Thursday, August 13, 2015

 මහින්ද රාජපක්ෂ මැතිඳුණි,
   
 ඉකුත් 8 වැනිදා ජනපතිවරණයෙන් පරාජයට පත්වූ පසු ඔබ වැදගත් අයුරින් නික්ම යනු ඇතැයි ද දේශපාලනිකව විශ‍්‍රාම සුවයෙන් කටයුතු කරනු ඇතැයි ද අපි අපේක්ෂා කළෙමු. ඔබගේ ඡුායාරූපය යොදාගනිමින් විකෘති හා නොගැළපෙන ඡුායාරූප භාවිත කළ විට අපි ඊට විරුද්ධ වූයේ ඔබට ඇති ගෞරවය නිසාවෙනි. මා ඇතුළු බොහෝ තරුණ පිරිස්, තරුණ මාධ්‍යවේදීන් ජනපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය දැක්වූයේ පසුගිය කාලය පුරාම ඔබ කළ අකටයුතුකම් බොහෝ දේ දැනගෙන සිටීමත් ඔබත් ඔබ කණ්ඩායමත් රටට කරමින් සිටි විනාශය දුටු නිසාය. ඔබ කළ අකටයුතුකම් මොනවා වුවද, රටට ඔබ යම් සේවයක් කළ අපි ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නේ කරන්නේ යුද්ධය නැති රටක සාමාන්‍ය ලියූ පළමු කණ්ඩායමේ සාමාජිකයකු ලෙසය. 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වූ අතර අපි දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නෙමු. ඒ යුද්ධයක් නැති රටකය. යුද්ධයක් අවසන් වූ පමණින් සාමායක් ලැබෙන්නේ නැත. කළ යුතු බොහෝ දේ විය. නමුත් 2009 පසු ඔබ රට ගෙන ගිය ආකාරය ගැන කිසි ලෙසකින් වත් සතුටට පත්විය හැකි අවස්ථාවක් නැත. 2010 ජනපතිවරණයේදී ද ඡුන්දය නොමැති වූවද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනි සිටියේ, සරත් ෆොන්සේකා දේශපාලනය නුසුදුසු හෙයිනි. අපි දේශපාලන විචාරකයෝ වත් පරතරට පත් වූවෝවත් නොවෙමු. නමුත් අවුරුදු 22ක් දුටු දෙයින් යමක් කමක් තේරුම් ගැනීමේ හැකියාවක් ඇතැයි සිතමි. අවුරුදු 15 16 වනවිටම අපි දේශපාලනය ගැන ඉගෙන ගන්නෙමු. ඒ පෙළපොතින් පමණක් නොව මාධ්‍යයෙන් වැඩිහිටියන්ගේ කතාවලට සවන් දීම ආදි සම්පත්වලිනි. අද වනවිට අපි අවුරුදු 15 16දී උගත් දේශපාලනය අද අවුරුදු 10 12 නංගිලා මල්ලිලා පවා දනිති. ඔබ මෙරට සිටි අගමැතිවරයකුට අඹ ඇටයකින් ගැසූ විට ඔහු ඔබ මුළු ලෝකයම හොල්ලයි යනුවෙන් පැවැසූ බවත්, ඔබේ පියා මූව හදන්නට බැහැ යනුවෙන් එම අගමැතිවරයාට පැවැසූ බවත් අසා ඇත්තෙමු. යුද්ධය අවසන් කිරීමට දේශපාලන නායකත්වය ලබාදෙමින්, ඔබ ජාත්‍යන්තරයේ කීර්තිය දිනාගන්නට සමත් වුවද එසැණින්ම ඔබ ඒ සියල්ල විනාශ කරගත්තේය. පෙර අවස්ථාවකදී පැවැසූවාක් මෙන්ම, ඔබ සෝභිත හිමියන් ඇතුළු පාර්ශව කී දේ ඇසුවා නම්, අදටත් ජනපතිය. ඔබ ඉක්මනින්ම වැරැුදි මාර්ගය තෝරාගත්තේ, බාලයන් ඇසුරත්, බලයෙන් උමතු වූවකු ලෙසත් කටයුතු කරමිනි. ඔබ ඔබ සමීපයට බාලයන් ලං කරගත්තා පමණක් නොව, යහපත් යැයි කිව හැකි පුද්ගලයන් තුට්ටුවකටවත් මායම් නොකළේය. යහපත් යැයි කිවහැකි යම් යම් පුද්ගලයන්ට වැරැුදි මගට යොමු කළ බවද කිව යුතුය. ජනපතිවරණයෙන් පරාජයට පත් වූ පසුත් ඊට පෙරත්, ඔබ ජාතිවාදය, ආගම්වාදය වපුරමින්, වංචා, දුෂණ සිදු කරමින්, එසේ සිදු කරන්නන්ට ඒ සඳහා  ඕනෑ තරම් අවස්ථාව දෙමින්, මේ රට අන්ත ¥ෂිත තත්ත්වයකට ඇද දැමුවේය. ඔබට එරෙහිවන්නන්ට මරණය, සහතික කළේය. ඔවුනට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය දියත් කළේය. ඔබේ පුත් තරගයක ජය පරාජය තේරුම් ගන්නට නොහැකි පුද්ගලයෙකි. තරුණ කමට කොල්ලන් ගහ මරා ගැනීම සාමාන්‍ය වුවද දත් ගලවා වද හිංසා දෙන කි‍්‍රයා කළේ නම්, එහි ප‍්‍රතිවිපාක විඳිය යුතු යැයි ඔබට ඡුන්දය දුන් මා දන්න පුද්ගලයකු පැවැසීය. ඔබ කළ හා ඔබ විසින් අනුමත කළ අපරාධ ගැන ඔබට ඡුන්දය දෙන පුද්ගලයන් පවා කතා කරන්නේ, මහින්ද මහත්තයා එහෙම නැතැයි ඔහුගේ වටේ ඉන්න පිරිස් නිසා මෙහෙම වුණායි යනුවෙනි. ජනතාව ඔබට එතරම් ගෞරවයක් දක්වද්දි පවා, ඔබ ඔවුන් නොතැකූවේය. ඔබගේ වැඩිමහල් සොහොයුරෙකුත්, ඔබත් සමඟ ජ්‍යෙෂ්ඨ පළපුරුදු අත්දැකීම් ඇති දේශපාලනඥයකුත් ජනපතිවරණයකට නොයන්නයි පවසද්දී ඔබ ඊට කන් නොදුන්නේය. නුවර කාර් රේස් නොපවත්නයි මහ නායක හිමිවරු පවසද්දි ඔබ ඊට සවන් නොදුන්නා සේම, පුතුන්ට ඊට උල්පන්දම් ද දුන්නේය. කළ වැරැුදි එකින් එක කීමේ අවශ්‍යතාවක් නැත. ඔබ කළ ලොකුම වරදක් නම්, මේ රටේ ජනතාව, ඔබේ පක්ෂය, ආගම් බේද බින්න කිරීමය. බයියන් ලෙසත් ටොයියන් ලෙසත් ඔබ ඔවුන් බේද බින්න කළේය. ඔබට මහ රජුන් යැයි පැවැසුවේ ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මිදී ආ කාන්තාවකය. මා මුලින්ම ඔබට මහ රජුන් යැයි අමතන දුටු මුල්ම අවස්ථාව එය විය. එහෙව් ජනතාව ඔබ ත‍්‍රස්තයන් ලෙස හැඳින්විය. රටේ කලාව, කී‍්‍රඩාව, සමාජය ¥ෂණය කරන්නට අවසර දුන්නා මෙන්ම, එසේ කරන්නන්ගේ කි‍්‍රයාද නොමදව අනුමත කළේය. රාජ්‍ය තාන්ති‍්‍රකව ඔබට චීනයත් තවත් රටවල් කීපයක් ඇරෙන්නට වෙනත් කිසිදු රටක් සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට අසමත් විය. අද චීන ආර්ථිකය කඩා වැටෙන අතර, අපේ රටේ ආර්ථිකය තවමත් ඇත්තේ අස්ථාවර තත්ත්වයක. ඒ ජනපතිවරණය පැවැතීමත්, ජනපතිවරණයට පෙර සිටම රටේ ආදායම් මාර්ග පහළ තත්ත්වයක පැවැතීමත් ස්ථීර ආණ්ඩුවක් නොමැතිවීම නිසා, ආයෝජන, නිශ්චිත ආර්ථික ප‍්‍රතිපත්ති නොමැතිකම, ආදී කරුණු කාරණා හේතු කොටගෙනය. සියල්ල සිදු වී අවසන්ය. මෛතී‍්‍රපාල ජනපතිවරයා, අද ඔබට ලිපියක් ලියමින් බොහෝ දේ කියා ඇති අතර, එහි කරුණුත් ඔහුත් ඔබත් අතර බැඳීමත්, සිදු වූ දෑ පිළිබඳවත් ඔබ සිතා බලා, සත්‍ය අසත්‍යතා තේරුම් ගනු ඇතැයි සිතමි. යමෙකුට යමක් දුන් පමණින්, දෙන්නාට දුන් දෙය ලබාගත් පුද්ගලයාට බලපෑම් කීරිමට කිසිදු අයිතියක් නැත. ඔබට මේ රටේ ජනතාව තවමත් ගරු කරන අතර, ඉතිරි වී ඇති එම ගෞරවය ඉදිරියටත් තබාගන්නවාද නැද්ද යන්න පිළිබඳ වගකීම ඇත්තේ ඔබ සතුවය. පෙර කී පරිදි ඔබට යුද්ධයක් අවසන් කරමින් ඊට දේශපාලන නායකත්වය ලබාදුන් අතර, යම්කිසි ආකාරයක බෙදුම්වාදයක් නවතා දැමීමටද ඔබට හැකියාව ලැබිණි. නමුත් ඔබට සාමය දිනාගැනීමට නොහැකි විය. සියලූ ජනකොටස් වෙතින් ඔබට ලැබෙමින් තිබූ ජනප‍්‍රසාදය දිගින් දිගටම පවත්වා ගැනීමට ඔබ අපොහොසත් විය. ඔබත්, ඔබ මතින් ගොඩයන්නට සිටින පිරිසේත් නොමනා කි‍්‍රයා නිසා, අද දරුණු ප‍්‍රතිවිපාක විඳින්නේ ඔබය.

හර්ෂණ තුෂාර සිල්වා
2015.08.13

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive