බොහෝ දෙනා ඔහු දන්නේ දයා මහත්තයා යනුවෙනි. මගේ දැඩි සේ ඇලූම් කරන ශ්‍රී ලාල් නානායක්කාරයන්ගේ ජ්‍යෙෂ්ඨයාය. චිත‍්‍ර කතාත් චිත‍්‍රත් මා ආසාවෙන් කියවූවෙමි. දයා මහත්තයා ගැන ආයතනයේ ඉහළම තැනේ සිට පහළම තැන දක්වා කතා කරන්නේ මහත් ආදරයකිනි. රාතී‍්‍රයේ නිවසට යන විට රියැදුරන්ට යෝගට් කන්නට ලැබෙන අවස්ථා ඕනෑ තරම්ය. මාත් එසේ යෝගට් කා ඇත. ඔහු යනවිට රියැදුරන් සමඟ කුළු පගව, මිත‍්‍ර ශීලිව අදහස් බෙදා හදා ගන්නා අයුරු පිටුපස අසුනේ සිට අසාගෙන සිටි අවස්ථා බොහෝය... මා සේම අපේ කර්තෘ මණ්ඩලයේ එසේ යෝගට් කන්නට අවස්ථාව හිමි කරගත්තකුය අංජුල මහීක. අංජු අයියා, විවාහ වූ පසු දෙන්නකුට යෝගට් දෙන්නට බැහැයි, දැන් ඉතින් යෝගට් නැතැයි කී බව, අංජු අයියා අප සමඟ කියා ඇත. නිකන් ඉන්නකොට ඉරි ටිකක් හරි අඳින්න යැයි උපදෙස් දුන් අවස්ථා ඕනි තරම්ය. අව්‍යාජ සරල මිනිසකු වූ ඔහු ආයතනයේ ඕනෑම අයකු සමඟ නිරන්තරයෙන් සිහින මුසු මුහුණින් සිටින්නෙකි. නෝටින්හම්බි‍්‍රජ් හි දයාගේ සිත්තර කතාව අවසන්ය. ඔබට ඔබ පැතූ ලෝකයක ඒ ලෝකය තෙලි තුඩින් පාට කරනු හැකි වේවා.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Wednesday, July 29, 2015
මිසයිල මිනිසා
ආචාර්ය අබ්දුල් කලාම් ගැන මට මහ ලොකු අත් දැකීමක් නැත. ජනපතිධුරයෙන් නික්ම යන විට, තම ඇඳුම් බෑගය පමණක් රැුගෙන ගිය බව අසා ඇත්තෙමි. එසේම ඔහු වැඩි කාලයක් ගත කරන්නේ තම නිවස අසළ අස ඇති ගසක් බව තවත් එකකි. අනෙක ජනපතිධුරය දරන සමයේ මිතුරන් හෝ යම් කිසි පිරිසක් සමඟ ආහාර ගෙන අවසන් වී ඒ සඳහා වියදම ඔහු විසින් ම ගෙවනු ලැබූ බව මගේ මතකයේ ඇති ආසන්තම සිදුවීම් තුනයි. මා ඔහු සියැසින් දුටුවේ පසුගිය දිනෙක ලංකාවට පැමිණි අවස්ථාවේදීය. ඉතා කුඩා මිනිසකු වූ ඔහුගේ හැසිරීම් දෙස මහත් ආසාවෙන් බලා සිටියෙමි. ප‍්‍රධාන මේසයේ වාඩි වී සිටියදී තමා වෙත ආහාර රැුගෙන බන්දේසියක් ගෙනැවිත් තිබූ අවස්ථාවේ ඔහු එය අමාත්‍යවරයකු වෙත යැව්වේ ඉන් ආහාර ගන්නේ ද නැතුවය. ඔහුගේ දේශනයට පෙර ඔහු දීර්ඝ වූ විස්තරයක් කරන අවස්ථාවේ ඔහු මහත් අපසුවෙන් සිටින දුටුවෙමි. ඒ ඔහු අවස්ථා කිහිපයකදී කීවාක් මෙන්, දේශන පැවැත්වීමටත් තරුණයන් වෙත දැනුම ලබාදීමටත් ඔහු සතුව තිබූ දැඩි ආශාව නිසා යැයි විශ්වාස කරමි. අනෙක නම්, ඔහු දේශනය පැවැත්වීම සිටි අසුනෙන් නැගිටින අවස්ථාවේදීත්, මයික‍්‍රෆෝනය තිබූ තැන වෙත ආරක්ෂකයන් පැමිණි පරීක්ෂා කිරීමට උත්සහ කළ අවස්ථාවේදීත් ආචාර්වරයා එය නැවැත්වීය. ඉතා සරල මනුස්සයකු වූ ආචාර්ය කලාම්, දේශනයේදී අප රටට ගැන මහත් ආදාරයකින් ලැදි කමකින් කතා කළේය. ඔහු ඉන්දියාවට සේම අපේ රටටත් ආදරය කළේය. අපේ රටේ වෙනස් කළ යුතු දෑ, දියුණු කිරීමට කළ යුතු දෑ මැනැවින් පෙන්වාදුන්නේය. අපේ රටේ දේශපාලකයන්ගෙන් කී දෙනකුට එවැනි අවබෝධයක් තිබේදැයි යන්න ගැටැලූවකි. ආචාර්යතුමනි, ඔබ නිසල දේහයත් හෙට මෙලෝවාසීන්ගෙන් ඈතට යනු ඇත. ඔබ අපේක්ෂා කළ ඉන්දියාව, ඔබ අපේක්ෂා කළ ශ්‍රී ලංකාව, ඔබ අපේක්ෂා කළ විද්‍යාවේ නව සොයාගැනීම්, ඉදිරිය ගැන ඔබ සිතු දෑ ඒ ආකාරයෙන්ම වනු ඇතැයි ප‍්‍රාර්ථනා කරමි. ඔබ නැවත උපදිනවා නම් මේ රටේ තැනක උපත ලබන්නේ නම්, එය මේ මව් රටට යහපත මිස අයහපතක් නොවනු ඇත. මිසයිල මිනිසා, ඔබට සුබ ගමන්...
Sunday, July 26, 2015
පසුගිය කාලය පුරාවට විශ්ව විද්‍යාල සිසුනය පහරදුන්, විශ්වවිද්‍යාල සිසුන් ඝාතනය කළ, පරීක්ෂණ සම්බන්ධයෙන් නඩු පවතින විට, ව්‍යාජ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණය නොමැග යැවූ, විශ්වවිද්‍යාල සිසුන්ට අවශ්‍ය පහසුකම් නොදුන්, උසස් පෙළ වසර කිහිපයක් එකදිගට අවුල් කළ, රාජපක්ෂ මහතා දැන් කියනවා මහපොළ රුපියල් 6000ක් කරනවා යැයි පවසයි. අවුරුදු 10ක් ඇතුළත් එය සිදු නොකළ ඔබ කෙරෙහි අප කෙසේ විශ්වාසය තබන්නෙමුද. විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු අධ්‍යාපනයට වෙන් කරන මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් කරන ලෙස උද්ඝෝෂණ කරද්ද එය සත පහකට නොතැකූ ඔබ කෙරෙහි කෙසේ නම් විශ්වාසය තබන්නද ? රටක් නගා සිටුවීමට ට නම් ඒ රටේ අධ්‍යාපනය දියුණු කළ යුතුය. අධ්‍යාපනයට අනුබද්ධිත සේවා, විශ්වවිද්‍යාලක උපාධියක් අවසන් කළ සිසුනට රැුකියා ලැබෙන ක‍්‍රමවේදයක්, ආදී සියලූ සියයකට සියයකින් නොවූවත් සැලැකිය යුතු සෑහිමකට පත්විය හැකි අයුරකින් තිබිය යුතුය.
සන්ධානයට ඡුන්දය දෙන්නත් වෙත, විමල් වීරවංශත් බන්දුල ගුණවර්ධනත් අතරින්
බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. එහෙයින් සන්ධානය වෙත ඡුන්දය
දෙන්නන් වෙත කරන දැනුම් දීමකි. සුදෝ සුදු චරිත මෙරටත් ලොව කොතැනවත් නැත.
අවශ්‍ය වන්නේ අවම වැරැුදිවලින් යුතු පිරිස් පාර්ලිමෙම්න්තුව නියෝජනය
කිරීමයි. ලක්ෂ 58ත් ලක්ෂ 62ත් මේ රටේ ජනතාවය. මාධ්‍ය ආයතනයක සේවකයකු වශයෙන්
ද පුරවැසියකු වශයෙන් මා ඔවුන් නියෝජනය කරන අතරම, මා ඉගෙනගත් නිදහස්
අධ්‍යාපනයට ඒ සියල්ලගේම බදු මුදල් අයත්ය. සෑම විටම මා පවසන්නේ, දේශපාලකයන්
වෙනුවෙන් අප කුළල් කා ගැනීම නොව විය යුත්තේ අප වෙනුවෙන් අපේ අයිතිවාසිකම්
වෙනුවෙන් අප පෙනිසීටිමයි. මනුස්සකම රැුකගැනීමයි.
Tuesday, July 21, 2015
දෑතේ වීර්යය
අඳුරු කුටිය තුළ
දොරගුළු ලා ගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
පොළොව කොටන තැන
පාර හදන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩ තුරා හැර දෑසේ
සිනිඳු සුවැති සළු සිරසින් හැරදා
දොරගුළු ලා ගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
පොළොව කොටන තැන
පාර හදන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩ තුරා හැර දෑසේ
සිනිඳු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකිි පිළි ගත පළඳා
දෙවියන් රුව දකිනට නැත්තේ
කුසුම් සඳුන් දුම් සුවඳින් වැළකී
ගත හැකි දාඩිය සුවඳින් සැරසී
දෙවියන් හා එක් විය හැක්කේ
දෙවියන් රුව දකිනට නැත්තේ
කුසුම් සඳුන් දුම් සුවඳින් වැළකී
ගත හැකි දාඩිය සුවඳින් සැරසී
දෙවියන් හා එක් විය හැක්කේ
Monday, July 20, 2015
මහින්ද රාජපක්ෂ මහතා මහා රජා යැයි අප විසින්ද ඔහුවද ඔහු විසින් අපවද
එකිනෙකාට රවටා ගැනීමට අප කටයුතු කළෙමු. මෛතී‍්‍රපාල සිරිසේන නෙල්සන්
මැන්ඩෙලා කිරීමට ගොස් යාන්තන් නූලෙන් අපි ආරක්ෂා වීමු. මෛතී‍්‍රපාල සිරිසේන
ජනපතිවරයා නෙල්සන් මැන්ඩෙලා හා සමාන වීමට තවත් බොහෝ දුර ගමනක් යා යුතුය.
එය වසර පහක් හෝ දහයක් විය හැකිය. අප සියල්ලෝම ආශාවන් ඇලි ගැලී සිටින
පෘථග්ජන මිනිසුන් නිසාත්, මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාත් එවැන්නෙක්
නිසාත්, ඔහු තවත් වසර පහක් සිටීමට තීරණය කළහොත් එය පුදුමයට කරුණක් නොවන බව මතක
තබා ගත යුතුය. කෙසේ නමුත් නෙල්සන් මැන්ඩෙලා හෝ මහත්මා ගාන්ධි හා ජනපතිවරයා
සමාන යැයි කියන්නට ගොසින් අපට කෙළවනු ඇත. මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාට
ට‍්‍රැක් පනින්නට නොදී යහපාලන මගේම ගෙනයන්නට කටයුතු කළ යුත්තෙත් සිවිල්
සංවිධාන බුද්ධිමතුන් ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශ කළ යුත්තේත් එබැවිනි. ජනවාරි 8
වැනිදා වෙනස ඇති කරගැනීමට බුද්ධිමතුන් යම් කිසි කාර්යයක් කළා සේම, පසුගිය
කාලය පුරාවටම ඔවුන් පෙරට පැමිණ අදහස් දැක්වීම නිසා යම් කිසි වෙනසක් සිදු
කරගැනීමට හැකිවිය. එබැවින් ඉදිරි කාලයේදීද ඔවුන්ගේ සේවය ලැබෙන්නේ නම් තවත්
අගනේය.
පී.හැරිසන් මහතාගේ ගෝල බාලයකු, හැරිස්න මහතාගේ පෝස්ටරයක රැුවුලක් ඇන්දැයි පාසල් සිසුවකුට ගුටි බැට දෙන්නට තරම් තු-ුච්ජ පහත් ධීන තත්ත්වයකට ඇද වැටී ඇත. අනුගාමිකයන්, බත් බැලයන්, නිවටයන්, බත් පැකැට්ටුවට, අරක්කු බෝතලයට, මුදලකට, හෝ සිහි බුද්ධියෙන් සිතන්නට බැරි පුද්ගලයන් සිදු වූ පසු මෙවැනි දේ අපේක්ෂා කිරිමට අපට සිදුවෙයි. පසුගිය වසර දහය පුරාම මෙවැනි බත් බැලයන් නිර්මාණය වූ එම සංස්කෘතිය ජනවාරි 8 වැනිදායින් අවසන් නොවූවද යම් තාක් දුරකට අඩු විය. එය නැවත හිස ඔසවන්නේ නම්, අප යන්නේ ජනවාරි 8 සිටියාට වඩා පහළ අඩියකටය. අනුගාමිකයන් නොව බුද්ධියෙන් සිතිමට හැකි තාර්කික බුද්ධියක් ඇති පුද්ගලයන් ඇතිවිය විය. පාක්ෂිකයකු වූ පමණින්, මනුස්ස ගතිගුණ තුරන් විය නොහැකිය. සියුම් උපහාසයක් විඳ දරා ගත නොහැකි ගොබ්බයන් නැවත පාර්ලිමේන්තුවට පත් නොවිය යුතුය. අනුගාමිකයන් නොව සිහි බුද්ධියෙන් සිතිය හැකි විවේචන විඳ දරා ගත හැකි පාක්ෂිකයන් අවශ්‍යය. ගැතිකම් කරන්නන් නොව පක්ෂ නායකයා වුවද වැරැුදි නම් වැරැුදියි කියන්නටද කොන්දක් තිබිය යුතුය. පාසල් සිසුවකට පහර දෙන්නට තරම් ධීන අඳ බාලයන් නිසා දේශපාලකයන්ගේ කැරැුට්ටුව ද පක්ෂය ද සමස්ථ දේශපාලනය කි‍්‍රයාවලියද ගඳ ගස්වනු ඇත.
Friday, July 17, 2015
කුරුණෑගල දුප්පත්කම, සියයට 6.3යි. හම්බන්තොට, 4.9යි. කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ නල ජලය ඇත්තේ සියයට 4කට පමණි. මේ ආකාරයෙන් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ දුර්වලතා සඳහන් කළ හැකිය. 1990 සිට පවතින වකුගඩු රෝගය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජය කිසිවක් නොකළ අතර, මේ රජයේ කමිටුවක් පමණක් පත් කර ඇත. එහෙයින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා කුරුණෑගල සටනේදී පරාජය කරන්නට සාධක ඇති වුවමනාවටත් වඩා ඇත. අවශ්‍යව ඇත්තේ ඒවා නිවැරැුදිව භාවිත කිරීමය. එක්කෝ මහින්ද රාජපක්ෂ පමණක් පරාජය කිරීමට සියලූ දෙනා කුරුණෑගල යා යුතුය, එසේත් නැතිනම් මහින්ද රාජපක්ෂ මහතාට ඕන මගුලක් කරගන්නට ඉඩ දී ඔහුගේ නුගේගොඩ කල්ලියේ සාමාජිකයන් පරාජයට පත් කළ යුතුය. එක්සත් ජාතික පක්ෂයට, ජනතා විමුක්ති පෙරමුණට සහ අනෙකුත් පක්ෂ සියල්ලටම මේ දෙකෙන් කෝකත් පහසුය. මහින්ද රාජපක්ෂ නඩයේ බොහෝ දෙනකුට තනිව මැතිවරණයක් ජයග‍්‍රහණය කිරීමේ හැකියාවක් නැත. එහෙයින්, මහින්ද රාජපක්ෂට රටා යන්නට සිදුවන අතර, ඔහුගේ නඩයටද ඔහු වටා යන්නට සිදු වේ. නැවත නැවතත් කියන්නට ඇත්තේ මහින්ද රාජපක්ෂත් ඔහුගේ නුගේගොඩ කල්ලියත් පරාජයට පත් කළ යුතුය. ඒ ඔහු සමඟ පෞද්ගලික තරහක් නිසා නොව, ඔහුගේ ත‍්‍රාඩ, දුෂ්ට, මැර පාලනය පරාජයට පත් කළ යුතු නිසාවෙනි.
Thursday, July 16, 2015
අත්තලා
මතක නැත මට
අම්මගේ තාත්තාගේ
පියවරුය
ඇත්තේ ආදරයක්
උන්දැලා වෙත
ඒ හින්දම ද කොහේදෝ
දැක්කමත් මග තොටදී
ලොකු තාත්තා කියන හැකි
උණු වෙයි මගේ හිත
මෑතකදී මුණ ගැසුණි
සීයා කෙනකු මට
හැමට දිග හැරෙන
සුපුරුදු පැනය මගේ
කෑවද සීයේ විමසුවෙමි මම
ඔව් යැයි ලැබුණු පිළිතුරු මට
පැන පැන විමසුවෙමි
පැන කිහිපයක් මම
උන්දෑ දුනි පිළිතුර
කඳුළු සළ සළ
කෑවා දරුවෝ මාව
නාස්ති කළා සල්ලි මගේ
යැයි පිළිතුරු රැුසකි ලැබුණි මට
තාත්තා සිහිවිය මගේ මට
වීරයා වූ
ඕනෑ වූ විටදී පමණක්
මතක් වෙන
හර්ෂණ තුෂාර සිල්වා
මතක නැත මට
අම්මගේ තාත්තාගේ
පියවරුය
ඇත්තේ ආදරයක්
උන්දැලා වෙත
ඒ හින්දම ද කොහේදෝ
දැක්කමත් මග තොටදී
ලොකු තාත්තා කියන හැකි
උණු වෙයි මගේ හිත
මෑතකදී මුණ ගැසුණි
සීයා කෙනකු මට
හැමට දිග හැරෙන
සුපුරුදු පැනය මගේ
කෑවද සීයේ විමසුවෙමි මම
ඔව් යැයි ලැබුණු පිළිතුරු මට
පැන පැන විමසුවෙමි
පැන කිහිපයක් මම
උන්දෑ දුනි පිළිතුර
කඳුළු සළ සළ
කෑවා දරුවෝ මාව
නාස්ති කළා සල්ලි මගේ
යැයි පිළිතුරු රැුසකි ලැබුණි මට
තාත්තා සිහිවිය මගේ මට
වීරයා වූ
ඕනෑ වූ විටදී පමණක්
මතක් වෙන
හර්ෂණ තුෂාර සිල්වා
Monday, July 13, 2015
කඳ බඩ දෙකම
රවුමට ලොකුවට
පිරුණු
සුදුම සුදු
ඇඳුමින් සැරැුසුණු
බිල්ලෝ එති
කැරැුට්ටුව අපිරිසුදු
දෙන්නැයි මනාපය
ඉල්ලති
ඉටු දෙවියන්
වෙයි අපි කතිරය
ගසන තෙක්
කතිර පිරුණු
පෙට්ටි උස්සාගෙන
යයි කාකි ඇඳුම් හැඳි උන්
කතිරය ලැබෙන තෙක්
පමණයි උන්ගේ මනාපය
අපට
වෙයි අමතක උන්ට
අපි කුසගින්නේ
උන් බුදති
තළු මරති
අපිටත් එක්ක
හර්ෂණ තුෂාර සිල්වා
2015.07.13
රවුමට ලොකුවට
පිරුණු
සුදුම සුදු
ඇඳුමින් සැරැුසුණු
බිල්ලෝ එති
කැරැුට්ටුව අපිරිසුදු
දෙන්නැයි මනාපය
ඉල්ලති
ඉටු දෙවියන්
වෙයි අපි කතිරය
ගසන තෙක්
කතිර පිරුණු
පෙට්ටි උස්සාගෙන
යයි කාකි ඇඳුම් හැඳි උන්
කතිරය ලැබෙන තෙක්
පමණයි උන්ගේ මනාපය
අපට
වෙයි අමතක උන්ට
අපි කුසගින්නේ
උන් බුදති
තළු මරති
අපිටත් එක්ක
හර්ෂණ තුෂාර සිල්වා
2015.07.13
Thursday, July 9, 2015
වරප‍්‍රසාද
හිටපු ජනපතිවරයා නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇත. ගැටලූව ඇත්වේ ඔහුට හිමිවන වැටපු දීමනා වරප‍්‍රසාද සම්බන්ධවයි. මේ දක්වා තිබූ නීතිමය තත්ත්ව, ව්‍යවස්ථා ආදියෙහි කොතැනකවත් හිටපු ජනපතිවරයකු නැවත මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් අගමැති වුවහොත් යන්න පිළිබඳ සඳහනක් නැත. එහෙයින් ඒ පිළිබඳ පූර්වාදර්ශ කොතැනකවත්. එහෙයින් මැතිවරණයේදී හිටපු ජනපතිවරයාට දැන් හිමිව තිබෙන වරප‍්‍රසාද රාජ්‍ය දේපළ ලෙස හඳුනාගන්නා අතර ඒවා භාවිත කිරීම පිළිබඳ සදාචාරාත්මක ගැටලූවක් පැන නගී. ජනපතිවරායට ද, අගමැතිවරයා ටද කැබිනට් ඇමැතිවරු සම්බන්ධයෙන් මේ තත්ත්වය උද්ගත වේ. අවුරුදු 40කට ආසන්න කාලයක් මහින්ද රාජපක්ෂ මහතාට මේ රටේ මහජන මුදල් වැටුප, වරප‍්‍රසාද, දීමනා ලෙස ගෙවනු ලැබීය. ඉන් අනතුරුව ඔහු සියලූ තනතුරු වරප‍්‍රසාද භුක්ති විඳීමෙන් පසු නැවතත් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත. එහෙයින් නැවතත් ඔහුගේ සදාචාරය පිළිබඳ ගැටලූවක් නැවත පැන නගියි. හිටපු ජනපතිතුමනි, මොන්ටිසෝරියේ සිට විශ්වවිද්‍යාලයකට ගොස් උපාධියක් අවසන් කළ සිසුවකු නැවත මොන්ටිසෝරි යන්නට ඕනේ කියන්නේ බල ලෝභයට නොව ඒ කාලයේ ලැබූ සුන්දරත්වය නිසාත් එහි ඇති අත්දැකීම් නිසාත්ය, සරල ජීවිතයත් නිසාය. එහෙත් රටක පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු, ඇමැතිවරයකු, විපක්ෂක නායකවරයකු, අගමැතිවරයකු හා විධායක ජනපතිවරයකු වූ ඔබ නැවත පාර්ලිමේන්තුවරයකු වීම හරහා අපට පෙන්නුම් කරන ඔබේ සදාචාරය පිළිබඳ ඔබ ආදරය කරන මාතෘ භූමියේ ඔබේ දරුවන්ට ලබාදෙන ආදර්ශය කුමක්ද?
