Monday, August 17, 2015

මාතර දිසාවට අනුව වැල්ලබඩපත්තුව ආවරණය කෙරෙන දෙවිනුවර ආසනය 1959 දී පිහිටුවන ලද්දේ පැරැුණි හක්මන හා මාතර ආසනවල කොටස් කිහිපයක් එකට ඈඳාගෙනය. දිස්ති‍්‍රක්කයේ අඩුම ඡුන්ද ප‍්‍රමාණය සහිත අසුන වුවද 2007දී ධන්ද 74,396ක් ලියාපදිංචි වී තිබිණි. ඓතිහාසික දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවලයත්, රුහුණු සරසවිය හා රටේ දකුණු කෙළවරේම පිහිට ප‍්‍රදීපාගාරය මෙහි ඇති වැදගත් ස්ථාන තුනකි. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ කුඩාවිය සමඟද ඉතා සමීපව බැඳී තිබෙන මෙම ප‍්‍රදේශය 71 හා 87 89 රාජ්‍ය විරෝධී අරගලවලදී කැරැුලිකරුවන්ගේ ප‍්‍රබල බලකොටුවක් වී තිබිණි. 82 ජනාධිපතිවරණයේදී විජේවීර මහතා දිවයිනේ හයවැනි වැඩිම ඡුන්ද ප‍්‍රතිශතය ලබාගත් දෙවිනුවර ආසනයෙන්, ජ.වි.පෙ ද 99 පළාත් සභා මැතිවරණයේදීත් 2000,01 මහ මැතිවරණවලදීත් මාතර දිස්ති‍්‍රක්කයේ ඉහළම ඡුන්ද ප‍්‍රතිශතය ලබාගැනීමට සමත්විය. එසේම ජ.වි.පෙ. ත් කොටස්කරුවකු වී 2010 දී ගොඩනගාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ද, එම වසරේ පවත්වනු ලැබූ මහා මැතිවරණයේදී දිස්ති‍්‍රක්කයේ ඉහළම ඡුන්ද ප‍්‍රතිශතයට හිමිකම් කීවේය.

උපුටාගැනීම
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා ප‍්‍රතිඵල විශ්ලේෂණය
නීතිඥ කපිල මුණසිංහ
   

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive