Tuesday, December 30, 2014

මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ඉංගී‍්‍රසි බැරිවීම ගැන බොහො අපවාද එල්ල වී ඇත. ඉංගී‍්‍රසි බස බැරිවීම යනු අධ්‍යාපන සුදුසුකම් නොවන බව මතක් කරදිය යුතුය. මෙරට ඉංගී‍්‍රසි භාවිත කළ නොහැකි උපාධිධාරීන්  ඕනෑ තරම් සිටි. භාෂාවක් නොහැකි ලැජ්ජාවට කරුණක් නොවේ. ජපානය, ජර්මනිය, ප‍්‍රංශය, චීනය, රුසියාව, ජපානය, කොරියාව, ආදී බොහෝ රටවල් ඉංගී‍්‍රසි භාෂාව භාවිත කරන්නේ ව්‍යාපාරික කටයුතු හා අධ්‍යාපනික කටයුතුවලදී පමණි. බොහෝ වෙලාවට අත්‍යාවශයම අවස්ථාවකදී පමණි. භාෂාවක් නොහැකි වූ පමණින් මිනිසකුට අපහාස කරන්නන්ගෙන් ඇසීමට මා සතුව එක් ප‍්‍රශ්නයක් ඇත. වර්තමානයේ ලොව බලවත්ම ආර්ථිකයකට හිමිකම් කියන, ඇමෙරිකාවට අභියෝගයක්ව සිටින චීන ජනපතිතුමා පසුගිය මසක ලංකාවට පැමිණියේය. එතුමා මෙරටට පැමිණ කතාකළේ ඉංගී‍්‍රසි භාෂාවෙන් දැයි සොයා බලන්නේ නම් වටී. එහෙව් එකේ, අනික් පුද්ලයන් ඉංගී‍්‍රසි බස කතා නොකිරීම හෝ නොහැකි වීම  ගැන කුමන කතාද?

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive