Friday, June 19, 2015

නිදහස් පක්ෂය

මන්තී‍්‍ර, ඇමැති, විපක්ෂ නායක, අගමැති, ජනපති තව මොනවා ගන්නද ? අමාත්‍ය රාජිත සේනාරත්නත.....
    
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා රටට සේවයක් කළ බව හැබෑය. ඔහු තවත් වසර දෙකක් තිබියදී ජනපතිවරණයක් තබා ඉල්ලාගෙන කෑවේය. සෝභිත හිමියන් ඇතුළු පිරිස් පෙන්වාදුන් හා කියූ අදහස්වලට කන් දුන්නේ නම්, ඔහු තවමත් ජනපතිය. අදාළ වෙනස්කම් කළා නම්, මැරෙනතුරු ද බලයේ සිටිය හැකිව තිබිණි. කෙසේ නමුත්, ජනපතිධුරයේ සිටියදී ඉන් පරාජයට පත්වී ගෙදර යන්නට ඔහුට සිදුවිය. දැන් කළ යුතුව ඇත්තේ විවේක සුවයෙන් කල් ගත කිරීමය. ඔහුට දේශපාලනයේ නිරත වීමට අවශ්‍ය නම්, රටේ වටේ නොගස්, පක්ෂය එකමුතු කරන්නට වැඩ කරන්නට හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද බින්න කරන්නේ අන් කිසිවකු නොව හිටපු ජනපතිවරයා බව, තැන් තැන්වල අදහස් දක්වන මන්තී‍්‍රවරු සිහි තබා ගත යුතුය. අදාළ මන්තී‍්‍රවරුන් ද පක්ෂයේ වත්මන් නායකයා හා එකමුතුව වැඩ කරන්නේ නම්, එය ඔවුන්ගේ අනාගතයට හොඳය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදෙන්න බෙදෙන්න එහි වාසිය යනුයේ, එක්සත් ජාතික පක්ෂයටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛතී‍්‍ර මහින්ද ගැටුමට එක්සත් ජාතික පක්ෂය බෙහෙවින් කැමැතිය. එහෙයින් මොළේ ඇත්නම්, ඡුන්දයකට සූදානම් වීම, නිදහස් පක්ෂයේ සියලූ දෙනාගේ වගකීමයි. නායකයකු පරාජයට පත්වී හෝ ගෙදර ගිය හෝ පසු, කණ්ඩායමේ අලූත් නායකයා සමඟ කටයුතු කිරීමට කණ්ඩායම් සාමාජිකයෝ දැනගත යුතුය. කණ්ඩායම පරදිනවා යනු, තමාද පරාජයට පත්වීම බව අදාළ සාමාජිකයෝ දැනගත යුත-ුය. දේශපාලන පක්ෂයක් එය වඩාත් හොඳින් තේරුම් ගත යුතුය. නිදහස් පාක්ෂිකයෝ අලූත් නායකයා සමඟ පෙරට නොයන්නේ නම්, තවත් කාලයකට ගොඩඒමක් නොමැති බව, තේරුම් ගන්නේ නම් එය හොඳය. ඔවුන්ට යම් කිසි සැනසෙන්නට ඇත්තේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනපතිධුරය දරනතාක් කල් පමණි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ කාලයේ කල අන්ත දූෂිත කි‍්‍රයාවල සාක්ෂි, තොග පිටින් එක්සත් ජාතික පක්ෂය සතුව නැතැයි කිව නොහැක්කේ කාටද.. එහෙයින් ඒවා භාවිත කිරීමට එක්සත් පක්ෂය පසු බට නොවනු ඇත. ඡුන්දය සමයේදී මේවා හොඳින් දැක ගත හැකිවනු ඇත. එහෙයින් නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු, මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා සමඟ එකමුතුව කටයුතු තාක්කල් ඔවුනට වන හානිය අවම වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

1 comment:

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive