Thursday, July 16, 2015

අත්තලා
මතක නැත මට
අම්මගේ තාත්තාගේ
පියවරුය
ඇත්තේ ආදරයක්
උන්දැලා වෙත
ඒ හින්දම ද කොහේදෝ
දැක්කමත් මග තොටදී
ලොකු තාත්තා කියන හැකි
උණු වෙයි මගේ හිත
මෑතකදී මුණ ගැසුණි
සීයා කෙනකු මට
හැමට දිග හැරෙන
සුපුරුදු පැනය මගේ
කෑවද සීයේ විමසුවෙමි මම
ඔව් යැයි ලැබුණු පිළිතුරු මට
පැන පැන විමසුවෙමි
පැන කිහිපයක් මම
උන්දෑ දුනි පිළිතුර
කඳුළු සළ සළ
කෑවා දරුවෝ මාව
නාස්ති කළා සල්ලි මගේ
යැයි පිළිතුරු රැුසකි ලැබුණි මට
තාත්තා සිහිවිය මගේ මට
වීරයා වූ
ඕනෑ වූ විටදී පමණක්
මතක් වෙන


හර්ෂණ තුෂාර සිල්වා

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive