අද ඉන්දියාව කෑවේය. ගියවර ඕස්ටේ‍්‍රලියාව ඉන්දියාවෙන් කා ගෙදර ආවේය. මෙවර ඉන්දියාව ඕස්ටේ‍්‍රලියාවෙන් කා ගෙදර එයි. මේ වනවිටත් ඉන්දියාව කැළැඹි ඇති අතර විරාත් කෝලිගේ පෙම්වතිය සිඞ්නි ගිය පෙම්වතා සියයක් ගසනු ඇතැයි අපේක්ෂාවෙනි. අන්තිමට වූයේ මහින්ද රාජපක්ෂ මහතාට අසාගන්නට සිදු වූ දේවල් අනුෂ්කා ෂර්මාටද අහගන්නට සිදු ව ඇත. විරාත් කෝලි යුගයේ හොඳම හඹා යන්නා යැයි කියා පුම්බා තැබීය. එසේ වුවද ඕස්ටේ‍්‍රලියාව ඔහුට උපක‍්‍රමය යෙදුවේය. බංගලාදේශය ද කෝලිට නියම තැනට පන්දු යැව්වේය. මා කුඩා කල සිටම කැමැත්තක් දැක්වූ කී‍්‍රඩකයෙක් තමා මයික් හසී. අපට අවශ්‍ය වන්නේ මයික් හසීගේ ක‍්‍රිකට් සහ ඇන්ඩෘ සයිමන්ඞ්ස්ගේ කි‍්‍රකට්ය. ඒ අතර මැද්දට මයිකල් ක්ලාක්, පොන්ටින් අවශ්‍ය වන අතර ගිල්කි‍්‍රස්ට් හා මැතිව් හේඩන් වැනි ආරම්භයටද මැක්ස්වෙල්, හැඩින් වොට්සන් වැන්නන් අවශ්‍යය. අද ඕස්ටේ‍්‍රලියාව 2007 දිනූ සංයුතිය හදාගෙන යමින් සිටියි. ඇන්ඩෘ සයිමන්ඞ්ස් සේ ද මැක්ස්වෙල් පහර දෙන අතර විටෙක ඊටත් වඩා භයානකය. ආරොන් ෆින්ච් හා ඬේවිඞ් වෝනර් මැතිව් හේඩන්ගේ හා ඇඩම් ගිල්කි‍්‍රස්ට්ට සමානය. මයිකල් ක්ලාක් එතැනමය. පොන්ටින්ගේ අඩුවක් ඇත. එහෙත් ඒ වෙනුවෙන් වොට්සන් , හැඩින්, සිිටියි. මයික් හසීගේ කාර්යභාරය ස්මිත් කරමින් සිටියි. වෙනස ඇත්තේ මයික් හසි පිතිකරණ ලැයිස්තුවේ පහළින් පැමිණි අතර ස්මිත් උඩින් පැමිණීමයි. තිරිමාන්න ද මේ ආකාරයේ කී‍්‍රඩකයෙකි. චන්දිමාල් ඊට පසු සිටියි. තිරිමාන්න හිර නොවන බව දකුණු අපි‍්‍රකා තරගයේදී පෙන්නුම් කළේය. චන්දිමාල් ඒ බව ඕස්ටේ‍්‍රලියා තරගයේදී පෙන්නුම් කළේය. මයික් හසී හිර උනු දවසක් මතක නැත. ඔහුට ඇත්තේ එක්දින පිටියේ ශතක 3ක් පමණි. බය නැතුව පහර දෙන්නට කිත්රුවන් හොඳය. මා මේ ලියන්නේ පසුගිය කාලයේ මෙරට කි‍්‍රකට් කරවන්නෝ කළ අත්හදා බැලීම් ද සමගය. අෂාන් පි‍්‍රයන්ජන්ද යෝග්‍යය. වොට්ස්න් හොඳ පිතිකරුවකු වන්නේ ආරම්භක පිතිකරු ස්ථානයේ නොම්මර තුන ලෙස කී‍්‍රඩා කිරිමෙනි. තිසරට ඒ අවස්ථාව දී බලන්නේ නම් හොඳය. කුසල් ආරම්භයට හොඳය. කුසල් තිසර ආරම්භක පිතිකරුවන් ලෙසත්, තිරිමාන්න නොම්මර තුනත්, චන්දිමාල් නොම්මර හතර ලෙසත්, පහට මැතිව්ස්ද, ඉන් අනතුරුව කිත්රුවන් අෂාන් පි‍්‍රයන්ජන් යොදාගන්නේ යමක් වනු ඇත. තිරිමාන්නට, අෂාන් පි‍්‍රයන්ජන්ට, මැතිව්ස්ට, කිත්රුවන්ට පන්දුවාර විස්සක් අවශ්‍ය නම් යැවිය හැක. ඉන් අනතුරුව හොඳ පන්දු යවන්නන් අවශ්‍යය. මාලිංග හා ඔහු වටා එක්වනන්න නොව ඕස්ටේ‍්‍රලියාවේ ඉන්දියාවේ වැන්නන් අවශ්‍යය. අද ඉන්දියාවේ පන්දු යවන්නන්ගේ බල ඇණිය හොඳය. උමේෂ් යාදෙව්, මෝහිත් ෂර්මා මොහමඞ් ෂමි හොඳින් පන්දු යැවූහ. ඔවුන් ඕස්ටේ‍්‍රලියාවේදී ඕස්ටේ‍්‍රලියාට එරෙහිව බවුන්සර් පන්දුව හොඳින් යොදාගත්තේය. පාකිස්තානයද එසේය. එහෙයින් එවැනි හොඳ පන්දු යවන්නන් අවශයය. පන්දු යවන්නන් ගැන නම් කියන්න මා දන්නේ නැත. ඩිල්ෂාන් ඉවත් වන්නේ නම්, මා හිතන්නේ එය හොඳය. නැත්නම් ඩිල්ෂාන් වෙනුවෙන් ආදේශකයක් තබාගෙන සිටිය යුතුය. පන්දු යවන්නන්ට ඕනෑතරම් දක්ෂයන් සිටින බවද කිව යුතුය. කළ යුත්තේ හොඳ පුහුණුව නියම තේරීමත් සංචිතයක් පවත්වාගැනීමත්, නියම ලෙස යොදාගැනීමත්ය.
2015.03.26
2015.03.26
No comments:
Post a Comment