙන සිටි වීරයා ඔහුය.
පෙරවදන
මහරජ ගැමුණු
ජයන්ත චන්ද්‍රසිරි
මහරජ ගැමුණු
ජයන්ත චන්ද්‍රසිරි
Monday, November 3, 2014
අභිමානය
මහේල ජයවර්ධන නම් සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයාගේ විවාහ සංවත්සරය පිළිබඳ පෝස්ටුවක් දැකීමෙන් පසු.................................
මහේල යුග දිවියට එළැඹුණේ කි‍්‍රකට් තරගාවලියක් අතරවාරයේදීය..ඒ ඉන්දීයාව සමඟ ඉන්දියාවේදීය. මගේ මතකය නිවැරැුදි නම්, එම ඉන්දීය සංචාරයද මෙවර ඉන්දීය සංචාරය මෙන්ම අර්බුදකාරී තරග සංචාරයක් වූ අතර, එහිදි කණ්ඩායමේ නායකත්වය පිළිබඳව ද ගැටලූ පැන නැගී තිබිණි. එම තරග සංචාරයට එක්දින තරග හතක් එක්කර තිබූ අතර, එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම තරග 6x1 ක් ලෙස ඉන්දීය කණ්ඩායම හමුවේ අන්ත පරාජයකට ලක්විය. මතකය නිවැරැුදි නම්, එම සංචාරයේ පළුම තරගයේදීද ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ ඉන්දීය කණ්ඩායම..එම තරගයේදීද ඔවුන් ලකුණු 350 පසුකළ අතර එකළ අපි 13 පහළ කි‍්‍රකට් පුහුණු වෙමින් සිටියෙමු.. තරගයේ තොරතුරු දැනගත්තේ අපි ලසන්ත සර්ගෙන්...
මතකය ආවර්ජනය කිරීමක් පමණි.....
සැ.යු. ඉන්දීයාව හා සැසඳීමේදී අපි කි‍්‍රකට්වලින් බොහෝ ඉදිරියෙන් සිටින්නෙමු....කෝටි 2 ජනකායක් සිටින අපි, අරවින්ද, මාවන්, සචින්, මුරලි, මහේල, සංගක්කාර වැන්නෝ බොහෝමයක් බිහිකළෙමු...එහෙත් ඉන්දියාව, සචින් අවුරුදු 16 සිට 40 දක්වාම ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ අතර, එම තරගවල වැඩි ලකුණු ප‍්‍රමාණයක් රැුස්කළේද ඔහුය..තාක්ෂණය, මිල මුදල්, ජනගහනය, හා සැසඳීමේදි අපි ඉදිරියෙන් සිටිමු..පම්පෝරි ගැසීමක් නොව, දැනෙන දෙයකි. බොලිවුඞ් නළු අනිල් කපූර් විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා නොදන්නා නමුත්, අර්ජුන, අරවින්ද, මහේල, සංගක්කාර, මුරලි, සනත් දනී...අපේ අභිමානය. කයිවාරුකාරයන්ට වඩා ශ්‍රී ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩකයෝ රටට බොහෝ දේ දායාද කළහ..
මහේල යුග දිවියට එළැඹුණේ කි‍්‍රකට් තරගාවලියක් අතරවාරයේදීය..ඒ ඉන්දීයාව සමඟ ඉන්දියාවේදීය. මගේ මතකය නිවැරැුදි නම්, එම ඉන්දීය සංචාරයද මෙවර ඉන්දීය සංචාරය මෙන්ම අර්බුදකාරී තරග සංචාරයක් වූ අතර, එහිදි කණ්ඩායමේ නායකත්වය පිළිබඳව ද ගැටලූ පැන නැගී තිබිණි. එම තරග සංචාරයට එක්දින තරග හතක් එක්කර තිබූ අතර, එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම තරග 6x1 ක් ලෙස ඉන්දීය කණ්ඩායම හමුවේ අන්ත පරාජයකට ලක්විය. මතකය නිවැරැුදි නම්, එම සංචාරයේ පළුම තරගයේදීද ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ ඉන්දීය කණ්ඩායම..එම තරගයේදීද ඔවුන් ලකුණු 350 පසුකළ අතර එකළ අපි 13 පහළ කි‍්‍රකට් පුහුණු වෙමින් සිටියෙමු.. තරගයේ තොරතුරු දැනගත්තේ අපි ලසන්ත සර්ගෙන්...
මතකය ආවර්ජනය කිරීමක් පමණි.....
සැ.යු. ඉන්දීයාව හා සැසඳීමේදී අපි කි‍්‍රකට්වලින් බොහෝ ඉදිරියෙන් සිටින්නෙමු....කෝටි 2 ජනකායක් සිටින අපි, අරවින්ද, මාවන්, සචින්, මුරලි, මහේල, සංගක්කාර වැන්නෝ බොහෝමයක් බිහිකළෙමු...එහෙත් ඉන්දියාව, සචින් අවුරුදු 16 සිට 40 දක්වාම ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ අතර, එම තරගවල වැඩි ලකුණු ප‍්‍රමාණයක් රැුස්කළේද ඔහුය..තාක්ෂණය, මිල මුදල්, ජනගහනය, හා සැසඳීමේදි අපි ඉදිරියෙන් සිටිමු..පම්පෝරි ගැසීමක් නොව, දැනෙන දෙයකි. බොලිවුඞ් නළු අනිල් කපූර් විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා නොදන්නා නමුත්, අර්ජුන, අරවින්ද, මහේල, සංගක්කාර, මුරලි, සනත් දනී...අපේ අභිමානය. කයිවාරුකාරයන්ට වඩා ශ්‍රී ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩකයෝ රටට බොහෝ දේ දායාද කළහ..
Wednesday, October 29, 2014
නායයෑම
දැන් වෙන්න තිබූ සියල්ල සිදුවූ සියල්ල සිදු වී අවසන්වය. සිංහල දෙමළ මුස්ලිම් සැවොම නාය ගිහින්ය. දරුවන්ට දෙමාපියන් ද දෙමාපියන්ට දරුවන්ද අහිමි වී ඇත. කළ යුත්තේ අවතැන් වූවන්ට සහන ලබාදීමය. ඒවා ඡුන්ද ගුණ්ඩු නොවිය යුතුය. ආගම්බලා නොබෙදිය යුතුයි. පාසල් ගොස් ගෙදර පැමිණි දරුවන්ට ලැබිය යුතු අන්ත අවාසනාවන්ත, දුක්ඛිතම දෙය ලැබී ඇත. ඒ ගැන කියන්නට වචන නැත. ඒ තරම්, අය ශෝකජනකය. දෙමාපියන් ඇත්තෙකු ලෙස දරුවකු ලෙස, මා ඉල්ලා සිටින්නේ, දෙමාපියන් අහිමි දරුවන්ට අනාගතයක් සලසන ලෙසයි. එය අපේ සැවොගේම වගකීමකි. වැඩිහිටියන්ට කෙසේවෙතත් දරුවන්ට අනාගතයක් ඇත. අපි බලා සිටිමු. අපි බලය ඇත්තෝ නොවෙමු. එහෙත් බලය ඇත්තන් පත්කරන්නේ අපය. ළඟම ළඟම ඡුන්දයක් එයි. බලය ඇත්තෝ කුමක් කරාවිද? බලය නැත්තෝ අපි වෙමු. අපි කුමක් කරමුද?
Thursday, September 4, 2014
අම්මා
මොහොතකට පෙර සන්නස්ගලගේ ‘අම්මා’ කියවා නිම කළෙමි. සන්නස්ගල යනු මා හා එක් බත් බෙදා ගත් යහළු මිත‍්‍රයන්ගේ සිංහල ගුරුවරයායි. අපේ පරම්පරාව අගය කරන මනුස්සයෙකි. අපට පෙර පරම්පරා සන්නස්ගලට ගරහානවා මම අසා ඇත්තෙමි. ඔහු හොඳ නරක කියන්නට මම ඔහු ඇසුර නැත. සන්නස්ගලගේ ‘අම්මා’ එළි දක්වන දවසේ කේ.ඞී. ලාල්කන්තයන් කීවේ, මම සන්නස්ගලට එස්.එම්.එස් එකක් යැවුවා, ‘මම අඬනවා, උඹ ලියනවා’ යනුවෙනි. අවසානයේ ඔහු කීවේ පොත අවසන් වූ පසු ඇති පරච්ෙඡුදයට තම තමන්ගේ නම් දා ගත හැකි බවයි. සන්නස්ලගේ අම්මා කියවද්දි මම ද ඇඬුවෙමි. එමි මගේ අම්මාද එහි ජීවත් විය. මම ශිෂ්‍යත්ව සමත් වී ගිය, ඔළුව ලොකු කරගත් බණ්ඩාරනායක ද ජේදයක විය. එකඟ නොවන තැන් බොහෝය. එකඟ වන තැන් ද බොහෝය. සන්නස්ගලට ඔහුගේ අම්මා ද මට මගේ අම්මාද වීරවරියකි. මා වෙනුවෙන් ඊයේත් මගේ අම්මා දුක් වින්ඳාය...අදත් එසේමය...හෙටත් එසේය...මා උදේ නැගිටිද්දි තේ එක හදා තියයි.. බඩ කට පිරෙන්න හදයි...අම්මා කරන දේ ලියන්න මට වත්කමක් නැත....ඒවාට ණය ගෙවන්න මට කල්ප ප‍්‍රකෝටි ගණනක් ඉපදුනත් මදිය....මෙය ලියද්දි මගේ අත් වේවලයි....මා මේ ලියන දේ මගේ අම්මා දන්නේ නැත....ඇය වෙනුවෙන් මා කරන්නට සිතා සිටින දේවල් ඈ දන්නේද නැත...මට කරන්නට පුළුවන් දැයි මා දන්නේද නැත... මා හෙට ගෙදර ගොස් ගෝර්කිගේ අම්මා සිව්වැනි වතාවට කියවනු ඇරඹීමට කැමැත්තෙමි. තෙවරක් කියවූවද ඒ පොත් කියවීමේ ඇම්මට කියවූවා මිසක් තේරුමක් ඇති ව කියවූවක් නොවේ. හෙට අරඹමි....මගේ අම්මා අම්මා වන්නේ 88 දීය. ඒ මගේ අක්කා කළලයක් වන දා පටන්ය..එතැන් පටන් දුක් විඳියි. මට වචන පැටලෙයි...මා බොහෝ සංවේදී පුද්ගලයෙකි යැයි මගේ සමීපයෝ කියති...එය එසේම යැයි ද මම විශ්වාස කරමි..අම්මාද එය දනී..ඒ හෙයින්දෝ මේ ලියන ටිකේ අගක් මුලක් ද නැත. ලියන්නේ දුකෙනි..එය දුකක් නොව අම්මා කෙරෙහි ඇති ආදරයයි...සන්නස්ගල අම්මා එළිදක්වන්නට පෙර ඔහුගේ ලිපියක් රාවය පුවත්පතේ පළවිය...සන්නස්ගලගේ අම්මා ගෙන් පසු පරම්පරාවේ අම්මා ගැන ලිවීම අනාගත පුතෙකුගේ කාර්යයැකැයි කියා ඇත..ඒ වාසනාවන්ත පුත‍්‍රයා වීමට මම කැමැත්තෙමි..විශ්වාස කරමි...මතු උපදින ආත්මයක හෝ එය කිරීමට ඉටා ගතිමි....
කවදා කෙදිනක කවුරු කීවාද මට මතක නැත...ඔහු මෙසේ කීය...මම ප‍්‍රාර්ථනා කරනවා මගේ ළඟම කාන්තාවෝ හැමෝටම ලබන ආත්මයේ පිරිමි භවයක් ලැබෙන්න කියලා’ එදා පටන් අද දක්වා මම ඒ ප‍්‍රාර්ථනාව හැමදාම උදේට කරන්නේ තේරුමක් ඇතිවද නැතිවද කියන්න දන්නේ නෑ...ඒත මගේ අම්මා, මගේ යාළුවන්ගේ අම්මලා,....ගැන බැලූවාම ඒක එහෙම වෙනවනන් හොඳයි කියලා මම හිතනවා...
මම අද වෙනකං මගේ තාත්තා අඬනවා දැකලා තියෙන්නේ එකම එක දවසයි...ඒ මගේ ආච්චි...ඒ මගේ තාත්තා අම්මාගේ අවසන් කටයුතු කරපු දවසේ....
කවදා හෝ අම්මා ගැන අම්මලා ගැන ලියන්නට බලාපොරොත්තු වෙමි.......එය මගේ අම්මා ජීවත්ව සිටියදී,...ලියන්න හැකිවේවායි මම මට සුබ පතා ගනිමි.....
කවදා කෙදිනක කවුරු කීවාද මට මතක නැත...ඔහු මෙසේ කීය...මම ප‍්‍රාර්ථනා කරනවා මගේ ළඟම කාන්තාවෝ හැමෝටම ලබන ආත්මයේ පිරිමි භවයක් ලැබෙන්න කියලා’ එදා පටන් අද දක්වා මම ඒ ප‍්‍රාර්ථනාව හැමදාම උදේට කරන්නේ තේරුමක් ඇතිවද නැතිවද කියන්න දන්නේ නෑ...ඒත මගේ අම්මා, මගේ යාළුවන්ගේ අම්මලා,....ගැන බැලූවාම ඒක එහෙම වෙනවනන් හොඳයි කියලා මම හිතනවා...
මම අද වෙනකං මගේ තාත්තා අඬනවා දැකලා තියෙන්නේ එකම එක දවසයි...ඒ මගේ ආච්චි...ඒ මගේ තාත්තා අම්මාගේ අවසන් කටයුතු කරපු දවසේ....
කවදා හෝ අම්මා ගැන අම්මලා ගැන ලියන්නට බලාපොරොත්තු වෙමි.......එය මගේ අම්මා ජීවත්ව සිටියදී,...ලියන්න හැකිවේවායි මම මට සුබ පතා ගනිමි.....
Friday, May 2, 2014
Wednesday, April 30, 2014
මොන
රෙද්දක්ද මේක....ආගම් භේද හැමතැනම.....කී‍්‍රඩාව දේශපාලනය...මට ප‍්‍රශ්නේ
මේ හොඳට ඉගෙනගත්තු මිනිස්සුත් එක එකාට කඬේ යන එක..ඊයේ උන දේට කාහල නාදයලූ
හාමුදුරු නමක් කවුරු හෝ හරි උනත් වැරදි උනත් එහෙම කතාකරනවද...බෞද්ධයෝ එහෙමද
හැසිරෙන්නේ....මේ රටේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ විතරයි...ආගම කියන්නේ තමන්
පෞද්ගලිකව අදහන දෙයක්...මේක සිංහල බෞද්ධයෝ හිටපු රටක්..ඒ ඉස්සර...ඒත් දැන්
මේ රටේ ආගම් කිහිපයක මිනිස්සු ඉන්නවා...48 නිදහසේ
ගන්න බෞද්ධයෝ විතරක්ම නෙමෙයි...හැමෝම ඒ දේට කැපකිරීම් කළා ..අපේ රටේ ඉන්න
තරුණයෝ විදියට අපිවත් ආගම් භේද නැතුව කටයුතු කරමු...කරුණාකරලා අපි ශ්‍රී
ලාංකිකයෝ විදියට කතාකරමු..කාලයක් තිස්සේ එන මේ ක‍්‍රමය වෙනස් කරමු...තමන්ගේ
ආගම සංස්කෘතිය පෞද්ගලිකව අදහන්න..විශ්වාස කරන්න...ඒකට විරුද්ධ යමක් උනොත්
කතාකරන්න...ඒ වෙනුවෙන් පෙනි සිටින්න...බෞද්ධයන්ට විරුධව ඇත්තටම වෙන දේවල්
වලට මහ හයියෙන් කෑ ගහන අය කතාකරන්නේ නෑ..මම මේ ටික කිව්වාම මං ආගම් බේද
කරන්න...කාටහරි කඬේ යනවා...ගොඩක් දේවල් කියයි..තමන්ගේ ආගම වගේම අනිත්
ආගම්වලටත් ගරුකරන්න....තමන්ට වගේම අනිත් මිනිස්සුන්ට ගරුකරන්න...මගේ වැරදි
තියෙනවා..ඒ වගේම හැමෝගෙම වැරදි තියෙනවා..ඒත් අපි හැමෝම සමාජයේ වැරදි අනිත්
වැරදි කතාකරනවා..අපි අපේ වැරදි හදාගෙන අනිත් අය අතිනුත් ඒ වැරද්ද නොවන
විදියට මනුස්සයෝ විදියට මනුස්ස කමින් කටයුතු කරමු...
Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2014
(27)
-
▼
December
(17)
- රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙසේ දැයි බැලිය හැකි මිණු...
- මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ඉංගී‍්‍රසි බැරිවීම ගැන ...
- මෙවැනි පාලකයෝ සිටින සිටින රටක ජීවත්වීමට තරම් අපි අ...
- ඔන්න කට්ටියක් ආයි ඇවිස්සිලා, මෙච්චර දවසක් කට වහලා ...
- ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ සිව්වැනි ශාඛාව
- එන්න අපි හැදෙමු රට හදමු.
- ඉල්ලාගෙන කෑම අංක ......
- ලැජ්ජයි ඩිල්ෂාන්.........
- දරුවන්ට පොත්පත්වලට ඔච්චර බය ඇයි
- සැමට අධ්‍යාපනය
- ලංගම
- බෞද්ධද ? හින්දුද ?
- සා.පෙ
- කඬේ යෑම
- පාප්තුමෝ
- හිියුස් හා ලංකාවේ ෆියුස් යෑම
- විධායකය
-
▼
December
(17)


