Wednesday, December 24, 2014

ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ සිව්වැනි ශාඛාව


ජනපතිවරණ උණුසුමත් සමඟ 2014 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ශ්‍රී ලංකාවේ අපට නම් අලූත් අවුරුද්ද ලබන්නේ බක් මහේය. බොහෝ රටවලට ඒ ඒ රටට සංස්කෘතියට ආවේණික වූ පරිදි අවුරුද්ද සමරයි. ඒ සෑම ජනවාරි පළමුවැනිදා නොව ඔවුන්ගේ සංස්කෘතියට අනුවය. කෙසේ වෙතත් ඉලක්කමක් දෙකක් එහා මෙහා වීමෙන් අලූත් වසරක් උදාවන අතර, මේ දෙසැම්බර් 31 වැනිදාට 4 හැලී 5 එනු ඇත. ඒ අනුව 2014 වසර අවසන් වී 2015 වසර එනු ඇත.
¥ෂණය, මර්දනය, බැණ අඬ ගැසීම්, කි‍්‍රකට්, ආදී නොයෙක සිදුවීම් රැුසක් මැද්දේ මේ වසර අවසන් වුවද මේ වසරේ අවසානයේ ඇති වූ උණුසුමේ රස්නය දැනෙන්නේ ලබන වසරේය. දෙසැම්බර් 8 වැනිදා ජනපතිවරණයට නාම යෝජනා කැඳවූ අතර එම කැඳවූ නම්වලින් අයෙකු තෝරාගැනීමට, එළැඹෙන වසරේ 8 වැනිදා ඡුන්දයක් පැවැත්වේ. එහි ප‍්‍රතිඵල ලැබෙන්නේ 9 වැනිදාය. බොහෝ සිදුවනු ඇත. බොහෝ දේ සිදුවෙමින් පවතියි.
අද පවතින්නේ ජංජාල ගත ජීවන ක‍්‍රමයකි. දේශපාලනය, ආර්ථිකය, සාහිත්‍ය, කී‍්‍රඩාව, ආදී එකි මෙකි සියල්ල එකිනෙකට සම්බන්ධ වී ඇත. මේ සියල්ලේ අමතක කළ නොහැකි එක් ආණ්ඩුවක් වෙයි. එය නිල නොලත් ආණ්ඩුවකි. එය නම් සිව්වැනි ආණ්ඩුව වූ ජනමාධ්‍යයි.
2014 වසර සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සී.පී.ජේ
 Committee to Protect Journalists ඉකුත් දා කටයුතු කළේය.
ඒ අනුව 2014 වසරේදී පමණක් ජනමාධ්‍යවේදීන් 60 දෙනක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ ඔවුන් සිය රැුකියාවේ නිරතවන අවස්ථාවක හෝ ඒ සම්බන්ධ කර්තව්‍යයක නිරත වන අවස්ථාවකදීය. සී.පී.ජේ

 Committee to Protect Journalists ආයතනය ආරම්භ කර දැනට දශක දෙකක් වන අතර, ඔවුන් මෙවර ඉදිරිපත් කළ වාර්තාවට අනුව, ගෙවීගිය අවසන් වසර තුනක කාලය ජනමාධ්‍යවේදීන් ගෙවූ මාරාන්තික වසර තුනක් ලෙස දක්වා ඇත.
වාර්තා වූ සිදුවීම් අතරින් දෙකකට සිරියාව සම්බන්ධ අතර, එම සිදුවීම් දෙක මේ වසරේ සිදු වූ බිය දනවන ඝාතන දෙකක් ලෙස හඳුන්වයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් මාධ්‍යවේදීන් දෙදෙනකු වූ ජේම්ස් ෆොලි සහ ජේම්ස් ස්කොට්ලොෆ් මේ ආකාරයෙන් ඝාතනය වූ අතර, ඔවුන් ඝාතනය කරනු ලැබුවේ අතිශය දරුණු, බිහිසුණු කි‍්‍රයාපටිපාටියක් සහිත අයි.එස් ත‍්‍රස්තවාදීහූ විසිනි. ඔවුන් දෙදෙනා ඝාතනයට ලක්වූ සිරියා අර්බුදයට වාර්තා කිරීමට ගොස් සිටියදීය.
2014 වසර ජනමාධ්‍යවේදීන්ට ඛේදජනක වසරක් වූ අතර, මේ ආකාරයෙන් වාර්තා වූ හා නොවූ ඝාතන රැුසක් ගෙනහැර දැක්විය හැක.
නිව්යෝක් නුවර පදනම් කි‍්‍රයාත්මක වන මෙම සංවිධානය නිකුත් කළ වාර්තාවට අනුව, මේ වසරේ සිදුවූ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම්වලින් වැඩි ප‍්‍රමාණයක් සිදුව ඇත්තේ ජාත්‍යන්තර පුවත් වාර්තාකරණයේදී බවත්, එය සංඛ්‍යාත්මකව සිදු වූ ඝාතනවලින් හතරෙන් එකක් යැයිද එම වාර්තාවේ සඳහන් වේ.
1992 ආරම්භ කළ ජනමාධ්‍යවේදීන් ආරක්ෂාව සඳහා කිරීම සඳහා වූ මෙම ජාත්‍යන්තර කමිටුව වාර්ෂිකව වාර්තාවක් නිකුත් කරන අතර එම වාර්තාව අනුව 2013 වසරේදී ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම් 70ක් වාර්තා වී ඇත.
මේ වසරේ වාර්තා වූ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම්වලින් 17ක් වාර්තා වී ඇත්තේ සිරියාවේදීය. ඒ සිරියාවේ පවත්නා සිවිල් යුද්ධය වාර්තාකිරීමට මාධ්‍යවේදීන්ය. සිරියාවේ සිවිල් යුද්ධය ආරම්භ වූයේ 2011 වසරේදීය. එතැන් පටන් මේ දක්වා මාධ්‍යවේදීන් 79 දෙනකු ඝාතනය වී ඇති බව එම කමිටුව සඳහන් කරයි.
මේ ආකාරයෙන් නොයෙකුත් අවස්ථාවලදී, ස්ථානවලදී තමන්ගේ රැුකියාව, එසේත් නොමැතිනම් සිව්වැනි ආණ්ඩුවට කළ යුතු යුතුකම් කිරීමට ගිය මාධ්‍යවේදීන්ට සිය ජීවිත අහිමිවිය.
https://www.cpj.org/
http://news.yahoo.com/report-least-60-journalists-killed-2014-053200028.html


හර්ෂණ තුෂාර සිල්වා
2014.12.24

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive