Tuesday, March 31, 2015

මහේල

සංගක්කාරගේ තනි නොතිනියට සිටි ඔහු, ඩිල්ෂාන්ට ආරම්භක පිතිකරුවකු වන්නට ඉඩ සැලසූ ඔහු, මාලිංග වැඞ්ඩෙකු කළ ඔහු, මැතිව්ස් හොඳ නායකයකු කළ ඔහු, කණ්ඩායමට තරුණ කී‍්‍රඩකයන් ගෙන ආ ඔහු, අසාධාරණයට කෑ ගසු ඔහු, විනිසුරිවරුයකුට ඇගිල්ල දික් කළ ඔහු,  ඕස්ටේ‍්‍රලියාවේ දී  ඕස්ටේ‍්‍රලියානුවන්ට අභියෝග කළේය. මෙරට කි‍්‍රකට්වල සැඟවුණු නිහඬ වීරයකු විය. කි‍්‍රකට් කී‍්‍රඩා කළ කාලය පුරාම දණහිසේ ආබාධයකින් පීඩා වින්දේය. සංගක්කාර ශතක කෙතරම් රැුස් කළද ජාත්‍යන්තර කි‍්‍රකට් විස්තර විචාරකයන්ට සවන් දුන්නේ නම ඔබ දනී, මහේල පිතිකරණයට එනතුරු බලා සිටින්නේ ඔහුගේ පිතිකරණය එතරම් දැකුම් කළු නිසාය. ඔහු මෙන් පිටිය සිසාර පන්දුවට පහරවල් හදන්නට පහර එල්ල කරන්නට, හිඩැස් සොයන්නට කෙනකු නොවීය. ඉන්දියාවේ වැඞ්ඩා සචින් තෙන්ඩුල්කාර්විය. එහෙත් සචින් වීරයකු වන්නේ රාහුල් ඩ‍්‍රාඩිඞ් නිසාය. මෙහෙද එසේය. සංගක්කාර වැඞ්ඩෙකි. සංගක්කාර එතරම් විශ්වාසයෙන් පන්දුවට පහර දෙන්නේ තමන්ගේ සගයා පිටුපසින් එන නිසාය. කවුරුත් නොගහන තරගවල ශතක රැුස්කර තරග දිනවූයේ ඔහුය. අද මෙරට කි‍්‍රකට්වල එක්තරා භාග්‍යමත් දිනයකි. ඒ ඔහු උපදේශක තනතුරක් බාරගත් නිසාය. මෙරට කි‍්‍රකට් අනාගතය ගැන යම් බලාපොරොත්තුවක් තබා ගත හැක්කේ මහේල යනු කවරෙක්ද යන්න මුළු ලෝකයම දන්න නිසා නොව ඔහු වැඞ්ඩෙක් නිසාය. මොළකරුවකු නිසාය. අපේ කි‍්‍රකට් අනාගතයක යහපත් පුද්ගලයකු අතට පත්වූ බවට විශ්වාසයක් ඇත. මහේලත් අන් අය මෙන් නොවේවායි ප‍්‍රාර්ථනා කරමි.

Thursday, March 26, 2015

අද ඉන්දියාව කෑවේය. ගියවර  ඕස්ටේ‍්‍රලියාව ඉන්දියාවෙන් කා ගෙදර ආවේය. මෙවර ඉන්දියාව  ඕස්ටේ‍්‍රලියාවෙන් කා ගෙදර එයි. මේ වනවිටත් ඉන්දියාව කැළැඹි ඇති අතර විරාත් කෝලිගේ පෙම්වතිය සිඞ්නි ගිය පෙම්වතා සියයක් ගසනු ඇතැයි අපේක්ෂාවෙනි. අන්තිමට වූයේ මහින්ද රාජපක්ෂ මහතාට අසාගන්නට සිදු වූ දේවල් අනුෂ්කා ෂර්මාටද අහගන්නට සිදු ව ඇත. විරාත් කෝලි යුගයේ හොඳම හඹා යන්නා යැයි කියා පුම්බා තැබීය. එසේ වුවද  ඕස්ටේ‍්‍රලියාව ඔහුට උපක‍්‍රමය යෙදුවේය. බංගලාදේශය ද කෝලිට නියම තැනට පන්දු යැව්වේය. මා කුඩා කල සිටම කැමැත්තක් දැක්වූ කී‍්‍රඩකයෙක් තමා මයික් හසී. අපට අවශ්‍ය වන්නේ මයික් හසීගේ ක‍්‍රිකට් සහ ඇන්ඩෘ සයිමන්ඞ්ස්ගේ කි‍්‍රකට්ය. ඒ අතර මැද්දට මයිකල් ක්ලාක්, පොන්ටින් අවශ්‍ය වන අතර ගිල්කි‍්‍රස්ට් හා මැතිව් හේඩන් වැනි ආරම්භයටද මැක්ස්වෙල්, හැඩින් වොට්සන් වැන්නන් අවශ්‍යය. අද  ඕස්ටේ‍්‍රලියාව 2007 දිනූ සංයුතිය හදාගෙන යමින් සිටියි. ඇන්ඩෘ සයිමන්ඞ්ස් සේ ද මැක්ස්වෙල් පහර දෙන අතර විටෙක ඊටත් වඩා භයානකය. ආරොන් ෆින්ච් හා ඬේවිඞ් වෝනර් මැතිව් හේඩන්ගේ හා ඇඩම් ගිල්කි‍්‍රස්ට්ට සමානය. මයිකල් ක්ලාක් එතැනමය. පොන්ටින්ගේ අඩුවක් ඇත. එහෙත් ඒ වෙනුවෙන් වොට්සන් , හැඩින්, සිිටියි. මයික් හසීගේ කාර්යභාරය ස්මිත් කරමින් සිටියි. වෙනස ඇත්තේ මයික් හසි පිතිකරණ ලැයිස්තුවේ පහළින් පැමිණි අතර ස්මිත් උඩින් පැමිණීමයි. තිරිමාන්න ද මේ ආකාරයේ කී‍්‍රඩකයෙකි. චන්දිමාල් ඊට පසු සිටියි. තිරිමාන්න හිර නොවන බව දකුණු අපි‍්‍රකා තරගයේදී පෙන්නුම් කළේය. චන්දිමාල් ඒ බව  ඕස්ටේ‍්‍රලියා තරගයේදී පෙන්නුම් කළේය. මයික් හසී හිර උනු දවසක් මතක නැත. ඔහුට ඇත්තේ එක්දින පිටියේ ශතක 3ක් පමණි. බය නැතුව පහර දෙන්නට කිත්රුවන් හොඳය. මා මේ ලියන්නේ පසුගිය කාලයේ මෙරට කි‍්‍රකට් කරවන්නෝ කළ අත්හදා බැලීම් ද සමගය. අෂාන් පි‍්‍රයන්ජන්ද යෝග්‍යය. වොට්ස්න් හොඳ පිතිකරුවකු වන්නේ ආරම්භක පිතිකරු ස්ථානයේ නොම්මර තුන ලෙස කී‍්‍රඩා කිරිමෙනි. තිසරට ඒ අවස්ථාව දී බලන්නේ නම් හොඳය. කුසල් ආරම්භයට හොඳය. කුසල් තිසර ආරම්භක පිතිකරුවන් ලෙසත්, තිරිමාන්න නොම්මර තුනත්, චන්දිමාල් නොම්මර හතර ලෙසත්, පහට මැතිව්ස්ද, ඉන් අනතුරුව කිත්රුවන් අෂාන් පි‍්‍රයන්ජන් යොදාගන්නේ යමක් වනු ඇත. තිරිමාන්නට, අෂාන් පි‍්‍රයන්ජන්ට, මැතිව්ස්ට, කිත්රුවන්ට පන්දුවාර විස්සක් අවශ්‍ය නම් යැවිය හැක. ඉන් අනතුරුව හොඳ පන්දු යවන්නන් අවශ්‍යය. මාලිංග හා ඔහු වටා එක්වනන්න නොව  ඕස්ටේ‍්‍රලියාවේ ඉන්දියාවේ වැන්නන් අවශ්‍යය. අද ඉන්දියාවේ පන්දු යවන්නන්ගේ බල ඇණිය හොඳය. උමේෂ් යාදෙව්, මෝහිත් ෂර්මා මොහමඞ් ෂමි හොඳින් පන්දු යැවූහ. ඔවුන්  ඕස්ටේ‍්‍රලියාවේදී  ඕස්ටේ‍්‍රලියාට එරෙහිව බවුන්සර් පන්දුව හොඳින් යොදාගත්තේය. පාකිස්තානයද එසේය. එහෙයින් එවැනි හොඳ පන්දු යවන්නන් අවශයය. පන්දු යවන්නන් ගැන නම් කියන්න මා දන්නේ නැත. ඩිල්ෂාන් ඉවත් වන්නේ නම්, මා හිතන්නේ එය හොඳය. නැත්නම් ඩිල්ෂාන් වෙනුවෙන් ආදේශකයක් තබාගෙන සිටිය යුතුය. පන්දු යවන්නන්ට  ඕනෑතරම් දක්ෂයන් සිටින බවද කිව යුතුය. කළ යුත්තේ හොඳ පුහුණුව නියම තේරීමත් සංචිතයක් පවත්වාගැනීමත්, නියම ලෙස යොදාගැනීමත්ය.
2015.03.26

Tuesday, March 24, 2015

හැමෝම නොහිතන විදියට
ලියන කියන එක හිතන දේ
පෙර නිමිත්තක් කියලා
ගුටි කන්න
තේරුණේ පස්සේ
අහගත්තම හොඳවයින්
උඹලා හිතන විදියට
අනිත් උන්ට නොහිත ඉන්න
ඇත්තේම නැද්ද
                                                                                               අයිතියක්
උන්ට අනිත් විදියට

දෙරණ ද සිරසට නොදෙවැනි ලෙස මාධ්‍ය අවභාවිතයේ නිරත වූ බව කිව යුතුය

දෙරණ ද සිරසට නොදෙවැනි ලෙස මාධ්‍ය අවභාවිතයේ නිරත වූ බව කිව යුතුය. මඩ ගසාගන්නේ අපි අපිටමය. අපි සියල්ලෝම එකම ක්ෂේත‍්‍රයේ සේවය කරන්නෝ තොරතුරු බෙදාහදාගන්නෝ වෙමු. ලොක්කන්ගේ අතකොලූ බවට පත්ව අපි අපිටම ඇණකොටා ගැනීම ලොක්කන්ගේ සාක්කු පිරවීමක් මිස අපේ යහපත සඳහා නොවන බව සිහිතබා ගත යුතුය. මෙම සිදුවීම දෙපාර්ශවය දෙපර්ශවයෙන්ම සමාව ගෙන සමතයකට පත්කරගන්නේ නම් එය ක්ෂේත‍්‍රයේ උන්නතියටතේ සැමගේ යහපතටත් හේතු වනු ඇත. මෙවැනි අමනාපකම් මඩ ගසා ගැනීම්වල සිට එකම ක්ෂේත‍්‍රයක් ලෙස අප ඉදිරියට යන්නේ කෙසේ දැයි කල්පනා කළ යුතුය. ලෝක මාධ්‍යයේත් අපේත් වෙනස ඇත්තේ එතැනය. ලෝක මාධ්‍ය ආණ්ඩු පෙරළද්දී ජනතාව වෙනුවෙන් කටයුතු කරද්දි එකිනෙකා වෙනුවෙන් පෙනි සිටින විට එකම ක්ෂේත‍්‍රයේ අප එකිනෙකා ගහ මරා ගනිති. පොදු ජනතාව වෙනුවෙන් පෙනි සිටින අප කුහකත්වයෙන් පිරි මේ ආකාරයෙන්ම හැසිරෙන විට අපට සිදුවන්නේ කුමක් ද සිහි තබා ගත යුතුය. මීට මාස කිහිපයකට පෙර දෙරණ ආයතනයට මාතර සුනිල්ගෙන් ලැබුණු දුරකථන ඇමතුමෙන් පසු සිදු වූ දේ අප කවුරුවත් හොඳින් දනි. දෙරණ ආයතානයේ කාගෙවත් හෙට පඩි වැඩි වෙන්නේ නැත. මේ මගේද එසේය. මාධ්‍ය ආයතන අතර තරගයක් තිබිය යුතුය. නමුත් එය මඩ ගසා ගැනීම්, අපහාස කිරීම් චරිත ඝාතනය කිරීම්වලින් තොර එකක් විය යුතුය. අප අතින් අප සිටින ආයතනයක දැන හෝ නොදැන සුළු වැරැුද්දක් වුවහොත් එසැණින්ම අපට ගෙදර යන්නට සිදුවෙයි. යම් යම් ආයතනවල පොදුවේ පිළිගත් දේශපාලන මතවාද කි‍්‍රයාපටිපාටි ක‍්‍රමවේද කි‍්‍රයාත්මක වන ආකාරයේ ප‍්‍රතිපත්ති ආදිය ඇති නමුත්, හැකි අයුරින් සාධාරණව අවංකව සේවය කිරීමට අප වග බලාගත යුතුය. ආයතනයේ කි‍්‍රයාපටිපාටියට විරුද්ධව අරගල කරන්නට ගොස් රස්සාව නැති වූ කන්නට දෙන්නට බොහෝ අය හෝ සමහර විටෙක ළඟම සිටි අයත් නැති වෙන්නට පුළුවනි. හැම පැත්තෙන්ම බලා හැකි අයුරින් සාධාරණව අවංකව කටයුතු කිරිම කාටත් හොඳය. මනුස්සකම සහෝදරත්වය යන බැඳීම් මත කටයුතු කිරීම කාගේත් යහපතට හේතු වනු ඇත.
2015.03.24

සිරසයි දෙරණයි

ඇත්තටම සිරසේ මාධ්‍යවේදීන් පවුය. එම මාධ්‍යවේදීන් එන්නේ තමන්ගේ උවමනාවට නොව මාධ්‍ය ආයතනයේ ප‍්‍රධානීන්නගේ උවමනාවටය. දෙරණේ ඔවුන්ගේ මිතුරන් මාධ්‍ය සගයන්් නැතුව නොව. පුද්ගලික ඉඩමක් හේතුවෙන් සිරසත් දෙරණත් හිරු ටීවිත් ඇතුළු මාධ්‍ය රැුසක් ඊයේ එකිනෙකාට ලැජ්ජ කරගත්තේය. අදත් එය එසේය. අද සිදුවන්නේ මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන්ගේ උවමනා එපාකම් පිරිමැසීමක් මිස නිවැරැුදි මාධ්‍ය භාවිතයක් නොවේය. මාධ්‍ය භාවිතය ගැන කතාකරන්නට මා වයසින් අත්දැකීමේන් තාමත් පොඩිය. එහෙත් දකින දේ අනුව දැනෙන්නේ එයයි. මාධ්‍ය ආයතනයේ ප‍්‍රධානියාත් එම මාධ්‍ය ආයතනයේ මාධ්‍ය භාවිතාවත් වෙනස් විය යුතුය. මාධ්‍ය ආයතනයේ ප‍්‍රධානියාගේ උවමනා එපාකම් කරන්නට යෑමේන් සිදුවන්නේ අහිංසක මිනිසුන්ට කෙළවීමය. ඒ පැමිණි සිරසේ මාධ්‍යවේදීන්ට විඳින්නට සිදුවන අපවාද ගැන මාධ්‍ය ආයතන ප‍්‍රධානින්ට සිතුණේද යන්න පිළිබඳ ඇත්තේ කුකුසකි. දෙරණ ආයතනයට ද මෙහිදි යම් තාක් දුරකට සානුකම්පිත ආකාරයෙන් කටයුතු කරන්නට තිබිණි. ඔවුන් විටින් විට පෙන්නා සවුත්තු කළේ මිනිස් ජීවිත විනා අදාළ කාර්යයට සම්බන්ධ පුද්ගලයන් හෝ නිවැරැුදි දේ නොවේය.

2015.03.24

Monday, March 23, 2015

සෙමි ෆයිනල්

 අවසන් පූර්ව වටයට තේරුණ කණ්ඩායම් හතර හරි අපූරුය. නවසීලන්තය හා ද. අපි‍්‍රකාව ලෝක කුසලාන ඉතිහාසයේ අවාසනවන්තම කණ්ඩායම් දෙකය. එයිනුත් වාසනාවන්තම කණ්ඩායම කවුදැයි හෙට බලාගත හැකිය. නවසීලන්තය සිටින්නේ සිය උපරිම තත්ත්වයේය. ගප්ටිල් නැවතත් සුපුරුදු රිද්මයට පැමිණ ඇත. අනෙක් සියලූ කී‍්‍රඩකයෝ රිද්මයේ පසුවෙති. මැකලම්, විලියම්සන් ආදි පිතිකරු ලැයිස්තුව ශක්තිමත්ය. පන්දු යවන්නෝද එසේය. දකුණු අපි‍්‍රකා කණ්ඩායමේ අඩුවකට සිටි ක්වින්ටන් ඞී.කොක් අපේ කණ්ඩායම සමග පැවැති තරගයේදී රිද්මයට පැමිණියේය. ඩිවිලියර්ස් උපරිමයේය. ඩුමිනි, හෂීම් අම්ලා, රූසෝ, මිලර් ද රිද්මයේ පසුවෙති. ඔවුන්ගේ පන්දු යවන්නෝද උපරිමයේය. හොඳම තරගය වනු ඇත්තේ මෙයය. වාසනාව මත තරගය ප‍්‍රතිඵලය තීරණය වනු ඇත. හොඳ තරගයක් දැක බලාගැනීම කාගේත් අපේක්ෂාවය. සත්කාරකත්වයේ වාසිය ඇත්තේ නවසීලන්තයටය.
    අනෙක් තරගය කි‍්‍රකට් මත පමණක් පදනම් නොවනු ඇත. සියල්ල සල්ලි මත නටවන ඉන්දියාවත් ඔවුන් සමග යම්තාක් දුරට සහයෝගයෙන් කටයුතු කරන  ඕස්ටේ‍්‍රලියාවත් අතර තරගය බොහෝ දේ තීරණය කරනු ඇත. ගියවර බ්‍රේට් ලී ලේ හැලූවද ඉන්දියාවේදී ඉන්දියාවෙන් කා ගෙදර ඒමට  ඕස්ටේ‍්‍රලියාවට සිදුවිය. මෙවර එය ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවේදීය. ත්‍යාග මුදල් සම්බන්ධ ගැටලූවේදී එංගලන්තය, ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව එක් පැත්තක් ගත් අතර අවසානයේදී දකුණු අපි‍්‍රකාව හා නවසීලන්තය ද ඔවුනට අවනත විය.  ඕස්ටේ‍්‍රලියාව හා ඉන්දියාව අයි.සී.සී යේද බලවන්තයෝ වෙති. ලෝක කි‍්‍රකට් කරවන්නෝ ඔවුහූය. මෙය හුදෙක් කි‍්‍රකට් තරගයක් නොවනු ඇත්තේ ඒ නිසාය. එකම පිලේ සාමාජිකයෝ දෙදෙනෙක් අවසාන මහ තරගයක් වෙනුවෙන් තරග කරති.  ඕස්ටේ‍්‍රලියාව හා පාකිස්තානය අතර තරගයේදී අප නියම කි‍්‍රකට් තරගයක් නැරඹූ අතර පාකිස්තානයේ අත්වැරැුදීම් අවාසනාව නිසා ගෙදර එන්නට සිදුවිය. පිටිය උණුසුම්විය. ඉන්දියා  ඕස්ටේ‍්‍රලියා තරගය ඊට හාත්පසින්ම උණුසුම් වනු ඇත. උණුසුම් වචන හුවමාරු වනු ඇත. බංගලාදේශ තරගයේ විනිසුරු තීරණ ඉන්දියාවට පක්ෂපාතිවීමද සම්බන්ධයෙන් ද දැන් දැන් චෝදනා එල්ල වෙමින් පවති. එහෙයින් මෙම තරගයේදී විනිසුරුවරුන්ට එල්ල වන පීඩනය ද සුළු පටු නැත. නවසීලන්තය හා දකුණු අපි‍්‍රකා තරගය නියම කි‍්‍රකට් වන අතරේම ඉන්දියා  ඕස්ටේ‍්‍රලියා තරගයේදී නියම කි‍්‍රකට් වලට හා මහත්මා කි‍්‍රකට්වලට වඩා වැඩි දේවල් විය හැක්කේ දැනටමත් තරගයේ පීඩනය  ඕස්ටේ‍්‍රලියානුවන්ට දැනී ඇති හෙයිනි. මයිකල් ක්ලාක් ඇතුළු කී‍්‍රඩකයෝ සිය ට්විටර් ගිණුම් හරහා, කී‍්‍රඩාංගනය රන් පැහැයෙන් පුරවන්නට තම රටේ පේ‍්‍රක්ෂයන්ට පැමිණෙන්නයි ඉල්ලද්දි ඉන්දියානුවෝ, පේ‍්‍රක්ෂකාගාරය ඉන්දියානුවන්ගෙන් පුරවන්නට වෙර දරති. ටිකට් දෙන්නේ අයි.සී.සිය. තරගය ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවේදීය.  ඕස්ටේ‍්‍රලියා කි‍්‍රකට් පාලක මණ්ඩලය යටතේය.
පසුව දීර්ග සටහනක් තැබීමේ බලාපොරොත්තුවෙන් මෙය ලියමි. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයූ විට ජාතික ගීත දෙකක් නම්, ඔබේ නම ඉංගී‍්‍රසියෙන් ලියූ විට ඔබේ නම නොව එය වෙනත් නමකි. එහෙයින් ඔබේ නම ඉංගී‍්‍රසියෙන් නොලියන්න. ඔබට සිංහල සාහිත්‍ය ඉංග‍්‍රීසියෙන් කියූ විට කිසිදු හැගීමක් නැත්තා සේම, දෙමළ ජනතාව ජාතික ගීය සිංහලෙන් ගැයූ විට ඔවුන්ට ලැබෙන කිසිදු ජාත්‍යාලයක් රට හැඟීමක් නැත. ඔබ ප‍්‍රංශ චිත‍්‍රපට හෝ ඉංගී‍්‍රසි චිත‍්‍රපට සිංහල උපසිරැුසි දමාගෙන බලන්නේ, ඉංගී‍්‍රසි හෝ වෙනයම් භාෂාවක චිත‍්‍රපටයක් සිංහල නැතුව බැලූවිට දැනෙන යමක් නැත. ඔබ ප‍්‍රංශ දන්නේ නම් ගැටලූවක් නැත. නමුත් සියල්ලෝම ප‍්‍රංශ දන්නේ නැත. ඔබ දෙමළ හෝ හින්දි චිත‍්‍රපට සිංහල උපසිරැුසි නැතුව බලන්නේ නැත. දෙමළ ජනයාට දැනෙන බසින් ජාතික ගීය ගායනා කළේ නැත්නම්, ඔවුනට ශ්‍රී ලංකාව ගැන හැඟීමක් ඇති වෙන්නේද නැත

Sunday, March 22, 2015

ෆීල්ඩ් මාෂල්

 සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඞ් මාෂල් පදවිය දීමේ වරදක් නැත. නමුත් ලෝකයේ ෆීල්ඞ් මාෂල් ධුරය දීම ක‍්‍රමවේදය අනුව මෙරට දී එය දීම එක්තරා ආකාරය වෙනස්ය. මෙරට පැවැතියේ සිවිල් යුද්ධයකි. ගරිල්ලා කණ්ඩායමක් හා පැවැති සටනකි. එනමුත් එම ගරිල්ලා සටනින් ලෝකයටද මහත් දේ නැතිවිය.  නාවිකා හමුදාපති ගුවන් හමුදාපතිවරුන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් සහ මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස පදවි ඉල්ලා ඇතැයි වාර්තා වේ. යුද්ධයකදී වඩාත්ම වැදගත් කණ්ඩායම ලෙස සලකන්නේ පාබල හමුදාවය. ඉන් ගුවන් හමුදාව හෝ නාවික හමුදාව අවතක්සේරු කිරීමක් නොව සම්මතය වන්නේ එයයි. අතීතයේ සිටම ෆීල්ඞ් මාෂල් පදවියට පත් වූ බොහෝ දෙනා පාබල හමුදාව නියෝජනය කළ ජෙනරාල්වරුය. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් සහ මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් පදවි ලැබී ඇත්තේ ඉතාමත් සුළු පිරිසකටය. ෆීල්ඞ් මාෂල් ධුරය ශ්‍රී ලංකාවේ ක‍්‍රමවේදයකට සකස් කර ඇත්නම් එය වටින්නේය. නමුත් අද ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට දුන් පදවියෙහි අභ්‍යන්තරය ගැන මම දන්නේ නැත. එනමුත් හිටපු නාවුක හමුදාපතිවරයා එය ඉල්ලන්නේ නම් එහි එක්තරා ආකාරයක සදාචාරාත්මක ගැටලූවක් ද ඇත. සරත් ෆොන්සේකා  සියයට සියයක් පිරිසුදු යැයි ද නොකියමි. කෙසේ නමුත් සරත් ෆොන්සේකා මහතා යම් කිසි වැඩක් කළ බව අපි සියල්ලෝම දනිමු. වසර 30ක් දිග්ගැස්සුණ් සිවිල් යුද්ධය ඔහු අවසන් කළේය. මේ මොහොතේ හිටපු හමුදාපතිවරුන් නාවුක හමුදාපතිවරුන් ගුවන් හමුදාපතිවරුන් අප සිහිකළ යුතුය. දිවි අහිමි වූ තම ශරීරයේ අංගෝපාංග අහිමි කරගත් සොල්දාදුවන් අප සිහි කළ යුතුය. ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා යනු ඔවුන් සියල්ලගේම නියෝජනයකි. ෆීල්ඞ් මාෂල් පදවියක් පිරිනමන්නේ නම් බලන පළමු සුදුසුකම වන්නේ සම්මත යුද්ධයක්  වීමත් එම යුද්ධයෙන් ජයග‍්‍රහණය කිරීමත්ය  . ඒ සම්මත හමුදා ක‍්‍රමයය. නමුත් මනුෂ්‍යයකු ලෙස කිසිම යුද්ධයක් සම්මත යැයි මට හැගෙන්නේ නැත. කිසිදු යුද්ධයකදී කිසිවකු ජයග‍්‍රහණය ලබන්නේ ද නැත. යුද්ධයේදී දෙපාර්ශවයම අපි සියල්ලෝම පරාජිතයෝ වෙමු. එහෙයින් අනාගතයේදී අපේ රටට හෝ වෙන යම් කිසිම රටකට ෆීල්ඞ් මාෂල් ධුරයක් දීමට අවස්ථාවක් ඇති නොවේවායි යන්න මගේ පැතුමයි. ඒ යුද්ධයක් නැති රටක්ය. යුද්ධයක් නැති ලෝකයක්ය.

Wednesday, March 18, 2015

 තරගාවලිය පුරාම, ඩිල්ෂාන්. තිරිමාන්න හා සංගක්කාර මත සියල්ල තීරණය වූ අවසාන මොහොතේදී, අනිකුත් පිතිකරුවන්ගෙන් ඒ පීඩනය දෙදෙරා ගියේය. තරාගවිලය පුරාම සංගක්කාර හා ඩිල්ෂාන් තිරිමාන්නගේ ලකුණුවලින් ගොඩ ගිය අපේ කණ්ඩායම, ඔවුන් තිදෙනාගේ, දැවී යෑම් හා ලකුණු රැුස් නොකිරීම හමුවේ පරාජය වැළැඳගැනීමට සිදුවිය. එමෙන්ම තරගාවලිය ආරම්භයේදී කළ යුතුව තිබූ වක් වූ ක-ුසල් ජනිත් ආරම්භක පිතිකරු ලෙස එවීම, තීරණාත්මක තරගයකදී සිදු කරමින් අප මුල සිටම සියල්ල වරද්දාගතත්තේය. කී‍්‍රඩකයකු ආබාධයකට පත් වූ විටෙක අපට ආදේශ නැත. තරුණ කී‍්‍රඩකයන්ගෙන් තවමත් තැනෙක සිටින්නේ මැතිව්ස් පමණි. ස්ථාවර වී ඇත්තේ ඔහු පමණි. චන්දිමාල් හා තිරිමාන්න ඒ පසුපසිනි. තිසර ගැන කතාකිරීමෙන් වැඩක් නැත. ඔහුට ලබාදුන් අවස්ථා ප‍්‍රමාණය හොඳටම වැඩිය. සංගක්කාරට අවසාන මොහොතේ පීඩනය දරා ගැනීමට නොහැකි වූ අතර, ඔහුගේ පසුබෑමේ පීඩනය නිසා මහේලටත් මැතිව්ස්ටත් ලකුණු රැුස් කිරීමේ මං සේවීමට සිදුවීමෙන් ඔවුන් දෙදෙනාගේ කඩුළු පූජා කරන්නට සිදුවිය. තරගාවලිය පුරාම තිරිමාන්න ආරම්භක පිතිකරුවකු ලෙස තරග දෙක තුනකදී හැරෙන්නට සාර්ථක වූ අතර, ඉකුත් තරගවලදී මෙන්ම අදද ඔහු ආරම්භක පිතිකරු ලෙස එව්වා නම්, ප‍්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබිණි. කෙසේ වෙතත් සියල්ල සිදු වී අවසන්ය. ඉන්දීය කණ්ඩායමට අද හොඳ තරුණ වේග පන්දු යවන්නෝ සිටිති.  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම, ස්ටීවන් ස්මිත් , මැක්ස්වෙල් උදාහරණය. අනෙකුත් කණ්ඩායම් ද එසේය. සංගක්කාර මහේල කළ කී දෑ ගැන ලියන්නට මදිය. එක් කී‍්‍රඩකයකු කී‍්‍රඩකයන් දෙදෙනකු මත යැපීමට සිදු නොවන කණ්ඩායමක් දැන්වත් තේරීය යුතුය. 2019ට තවත් වසරක් ඇත. ඒ සඳහා සුදුසු කණ්ඩායමක් සකස් කළ යුතුය. දෙවැනි පෙළක් සකස් කළ යුතුය. පාසල් කි‍්‍රකට් හොඳම අපේ කීවාට ඒ හොඳම පාසල් කී‍්‍රඩකයන්ට වෙන්නේ කුමක් ද යන්න, අප දන්නේ නැත. තරිඳු කෞෂාල්ට කුමන අත්දැකීමක් ඇතිද යන්න සිතීමත් කණගාටුදායකය. ඔහුට මහා පීඩනයක් ඇත. ඔහුගේ පළමු තරගයම, මෙයය. අවසානයේදී සංගක්කාරට මහේලට හොඳ සමුදීමක් දෙන්නට බලධාරීන් කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාවේ කි‍්‍රකට් අවසාන වෙන්නේ නැත.  දැන් ඇත්තේ සංක‍්‍රාන්ති සමයකි. එයින් උපරිම පල නෙලා ගැනීමට මෙරට කි‍්‍රකට් කරවන්නෝ වගබලා ගත යුතුය.

