Tuesday, June 23, 2015

මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ නුගේගොඩ කල්ලිය තවමත් මිත්‍යාව වපුරමින් සිටිති. දේශීය යාන්ත‍්‍රණයක් හරහා යුද්ධයේ අවසන සමයේදී සිදු වූ දෑ පරීක්ෂණයක් සිදු කරන බවට ජාත්‍යන්තරයට පොරොන්දු වූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනපතිවරයාය. අද මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා ඉදිරියට ගෙන යන්නේ ද එම වැඩපිළිවෙළය. මහින්ද රාජපක්ෂ ජනපතිවරයා පොරොන්දු වූ පරිදි අදාළ කටයුතු කළේ නැත. එහෙයින් ජාත්‍යන්තරයෙන් රටට ලැබිය යුතු බොහෝ දේ ලැබුණේ නැත. ඇමෙරිකාව තමන්ගේ වාසියට කතා කරන රටක් බව, අලූතෙන් කිව යුතු නැත. එහෙත් අපේ රටට වැඩි වශයෙන් මුදල් ගලා එලා එන්නේ ද ඇමෙරිකාව හා යුරෝපා කලාපයෙනි. එක්සත් ජාතික පක්ෂය රටේ ආර්ථික අර්බුදයක් නැතැයි කීවාට රටේ ආර්ථික අර්බුදයක් ඇත. රටේ ධීවර සම්පත් වැඩි වශයෙන් මිලදී ගත්තේ යුරෝපා සංගමයයි. ජී.එස්.පී ප්ලස් සහනය දැන් රටට ලැබෙන්නේ නැත. පසුගිය වසරේ මෙරට අපනයන වැඩි වශයෙන්ම මිලදී ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යා යුත්තේ එහෙයිනි. රටේ ඇති දේශපාලන අස්ථාවරත්වය නිසා රටට ආයෝජන හෝ නව ව්‍යාපෘති ලැබෙන්නේ නැත. පෙර පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙරට ජනතාවගේ මහජන මුදල් හිතේ හැටියට ගසා කෑ අතර, කිසිදු වගකීමකින් තොරව, අවම වශයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද තොරව විවිධ ව්‍යාපෘතිවලට මුදල් වෙන් කර ඇති බවට දැන් හෙළිවෙමින් පවතියි. අදාළ ව්‍යාපෘතිවලට වෙන් කළ මුදල්වලට සිදුවූයේ මොනවාද යන්න කිසිවකුත් නොදනී. හැකිතාක් ඉක්මනින් මැතිවරණයක් පැවැත්විය යුතුය. මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාට මෙරට ජනතාව ඡුන්දය ලබාදුන්නේ නිදහස් පක්ෂය එකමුතු කිරීමට නොව යහපාලනයක් ඇති කිරීමටය. තවමත් රටේ යහපාලනයක් නැත. ඇත්තේ ඒ සඳහා තැබූ පළමු පියවර පමණි. මෛතී‍්‍රපාල ජනපතිවරයා නවක මුහුණ සමඟ මැතිවරණයකට එන්නේ නම් හොඳය. මැතිවරණයේදී ඔහු රටේ ජනතාවගේ ජනපති බවද මතක තබා ගත යුතුය. තවත් කල් නොයවා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු අතර නාම යෝජනා දීමේදී ද සුදුසු පුද්ගලයන්ට නාම යෝජනා ලබා දිය යුතුය. වරද පාලකයන් තෝරා පත්කරගන්නා ජනතවාගේ නොව   දූෂිතයන්ට නාම යෝජනා ලබාදෙන පක්ෂ නායකයන්ගේය. මේ රටේ තරුණයන් වන අප හොඳ රටක් ගැන සිහින දකින්නේ අපි වෙනුවෙන් පමණක් නොව අපිට පසුව එන පරම්පරාවටත් එක්කය.

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive