Friday, July 17, 2015

කුරුණෑගල දුප්පත්කම, සියයට 6.3යි. හම්බන්තොට, 4.9යි. කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ නල ජලය ඇත්තේ සියයට 4කට පමණි. මේ ආකාරයෙන් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ දුර්වලතා සඳහන් කළ හැකිය. 1990 සිට පවතින වකුගඩු රෝගය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජය කිසිවක් නොකළ අතර, මේ රජයේ කමිටුවක් පමණක් පත් කර ඇත. එහෙයින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා කුරුණෑගල සටනේදී පරාජය කරන්නට සාධක ඇති වුවමනාවටත් වඩා ඇත.  අවශ්‍යව ඇත්තේ ඒවා නිවැරැුදිව භාවිත කිරීමය. එක්කෝ මහින්ද රාජපක්ෂ පමණක් පරාජය කිරීමට සියලූ දෙනා කුරුණෑගල යා යුතුය, එසේත් නැතිනම් මහින්ද රාජපක්ෂ මහතාට  ඕන මගුලක් කරගන්නට ඉඩ දී ඔහුගේ නුගේගොඩ කල්ලියේ සාමාජිකයන් පරාජයට පත් කළ යුතුය. එක්සත් ජාතික පක්ෂයට, ජනතා විමුක්ති පෙරමුණට සහ අනෙකුත් පක්ෂ සියල්ලටම මේ දෙකෙන් කෝකත් පහසුය. මහින්ද රාජපක්ෂ නඩයේ බොහෝ දෙනකුට තනිව මැතිවරණයක් ජයග‍්‍රහණය කිරීමේ හැකියාවක් නැත. එහෙයින්, මහින්ද රාජපක්ෂට රටා යන්නට සිදුවන අතර, ඔහුගේ නඩයටද ඔහු වටා යන්නට සිදු වේ. නැවත නැවතත් කියන්නට ඇත්තේ මහින්ද රාජපක්ෂත් ඔහුගේ නුගේගොඩ කල්ලියත් පරාජයට පත් කළ යුතුය. ඒ ඔහු සමඟ පෞද්ගලික තරහක් නිසා නොව, ඔහුගේ ත‍්‍රාඩ, දුෂ්ට, මැර පාලනය පරාජයට පත් කළ යුතු නිසාවෙනි.

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive