නොඉවසිල්ලෙන් බලා සිටි දෙය දැන් සිදු වී ඇත. පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන
අගෝස්තු 17 වැනිදා පැවැත්වෙනු ඇත. ඒ ද රටේ අනාගත පරම්පරාව වන දරුවන්ට හානි
දායක අයුරිනි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ පාලන කාලයේදී මැතිවරණ
යෙදුණේම අගෝස්තූ උසස් පෙළ විභාගයත්, දෙසැම්බර් සාමාන්‍ය පෙළ විභාගයත්,
කි‍්‍රකට් තරග පැවැත්වෙන කාලවකවානුත් ඉලක්ක කරගනිමිනි. විභාගයක් පැවැත්වෙන
කාලසීමාවක මැතිවරණයක් පැවැත්වෙන අවසන් අවස්ථාව මෙය විය යුතුය. ඒ සඳහා රටේ
සිසු පරම්පරාව හා තරුණ පරම්පරාවන වන අප ද වැඩිහිටියෝ ද හඬනගන්නේ නම්, රටටත්
අපටත් අපේ බාල පරම්පරාවටත් හොඳය.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Friday, June 26, 2015
Thursday, June 25, 2015
එක්සත් ජාතික පක්ෂය ද ලක්ෂ 62 බෙදාගන්න මහ පොරයක යෙදි සිටියි. මහින්ද රාජපක්ෂගේ නුගේගොඩ කල්ලිය පළමු වරට මේ රටේ ජනතාව බෙදා වෙන් කරන ලද්දේ ලක්ෂ 58 හා ලක්ෂ 62 යනුවෙන් සඳහන් කරමිනි. ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන අතර එක්සත් ජාතික පක්ෂය දැන් දැන් ඊට සූදානම් වෙමින් සිටියි. ජනවාරි 8 වැනිදා ලැබුණු ඡුන්ද මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාටත්, මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධව ලැබුණු ඡුන්දත් බව නැවත නැවත මතක් කළ යුතුය. එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් අතර සටනින් මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා බේරාගත යුතු අතර, ඒ සම්බන්ධව අවබෝධයෙන් කටයුතු කිරීම මෛති‍්‍රපාල සිරිසේන ජනපතිවරයාගේ ද වගකීමකි. මේ රටේ ජනතාව මෛතී‍්‍රපාල සිරිසේන මහතා කෙරෙහි තවමත් විශ්වාසය තබා සිටියි. කෙසේ නමුත් දැනෙන ආකාරයට මෙතෙක් බිහි වූ ජනපතිවරුන් අතරින් මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා යම් ආකාරයට සුබවාදී ලක්ෂණ පෙන්නුම් කරන අතර ඔහු තවත් මහින්ද රාජපක්ෂ කෙනකු නොකරන්නට වගබලා ගැනීම ඔහු බලයට පත් කළ සියලූ දෙනාගේ වගකීමකි. එක්සත් ජාතික පක්ෂය දැන් ජනපතිවරණයේදී ලදි ඡුන්ද ලක්ෂ 62 කට වගකියන අතර, නුදුරුදේම දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ආදී මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාට සහාය දුන් කණ්ඩායම් ද ඒ ඡුන්ද ලක්ෂ 62 ට අයිතිවාසිකම් නොකියනු ඇත්දැයි කිව හැක්කේ කාට ද? නැවත නැවතත් කියන්නට හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා දමා, පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවය. විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථා සංශෝධනය ඇතුළු අදාළ අණ පනත් සම්මත කරගැනීම ඉන්පසුව කළ හැකිය. හදිසියේ මැතිවරණ සංශෝධන, අණ පනත් සැකැසීම කළ නොහැකි බව ඇමෙරිකාවේ සිට ඉන්දියාව දක්වාම වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිවැරැුදි ක‍්‍රම සකස් කළ රටවල් දෙස බැලීමෙන් තේරුම් ගත යුතුය. කඩිමුඩියේ රටට බලපාන ප‍්‍රතිසංස්කරණ නොකළ යුතු අතර බව මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා, රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා තේරුම්ගත යුතුය. කැබිනට් මණ්ඩලය ප‍්‍රමුඛ බලධාරීන් ද ඒ බව තේරුම් ගත යුතුය. මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමේදී දේශපාලන පක්ෂවල පමණක් නොව, ජනතාවගෙන් ද ඒ පිළිබඳ අදහස් විමසිය යුතුය. මොන සංශෝධනය කළ ද අවසානයේ ඡුන්දය දෙන්නේ මේ රටේ ජනතාවය. එහෙයින් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්විය යුතුය. ඉන් අනතුරුව හැකි තරම් ස්ථාවර ආණ්ඩුවක් පත් කර ගත යුතුය. ඊටත් අනතුරුව අදාළ ප‍්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
Tuesday, June 23, 2015
මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ නුගේගොඩ කල්ලිය තවමත් මිත්‍යාව වපුරමින් සිටිති. දේශීය යාන්ත‍්‍රණයක් හරහා යුද්ධයේ අවසන සමයේදී සිදු වූ දෑ පරීක්ෂණයක් සිදු කරන බවට ජාත්‍යන්තරයට පොරොන්දු වූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනපතිවරයාය. අද මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා ඉදිරියට ගෙන යන්නේ ද එම වැඩපිළිවෙළය. මහින්ද රාජපක්ෂ ජනපතිවරයා පොරොන්දු වූ පරිදි අදාළ කටයුතු කළේ නැත. එහෙයින් ජාත්‍යන්තරයෙන් රටට ලැබිය යුතු බොහෝ දේ ලැබුණේ නැත. ඇමෙරිකාව තමන්ගේ වාසියට කතා කරන රටක් බව, අලූතෙන් කිව යුතු නැත. එහෙත් අපේ රටට වැඩි වශයෙන් මුදල් ගලා එලා එන්නේ ද ඇමෙරිකාව හා යුරෝපා කලාපයෙනි. එක්සත් ජාතික පක්ෂය රටේ ආර්ථික අර්බුදයක් නැතැයි කීවාට රටේ ආර්ථික අර්බුදයක් ඇත. රටේ ධීවර සම්පත් වැඩි වශයෙන් මිලදී ගත්තේ යුරෝපා සංගමයයි. ජී.එස්.පී ප්ලස් සහනය දැන් රටට ලැබෙන්නේ නැත. පසුගිය වසරේ මෙරට අපනයන වැඩි වශයෙන්ම මිලදී ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යා යුත්තේ එහෙයිනි. රටේ ඇති දේශපාලන අස්ථාවරත්වය නිසා රටට ආයෝජන හෝ නව ව්‍යාපෘති ලැබෙන්නේ නැත. පෙර පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙරට ජනතාවගේ මහජන මුදල් හිතේ හැටියට ගසා කෑ අතර, කිසිදු වගකීමකින් තොරව, අවම වශයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද තොරව විවිධ ව්‍යාපෘතිවලට මුදල් වෙන් කර ඇති බවට දැන් හෙළිවෙමින් පවතියි. අදාළ ව්‍යාපෘතිවලට වෙන් කළ මුදල්වලට සිදුවූයේ මොනවාද යන්න කිසිවකුත් නොදනී. හැකිතාක් ඉක්මනින් මැතිවරණයක් පැවැත්විය යුතුය. මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාට මෙරට ජනතාව ඡුන්දය ලබාදුන්නේ නිදහස් පක්ෂය එකමුතු කිරීමට නොව යහපාලනයක් ඇති කිරීමටය. තවමත් රටේ යහපාලනයක් නැත. ඇත්තේ ඒ සඳහා තැබූ පළමු පියවර පමණි. මෛතී‍්‍රපාල ජනපතිවරයා නවක මුහුණ සමඟ මැතිවරණයකට එන්නේ නම් හොඳය. මැතිවරණයේදී ඔහු රටේ ජනතාවගේ ජනපති බවද මතක තබා ගත යුතුය. තවත් කල් නොයවා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු අතර නාම යෝජනා දීමේදී ද සුදුසු පුද්ගලයන්ට නාම යෝජනා ලබා දිය යුතුය. වරද පාලකයන් තෝරා පත්කරගන්නා ජනතවාගේ නොව දූෂිතයන්ට නාම යෝජනා ලබාදෙන පක්ෂ නායකයන්ගේය. මේ රටේ තරුණයන් වන අප හොඳ රටක් ගැන සිහින දකින්නේ අපි වෙනුවෙන් පමණක් නොව අපිට පසුව එන පරම්පරාවටත් එක්කය.
Friday, June 19, 2015
හොඳ කණ්ඩායම් හදාගන්න
මෙතරම් කාලයක් චන්දිමාල් ට අවස්ථාව නොලැබුණද ඔහුගේ සාමාන්‍ය 45කට ආසන්නය. චන්දිමාල් හා කිත්රුවන් හොඳ ආරම්භයක් ලබාගත්තද එය ඉදිරියට ගෙන යෑමට අසමත් විය. තිරිමාන්න , චන්දිමාල් හා කිත්රුවන් යන තිදෙනාම අනාගතයට හොඳය. මොවුන් තිදෙනාට යම් යම් අසාර්ථකකම් පෙන්නුවද තරග කිහිපයක් එකදිගට ලැබෙන්නේ නම් කණ්ඩායමට හොඳය. අපේ තරුණ කී‍්‍රඩකයන් හා අන්රටවල කී‍්‍රඩකයන් කී‍්‍රඩා කර ඇති තරග සංඛ්‍යාව දුටු විට, ඔවුන්ගේ තරග සංඛ්‍යාව ඉහළය. අත්දැකීම් ද ඉහළය. කෞෂාල් සිල්වාගේ වයස 29කි. ඔහුට තවත් කාලයක් කී‍්‍රඩා කළ හැකිය. නමුත් ගැටලුව ඇත්තේ ඔහුගේ ලකුණු ලබාගැනීමේ වේගයයි. ඔහුට එය තවත් ටිකක් ඉහළ දමා ගන්නේ වඩා හොඳය. ලකුණු 300 ලබාගැනීමේදී කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය පැවැතියේ 2.50 හා ඊට ආසන්න අගයන්වලය. තරග දිනන්නට නම්, ලකුණු ලබාගැනීමේ වේගය 3ත් ඊට වඩා වැඩි වේගයක පවත්වාගෙන යා යුතුය. එවිට පන්දු යවන්නන්ට තරගයක් හරවා ගැනීමට කාලය ඇත. දිල්රුවන් හා රංගනට තවත් කාලයක් කී‍්‍රඩා කිරීමට හැකිය. සංගක්කාර ගිය පසු මැතිව්ස් අංක 4 පිතිකරු ලෙස පැමිණෙන්නේ නම් හොඳය. තිරිමාන්න අංක 3ත් චන්දිමාල් අංක 5ත් වනු ඇත. රංගන හේරත් තවත් වසරක් කී‍්‍රඩා කරනු ඇත. දිල්රුවන් පෙරේරා තවත් වසර කිහිපයක් කී‍්‍රඩා කරනු ඇත. සංගක්කාරගෙන් පසු ඊට එක්කර ගන්නේ කවුද යන්න ගැටලූවකි. පන්දු යවන්නකු එක්කර ගන්නවාද පිතිකරුවකු එක්කරගන්නවාද යන්න සිතා බැලිය යුතුව ඇත. තුන් ඉරියව් කී‍්‍රඩකයකු කණ්ඩායමට එන්නේ නම් හොඳය. ධම්මික ප‍්‍රසාද් හා දිල්රුවන් පෙරේරාට පන්දුවට පහර දීමට හැකිය. කළ යුත්තේ වැඩි වැඩියෙන් කී‍්‍රඩා කිරීමත්, කී‍්‍රඩකයන්ට තරග කිහිපයක් ලබාදීමත්ය. එමෙන්ම අත්හදා බැලීම් කළ යුත්තේ තරගයෙන් තරගයට නොව, සංචාරයකට වරක්ය. කී‍්‍රඩාකයකු එක් තරගයක් ලබාදීමෙන් නම්, කිසිවක් කරගත නොහැකි වනු ඇත. එමෙන්ම පාකිස්තානය සමඟ පමණක් කී‍්‍රඩා කිරීමෙන්, මෙරට කි‍්‍රකට් ක‍්‍රීඩකයන්ගේ හැකියාව වර්ධනය නොවනු ඇත. එහෙයින් ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, දකුණු අපි‍්‍රකාව, නවසීලන්තය, එංගලන්තය ආදී රටවල් සමඟ වැඩි වැඩියෙන් කී‍්‍රඩා කළ යුතුය.
නිදහස් පක්ෂය
මන්තී‍්‍ර, ඇමැති, විපක්ෂ නායක, අගමැති, ජනපති තව මොනවා ගන්නද ? අමාත්‍ය රාජිත සේනාරත්නත.....
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා රටට සේවයක් කළ බව හැබෑය. ඔහු තවත් වසර දෙකක් තිබියදී ජනපතිවරණයක් තබා ඉල්ලාගෙන කෑවේය. සෝභිත හිමියන් ඇතුළු පිරිස් පෙන්වාදුන් හා කියූ අදහස්වලට කන් දුන්නේ නම්, ඔහු තවමත් ජනපතිය. අදාළ වෙනස්කම් කළා නම්, මැරෙනතුරු ද බලයේ සිටිය හැකිව තිබිණි. කෙසේ නමුත්, ජනපතිධුරයේ සිටියදී ඉන් පරාජයට පත්වී ගෙදර යන්නට ඔහුට සිදුවිය. දැන් කළ යුතුව ඇත්තේ විවේක සුවයෙන් කල් ගත කිරීමය. ඔහුට දේශපාලනයේ නිරත වීමට අවශ්‍ය නම්, රටේ වටේ නොගස්, පක්ෂය එකමුතු කරන්නට වැඩ කරන්නට හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද බින්න කරන්නේ අන් කිසිවකු නොව හිටපු ජනපතිවරයා බව, තැන් තැන්වල අදහස් දක්වන මන්තී‍්‍රවරු සිහි තබා ගත යුතුය. අදාළ මන්තී‍්‍රවරුන් ද පක්ෂයේ වත්මන් නායකයා හා එකමුතුව වැඩ කරන්නේ නම්, එය ඔවුන්ගේ අනාගතයට හොඳය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදෙන්න බෙදෙන්න එහි වාසිය යනුයේ, එක්සත් ජාතික පක්ෂයටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛතී‍්‍ර මහින්ද ගැටුමට එක්සත් ජාතික පක්ෂය බෙහෙවින් කැමැතිය. එහෙයින් මොළේ ඇත්නම්, ඡුන්දයකට සූදානම් වීම, නිදහස් පක්ෂයේ සියලූ දෙනාගේ වගකීමයි. නායකයකු පරාජයට පත්වී හෝ ගෙදර ගිය හෝ පසු, කණ්ඩායමේ අලූත් නායකයා සමඟ කටයුතු කිරීමට කණ්ඩායම් සාමාජිකයෝ දැනගත යුතුය. කණ්ඩායම පරදිනවා යනු, තමාද පරාජයට පත්වීම බව අදාළ සාමාජිකයෝ දැනගත යුත-ුය. දේශපාලන පක්ෂයක් එය වඩාත් හොඳින් තේරුම් ගත යුතුය. නිදහස් පාක්ෂිකයෝ අලූත් නායකයා සමඟ පෙරට නොයන්නේ නම්, තවත් කාලයකට ගොඩඒමක් නොමැති බව, තේරුම් ගන්නේ නම් එය හොඳය. ඔවුන්ට යම් කිසි සැනසෙන්නට ඇත්තේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනපතිධුරය දරනතාක් කල් පමණි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ කාලයේ කල අන්ත දූෂිත කි‍්‍රයාවල සාක්ෂි, තොග පිටින් එක්සත් ජාතික පක්ෂය සතුව නැතැයි කිව නොහැක්කේ කාටද.. එහෙයින් ඒවා භාවිත කිරීමට එක්සත් පක්ෂය පසු බට නොවනු ඇත. ඡුන්දය සමයේදී මේවා හොඳින් දැක ගත හැකිවනු ඇත. එහෙයින් නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු, මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා සමඟ එකමුතුව කටයුතු තාක්කල් ඔවුනට වන හානිය අවම වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
Wednesday, June 17, 2015
අයිතිවාසිකම් ඉල්ලීම
සාමාන්‍යයෙන් සතියකට සැරයක් අපේ ගෙවල් පැත්තෙන්, නගර සභාවේ කුණු ලොරිය යනවා. මේ එන මිනිස්සු ගෙදරින් වතුර එකක් තේ එකක් අහනවා. අපේ ගේ ළඟදි මගෙන් ඇහුවා තේ එකක් ගන්න උපකාරයක් කරන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ මට කරන්න පුළුවන් එකම දේ සල්ලි දෙන එක විතරයි. මේ මිනිස්සු හැම ගෙදරම අයින් කරන ජරාව ඔක්කොම, එකතු කරගෙන යනවා. ඒ කුණු බෑග්, පාරවල් අයිනට කාර්වලින් ඇවිත් විසි කරන් යන කුණු ඔක්කොම අල්ලනවා. පාරවල් ටික සුද්ද කරනවා. සමහරවිට මම දීපු සල්ලිවලින් අර මනුස්සයා හවසට බාර් එකට යන්න පුළුවන්. නැත්නන් ට‍්‍රැක්ටරේ සෙට් එක එකතු වෙච්ච සල්ලිවලින් කඬේකින් කහට බිව්වා වෙන්නත් පුළුවන්. මේ මිනිස්සුන්ගේ දරුවෝ ඉස්කෝවලට යනවා. ඒ දරුවෙක්ට තමන්ගේ තාත්තට ඉස්කෝලෙට එන්න කියන්න පුළුවන්ද. එහෙම ආවොත් ඉන්න මිනිස්සු මොනවා නොකියාවිද. මගේ අම්මා උනත් කියන්න පුළුවන්, අර ළමයගෙන් ඈත්වෙලා ඉන්න කියලා. (තාත්තා එහෙම කියන්නේ නැහැ). මොකද ඒ ඒ සමාජය වෙනස්. අම්මා කෙනෙක් එහෙම කියන්නේ තමන්ගේ දරුවව ආරක්ෂා කරගන්නත්, අර මිනිස්සුන්ගේ ජීවිතවල ඇති ප‍්‍රශ්නය නිසාත්.
ඒක වෙනම කතාවක්. අපි කුණු ගොඩක් ගාවින් ගියත්, හුස්ම හිරවෙලා මැරෙන තරමට නහය හිර කරගෙන. ඒත් මේ මිනිස්සු මුළු දවසම මේ කුණු කන්දරාව එක්ක ජීවත්වෙනවා. කන්නේ බොන්නේ පාරවල්වල. පාර අතු ගාන ගෑණු මිනිස්සු, පාරේ අයිනක, ගෙදරින් අරන් ආපු බත් මුල දිග ඇරගෙන කනවා. මේ මිනිස්සු දවස තිස්සේම මහන්සි වෙන්නේ සොච්චමක් හොයාගන්න. මේ මිනිස්සු ටික අපේ අයිතිවාසිකම් දියව් කියලා, පාර අතු නොගා තිබ්බොත් කොහොම වේවිද? කුණු අයින් නොකර තිබ්බොත් කොහොම වේවිද ? අපි හරි කුහකයි. අනුන් නිවන පෙන්වන්න කලින් අපි නිවන් දකින්න ඕනේ.. ඒත් ඒ නිවන අනුන් තලා පෙලා, ආත්මාර්ථකාමීත්වයෙන් ලබන නිවනක් නොවිය යුතුයි. අපිට ඒ හැම මනුස්සයාගේම ජීවිත හොඳ කරන්න බැහැ. අපිට අඩුගානේ ඒ මිනිස්සුන්ට මනුස්සකමින් සලකන්න පුළුවන්. පිළිකුල් නොකර ඉන්න පුළුවන්. පුටු රත් කර කර ඉඳලා, මාසේ අන්තිමට පඩියක් ගන්න මිනිස්සුන්ට වඩා, මේ මිනිස්සු කෝටියක් වටිනවා. මම හිතනවා හිත් පිරිසුදුම මේ මිනිස්සුන්ගේ වෙන්න ඇති කියලා.
ඒක වෙනම කතාවක්. අපි කුණු ගොඩක් ගාවින් ගියත්, හුස්ම හිරවෙලා මැරෙන තරමට නහය හිර කරගෙන. ඒත් මේ මිනිස්සු මුළු දවසම මේ කුණු කන්දරාව එක්ක ජීවත්වෙනවා. කන්නේ බොන්නේ පාරවල්වල. පාර අතු ගාන ගෑණු මිනිස්සු, පාරේ අයිනක, ගෙදරින් අරන් ආපු බත් මුල දිග ඇරගෙන කනවා. මේ මිනිස්සු දවස තිස්සේම මහන්සි වෙන්නේ සොච්චමක් හොයාගන්න. මේ මිනිස්සු ටික අපේ අයිතිවාසිකම් දියව් කියලා, පාර අතු නොගා තිබ්බොත් කොහොම වේවිද? කුණු අයින් නොකර තිබ්බොත් කොහොම වේවිද ? අපි හරි කුහකයි. අනුන් නිවන පෙන්වන්න කලින් අපි නිවන් දකින්න ඕනේ.. ඒත් ඒ නිවන අනුන් තලා පෙලා, ආත්මාර්ථකාමීත්වයෙන් ලබන නිවනක් නොවිය යුතුයි. අපිට ඒ හැම මනුස්සයාගේම ජීවිත හොඳ කරන්න බැහැ. අපිට අඩුගානේ ඒ මිනිස්සුන්ට මනුස්සකමින් සලකන්න පුළුවන්. පිළිකුල් නොකර ඉන්න පුළුවන්. පුටු රත් කර කර ඉඳලා, මාසේ අන්තිමට පඩියක් ගන්න මිනිස්සුන්ට වඩා, මේ මිනිස්සු කෝටියක් වටිනවා. මම හිතනවා හිත් පිරිසුදුම මේ මිනිස්සුන්ගේ වෙන්න ඇති කියලා.
Thursday, June 11, 2015
නඩත්තුව
ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ ඩිල්ෂාන් සම්බන්ධයෙන් පළ කර තිබූ පුවත සම්බන්ධවයි.
ප‍්‍රතිපත්තියක් වශයෙන් දික්කසාද නඩු, ළමා අපචාර නඩු මාධ්‍යවල පළ කරන්නේ නැහැ. නමුත් ඩිල්ෂාන්ගේ සිදුවීම නිසා සමාජයට ලැබෙන වැරැුදි අර්ථකථනය හේතුවේන් මේ සම්බන්ධයෙන් සටහනක් තබමි. ඩිල්ෂාන්ගේ පුද්ගලික ජීවිතය වාර්තා කිරීම සම්බන්ධයෙන් මගේද වැඩි කැමැත්තක් නැති බවද මෙහි දි කිව යුතුය. ඩිල්ෂාන්ගේ පළමු විවාහය දික්කසාදයකින් අවසන් වීමට මුල පෑ හේතු ව ප‍්‍රසිද්ධ රහසකි. මෙහිද ගැටලූව ඇත්තේ ඩිල්ෂාන්ගේ සිදුවීමේදි ඔහුගේම දරුවා පත්වන අවසනාවන්ත තත්ත්වය ගැනය. ඩිල්ෂාන්ගේ දරුවා පමණක් නොව මෙරට බොහෝ දරුවන්ට වැඩිහිටියන්ගේ අත්තනෝමතික කි‍්‍රයා හේතුවෙන් මේ ඉරණම අත්වෙයි. අප පුවත්පතේ ජ්‍යෙෂ්ඨ සහෝදරයකු (මා වඩාත් ගරු කරන පුද්ගලයකු) පැවසූ කරුණකි. අම්මා බන්ධනාගාර බස් රථයෙන් රැුගෙන එනවිට අවුරුදු හතරක පහක දරුවකු මට අම්මා ඕනෑ යැයි කෑ ගසමින් දිව ආ බවයි. එය පවසන විටදීත් ඔහුගේ දෑසට කදුළු ආ බැවින් සිද්ධිය කෙසේ වන්නට ඇත්දැයි මට සිතා ගත හැකිවිය. මේ ආකාරයෙන් කෙතරම් දරුවන් සංඛ්‍යාවක් දික්කසාද හේතුවෙන් තම වටිනා ජීවිත අඳුරු කරගන්නවාදැයි අප සිතා බැලිය යුතුය. ඩිල්ෂාන් නඩත්තු මුදල් නොගෙවා ඇත්නම් , ඒ අවස්ථාවේ ඒ ආකාරයෙන්ම නඩත්තු මුදල් ගෙවිය යුතු පුද්ගලයන්, ඩිල්ෂාන් ගෙවන්නේ නැතිනම් අපි ගෙවන්නේ යැයි, ඩිල්ෂාන්ට ගෙවන්න සල්ලි නැතිනම්, අපිට කොයින්ද යන තීරණවලට එළැඹිය හැකිය. ස්වභාවය මෙයයි. එමෙන්ම මෙලෙස දරුවන්ට ලැබෙන නඩත්තු මුදල් හා අනෙකුත් මුදල් දරුවාගේ භාරකාරත්වය හිමි පාර්ශව දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන වාද යන්න ද සොයා බැලිය යුතුය. ඩිල්ෂාන් සිදුවීම එක් සිදුවීමක් පමණි. අපට ඩිල්ෂාන්ගේ පෞද්ගලකි ජීවිතයෙන් වැඩක් නැත. එහෙත් ඒ සිදුවීම් හරහා සමාජයේ දරුවන් පත්ව ඇති අසරණභාවය සම්බන්ධයෙන් අපේ රටේ වැඩිහිටියන්ට අවබෝධයක් තිබිය යුතුය. අද ඬේලි මිරර් පුවත්පතේ කතුවැකිය ද දරුවන් ගැනය. නේටෝ හමුදා සාමාජිකයන් අතින් ගැහැණු දරුවන් ලිංගික අපරාධවලට ගොදුරු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවලම දැක්වෙයි. ලෝකයක පැවැත්ම ඇත්තේ දරුවන් මතය. ලෝකය ඉදිරියට ගෙන යන්නේ ඔවුන්ය. අනාගතය ඔවුන්ය. එය ඩිල්ෂාන්ගේ දරුවාද, ඉතියෝපියාවේ, සුඩානයේ, උතුරු කොරියාවේ, වනවාටුවේ, ඇමෙරිකාවේ, බි‍්‍රතාන්‍යයේ, චිලියේ හෝ කොහෝ සිටින දරුවක-ු ද යන්න වැදගත් නැත. මෙලොව සිටින සියලූ දරුවන් ආරක්ෂා කර ගත යුතුය. එය අප සැමගේම වගකීමකි.
http://www.sinhala.srilankamirror.com/news/item/5571-tillakaratne-dilshan
http://slash-dev-slash-null.blogspot.com.au/2014/06/blog-post_21.html
http://www.dailymirror.lk/75889/child-slaves-behind-the-chocolates-we-relish-editorial
ප‍්‍රතිපත්තියක් වශයෙන් දික්කසාද නඩු, ළමා අපචාර නඩු මාධ්‍යවල පළ කරන්නේ නැහැ. නමුත් ඩිල්ෂාන්ගේ සිදුවීම නිසා සමාජයට ලැබෙන වැරැුදි අර්ථකථනය හේතුවේන් මේ සම්බන්ධයෙන් සටහනක් තබමි. ඩිල්ෂාන්ගේ පුද්ගලික ජීවිතය වාර්තා කිරීම සම්බන්ධයෙන් මගේද වැඩි කැමැත්තක් නැති බවද මෙහි දි කිව යුතුය. ඩිල්ෂාන්ගේ පළමු විවාහය දික්කසාදයකින් අවසන් වීමට මුල පෑ හේතු ව ප‍්‍රසිද්ධ රහසකි. මෙහිද ගැටලූව ඇත්තේ ඩිල්ෂාන්ගේ සිදුවීමේදි ඔහුගේම දරුවා පත්වන අවසනාවන්ත තත්ත්වය ගැනය. ඩිල්ෂාන්ගේ දරුවා පමණක් නොව මෙරට බොහෝ දරුවන්ට වැඩිහිටියන්ගේ අත්තනෝමතික කි‍්‍රයා හේතුවෙන් මේ ඉරණම අත්වෙයි. අප පුවත්පතේ ජ්‍යෙෂ්ඨ සහෝදරයකු (මා වඩාත් ගරු කරන පුද්ගලයකු) පැවසූ කරුණකි. අම්මා බන්ධනාගාර බස් රථයෙන් රැුගෙන එනවිට අවුරුදු හතරක පහක දරුවකු මට අම්මා ඕනෑ යැයි කෑ ගසමින් දිව ආ බවයි. එය පවසන විටදීත් ඔහුගේ දෑසට කදුළු ආ බැවින් සිද්ධිය කෙසේ වන්නට ඇත්දැයි මට සිතා ගත හැකිවිය. මේ ආකාරයෙන් කෙතරම් දරුවන් සංඛ්‍යාවක් දික්කසාද හේතුවෙන් තම වටිනා ජීවිත අඳුරු කරගන්නවාදැයි අප සිතා බැලිය යුතුය. ඩිල්ෂාන් නඩත්තු මුදල් නොගෙවා ඇත්නම් , ඒ අවස්ථාවේ ඒ ආකාරයෙන්ම නඩත්තු මුදල් ගෙවිය යුතු පුද්ගලයන්, ඩිල්ෂාන් ගෙවන්නේ නැතිනම් අපි ගෙවන්නේ යැයි, ඩිල්ෂාන්ට ගෙවන්න සල්ලි නැතිනම්, අපිට කොයින්ද යන තීරණවලට එළැඹිය හැකිය. ස්වභාවය මෙයයි. එමෙන්ම මෙලෙස දරුවන්ට ලැබෙන නඩත්තු මුදල් හා අනෙකුත් මුදල් දරුවාගේ භාරකාරත්වය හිමි පාර්ශව දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන වාද යන්න ද සොයා බැලිය යුතුය. ඩිල්ෂාන් සිදුවීම එක් සිදුවීමක් පමණි. අපට ඩිල්ෂාන්ගේ පෞද්ගලකි ජීවිතයෙන් වැඩක් නැත. එහෙත් ඒ සිදුවීම් හරහා සමාජයේ දරුවන් පත්ව ඇති අසරණභාවය සම්බන්ධයෙන් අපේ රටේ වැඩිහිටියන්ට අවබෝධයක් තිබිය යුතුය. අද ඬේලි මිරර් පුවත්පතේ කතුවැකිය ද දරුවන් ගැනය. නේටෝ හමුදා සාමාජිකයන් අතින් ගැහැණු දරුවන් ලිංගික අපරාධවලට ගොදුරු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවලම දැක්වෙයි. ලෝකයක පැවැත්ම ඇත්තේ දරුවන් මතය. ලෝකය ඉදිරියට ගෙන යන්නේ ඔවුන්ය. අනාගතය ඔවුන්ය. එය ඩිල්ෂාන්ගේ දරුවාද, ඉතියෝපියාවේ, සුඩානයේ, උතුරු කොරියාවේ, වනවාටුවේ, ඇමෙරිකාවේ, බි‍්‍රතාන්‍යයේ, චිලියේ හෝ කොහෝ සිටින දරුවක-ු ද යන්න වැදගත් නැත. මෙලොව සිටින සියලූ දරුවන් ආරක්ෂා කර ගත යුතුය. එය අප සැමගේම වගකීමකි.
http://www.sinhala.srilankamirror.com/news/item/5571-tillakaratne-dilshan
http://slash-dev-slash-null.blogspot.com.au/2014/06/blog-post_21.html
http://www.dailymirror.lk/75889/child-slaves-behind-the-chocolates-we-relish-editorial
Wednesday, June 10, 2015
නම් තැබීම
යහපාලන ආණ්ඩුයේ තවත් හරක් වැඩක් මේ දිනවල බේස්ලයින් මාර්ගයේ, මාළිගාවත්තට පාරට හැරෙන තැනත්, ඔරුගොඩවත්ත හංදියේත් දැක ගත හැකිය. දින සියයේ ආණ්ඩුවෙන් බඩු මිල අඩුකළ බවට, ගෑස් මිල 300 කින් අඩු කළ බවට ආදී වශයෙන් මහා පරිමාණ කටවුට් ගසා තිබෙනු දක්නට ඇත. (ඡුායාරූපයක් පළ කිරීමට බලාපොරොත්තු වෙමි). ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ ක‍්‍රමවේදයය. තාක්ෂණ පාසල්වල, එනම් මහින්දෝදය විද්‍යාගාරවලින් මහින්දෝදය නම ඉවත් කිරීමේ කි‍්‍රයාවලියේ පලක් නැති බව මෙම කි‍්‍රයාවලින් පෙන්නුම් කරයි. තමන් කළ වැඩ ගැන කයිවාරු ගැසීම, මහින්ද රාජපක්ෂ රජයේ සුපුරුදු කි‍්‍රයාවක් විය. මහජනතාවගේ මුදලින් කරන සියලූ දේට තම තමන්ගේ නම් දා ගැනීම දේශපාලකයන් නිරන්තරයෙන් කරන ලැජ්ජා සහගත කි‍්‍රයාවකි. යහපාලන ආණ්ඩුව තමා කළ කී දෑ ගැන මහා පරිමාණයේ කටවුට් මගින් ප‍්‍රදර්ශනය කිරීම හාස්‍යයට කරුණක් වනුයේ ඔවුන් විරුද්ධ වූයේද එවැනි කි‍්‍රයා සහිත ඒකාධිපති පාලනයක් පැරැුදවීමට කටයුතු කළ නිසාවෙනි. යහපාලන ආණ්ඩුවට හෝ රාජපක්ෂ ආණ්ඩුවට එසේ තමන් කරන දේ ගැන කයිවාරු ගැසීමට හෝ ඒවාට නම් තැබීමට කිසිදු අයිතියක් නැ. මේ රටේ ඉදිකරන සියල්ල, ආර්ථිකය සියල්ලේ අයිතිය ඇත්තේ රටේ ජනතාවටය. සියල්ල සිදු කරන්නේ මහජනතාවගේ බදු මුදල් වලිනි. මේ රටේ ජනතාව 8 වැනිදා සිය ඡුන්දය භාවිත කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීමට පමණක් නොව, බදු බරින් නිදහස් වීමටත්, බඩු මිල අඩු කර ගැනීම ආදි තවත් බොහෝ දේ ඉටු කරගැනීමටය. ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කළ පසු ඒ පිළිබඳ කටවුට් ගැසීම කෙතරම් සදාචාර සම්පන්න ද යන්න අපත් දේශපාලකයනුත් සිතා බැලිය යුතුය. මේ ආකාරයෙන් රට පුරා, මහජනතාවගේ මුදලින් මහජනතාවට දුන් පොරොන්දුවලින් සියයට 10ක් ඉටු කළ බවට මහාපරිමාණයෙන් ප‍්‍රදර්ශනය කළේ, මහජනතාවගේ මුදලින්ද ඔවුන්ගේ පෞද්ගලික මුදලින්ද යන්න, ඒ සා විශාල වියදමක් දරමින් ප‍්‍රදර්ශණාත්මක වැඩවල නිරත වන පුද්ගලයන් ජනතාව ඉදිරියේ පැවසිය යුතුය.
Monday, June 8, 2015
බත් බැළයෝ
කොළඹ නගරය වේගයෙන්ම වර්ධනය වන නගර දහය අතර මුල් තැන ගෙන ඇති බව සබෑය. එහෙත් ඒ වේගයෙන් වර්ධනය කිරීමට වියදම් කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ හෝ, ගෝඨාභය රාජපක්ෂගේ හෝ බැසිල් රාජපක්ෂගේ හෝ ඉකුත් රජයේ සිටි ඇමැතිවරුන්ගේ පෞද්ගලික මුදල් නොව මේ රටේ ජනතාවගේ බදු මුදල්ය. මේ රටේ පොදු ජනතාවගේ මුදල්ය. මහජනතාවගේ මුදලින් වැටුප් ලබන මහජනතාවගේ ඡුන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයන් පාරක් හෝ සාදන්නට කටයුතු නොකළා නම් ගැටලූවන වන්නේ එයයි. මහජනතාව විසින් පත් කරන නියෝජිතයන් ගසා කන මුදල්වල ප‍්‍රමාණයට සාපේක්ෂව කොළඹ නගරය සංවර්ධනය කිරීම යනු සියයට 1කටත් වඩා අඩු දෙයකි. ගෝඨාභය රාජපක්ෂ නොමැති නිසා කොළඹ නගරය අපවිත‍්‍ර ඇති බව අද බොහෝ දෙනා පවසන කරුණකි. ගැටලූව ඇත්තේ ගෝඨාභය නොමැති වීම නොව නගරය අපවිත‍්‍ර කරන අපගේය. අපේ රටේ නගරයක් පිරිසුදුව තබාගැනීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා හෝ වත්මන් ජනපති මෛතී‍්‍ර හෝ අන් යමෙක් අවශ්‍ය වන්නේ නැත. ඔවුනට නම් ගම් කියමින් පරිසරය අපවිත‍්‍ර නොකර සිටින්නේ නම් ඒ පරිසරයට හෝ රටට හෝ ආදරයෙන් නොව වහල් භාවයයි. පුංචි කොළ කෑල්ලක් බිම නොදමා කුණු බක්කියකට දැමීමට අප සතුව විනයක් හික්මීමක් තිබිය යුතුය. එය අව්වේ විනාඩි දහයක් නොසෙල්වී සිටිනවා තරම් අමාරු කාර්යයක් නොවේ. අපට අවශ්‍යව ඇත්තේ පාලකයන්ගේ වෙනසකටත් වඩා අපේ අධ්‍යාත්මයේ හා සිතුවිලිවල වෙනසකි. චින්තනයේ වෙනසකි. එවිට පාලකයනට ඕනෑ එපා හැටියට ඉඩ ලැබෙන්නේ ද නැත. පාලකයන් යනු ද අප විසින් පත්කරගන්නා අපේ බදු මුදලින් වැටුප් ලබනා කොට්ඨාශයකි. අප විසින් ඔවුන්ව පත් කරගනු ලබන්නේ මුළු මහත් රටම නියෝජනය කරන්නටත් අප වෙනුවෙන් තීන්දු තීරණ ගන්නටත් මෙරට මහජනතාවට සේවය කිරීමටත්ය. ඒ සඳහා අප විසින්ම ඔවුනට වැටුපක් ගෙවයි. ඒ නිසා වැඩක් නොකළත් ඔවුන්ව ගෙදර යැවීමටත් අවශ්‍ය විට පත් කරගන්නටත් අපට බලයක් තිබිය යුතුය. ඒ සඳහා පූර්ණ අයිතිය අප සතුව ඇත. එහෙත් හැමදාමත් කියනවා සේ අප කරනුයේ බත් බැළයන් ලෙස හිඳිමින් අප විසින්ම බෙදා වෙන් කරගනිමින් ඔවුනට සැප සම්පත් විඳීමටත් අපේ මුදල්, රටේ මිනිසුන් මහන්සියෙන් උපයන මුදල්, රටේ ජනතවාගෙන් සූරා ගන්නා බදු මුදල් පාලකයන්ගේ සුඛ විහරණය උදෙසා නාස්තිකිරීමට කුළල් කා ගැනීමයි.
Tuesday, June 2, 2015
ජනපති මෛතී‍්‍ර රැුක ගත යුතුව ඇත
මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ රැුකගැනීමේ අවශ්‍යතාවක් නැත. එහෙත් මෛති‍්‍රපාල සිරිසේන ජනපතිවරයා රැුකගැනීමේ අවශ්‍යතාවක් ඇත. ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂගේ පාලන සමය නිම කරන්නට මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනපති අපේක්ෂයා ලෙස ඉදිරිපත්වන්නේ, ඔහු කියන ආකාරයෙන් යම් හෙයකින් ජනපතිවරණයෙන් පරාජය වූවා නම්, අඩි 8ක් යට ඉන්නට සිදුවෙන බව දැන දැනමය. යම් හෙයකින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජයග‍්‍රහණය කළේ නම්, වත්මන් ජනපතිවරයාට පමණක් නොව බොහෝ දෙනකුට, පොළොව යට හෝ ඉන්නට නොලැබෙන්නට ඉඩ තිබුණි. ජනවාරි 8 වැනිදායින් පසුව අද වන තෙක් ද, මෛති‍්‍රපාල සිරිසේන ජනපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණ කෙරුණු අතර, තවමත් නොයෙක් ආකාරයේ කුමන්ත‍්‍රණ කි‍්‍රයාත්මක වෙමින් පවතියි. ජනපතිවරණ සමයේදී , බත්දුන් පියා, අධ්‍යාපනයේ පියා ආදී ලෙස, මෛති‍්‍රපාල සිරිසේන ජනපතිවරයාට ද එක්තරා ආකාරයක පියකු වීමේ අවස්ථාව ඇතැයි මම මේ ආකාරයෙන්ම සටහනක් තැබුවෙමි. මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා කතාවෙන්ම මෙන්ම කි‍්‍රයාවෙන්ද අද වනවිට බොහෝ දේ ඉටු කර ඇත. ඒ ඔහුට පක්ෂයේ බලය, පාර්ලිමේන්තුවේ බහුතරයක් ද නොමැතිවය. කෙසේ වෙතත්, තවම ගත වී ඇත්තේ මාස හතරකට ආසන්න කාලයක් පමණි. අප පෘථග්ජනයන් වන බැවින්, මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා ද වෙනස් වන්නට පුළුවනි. එසේ නොවනතාක් කාල් ඔහු රටට යමක් කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඒ සම්බන්ධයෙන් මා සමඟ ප‍්‍රවීණයන්, ජ්‍යෙෂ්ඨයන්, විද්වතුන් එකඟ වනු ඇතැයි විශ්වාස කරමි. තවමත් අප සිටිනුයේ සංක‍්‍රාන්ති සමයකය. හැකි මේ පාර්ලිමේන්තුව විසුරුවා හැර අලූත් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුය. එය මෛතී‍්‍රපාල ජනපතිතුමන්ට, රටට, රටේ ආර්ථිකය ජනජීවිතයට බෙහෙවින් වැදගත්ය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ ගෝල බාලයෝ හිටපු ජනපතිවරයා අගමැතිවුවහොත් කිරීමට බලාපොරොත්තු වන දෑ පිළිබඳව මේ දිනවල ප‍්‍රකාශ කරමින් විඳී වල සැරි සරමින් සිටිති. එසේ කරන්නට ඉඩ දෙනවාද, නැතිනම් අලූත් ආණ්ඩුවක් පත්කරගෙන, වත්මන් ජනපතිවරයා සමඟ ඉදිරියට යන්නේ දැයි අප සිතා බැලිය යුතුය. මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා සර්ව සම්පූර්ණ පුද්ගලයකු නොවන බවත්, ඔහු වැරැුදි කර ඇති බවත්, ඉදිරියේදී වැරැුදි කරනු ඇතැයි ද අපේක්ෂා කළ හැකිය. එය මනුෂ්‍ය ස්වභාවයයි. ඔහු අතින් සිදුවන වැරැුදි ප‍්‍රමාණය අවම කිරිමට අප මැදිහත් විය යුතු අතර, වත්මනේ සිටි අවම වැරැුදි ප‍්‍රමාණයකින් හෙබි ජනපතිවරයා ඔහු යැයිද මම විශ්වාස කරමි. එහෙයින් ඔහු ආරක්ෂා කරගැනීමටත්, රටක් වශයෙන් ඉදිරියට යෑමටත් මෙරට ජනතාව පෙළ ගැසෙනු ඇතැයි අපේක්ෂා කරමි. නුගේගොඩ කල්ලිය විසින් ලක්ෂ 58 හා ලක්ෂ 62 වශයෙන් භේද බින්න කළ මෙරට ජනතාවගේ ජනපතිවරයා , මෛති‍්‍රපාල සිරිසේන ජනපතිවරයාය. එක් එක් පුද්ගලයාගේ අවස්ථාවාදී කම් වෙනුවෙන් කුළල් කා ගන්නවාද, දේශපාලකයන් වැරැුදි කරන විට ඊටත් විරුද්ධව කටයුතු කිරීමටත්, යහපත් කරන විට අවම වැරැුදි ප‍්‍රමාණයකින් එය අවසන් කරන්නටත් අප කටයුතු කළ යුතුව. ඉදිරි මාස කිහිපයේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනු ඇත. එහිදි දූෂිතයන් ගෙදර යැවීමටත් අවම වැරැුදි ප‍්‍රමාණයකින් යුත් හා බුද්ධිමතුන් පාර්ලිමේන්තුව යැවීමටත් අප කටයුතු කළ යුතුව ඇති අතර එසේ නොවතාක් කල්, අප රටක් වශයෙන් ආපස්සට යනවා හැරෙන්නට අන් යමක් සිදු නොවනු ඇත.
http://www.w3lanka.com/2015/06/blog-post_98.html?spref=fb
මල් වෙළෙඳාම
වෙසක් පෝයට වගේම අපේ රටේ මිනිස්සු පොසොන් පොහොයටත් දන්සල් දීම පොසොන් පොහොයේ අංගයක් කරගෙන තියෙනවා. ගැමි කතාවලට අනුව, ඉතිහාසයට අනුව නම්, වෙසෙක් පොහොයට ආරම්භ වන දන්සැල් අවසන් වෙන්නේ පොසොන් පොහොයට. ඒ වෙසක් සිරි නරඹන්න යන පිරිස්වලට සංග‍්‍රහ කිරීමක් වශයෙනි. කොහොම නමුත්, අතීතයේ ඔසුපැන්, පැන් ආදියෙන් ආරම්භ වූ දන්සැල් අද විවිධාකාරයෙන් දක්නට ලැබෙනවා. සිසිල් පැන්, අයිස්කී‍්‍රම්, ආදී එකී මෙකි නොව විකාශනය වුණු දන්සැල් අද වයිෆයි දන්සැල් දක්වාම පැතිරිලා. කොහොම නමුත්, ඉස්සර ඉඳන්ම තිබුණු දන්සැල ප‍්‍රභේදයක් නම් මල් දන්සැල්. ගමේ නම්,සාමාන්‍ය දෙයක් වුණු මෙය නගරබදව ආරම්භ වෙන්නේ මෑත කාලයේදී. අපේ ගමේ පන්සලේ නම්, ඉඳලා හිටලා ඉරිදා දවස්වලට තියෙනවා මල් දන්සැල්. කොහොම උනත් මේ කියන්න යන කතාවේදී මටත් පොඩි දෙගිඩියාවක් තියෙනවා. අද මිනිස්සු එදා වේල හොයාගන්න මොනවා හෝ දෙයක් විකුණාගන්නවා. එහෙම විකුණන දේවල් අතර හඳුන්කූරු, පහන්තැටි, මල් ආදිය සුලබ දෙයක්. මේක එක්තරා ආකාරයෙන් ආගම මූලික කරගෙන වෙළෙඳාමක්. නමුත් සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට ඕලූ, නෙළුම් මල් හොයාගන්න අමාරුයි. ටිකක් කැපකිරීමක් කරලා, මහන්සිවෙලා, බෝට්ටුවල ගිහින් පැය ගණන් මිනිස්සු ඔය මල් නෙලාගන්නේ කොහොම හරි විකුණ ගන්න. අද වගේ දවසක ගෙදර දරුවොත් ඉස්කොලේ වැඩ නවත්වලා එන්නේ අම්මට තාත්තටයි, මල් ටිකක් වැඩිපුර විකුණගන්න. එහෙම මල් පහන් තැටි, හඳුන්කූරු විකුණන තැනෙක, කවුරු ලොකු මිනස්සු ටිකක් (මුදලින් පොහොසත්) පිරිසක් කොහෙන් හෝ අර මිනිස්සු මහ පරිමාණයෙන් අරන් පන්සල ගාව මල් දන්සැලක් දුන්නොත්, අර මල් විකුණන මිනිස්සුන්ට මොනවා හිතේවිද. මල් දන්සැල් දෙන එක වැරැුදියි කියන දේ නෙමෙයි, මෙතැනදි අහිංසක මනුස්සයෙක් කීයක් හරි දෙයක් හොයාගන්න එකට වෙන දේ ගැනයි ගැටලූව. මේක ලියන මම පව් රැුස්කරගන්නවා වෙන්න පුළුවන්. එත් මනුස්සයෙක් ජීවිතේ ගැටගහගන්න කරන වෙළෙඳාමට වෙන පාඩුව, මල් දන්සැල දෙන කවුරුවත් මඬේ ලැගලා මල් කඩන්න යන්නේ නැහැ. කොහෙන් හරි සල්ලි දීලා ගන්නවා මිසක්. මට දැනුණ දේ නම්, අපි හොඳ වැඩක් කළත්, ඒ දෙයින් අනිත් මිනිස්සුන්ට නරක විදියට බලපාන්න පුළුවන් කියන දේ. මල් දන්සැල නිසා මල් වෙළෙඳුන්ගේ හිත්වලට දැනෙන දුක කොහොම වෙන්න ඇතිද ?
Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
June
(12)
- මැතිවරණ කැලැන්ඩරය
- එක්සත් ජාතික පක්ෂය ද ලක්ෂ 62 බෙදාගන්න මහ පොරයක යෙ...
- මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ නුගේගොඩ කල්ලිය තවමත්...
- හොඳ කණ්ඩායම් හදාගන්න
- නිදහස් පක්ෂය
- අයිතිවාසිකම් ඉල්ලීම
- නඩත්තුව
- නම් තැබීම
- හැමදාම පහුකරන් යන හැමදාම ආසවෙන් බලන් යන උඹේ තුර...
- බත් බැළයෝ
- ජනපති මෛතී‍්‍ර රැුක ගත යුතුව ඇත
- මල් වෙළෙඳාම
-
▼
June
(12)