Monday, March 9, 2015

යහපාලනය මඩ කලපුවේ අපිටය
මෛතී‍්‍රයෙන් නැත අපට මෛතී‍්‍රයක්
එතනෝල් ද කුඩු ද යහමින්
මුදලාලිලා වැජඹෙයි රිසි සේ යහපාලන තොටිල්ලේ
අපට පමණද තරාදියා කිරා මනින්නේ
තෝරු මෝරු ගිලති අපේ රුධිරය
අපි උඹලටත් වඩා තැලෙති හාල් මැස්සනේ
අපේ කුසගින්න
සල්ලි කරන
නුඹලා අපිට කන්න නොදී
ස්විස් ගිණුම් පුරෝනවා
කන්න නැති උන්ට
ඉස්මුරුත්තාව හැදුවට
උඹලට වස් වදින්නේ නැහැ

Tuesday, March 3, 2015

සීගිරියේ කුරුටු ගීත ලස්සනයි

 මඩකලපුවේ දෙමළ තරුණියක් සීගිරි කැටපත් පවුරේ කුරුට්ටක් ඇන්ඳ පමණින් වසර දෙකක් සිරභාරයට ගන්නා යහපාලන ආණ්ඩුවට මහා පරිමාණ දුෂිතයන් මංකොල්ලකරුවන්, අපරාධකරුවන් කුඩු වෙළෙන්දන් අල්ලා හිරේ දමන්නට හිතෙන්නේ නැත. මිනිසුනි අවදිවවු.. මඩකලපුවේ තරුණිය කුරුට්ටක් ඇන්ඳේ ඇයි දැයි විමසූ විට එහි එසේ නොකළ යුතු දැනගෙන සිට නැත. දෙමළ තරුණියක් යැයි භාවිත කිරීම මට තරමක් හිතට එකඟව කළ නොහැකිය. නමුත් එසේ කළේ කොළඹ තරුණියන්, අපේ නංගිලා මල්ලිලා බාල පරම්පරාවේ අයද අඩු තරමේ එවැන්නක් දන්නේ නැති අප වටහා ගත යුතු සත්‍යයි. අඩුම තරමේ   විමල් වීරවංශ මන්තී‍්‍රවරයා හෝ සිගිරී ගොස් නැතැයි දිනෙක පැවසීය. එබැවින් මෙවන් තුප්පහි වැඩ ගැන මිනිසුන් කතා කළ යුතුය. අවුරුදු 23 ක තරුණියක් සිරේට යවන්න තරම් අපේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදීය. නීතිගරුකය. ලෝක පුදුමයක කුරට්ටක් ඇදීම, වැරැුද්දකි. එය රටේ මහ පරිමාණ අපරාධවලට ලොකු වැරැුද්දකි. රටට කුඩු ගෙන එනවාට වඩා වැරැුද්දකි. එතනෝල් ගෙන එනවාට වඩා වැරැුද්දකි. රට මහා පරිමාණයෙන් ණය කරනවාට වඩා වැරැුද්දකි. සියයට දහෙන් දෙදාහෙන් කොමිස් ගන්නවාට වඩා වැරැුද්දකි. සියය ගණන් තරුණියන් දුෂණය කරනාවට වඩා වැරැුද්දකි. 

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive