තරගාවලිය පුරාම, ඩිල්ෂාන්. තිරිමාන්න හා සංගක්කාර මත සියල්ල තීරණය වූ අවසාන මොහොතේදී, අනිකුත් පිතිකරුවන්ගෙන් ඒ පීඩනය දෙදෙරා ගියේය. තරාගවිලය පුරාම සංගක්කාර හා ඩිල්ෂාන් තිරිමාන්නගේ ලකුණුවලින් ගොඩ ගිය අපේ කණ්ඩායම, ඔවුන් තිදෙනාගේ, දැවී යෑම් හා ලකුණු රැුස් නොකිරීම හමුවේ පරාජය වැළැඳගැනීමට සිදුවිය. එමෙන්ම තරගාවලිය ආරම්භයේදී කළ යුතුව තිබූ වක් වූ ක-ුසල් ජනිත් ආරම්භක පිතිකරු ලෙස එවීම, තීරණාත්මක තරගයකදී සිදු කරමින් අප මුල සිටම සියල්ල වරද්දාගතත්තේය. කී‍්‍රඩකයකු ආබාධයකට පත් වූ විටෙක අපට ආදේශ නැත. තරුණ කී‍්‍රඩකයන්ගෙන් තවමත් තැනෙක සිටින්නේ මැතිව්ස් පමණි. ස්ථාවර වී ඇත්තේ ඔහු පමණි. චන්දිමාල් හා තිරිමාන්න ඒ පසුපසිනි. තිසර ගැන කතාකිරීමෙන් වැඩක් නැත. ඔහුට ලබාදුන් අවස්ථා ප‍්‍රමාණය හොඳටම වැඩිය. සංගක්කාරට අවසාන මොහොතේ පීඩනය දරා ගැනීමට නොහැකි වූ අතර, ඔහුගේ පසුබෑමේ පීඩනය නිසා මහේලටත් මැතිව්ස්ටත් ලකුණු රැුස් කිරීමේ මං සේවීමට සිදුවීමෙන් ඔවුන් දෙදෙනාගේ කඩුළු පූජා කරන්නට සිදුවිය. තරගාවලිය පුරාම තිරිමාන්න ආරම්භක පිතිකරුවකු ලෙස තරග දෙක තුනකදී හැරෙන්නට සාර්ථක වූ අතර, ඉකුත් තරගවලදී මෙන්ම අදද ඔහු ආරම්භක පිතිකරු ලෙස එව්වා නම්, ප‍්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබිණි. කෙසේ වෙතත් සියල්ල සිදු වී අවසන්ය. ඉන්දීය කණ්ඩායමට අද හොඳ තරුණ වේග පන්දු යවන්නෝ සිටිති. ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම, ස්ටීවන් ස්මිත් , මැක්ස්වෙල් උදාහරණය. අනෙකුත් කණ්ඩායම් ද එසේය. සංගක්කාර මහේල කළ කී දෑ ගැන ලියන්නට මදිය. එක් කී‍්‍රඩකයකු කී‍්‍රඩකයන් දෙදෙනකු මත යැපීමට සිදු නොවන කණ්ඩායමක් දැන්වත් තේරීය යුතුය. 2019ට තවත් වසරක් ඇත. ඒ සඳහා සුදුසු කණ්ඩායමක් සකස් කළ යුතුය. දෙවැනි පෙළක් සකස් කළ යුතුය. පාසල් කි‍්‍රකට් හොඳම අපේ කීවාට ඒ හොඳම පාසල් කී‍්‍රඩකයන්ට වෙන්නේ කුමක් ද යන්න, අප දන්නේ නැත. තරිඳු කෞෂාල්ට කුමන අත්දැකීමක් ඇතිද යන්න සිතීමත් කණගාටුදායකය. ඔහුට මහා පීඩනයක් ඇත. ඔහුගේ පළමු තරගයම, මෙයය. අවසානයේදී සංගක්කාරට මහේලට හොඳ සමුදීමක් දෙන්නට බලධාරීන් කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාවේ කි‍්‍රකට් අවසාන වෙන්නේ නැත. දැන් ඇත්තේ සංක‍්‍රාන්ති සමයකි. එයින් උපරිම පල නෙලා ගැනීමට මෙරට කි‍්‍රකට් කරවන්නෝ වගබලා ගත යුතුය.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Wednesday, March 18, 2015
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
March
(12)
- මහේල
- අද ඉන්දියාව කෑවේය. ගියවර ඕස්ටේ්රලියාව ඉන්දියාව...
- හැමෝම නොහිතන විදියට ලියන කියන එක හිතන දේපෙර නිමිත...
- දෙරණ ද සිරසට නොදෙවැනි ලෙස මාධ්‍ය අවභාවිතයේ නිරත වූ...
- සිරසයි දෙරණයි
- සෙමි ෆයිනල්
- පසුව දීර්ග සටහනක් තැබීමේ බලාපොරොත්තුවෙන් මෙය ලියම...
- ෆීල්ඩ් මාෂල්
- තරගාවලිය පුරාම, ඩිල්ෂාන්. තිරිමාන්න හා සංගක්කාර ...
- යහපාලනය මඩ කලපුවේ අපිටය මෛතී‍්‍රයෙන් නැත අපට මෛතී...
- අපේ කුසගින්න සල්ලි කරන නුඹලා අපිට කන්න නොදී ස්වි...
- සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
-
▼
March
(12)
No comments:
Post a Comment