Friday, June 19, 2015

හොඳ කණ්ඩායම් හදාගන්න

මෙතරම් කාලයක් චන්දිමාල් ට අවස්ථාව නොලැබුණද ඔහුගේ සාමාන්‍ය 45කට ආසන්නය. චන්දිමාල් හා කිත්රුවන් හොඳ ආරම්භයක් ලබාගත්තද එය ඉදිරියට ගෙන යෑමට අසමත් විය. තිරිමාන්න , චන්දිමාල් හා කිත්රුවන් යන තිදෙනාම අනාගතයට හොඳය. මොවුන් තිදෙනාට යම් යම් අසාර්ථකකම් පෙන්නුවද තරග කිහිපයක් එකදිගට ලැබෙන්නේ නම් කණ්ඩායමට හොඳය. අපේ තරුණ කී‍්‍රඩකයන් හා අන්රටවල කී‍්‍රඩකයන් කී‍්‍රඩා කර ඇති තරග සංඛ්‍යාව දුටු විට, ඔවුන්ගේ තරග සංඛ්‍යාව ඉහළය. අත්දැකීම් ද ඉහළය. කෞෂාල් සිල්වාගේ වයස 29කි. ඔහුට තවත් කාලයක් කී‍්‍රඩා කළ හැකිය. නමුත් ගැටලුව ඇත්තේ ඔහුගේ ලකුණු ලබාගැනීමේ වේගයයි. ඔහුට එය තවත් ටිකක් ඉහළ දමා ගන්නේ වඩා හොඳය. ලකුණු 300 ලබාගැනීමේදී කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය පැවැතියේ 2.50 හා ඊට ආසන්න අගයන්වලය. තරග දිනන්නට නම්, ලකුණු ලබාගැනීමේ වේගය 3ත් ඊට වඩා වැඩි වේගයක පවත්වාගෙන යා යුතුය. එවිට පන්දු යවන්නන්ට තරගයක් හරවා ගැනීමට කාලය ඇත. දිල්රුවන් හා රංගනට තවත් කාලයක් කී‍්‍රඩා කිරීමට හැකිය. සංගක්කාර ගිය පසු මැතිව්ස් අංක 4 පිතිකරු ලෙස පැමිණෙන්නේ නම් හොඳය. තිරිමාන්න අංක 3ත් චන්දිමාල් අංක 5ත් වනු ඇත. රංගන හේරත් තවත් වසරක් කී‍්‍රඩා කරනු ඇත. දිල්රුවන් පෙරේරා තවත් වසර කිහිපයක් කී‍්‍රඩා කරනු ඇත. සංගක්කාරගෙන් පසු ඊට එක්කර ගන්නේ කවුද යන්න ගැටලූවකි. පන්දු යවන්නකු එක්කර ගන්නවාද පිතිකරුවකු එක්කරගන්නවාද යන්න සිතා බැලිය යුතුව ඇත. තුන් ඉරියව් කී‍්‍රඩකයකු කණ්ඩායමට එන්නේ නම් හොඳය. ධම්මික ප‍්‍රසාද් හා දිල්රුවන් පෙරේරාට පන්දුවට පහර දීමට හැකිය. කළ යුත්තේ වැඩි වැඩියෙන් කී‍්‍රඩා කිරීමත්, කී‍්‍රඩකයන්ට තරග කිහිපයක් ලබාදීමත්ය. එමෙන්ම අත්හදා බැලීම් කළ යුත්තේ තරගයෙන් තරගයට නොව, සංචාරයකට වරක්ය. කී‍්‍රඩාකයකු එක් තරගයක් ලබාදීමෙන් නම්, කිසිවක් කරගත නොහැකි වනු ඇත. එමෙන්ම පාකිස්තානය සමඟ පමණක් කී‍්‍රඩා කිරීමෙන්, මෙරට කි‍්‍රකට් ක‍්‍රීඩකයන්ගේ හැකියාව වර්ධනය නොවනු ඇත. එහෙයින්  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, දකුණු අපි‍්‍රකාව, නවසීලන්තය, එංගලන්තය ආදී රටවල් සමඟ වැඩි වැඩියෙන් කී‍්‍රඩා කළ යුතුය.

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive