Wednesday, August 12, 2015

ෆෙඩරල් යනු දේශපාලනයේ එක්තර සංකල්පයකි. නමුත් ලංකාවේ සමහරක් දේශපාලකයන්ට අනුව ෆෙඩරල් යනු අති බිහිසුණු ක‍්‍රමවේදයකි. ඇමෙරිකා එක්සත් ජනපදය ෆෙඩරල් රාජ්‍යක් වන අතර අසල්වැසි ඉන්දියාවේ ද එසේය. ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දෙමළ බසින් ජාතික ගීය කියන්නට අවසර දුන් විට, ඉන්දියාවේ භාෂා මෙච්චරක් තියෙනවාය, ජාතීන් මෙච්චරක් තියෙනවාය, ආගම් මෙච්චරක් තියෙනවාය, එහෙව් ඉන්දියාවේ ද ජාතික ගීය ගයන්නේ එක් බසින් පමණක්ය යනුවෙන් බොහෝ දෙනා කියන්නට වූහ. නමුත් ලංකාවේ ෆෙඩරල් ගැන කියනවිට ජාතික ගීය දෙමළ බසින් ගැයීමට විරුද්ධ වෙමින් ඉන්දියාව සංසන්දය කළ පුද්ගලයන් අද ෆෙඩරල් ගැන කියූ විට ඉන්දියාව ඈඳා ගන්නේ නැත. එමෙන්ම ෆෙඩරල් රාජ්‍යයක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද අන්තර් ජංජාලයේ ම ෆෙඩරල් අති බිහිසුණුය, ෆෙඩරල් ආවොතින් රට බෙදෙනවාය, කොටි ඉපදෙනවායැයි කියති. මනුෂ්‍යයනි ෆෙඩරල් යනු දේශපාලන සංකල්පයකි. එය ලංකාවට ගැලපෙනවාද නැද්ද යන වෙනම කතාවකි. නමුත් න්‍යයාත්මක කරුණු අති බිහිසුණු යැයි අර්ථ දක්වමින් කෙරෙන හරයක් නැති දේ ගැන දැනුවත් කිරීම ඒ සම්බන්ධයෙන් දැනමුක් ඇති පුද්ගලයන් ගේ වගකීමක් යැයි සිතති. මිථ්‍යාව වැපිරීමට එරෙහි විය යුතු. ඊයේ පෙරේදා දිනයක චන්ද්‍රිකාවකින් ගොඩ බෑ පිට සක්වලයකු ෆෙඩරල් ගැන දේශන පවත්වන අයුරුද දුටිමි. මා දේශපාලන සංකල්ප ගැන නිර්වචන සපයන්නට තරම් පුද්ගලයකු නොවන අතර, ජනතාව මුලා කිරීම ගැන නම් නිහඬව සිටින්න නම් නොහැකිය. අපි ද බොහෝ නොදන්නා දේ ඉගෙනගත්තේ දන්නා පුද්ගලයන්ගෙන් අසා දැනගෙනය. එහෙත් අහිංසක ජනතාව රැුවටීම නොකළ යුතුය.

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive