පසුගිය සතියේ දවසක වෙච්ච
සිද්ධියක්. අපි බොහෝ ප්‍රශ්න දිහා බලන්නේ අපේ අත්දැකීම්වලින්. පසුගිය සතියේ දවසක
තැන් දෙකකින් කණ්ඩායම් දෙකක් බස්රථවලට ගොඩවෙනවා. කට්ටියක් කොළඹ විශ්ව විද්‍යාලයේ
වෛද්‍ය පීඨ සිසුන් කණ්ඩායමක්. අනෙක් අය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අවසාන වසරේ
සිසුන් කණ්ඩායමක්. මේ දෙගොල්ලෝ 138 පාරේ බස් රථවලට ගොඩවෙනවා. තමන්ගේ අරමුණ ගැන
මිනිස්සුන්ට කියන්න.
වෛද්‍ය පීඨ සිසුන්
සයිටම් ගැන කතා කරද්දි කලා විශ්ව විද්‍යාලයේ සිසුන් තමන්ගේ අවසන් වසරේ නිර්මාණය
කරගන්න මුදල් නැති බව කියනවා. ඔවුන් නාට්‍ය ගීත කිහිපයක් ගායනය සහ වාදනය කරලා
මිනිස්සු අතරට යනවා සහ බස් රථයේ හිටපු හැමෝම වගේම කට්ටියට සල්ලි දෙනවා. ඔවුන් බස්
රථයට නැගපු අරමුණ සාර්ථකයි. මේ කට්ටි දෙක බස් රථවලට මාරු වෙනවා. එදා ලබපු අත්දැකීම
මං ජීවිතයේ ලබපු සුන්දර අත්දැකීම්වලින් එකක්. කලා විශ්ව විද්‍යාලයේ සිසුන් මං
හිටපු බස් රථයක් ඉපැයුවද ඔවුන්ගේ අවසාන වෑයම කොහොම ද කියන්න මම තාම දන්නේ නැහැ. මේ
විදියට වෛද්‍ය පීඨ සිසුන් කණ්ඩායමත් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සිසුන්
කණ්ඩායමත් බස් රථවලට ගොඩවෙලා අදහස් ප්‍රකාශ කර කර යනවා.
අපේ අධ්‍යාපනයේ අවුල මෙතැන
හොඳට තියෙනවා. සයිටම් කියන්නේ ඇත්තටම බැලුවොත් අපේ රටේ අධ්‍යාපනයේ තිබෙන පුංචි ප්‍රශ්නයක්.
ඇත්තටම සයිටම් කියන්නේ ප්‍රශ්නයක් නොවෙන ගානයි.
අධ්‍යාපන ප්‍රතිපත්තියක්
නැතිකම, රටේ සියල්ල දේශපාලනීකරණය වීම, නෛතික හිඩැස්වලින් රිංගලා සයිටම් කියන
ආයතනයක් බිහි වෙනවා. කෙසේ වෙතත් අද වනවිට සයිටම් දැවැන්න සහ ප්‍රධාන මාතෘකාවක් වී
තිබෙනවා. එදා සයිටම් හොඳයි කියපු අද සයිටම් වහන්න කියනවා. සයිටම් වහන්න කියපු
සමහරු අද සයිටම් අරින්න කියනවා. විවිධ පිරිස් තම දේශපාලන වුවමනා එපාකම්, පුද්ගලික
ප්‍රතිලාභ උදෙසා සයිටම් ප්‍රයෝජනයට ගෙන තිබෙනවා.
සයිටම් ආයතනයේ ප්‍රමිතිය
ඉහළ නංවා ගුණාත්මකභාවය ඉහළ නංවන්නැයි කියන විටෙක ලංකාව වැනි රටක එවැන්නක් ගැන
විශ්වාස තැබිය හැක්කේ කෙසේදැයි සයිටම් විරෝධී පාර්ශවය විමසති. එය එසේ නම් ලංකාව
වැනි රටක උසස් පෙළින් විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලබන සියලු දෙනාට සරසවි වරම්
ලැබේවිද යන ප්‍රශ්නය පෙරළා විමසිය හැකිය.
රටේ තිබෙන දුර්වල ක්‍රමවේද
නිසා ගුණාත්මකභාවයෙන් තොර සයිටම් වැනි ආයතන ඕනෑ තරම් ආරම්භ වී තිබේ. වෛද්‍ය අධ්‍යාපනය
පමණක් නොව අනෙක් විෂය ක්ෂේත්‍ර ද ප්‍රමිත ගත යුතුය. අනෙක් අධ්‍යාපන මට්ටම් බැරි
නම් උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන ආ
යුතුය. ජාතික ප්‍රතිපත්තිය ගෙන ආ යුතු බව පැවැසීම පහසු කටයුත්තක් වුවද එය සැකැසීම
සහ ක්‍රියාවට නැංවීම සුළුපටු කරුණක් වන්නේ නැත. එම නිසා මේ ඇති වී තිබෙන
අවස්ථාවෙන් ප්‍රයෝජන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්
සැකසීමේ කාලය දැන් උදා වී තිබේ.
හර්ෂණ තුෂාර සිල්වා
2017.03.04
