දවසම පාරේ නුඹ
මිතුරන් සමඟය නිතරම
ගැවැසුණොතින් බල්ලන් සමඟ
නැගිටිනු මැක්කන් සමඟය
නුඹද ඒ කුලයේ වෙයි
නැත එනිසා වෙනසක්..
මඟ එතැයි මැදියම වෙනවිට උඹට දැනෙයි
කැරකෙන රෝද සතරකි
එළි විහිදන
උඹ එයි පෙරටම
පනියි පනියි
නිවසට එනතුරුම,
බලා සිටියි දෙනතුරු
විස්කෝතු
අම්මාද නිදන මහ ?
උඹයි මගේ මිතුරු
එනතුරු මඟ බලන
මිතුරු....
හර්ෂණ තුෂාර සිල්වා
2015.08.31
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Monday, August 31, 2015
අද හවස කොළඹ ජාතික රෝහලේ බාහීර රෝගී අංශයේදී සිදු ලැබූ අත්දැකීමකි. මා රෝගී තත්ත්වය පැවැසූ, කිසිවක් පරීක්ෂා නොකර බෙහෙත් ලියූවේ මෙරට මහජනතාවගෙන් බදු මුදලින් වැටුප් ලබන, මහජනතාවගේ බදු මුදලින්, අහිංසක ජනතාව මතින් අධ්‍යාපනය ලැබූ මැදි වියේ වෛද්‍යවරියකි. ඈ මට මෙය මෙහෙන් ගන්නැයි ද, මේක ෆාමසියෙන් ගන්නැයි ද කීවාය. ඉන් අනතුරුව, ඖෂධ ශාලාව වෙත ගිය මම වෛද්‍යවරිය දුන් තුණ්ඩු දෙකම, ඖෂධවේදියාට ලබාදුන් අතර මෙය ෆාමසියෙන් ගන්නැයි කී බව පවසමින් අනෙක් තුණුඩුව නැවත ගන්නට විමි. ඒ විගසම ඖෂධ ශාලාවේ සිටි පුද්ගලයා මෙසේ කීය. ‘‘ ඕක දෙන්න ඇයි ෆාමසියෙන් ගන්නේ, මෙහේ තියෙනවා’’ යැයි කීවේය. මට පසු පුද්ගලයාට ද ඒ සත්තැසියම විය. වෛද්‍යවරිය දුන් තුණ්ඩුව ෆාමසියට ඉදිරිපත් කළ ගත්විට, ඇයට කොමිස් මුදලක් ලැබෙනු ඇත. මා දන්නා සාමාන්‍ය ක‍්‍රමවේදය එයයි. ඖෂධ නිෂ්පාදකයන්ගේ මේ ආකාරයෙන් ඔවුහු වැටුප් ලබති. මෙරට මහජනතාවගේ බදු මුදලින් එසේත් නැතිනම් නිදහස් අධ්‍යාපනය කියාගන්නා, අහිංසක මිනිස්සුන්ගේ දරුවනට දෙන කිරි පැකැට්ටුවෙන් පවා බදු ගසන රටක, වෛද්‍යවරුන් අහිංසක මිනිසුන්ගේ මුදල් සූරා කන්නේ මේ ආකාරයෙනි. ෆාමාසියකින් බෙහෙතක් ගන්නට කී විට, මේක කීයක් වේවිද, බෙහෙත් ගත්විට ගෙදර යන්නට සිදුවේද, වේල පිරිමහගන්නේ ආදී ප‍්‍රශ්න වැලැක අහිංසක මිනිස්සු සිරවෙති. බෙහෙත් නොගෙන මැරෙනවාද, නොකා මැරෙනවාද යන දෙලොවේ සිරවෙන මිනිසුන් ඕනෑ තරම්ය. මේ අපේ රටේ නොමිලේ සපයනවා යැයි සෞඛ්‍ය තත්ත්වයේ තරමය. මෙවැනි අත්දැකීමට මා මුහුණ දුන්නේ පළමු වතාවටය. තමාගේ පොඩි එකාට ඩිස්පැන්සරියකින් බෙහෙත් නොදෙන්නට වත්කමක් නැති නිසා, රිජ්වේ ආර්යාව සොයා එන අම්මලා ඕනෑ තරම්ය. ඒ එන අය අතර යාපනයේ සිට පැමිණෙන අම්මලා තාත්තලා ද නැතුව නොවන බව මම අත්දැකීමෙන් දනිමි. දේශපාලකයන්, වේදිකාවලට නැග කෑ ගසන නොමිලේ සපයන සෞඛ්‍යයේ තරමය ඒ. බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පසුගිය දිනෙක, අසනීප තත්ත්වයක් උත්සන්න වී, ජාතික රෝහලේ මුදල් ගෙවන වාට්ටුවට ඇතුළත් කළේය. මුදල් ගෙවා නේවාසික ප‍්‍රතිකාර ලබන්නට තිබෙන වාට්ටුවට යා යුත්තේ සෝපානයකිනි. එම සෝපානය කි‍්‍රයාත්මක වන්නේ ලණුව ඇදීමෙනි. ඒ නිදහස් සෞඛ්‍යයේ තරමය. බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කාලයක් පුරා සැප වින්ඳේ, මෙරට මහත් ජනතාවක්, දුක සේ ජීවත් වෙද්දීය. අම්මලා තාත්තලා, දරුවාගේ බෙහෙත් ටික අරන් දෙන්නට, පාරවල් පුරා ඇවිදිති. ගෙදරට ගේන හාල් පොල් ටික අඩු කර බඩගින්නේ සිටිමින්, දරුවාට උණට කැස්සට බෙහෙත් දෙන වාර ඕනෑ තරම්ය. මේවා වෙනස් විය යුතුය. අඩු තරමින්, එකින් එක වෙනස් විය යුතුය. ලෝකයා ලෝකේ නැති ලෙඩ ගැන හොයද්දි, ඒවාට පිළියම් සොයද්දි, අපිට තාමත් පුංචි ලෙඩකට හරිහැටි බෙහෙත් දෙන්නට බැරිය. අහිංසක මිනිසුන්ගේ මුදලින් වෛද්‍යවරු වූවෝ, (තොප්පිය ගැලපෙන අයට පමණි), ඒ මිනිසුන්ගේ පොකට් එකට විදිති. තමාගේ දක්ෂතාවයෙන් නිදහස් වෙලාවක පෞද්ගලික රෝහලක සේවය කිරීම වෙනත් කතාවකි. තමා රජයට කළ යුතු සේවය මඟහැර පෞද්ගලික සේවාවේ යෙදේ නම් එය වැරැුදිය. ඊටත් වඩා බරපතළ කරුණ නම්, රෝහලේ තිබියදී, ෆාමසියෙන් ගන්න යැයි, රෝගීනට බෙහෙත් තුණ්ඩු ලබාදීමය. ඉහත කී ඖෂධවේදියා නොහිටින්නට මාත්, මට පසු ආ පුද්ගලයාත් ෆාමසියකට දැනටමත් මුදල් ගෙවා අවසන්ය. තමාගේ සේවය අකුරටම ඉටු කරන වෛද්‍යවරුන්ටත්, ඉහත මගෙත් මට පසු පුද්ගලයාගේත් මුදල් ඉතිරි කර දුන් ඖෂධවේදියා වැනි පුද්ගලයන්ටත් දීර්ඝායුෂ ලැබිය යුතුය. එමෙන්ම ඔවුන් කරන සේවයට මුදලින් ලැබෙන වැටුප් පමණක් නොව, කීර්ති ප‍්‍රශංසා ද නොමදව ලැබිය යුතුය.
Tuesday, August 18, 2015
ඉකුත් ජනපතිවරණයේදීත් මෙවර මැතිවරණයේදීත් මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන්, විශාල කාර්යභාරයක් ඉටු කළේය. නීතියට අකුරටම ඉටු කළේය. සියයට සියයක් නොවුණද ඔහු ඉතා කැපවීමකින් කටයුතු කළේය. ඔහුට ඒ සම්බන්ධයෙන් ගෞරවය හිමි විය යුතුය. මා දන්නා කරුණ නම්, ඔහුට එසේ හිමිවන ගෞරවය, ඔහු සිය කාර්ය මණ්ලයේ, ආයතනයේ පිරිසුදු කරන්නන් අතර පවා බෙදා දෙනු ඇත යන්නයි. මා පෞද්ගලික ඔහු හා අවස්ථා දෙකකදී මුණ ගැසී අතර ඒ අවස්ථා දෙකේදීම ඉතා සුහදශීලිව කටයුතු කළේ, ඔහුගේ තනතුර මෙන්ම, මාත් ඔහුත් අතර වයස් පරතරයද නොතකාය. මනා අවබෝධයක් හිමි පුද්ගලයකු ලෙස හැකි සුන්දර මැකෝ, මෙතෙක් කාලයකට බිහි වූ මැර කොමසාරිස්වරයෙකි. ඔහු සාධාරණ මැරයෙකි. තම බලය, තමාට හිමි සියල්ල භාවිත කරමින්, අපක්ෂපාතීව කටයුතු කළ බව සඳහන් කළ යුතුය. සියලූදෙනා සමඟ සිනහාවෙන්, සහයෝගයෙන් කටයුතු මහින්ද දේශපි‍්‍රය නැමැති මෙම පුද්ගලයා, පවසන කතා පවා, ඉතා තර්කානුකූල ඒවා බව ඒවා සිහි බුද්ධියෙන් අසන අයට පැහැදිලි යැයි සිතමි. ඔහුට ගෞරවයත්, රටේ ජනතාවගේ ආශීර්වාදයත් හිමි විය යුතුය. තවත් කාලයක් රටට සේවය කිරීමට ඔබට ශක්තිය, ධෛර්ය හිමිවේවායි පතමි. මැ.කො. ට , ජයවේවා.
හර්ෂණ තුෂාර සිල්වා
2015.08.18
ජනතාවට විමුක්තිය (නො) පෙනේද ?
සුනිල් හඳුන්නෙත්ති වැන්නන් පාර්ලිමේන්තුවේ සිටිය අපි නිරන්තරයෙන් කීවෙමු. කෙසේ නමුත් දැන් මැතිවරණය අවසන්ය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ පැවැති දැඩි මර්දනය දැන් නැත. නමුත් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පත්වන සිටින අතර, එය සුබවාදීව ගන්නේ නම් අපටත් රටටත් හොඳය. මෛතී‍්‍ර පාර්ශවයටත්, එක්සත් ජාතික පක්ෂයටත් යම්කිසි අභියෝගයක් එල්ල කිරීමට හැකි වනු ඇත. මහින්ද රාජපක්ෂ මහතා රට වෙනුවෙන් හිතැතිව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමු. මහින්ද රාජපක්ෂ මහතා බොරු බේගල් ඇද දමන්නේ නැතිව, පසුගිය කාලයේදී විපක්ෂයේ සිටිමින් ජනතා විමුක්ති පෙරමුණ කළ කාර්යය කරන්නේ නම්, මේ රට ගොඩනැගීමට එය විපක්ෂයකින් ලැබෙන සහයෝගයක් හා අත්තිවාරමක් වනු ඇත. පසුගිය කාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ හෙළිදරව් කිරීම් නිසා, බොහෝ දේ වැළැකුණ බව ඔවුනට ගෞරවයක් වශයෙන් සිහිපත් කළ යුතුය. ජනතා විමුකිත් පෙරමුණ ගැන තක්සේරුවක් ඉදිරි කාලයේදී ගත හැකිය. පසුගිය කාලයේ ඔවුන් දූෂණයට එරෙහිව ගෙන ගිය සටන ඉදිරියට ගෙන යෑමටත්, එක්සත් ජාතික පක්ෂයට ඕනෑ හැටියට කි‍්‍රයාකල බවට එල්ල වූ චෝදනාවලට පිළිතුරු දිය හැකි අයුරින් කටයුතු කරනු ඇතැයි ද අපේක්ෂා කරමු. ජවිපෙ සම්බන්ධයෙන් තක්සේරුවකට එළැඹිය හැක්කේ එවිටය. ඔවුන්ගේ විවේචන, හෙළිදරව් කිරීම්, මැතිවරණය ඉලක්ක කරගෙන සිදූවූවාක් ද නැද්ද යන්න එහිදි අනාවරණය වනු ඇත.
ජනතාවට විමුක්තිය උදාකළ හැකි යැයි සිතිය හැකි බොහෝ දෙනා ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවල සිටි නමුත්, ඉන් පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇත්තේ 4කි. (ලියන මොහොතේදී* මෙවර ඡුන්දයේදී ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පොදු ගැටලූ කිහිපයක් විය. තරුණ පරම්පරාවේත් බොහෝදෙනාගේත් කැමැත්ත ජවිපෙය වෙත තිබුණද, අවසන් මොහොතේ එය බෙහෙවින් වෙනස් විය. ඊට ප‍්‍රධාන හේතුවක් වූයේ, එසේ ජවිපෙයට ඇළුම් කළා බොහෝ දෙනාගේ පොදු සතුරා මහින්ද රාජපක්ෂ මහතාත්, ඔහුගේ කල්ලියත් වීමය. එම කල්ලිය නැවත බලයට එනු ඇතැයි ඔවුන් තුළ බියක් ඇතිවිය. අනෙක් කරුණ නම්, ප‍්‍රධාන පක්ෂයට නොදී ජවිපෙට දෙන ඡුන්දයකින්, වැඩක වේද යන්නය. ජවිපෙ කියන දේ ප‍්‍රායෝගිකව ඉටු කරනු ඇත්ද, යන්න තවත් කරුණකි. තවත් කරුණක් නම්, ජවිපෙය පෙන්වාදෙන ජනපි‍්‍රය සංස්කෘතියේ නොවන කතා, ආදිය ජනතාවටගේ වැඩි අවධානයකට යොමු වූයේ නැත. ජවිපෙ ඉදිරි අවුරුදු 10ක සැලැසුම් ගැන කියනවිට, ප‍්‍රධාන පක්ෂ දෙක, ජනතාවට පිනවන ජනප‍්‍රිය සංස්කෘතියේ දේ ගැන කතා කළේ, අරවා දෙනවා, මේවා දෙනවා, අරක වැඩිකරනවා, මේක වැඩි කරනවා යනුවෙන් ප‍්‍රකාශ කරමිනි.
කෙසේ නමුත් මැතිවරණය දැන් අවසන්ය. එජාපයට ජයග‍්‍රහණය හිමි ව ඇත. හෙට අනිද්දා ආණ්ඩුව පිහිටවනු ඇති අතර, අමාත්‍යධුරවලටද පත්වූවන් පත් කරනු ඇත. නැවත නැවතත් කියන්නට ඇත්තේ මේ රට ගොඩනැගිය යුත්තේ අප බවය. මේ රටේ සිටින්නෝ සියල්ලෝ ශ්‍රී ලාංකිකයෝ බවය. පත්වන ආණ්ඩුව සභාග ආණ්ඩුවක් වන බැවින්ද එහි සිටින විවිධ පාර්ශව හා මතවාද නිසා, ආණ්ඩුව අභ්‍යන්තරයේ ද මත ගැටුම් ඇතිවීමේ තත්ත්වයක් ඇත. මෙය ආර්ථිකයටත්, රටේ ප‍්‍රතිපත්ති සැකැසීමටත් යෝග්‍ය තත්ත්වයක් නොවන බව පැහැදිලිය. එබැවින් මත ගැටුම් අවම කරගනිමින්, සියල්ලන්ටම සතුටු විය හැකි ප‍්‍රායෝගික විසඳුම්, ප‍්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. වඩාත් වැදගත් වනුයේ ගන්නා එම කි‍්‍රයාමාර්ගත්, සිදු කරන ප‍්‍රතිසංස්කරණත්, දිගු කාලීන හා ප‍්‍රායෝගික ඒවා වීමයි.
අප බෙදී වෙන් වී කටයුතු කළ යුගය, අවසන් කළ යුතුය. එකවර අපට කඳු මුදුනට ළඟා විය නොහැක. 48 සිට අද වනතුරු අප ටිකෙන් ටික යහපත් පාලනයක් වෙත පරිවර්තනය වෙමින් සිටිමු. ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් හිමි ඉතිහාසයක් හිමි ව තිබූ අප, එය කෙළෙසා ගත්තෙමු. අද ඒ ගැන ආඩම්බර වීමට අයිතියක් අපට නැත. අප නැවතත් ඒ මුත-ුන් මිත්තන්ට ගෞරවයක් හිමි වන අයුරිනුත්, අනාගත පරම්පරාව අප ගැන කතා කරන තැනකට මේ රට ගෙනා යා යුතුය. ආසියාවේ ආශ්වාර්ය විය යුතු නැත. දකුණු ආසියාවේ කේන්ද්‍රස්තානයක් විය යුතු නැත. රටේ සාමාන්‍ය ජනතාවට හොඳින් ජීවත් වීමට හැකි පරිසරයක්, දරුවා පාසලට දමාගැනීම, රෝල ගසන්නේ නැතිව, කඩෙන් ණයට ගන්නේ නැතිව හාල් පොල් ටික පොතට ගෙනෙන තත්ත්වයක් නැති රටක් බිහි කළ යුතුය. අප තවමත් විසඳන්නේ ප‍්‍රාථමික ප‍්‍රශ්නය. අනෙක් රටවල් විසඳුම් සොයන්නේ අපට සිතන්නටවත් බැරි දේ වල් වලටය. අප මුලින්ම කළ යුත්තේ, අපේ පුංචි ප‍්‍රශ්න ටික විසඳා ගැනීමය. එම ප‍්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ සෑම පාර්ශවයක් සමඟම සාකච්ඡුා කරය. ඒවා දේශපාලනික වාසි තකා, කරන ඒවා නොවිය යුතුය.
පසුගිය කාලයේ, කොළඹ හොඳම නගරයක් ලෙස තේරී පත්වූ අතර, එය අවස්ථාවක් කරගනිමින් දේශපාලකයෝ එම වාර්තාව මැතිවරණ වේදිකාවල පට්ට ගැසූහ. කොළඹ එතරම් දියුණු වූවා නම්, එම පාර්ශව කොළඹින් එතරම් පරාජයක් ලබන්නේ නැත. එබැවින් අවශ්‍ය වන්නේ භෞතික සංවර්ධනයකටත් වඩා, මිනිසුන්ගේ පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමක්ය. රටේ මානව සම්පත් සෑම අතින්ම ශක්තිමත් වන විට, ඔවුන් තුළ නිරන්තරයෙන් තමාගේ වෘත්තිය, ආදායම්, ආදී සියල්ල ගැන අවම තෘප්තියක් හෝ ඇතිවන්නේ නම්, රට ඉබේම ඉදිරියට යනු ඇත.
ජනතාවට විමුක්තිය උදාකළ හැකි යැයි සිතිය හැකි බොහෝ දෙනා ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවල සිටි නමුත්, ඉන් පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇත්තේ 4කි. (ලියන මොහොතේදී* මෙවර ඡුන්දයේදී ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පොදු ගැටලූ කිහිපයක් විය. තරුණ පරම්පරාවේත් බොහෝදෙනාගේත් කැමැත්ත ජවිපෙය වෙත තිබුණද, අවසන් මොහොතේ එය බෙහෙවින් වෙනස් විය. ඊට ප‍්‍රධාන හේතුවක් වූයේ, එසේ ජවිපෙයට ඇළුම් කළා බොහෝ දෙනාගේ පොදු සතුරා මහින්ද රාජපක්ෂ මහතාත්, ඔහුගේ කල්ලියත් වීමය. එම කල්ලිය නැවත බලයට එනු ඇතැයි ඔවුන් තුළ බියක් ඇතිවිය. අනෙක් කරුණ නම්, ප‍්‍රධාන පක්ෂයට නොදී ජවිපෙට දෙන ඡුන්දයකින්, වැඩක වේද යන්නය. ජවිපෙ කියන දේ ප‍්‍රායෝගිකව ඉටු කරනු ඇත්ද, යන්න තවත් කරුණකි. තවත් කරුණක් නම්, ජවිපෙය පෙන්වාදෙන ජනපි‍්‍රය සංස්කෘතියේ නොවන කතා, ආදිය ජනතාවටගේ වැඩි අවධානයකට යොමු වූයේ නැත. ජවිපෙ ඉදිරි අවුරුදු 10ක සැලැසුම් ගැන කියනවිට, ප‍්‍රධාන පක්ෂ දෙක, ජනතාවට පිනවන ජනප‍්‍රිය සංස්කෘතියේ දේ ගැන කතා කළේ, අරවා දෙනවා, මේවා දෙනවා, අරක වැඩිකරනවා, මේක වැඩි කරනවා යනුවෙන් ප‍්‍රකාශ කරමිනි.
කෙසේ නමුත් මැතිවරණය දැන් අවසන්ය. එජාපයට ජයග‍්‍රහණය හිමි ව ඇත. හෙට අනිද්දා ආණ්ඩුව පිහිටවනු ඇති අතර, අමාත්‍යධුරවලටද පත්වූවන් පත් කරනු ඇත. නැවත නැවතත් කියන්නට ඇත්තේ මේ රට ගොඩනැගිය යුත්තේ අප බවය. මේ රටේ සිටින්නෝ සියල්ලෝ ශ්‍රී ලාංකිකයෝ බවය. පත්වන ආණ්ඩුව සභාග ආණ්ඩුවක් වන බැවින්ද එහි සිටින විවිධ පාර්ශව හා මතවාද නිසා, ආණ්ඩුව අභ්‍යන්තරයේ ද මත ගැටුම් ඇතිවීමේ තත්ත්වයක් ඇත. මෙය ආර්ථිකයටත්, රටේ ප‍්‍රතිපත්ති සැකැසීමටත් යෝග්‍ය තත්ත්වයක් නොවන බව පැහැදිලිය. එබැවින් මත ගැටුම් අවම කරගනිමින්, සියල්ලන්ටම සතුටු විය හැකි ප‍්‍රායෝගික විසඳුම්, ප‍්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. වඩාත් වැදගත් වනුයේ ගන්නා එම කි‍්‍රයාමාර්ගත්, සිදු කරන ප‍්‍රතිසංස්කරණත්, දිගු කාලීන හා ප‍්‍රායෝගික ඒවා වීමයි.
අප බෙදී වෙන් වී කටයුතු කළ යුගය, අවසන් කළ යුතුය. එකවර අපට කඳු මුදුනට ළඟා විය නොහැක. 48 සිට අද වනතුරු අප ටිකෙන් ටික යහපත් පාලනයක් වෙත පරිවර්තනය වෙමින් සිටිමු. ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් හිමි ඉතිහාසයක් හිමි ව තිබූ අප, එය කෙළෙසා ගත්තෙමු. අද ඒ ගැන ආඩම්බර වීමට අයිතියක් අපට නැත. අප නැවතත් ඒ මුත-ුන් මිත්තන්ට ගෞරවයක් හිමි වන අයුරිනුත්, අනාගත පරම්පරාව අප ගැන කතා කරන තැනකට මේ රට ගෙනා යා යුතුය. ආසියාවේ ආශ්වාර්ය විය යුතු නැත. දකුණු ආසියාවේ කේන්ද්‍රස්තානයක් විය යුතු නැත. රටේ සාමාන්‍ය ජනතාවට හොඳින් ජීවත් වීමට හැකි පරිසරයක්, දරුවා පාසලට දමාගැනීම, රෝල ගසන්නේ නැතිව, කඩෙන් ණයට ගන්නේ නැතිව හාල් පොල් ටික පොතට ගෙනෙන තත්ත්වයක් නැති රටක් බිහි කළ යුතුය. අප තවමත් විසඳන්නේ ප‍්‍රාථමික ප‍්‍රශ්නය. අනෙක් රටවල් විසඳුම් සොයන්නේ අපට සිතන්නටවත් බැරි දේ වල් වලටය. අප මුලින්ම කළ යුත්තේ, අපේ පුංචි ප‍්‍රශ්න ටික විසඳා ගැනීමය. එම ප‍්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ සෑම පාර්ශවයක් සමඟම සාකච්ඡුා කරය. ඒවා දේශපාලනික වාසි තකා, කරන ඒවා නොවිය යුතුය.
පසුගිය කාලයේ, කොළඹ හොඳම නගරයක් ලෙස තේරී පත්වූ අතර, එය අවස්ථාවක් කරගනිමින් දේශපාලකයෝ එම වාර්තාව මැතිවරණ වේදිකාවල පට්ට ගැසූහ. කොළඹ එතරම් දියුණු වූවා නම්, එම පාර්ශව කොළඹින් එතරම් පරාජයක් ලබන්නේ නැත. එබැවින් අවශ්‍ය වන්නේ භෞතික සංවර්ධනයකටත් වඩා, මිනිසුන්ගේ පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමක්ය. රටේ මානව සම්පත් සෑම අතින්ම ශක්තිමත් වන විට, ඔවුන් තුළ නිරන්තරයෙන් තමාගේ වෘත්තිය, ආදායම්, ආදී සියල්ල ගැන අවම තෘප්තියක් හෝ ඇතිවන්නේ නම්, රට ඉබේම ඉදිරියට යනු ඇත.
හර්ෂණ තුෂාර සිල්වා
2015.08.18
Monday, August 17, 2015
යාපනය අර්ධද්වීපයට බටහිර හා නිරිත දෙසින් පිහිටි අනලයිතිව්, එළුවන්තිව්,
නයිනතිව්, මණ්ඩතිව්, පුංකුඩුතිව්, ඩෙල්ෆ්ට් , කයිට්ස් ආදී කුඩා දුපත්
සමූහයක් එක්ව කයිට්ස් අසුන නිර්මාණය වී තිබේ.1931 දී පිහිටවනු ලැබූ කයිට්ස්
ආසනයේ එම වසරටම නියමිතවූ පළමු රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණය පැවැත්වීමට
නොහැකි වූයේ ඊට එරෙහිව උතුරේ ඇති වී තිබිණු විරෝධිතාව හේතුවෙනි. අදටත්
දුපත්වලින් පමණක් සැදී රටේ එකම මැතිවරණ බලප‍්‍රදේශය වන්නේ කයිට්ස් ආසනයයි.
එනිසාම ප‍්‍රදේශයට ආවේණික මෙම දුපත්වාසීන්ගේ ජීවන රටාවද තරමක්,
වෙනස්ය. බුදුන් වහන්සේගේ, දෙවැනි ලංකාගමනය, සිදු වූ නාගදීපය ද පිහිටි මෙම
ප‍්‍රදේශය මුලින් නාග ගෝති‍්‍රකයන්ගෙන්ද පසු බෞද්ධයන්ගේ වාසභවන්කව තිබී දැන
දෙමළ ජනාවාසයක් බවට පත්ව ඇත. යාපනයේ අඩුම ඡුන්ද දායකයන් සිටින කයිට්ස්
ආසනය වේලනෙයි, ඩෙල්ෆට් හා කයිට්ස් (කොටසක්) ප‍්‍රාදේශීය සභා, බලප‍්‍රදේශවලට
බෙදා පාලනය වේ. සිව්වැදෑරුම් ඊළාම් යුද සමයේ, පවා දිස්ති‍්‍රක්කයේ වැඩිම
කලක් රජයේ පාලනයට නතුව තිබූ ප‍්‍රදේශය වූයේ මෙයයි.
උපුටාගැනීම
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා ප‍්‍රතිඵල විශ්ලේෂණය
නීතිඥ කපිල මුණසිංහ
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා ප‍්‍රතිඵල විශ්ලේෂණය
නීතිඥ කපිල මුණසිංහ
හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ කෙටිම මැතිවරණ ඉතිහාසය හිමි තංගල්ල අසුන දශක තුනක් තුළ ලාංකීය දේශපාලනයේ අනභිබවනීය වාර්තා රැුසක්ම පිහිටුවීමට සමත්ව තිබේ. මෙම අසුන 1976 දී බිහිවන විට බෙලිඅත්ත හා තිස්සමහාරාම ආසනවල කොටස් අඩු වැඩි වශයෙන් ඊට එකතුවිය. භූමිය, ජනගහණය, මෙන්ම ඡුන්ද ප‍්‍රමාණය අතින් ද දකුණු පළාතේ දෙවැනි විශාලම ඡුන්ද කොට්ඨාශය වන මෙය අගුණුකොළපැලැස්ස, අම්බලන්තොට, තංගල්ල, ප‍්‍රාදේශීය සභා, සහ තංගල්ල නගර සභා බලප‍්‍රදේශවලට බෙදී ඇත. දිස්ති‍්‍රක්කයේ ආර්ථික, වෙළෙඳ හා මූල්‍ය කටයුතුවලින් සැලැකිය යුතු කොටසක් දෛනිකව සිදුවන කේන්දි‍්‍රය මධ්‍යස්ථානයක් වන්නේද මෙහි ඇති තංගල්ල නගරයයි. තංගල්ල ආසනයේ මුලින්ම පැවැති 77 මහ මැතිවරණයේදී එච්.එස් ද සිල්වා (ශ්‍රීලනිප* මහතා වැඩි ඡුන්ද 11,783කින් පරදා විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගෙන තිබුණේ එජාප ජිනදාස වීරසිංහ මහතාය. වසර 10ක්ම මෙහි මන්තී‍්‍රවරයාව සිටි වීරසිංහ මහතා 87 ජූලි 31 වැනිදා නාඳුනන තුවක්කුකරුවන් විසින් මරාදමන ලද්දේ රට තුළ මහත් දේශපාලන කැළඹීමක් ඇති වූ ඉන්දු ලංකා සාම ගිවිසුමට අත්සන් තබා දින දෙකක් ගතවීමටත් පෙරය. එම ගිවිසුමට එරෙහිව දකුණේ හටගත් දෙවැනි රාජ්‍ය වීරෝධී අරගලයේදී ඝාතනය කෙරුණු දසදහස් ගණන් පුරවැසියන් අතුරින් කැරැුලිකරුවන්ගේ වෙඩි උණ්ඩයට මුලින්ම ගොදුරු වූ පළමු දේශපාලන ප‍්‍රභූවරයා වන්නේ ද ජිනදාස වීරසිංහ මහතාය. එජාපය ලද දැවැන්ත ජයග‍්‍රහණයක් ද සමගින් 77 දී දිගහැරෙන තංගල්ල ආසනයේ, මැතිවරණ වංශකතාව ඊට දශක ත-ුනකට පසු අද වනවිට සහමුලින්ම කණපිට හැරී ඇත්තේ එය සන්ධානය සතු ප‍්‍රබලම බලකොටුවක් බවට පත්වෙමිනි.
උපුටාගැනීම
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා ප‍්‍රතිඵල විශ්ලේෂණය
නීතිඥ කපිල මුණසිංහ
උපුටාගැනීම
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා ප‍්‍රතිඵල විශ්ලේෂණය
නීතිඥ කපිල මුණසිංහ
දකුණු ලක ප‍්‍රගතිශීලි දේශපාලනයේ අනන්‍යතා සලකුණ මනාව පසක්කොට ඇති බෙලිඅත්ත ආසනය, ශ්‍රී ලංකාවේ 13 වැනි අගමැතිවරයා හා පස්වැනි විධායක ජනපතිවරයා බිහිකළ අසුනයි. පැරැුණි හම්බන්තොට අසුනට අයත්ව තිබූ එහි වඩාත් ජනාකීර්ණ කොටසින් 1946 වසරේ බිහි වූ මෙය හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ දීර්ඝතම දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන අසුනද වෙයි. 47,52,56 හා 60 ජූලි මහ මැතිවරණ 4දීම බෙලිඅත්ත ආසනය ජයගෙන එහි ප‍්‍රථම මහජන නියෝජිතය වූයේ ඞී.ඒ. රාජපක්ෂ මහතාය. 47 එ.ජා.ප යෙන්ද 52 දී නිදහස් පක්ෂයෙන් ද, 56 දී ම.එ.පෙ න්ද වශයෙන් තරග කරමිනි. 51 බණ්ඩාරනායක මහතා සමඟ එජාප ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය රාජපක්ෂ මහතා පසුව නිදහස් පක්ෂය පිහිටුවා ගැනීමට ද පුරෝගාමී විය. බෙලිඅත්ත ආසනයේ මෙතෙක් පැවැති මැතිවරණ ගණන 28කි. ඉන් ජයග‍්‍රහණ 17ක් ශ්‍රී.ල.නි.ප/එ.ජා.නි.ස ටද 10ක් එජාපය දිනාගෙන ඇති අතර ඉන් 9ක් ලබාගෙන ඇත්තේ 60 සිට 93ක දක්වා කාලයේදීය. ඉකුත් බොහෝ මැතිවරණවලදී ජවිපෙ තංගල්ල හා තිස්සමහාරාම ආසනවලට පසු දිවයිනේ තුන්වැනි වැඩිම ඡුන්ද ප‍්‍රතිශතය ලබාගෙන ඇත්තේ බෙලිඅත්ත ආසනයෙනි. 82 ජනපතිවරණයේදී සියයට 13.08ක්, 83 අතුරු මැතිවරණයේදී සියයට 5.65ක්, 99පළාත් සභා මැතිවරණයේදී 20.26ක්, 99 ජනපතිවරණයේදී 11.58ක් 2000 මහ මැතිවරණයේදී සියයට 14.20ක් , 2001 මහ මැතිවරණයේදී 18.12ක් හා 09 පළාත් සභා මැතිවරණයේදී සියයට 11.11ක් වශයෙනි.
උපුටාගැනීම
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා ප‍්‍රතිඵල විශ්ලේෂණය
නීතිඥ කපිල මුණසිංහ
උපුටාගැනීම
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා ප‍්‍රතිඵල විශ්ලේෂණය
නීතිඥ කපිල මුණසිංහ
මාතර දිසාවට අනුව වැල්ලබඩපත්තුව ආවරණය කෙරෙන දෙවිනුවර ආසනය 1959 දී පිහිටුවන ලද්දේ පැරැුණි හක්මන හා මාතර ආසනවල කොටස් කිහිපයක් එකට ඈඳාගෙනය. දිස්ති‍්‍රක්කයේ අඩුම ඡුන්ද ප‍්‍රමාණය සහිත අසුන වුවද 2007දී ධන්ද 74,396ක් ලියාපදිංචි වී තිබිණි. ඓතිහාසික දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවලයත්, රුහුණු සරසවිය හා රටේ දකුණු කෙළවරේම පිහිට ප‍්‍රදීපාගාරය මෙහි ඇති වැදගත් ස්ථාන තුනකි. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ කුඩාවිය සමඟද ඉතා සමීපව බැඳී තිබෙන මෙම ප‍්‍රදේශය 71 හා 87 89 රාජ්‍ය විරෝධී අරගලවලදී කැරැුලිකරුවන්ගේ ප‍්‍රබල බලකොටුවක් වී තිබිණි. 82 ජනාධිපතිවරණයේදී විජේවීර මහතා දිවයිනේ හයවැනි වැඩිම ඡුන්ද ප‍්‍රතිශතය ලබාගත් දෙවිනුවර ආසනයෙන්, ජ.වි.පෙ ද 99 පළාත් සභා මැතිවරණයේදීත් 2000,01 මහ මැතිවරණවලදීත් මාතර දිස්ති‍්‍රක්කයේ ඉහළම ඡුන්ද ප‍්‍රතිශතය ලබාගැනීමට සමත්විය. එසේම ජ.වි.පෙ. ත් කොටස්කරුවකු වී 2010 දී ගොඩනගාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ද, එම වසරේ පවත්වනු ලැබූ මහා මැතිවරණයේදී දිස්ති‍්‍රක්කයේ ඉහළම ඡුන්ද ප‍්‍රතිශතයට හිමිකම් කීවේය.
උපුටාගැනීම
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා ප‍්‍රතිඵල විශ්ලේෂණය
නීතිඥ කපිල මුණසිංහ
උපුටාගැනීම
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා ප‍්‍රතිඵල විශ්ලේෂණය
නීතිඥ කපිල මුණසිංහ
ගාල්ල නමින් මුල් වරට ආසනයක් ඇතිවන්නේ, 1931 පළමු රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණය සඳහා මැතිවරණ කොට්ඨාශය වෙන්කරන විටදීය. වැඩි ඡුන්ද 6640ක පහසු ජයග‍්‍රහණයක් ලැබූ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා ගාල්ල ආසනයේ මුල්ම මහජන මන්තී‍්‍රවරයාය. කේවල කොට්ඨාශ පාර්ලිමේන්තු නියෝජන ක‍්‍රමය පැවැති අවුරුදු 42න් 40ක්ම ගාල්ල අසුන නියෝජනය කර මෙරට දේශපාලන ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තබා ඇත්තේ විජයානන්ද දහනායක මහතාය. හෙතෙම 47,52 ල.ස.ස.ප යෙනද් 56 දී ම.එ.පෙ න්ද 60 ජූලි, 65 ල.ප‍්‍ර.ප සහ 70 එ.ජා.ප යෙන්ද තරගකොට මේ අසුන දිනාගත්තේය. මේ දක්වා ගාල්ල ආසනයේ දැනට පවත්වා ඇති සමස්ත මැතිවරණ 28න් එ.ජා.ප ය 14ක් ද පො.එ.පෙ/එ.ජ.නි.ස 08 ක්ද, ල.ස.ස.ප., ල.ප‍්‍ර,ප හා ම.එ.පෙ. ජයග‍්‍රහණය කර තිබූ අතර එම අවස්ථා පහේදීම විජයානන්ද දහනායක මහතාය. එස්.ඩබ්. ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු, ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වූ විජයානන්ද දහනායක මහතා චන්දි‍්‍රකා බණ්ඩාරනායක මහත්මියට පසු (94 අගෝස්තු 19 සිට නොවැම්බර් 12) හැරුණු විට කෙටිම කලක් අගමැතිධුරය දැරූ පුද්ගලයාද වෙයි.
උපුටාගැනීම
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා ප‍්‍රතිඵල විශ්ලේෂණය
නීතිඥ කපිල මුණසිංහ
උපුටාගැනීම
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා ප‍්‍රතිඵල විශ්ලේෂණය
නීතිඥ කපිල මුණසිංහ
මැතිවරණ කොමසාරිස්තුමාට ගරු කිරීමක් ලෙස, ප‍්‍රතිඵල බුකියේ නොදැමීමට තීරණය කළෙමි. එම නිසා නිල වශයෙන් නිකුත් කරන තෙක් බලා සිටින්නෙමු. අද සවස හතරට ඡුන්ද විමසීම් අවසන් වූ අතර, හෙට රාතී‍්‍රය වනවිට සියල්ල අවසන් වනු ඇත. මැතිවරණයේදී පක්ෂ පාට බෙදී කටයුතු කළ අප සියල්ලෝම එකම රටක එකම පුරවැසියෝය. එබැවින් ඉදිරියට අපි සමඟි සම්පන්නව කටයුතු කළ යුතු වෙමු. මේ රට ගොඩනැගිය යුත්තේ අප මින අන් අයෙක් නොවන බව නැවත නැවත පැවැසිය යුතුය. පාර්ලිමේන්තුවට 225 දෙනකුත්, මැති ඇමැතිවරුනුත් පත්වනු ඇත. ඔවුන් සියලූ දෙනාම පක්ෂ පාට බේදයකින් තොරව රටේ ජනතාවට සේවය කළ යුතු අතරම, ඔවුන් ලවා අදාළ කටයුතු කරගැනීම ද අප සියල්ලන්ගේම වගකීමකි. නව ව්‍යවස්ථාවක් තනා ගැනීම, ආණ්ඩු පත්වන විට වෙනස් නොවන ආර්ථික ප‍්‍රතිපත්තියක්, අධ්‍යාපන ප‍්‍රතිපත්තියක්, සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක්, විදේශ ප‍්‍රතිපත්තියක් තනාගැනීම අත්‍යවශය කරුණකි. වෙනස් කළ යුතු බොහෝ දෑ වෙති. 20 වැනි සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභා, විගණන පනත, තොරත-ුරු දැනගැනීමේ පනත ආදී බොහෝ සාර්ථක කර ගත යුතුව ඇත. සියල්ලෝම එකතු වී මෙම ප‍්‍රතිසංස්කරණ සකස් කරගත යුතුය. අපේ බෙදීම මැතිවරණයට පමණක් සීමා විය යුතුය. හරිදේ හරිය කීමටත්, වැරැුදි දේ වැරැුදී කීමටත් හැකි ශක්තිමත් බිහි කළ යුතුය. දේශපාලකයන්ගේ වන්ද භට්ටයන් නොවන, ශක්තිමත් ජාතියක් බිහි කළ යුතුය. අපි රටක් වශයෙන් ඉදිරියට යා යුතුය. උතුරු නැගෙනහිර වැසියන්ගේ ගැටලූවලට පිළියම් සෙවිය යුතුය. රටේ ජනතාවට එදා වේල හැකි ශක්තිමත් ආර්ථිකයක් බිහි කළ යුතුය. ණය නොවී පවුල ගෙනියන්නට හැකි ආර්ථිකයක්, ඇති කර ගත යුතුය. මේ සියල්ල එකවර කර ගත නොහැකිය. ටිකෙන් ටික සෙමින් කරගත යුතුය. ඒ නිසා, පැවැති සාමය ආරක්ෂා කරගනිමින් අපි සියල්ලෝම, එකම රටක වැසියන් ලෙස සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර, රටේ දියුණුවට එය අත්‍යාවශය කරුණක් මෙන්ම, අපි සියලූ දෙනාගේ වගකීමක් ද වෙයි.
හර්ෂණ තුෂාර සිල්වා
2015.08.17
හර්ෂණ තුෂාර සිල්වා
2015.08.17
Friday, August 14, 2015
යහපත් රටක්
ලබන සඳුඳා මහ මැතිවරණය පැවැත්වෙනු ඇත. නැවතත් කියන්නට ඇත්තේ යහපත් පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීම ගැනය.
මේ රට යහපත් තැනක් කළ යුතුය. රටක් වශයෙන් අපි ඉහළ තැනක සිටිනු දැකීම මගේත් තවත් බොහෝ දෙනකුගේත් සිහිනයකි. පසුගිය දිනෙක රාතී‍්‍රයේ අපට හමු වූ තී‍්‍රරෝද රථ රියදුරකු අප ඇසූ ප‍්‍රශ්නයකට මෙසේ පිළිතුරු. ප‍්‍රශ්නය, හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියනවා. දන්නවාද හොඳ මිනිස්සු නරක මිනිස්සු කවුද කියලා. පිළිතුර, එහෙම කියන්න දන්නේ නැහැ, මහත්තයෝ, හැමෝම හොරුනේ. අර පැත්තෙන් කියනවා, අරුන් හොරු කියලා, මේ පැත්තෙන් කියනවා, උන් හොරු කියලා. බලන් ගියාම හැමෝම හොරුය. අප කෙතරම් කීවත්, යහපත් පුද්ගලයන් තෝරාගැනීමේදී ජනතාව මහත් ගැටලූවකට මුහුණ දී සිටිති. අපේ අම්මාට සාරුවා සුනිල් ගැන කිව්වාට දන්නේ නැත. නිමල් ලාන්සා කුඩු ගේන බවක් හරි හැටි දන්නේ ද නැත. ප‍්‍රසන්න රණතුංග කප්පම් ගන්නා සැටි දන්නේ නැත. අම්මලා පවුල් පසුබිමින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේය. නමුත් ඒ පක්ෂයේ සිටින තක්කඩියන් ගැන නොදන්නවා මෙන්ම, මට අම්මාට ඒවා ඔප්ප කර පෙන්වීමට හැකියාවක් ද නැත. එක්සත් පක්ෂය ගත්තත් එසේය. පාරම්පරකිව, පවුල් පසු බිමෙන්ම බොහෝ දෙනා, පක්ෂවලට බෙදී සිටිති. ඔවුනට පෙනෙන්නේ අනෙක් පක්ෂයේ වැරැුදි පමණි. එම පක්ෂවල වැරැුදි කළ පුද්ගලයන්ට කෙදිනකවත්, නීතියෙන් දඬුවම් දීමක් සිදු වී නැත. එමෙන්ම, ප‍්‍රාදේශීය වශයෙන් ගත්තද, විවිධ ප‍්‍රදේශ ඒ ඒ පක්ෂවල බලකොටුය. ඒ පැත්තක අනෙක් පක්ෂයේ මතවාද ගෙන යෑම පවා ජීවිතය අහිමි කරගැනීමට හේතුවක් වන්නට පුළුවනි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා රටේ ජනතාව බේද බින්න කිරීමෙන් එය තවත් උත්සන්න විය. දෙමළ මනුස්සයෙක් දුටුවිට ඔහු කොටියකු, ත‍්‍රස්තයකු යැයි සිතන තරමට අප සාහසික විය. පසුගිය කාලයේදී එය මුස්ලිම් ජනතාවත් සිංහල ජනතාවත් අතර ඇතිවිය. ඒවා මේ රටේ දේශපාලකයන්ගේ නොපනත්කම්වල ප‍්‍රතිවිපාකය. දේශපාලනිකව අපේ මිනිසුන් සමඟ සංවාදවල නිරත විය නොහැක. සිදුවනුයේ මඩ ගසා ගැනීම්, පෞද්ගලික කෝන්තර, අවසානයේදී ගහ මරා ගැනීම්ය. අනෙකාට සවන් දීම, අනෙකා අවබෝධ කරගැනීම, තර්ක විතර්කවලින් පිරිපුන් දේශපාල සංවාද අපේ රටේදී නම් දුලබය. මැතිවරණයකදී මේ තත්ත්වය හොඳින්ම දැක ගත හැකිය. පවුල් පසුබිමත්, පාරම්පරික බවත් අනුව ඡුන්දය තීරණය කිරීමත්, මැතිවරණය දිනය කැඳවීමෙන් පසුව, එක් එක් දේශපාලන පක්ෂ විසින් බෙදා දෙන දෑ, ඔවුන් කරන කියන දේ මත බොහෝ දෙනකු ඡුන්දය තීරණය කරති. වසර 10ක් පුරා ජාතික රූපවාහිනිය ඔස්සේත්, ස්වාධීන රූපවාහිනියි ඔස්සේත් අනෙකුත් නාලිකා ඔස්සේත් බොහෝ දෙනා දුටුවේ නාමික සංවර්ධනයත්, මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ ඇතළු පිරිස් ජනතාව රවටමින් ගෙන ගිය කතාය. එහෙව් රටක ජනතාව එක්වර ජනතා මතයක් වෙනස් නොකළ හැක්කා සේම, ඔවුනොවුන් ට ඡුන්දය ප‍්‍රතිපත්ති මත තීරණය කිරීමට යොමු කිරීම අපහසුය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡුන්දය දෙන්නන්ටත් මහින්ද රාජපක්ෂට ඡුන්දය දුන්නන්ට බයියයන් ලෙසත්, අනෙක් පාර්ශවයට ටොයියන් ලෙසත් හැඳින්වීම එක්තරා ආකාරයකින්, අප විසින් කරන වැරැුදි කි‍්‍රයාවකි. ඕනෑම පුද්ගලයකුට ඕනෑම අයෙකුට ඡුන්දය දීමට අයිතිය ඇත්තා සේම, ඔවුන් විසින් තෝරා පත් කර යවනු ලබන පුද්ගලයන් අවම වැරැුදි ප‍්‍රමාණයකින් යුතු පුද්ගලයන් වීම සම්බන්ධයෙන් රටේ බුද්ධිමත් ප‍්‍රජාවත්, මා නියෝජනය කරන මාධ්‍යයත්, ආගමික ප‍්‍රජාවත්, සිවිල් සංවිධානත් කටයුතු කළ යුතු වෙයි. මැතිවරණයෙන් සුදුසු පුද්ගලයන් තෝරා පත්කරගැනීම අප සැමගේ වගකීමකි. මේ රටේ ජනතාවට සුදුසු රටක්, ජීවත්වීමට සුදුසු පරිසරයක්, සුදුසු ආර්ථික ක‍්‍රමයක් බිහි කිරීමට අප කටයුතු කළ යුතුය. අප ලෝක බලවතකු විය යුත-ුම නැත. සියලූ දුක්ඛ දෝමනස්සයන් තුරන් කිරීමට, ලෙඩ රෝග තුරන් කිරීමට, ආර්ථික අපහසුතා තුරන් කිරීමට මොන ජගතාවටත් නොහැක. උද්ධමනය තනි ඉලක්කමවා පවත්වා ගන්නවා සේම, අනෙකුත් සංවර්ධනයටත් යහපත් ජීවන රටාවටත් බාධා කරන සියලූ දේ අවම අගයක පවත්වා ගත යුතුය. අප සියලූ දෙනා කුමන අපේක්ෂකයා, කුමන පක්ෂයකට ඡුන්දය දුන්නද අවම වැරැුදි ප‍්‍රමාණයකින් යුත-ු පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීමට ඡුන්දය භාවිත කළ යුතුය.
