Thursday, July 9, 2015

වරප‍්‍රසාද

හිටපු ජනපතිවරයා නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇත. ගැටලූව ඇත්වේ ඔහුට හිමිවන වැටපු දීමනා වරප‍්‍රසාද සම්බන්ධවයි. මේ දක්වා තිබූ නීතිමය තත්ත්ව, ව්‍යවස්ථා ආදියෙහි කොතැනකවත් හිටපු ජනපතිවරයකු නැවත මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් අගමැති වුවහොත් යන්න පිළිබඳ සඳහනක් නැත. එහෙයින් ඒ පිළිබඳ පූර්වාදර්ශ කොතැනකවත්. එහෙයින් මැතිවරණයේදී හිටපු ජනපතිවරයාට දැන් හිමිව තිබෙන වරප‍්‍රසාද රාජ්‍ය දේපළ ලෙස හඳුනාගන්නා අතර ඒවා භාවිත කිරීම පිළිබඳ සදාචාරාත්මක ගැටලූවක් පැන නගී. ජනපතිවරායට ද, අගමැතිවරයා ටද කැබිනට් ඇමැතිවරු සම්බන්ධයෙන් මේ තත්ත්වය උද්ගත වේ. අවුරුදු 40කට ආසන්න කාලයක් මහින්ද රාජපක්ෂ මහතාට මේ රටේ මහජන මුදල් වැටුප, වරප‍්‍රසාද, දීමනා ලෙස ගෙවනු ලැබීය. ඉන් අනතුරුව ඔහු සියලූ තනතුරු වරප‍්‍රසාද භුක්ති විඳීමෙන් පසු නැවතත් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත. එහෙයින් නැවතත් ඔහුගේ සදාචාරය පිළිබඳ ගැටලූවක් නැවත පැන නගියි. හිටපු ජනපතිතුමනි, මොන්ටිසෝරියේ සිට විශ්වවිද්‍යාලයකට ගොස් උපාධියක් අවසන් කළ සිසුවකු නැවත මොන්ටිසෝරි යන්නට  ඕනේ කියන්නේ බල ලෝභයට නොව ඒ කාලයේ ලැබූ සුන්දරත්වය නිසාත් එහි ඇති අත්දැකීම් නිසාත්ය, සරල ජීවිතයත් නිසාය. එහෙත් රටක පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු, ඇමැතිවරයකු, විපක්ෂක නායකවරයකු, අගමැතිවරයකු හා විධායක ජනපතිවරයකු වූ ඔබ නැවත පාර්ලිමේන්තුවරයකු වීම හරහා අපට පෙන්නුම් කරන ඔබේ සදාචාරය පිළිබඳ ඔබ ආදරය කරන මාතෘ භූමියේ ඔබේ දරුවන්ට ලබාදෙන ආදර්ශය කුමක්ද?

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive