Tuesday, August 18, 2015

ජනතාවට විමුක්තිය (නො) පෙනේද ?

සුනිල්  හඳුන්නෙත්ති වැන්නන් පාර්ලිමේන්තුවේ සිටිය අපි නිරන්තරයෙන් කීවෙමු. කෙසේ නමුත් දැන් මැතිවරණය අවසන්ය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ පැවැති දැඩි මර්දනය දැන් නැත. නමුත් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පත්වන සිටින අතර, එය සුබවාදීව ගන්නේ නම් අපටත් රටටත් හොඳය. මෛතී‍්‍ර පාර්ශවයටත්, එක්සත් ජාතික පක්ෂයටත් යම්කිසි අභියෝගයක්  එල්ල කිරීමට හැකි වනු ඇත. මහින්ද රාජපක්ෂ මහතා රට වෙනුවෙන් හිතැතිව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමු. මහින්ද රාජපක්ෂ මහතා බොරු බේගල් ඇද දමන්නේ නැතිව, පසුගිය කාලයේදී විපක්ෂයේ සිටිමින් ජනතා විමුක්ති පෙරමුණ කළ කාර්යය කරන්නේ නම්, මේ රට ගොඩනැගීමට එය විපක්ෂයකින් ලැබෙන සහයෝගයක් හා අත්තිවාරමක් වනු ඇත. පසුගිය කාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ හෙළිදරව් කිරීම් නිසා, බොහෝ දේ වැළැකුණ බව ඔවුනට ගෞරවයක් වශයෙන් සිහිපත් කළ යුතුය. ජනතා විමුකිත් පෙරමුණ ගැන තක්සේරුවක් ඉදිරි කාලයේදී ගත හැකිය. පසුගිය කාලයේ ඔවුන් දූෂණයට එරෙහිව ගෙන ගිය සටන ඉදිරියට ගෙන යෑමටත්, එක්සත් ජාතික පක්ෂයට   ඕනෑ හැටියට කි‍්‍රයාකල බවට එල්ල වූ චෝදනාවලට පිළිතුරු දිය හැකි අයුරින් කටයුතු කරනු ඇතැයි ද අපේක්ෂා කරමු. ජවිපෙ සම්බන්ධයෙන් තක්සේරුවකට එළැඹිය හැක්කේ එවිටය. ඔවුන්ගේ විවේචන, හෙළිදරව් කිරීම්, මැතිවරණය ඉලක්ක කරගෙන සිදූවූවාක් ද නැද්ද යන්න එහිදි අනාවරණය වනු ඇත.
    ජනතාවට විමුක්තිය උදාකළ හැකි යැයි සිතිය හැකි බොහෝ දෙනා ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවල සිටි නමුත්, ඉන් පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇත්තේ 4කි. (ලියන මොහොතේදී* මෙවර ඡුන්දයේදී ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පොදු ගැටලූ කිහිපයක් විය. තරුණ පරම්පරාවේත් බොහෝදෙනාගේත් කැමැත්ත ජවිපෙය වෙත තිබුණද, අවසන් මොහොතේ එය බෙහෙවින් වෙනස් විය. ඊට ප‍්‍රධාන හේතුවක් වූයේ, එසේ ජවිපෙයට ඇළුම් කළා බොහෝ දෙනාගේ පොදු සතුරා මහින්ද රාජපක්ෂ මහතාත්, ඔහුගේ කල්ලියත් වීමය. එම කල්ලිය නැවත බලයට එනු ඇතැයි ඔවුන් තුළ බියක් ඇතිවිය. අනෙක් කරුණ නම්, ප‍්‍රධාන පක්ෂයට නොදී ජවිපෙට දෙන ඡුන්දයකින්, වැඩක වේද යන්නය. ජවිපෙ කියන දේ ප‍්‍රායෝගිකව ඉටු කරනු ඇත්ද, යන්න තවත් කරුණකි. තවත් කරුණක් නම්, ජවිපෙය පෙන්වාදෙන ජනපි‍්‍රය සංස්කෘතියේ නොවන කතා, ආදිය ජනතාවටගේ වැඩි අවධානයකට යොමු වූයේ නැත. ජවිපෙ ඉදිරි අවුරුදු 10ක සැලැසුම් ගැන කියනවිට, ප‍්‍රධාන පක්ෂ දෙක, ජනතාවට පිනවන ජනප‍්‍රිය සංස්කෘතියේ දේ ගැන කතා කළේ, අරවා දෙනවා, මේවා දෙනවා, අරක වැඩිකරනවා, මේක වැඩි කරනවා යනුවෙන් ප‍්‍රකාශ කරමිනි.
