රජයේ විශ්වවිද්‍යාල තුල ඉගෙන ගන්නා සිසුන් පෞද්ගලික වෛද්‍ය විද්යාල හා විශ්වවිද්‍යාල තහනම් කරනු යනුවෙන් කෑ මොර දීම කුහකත්වයේ උපරිමය ලෙස දකිමි.
නිදහස් අධ්‍යාපනය යනු අවශ්‍යතාවය ඇති ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු වීම විනා රජයේ විශ්වවිද්‍යාල තුලින් පමණක් උපාධියක් ලබා ගැනීමේ හැකියාව නොවන බව මේ කෑ මොර දෙන පිරිස වටහා ගත යුතුය. අධ්‍යාපනය යනු මූලික මිනිස් අයිතිවාසිකමක් වී ඇති ලෝකයක කෙනෙකුට මුදල් ගෙවා හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාවක් පවතී නම් එයට බාධා කිරීම මිනිසත් කමටද නිගාවක් යැයි සිතමි.
එමෙන්ම ඔය කියන පෞද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන බහුතරය කෝටි හා ප්‍රකොටිපතියන්ගේ දරුවන් නොව රජයේ විශ්වවිද්‍යාලයන්හි ඉගෙනුම ලබන සිසුන් සේම මධ්‍යම පාංතික දෙමව්පියන්ගේ දූ දරුවෝ වෙති. අධික තරඟකාරීත්වය නිසා උසස් පෙළ කඩඉම රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමේ මට්ටමට ජයගත නොහැකි වූවද තම පුතා හෝ දියණිය උපාධිධාරියෙකු ලෙස දැකීම සිය ජීවිතයේ වැදගත්ම සිහින වලින් එකක් ලෙස සලකන මෙම මධ්‍යම පාංතික දෙමව්පියෝ ඒ වෙනුවෙන් සිය කණකර ආභරණ, ගේ දොර ඉඩකඩම් විකුණා හෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට නොපැකිළෙති. මේ කෑමොර දෙන 'නිදහස් අධ්‍යාපනයේ එකම ගැලවුම් කරුවන්' තමන්ය යන ෆැන්ටසියේ සිටින පිරිස බොඳ කර දමන්නට දත කන්නේ මෙකී සිහින පොදි ය. ඇත්තටම ඔවුන්ට ලැජ්ජාවක් නැතිද?
විය යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල වළ පල්ලට නොයන පරිදි පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවා ඒවා නිසියාකාර නියාමනයකට ලක්වන පරිදි අධ්‍යාපන ව්‍යුහයක් සැකසීම විනා පෞද්ගලික විශ්වවිද්‍යාල සහමුලින්ම අහෝසි කර දමන ලෙස කෑමොර දීම නොවේ යැයි මා කියන්නේ එබැවිනි.
එම නිසා 'නිදහස් අධ්‍යාපනයේ එකම ගැලවුම්කරුවනි',
ප්‍රථමයෙන්ම කුහකත්වයෙන් මිදෙන්න. දෙවනුව නිදහස් අධ්‍යාපනය යනු කුමක්දැයි නිසි ලෙස වටහා ගන්න. ඉන් පසුව තමන්ට උපාධියක් ලබා ගැනීමේ යම් අයිතියක් පවතීද, එම අයිතියම ඔබත් සමඟ එකට උසස් පෙළට වාඩි වී රජයේ සරසවි සිහිනය ජයගත නොහැකි වූ ඔබේ සහෝදර සහෝදරියන්ටත් ඇති බව සිහියට ගන්න. ඔය කියන තරම් 'මානව දයාවක්' ඔබලා තුල ඇත්නම් ඒ සියල්ලටම පසු ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටින්න.
ජය!
https://www.facebook.com/pramudi90/about
https://www.facebook.com/pramudi90?fref=ts
(ඡායාරූපය: රංග සිරිලාල්/twitter)

No comments:
Post a Comment