ඇත්තටම සිරසේ මාධ්‍යවේදීන් පවුය. එම මාධ්‍යවේදීන් එන්නේ තමන්ගේ උවමනාවට නොව මාධ්‍ය ආයතනයේ ප‍්‍රධානීන්නගේ උවමනාවටය. දෙරණේ ඔවුන්ගේ මිතුරන් මාධ්‍ය සගයන්් නැතුව නොව. පුද්ගලික ඉඩමක් හේතුවෙන් සිරසත් දෙරණත් හිරු ටීවිත් ඇතුළු මාධ්‍ය රැුසක් ඊයේ එකිනෙකාට ලැජ්ජ කරගත්තේය. අදත් එය එසේය. අද සිදුවන්නේ මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන්ගේ උවමනා එපාකම් පිරිමැසීමක් මිස නිවැරැුදි මාධ්‍ය භාවිතයක් නොවේය. මාධ්‍ය භාවිතය ගැන කතාකරන්නට මා වයසින් අත්දැකීමේන් තාමත් පොඩිය. එහෙත් දකින දේ අනුව දැනෙන්නේ එයයි. මාධ්‍ය ආයතනයේ ප‍්‍රධානියාත් එම මාධ්‍ය ආයතනයේ මාධ්‍ය භාවිතාවත් වෙනස් විය යුතුය. මාධ්‍ය ආයතනයේ ප‍්‍රධානියාගේ උවමනා එපාකම් කරන්නට යෑමේන් සිදුවන්නේ අහිංසක මිනිසුන්ට කෙළවීමය. ඒ පැමිණි සිරසේ මාධ්‍යවේදීන්ට විඳින්නට සිදුවන අපවාද ගැන මාධ්‍ය ආයතන ප‍්‍රධානින්ට සිතුණේද යන්න පිළිබඳ ඇත්තේ කුකුසකි. දෙරණ ආයතනයට ද මෙහිදි යම් තාක් දුරකට සානුකම්පිත ආකාරයෙන් කටයුතු කරන්නට තිබිණි. ඔවුන් විටින් විට පෙන්නා සවුත්තු කළේ මිනිස් ජීවිත විනා අදාළ කාර්යයට සම්බන්ධ පුද්ගලයන් හෝ නිවැරැුදි දේ නොවේය.
2015.03.24
2015.03.24
No comments:
Post a Comment