හර්ෂණ තුෂාර සිල්වා
2-015.08.14
හර්ෂණ තුෂාර සිල්වා
2-015.08.14
Thursday, August 13, 2015
මහින්ද රාජපක්ෂ මැතිඳුණි,
ඉකුත් 8 වැනිදා ජනපතිවරණයෙන් පරාජයට පත්වූ පසු ඔබ වැදගත් අයුරින් නික්ම යනු ඇතැයි ද දේශපාලනිකව විශ‍්‍රාම සුවයෙන් කටයුතු කරනු ඇතැයි ද අපි අපේක්ෂා කළෙමු. ඔබගේ ඡුායාරූපය යොදාගනිමින් විකෘති හා නොගැළපෙන ඡුායාරූප භාවිත කළ විට අපි ඊට විරුද්ධ වූයේ ඔබට ඇති ගෞරවය නිසාවෙනි. මා ඇතුළු බොහෝ තරුණ පිරිස්, තරුණ මාධ්‍යවේදීන් ජනපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය දැක්වූයේ පසුගිය කාලය පුරාම ඔබ කළ අකටයුතුකම් බොහෝ දේ දැනගෙන සිටීමත් ඔබත් ඔබ කණ්ඩායමත් රටට කරමින් සිටි විනාශය දුටු නිසාය. ඔබ කළ අකටයුතුකම් මොනවා වුවද, රටට ඔබ යම් සේවයක් කළ අපි ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නේ කරන්නේ යුද්ධය නැති රටක සාමාන්‍ය ලියූ පළමු කණ්ඩායමේ සාමාජිකයකු ලෙසය. 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වූ අතර අපි දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නෙමු. ඒ යුද්ධයක් නැති රටකය. යුද්ධයක් අවසන් වූ පමණින් සාමායක් ලැබෙන්නේ නැත. කළ යුතු බොහෝ දේ විය. නමුත් 2009 පසු ඔබ රට ගෙන ගිය ආකාරය ගැන කිසි ලෙසකින් වත් සතුටට පත්විය හැකි අවස්ථාවක් නැත. 2010 ජනපතිවරණයේදී ද ඡුන්දය නොමැති වූවද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනි සිටියේ, සරත් ෆොන්සේකා දේශපාලනය නුසුදුසු හෙයිනි. අපි දේශපාලන විචාරකයෝ වත් පරතරට පත් වූවෝවත් නොවෙමු. නමුත් අවුරුදු 22ක් දුටු දෙයින් යමක් කමක් තේරුම් ගැනීමේ හැකියාවක් ඇතැයි සිතමි. අවුරුදු 15 16 වනවිටම අපි දේශපාලනය ගැන ඉගෙන ගන්නෙමු. ඒ පෙළපොතින් පමණක් නොව මාධ්‍යයෙන් වැඩිහිටියන්ගේ කතාවලට සවන් දීම ආදි සම්පත්වලිනි. අද වනවිට අපි අවුරුදු 15 16දී උගත් දේශපාලනය අද අවුරුදු 10 12 නංගිලා මල්ලිලා පවා දනිති. ඔබ මෙරට සිටි අගමැතිවරයකුට අඹ ඇටයකින් ගැසූ විට ඔහු ඔබ මුළු ලෝකයම හොල්ලයි යනුවෙන් පැවැසූ බවත්, ඔබේ පියා මූව හදන්නට බැහැ යනුවෙන් එම අගමැතිවරයාට පැවැසූ බවත් අසා ඇත්තෙමු. යුද්ධය අවසන් කිරීමට දේශපාලන නායකත්වය ලබාදෙමින්, ඔබ ජාත්‍යන්තරයේ කීර්තිය දිනාගන්නට සමත් වුවද එසැණින්ම ඔබ ඒ සියල්ල විනාශ කරගත්තේය. පෙර අවස්ථාවකදී පැවැසූවාක් මෙන්ම, ඔබ සෝභිත හිමියන් ඇතුළු පාර්ශව කී දේ ඇසුවා නම්, අදටත් ජනපතිය. ඔබ ඉක්මනින්ම වැරැුදි මාර්ගය තෝරාගත්තේ, බාලයන් ඇසුරත්, බලයෙන් උමතු වූවකු ලෙසත් කටයුතු කරමිනි. ඔබ ඔබ සමීපයට බාලයන් ලං කරගත්තා පමණක් නොව, යහපත් යැයි කිව හැකි පුද්ගලයන් තුට්ටුවකටවත් මායම් නොකළේය. යහපත් යැයි කිවහැකි යම් යම් පුද්ගලයන්ට වැරැුදි මගට යොමු කළ බවද කිව යුතුය. ජනපතිවරණයෙන් පරාජයට පත් වූ පසුත් ඊට පෙරත්, ඔබ ජාතිවාදය, ආගම්වාදය වපුරමින්, වංචා, දුෂණ සිදු කරමින්, එසේ සිදු කරන්නන්ට ඒ සඳහා ඕනෑ තරම් අවස්ථාව දෙමින්, මේ රට අන්ත ¥ෂිත තත්ත්වයකට ඇද දැමුවේය. ඔබට එරෙහිවන්නන්ට මරණය, සහතික කළේය. ඔවුනට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය දියත් කළේය. ඔබේ පුත් තරගයක ජය පරාජය තේරුම් ගන්නට නොහැකි පුද්ගලයෙකි. තරුණ කමට කොල්ලන් ගහ මරා ගැනීම සාමාන්‍ය වුවද දත් ගලවා වද හිංසා දෙන කි‍්‍රයා කළේ නම්, එහි ප‍්‍රතිවිපාක විඳිය යුතු යැයි ඔබට ඡුන්දය දුන් මා දන්න පුද්ගලයකු පැවැසීය. ඔබ කළ හා ඔබ විසින් අනුමත කළ අපරාධ ගැන ඔබට ඡුන්දය දෙන පුද්ගලයන් පවා කතා කරන්නේ, මහින්ද මහත්තයා එහෙම නැතැයි ඔහුගේ වටේ ඉන්න පිරිස් නිසා මෙහෙම වුණායි යනුවෙනි. ජනතාව ඔබට එතරම් ගෞරවයක් දක්වද්දි පවා, ඔබ ඔවුන් නොතැකූවේය. ඔබගේ වැඩිමහල් සොහොයුරෙකුත්, ඔබත් සමඟ ජ්‍යෙෂ්ඨ පළපුරුදු අත්දැකීම් ඇති දේශපාලනඥයකුත් ජනපතිවරණයකට නොයන්නයි පවසද්දී ඔබ ඊට කන් නොදුන්නේය. නුවර කාර් රේස් නොපවත්නයි මහ නායක හිමිවරු පවසද්දි ඔබ ඊට සවන් නොදුන්නා සේම, පුතුන්ට ඊට උල්පන්දම් ද දුන්නේය. කළ වැරැුදි එකින් එක කීමේ අවශ්‍යතාවක් නැත. ඔබ කළ ලොකුම වරදක් නම්, මේ රටේ ජනතාව, ඔබේ පක්ෂය, ආගම් බේද බින්න කිරීමය. බයියන් ලෙසත් ටොයියන් ලෙසත් ඔබ ඔවුන් බේද බින්න කළේය. ඔබට මහ රජුන් යැයි පැවැසුවේ ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මිදී ආ කාන්තාවකය. මා මුලින්ම ඔබට මහ රජුන් යැයි අමතන දුටු මුල්ම අවස්ථාව එය විය. එහෙව් ජනතාව ඔබ ත‍්‍රස්තයන් ලෙස හැඳින්විය. රටේ කලාව, කී‍්‍රඩාව, සමාජය ¥ෂණය කරන්නට අවසර දුන්නා මෙන්ම, එසේ කරන්නන්ගේ කි‍්‍රයාද නොමදව අනුමත කළේය. රාජ්‍ය තාන්ති‍්‍රකව ඔබට චීනයත් තවත් රටවල් කීපයක් ඇරෙන්නට වෙනත් කිසිදු රටක් සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට අසමත් විය. අද චීන ආර්ථිකය කඩා වැටෙන අතර, අපේ රටේ ආර්ථිකය තවමත් ඇත්තේ අස්ථාවර තත්ත්වයක. ඒ ජනපතිවරණය පැවැතීමත්, ජනපතිවරණයට පෙර සිටම රටේ ආදායම් මාර්ග පහළ තත්ත්වයක පැවැතීමත් ස්ථීර ආණ්ඩුවක් නොමැතිවීම නිසා, ආයෝජන, නිශ්චිත ආර්ථික ප‍්‍රතිපත්ති නොමැතිකම, ආදී කරුණු කාරණා හේතු කොටගෙනය. සියල්ල සිදු වී අවසන්ය. මෛතී‍්‍රපාල ජනපතිවරයා, අද ඔබට ලිපියක් ලියමින් බොහෝ දේ කියා ඇති අතර, එහි කරුණුත් ඔහුත් ඔබත් අතර බැඳීමත්, සිදු වූ දෑ පිළිබඳවත් ඔබ සිතා බලා, සත්‍ය අසත්‍යතා තේරුම් ගනු ඇතැයි සිතමි. යමෙකුට යමක් දුන් පමණින්, දෙන්නාට දුන් දෙය ලබාගත් පුද්ගලයාට බලපෑම් කීරිමට කිසිදු අයිතියක් නැත. ඔබට මේ රටේ ජනතාව තවමත් ගරු කරන අතර, ඉතිරි වී ඇති එම ගෞරවය ඉදිරියටත් තබාගන්නවාද නැද්ද යන්න පිළිබඳ වගකීම ඇත්තේ ඔබ සතුවය. පෙර කී පරිදි ඔබට යුද්ධයක් අවසන් කරමින් ඊට දේශපාලන නායකත්වය ලබාදුන් අතර, යම්කිසි ආකාරයක බෙදුම්වාදයක් නවතා දැමීමටද ඔබට හැකියාව ලැබිණි. නමුත් ඔබට සාමය දිනාගැනීමට නොහැකි විය. සියලූ ජනකොටස් වෙතින් ඔබට ලැබෙමින් තිබූ ජනප‍්‍රසාදය දිගින් දිගටම පවත්වා ගැනීමට ඔබ අපොහොසත් විය. ඔබත්, ඔබ මතින් ගොඩයන්නට සිටින පිරිසේත් නොමනා කි‍්‍රයා නිසා, අද දරුණු ප‍්‍රතිවිපාක විඳින්නේ ඔබය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.08.13
හර්ෂණ තුෂාර සිල්වා
2015.08.13
Wednesday, August 12, 2015
ෆෙඩරල් යනු දේශපාලනයේ එක්තර සංකල්පයකි. නමුත් ලංකාවේ සමහරක් දේශපාලකයන්ට අනුව ෆෙඩරල් යනු අති බිහිසුණු ක‍්‍රමවේදයකි. ඇමෙරිකා එක්සත් ජනපදය ෆෙඩරල් රාජ්‍යක් වන අතර අසල්වැසි ඉන්දියාවේ ද එසේය. ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දෙමළ බසින් ජාතික ගීය කියන්නට අවසර දුන් විට, ඉන්දියාවේ භාෂා මෙච්චරක් තියෙනවාය, ජාතීන් මෙච්චරක් තියෙනවාය, ආගම් මෙච්චරක් තියෙනවාය, එහෙව් ඉන්දියාවේ ද ජාතික ගීය ගයන්නේ එක් බසින් පමණක්ය යනුවෙන් බොහෝ දෙනා කියන්නට වූහ. නමුත් ලංකාවේ ෆෙඩරල් ගැන කියනවිට ජාතික ගීය දෙමළ බසින් ගැයීමට විරුද්ධ වෙමින් ඉන්දියාව සංසන්දය කළ පුද්ගලයන් අද ෆෙඩරල් ගැන කියූ විට ඉන්දියාව ඈඳා ගන්නේ නැත. එමෙන්ම ෆෙඩරල් රාජ්‍යයක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද අන්තර් ජංජාලයේ ම ෆෙඩරල් අති බිහිසුණුය, ෆෙඩරල් ආවොතින් රට බෙදෙනවාය, කොටි ඉපදෙනවායැයි කියති. මනුෂ්‍යයනි ෆෙඩරල් යනු දේශපාලන සංකල්පයකි. එය ලංකාවට ගැලපෙනවාද නැද්ද යන වෙනම කතාවකි. නමුත් න්‍යයාත්මක කරුණු අති බිහිසුණු යැයි අර්ථ දක්වමින් කෙරෙන හරයක් නැති දේ ගැන දැනුවත් කිරීම ඒ සම්බන්ධයෙන් දැනමුක් ඇති පුද්ගලයන් ගේ වගකීමක් යැයි සිතති. මිථ්‍යාව වැපිරීමට එරෙහි විය යුතු. ඊයේ පෙරේදා දිනයක චන්ද්‍රිකාවකින් ගොඩ බෑ පිට සක්වලයකු ෆෙඩරල් ගැන දේශන පවත්වන අයුරුද දුටිමි. මා දේශපාලන සංකල්ප ගැන නිර්වචන සපයන්නට තරම් පුද්ගලයකු නොවන අතර, ජනතාව මුලා කිරීම ගැන නම් නිහඬව සිටින්න නම් නොහැකිය. අපි ද බොහෝ නොදන්නා දේ ඉගෙනගත්තේ දන්නා පුද්ගලයන්ගෙන් අසා දැනගෙනය. එහෙත් අහිංසක ජනතාව රැුවටීම නොකළ යුතුය.
"පෞද්ගලික විශ්ව විද්‍යාල එපා" යන කෑ ගැසීම විශ්ව විද්‍යාල සිසුන්ගේ කුහකත්වයේ ප්‍රකාශයකි.
:- Methmalie Dissanayake
මමත් නියම ක්‍රමවේදයක් යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාල පවතිනවට එකඟයි. මොකද ලිබරල් ධනවාදය inevitable නිසා. ප්‍රශ්නෙ ඒක නෙවෙයි.
ඔය එපා එපා ප්‍රකාශය සමාජවාදී ප්‍රකාශයක්. අද තියෙන පෞද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහි මතවාදය එන්නේ ලිබරල් අධ්‍යාපනය යන ධනවාදය ස්ථාවර කරන ක්‍රමවේදයට එරෙහිව එන මාක්ස්වාදී ප්‍රතිපෝෂණයක් විදියට. මාක්ස් අධ්‍යාපන ක්‍රමවේදයක් ගැන විශේෂ යමක් ලියල නෑ. නමුත් පසුව ලුනචාර්ස්කි, ලක්සම්බර්ග්, ලෙනින්, කෘප්ස්කායා, අල්තූසර්, ග්‍රැම්ස්චි, ෆ්‍රෙයාරි වගේ අය මාක්ස්වාදී අධ්‍යාපන ක්‍රමයක් ගැන ගැඹුරට අධ්‍යනය කලා. 'පෞද්ගලික විශ්ව විද්‍යාල එපා' කියන සටන් පාඨයට එන්නේ ඔය වගේ දිගු චින්තන දහරාවක් දිගේ. ඕක නිකම් නිශ්මිට හරි විජේවීරට හරි සිගරට් එකක් ගගහ ඉද්දි නිකමට හිතුණ එකක් නෙවෙයි. නැත්නම් ජෙප්පන්ට බෝරිං උනා ම කොල්ලො පාරට දා ගන්න නටන මගඩියකුත් නෙවෙයි ඕක. ජන්දෙ ලං උනා ම ජෙප්පොයි කබ්බොයි කුරුට්ටොයි ඔක්කොම වැඩිපුර හයියෙන් ඕක කෑ ගහන එක ඇත්ත තමා. ඒත් ඔය ප්‍රකාශය හුදු දේශපාලන කඩේ යාමක ප්‍රකාශයක් නම් නැත්නම් කැම්පස් උන්ගෙ අභ්‍යන්තරය කුණු වීම නිසා පැන ආ කුහකකමක ප්‍රකාශයක් විතරක් නම් ඔය එපා මතවාදය මෙපමණ කල් පැවතුණේ කොහොම ද?
කතන්දරේ හොඳම හරිය මේක. සමානාත්මතාවය සහ සාධාරණත්වය උදෙසා restrictions පනවන්න කියල මාක්ස්වාදයේ කියවෙන්නෙ. ලංකාවේ මහා ඉඩම් හිමියන්ගෙ ඉඩම් ජනසතු වුණ එක, එතකොට කොච්චර සල්ලි තිබුණත් උසස්පෙළ සමත් වෙන්න බැරිනම් විශ්ව විද්‍යාලවලට යන්න බැරි වීම මේවා restrictions තමා, ධනපතින්ට එරෙහිව නැගෙන බාධක. මෙත්මලී උඹේ තර්කයෙන් බැලුවොත් අන්තිමට නාමල්ගෙ ඩිග්‍රි එක සාධාරණයි. මොකද උඹ ඔය restrictions එපා කියනවා. මහින්ද එලවන්න කතා කරල දැන් නිදහස සහ කැමැත්ත ගැනත් දැන් උඹ කතා කරනවා, එහෙනම් මහින්දට කැමැත්තක් කරගෙන ඉන්න දෙන්න තිබුණනේ? කෝ උඹේ අදහස්වල ඒකමිතිය ?
ඔය කියන විදියට මුළු මාක්ස්වාදය ම කාල් මාක්ස්ගෙ කුහකකම නිසා ලියවුණු එකක්. මාක්ස්වාදයේ අඩුපාඩු තියෙනවා, හැම වාදයක් ම වගේ පරිපූර්ණත්වය ගැන ප්‍රශ්න තියෙනවා. ඒත් මාක්ස්වාදය කියන්නේ කුහක ගස් බල්ලෙක් තමන්ගෙ කුහකකම පිරිමහගන්න ලියපු වෛරී සටහනක් නෙවෙයි.
රජයේ විශ්වවිද්‍යාල තුල ඉගෙන ගන්නා සිසුන් පෞද්ගලික වෛද්‍ය විද්යාල හා විශ්වවිද්‍යාල තහනම් කරනු යනුවෙන් කෑ මොර දීම කුහකත්වයේ උපරිමය ලෙස දකිමි.
නිදහස් අධ්‍යාපනය යනු අවශ්‍යතාවය ඇති ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු වීම විනා රජයේ විශ්වවිද්‍යාල තුලින් පමණක් උපාධියක් ලබා ගැනීමේ හැකියාව නොවන බව මේ කෑ මොර දෙන පිරිස වටහා ගත යුතුය. අධ්‍යාපනය යනු මූලික මිනිස් අයිතිවාසිකමක් වී ඇති ලෝකයක කෙනෙකුට මුදල් ගෙවා හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාවක් පවතී නම් එයට බාධා කිරීම මිනිසත් කමටද නිගාවක් යැයි සිතමි.
එමෙන්ම ඔය කියන පෞද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන බහුතරය කෝටි හා ප්‍රකොටිපතියන්ගේ දරුවන් නොව රජයේ විශ්වවිද්‍යාලයන්හි ඉගෙනුම ලබන සිසුන් සේම මධ්‍යම පාංතික දෙමව්පියන්ගේ දූ දරුවෝ වෙති. අධික තරඟකාරීත්වය නිසා උසස් පෙළ කඩඉම රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමේ මට්ටමට ජයගත නොහැකි වූවද තම පුතා හෝ දියණිය උපාධිධාරියෙකු ලෙස දැකීම සිය ජීවිතයේ වැදගත්ම සිහින වලින් එකක් ලෙස සලකන මෙම මධ්‍යම පාංතික දෙමව්පියෝ ඒ වෙනුවෙන් සිය කණකර ආභරණ, ගේ දොර ඉඩකඩම් විකුණා හෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට නොපැකිළෙති. මේ කෑමොර දෙන 'නිදහස් අධ්‍යාපනයේ එකම ගැලවුම් කරුවන්' තමන්ය යන ෆැන්ටසියේ සිටින පිරිස බොඳ කර දමන්නට දත කන්නේ මෙකී සිහින පොදි ය. ඇත්තටම ඔවුන්ට ලැජ්ජාවක් නැතිද?
විය යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල වළ පල්ලට නොයන පරිදි පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවා ඒවා නිසියාකාර නියාමනයකට ලක්වන පරිදි අධ්‍යාපන ව්‍යුහයක් සැකසීම විනා පෞද්ගලික විශ්වවිද්‍යාල සහමුලින්ම අහෝසි කර දමන ලෙස කෑමොර දීම නොවේ යැයි මා කියන්නේ එබැවිනි.
එම නිසා 'නිදහස් අධ්‍යාපනයේ එකම ගැලවුම්කරුවනි',
ප්‍රථමයෙන්ම කුහකත්වයෙන් මිදෙන්න. දෙවනුව නිදහස් අධ්‍යාපනය යනු කුමක්දැයි නිසි ලෙස වටහා ගන්න. ඉන් පසුව තමන්ට උපාධියක් ලබා ගැනීමේ යම් අයිතියක් පවතීද, එම අයිතියම ඔබත් සමඟ එකට උසස් පෙළට වාඩි වී රජයේ සරසවි සිහිනය ජයගත නොහැකි වූ ඔබේ සහෝදර සහෝදරියන්ටත් ඇති බව සිහියට ගන්න. ඔය කියන තරම් 'මානව දයාවක්' ඔබලා තුල ඇත්නම් ඒ සියල්ලටම පසු ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටින්න.
ජය!
https://www.facebook.com/pramudi90/about
https://www.facebook.com/pramudi90?fref=ts
(ඡායාරූපය: රංග සිරිලාල්/twitter)
Monday, August 10, 2015
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ඉතිරි වන්නේ අගමැතිවරයාත්, කැබිනට් මණ්ඩලයත් පමණි. නමුත් මෙවර පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසු, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුද ඒ ආකාරයෙන් සිටින බව විවිධ පාර්ශව ප‍්‍රකාශ නිකුත් කළ අතර, තවත් පිරිස් කියා සිටියේ පවතින්නේ අගමැතිවරයා ප‍්‍රමුණ කැබිනට් මණ්ඩලය පමණක් බවය. එසේ වුවද, ඔවුන් එම ධුරවල කටයුතු කරන්නේ, අදාළ කි‍්‍රයාවලිය පවත්වාගෙන යෑමට පමණි. සරල කියතොත් බාර කාර ආණ්ඩුවකි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අමාත්‍යධුරවලින් ඉවත්වීම විහිළුවක් බව නැවත නැවත කියමි. එසේ කිරීමේ අවශ්‍යතාවක් නැත. ඡුන්දයක් තියෙන්නේ ආණ්ඩුවක් කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමටය. පරාජයට පත්වන පිරිස විපක්ෂයේ අසුන් ගනු ඇත. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සේම, වත්මන් කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්ෂකවරයාත්, රජයෙන් වරප‍්‍රසාද වශයෙන් ලැබී ඇති වාහන වෙනුවෙන් අදාළ මුදල් ගෙවූ බව පසුගිය සමයේ වාර්තා විය. හිටපු ජනපතිවරයාට මැතිවරණ අපේක්ෂකයකු ලෙස පැමිණෙන්නැයි කවුරුවත් කීවේ නැත. ඔහු පැමිණිය පසු, ඔහුට ලැබුණු වරප‍්‍රසාද ඒ ආකාරයෙන්ම ලැබී ඇති අතර හරිනම් විය යුත්තේ ඔහුටත් සාමාන්‍ය අපේක්ෂකයකුට ලෙස සැලැකීමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු එයයි. යුද්ධය අවසන් කිරීමේ දී ඔහු දේශපාලන නායකත්වය දුන් බව හැබෑය. නමුත් සටන් බිමේ දහස් ගණන් හමුදා සාමාජිකයෝ ජීවිතය නොතකා සටන් කළහ. රටේ දෙපැත්තේ එකම රටේ වෙසෙන ජනතාව ජීවිතක්ෂයට පත්වූයේ සමාජ ගැටලූවලට පිළිතුරු නොලැබීම හේතුවෙනි. කරුණා අම්මාන්ට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති විය හැකි නම් ප‍්‍රභාකරන්ටද ඒ අවස්ථාව හිමි විය යුතුය. මට හමු වූ පත්තර කලාවේ ජ්‍යෙෂ්ඨයකු, මෙසේ පැවැසීය. ( ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව වෙනුවෙන් සාම සාකච්ඡුාවලට සහභාගී වූ කණ්ඩායමේ කෙනෙකි.) //ඇන්ටන් බාලසිංහම් සාම සාකච්ඡුාවලදි කිව්වා අර කැලේ ඉන්න හාදයට මේවා තේරෙන්නේ නැහැ// කියලා. ප‍්‍රභාකරන් කිසිම අවස්ථාවක සාමයට කැමැත්තක් දැක්වූවකු නොවන බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ද ඒ සමාන ගති පැවැතුම් ඇත්තෙකි. ඔහුට යුද්ධය අවසන් කළ හැකි වුවද, සාමය දිනාගත නොහැකි විය. උතුරේත් දකුණේත් ජනතාවගේ හිත් දිනාගැනීමට නොහැකි විය. ඉහත කරුණ වෙත නැවත අවධානය යොමු කළොත්, කැබිනට් මණ්ඩලයේ අයෙකුට වුවද ඉල්ලා අස්විය හැකිය. අගමැතිවරයාට ද එසේ කළ හැකිය. නමුත් එහි ඇති පලය කුමක් ද. ඉන් ජනතාවට ලැබෙන දෑ, පණිවිඩය කුමක් ද. මේවා දේශපාලකයන් තම තමන්ගේ වාසි වෙනුවෙන් කරන දේවල්ය. එසේ ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නැත. නොබෝ දිනකින් මැතිවරණයෙන් පැවැත්වෙන්නේ පාර්ලිමේන්තුවට මන්තී‍්‍රවරුන් පත්කර ගැනීමටය. එසේ තිබියදී ඉල්ලා අස්වීම විහිළුවකි.
සබ්බේ පුතග්ජනෝ උම්මතකෝ
ජනතා විමුක්ති පෙරමුණට සෑම පවුලකින්ම ඡුන්දයක් දෙන්න යැයි පක්ෂය ඉල්ලන නමුත් ජනතා විමුක්ති පෙරමුණට ඡුන්දයක් දෙන්නට බොහෝ දෙනාට හිත හදාගන්නට බැරිය. තාත්තා කියන ආකාරයට මගේ බාප්පා පාරේ සිටියදී, ජවිපෙ කි‍්‍රයාකාරීන් විසින් ඇදගෙන ගොස් ඇති බාප්පාගේ අයියලා වන මගේ තාත්තාත් මහප්පලාත් ගෙදර නොසිටින්නට අද මට බාප්පා කියන්නට කෙනෙක් නොසිටින්නට ඉඩ ඇත. ජනතා විමුක්ති පෙරමුණු අතින් තරුණයන්ගේ ජීවිත නැති වූ බව හැබෑය. එසේ ඡුනතා විමුක්ති පෙරමුණට ඡුන්දයක් දෙන්නට බොහෝ අම්මලාට තාත්තලාට හිත හදා ගන්නට බැරිය. මගේ අක්කා උපදින්නේ 88ය. 71 කැරැුල්ලත් 88 89 කැරැුල්ලත් ඇතිවන්නේ අතෘප්තිය මුල් කරගෙනය. 53 හර්තාලයක් ද 58 සිංහල දෙමළ කෝලහාල ද ඇතිවිය. මේවාට හේතු ලෙස දැක්විය හැක්කේ දේශපාලකයන් තම වාසිය උදෙසා කෙටිකාලීන විසඳුම් ලබාදීමය. කාලයක් යද්ද සමාජ ගැටලූ, තරුණයන්ගේ ගැටලූවලට විසඳුම් නොලැබී යෑම කැරැුලි ඇතිවන්නට හේතුවිය. සෑම ආණ්ඩුවක්ම අවම වශයෙන් එක් තරුණයකු හෝ ඝාතනය කර ඇත. සෑම පක්ෂයකටම එය අදාළය. ඉන් වැඩි චෝදනාවක් එල්ල වන්නේ ජනතා විමුක්ති පෙරමුණටය. මට හිතට එකඟව ජවිපෙයට ඡුන්දේ දෙන්න බැහැ. නමුත් ඔවුන් හොඳ ගමනක් යනවා. මගේ බෑණා මැරුණේ ඔවුන් අතින්. අනුර කුමාරට හොඳ දැක්මක් තියෙනවා. පුබුදු මෑතකදී මට හමු වූ මෙරට වැදගත් සැවොම පිළිගන්නා පැවැසීය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ ගැනද පැහැදීමක් ඇතැයි ඔහු මා සමඟ පැවැසීය. අද අපට තරුණයන් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් එවැනි ගැටීමක් නැති වුවද, අපේ වයස්වල තරුණයෝ එදා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඇති ඝාතනයට ලක්වුණු බව අදටත් නිරන්තරයෙන් අසන්නට ලැබේ. ඒ අම්මලාගේ දුක ගැන කියන්නට හෝ ඒවා නිවන්නට තරම්වත් හැකියාවක් අපට නැත. කෙසේ නමුත්, අද ඡුන්දය භාවිත කිරීමේදී තරණයන් වශයෙන් එය සිහි තබා ගත යුතුය. අපට අවුරුදු 20කට 30 කලින් සිදු දෑ ගැන පරීක්ෂණ කරන්නට පෙර, අවුරුදු 10ක් ඇතුළත සිදු වූ පරීක්ෂණ සිදු කළ අවසන් කළ යුතුය. වික්ටර් අයිවන් ස්වාධීන රූපවාහිනියේ සන්නස්ගලගේ සත්‍යාගාරය එක්වෙමින් කීවේ දැන්වත් වැරැුදිකරුවන්ට දඬුවම් දීම ආරම්භ කළ යුතු බවයි. ඒ අනුව පත්වන ආණ්ඩුවේ වැරැුදිකරුවන්ට විපක්ෂයේ සිටින්නන් ආණ්ඩු බලයට පත්වූ විටෙක දඬුවම් ලැබෙනු ඇත. ඒ අනුව එය චක‍්‍රයක් වශයෙන් කි‍්‍රයාත්මක වනු ඇත. කවදා හෝ මේ චක‍්‍රය, නිති සැකසීම, පරිමාණය වෙමින් කල්ගත වෙමින් නිවැරැුදි ක‍්‍රමයකට අනුගත වෙනු ඇත. 1948දී අපි චීනයට ජපානයට වඩා ඉදිරියෙන් සිටියේය. නමුත් අද චීනය හා ජපානය ඇත්තේ කොතැනද ? නමුත් අද වනවිට අපිට යමක් හෝ ඇත. සියල්ල එකවර වෙනස් වන්නේ නැත. නමුත් අප ක‍්‍රමයෙන් සෙමෙන් හෝ යහපත් රටක් වෙනුවෙන් වෙනස් විය යුතුය. වෙනස් කරගත යුතු දෑ බොහෝය. හිතහදාගෙන ජනතා විමුක්ති පෙරමුණට ඡුන්දය දෙන්න යැයි මා ඉල්ලන්නේ හෝ බල කරන්නේ නැත. ඡුන්දය දීමේ ඔබේ පෞද්ගලික කැමැත්ත මත තීරණයක් වන්නා සේම ඔබේ අයිතියකි. නමුත් කිසිම විටෙක ඡුන්දය නොදී සිටිමෙන් වළකින්න. නමුත් ඔබේ කැමැත්ත, තහවුරු කරගන්න. සන්ධානයේ, එජාපයේ අපේක්ෂකයකුට ඡුන්දය දීම තීරණය කිරීම ඔබ සතුය. මට හමු වූ විද්වත් පුද්ගලයා මෙසේ පැවැසීය. බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා, සබ්බේ පුතග්ජනෝ උම්මතකෝ කියලා. ඉතින් පිස්සන් කොටුවට අවම පිස්සුවක්, උම්මතකභාවයකින් පෙළෙන පුද්ගලයන් යැවිය යුතුයි. පැවැසීමට ඇත්තේ ද එයයි. අපි සියල්ලෝම ශුද්ධවන්තයෝ නොවෙමු. ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෝ ද එසේමය. එහෙයින් අවම වැරැුදි ප‍්‍රමාණයකින් යුතු පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවිය යුතුය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.08.10
හර්ෂණ තුෂාර සිල්වා
2015.08.10
Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
August
(18)
- දවසම පාරේ නුඹමිතුරන් සමඟය නිතරමගැවැසුණොතින් බල්ලන්...
- අද හවස කොළඹ ජාතික රෝහලේ බාහීර රෝගී අංශයේදී සිදු ල...
- "අස්ථීර වූ ස්තී‍්‍ර චින්තනය තුළ ස්ථීර පේ‍්‍රමයක්...
- ඉකුත් ජනපතිවරණයේදීත් මෙවර මැතිවරණයේදීත් මැතිවරණ ක...
- ජනතාවට විමුක්තිය (නො) පෙනේද ?
- යාපනය අර්ධද්වීපයට බටහිර හා නිරිත දෙසින් පිහිටි...
- හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ කෙටිම මැතිවරණ ඉතිහාසය හ...
- දකුණු ලක ප‍්‍රගතිශීලි දේශපාලනයේ අනන්‍යතා සලකුණ මන...
- මාතර දිසාවට අනුව වැල්ලබඩපත්තුව ආවරණය කෙරෙන දෙවිනු...
- ගාල්ල නමින් මුල් වරට ආසනයක් ඇතිවන්නේ, 1931 පළමු ර...
- මැතිවරණ කොමසාරිස්තුමාට ගරු කිරීමක් ලෙස, ප‍්‍රතිඵල...
- යහපත් රටක්
- මහින්ද රාජපක්ෂ මැතිඳුණි, ඉකුත් 8 වැනිදා ජනප...
- ෆෙඩරල් යනු දේශපාලනයේ එක්තර සංකල්පයකි. නමුත් ලංකාව...
- <!--[if gte mso 9]> Normal 0 f...
- <!--[if gte mso 9]> ...
- පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ඉතිරි වන්නේ අ...
- සබ්බේ පුතග්ජනෝ උම්මතකෝ
-
▼
August
(18)

