ත‍්‍රස්තවාදයට හිත්පිත් නැත්තේ
සේම දේශපාලනයේදී ද එය එසේය. දේශපාලකයෝ පොත්පත්වලට ශිෂ්‍යන්ට පෑනට පැන්සලට
බියය. ඔවුහූ අධ්‍යාපනය ආරක්ෂා කිරීමට සටන් වඳිනවා වෙනුවට එය වනසා දමති.
ත‍්‍රස්තවාදීහූ පාසල්වලට බියය. පොත්පත්වලට පෑන් පැන්සල්වලට බියය. ඒ
ආකාරයෙන් ගත් විට නූගත් දේශපාලකයන් හා ත‍්‍රස්තයන් අතර වෙනසක් නැත. ඔවුහූ
උගතුන් බිහිවනවාට අකමැතිය. බුද්ධිමතුන් බිහිවනවාට බියය. අධ්‍යාපන අයිතිය
නැති කර දමති. පොත් පත් විනාශ කර දමති. පත්තර කන්තෝරුවලට ගිනි තියති. ඉගෙන
ගැනීමට ඇති සම්පත් විනාශ කර දමති. දරුවන්ගේ අධ්‍යාපනය අයිතිය විනාශ කර
දමති. මුස්ලිම් වැසියෝ ත‍්‍රස්තවාදීන් නොවෙති. දෙමළ වැසියෝ ත‍්‍රස්තවාදීන්
නොවෙති. බෞද්ධයෝ ත‍්‍රස්තවාදීන් නොවෙති. කි‍්‍රස්තියානි කතෝලික කිසිවෙක්
ත‍්‍රස්තවාදීහූ නොවෙති. තුවක්කු අතට ගත්තෝද එපමණින් ත‍්‍රස්තවාදීහූ නොවෙති.
එහෙනම් ත‍්‍රස්තවාදීහූ කවරහුද? ඔවුහූ අධ්‍යාපනය විනාශ කර දමන්නෝය.
අධ්‍යාපනය විනාශ කර දමන්නෝ කවරහුද ඔවුහූ ත‍්‍රස්තවාදීහුය. පාසල් විනාශ කර
දමන්නෝය. දරුවන්ගේ අධ්‍යාපන අයිතිය විනාශ කර දමන්නෝය. අධ්‍යාපනය ලැබීමට ඇති
සම්පත් විනාශ කර දමන්නෝය.
Image Courtesy AFP news agency (Agence France-Presse)
No comments:
Post a Comment