    කෙසේ නමුත් මැතිවරණය දැන් අවසන්ය. එජාපයට ජයග‍්‍රහණය හිමි ව ඇත. හෙට අනිද්දා ආණ්ඩුව පිහිටවනු ඇති අතර, අමාත්‍යධුරවලටද පත්වූවන් පත් කරනු ඇත. නැවත නැවතත් කියන්නට ඇත්තේ මේ රට ගොඩනැගිය යුත්තේ අප බවය. මේ රටේ සිටින්නෝ සියල්ලෝ ශ්‍රී ලාංකිකයෝ බවය. පත්වන ආණ්ඩුව සභාග ආණ්ඩුවක් වන බැවින්ද එහි සිටින විවිධ පාර්ශව හා මතවාද නිසා, ආණ්ඩුව අභ්‍යන්තරයේ ද මත ගැටුම් ඇතිවීමේ තත්ත්වයක් ඇත. මෙය ආර්ථිකයටත්, රටේ ප‍්‍රතිපත්ති සැකැසීමටත් යෝග්‍ය තත්ත්වයක් නොවන බව පැහැදිලිය. එබැවින් මත ගැටුම් අවම කරගනිමින්, සියල්ලන්ටම සතුටු විය හැකි ප‍්‍රායෝගික විසඳුම්, ප‍්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. වඩාත් වැදගත් වනුයේ ගන්නා එම කි‍්‍රයාමාර්ගත්, සිදු කරන ප‍්‍රතිසංස්කරණත්, දිගු කාලීන හා ප‍්‍රායෝගික ඒවා වීමයි.
    අප බෙදී වෙන් වී කටයුතු කළ යුගය, අවසන් කළ යුතුය. එකවර අපට කඳු මුදුනට ළඟා විය නොහැක. 48 සිට අද වනතුරු අප ටිකෙන් ටික යහපත් පාලනයක් වෙත පරිවර්තනය වෙමින් සිටිමු. ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් හිමි ඉතිහාසයක් හිමි ව තිබූ අප, එය කෙළෙසා ගත්තෙමු. අද ඒ ගැන ආඩම්බර වීමට අයිතියක් අපට නැත. අප නැවතත් ඒ මුත-ුන් මිත්තන්ට ගෞරවයක් හිමි වන අයුරිනුත්, අනාගත පරම්පරාව අප ගැන කතා කරන තැනකට මේ රට ගෙනා යා යුතුය. ආසියාවේ ආශ්වාර්ය විය යුතු නැත. දකුණු ආසියාවේ කේන්ද්‍රස්තානයක් විය යුතු නැත. රටේ සාමාන්‍ය ජනතාවට හොඳින් ජීවත් වීමට හැකි පරිසරයක්, දරුවා පාසලට දමාගැනීම, රෝල ගසන්නේ නැතිව, කඩෙන් ණයට ගන්නේ නැතිව හාල් පොල් ටික පොතට ගෙනෙන තත්ත්වයක් නැති රටක් බිහි කළ යුතුය. අප තවමත් විසඳන්නේ ප‍්‍රාථමික ප‍්‍රශ්නය. අනෙක් රටවල් විසඳුම් සොයන්නේ අපට සිතන්නටවත් බැරි දේ වල් වලටය. අප මුලින්ම කළ යුත්තේ, අපේ පුංචි ප‍්‍රශ්න ටික විසඳා ගැනීමය. එම ප‍්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ සෑම පාර්ශවයක් සමඟම සාකච්ඡුා කරය. ඒවා දේශපාලනික වාසි තකා, කරන ඒවා නොවිය යුතුය.
    පසුගිය කාලයේ, කොළඹ හොඳම නගරයක් ලෙස තේරී පත්වූ අතර, එය අවස්ථාවක් කරගනිමින් දේශපාලකයෝ එම වාර්තාව මැතිවරණ වේදිකාවල පට්ට ගැසූහ. කොළඹ එතරම් දියුණු වූවා නම්, එම පාර්ශව කොළඹින් එතරම් පරාජයක් ලබන්නේ නැත. එබැවින් අවශ්‍ය වන්නේ භෞතික සංවර්ධනයකටත් වඩා, මිනිසුන්ගේ පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමක්ය. රටේ මානව සම්පත් සෑම අතින්ම ශක්තිමත් වන විට, ඔවුන් තුළ නිරන්තරයෙන් තමාගේ වෘත්තිය, ආදායම්, ආදී සියල්ල ගැන අවම තෘප්තියක් හෝ ඇතිවන්නේ නම්, රට ඉබේම ඉදිරියට යනු ඇත. 


හර්ෂණ තුෂාර සිල්වා
2015.08.18

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive