මේ දිනවල ෆේස්බුක් සමාජජාලයේ නාමල් උඩුගම වෙනුවෙන් මුදල් එකතු කිරීමට විවිධාකාරයේ පෝස්ටු දැක්වෙමි. නාමල් උඩුගම පිළිබඳව මට පෞද්ගලික අමනාපයක් නැත. එහෙත් ඔහුගේ පවුලේ උදවියටත් වඩා ඔහු වෙනුවෙන් මුදල් එකතු කිරීමට පිරිසක් දත කන බව පැහැදිලිව දැක ගැනීමට හැකි වූ අතර එවන් පිරිස් පිළිබඳව අසන්නනටද ලැබිණි. නාමල් උඩුගම නිකරුණේ අසනීප වූයේ නැත. එය ඔහු විසින් කරගත්තකි. අපේ රටේ තව කොච්චර මිනිස්සු ඉන්නවද ඔය වගේ සැත්කම් කරගන්න සල්ලි නැතුව. මිනිස්සු කොච්චර ඉන්නවද බඩගින්නේ. ඒ මිනිස්සු වෙනුවෙන් සතපහක් හොයන්න වෙහෙසෙන්නේ නැති මහ මිනිස්සු එක පාරට පාත් වෙනවා. මේ මිනිස්සු වෙනුවෙන් ගිණුමක් විවෘත කරන්න කවුරුවත් නැහැ. අපිට ලෝකේ හැමදේම වෙනස් කරන්න බැහැ. දුප්පත් කම සම්පූර්ණයෙන් ඉවත් කරන්න බැහැ. ලෙඩ රෝග කිසිදෙයක් පූර්ණව ඉවත් කරන්න බැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද බුදු හාමුදරුවන්ගේ කාලේ, ජේසුස්වහන්සේ, නබිනායක තුමා, මහත්මා ගාන්ධි ආදී ශ්‍රේෂ්ඨයන්ගේ කාලවලදීත් මෙවැනි දේ තිබුණා. මම විශ්වාස කරන දෙයක් තියෙනවා. අපිට මේ පරතරේ වෙනස් කරන්න පුළුවන්. අද මම එද්දි කකුළක් නැති මනුස්සයෙක් පාරේ, සංඥා පුවරුවක රතු ලයිට් එක පත්තු වුණ ගමන් නවත්තපු වාහන ගාවට යනවා. ගිහින් වාහනවල ඉන්න මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවා. ඒ මනුස්සයා හොඳඳ නරකද කියන්න මම දන්නේ නැහැ. ඒ මනුස්සයා රඟපෑමක් කරනවද කියන්න මම දන්නේ නැහැ. ඒ මනුස්සයා ගැන හොයන්න ගියාම වෙන්නේ අපේ හිත් කිළිටි වෙන එක විතරයි. අපි හොඳ හිතින් යමක් කළොත් ඒ ඇති. අපි දෙන රුපියල් දහයකින් , ඒ වගේ දහයේ ඒවා එකතුවෙලා දෙන සල්ලවලින් ඒ මනුස්සයගේ බඩ පිරෙනවානම් ඒ ඇති. මෙහෙම රතු ලයිට් එක පත්තු වෙනකම් කොච්චර මිනිස්සු බලන් ඉන්නවාද. රතු ලයිට් එක පත්තු වෙලා නවත්වන හැම වාහෙනම්ම සල්ලි හම්බවෙන්නේ නැහ. සමහරවිට එකකින්වත් නැහැ. පුංචි දරුවෝ, අපේ නංගිලා මල්ලිලා වගේ ළමයි කොච්චර රතු ලයිට් එක වැටුණ ගමන් වාහන ගාවට දුවන් එනවද. අම්මා බෙදලා දෙන බත් එක අපි කොච්චර නම් ඉතුරු කරලා විසි කරලා ඇතිද..මේවා ලියන කියන මම අතිනුත් ඒ දේවල් වෙනවා. ඒත් මම පුළුවන් හැම වෙලාවකම ඒ වගේ දේවල් වෙන එක නතර කරගන්නවා. අපි බත් එකෙන් කන බාගේවත් නැති කොච්චර මිනිස්සු ලංකාවේ ඉන්නවද. හොඳට චිත‍්‍ර අඳින්න පුළුවන්, ඒත් චිත‍්‍ර පොතක් ගන්න නැති අපේ ළමයි, කොච්චර ඉන්නවද. අපි කොච්චර පිටු නාස්ති කරනවද..මම දන්නවා මේ දේවල් අද කියනවා හෙට අමතකයි. නමුත්, ඒ අමතක වීමේ ගණන අඩු කරගන්න, අපි උත්සාහ කරමු. ඇති නැති පරතරය අඩු කරන්න අපි උත්සාහ කරමු. ඇති නැති පරතරය අවම ශ්‍රී ලංකාවක් ගැන මට හීනයක් තියෙනවා.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Sunday, February 15, 2015
රෙඞ් ලයිට්

Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
No comments:
Post a Comment