යහපත් රටක්
පෙර කී පරිදිම මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වුවද නොවූවද එය ගැටලූවක් නොකර ගත යුතුය. මැතිවරණයට ඉදිරිපත් වුවහොත් මැතිවරණයෙන්ද ඉන් පිටතදීත් නම්, බුද්ධිමය වශයෙන් හා සංවාදමය ඔහු පරාජයට පත්කළ යුතුය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා සමඟ පුද්ගලික වෛරයකින් නොව, ඔහු ගෙනගිය මර්දනකාරී වැඩපිළිවෙළ, ඔහු සමඟ සිටි පිරිවර කළ හොර මැර ජඩකම් සියල්ල පරාජයට පත්කළ යුතුය. මහින්ද රාජපක්ෂ කණ්ඩායම පමණක් නොව, අනෙකුත් ජාතිවාදී, මැරකම්වල නිරත වන අපේක්ෂකයන් ද පරාජයට පත්කළ යුතුය. ගෝලීය වශයෙන් අනෙකුත් රටවල් අපට වඩා සිය දහස් ගණනක් ඔබ්බෙන් තම මතු පරපුර මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කරන ගැටලූවලට පිළියම් සොයන විට අප රටක් වශයෙන් සිටින්නේ කොතැනැදැයි සිතා බැලිය යුතුය. අපට තවමත් විසඳා ගත යුතු, මෙතෙක් කලක් විසඳා නොගත්, ගැටලූ රැුසකට පිළිතුරු සොයාගෙන හෝ ඒ සඳහා උත්සාහ කර හෝ නැත. රට වැසියන් වශයෙන් අප නිදහසින් පසු අත්පත් කරගත් දෙයක් නැත. උපන්දා සිට යුද්ධයේ ආනිසංස දුටු අපි යහපත් රටක් අපේක්ෂා කරමු. එහෙයින් පාලකයන් වෙනුවෙන් කුළල් කා ගන්නා අපි ජාතියක් වශයෙන් මිනිසුන් වශයෙන් හැමදාමත් එකතැන පල් වෙමින් සිටිමු. සනත් විශ‍්‍රාම යන විට සනත් ඕනෑයි අපි නොකියාමු. සංගා මුරලි මහේල ටද එසේය. එසේ නම් මහින්ද රාජපක්ෂට එය අනුගමනය නොකරන්නේ මන්ද. මැතිවරණයකින් පරාජයට පත්වීමත් ජනපතිවරණයකින් පරාජයට පත්වීමත් යනු දෙකක්ය. එසේම විධායක ජනපති බලතල තිබියදී ම ජනපතිවරණයකින් පරාජයට පත්වීම තවත් දෙයකි. ජනපතිවරණය පරාජයට පත්වූ හිටපු ජනපතිවරණය මෙවර මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහු ජයග‍්‍රහණය කරනු ඇත. එහිදි ද පරාජයට කිරීමට හැකි නම් එය එක්තරා ආකාරයක ජයග‍්‍රහණයකි. කෙසේ නමුත් හැමදාමත් පාලකයන් පරාජය කිරීමටත් ජයග‍්‍රහණය කිරීමටත් වැඩ කරනවාට වඩා කළ යුතුව ඇති බොහෝ දේ අපිට ඇත. අපි වසරෙන් වසර මැතිවරණ පවත්වමින් මහජන මුදල් අපතේ යවමින් රට වළපල්ලට යවමින් සිටිමු. රටක් වශයෙන් අපට ආඩම්බර විය හැකි දෙයක් නැත. ඉතිහාසය පිළිබඳ උදම් ඇනීමෙන් වත්, ස්වභාවරධර්මයෙන් ලද සම්පත් පිළිබඳ ලොව පම්පෝරි ගැසීමෙන් වත් අපට ලැබෙන දෙයක් නැත. හිරෝෂිමාවට පරමාණු බෝම්බ දැමුවා කියා ජපානය ඇමෙරිකාවට ආඩපාලි තබන්නේ නැත. ඔවුන් අසල්වැසි චීනයටද අභියෝග කරමින්, ඇමෙරිකා ආර්ථිකය සමඟ කටයුතු කරමින් සිටියි. චීනය ද එසේය. ලොව සෑම රටක්ම මෙරට ආනයන කිරීමට කැමැතිය. ඒ ස්වභාවික සම්පත්, භුගෝලීය පිහිටීම ආදි බොහෝ හේතු කාරණා හේතුවෙනි. එහෙත් ඒ සියල්ල නිවැරැුදි ලෙස කළමනාකරණය කරගනිමින් ඉන්දියාව, චීනය ඇමෙරිකාව රුසියාව, බි‍්‍රතාන්‍ය ආදී රටවල් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට හැකි ප‍්‍රතිපත්තියක් අපට නැත. අවුරුදු 22ක් ජීවත් වූ මගේ පරම්පරාවට මගේ අම්මලා තාත්තාල හා ඊට පෙර පරම්පරා මෙන්ම සියල්ල විනාශ කරගත් රටක මිනිසුන් ලෙස මියයෑමට සිදු වුවද, අපට පසු පරම්පරාව හෝ අප ගැන සතුටින් කතාකරන, ස්වඋත්සහයෙන් නැගී සිටි රටක් ලෙස මේ මාතෘභූමිය ගැන කතාකරන දවසක් වෙනුවෙන් අපි සියල්ලෝම කටයුතු කළ යුතුය. ඒ සඳහා අප පක්ෂ වෙනුවෙන් නොව දූෂණයට, මැරකමට, අසාධාරණයට විරුද්ධවද යහපත් රටක් වෙනුවෙන් ද කඬේ යා යුතුය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.07.09
Tuesday, July 7, 2015
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු හා ඇමැතිවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාටත් අභියෝග කරමින්, තමන්ට අලූතින් ලැබෙන ඡුන්ද විනාශ කරගැනීමට උත්සාහ කරන බව කිව යුතුය. හිටපු ජනපතිවරයා කුමක් හෝ දිස්ති‍්‍රක්කයකින් ක-ුමක් හෝ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් මැතිවරණයට තරග කළද ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට වැඩි අවස්ථාවක් ඇත. එබැවින් එක්සත් ජාතික පක්ෂය හිටපු ජනපතිවරයාටත්, වත්මන් ජනපතිවරයාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් මාධ්‍ය සාකච්ඡුා පවත්මින් අභියෝග නොකරමින්, මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට කටයුතු කරන්නේ වඩාත් හොඳය.
Sunday, July 5, 2015
බලයට ඇති කෑදරකම නිසාත, නුගේගොඩ කල්ලියේ මායම් නිසාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා මෙවර මැතිවරණයට තරග කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඔහු තරග කළ ද නොකළ ද ඒ සම්බන්ධයෙන් ගැටලූවක් ඇති නොකර ගත යුතුය. මාගේ පෞද්ගලික කැමැත්ත ඔහු තරග කරන්නේ හොදය. ඉකුත් ජනවාරි 8 වැනිදා වසර දෙකක් තිබියදී ඔහු ඉල්ලාගෙන කෑවේය. මෙවර ද සැරසෙන්නේ ඒ සඳහා. කෙසේ නමුත් ඔහු සතුව ඇති ජනපි‍්‍රයතාවත්, පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇතැයි සිතිය හැකි නමුත්, මැදමූලනට ඉකුත් පළමුවැනිදා පැමිණි ජනතාව අනුව එය ද සැක සහිතය. හිටපු ජනපතිතුමනි,ඉතින් වසර පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂ, ඔබ හිටපු ජනපතිරයා ලෙස අත්පත් කරගෙන තිබූ කීර්තිනාමයද ඔබ විසින්ම, නැතිකරගැනීමට කටයුතු කරගැනීම ගැන නම්, අපට කළ හැකි කිසිවක් නැත.
Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
July
(15)
- නෝටින්හම්බි‍්‍රජ් හි දයා
- මිසයිල මිනිසා
- පසුගිය කාලය පුරාවට විශ්ව විද්‍යාල සිසුනය පහරදුන්,...
- සන්ධානයට ඡුන්දය දෙන්නත් වෙත, විමල් වීරවංශත් බන්දු...
- දෑතේ වීර්යය
- මහින්ද රාජපක්ෂ මහතා මහා රජා යැයි අප විසින්ද ඔහුවද...
- පී.හැරිසන් මහතාගේ ගෝල බාලයකු, හැරිස්න මහතාගේ පෝස්...
- කුරුණෑගල දුප්පත්කම, සියයට 6.3යි. හම්බන්තොට, 4.9යි...
- කෙටියෙන් පණිවිඩයක් එනතුරු සිටිමි මම බලාමග ලියුමක් ...
- අත්තලාමතක නැත මටඅම්මගේ තාත්තාගේපියවරුයඇත්තේ ආදරයක්...
- කඳ බඩ දෙකමරවුමට ලොකුවටපිරුණුසුදුම සුදුඇඳුමින් සැර...
- වරප‍්‍රසාද
- යහපත් රටක්
- එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රව...
- බලයට ඇති කෑදරකම නිසාත, නුගේගොඩ කල්ලියේ මායම් නිසා...
-
▼
July
(15)
