Monday, August 17, 2015

 
යාපනය අර්ධද්වීපයට බටහිර හා නිරිත දෙසින් පිහිටි අනලයිතිව්, එළුවන්තිව්, නයිනතිව්, මණ්ඩතිව්, පුංකුඩුතිව්, ඩෙල්ෆ්ට් , කයිට්ස් ආදී කුඩා දුපත් සමූහයක් එක්ව කයිට්ස් අසුන නිර්මාණය වී තිබේ.1931 දී පිහිටවනු ලැබූ කයිට්ස් ආසනයේ එම වසරටම නියමිතවූ පළමු රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ ඊට එරෙහිව උතුරේ ඇති වී තිබිණු විරෝධිතාව හේතුවෙනි. අදටත් දුපත්වලින් පමණක් සැදී රටේ එකම මැතිවරණ බලප‍්‍රදේශය වන්නේ කයිට්ස් ආසනයයි. එනිසාම ප‍්‍රදේශයට ආවේණික මෙම දුපත්වාසීන්ගේ ජීවන රටාවද තරමක්, වෙනස්ය. බුදුන් වහන්සේගේ, දෙවැනි ලංකාගමනය, සිදු වූ නාගදීපය ද පිහිටි මෙම ප‍්‍රදේශය මුලින් නාග ගෝති‍්‍රකයන්ගෙන්ද පසු බෞද්ධයන්ගේ වාසභවන්කව තිබී දැන දෙමළ ජනාවාසයක් බවට පත්ව ඇත. යාපනයේ අඩුම ඡුන්ද දායකයන් සිටින කයිට්ස් ආසනය වේලනෙයි, ඩෙල්ෆට් හා කයිට්ස් (කොටසක්) ප‍්‍රාදේශීය සභා, බලප‍්‍රදේශවලට බෙදා පාලනය වේ. සිව්වැදෑරුම් ඊළාම් යුද සමයේ, පවා දිස්ති‍්‍රක්කයේ වැඩිම කලක් රජයේ පාලනයට නතුව තිබූ ප‍්‍රදේශය වූයේ මෙයයි.


උපුටාගැනීම
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා ප‍්‍රතිඵල විශ්ලේෂණය
නීතිඥ කපිල මුණසිංහ

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive