Thursday, June 11, 2015

නඩත්තුව

ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ ඩිල්ෂාන් සම්බන්ධයෙන් පළ කර තිබූ පුවත සම්බන්ධවයි.

    ප‍්‍රතිපත්තියක් වශයෙන් දික්කසාද නඩු, ළමා අපචාර නඩු මාධ්‍යවල පළ කරන්නේ නැහැ. නමුත් ඩිල්ෂාන්ගේ සිදුවීම නිසා සමාජයට ලැබෙන වැරැුදි අර්ථකථනය හේතුවේන් මේ සම්බන්ධයෙන් සටහනක් තබමි. ඩිල්ෂාන්ගේ පුද්ගලික ජීවිතය වාර්තා කිරීම සම්බන්ධයෙන් මගේද වැඩි කැමැත්තක් නැති බවද මෙහි දි කිව යුතුය. ඩිල්ෂාන්ගේ පළමු විවාහය දික්කසාදයකින් අවසන් වීමට මුල පෑ හේතු ව ප‍්‍රසිද්ධ රහසකි. මෙහිද ගැටලූව ඇත්තේ ඩිල්ෂාන්ගේ සිදුවීමේදි ඔහුගේම දරුවා පත්වන අවසනාවන්ත තත්ත්වය ගැනය. ඩිල්ෂාන්ගේ දරුවා පමණක් නොව මෙරට බොහෝ දරුවන්ට  වැඩිහිටියන්ගේ අත්තනෝමතික කි‍්‍රයා හේතුවෙන් මේ ඉරණම අත්වෙයි. අප පුවත්පතේ ජ්‍යෙෂ්ඨ සහෝදරයකු (මා වඩාත් ගරු කරන පුද්ගලයකු) පැවසූ කරුණකි. අම්මා බන්ධනාගාර බස් රථයෙන් රැුගෙන එනවිට අවුරුදු හතරක පහක දරුවකු මට අම්මා  ඕනෑ යැයි කෑ ගසමින් දිව ආ බවයි. එය පවසන විටදීත් ඔහුගේ දෑසට කදුළු ආ බැවින් සිද්ධිය කෙසේ වන්නට ඇත්දැයි මට සිතා ගත හැකිවිය. මේ ආකාරයෙන් කෙතරම් දරුවන් සංඛ්‍යාවක් දික්කසාද හේතුවෙන් තම වටිනා ජීවිත අඳුරු කරගන්නවාදැයි අප සිතා බැලිය යුතුය. ඩිල්ෂාන් නඩත්තු මුදල් නොගෙවා ඇත්නම් , ඒ අවස්ථාවේ ඒ ආකාරයෙන්ම නඩත්තු මුදල් ගෙවිය යුතු පුද්ගලයන්, ඩිල්ෂාන් ගෙවන්නේ නැතිනම් අපි ගෙවන්නේ යැයි, ඩිල්ෂාන්ට ගෙවන්න සල්ලි නැතිනම්, අපිට කොයින්ද යන තීරණවලට එළැඹිය හැකිය. ස්වභාවය මෙයයි. එමෙන්ම මෙලෙස දරුවන්ට ලැබෙන නඩත්තු මුදල් හා අනෙකුත් මුදල් දරුවාගේ භාරකාරත්වය හිමි පාර්ශව දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන වාද යන්න ද සොයා බැලිය යුතුය. ඩිල්ෂාන් සිදුවීම එක් සිදුවීමක් පමණි. අපට ඩිල්ෂාන්ගේ පෞද්ගලකි ජීවිතයෙන් වැඩක් නැත. එහෙත් ඒ සිදුවීම් හරහා සමාජයේ දරුවන් පත්ව ඇති අසරණභාවය සම්බන්ධයෙන් අපේ රටේ වැඩිහිටියන්ට අවබෝධයක් තිබිය යුතුය. අද ඬේලි මිරර් පුවත්පතේ කතුවැකිය ද දරුවන් ගැනය. නේටෝ හමුදා සාමාජිකයන් අතින් ගැහැණු දරුවන් ලිංගික අපරාධවලට ගොදුරු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවලම දැක්වෙයි. ලෝකයක පැවැත්ම ඇත්තේ දරුවන් මතය. ලෝකය ඉදිරියට ගෙන යන්නේ ඔවුන්ය. අනාගතය ඔවුන්ය. එය ඩිල්ෂාන්ගේ දරුවාද, ඉතියෝපියාවේ, සුඩානයේ, උතුරු කොරියාවේ, වනවාටුවේ, ඇමෙරිකාවේ, බි‍්‍රතාන්‍යයේ, චිලියේ හෝ කොහෝ සිටින දරුවක-ු ද යන්න වැදගත් නැත. මෙලොව සිටින සියලූ දරුවන් ආරක්ෂා කර ගත යුතුය. එය අප සැමගේම වගකීමකි.

http://www.sinhala.srilankamirror.com/news/item/5571-tillakaratne-dilshan

http://slash-dev-slash-null.blogspot.com.au/2014/06/blog-post_21.html

http://www.dailymirror.lk/75889/child-slaves-behind-the-chocolates-we-relish-editorial

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive