Tuesday, February 24, 2015

නංගි

අද එක්තරා පාසලක කුඩා දියණියක් අතවරයට ලක් ව ඇතැයි වාර්තා විය.
එම පුංචි දරුවා වගේ හෙට මගේ නංගි දූෂණයට ලක්වෙන්න පුළුවන්, මගේ අම්මා අක්කා දූෂණයට ලක්වෙන්න පුළුවන්, මගේ යෙහෙළියකට පෙම්වතියකයට හෙට ඒ දේ වෙන්න පුළුවන්, අපිට වැරැුදුණේ ඒ අපේ එකා යැයි නෙමේ යැයි සිතා අහක බලාගත් නිසාය, ඒ අම්මා ගැන, ඇඟ රිදෙනවා කියනවා ගැන කතාකරන්නට විමල් වීරවංශට මතක නැත. විමල් වීරවංශගේ පුංචි දියණිය ගැන කියන උන්ට ඒ ගැන කියන්නට මතක නැත. ඒ පුංචි කෙල්ලට වෙන දේ හෙට මගේ නංගිට වෙන්නට පුළුවනි. එහෙයින් අද මා ඊට එරෙහි වෙමි. විරුද්ධ වෙමි. මා ඇතුළු එසේ කරන බොහෝ අය සිටිති. අසාධාරණ යැයි හැෙඟන මා දන්න සෑම අසාධාරණයකටම මම විරුද්ධ වෙමි. ඔවුන් මගේ කවුරුවත් විය යුතු නැත. මෙය ලියන මට හෙට ඒ අත්දැකීමට මුහුණ දෙන්නට පුළුවනි. එහෙයින් මම සෑම විටකම අසාධාරණයට විරුද්ධ වෙමි. සෑම විටම කියන්නාක් මෙන් මම සුපිරිසුදු නොවෙමි. අති පාරිශුද්ධ පුද්ගලයෙක් ද නොවෙමි. නමුත් සාපේක්ෂව හොඳය. මගේ හෘද සාක්ෂිය මට විශ්වාසය. වැරැුදි ඇත. මක් නිසාදයත් මම මාර්ග පල ලැබුවෙකු නොවන හෙයිනි. සෑම වාර්තාවකට අනුවම අපේ රටේ දිනකට දූෂණය වන, අපචාරයට වන සංඛ්‍යාව මට මෙහි ලියන්නට හිතෙන්නේද, ඒ තරම් හිරිකිතය. එක්සත් ජාතීන්ගේ වාර්තා සොයා බලන්නෙකුට ඇත්ත නැත්ත හොයා ගන්නට පුළුවනි, ලංකාවේ දත්ත පිරික්සා බැලූවොත් පහසුවෙන් සොයාගන්නට පුළුවනි. කිසිවකු කැමැත්තෙන් දූෂණය වන්නේ නැත. කැමැත්තෙන් අපචාරයේ යෙදෙන්නේ නැත. කැමැත්තෙන් ලිංගික කි‍්‍රයාකාරකම්වල යෙදීමත් බලෙන් කිරීමත් අතර වෙනසක් ඇත. මට මගේ අම්මා වගේම අනෙක් අම්මලාගේ දුකද දැනේ. මගේ නංගි වගේම යාපනයේ, තංගල්ලේ, හම්බන්තොට, පිළියන්දල, ගාල්ලේ, කහවත්තේ, පංචිකාවත්තේ, මරදානේ, අම්පාරේ, පුත්තලමේ, අනුරාධපුරයේ, වන්නියේ, මොණරාගල, සිටින හැමෝත් එකය. හැම නංගිම නංගිය, සියයට සියයක් බැරි උනත් මම ඔවුන් වෙනුවෙන් පෙනි සිටිමි. මගේ නංගීත් ඒ නංගීටත් ඇත්තේ එකම ලේය. එකම හැඟීම්, එකසේ දුක දැනේ, එක සේ සතුට දැනේ, එක සේ ලැජ්ජාව දැනේ, නුඹලා කවදා හෝ මව්වරුය. වෛද්‍යවරුන්ගේ, ඉංජිනේරුවන්ගේ, ගණිතඥයන්ගේ, පත්තකාරයන්ගේ, සොල්දාදුවන්, දේශපාලකයන් රටට වෙනස් කරන්න ඇතුළු බොහෝ දෙනෙකුට නිවහන දෙන්නේ නුඹලාය. ඔවුන් වෙනුවෙන් දස මසක් දුක් විඳින්නේ නුඹලාය. තනේ එල්ලගෙන කිරි දෙන්නේ නුඹලාය. වදන්නේ නුඹලාය. රටක පුතුන් තනන්නේ නුඹලාය. එහෙයින් මගේ නංගීට මෙන්ම  නුඹලාටත් මම ආදරය කරමි. නුඹලා වෙනුවෙන් පෙනී සිටිමි.

Monday, February 23, 2015

සරත් ෆොන්සේකා හිරේ දමා කරුණා අම්මාන් පාර්ලිමේන්තු ගෙන ඒමේ ක‍්‍රමවේදය

 විමල් වීරවංශගේ බිරිඳ පමණක් නොව තවත් බොහෝ දෙනා අත්අඩංගුවට ගත යුතුව ඇත.  වැරැුදිවලට චෝදනා ලැබූ සියලූ දෙනා බන්ධනාගාර ගත කළ යුතුය. සමාව දෙන්නේ නම් තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාට, විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට වෙලේ සුදාට ඇතුළු සියලූ දෙනාටම සමාව දිය යුතුය. මේ ආණ්ඩුව දැන් ගෙන යන්නේ ද මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ ආණ්ඩුව ගෙන ගිය ආකාරයේම ක‍්‍රමවේදයකි. වසර නවයක දේ මසකින් නිවැරැුදි කළ නොහැකි බව අපි දනිමු. එහෙත්, මසකින් තිස්ස අත්තනායක විමල් වීරවංශගේ බිරිඳ වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමට හැකි නම්, බඩු මිල අඩු කළ හැකි නම්, බදු ගැසිය හැකි නම් අනෙක් දේද කළ හැකිය. සරත් ෆොන්සේකා හිරේ දමා කරුණා අම්මාන් පාර්ලිමේන්තු ගෙන ඒමේ ක‍්‍රමවේදය දැකීමට කැමැති නම් ජනතාව මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාට ඡුන්දය ලබාදෙන්නේ නැත. එහෙයින් නීතිය සැමට එකසේ කි‍්‍රයාත්මක කිරීම වත්මන් ආණ්ඩුවේ වගකීමකි.

සත්‍ය අසත්‍ය

 විමල් ඇමැතිතුමනි, ඔබ කෙතරම් අසත්‍ය වැපුරුවාදායි ඔබට මතකද? මා දන්නා කළ සිට ඔබට ඇති රෝගයක් නම් සත්‍ය අසත්‍යතාවය වටහාගැනීමේ රෝගයයි. විශ්වවිද්‍යාලය සිසුන්ට පහර පහර දෙද්දි දරුවන් ගැන ඔබට ආදරයක් ඇති වූයේද? දරු කැක්කුමක් ඇති වූයේද? සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නා විට ඔබට දැනුනේ මොනවාද ? රොෂාන් චානුක මිය යද්දි ඔබට දැනුනේ මොනවාද? වැලිවේරියේ මිනිස්සු වතුර ඉල්ලද්දි ඔබට එය පෙනුනේ අසත්‍ය ලෙසද ? උතුරේ දෙමල තරුණයන් ත‍්‍රස්තයන් යැයි හංවඩු ගසද්ද? ඔබ ඒවා දැක්කේ කෙසේද ? ඇමෙරිකන් කුමන්ත‍්‍රණ යැයි කියද්දි ඇමෙරිකාවේ හදපු ෆේස්බුක් භාවිත කරන නුඹ ඒ කියන ක‍්‍රමන්ත‍්‍රණවල සත්‍ය අසත්‍යතාවය මට පැහැදිලි කරනවාද? වකුගඩු රෝගයෙන් දහස් ගණන් ගොවීන් පීඩා විඳිඳ්ඳි ගොවීන් කළේ බොරු රඟ පෑමක්ද? රටට කන්ටේනර් පිටින් කුඩු ගෙන එන බවට එල්ල වන චෝදනා අසත්‍යය, පුද්ගලයකුට කතා කරන්න නොදන්න ඔබ වැන්නන් පාර්ලිමේන්තු යැව්වේ මෙරට ජනතාව සත්‍ය දන්න නිසාද ? විමල් ඇමැතිතුමනි, මා කියන්නේ අසත්‍යයද? 

Friday, February 20, 2015

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයෙන් පරාජය පත්වීම සැලකිය යුතු කරුණකි. එහෙත් එක් හොඳකට ඇත්තේ අප පරාජයට පත්වූයේ නවසීලන්තය හමුවේය. ඒ නවසීලන්තයට සත්කාරත්වයේ වාසිය මෙන්ම ඔවුන් දැනට සිටින තත්ත්වය අනුව එවැනි කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම සියයට සියයක පරාජයක් ලෙස සැලකිය යුතු නැත. ඔවුන් එක්සත් අරාබි අමීර් රාජ්‍යයේදී පාකිස්තානය පරාජයට පත්කළ අතර ටෙස්ට් තරගයක්ද ජයගත්තේය. එසේම සෑම තරගාවලියකම අප පුරුද්දක් ලෙස පළමු තරගය පරාජයට පත්වන්නේය. එසේ කියා සැහැල්ලූවෙන් සිතීමට ගොන් කමකි. අනෙක් කරුණ නම් මා බුකියේ දැකපු දෙයකි. තරගයක් පරාජය වූ පමණින් ඩිල්ෂාන් මහේල මාලිංග සංගා විශ‍්‍රාම ගත් සැණනින් ලංකාවේ කි‍්‍රකට් ඉවර වන්නේ ද නැත. 96 ලෝක කුසලානය දිනූ අපි 99 හොඳට කෑවේය. 2007 ලෝක කුසලාන අනුශූරතාවය දිනු අපි 2007 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ගෙදර ආවේය. හඹා යෑම පෙන්ම පළමුව පන්දුවට පහරදී ද තරග ජයගත හැකි මෙම තරගාවලිය මෙතෙක් තරග නැරඹීමෙන් නිගමනයකට එළැඹිය හැකිය. අයර්ලන්තය හඹා ගොස් ජයගත්තේය. දකුණු අපි‍්‍රකාව හා පැවැති තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම දැවැන්ත ඉලක්කය හඹා ගිය ආකාරය ද එයට උදාහරණය. එසේම එංගලන්ත  ඕස්ටේ‍්‍රලියා තරගයද තවත් එක් උදාහරණයකි. එංගලන්ත පිලේ කඩුළු නොවැටිණි නම් ඔවුන්ට තරගය ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය පන්දු ඉතිරිව තිබිණි. අවශ්‍ය වන්නේ මූලික දේ හරියට කිරීමත්, නුවණින් කටයුතු කිරීමත්. තවමත් ශ්‍රී ලංකාවට තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හැකියාව ඇත.

Sunday, February 15, 2015

රෙඞ් ලයිට්


මේ දිනවල ෆේස්බුක් සමාජජාලයේ නාමල් උඩුගම වෙනුවෙන් මුදල් එකතු කිරීමට විවිධාකාරයේ පෝස්ටු දැක්වෙමි. නාමල් උඩුගම පිළිබඳව මට පෞද්ගලික අමනාපයක් නැත. එහෙත් ඔහුගේ පවුලේ උදවියටත් වඩා ඔහු වෙනුවෙන් මුදල් එකතු කිරීමට පිරිසක් දත කන බව පැහැදිලිව දැක ගැනීමට හැකි වූ අතර එවන් පිරිස් පිළිබඳව අසන්නනටද ලැබිණි. නාමල් උඩුගම නිකරුණේ අසනීප වූයේ නැත. එය ඔහු විසින් කරගත්තකි. අපේ රටේ තව කොච්චර මිනිස්සු ඉන්නවද ඔය වගේ සැත්කම් කරගන්න සල්ලි නැතුව. මිනිස්සු කොච්චර ඉන්නවද බඩගින්නේ. ඒ මිනිස්සු වෙනුවෙන් සතපහක් හොයන්න වෙහෙසෙන්නේ නැති මහ මිනිස්සු එක පාරට පාත් වෙනවා. මේ මිනිස්සු වෙනුවෙන් ගිණුමක් විවෘත කරන්න කවුරුවත් නැහැ. අපිට ලෝකේ හැමදේම වෙනස් කරන්න බැහැ. දුප්පත් කම සම්පූර්ණයෙන් ඉවත් කරන්න බැහැ. ලෙඩ රෝග කිසිදෙයක් පූර්ණව ඉවත් කරන්න බැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද බුදු හාමුදරුවන්ගේ කාලේ, ජේසුස්වහන්සේ, නබිනායක තුමා, මහත්මා ගාන්ධි ආදී ශ්‍රේෂ්ඨයන්ගේ කාලවලදීත් මෙවැනි දේ තිබුණා. මම විශ්වාස කරන දෙයක් තියෙනවා. අපිට මේ පරතරේ වෙනස් කරන්න පුළුවන්. අද මම එද්දි කකුළක් නැති මනුස්සයෙක් පාරේ, සංඥා පුවරුවක රතු ලයිට් එක පත්තු වුණ ගමන් නවත්තපු වාහන ගාවට යනවා. ගිහින් වාහනවල ඉන්න මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවා. ඒ මනුස්සයා හොඳඳ නරකද කියන්න මම දන්නේ නැහැ. ඒ මනුස්සයා රඟපෑමක් කරනවද කියන්න මම දන්නේ නැහැ. ඒ මනුස්සයා ගැන හොයන්න ගියාම වෙන්නේ අපේ හිත් කිළිටි වෙන එක විතරයි. අපි හොඳ හිතින් යමක් කළොත් ඒ ඇති. අපි දෙන රුපියල් දහයකින් , ඒ වගේ දහයේ ඒවා එකතුවෙලා දෙන සල්ලවලින් ඒ මනුස්සයගේ බඩ පිරෙනවානම් ඒ ඇති. මෙහෙම රතු ලයිට් එක පත්තු වෙනකම් කොච්චර මිනිස්සු බලන් ඉන්නවාද. රතු ලයිට් එක පත්තු වෙලා නවත්වන හැම වාහෙනම්ම සල්ලි හම්බවෙන්නේ නැහ. සමහරවිට එකකින්වත් නැහැ. පුංචි දරුවෝ, අපේ නංගිලා මල්ලිලා වගේ ළමයි කොච්චර රතු ලයිට් එක වැටුණ ගමන් වාහන ගාවට දුවන් එනවද. අම්මා බෙදලා දෙන බත් එක අපි කොච්චර නම් ඉතුරු කරලා විසි කරලා ඇතිද..මේවා ලියන කියන මම අතිනුත් ඒ දේවල් වෙනවා. ඒත් මම පුළුවන් හැම වෙලාවකම ඒ වගේ දේවල් වෙන එක නතර කරගන්නවා. අපි බත් එකෙන් කන බාගේවත් නැති කොච්චර මිනිස්සු ලංකාවේ ඉන්නවද. හොඳට චිත‍්‍ර අඳින්න පුළුවන්, ඒත් චිත‍්‍ර පොතක් ගන්න නැති අපේ ළමයි, කොච්චර ඉන්නවද. අපි කොච්චර පිටු නාස්ති කරනවද..මම දන්නවා මේ දේවල් අද කියනවා හෙට අමතකයි. නමුත්, ඒ අමතක වීමේ ගණන අඩු කරගන්න, අපි උත්සාහ කරමු. ඇති නැති පරතරය අඩු කරන්න අපි උත්සාහ කරමු. ඇති නැති පරතරය අවම ශ්‍රී ලංකාවක් ගැන මට හීනයක් තියෙනවා.

 ඉදිරියේදී සටහනක් තැබීෙමේ  බලාපොරොත්තුවෙන් මෙම සටහන තබමි. මේ රටේ ලක්ෂ 58 ක හෝ ලක්ෂ 62 කියා කොටසක් නැත. දැන් මේ  රටේ  සිටින සියල්ලෝ ශ්‍රී ලාංකිකයෝ. 18 නුගේගොඩට මහින්දගේ කෙනෙක් නම් එන්න යැයි විවිධ දේශපාලකයෝ පවසති. මහින්දට ඡුන්දය දුන් අයට හරක් යැයි කීමද මම අනුමත නොකරමි. නමුත් 18 පැමිණියහොත් නම් සැබැවින්ම මෝඩයෙකි. දේශපාලකයෝ අපව ආගම් වශයෙන්, කුල වශයෙන්, ජාති වශයෙන් ආදි විවිධ ආකාරයෙන් බෙදා වෙන් කළහ. දැන් ඔවුන් මේ සැරසෙන්නේ කුමක් සඳහාද. මහින්ද මෛතී‍්‍ර ලෙස වෙන් කිරීමට සැරසෙති. අනේ විමල්  මැතිතුමෝ දැන්වත් පාඩුවේ ඉන්න. පුරවැසියනි මෙය තේරුම් ගන්න. අප ශ්‍රී ලංකිකයෝය. ඡුන්දය අහවරය. පාර්ලිමේන්තුවේ 225 දෙනා ලවා යහපත් දේ ඉටු කරගැනීම අප සතු වගකීමය. නැවත නැවතත් කියමි. දේශපාලකයන් කරන තෙක් සිටියොත් අප සැබැවින්ම ගොන් හරක්ය. එන්න එකතු වෙන්න. රට හදන්න පෙරට එන්න. 18 නුගේගොඩට වත්, නුගේගොඩට එන අයට බිත්තර ගහන්නවත් නොව, වැරැුදිකරුවන් නිවැරැුදි මාර්ගයට ගෙන රට හදන්න පෙරට එන්න. රටක් විදියට පුද්ගලයෝ විදියට අපි හැදෙමු.

උදාහරණය - මෝදි යහපාලනය යැයි කියා අගමැති පුටුවට ආවේය. කළේ නැත. ජනතාව දිල්ලි ප‍්‍රාන්ත මැතිවරණයෙන් මෝදිගේ පක්ෂය නැති භංගස්තාන කළේය. 70න් 67ක් අර්වින්ද කෙජ්රිවාල්ටය. ඉන්දියාවේ මිනිස්සු අපට වඩා ඉදිරියෙනි.

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive