Friday, August 14, 2015

යහපත් රටක්

 

ලබන සඳුඳා මහ මැතිවරණය පැවැත්වෙනු ඇත. නැවතත් කියන්නට ඇත්තේ යහපත් පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීම ගැනය. 
                   
 මේ  රට  යහපත්   තැනක් කළ යුතුය.  රටක් වශයෙන් අපි ඉහළ තැනක සිටිනු දැකීම මගේත් තවත් බොහෝ දෙනකුගේත් සිහිනයකි. පසුගිය දිනෙක රාතී‍්‍රයේ අපට හමු වූ තී‍්‍රරෝද රථ රියදුරකු අප ඇසූ ප‍්‍රශ්නයකට මෙසේ පිළිතුරු. ප‍්‍රශ්නය, හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න  ඕනේ කියනවා. දන්නවාද හොඳ මිනිස්සු නරක මිනිස්සු කවුද කියලා. පිළිතුර, එහෙම කියන්න දන්නේ නැහැ, මහත්තයෝ, හැමෝම හොරුනේ. අර පැත්තෙන් කියනවා, අරුන් හොරු කියලා, මේ පැත්තෙන් කියනවා, උන් හොරු කියලා. බලන් ගියාම හැමෝම හොරුය. අප කෙතරම් කීවත්, යහපත් පුද්ගලයන් තෝරාගැනීමේදී ජනතාව මහත් ගැටලූවකට මුහුණ දී සිටිති. අපේ අම්මාට සාරුවා සුනිල් ගැන කිව්වාට දන්නේ නැත. නිමල් ලාන්සා කුඩු ගේන බවක් හරි හැටි දන්නේ ද නැත. ප‍්‍රසන්න රණතුංග කප්පම් ගන්නා සැටි දන්නේ නැත.  අම්මලා පවුල් පසුබිමින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේය. නමුත් ඒ පක්ෂයේ සිටින තක්කඩියන් ගැන නොදන්නවා මෙන්ම, මට අම්මාට ඒවා ඔප්ප කර පෙන්වීමට හැකියාවක් ද නැත. එක්සත් පක්ෂය ගත්තත් එසේය. පාරම්පරකිව, පවුල් පසු බිමෙන්ම බොහෝ දෙනා, පක්ෂවලට බෙදී සිටිති. ඔවුනට පෙනෙන්නේ අනෙක් පක්ෂයේ වැරැුදි පමණි. එම පක්ෂවල වැරැුදි කළ පුද්ගලයන්ට කෙදිනකවත්, නීතියෙන් දඬුවම් දීමක් සිදු වී නැත. එමෙන්ම, ප‍්‍රාදේශීය වශයෙන් ගත්තද, විවිධ ප‍්‍රදේශ ඒ ඒ පක්ෂවල බලකොටුය. ඒ පැත්තක අනෙක් පක්ෂයේ මතවාද ගෙන යෑම පවා ජීවිතය අහිමි කරගැනීමට හේතුවක් වන්නට පුළුවනි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා රටේ ජනතාව බේද බින්න කිරීමෙන් එය තවත් උත්සන්න විය. දෙමළ මනුස්සයෙක් දුටුවිට ඔහු කොටියකු, ත‍්‍රස්තයකු යැයි සිතන තරමට අප සාහසික විය. පසුගිය කාලයේදී එය මුස්ලිම් ජනතාවත් සිංහල ජනතාවත් අතර ඇතිවිය. ඒවා මේ රටේ දේශපාලකයන්ගේ නොපනත්කම්වල ප‍්‍රතිවිපාකය. දේශපාලනිකව අපේ මිනිසුන් සමඟ සංවාදවල නිරත විය නොහැක. සිදුවනුයේ මඩ ගසා ගැනීම්, පෞද්ගලික කෝන්තර, අවසානයේදී ගහ මරා ගැනීම්ය. අනෙකාට සවන් දීම, අනෙකා අවබෝධ කරගැනීම, තර්ක විතර්කවලින් පිරිපුන් දේශපාල සංවාද අපේ රටේදී නම් දුලබය. මැතිවරණයකදී මේ තත්ත්වය හොඳින්ම දැක ගත හැකිය. පවුල් පසුබිමත්, පාරම්පරික බවත් අනුව ඡුන්දය තීරණය කිරීමත්, මැතිවරණය දිනය කැඳවීමෙන් පසුව, එක් එක් දේශපාලන පක්ෂ විසින් බෙදා දෙන දෑ, ඔවුන් කරන කියන දේ මත බොහෝ දෙනකු ඡුන්දය තීරණය කරති. වසර 10ක් පුරා ජාතික රූපවාහිනිය ඔස්සේත්, ස්වාධීන රූපවාහිනියි ඔස්සේත් අනෙකුත් නාලිකා ඔස්සේත් බොහෝ දෙනා දුටුවේ නාමික සංවර්ධනයත්, මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ ඇතළු පිරිස් ජනතාව රවටමින් ගෙන ගිය කතාය. එහෙව් රටක ජනතාව එක්වර ජනතා මතයක් වෙනස් නොකළ හැක්කා සේම, ඔවුනොවුන් ට ඡුන්දය ප‍්‍රතිපත්ති මත තීරණය කිරීමට යොමු කිරීම අපහසුය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡුන්දය දෙන්නන්ටත් මහින්ද රාජපක්ෂට ඡුන්දය දුන්නන්ට බයියයන් ලෙසත්, අනෙක් පාර්ශවයට ටොයියන් ලෙසත් හැඳින්වීම එක්තරා ආකාරයකින්, අප විසින් කරන වැරැුදි කි‍්‍රයාවකි.  ඕනෑම පුද්ගලයකුට  ඕනෑම අයෙකුට ඡුන්දය දීමට අයිතිය ඇත්තා සේම, ඔවුන් විසින් තෝරා පත් කර යවනු ලබන පුද්ගලයන් අවම වැරැුදි ප‍්‍රමාණයකින් යුතු පුද්ගලයන් වීම සම්බන්ධයෙන් රටේ බුද්ධිමත් ප‍්‍රජාවත්, මා නියෝජනය කරන මාධ්‍යයත්, ආගමික ප‍්‍රජාවත්, සිවිල් සංවිධානත් කටයුතු කළ යුතු වෙයි. මැතිවරණයෙන් සුදුසු පුද්ගලයන් තෝරා පත්කරගැනීම අප සැමගේ වගකීමකි. මේ රටේ ජනතාවට සුදුසු රටක්, ජීවත්වීමට සුදුසු පරිසරයක්, සුදුසු ආර්ථික ක‍්‍රමයක් බිහි කිරීමට අප කටයුතු කළ යුතුය. අප ලෝක බලවතකු විය යුත-ුම නැත. සියලූ දුක්ඛ දෝමනස්සයන් තුරන් කිරීමට, ලෙඩ රෝග තුරන් කිරීමට, ආර්ථික අපහසුතා තුරන් කිරීමට මොන ජගතාවටත් නොහැක. උද්ධමනය තනි ඉලක්කමවා පවත්වා ගන්නවා සේම, අනෙකුත් සංවර්ධනයටත් යහපත් ජීවන රටාවටත් බාධා කරන සියලූ දේ අවම අගයක පවත්වා ගත යුතුය. අප සියලූ දෙනා කුමන අපේක්ෂකයා, කුමන පක්ෂයකට ඡුන්දය දුන්නද අවම වැරැුදි ප‍්‍රමාණයකින් යුත-ු පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීමට ඡුන්දය භාවිත කළ යුතුය.

හර්ෂණ තුෂාර සිල්වා
2-015.08.14

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive