අද එක්තරා පාසලක කුඩා දියණියක් අතවරයට ලක් ව ඇතැයි වාර්තා විය.
එම පුංචි දරුවා වගේ හෙට මගේ නංගි දූෂණයට ලක්වෙන්න පුළුවන්, මගේ අම්මා අක්කා දූෂණයට ලක්වෙන්න පුළුවන්, මගේ යෙහෙළියකට පෙම්වතියකයට හෙට ඒ දේ වෙන්න පුළුවන්, අපිට වැරැුදුණේ ඒ අපේ එකා යැයි නෙමේ යැයි සිතා අහක බලාගත් නිසාය, ඒ අම්මා ගැන, ඇඟ රිදෙනවා කියනවා ගැන කතාකරන්නට විමල් වීරවංශට මතක නැත. විමල් වීරවංශගේ පුංචි දියණිය ගැන කියන උන්ට ඒ ගැන කියන්නට මතක නැත. ඒ පුංචි කෙල්ලට වෙන දේ හෙට මගේ නංගිට වෙන්නට පුළුවනි. එහෙයින් අද මා ඊට එරෙහි වෙමි. විරුද්ධ වෙමි. මා ඇතුළු එසේ කරන බොහෝ අය සිටිති. අසාධාරණ යැයි හැෙඟන මා දන්න සෑම අසාධාරණයකටම මම විරුද්ධ වෙමි. ඔවුන් මගේ කවුරුවත් විය යුතු නැත. මෙය ලියන මට හෙට ඒ අත්දැකීමට මුහුණ දෙන්නට පුළුවනි. එහෙයින් මම සෑම විටකම අසාධාරණයට විරුද්ධ වෙමි. සෑම විටම කියන්නාක් මෙන් මම සුපිරිසුදු නොවෙමි. අති පාරිශුද්ධ පුද්ගලයෙක් ද නොවෙමි. නමුත් සාපේක්ෂව හොඳය. මගේ හෘද සාක්ෂිය මට විශ්වාසය. වැරැුදි ඇත. මක් නිසාදයත් මම මාර්ග පල ලැබුවෙකු නොවන හෙයිනි. සෑම වාර්තාවකට අනුවම අපේ රටේ දිනකට දූෂණය වන, අපචාරයට වන සංඛ්‍යාව මට මෙහි ලියන්නට හිතෙන්නේද, ඒ තරම් හිරිකිතය. එක්සත් ජාතීන්ගේ වාර්තා සොයා බලන්නෙකුට ඇත්ත නැත්ත හොයා ගන්නට පුළුවනි, ලංකාවේ දත්ත පිරික්සා බැලූවොත් පහසුවෙන් සොයාගන්නට පුළුවනි. කිසිවකු කැමැත්තෙන් දූෂණය වන්නේ නැත. කැමැත්තෙන් අපචාරයේ යෙදෙන්නේ නැත. කැමැත්තෙන් ලිංගික කි‍්‍රයාකාරකම්වල යෙදීමත් බලෙන් කිරීමත් අතර වෙනසක් ඇත. මට මගේ අම්මා වගේම අනෙක් අම්මලාගේ දුකද දැනේ. මගේ නංගි වගේම යාපනයේ, තංගල්ලේ, හම්බන්තොට, පිළියන්දල, ගාල්ලේ, කහවත්තේ, පංචිකාවත්තේ, මරදානේ, අම්පාරේ, පුත්තලමේ, අනුරාධපුරයේ, වන්නියේ, මොණරාගල, සිටින හැමෝත් එකය. හැම නංගිම නංගිය, සියයට සියයක් බැරි උනත් මම ඔවුන් වෙනුවෙන් පෙනි සිටිමි. මගේ නංගීත් ඒ නංගීටත් ඇත්තේ එකම ලේය. එකම හැඟීම්, එකසේ දුක දැනේ, එක සේ සතුට දැනේ, එක සේ ලැජ්ජාව දැනේ, නුඹලා කවදා හෝ මව්වරුය. වෛද්‍යවරුන්ගේ, ඉංජිනේරුවන්ගේ, ගණිතඥයන්ගේ, පත්තකාරයන්ගේ, සොල්දාදුවන්, දේශපාලකයන් රටට වෙනස් කරන්න ඇතුළු බොහෝ දෙනෙකුට නිවහන දෙන්නේ නුඹලාය. ඔවුන් වෙනුවෙන් දස මසක් දුක් විඳින්නේ නුඹලාය. තනේ එල්ලගෙන කිරි දෙන්නේ නුඹලාය. වදන්නේ නුඹලාය. රටක පුතුන් තනන්නේ නුඹලාය. එහෙයින් මගේ නංගීට මෙන්ම නුඹලාටත් මම ආදරය කරමි. නුඹලා වෙනුවෙන් පෙනී සිටිමි.

No comments:
Post a Comment